Jul 28, 2012

DSI වොලිබෝල් අවසාන තරග පළමු දිනයේ වැඩි ගෞරව සබරගමුවට

DSI පාසල් වොලිබෝල් තරගාවලියේ අවසාන තරග ඊයේ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ඊයේ පැවති අවසාන තරග වල දී වැඩි ගෞරව සබරගමුවට අත් විය.ඊයේ පැවති අවුරුදු 14 න් පහළ බාලක අවසාන තරගයේ දී සීදුව දවිසමර විද්‍යාලය මාදම්ප සේනානායක විද්‍යාලය පරාජය කරමින් ජය ගත්තේ වට 3 - 0 ක් ලෙස ය.එහිදී ලකුණු තත්ත්වය වූයේ 25-19,25-15 සහ 25 - 22 කි.එම වයස් ඛාණ්ඩයේ බාලිකා තරගයේ දී අනුරාදපරය පූවරසන්කුලම විද්‍යාලය පරාජය කරමින් කොබ්බෑවෙල ගලිගමුව කීර්තිරත්න විද්‍යාලය  ජය ගත්තේය.එහිදී ලකුණු තත්ත්වය 25 - 15,15 - 25,25 - 22 සහ 25 - 21 ක් විය.
නැවත අවුරුදු 16 න් පහළ බාලිකා තරගයේද ජයග්‍රහණය සබරගමුවට හිමි වු අතර එහිදී ඇහැළියගොඩ ධර්මපාල විද්‍යාලය විසින් තොඩුවාව ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය පරාජයට පත් කළේ ලකුණු 25 - 12,25 - 12 සහ 25 - 21 ක් ලෙස ය.
www.supirikrida.com

පළමු ඉදිරිපත් වීමට තිළිණි

මෙවර ලන්ඩන් ඔලිම්පික් නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් පළමුව තරග වැදීමේ අවස්ථාව හිමි වී තිබෙන්නේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩිකා තිළිණි ජයසිංහට ය.ඇය හ්‍රී ලංකා වෙලාවෙන් හෙට (29) ශ්‍රී ලංකාවේ වේලාවෙන් 13.30 ට පැවත්වීමට නියමිතය.තිළිණි සහභාගි වන කාණ්ඩයට ක්‍රීඩිකාවන් තිදෙනෙක් ඇතුළත් වීම නිසා ඇය ට තරග දෙකක් හිමි වන අතර ඒ අනුව ඇය 30 දා 18.15 ට දෙවන තරගයට සහභාගි වන්නේය.තිළිණිට මෙන් ක්‍රීඩක කණ්ඩායම 3ක් වන කාණ්ඩයකින් තරග වැදීමට නිලූකට සිදුව ඇති අතර ඒ නසා ඔහු ජපන් ක්‍රීඩකයාට එරෙහිව පවත්වන තරගයෙන් අනිවාර්යෙන් ජය ගත යුතුය.
පිහිනුම් සූර හේෂාන් උනම්බුව මීටර් 100 පසුපස ආර තරගයට ශ්‍රී  ලංකා වේලාවෙන් 15.33 ට පමණ සහභාගි වන්නේ 29 වන දා ය.පිහිණුම් සූරි රෙසිකා උඩුගම්පොළ මීටර් 100 නිදහස් ආර තරගයට සහභාගි වන අතර ඇය අගෝස්තු 14 දා 14.30 ට තරග බිමට පිවිසෙන්නේය.මංගල සමරකෝන් වෙඩි තැබීම් ඉසව් දෙකක් සදහා සහභාගි වන අතර මීටර් 50 එයාර් රයිෘල් ඉසව්ව සදහා ඔහු තරග වදින්නේ 30 වැනි දින 13.40 ට ය.මංගල බිම වැතිර මීටර් 50 රයිෆල් ඉසව්ව සදහා සහභාගි වන්නේ අතෝස්තු 30 පස්වරු 23.45 ට  ය.
කලෙක සිටම ලන්ඩනයේ ම ජීවත් වන අනුරාධ ඉන්ද්‍රජිත් කුරෙ 12 දා ලංකාවෙ වේලාවෙන් 15.30 ට මැරතන් තරගයට ඉදිරිපත් වෙයි.ක්‍රිස්ටීව් මෙරිල් සොනාලි මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්ව සදහා සව බාගි වන්නේ අගෝස්තු 05 දා 23.30 ට ය.

බලය වෙනුවට රසය මතු කළ ආදරණිය ලන්ඩන් සමාරම්භය

Spectacular sights mark the opening of the Gamesලොවෙන් අඩක් සියතට ගෙන සිටි රණකාමී අතීතයේ ගිලී එය අභිමානයෙන් සමරන්නට යාමේ දුර්දාන්ත ආශ්වාදය විදිනු වෙනුවට ලන්ඩන් සමාරම්භය සමරන්නට එංගලන්තය තෝරා ගෙන තිබුණේ ආදරණීය ආශ්වාදයක් තිළිණ කළ රසවත් සමාරම්භයකි.එංගලන්තයේ නැගී සිටීම ප්‍රාථමික අවධියේ සිට සිදුවීමට බල පෑ මානව ශක්තිය සහ කැපවීම ඇගයීමට ලක් කළ සමාරම්භක උළෙලේ ඊ ළග පියවර වෙන් වූයේ එංගලන්තයෙන් මතුව ලෝකය රසවත් කළ කලාකරුවන්ගේ සහ කලා නිර්මාණ වල අගය ස්මරණය කිරීම පිණිස ජගත් වේදිකාවක් සැකසීමට ය.
තාක්ෂණය භාවිතා වුව ද එය මිනිස් ක්‍රියාකාරකම් පැහැදිළිව හදුනා ගැනීමට උපකාරකයක් ලෙස භාවිතා වුණා විනා තාක්ෂනයෙන් පෙළහර පෑමට උත්සාහ කළ බවක් නොපෙණින.නර්ථනය මෙන්ම රංගනයට ද විශේෂ අවධානයක් යොමු කර තිබූ අතිශයින් දැවැන්ත වූ සමාරම්භක උළෙලකි.නමුත් එයට දී තිබූ සරල හැඩය නිසා එය සරල බව විසින් දැවැන්ත බව සගවා ගත් මනහරම සමාරම්භක උළෙලක් ලෙස දැකිය .
එසේම මෙම සමාරම්භක උළෙල තුළ සම අයිතීන් සුරැකීමට යොදා තිබූ අවධානය අති විශිෂ්ඨය.සෑම අංගයකදීම පාහේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයක්ගේ හැකියාවන් ඒ සමග මුසු කිරීමට කටයුතු යොදා තිබිණ.එසේම ඔලිම්පික් ධජය ඔසවන ස්ථානයට කැදවා තිබූ ලොව බිහි වූ සුපිරිතම බොක්සිං ක්‍රීඩකයා බවට පිළි ගැනෙන මොහොමඩ් අලීට එම ධජයට අත තබන්නට යැයි කියූ ඉල්ලීම ඇසෙන්නටවත් එය දකින්නටවත් සංනිවේදන ශක්තියක් නොමැති වීම දෑසට කදුළු නංවන සුළු එකක් විය.මානව සමානත්මතාවය ඉහලින් අගය කළ අලි, වර්ගයකට එරෙහිව යුධ ප්‍රකාශ කළ විට රජය වෙනුවෙන් එයට සහභාගි වීම ප්‍රතික්ෂේප කරන්නට තරම් ශක්තියක් සහ ප්‍රතිපත්තී ඇති අයෙකු වී සිටියේය.ඒ නිසාම සිය ඔලිම්පික් පදක්කම ගගට වීසි කරන්නටත්,ඒ වෙනුවෙන් හිරබත් කන්නටත් තීරණය කළ අලි වැනි නිර්භීත ශක්තිවන්තයෙකු ගේ දෑතට,දෑසට සංනිවේදනයක් නොදැනීම කෙතරම් වේදනාබර විය හැකිද?
ටයිකොන්ඩො ක්‍රීඩිකා සාරා ස්ටීවන්සන් විසින් ක්‍රීඩක ප්‍රතිඥාවද,බොක්සිං විනිසුරු මික් බාසි විනිසුරු ප්‍රතිඥාවද ලබා දුන් අතර යොවුන් කැළකගේ දෑතින් ලද ආලෝකය තුරුළු කරගෙන ඔලිම්පික් පහන ආලෝකවත් වන්නට  විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ජාතික ධජය ගත් නිලූක කරුනාරත්නගේ කණ්ඩායම් නායකත්වය යටතේ සමාරම්භක පෙරහැරට එක් වී සිටිය අතර,ජාතික අනන්‍යතාවය තහවුරු කරන කාන්තා සහ පිරිමි විලාසිතාවක් මෙන්ම ඊට ඔබින වර්ණ සංකලනයකින් ද යුත්ඇගලුම, ලාකේය ක්‍රීඩක සහ නිලධාරි කණ්ඩායම ආකර්ශණිය ස්වරූපයක් ලබා දුන්නේය.නමුත් ඒ ආකර්ශණීය හැඩයට වෙනස් යුරෝපීය ඇදුමක් සොදුරු පිරිස මැද තිබුණෙන් ඒ අලංකාරයට වඩා වෙනස් දේ වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවීම කණගාටුදායක විය.ඒ නොගැලපෙන වැඩේ යෙදුණේ කණ්ඩායම් ප්‍රධානි දේවා හෙන්රිම වීමද අපේ යාන්ත්‍රණයේ හැඩතල පෙන්වීමක් ලෙස හැදින්විය හැකි අතර කතාවට තමා සම්මතයේ පිහිටා ඔවා දෙනු පරහට යන්න කීවද දේවා එය එසේ නොව තමන් කෙසේ සිටියත් පරහට ඔවා දෙන පංතියේ වරප්‍රසාදිතයෙකු බව පැහැදිළි කළේය.
www.supirikrida.com

SLPL තරග කාල සටහන අලුත් වෙයි



ර්බූද ගණනාවක් මතු වෙමින් තිබුණද SLPL  20 - 20 තරගාවලිය පවත්වන බවට සනාථ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධය කළමණාකරු රජිත් ප්‍රනාන්දු තරගාවලියේ වෙනස් වූ අලුත්ම තරග කාල සටහන මාධ්‍යය වෙත යොමු කර තිබෙනවා.අගෝස්තු 11 දා ඇරඹී අගෝස්තු 31 දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියේ අවසාන තරගය වන විට තරග 24 ක් පැවත්වීමට නියමිතයි.පහත දැක්වෙන්නේ එම තරග කාල සටහනයි.
  

Jul 27, 2012

දෙවරක්ම රන් අත හැරුණු ජැක් ට ජීවිතය අත හැරෙයි

Jack Davis
ජැක් 1952 දී දෙවන ස්ථානය දිනා ගනිමින්
මීටර් 110 කඩුලු මතින් දිවීම සදහා ඔලිම්පික් රිදී පදක්කම් දෙකක් දිනා සිටි ඇමෙරිකාවේ ජැක් ඩේවිස් ජීවිතයෙන් සමු ගත්තේය.මිය යන විට 82 වැනි වියේ පසු වු ජැක්,1952 හෙල්සින්කි ඔලිම්පික් උළෙලේදී සහ 1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙලේදී රීදී පදක්කම් දිනා ගන්නට සමත් විය.
හෙල්සින්කි උළෙලේ දී තත්පර 13 .7 කින් රිදී පදක්කම සදහා පිවිසි ජැක් 1956 දී එය රන් පදක්කමක් කර ගැනීම සදහා විශාල උත්සාහයක නියැලුන ද අවසාන සීමා ඉර මතදී එම වාසනාව අහිමි වී ගියේය.ඔහු සහ තවත් ඇමෙරිකානුවෙකු වන ලී කැල්හොන් වෙතින් ලද පරාජය නිසාය.නමුත් එහි අවසාන ප්‍රතිපලයේ සදහන් වූයේ ප්‍රථමයා සහ දෙවැනියා වූ ජැක් යන දෙදෙනාම තත්පර 13.5 කින් ඉසව්ව නිම කර ඇති බවය.
www.supirikrida.com

ජපන් හපනුන්ට ලෝක සූරයෝ පැරදෙති

ලෝක සූරයෝ මෙන්ම දිගින් දිගටම ජගත් ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ රැදී සිටින ස්පාඤ්ඤයට කලකට පසුව පරාජයේ තිත්ත රස විදින්නට සැළස් වූ ජපානය ඊයේ ඔලිම්පික් පිරිමි පාපන්දු තරගාවලියේ මූලික තරගයේදී ගෝල 1-0 ක් ලෙස ස්පාඤ්ඤය පරාජයට පත් කරන්නට සමත් විය.තීරනාත්මක ජයග්‍රාහී ගෝලය ලබා ගැනීමේ හපන්කම පෑ ජපනා වී‍මේ භාග්‍යය ලත් උත්සුයි තරගයේ 34 වන විනාඩියේදී ජපානය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබා ගත්තේය.
උත්සුයි 34 වන විනාඩියේදී මෙම ගෝලය රැස් කළ අතර 41 වන විනාඩියේදී ස්පාඤ්ඤ මැද පෙළ ක්‍රීඩක මාටිනස් රතු කාඩ්පත් අවවාදය ලැබ පිටියෙන් ඉවත් කිරීමත් සමග තරගයේ ලද වාසිය දිගින් දිගටම රැක ගන්නට ජපානයට තවත් පහසු විය.වඩා නීත්‍යානුකූල ක්‍රීඩා රටාවක නියැලි ජපානය වෙනුවෙන් ගෝලය ලැබු උත්සුයි 46 වන විනාඩියේදී පිටියෙන් ඉවත් වී ඒ වෙනුවට සයිටෝ පිටියට කැද වූ අතර ඔහු 61 වන විනාඩියේදී කහකාඩ් අවවාදයක් ලැබුවා හැරෙන්නට වෙනත් කිසිදු ජපන් ක්‍රීඩකයෙකු එවැනි අවස්ථාවකට මුහුණ නොදුන් අතර ස්පාඤ්ඤ ක්‍රීඩකයන් දෙදෙනෙකු කහකාඩ් පත් අවවාදය ද අයෙකු රතු කාඩ් අවවාදය ද ලැබීමෙන් පැහැදිලි වන්නේ ජපානය කෙතරම් බලපෑමක් ස්පාඤ්ඤ ලෝක සූරයන් වෙත එල්ල කළා ද යන්නය.
ඊයේ පවත්වන්නට යෙදුණ තරග අට අතරින් හරි අඩක්ම ජය පරාජය නොවිසදුනු තරග වීම විශේෂ සිදුවීමක් විය.හොන්ඩුරස් සහ මොරොක්කෝ තරගය (2 -2),මෙක්සිකෝව සහ කොරියාව (0-0),ගැබොන් සහ ස්විට්සර්ලන්තය (1-1) සහ සත්කාරක එංගලන්තය සහ සෙනෙගාල් (1-1) අතර තරග එසේ ජය පැරදුම නොවිසදි තරගයි.
මේ අතර උරුග‍ුවේ කණ්ඩායම සවුදි අරාබියාවට එරෙහිව ගොල් 2 - 1 ක් ලෙස ජය වාර්තා කළ අතර බෙලාරුස් විසින් නවසීලන්තය ගෝල 1 - 0 ක් ලෙස පරාජය කරන්නට සමත් වුණා.ඊයේ වැඩිම ගෝල ප්‍රමාණයක් වාර්තා වූ තරගය වූ බ්‍රසිලය සහ ඊජිප්තුව අතර තරගයෙන් ගෝල 3 - 2 ක් ලෙස ජය ලබන්නට බ්‍රසීලය සමත් වුණා.
ඡායාරූපයේ දැක්වෙන්නේ ස්පාඤ්ඤයට පරාජයේ තිත්ත රස් විදින්නට සැළැස් වූ ජපන් ගෝලයේ හිමිකරුවා වූ වූ උත්සුයි ගෝලය ලබා ගැනීමේ ප්‍රිතිය පළ කළ අයුරුයි.
www.supirikrida.com

DSI වොලිබෝල් වසන්තය අද නාවලපිටියේදී

ලාංකේය වොලිබෝලයේ අනාගතය වෙනුවෙන් අවශ්‍යය ශක්තිමත් පදනම නිර්මාණය කිරීම සදහා පැවත්වෙන වඩාත් සංවිධානාත්මක වූ ක්‍රීඩා තරගාවලිය වන DSI සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලිය සහ කිඩ්ස් වොලිබෝල් තරගාවලියේ අවසාන තරග අද සහ හෙට නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.පිරිමි සුපර් වොලිබෝල් අංශයේ අවසාන තරග තුන සදහාම මාදම්ප සේනානායකය තේරී පත් වීම මේ වසරේ ද විශේෂ කොට දැකිය හැකි අතර කලෙකට පසුව වෙන්නප්පුව ජොෂප්වාස් විද්‍යාලය අවසාන තරගයකට පිවිස තිබීමද කැපී පෙනෙන තත්ත්වයකි.
මෙවරද කැන්දලන්ද විද්‍යාලයට වඩා පෝෂණීය බිමකට සිය ගුරු වෘත්තියේ දායකත්වය වෙනස් කළ පුස්සැල්ලේ පඥ්ඥාසේකර හිමියන් මෙවරද කිඩ්ස් වොලිබෝල් තරගාවලියේ බාලිකා අවසාන තරගයට වර්ථමාන සේවා ස්ථානය වන රක්වාන රත්නාලෝක විද්‍යාලයේ දැරියන් කැදවා ගෙන ඒමට සමත් වී තිබීම ද කැපී පෙනෙන සිදුවීමකි.
අභිනවයෙන් ඉදිකරන ලද ජයතිලක ක්‍රීඩාංගණ ගාහස්ථ ක්‍රීඩාංගණයට පිවිසෙන ජාතික මට්ටමේ පළමු අවසාන තරග වන අතර එය ස්වාධින රූපවාහිණියෙන් සජීවී ව ප්‍රචාරය කෙරෙන බැවින් ජයතිලක ක්‍රීඩා සංකීරණය පිහිටා ඇති සොදුරු වට පිටාව ගැනද රටට දැක ගන්නට ලැබෙනු ඇත.වර්ථමානයේ පවතින ක්‍රීඩා සංකීරණ අතර ආකර්ශණිය කෙළිබිමක් ලෙස පිහිටි වට පිටාව හරහා ස්වභාව ධර්මයේ ආශිර්වාදය ලබන්නට හැකි වූ ජයතිලක කෙළි බිමට ක්‍රීඩාවේ අනාගතය පැහැපත් කිරිම සදහා සැකසි DSI වොලිබෝල් තරග පිවිසීම අගය කළ යුතුය.
www.supirikrida.com

බුද්ධි ඌනතා දරැවන්ගේ ක්‍රිකට් හපන්කම් 3 දා දෙහිවල දී

බුද්ධි ඌනතා අය සදහා වූ ලංකා සංගමය මෙහෙයවන එවැනි තත්ත්වයේ පසුවන දරුවන්ගේ වාර්ශික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 3 දා දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.එදින පෙ.ව.9.30 ට ආරම්භ වි පස්වරු 5.00 දක්වා ක්‍රියාත්මක තරගාවලියට බුද්ධි ඌනතා ඇති දරුවන් නියෝජනය කරන පහත සදහන් කණ්ඩායම් හත සහභාගී වීමට නියමිතය.
ගල්කිස්ස සුමග පුහුණු මධ්‍යස්ථානය,ජා-ඇල නිසංසලා,නුගේගොඩ මාදිවෙල හෝම් ‍ෆොර් මිස්ටර් බෝයිස්,අමුණුකුඹුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,සීදුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,වැල්ලම්පිටිය අෂීෆා සහ අලුත්ගම පැතුම් උයන
www.supirikrida.com

CSN එල්ලේ කළුවරට විදුලි ආලෝකය දෙයි

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා රූපවාහිණි නාලිකාව වන  CSN  විසින් පවත්වන්නට යෙදෙන ජාතික එල්ලේ තරගාවලියේ අවසාන තරගය විදුලි ආලෝකය මධ්‍යයේ කොළඹ සුගතදාස පිටියේදී පවත්වන්නට සූදානම් බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.කලක් ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස පිළිගත් එල්ලේ වොලිබොල් ජාතික ක්‍රීඩාව වීමෙන් ඉනික්බිති දෙවන තැනට පත්විණ.
ලංකාවටම ආවේනික වීම මෙන්ම බොහෝ විට එල්ලේ ක්‍රීඩාවේ නියැලෙන්නන් පහළ මධ්‍යම පංතික සමාජය නියෝජනය කරන්නන් වීම නිසා එය එක් දිගට සීඝ්‍ර වර්ධනයකට ලක් නොවුණු අයුරක් දැකිය හැකිය.මේ තත්ත්වය මත ජාතික ක්‍රීඩාවේ සිටපහළ බැසීම මෙන්ම ලංකාවටම ආවේනික වූ ක්‍රීඩාවේ ජනතා ආකර්ශණයද ක්‍රමිකව පහළට තල්ලු වී ගියේය.
එවැනි වාතාවරණයක CSN නාලිකාව ජාතික තරගාවලියේ නිල අනුග්‍රාහකත්වය දරමින් එහි අවසාන තරග විදුලි ආලෝකය මධ්‍යයේ පවත්වන්නට යෙදීමත් යළි එල්ලේ ක්‍රීඩාවට විශාල සමාජ ආකර්ශණයක් ඇති කරවන සුළු සත් කාර්යයකි.
www.supirikrida.com

Jul 26, 2012

Twitter භාවිතයේදී කට වරද්දා ගත් ග්‍රීක තුන් පිම්ම සූරියට ඔලිම්පික් මග වරදී

මෙවර ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් ග්‍රීසිය නියෝජනය කරමින් තුන් පිම්ම ඉසව්වට සහභාගි වීමට නියමිතව සිටි Paraskevi Papachristou ග්‍රීසියේ වෙසෙන අප්‍රිකානුවන්ට අපහාස වන ආකාරයට සිය Twitter ගිණුමේ අදහස් පළ කිරීම නිසා ඇති වූ දේශපාලනික ආන්දෝලනය හේතුවෙන් ඇයට ග්‍රීක ඔලිම්පික් කණ්ඩායමෙන් ඉවත් වන්නට සිදු වී ඇත.23 හැවිරිදි ඇය 2009 වර්ෂයේ දී මෙන්ම 2011 වර්ෂයේදී ද අවුරුදු 23 න් පහළ යුරෝපීය තුන්පිම්ම සූරිය වන අතර එම ඉසව්වේ දී ඇය දක්වා ඇති උපරිම දක්ෂතාවය වන්නේ මීටර් 14.72 කි.

යුරෝපයෙන් පිටතට විහිදි ජාත්‍යන්තර පදක්කමක් මේ වන තුරු දිනා

 ගන්නට සමත් වී නැතත් දක්ෂතා ඇති ක්‍රිඩිකාවක වන ඇය ගේ 

ඔලිම්පික් සිහිනය බොද විමට හේතු වී ඇත්තේ ග්‍රීසියේ වෙසෙන 

අප්‍රිකානුවන් මදුරුවන්ට සම කරමින් කර තිබෙන වාර්ගික ප්‍රකාශය 

යි.කෙසේ වුව ද එය තමා විසින් කරන ලද විහිළුවක් බව පසුව ඇය

 ප්‍රකාශ කර ඇතත් රටේ  ජනප්‍රිය චරිතයක් ලෙස ඈ විසින් කරන්නට 

යෙදුණ ඒ ප්‍රකාශය ඒ වන විට රටේ දේශපාලන ප්‍රභුන් දක්වාම විහිදි ඇස්

 රතු කරන ප්‍රකාශයක් වි තිබීම නිසා ඇයට ඔලිම්පික් ගමනෙන් ඉවත් 

වන්නට සිදු වී ඇත. 

බැඩ්මින්ටන් සංගමයට සහ යතුරු පැදි ධාවකයන්ගේ සංගමයට ඇමතිගෙන් දොස්

බැඩ්මින්ටන් සංගමයට සහ යතුරු පැදි  සංගමයට එල්ල වන  චෝදනා පිලිබදව ඔවුන් කැද වු ක්‍රීඩා අමාත්‍යවරයා ඇති වී තිබෙන තත්ත්වයන් වහාම වෙනස් කළ යුතු බවට අවවාද කර ඇත.බැඩ්මින්ටන් සංගමයේ තේරීම් පවත්වන ආකාරය පිළිබදවද,ඊට අනවශ්‍යය ආකාරයෙන් දෙමව්පියන් මැදිහත් වීම ආදියද වහාම වෙනස් කිරීමට පියවර ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දැණුම් දී ඇත.එසේම සීඝ්‍ර ලෙස පිරිහෙමින් පවතින ක්‍රීඩාවේ විනය ආරක්ෂා කිරිම පිළිබදව සංගමයේ අවධානය යොමුකරන ලෙස ද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී සංගමයේ නිලධාරීන්ට අවවාද දී ඇත.
එසේම දේශිය තරග සදහා විදේශීය යතුරුපැදි ධාවකයන් කැදවා ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබාදිම සහ දේශීය තරගකරුවන් නොසළකා හැරීමෙන් ලංකාවේ යතුරුපැදි ක්‍රීඩාවට සහ ක්‍රීඩකයන්ට ඇතිවන අපහසුතාවය සැළකිල්ලට ගත් අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් ජාතික තරගාවලියක් පැවත්වීමට කටයුතු කරන ලෙස සංගමයට නියම කර ඇත.ක්‍රීඩා අමාත්‍යංහයෙන් ධාවන පථයක් ඉදිකිරිම පිළිබදවද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති අතර සංගමය සහ යුද හමුදාව එක්ව තරග සංවිධානය කළ ද ක්‍රීඩක දක්ෂතා ඇගයීම සහ වර්ධනය පිණිස කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන තිබිම ගැනද ක්‍රීඩා අමාත්‍යවරයා කණස්සල්ල පළ කර තිබෙන අතර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද මේ පිලිබදව සිය අවධානය යොමුකර ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ දස්කම් ඇගයිමට පියවර ගැනීම සදහා ආරක්ෂක හමුදාවන් සංවිධානය කරන තරග වලදී මැදිහත් විය යුතු බව දැණුම් දීමට නියමිත බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙයි.එසේම මෑත කාලයේ මීට විරෝධය ප්‍රකාශ කරමින් යතුරු පැදි ධාවකයන් තරගයක් වර්ජනය කර තිබෙන බවද යළි එවැනි තත්ත්වයක් ඇතිවීම වැළක්වීමට යතුරුපැදි ධාවකයන් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සදහා තරග සංවිධානය කරන ආරක්ෂක අංශවල අවධානය යොමු කිරීමට ආරක්ෂක ලේකම්වරයා මැදිහත් වීමට නියමිත බවද එම තොරතුරු අනාවරණය කරයි.

මංගල ඔලිම්පික් සටනේ ජය සත්කාරක එංගලන්තයට

න්ඩන් ඔලිම්පික් තරගාවලියේ තරග අරඹමින් පැවති එංගලන්තය සහ නවසීලන්තය අතර වූ කාන්තා පාපන්දු තරගයේ ජයග්‍රහණය එංගලන්තයට හිමි වුණා.ලකුණු 1-0 ක්‍ ලෙස නිමාවට පත් වූ මෙම තරගය උණුසුම් මුහුණු වරක් ගත් අතර තරගයේ ජය තහවුරු වූ ගෝලය වාර්තා වූයේ 64 වන මිනිත්තුවේදී ස්ටෙෆානි හවුටන් වෙතින් ය.
ලෝක සූර ජපානය සහ කැනඩාව අතර පැවති තරගයේදී ද ජපානයට තර්ජනයක් එල්ල වූ අතර කැනඩාව තරගය පරාජය වූයේ 1 - 2 ක් ලෙස ය.ජපානය වෙනුවෙන් කවාසුමි 33 වන විනාඩියේදී ත්,මියාමා 44 වන විනාඩියේදීත් ජපානය වෙනුවෙන් ගෝල් රැස් කරනු ලැබුවා.කැනඩාව වෙනුවෙන් ලැබූ ගෝලය 55 වන මිනිත්තුවේදී වාර්තා කළේ ටැන්ක්රෙඩිය
ඇමෙරිකාව සහ ප්‍රංශය අතර පැවති තරගයේ ජය හිමි වූයේ ඇමෙරිකාවට ය.එහි ලකුණු තත්ත්වය 4 - 2 ක් විය.එහිදී තරගය ඇරඹී 12 වන සහ 14 වන විනාඩි වල දී පිළිවෙලින් ගෝල ලබා ගත් තිනී සහ ඩෙලී ප්‍රංශය තරග ආරම්භයේදීම ඉදිරියෙන් තැබුවද,වැම්බැක් 19 වන විනාඩියේදී ද,මෝර්ගන් 32 සහ 66 වන මිනිත්තු වලදී ද ඇමෙරිකාවට ගොල් රැස් කර දීමට සමත් වූ අතර 56  වන විනාඩියේදී ලොයිඩ් ද ගෝලයක් ලබා ගත්තාය.
බ්‍රසීලය ද ඉතා පහසුවෙන් කැමරුන් පරාජය කරමින් 5-0 ක් ජයක් හිමි කර ගත් අතර ජගත් අවධානය ඉහළින්ම දිනා සිටින මාර්තා ගෝල ද්විත්වයක් වාර්තා කළේ 73 වන සහ 88 වන විනාඩි වලදීය.ප්‍රැන්සිලේ,රෙන්ටාකොස්තා සහ ක්‍රිස්ටීන් විසින පිළිවෙළින් 7,10,සහ 80 යන විනාඩි වල දී බ්‍රසීලයට ගෝල් ලබා දුන්නා.ආරම්භක දිනයේ ගෝල ද්විත්වයන් හතරක් වාර්තා වූ අතර එහි තෙවැන්න ස්වීඩනයේ ෂෙලීන් විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කළා.ඊට අමතරව ස්වීඩනය වෙනුවෙන් පිචර් සහ ඩල්විස්ට් ද ගෝල ලබා ගැනීම නිසා දකුනු අප්‍රිතාවට එරෙහිව සිවීඩනය රැස් කළ ගෝල ප්‍රමාණය 4 ක් වූ අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් මොඩිස් එක් ගෝලයක් වාර්තා කරන්නට සමත් වුණා.
මේ අතර ඊයේ දෙවන ආසියාතික ජයග්‍රහණය තහවුරු කළ උතුරු කොරියානු ක්‍රීඩිකාවන් කොළොම්බියාව පරාජය කරමින් ගෝල 2-0 ක් ලෙස ජය ගත් අතර එහිදී ආරම්භක දිනයේ දී වාර්තා වූ සිව්වන ගෝල ද්විතවය හිමිකර ගැනීමට එස්එච් කිම් සමත් වුණා.
ඡායාරූපයේ දැක්වෙන්නේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවති තරගයේදී මෙවර තරගාවලියේ වාර්තා වූ ප්‍රථම ගෝලය ලබා ගත් එංගලන්තයේ ස්ටෙෆානි හවුටන් (3) ගෝලය ලබා ගැනීමෙන් ඉනික්බිති සිය කණ්ඩායම් සගයන් සමග සතුට බෙදා ගත් අයුරුයි.අද පිරිමි පාපන්දු අංශයේ තරග අටක් පැවත්වෙන අතර ඒ යටතේ හොන්ඩුරස් සහ මොරොක්කෝවත්,මෙක්සිකෝව සහ කොරියාවත් තරග වැදීමට නියමිතයි.ස්පාඤ්ඤයට එරෙහිව තරග වදින්නේ ජපානය යි.සවුදි අරාබියාව සහ උරුගුවේ කණ්ඩායම් තරග වදින අතර ගැබොන් සහ ස්විට්සර්ලන්තය තරග වැදීමට නියමිතයි.නවසීලන්තය සහ බෙලාරුස් අතර තරගයෙන් පසුව බ්‍රසීලය සහ ඊජිප්තුව තරග වැදීමට නියමිත අතර අද පැවත්වීමට නියමිත පිරිමි පාපන්දු අංශයේ අවසාන තරගය පැවත්වෙන්නේ සත්කාරක බ්‍රිතාන්‍යය සහ සෙනෙගාල් අතරයි.
www.supirikrida.com

Jul 25, 2012

ආසියානු තරගාවලියට ලංකාව A කොටසෙන්

(SINGAPORE OUT) Mareesha Fernando of Sri Lanka tries to get control of the ball during the match between Barbados and Sri Lanka on day five of the 2011 World Netball Championships at Singapore Indoor Stadium on July 7, 2011 in Singapore.ගොස්තු 25 වන දා සිට 31 වන දා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවත්වීමට නියමිත 8 වන ආසියානු දැල් පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාව ඒ කොටසෙන් තරග වදින බව සිංගප්පූරු දැල් පන්දු වෙබ් අඩවිය අනාවරණය කරයි.සිංගප්පූරුව සහ මැලේසියාව බී කොටසෙන් තරග වදින අතර ශ්‍රී ලංකාව තරග වදින ඒ කොටසේ තරග වදින සෙසු කණ්ඩායම් වන්නේ හොංකොං ,ඉන්දියාව,නේපාලය සහ ජපානය වන අතර ජපානය සහ නේපාලය ආසියානු තරගාවලියකට තරග වදින්නේ ප්‍රථම වතාවටය.එසේම වර්ථමාන ජගත් ශ්‍රේණිගත කිරීම් වල ප්‍රථම කණ්ඩායම් 30 අතර හොංකොං නොමැති වීමත්,ඉන්දියාව සිටින්නේ 27 වන ස්ථානයේ වීමත් නිසා ශ්‍රී ලංකාවට සිය කොටසේ පළමු ස්ථානය දිනා ගැනීමට අපහසු නොවනු ඇත.
බී කොටසෙන් තරග වදින කණ්ඩායම් අතර සිංගප්පූරුව සහ මැලේසියාවට අමතරව පකිස්තානය,මාල දිවයින සහ බෘනායි සිටින අතර බෘනායි ආසියානු තරගාවලියට සහභාගි වන්නේ ද ප්‍රථම වරටය.එම කණ්ඩායමේ පුහුණුකාරිය වන්නේ හත්වන ආසියානු දැල්පන්දු සූරතාවලිය වන විට ආසියාවේ තෙවන තැන දක්වා පහත වැටී සිටි ශ්‍රී ලංකාව ආසියානු සූරියන් බවට පත් කරන්නටත් ජගත් ශ්‍රේණිගත කිරීම්වල 14 වන තැන දක්වා රැගෙන එන්නටත් මග පෙන් වූ පුහුනුකාරිය වන තිලකා ජිනදාස ය.ඒ අනුව ඇය ප්‍රබල දැල් පන්දු කණ්ඩායම් දෙකක් වන සිංගප්පූරුවට සහ මැලේසියාවට එරෙහිව සිය කණ්ඩායම ජයග්‍රහණය සදහා මෙහෙය විමට අපොහොසත් වුවත් පකිස්තානය සහ මාල දිවයින පරාජය කරමින් බෘනායි බී කාණ්ඩයේ තෙවන තැන දක්වා ගෙන ඒමට සමත් වුවහොත් එය ද ශ්‍රී ලාංකිකයන් වශයෙන් සතුටු වන්නට සහ ආඩම්බර වීමට කාරණයක් වනු ඇත.
www.supirikrida.com

ලංකාව ආසියාවේ දෙවන තැන රැක ගනියි

Qingyi Lin (SINGAPORE OUT) Premila Hirubalan of Singapore and team mate Qingyi Lin defend against Tharjini Sivalingam of Sri Lanka during the match between Singapore and Sri Lanka on day six of the 2011 World Netball Championships at Singapore Indoor Stadium on July 8, 2011 in Singapore.වතම ජගත් දැල් පන්දු ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවට තව දුරටත් ආසියාවේ දෙවන තැන රැක ගැනීමට හැකි වී තිබේ.ජගත් ශ්‍රේණිගත කිරිම් වල ප්‍රථම ස්ථානයේ වෙනසක් සිදු වි නොමැති අතර තව දුරටත් ඕස්ට්‍රේලියාව පළමු තැන පසු වෙයි.ශ්‍රේණිගත කිරීම් වල විශාලතම ප්‍රගතිය දක්වා ඇත්තේ කැනඩාව සහ ටැන්සානියාවයි.ටැන්සානියාව 22 වන ස්ථානයේ සිට 18 වන ස්ථානය දක්වා උසස් වී ඇති අතර කැනඩාව 25 වන තැන සිට 21 වන තැන දක්වා ඉදිරියට පැමිණ ඇත.
විශාලතම පසුබෑම පෙන්වා ඇත්තේ කුක් දිවයින වන අතර ඔවුන් 10 වන ස්ථානයේ සිට 13 වන ස්ථානය දක්වා පසු බැස සිටියි.ආසියාවේ පළමු තැන සිටින සිංගප්පූරුව 19 වන ස්ථානයේ සිට 20 වන ස්ථානය දක්වා පසු බැස සිටින අතර ශ්‍රී ලංකාව 21 වන ස්ථානයේ සිට ස්ථාන දෙකකින් පහළ බැස 23 වන තැනට පත් වී සිටියි.මැලේසියාව 24 වන ස්ථානයේම වෙනසකින් තොරව රැදී සිටින අතර ඉන්දියාව පසුවන්නේ 27 වන තැනයි.එළි දක්වා ඇති ශ්‍රේනිගත කිරීම් වලට අනුව පළමු කණ්ඩායම් 30 අතර සිටින්නේ එම ආසියානු කණ්ඩායම් හතර පමණය.
www.supirikrida.com

මම ලංකාව වෙනුවෙන් උපරිමය කරනවා

මෙවර ලන්ඩන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලද ක්‍රිස්ටීන් සොනාලි මෙරිල්  සිය උපරිම දක්ෂතාවය දැක්වීමට සූදානම් බව සුපිරික්‍රීඩා වෙත පැවසීය.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වීමට අවස්ථාව ලද එකම මලල ක්‍රීඩිකාව විම ඇයට හිමි වූ ගෞරවයක් බව සළකන ක්‍රිස්ටීන් තමා සහභාගි වන මීටර් 400 කඩුලු පැන දිවීම ඉසව්වේදී සිය උපරිම දක්ෂතාවය දැක්වීමට අපේක්ෂා කරන බව පෙන්වා දුන්නාය.
තත්පර 56.83 ක් වන මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්වේ  ශ්‍රී ලංකා වාර්තාවේ උරුමක්කාරිය වන ක්‍රිස්ටීන් සොනාලි මෙරිල් එම දස්කම වාර්තා කරමින් කෝබේ හී ක්‍රියාත්මක වූ ඉකුත් ආසියානු මලල ක්‍රීඩා උළෙලේ දී එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.ඇය ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී සිය ඉසව්වට අගෝස්තු 05 වන දා ඉදිරිපත් වීමට නියමිතය.
www.supirikrida.com

පුදුම කරන රහස් පිටට ගිහින්

න්ඩන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය ආශ්‍රිත වැඩ සටහනට අදාළ කාරණා රහසක් ලෙස පවත්වා ගැනීමට එම සංවිධායක මණ්ඩලය ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බව ලන්ඩනයෙන් වාර්තා වෙයි.10000 ක පමණ පිරිසක් සහභාගි කරවා ගනිමින් පවත්වන්නට නියමිත සමාරම්භක උත්සවය පුදුම එලවන සුළු එකක් ලෙස පවත්වමින් ලෝක ප්‍රජාව ඉදිරියේ විශිෂ්ඨ  වූත් අපූරු වූත් සංදර්ශනයක් ඉදිරිපත් කිරීමේ අභිලාශයෙන් පසු වූ ලන්ඩන් ඔලිම්පික් සංවිධායකයන් එම සංදර්ශන අවස්ථා සමාජ ගත වන්නට ඇත්තේ සහ මාධ්‍යයට එක් වන්නට ඇත්තේ ඒ සදහා සහභාගි වන සංදර්ශනකරුවන්ගේම දුරකථන කැමරා මගින් විය හැකි බව විශ්වාස කරයි.
කෙසේ වුව ද මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල සම්බන්ධ සමාරම්භක උළෙල අති විශිෂ්ඨ  වුත් ශ්‍රෙෂ්ඨ වූ ත් එකක් වීමට එම තොරතුරු අනාවරණය වීම ගැටළුවක් නොවනු ඇති බවත් රහස් තොරතුරු එළි දැක්වීම පිළිබදව කණස්සල්ලෙන් වුව ද ලන්ඩන් සංවිධායකයන් පවසනවා.
www.supirikrida.com

තිසර යළි ලංකාවට ජය මග පෙන්නයි


Thisara Perera picked up the dangerous Virat Kohli early
මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග දිනවන්නා ලෙස පන්දුවෙන් පිත්තෙන් මෙන්ම පන්දු රැකීමෙන්ද හාස්කම් පාන තිසර පෙරේරා ශ්‍රී ලංකා ඉන්දීය දෙවන එක්දින තරගයේ වීරයා වෙමින් යළිත් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කර දුන්නේය.කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට පිවිසි ඉන්දියාවට එරෙහිව පන්දු යැවීම ඇරඹූ ලසිත් මාලිංග සහ ඉසුරු උදාන ඔවුන්ට එරෙහිව පීඩනයක් ගොඩ නැගීමට අපොහොසත් වූ අතර එ අනුව පන්දු ඕවර් 3 ක් තුළ ලකුණු 31 ක් ලෙස දිස් වූ ඉන්දීය ලකුණු පූවරුවේ පොහොසත් පෙණුම එක් වරම වෙනසකට භාජනය කළ තිසර පන්දු යවමින්ම පෙරළා පැමිණි විශිෂ්ඨ උඩ පන්දුවකින් විරේන්ද්‍ර ෂෙවාග් පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකාව තරගයට ප්‍රවේශ කරමින්ය.
එපමණකින් නොනැවතුණු තිසර මෑත කාලයේ නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට හිසරදයක් වූ විරාට් කෝලි ලකුණු 1 ට සහ සුරේෂ් රයිනා ලකුණු 1 ට ක්‍රීඩා පිටියෙන් ඉවත් කරීමට දායක වෙමින් ඉන්දීය ඉණිම සුන්නද්දූලි කිරීමේ කාර්යයේ පෙරමුණ ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ගේ සහයෝගයද ඊට එකතු වීමෙන් ඉක්බිතිව ඉන්දීය ඉණිම ලකුණු 138 ට සීමා කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.පෙරේරා ලකුණු 19 ට කඩුලු 3 ක් සහ මැතිව්ස් ලකුණු 14 ට කඩුලු 3 ක් ලබා ගත් අතර ඒ අතරින් අති විශිෂ්ඨ පන්දු යැවීමක මෙන්ම පන්දු රැකීමක නියැලි තිසර තරගයේ වීරයා විය.
ඉන්දිය ඉණිමේ නැංගුරම වූ ගෞතම් ගාම්භීර් ඉණිම අරඹමින් අවසාන කඩුල්ල ලෙස දැවී යද්දී ලකුණු 65 ක් එකතු කළ ද,ඔහුට ලකුණු දෙකක ඉලක්කම් ගණනකින් සහයෝගය දක්වන්නට සිටියේ  විරේන්ද්‍ර ෂෙවාග් (15), මහේන්ද්‍ර සිං දෝනි (11) සහ රවිචන්ද්‍රන් අශ්වින් (21) පමණි.
පිළිතුරු ඉණිම ඇරඹූ ශ්‍රී ලංකාවට පීඩනයකින් තොරව පන්දුවට පහර දීමට සැකසී තිබූ පරිසරය විශාල අස්වැසිල්ලක් වූ අතර ඒ අනුව පළමු කඩුල්ලට නව වන වරටත් ඩිල්ෂාන් සහ තරංග ශතකය ඉක්ම වූ සබදතාවයක් ගොඩ නගමින් පළමු කඩුල්ලට ලකුණු 119 ක් එකතු කළේ පන්දු ඕවර් 16.4 කින් ය.පන්දු 49 කින් ලකුණු 50 ක් රැස් කළ ඩිල්ෂාන් දැවී ගිය පසු පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් (නොදැවී 10) සහ ආරම්භක පිතිකරුවෙකු ලෙස වගකීම් සහගත ඉණිමක් ක්‍රීඩා කළ උපුල් තරංග (නොදැවී 59) තරගයේ විසිවන පන්දු ඕවරයට පන්දුවක් ඉතිරිව තිබිය දී,ශ්‍රී ලංකාව ජයග්‍රහණයට පිවිසිණ.
තරගයේ සමස්ථ ලකුණු විස්තරය සදහා පහත සදහා සබදතාවයෙන් පිවිසීමට හැකිය. http://www.espncricinfo.com/sri-lanka-v-india-2012/engine/current/match/564782.html



බෝල්ට් 9.4 ට දුවන්න සූදානමින්

Usain Boltජැමෙයිකානු ඔලිම්පික් තේරීම් තරග වල දී යොහාන් බ්ලේක් ට මීටර් 100 සහ 200 යන ඉසව් ද්විත්වයෙන්ම පරාජය වුව ද,තමා ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර් 100 ඉසව්ව තත්පර 9.4 ට නිමා කරමින් නව ලෝක වාර්තාවක් ලැබීමට සූදානම් බව උසෙයින් බෝල්ට් පවසයි.ඔහු තව දුරටත් අදහස් දක්වමින් පවසන්නේ සියලු භෞතික තත්ත්වයන් සහ අධ්‍යාත්මික තත්ත්වයන් යහපත්ව පවතින්නේ නම් තමාට මීටර් 100 ඉසව්ව තත්පර 9.2 ට නිමා කිරීමට හැකි බවයි.
තමා වෙහෙස වී පුහුණුවීම් කරන බව පවසා ඇති බෝල්ට් සිය ශාරිරීක හැඩය සහ යෝග්‍යතාවය මෙන්ම තාක්ෂණික ඉරියව් නිවැරදිව පවත්වා ගැනීමට එම වෙහෙස වැය කරන බව පෙන්වා දෙයි.තැනට තත්පර 9.58 ක් වන ලෝක වාර්තාව අලුත් වන ආකාරය ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ප්‍රේක්ෂකයනට එම ඉසව්ව ක්‍රියාත්මක අගෝස්තු 5 වන දා දැක ගැනීමට හැකිවනු ඇති බව මෙහිදී බෝල්ට් විසින් අවධාරණය කර ඇත.
මීට පෙර වීරයෝ සිටිය බවත් විවිධ මිනිසුන් සිටිය බවත් පවසන බෝල්ට් දැන් එළැඹ ඇත්තේ තමාගේ කාලය බව පවසන අතර ඔහු මින් පෙර කිසි දිනක මීටර් 100 සහ 200 ඔලිම්පික් උළෙල දෙකකදී කිසිවෙකු ජය ගෙන නැතත් මෙවර එම අභියෝගය ජය ගැනීමට සූදානමින් සිටියි.
ඡායාරුපයේ දැක්වෙන්නේ බෝල්ට් ඊයේ ලන්ඩන් ඔලිම්පික් ගම්මානයට පැමිනි අවස්ථාවයි.
www.supirikrida.com

ලංකාවෙන් ඔලිම්පික් මුද්දර


න්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඔලිම්පික් මුද්දර හතරක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගත් අතර එය කොළඹ පිහිටි වෙස්ට් මිනිස්ටර් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් නිල නිවසේදී පසු ගියදා එළි දක්වන්නට යෙදිණ.ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ ඉල්ලීම මත   එළි දැක් වූ මෙම මුද්දර රුපියල් 5/=,15/=,25/= සහ 75/= ලෙස වටිනාකමින් යුක්ත විය.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,තැපැල් අමාත්‍ය ජීවන් කුමාරතුංග,බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජොන් රැන්කින් සහ තැපැල් අමාත්‍යංශ ලේකම් සහ ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු ද එක් විය.
www.supirikrida.com

Jul 24, 2012

මාලිංග ගෙන් ප්‍රවේශම් වීම පිළිබදව දෝනිට වඩා මහේල ට සිතන්නට වීම




න්දියාව සමග පැවත්වෙන එක් දින තරග වලදී ලෝකයේ සිටින ප්‍රබලතම එක්දින පන්දු යවන්නෙක් ලෙස සැළකෙන ලසිත් මාලිංග ගෙන් ඉන්දියානු පිතිකරුවන් ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබදව  මහේන්ද්‍ර සිං දෝනිට සිතීමට ඇති ඉඩට වඩා මහේල ජයවර්ධනට ඉන්දීය පිතිකරුවන්ගෙන් ලසිත් මාලිංග ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබදව සිතීමට සිදු වී ඇත.දිගින් දිගටම ඉන්දීය කණ්ඩායම ඉදිරියේ දැඩි ප්‍රහාරයකට ලක් වෙමින් විශාල ලකුණු ගණනක් ලබා දෙන මාලිංග ඉන්දියාවට එරෙහිව යොදා ගැනීම පිළිබදව තව දුරටත් කල්පනා නොකිරීම ගැටළුකාරී තත්ත්වයකි.
එසේම අද ඇරඹෙන තරගයට කණ්ඩායම් දෙකේම වැඩි වෙනස්කමක් සිදු විය හැකි යැයි අපේක්ෂා කළ නොහැකි අතර,ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින තරග පිටියේ විශ්වාසවන්තම වේග පන්දු යවන්නා වන නුවන් කුලසේකර පළමු තරගයේදී ආබාධයකට ලක් වීම නිසා තරගාවලියෙන් ඉවත්වීම ශ්‍රී ලංකාවට විශාල පාඩුවකි.ඒ සදහා නුවන් ප්‍රදීප් කැදවා ඇතත් අද තරගයේදී කුලසේකර ගේ අවස්ථාව බොහෝ විට පැවරෙනු ඇත්තේ,ඉසුරු උදානට ය.
www.supirikrida.com

රටක් නැති ධාවකයා ඔලිම්පික් ධජයෙන් ලන්ඩන් තරග බිමට

කුණු සුඩානයේ සරනාගත කදවුරක සිට සිය දුෂකර දුර දිවීමේ ජීවිතය නඩත්තු කරන ගෝර් මරියල් ට මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය සදහා මැරතන් ඉසව්ව නියෝජනයට අවශ්‍යය පරිසාධන මට්ටම සපුරමින් පැය 2:12:55 ක කාලයක් වාර්තා කළ ද ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන්නට රටක් නොවිණ.දැඩි අයහපත් දේශපාලනික තත්ත්වය නිසා ජාත්‍යන්තර වශයෙන් කොන් වූ රටක් බවට පත් ව තිබෙන රටක් වන දකුණු සුඩානය දරිද්‍රතාවයෙන් සහ නූගත්කමෙන් ලැබෙන පීඩාව වර්ධනය කර ගනිමින් සිටින රටකි.
එවැනි රටක ජීවත්වන 28 හැවිරිදි මරියල් ගේ පවුලේ 28 දෙනෙකු යුධමය තත්ත්වය මත ආරක්ෂක හමුදා වල ගොදුරු බවට පත් වි සිටියි.එක්සත් ජනපද සරණාගත කදවුරක ජීවත් වන මරියල් මෙන්ම ඔවුන්ගේ මුළු පවුලම සරනාගතයින් වන අතර මරියල් ගේ ඔලිම්පික් ධාවනය නැරඹීමට ඔහුගේ පියාට අල්ලපු නගරයක් දක්වා රුපවාහිණියක් සොයා දිගු ගමණක් එන්නට සිදුවනවා ඇත.
දිගු කාලයක්,දිගු දුරක් දරා ගනිමින් ධාවනයේ යෙදෙන්නට ඇති ශාරිරික හැකියාව, දිගු වෑයමකින් උණ්ඩයට හසු නොවි සිටීමේ අවස්ථාව නිර්මාණය කරගත් මරියල් ට එතරම් අපහසුවක් දනවන දෙයක් නොවන බව ප්‍රායෝගික ඇත්තකි.ඒ නිසා දකුණු සුඩානයෙන් තරග වැදීමේ සිය පෞද්ගලික අවශ්‍යයතාව පිළිගත් ලෝක සදාචාරය විසින් අහිමි කර දැමුව ද,ලෝකය තුළ සිය හැකියාව වසා නොතබා විවර කරන්නට මගක් ඇති බව පසක් කරමින් ජගත් ඔලිම්පික් කමිටු ධජය යටතේ මැරතන් ධාවනයට එන මරියල් ට,ජය සංඛේත පූවරුව මතට ගොඩ වන්න ද හැකියාවක් නැතැයි කිසිවෙකුටත් කිව නොහැකිය.

මොරොක්කෝ ඔලිම්පික් රන් පැතුම බොද වෙයි

L'athlète marocaine Mariem Alaoui Selsouli est privée des jeux Olympiques de Londres (27 juillet/12 août), dont elle était une des favorites du 1500 m, après avoir été contrôlée positive à un diurétique début juillet, a indiqué lundi une source proche du dossier.මෙවර කාන්තා මීටර් 1500 ඉසව්ව නියෝජනය කිරීමට නියමිතව සිටි  මොරොක්කොවේ Mariem Alaoui Selsouli, මේ වසරේ එම ඉසව්ව වෙනුවෙන් හොදම කාලය වාර්තා කර තිබුණ ද,ඇයට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට තබා තරගාවලිය නියෝජනයටවත් අවස්ථාවක් නොලැබෙමින් තහනම් උත්තේජන ගැනීම සම්බන්ධයෙන් වරදකාරියක වී ඇත.විනාඩි 3:56.47 ක කාලයක් වාර්තා කරමින් මේ වසරේ හොදම කාලය පැරීසියේ දී සටහන් කළ මේරියම් මීට පෙරද තහනම් උත්තේජන නිසා තරග තහනමට ලක් ව සිටි ක්‍රීඩිකාවකි.
2009 සිට 2011 දක්වා තහනම් උත්තේජන භාවිතය නිසා දෙවසරක තරග තහනමකට ලක් ව සිටි ඇය,මෙවර මාර්තු මාසයේදී යළි තරග පිටියට පිවිස ජගත් ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගත්තාය.ජූනි මස ඇයගේ මීටර් 3000 ඉසව්වේ හොදම කාලය වන විනාඩි 8:34.47 ක වාර්තා කළ මේරියම්,මේ වසරේ මීටර් 1500 හොදම කාලය වාර්තා කළේ ජූලි 6 වන දිනය.
www.supirikrida.com

ජවන හා පිටිය ලංකා බැංකු ගිණුමට


ලාංකේය මලල ක්‍රීඩාවේ අනුග්‍රාහකයා ලෙස නිල වශයෙන් ලංකා බැංකුව කටයුතු කරන බවට සහතික කරන  ගිවිසුම මලල ක්‍රීඩා සංගමයේ ලේකම් රියල් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු සහ ලංකා බැංකුවේ වැඩ බලන අලෙවි ප්‍රධානි ටී මුතුගල විසින් ශ්‍රී ලංකා ඔලිම්පික් නිවහනේ දී අත්සන් තබන්නට යෙදුණා.ජාතික මට්ටමේ මලල ක්‍රීඩා තරග සංවිධානය,සංචාර,ක්‍රිඩාවේ ප්‍රවර්ධන කටයුතු සහ පරිපාලන කටයුතු සදහා වසරකට මෙම ගිවිසුම අනුව ලංකා බැංකුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ලැබෙන්නට නියමිත මුදල මිලියන 23 ක් වෙනවා.
වසරක් සදහා සැපයෙන මෙම අනුග්‍රාහකත්වය පස් වසරක්ට දිගු  කරන ලෙස මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක මෙන්ම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කරන ලද ඉල්ලීමට ලංකා බැංකු සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහයන්ගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය ද මෙහිදී ලාකේය මලල ක්‍රීඩාවේ අනාගතය පිළිබදව සුභවාදි බලාපොරොත්තු තැබිය හැකි සංඥාවක් ලෙස හැදින්විය හැකියි.
ඡායාරූපයේ දැක්වෙන්නේ රියල් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු සහ ටී තලගල විසින් එම ගිවිසුමට අත්සන් තැබු අවස්ථාව වන අතර ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,ලංකා බැංකු සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි,මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක ද ඡායාරූපයේ වෙති.

30 ක් තෝරන්න තරග 3140 ක්


ලාංකේය පාපන්දු ක්‍රීඩාවේ පුනරුදය වෙනුවෙන් අනාගතය සකස් කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත් වීම හරහා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් තරග 3140 ක් පවත්වා ක්‍රීඩකයන් 30 ක් ජාතික සංචිතයට තෝරා ගැනීම කෙරෙහි අවධානය යොමු වී ඇත.ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 314 ක මෙම තරග පැවත්වීමට නියමිත අතර එක් කොට්ඨාශයකට තරග 10 ක් ඇතුළත් වී ඇත.
ඔක්තෝම්බර් 1 දා සිට 31 දා දක්වා මෙම ප්‍රාදේශීය කොට්ඨාශ ලේකම් තරග පැවත්වෙන අතර මෙම තරගාවලියේ අවසාන තරගය දෙසැම්බර් 15 දා පැවත්වීමට නියමිතය.මෙම තරග අතරින් තෝරා ගන්නා 30 දෙනෙකු වෙත මාසිකව රුපියල් 75,000 ක් මසකට වැය කර ඔවුන්ගේ පෝෂණ තත්ත්වය රැක ගැනීමට අවධානය යොමු වී ඇති අතර ඔවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබදව විමසිලිමත් වීමේ වගකීම ක්‍රීඩා වෛද්‍ය ඒකකය විසින් පවරා ගෙන ඇත.
www.supirikrida.com

Jul 23, 2012

ලංකා වොරියර් තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා මංජුල කුමාර


මංජුල කුමාර

මීටර් 1500 ජයගත් සහෝදරියෝ තිදෙන
ළමු වරට සංවිධානය කරන්නට යෙදුණ ලංකා වොරියර් මලල ක්‍රීඩා සූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාණනීය වන්නට ජාතික උස පැනීමේ තරග වාර්තාලාභියා වන මංජුල කුමාර සමත් වුණා.උස පැනීමේ ඉසව්වේ දී මීටර් 2.20 ක දක්ෂතාවයක් දැක් වූ මංජුල,ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ලකුණු සටහනට අනුව,තරගාවලියේ දක්ෂතා අනුව ඉහළම ලකුණු ප්‍රමාණය ලබා ගත් තරගකරු ලෙස මෙහිදී සම්මාණනීය වූවා.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ලකුණු සටහනට සාපේක්ෂව,ශ්‍රී ලංකාවේ පවතින ජාතික වාර්තා ඒ,බී සහ සී ලෙස වර්ගීකරණය කර එහි ඒ ශ්‍රේණියේ වාර්තාවකට රුපියල් ලක්ෂයක්,බී ශ්‍රේණියේ වාර්තාවකට රුපියල් පනස් දහසක් සහ සී ශ්‍රේණියේ වාර්තාවකට රුපියල් විසිපන් දහසක් පිරි නැමීමට කටයුතු යොදා තිබුණත් කිසිදු ක්‍රීඩක ක්‍රීඩිකාවක් එවැනි හැකියාවක් පෙන් වූයේ නැහැ.
තරගාවලියේ ලයන් වොරියර් අනුග්‍රහය සදහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනෙකු තෝරා පත් කර ගන්නට නියමිත වූ අතර,එහිදී ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ලකුණු සටහනට අනුව දැක් වූ දක්ෂතා සැළකිල්ලට ගෙන එම් ජීඑස් ගුණතිලක,ඩීඑම් එරන්ද,අයිඩීඑස්එස් ජයසිංහ,ඒඩබ්ලිව් ආර් සචිත්,මිලාන් මධුෂ්ක දිසානායක,තරංගා විනෝදනී,අචලා ඩයස්,ටීජීඑස් ප්‍රනාන්දු,සලින්ද රන්දීව සහ එම්ජීඑස් ගුණතිලක  සුදුසුකම් ලබා ගත්තා.
තරංගා විනෝදනී
තරගාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්ව එකම පවුලේ සොහොයුරියන් තිදෙනෙක් විසින් ජය ගැනීම දුර්ලභ සිදු වීමක් වූ අතර එසේම කාන්තා තුන් පිම්ම ඉසව්වේ ප්‍රථම සහ දෙවන ස්ථාන නිවුන් සොහොයුරියන් විසින් දිනා ගැනීමත් කැපී පෙණුනා.කලකට පසුව හොද කාලයක් වාර්තා කිරීමට අපොහොසත් වුව ද, උමංග සුරේන්ද්‍ර මීටර් 100 ඉසව්වේ ජයග්‍රහණය ලැබීම කැපී පෙණුනා.
තරගාවලියේ සමස්ථ ප්‍රතිපල සටහන www.supirikrida.com වෙතින් ලබා ගැනීමේ හැකියාව ඇත.
ඡායා.: සුන්දර් රාජ්

ගේල් නැවත ටෙස්ට් පිටියට

ශ්‍රී ලංකාවේදී 2010 වසරේ පැවති ටෙස්ට් තරගයට සහභාගි වීමෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ දකින්නට නොලැබුනු ක්‍රිස් ගේල් නැවත නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියට කැදවීමට තීරණය කර ඇත.දක්ෂතා හීන වීම මත නොව,ගෙවීම් සම්බන්ධ ඇති වූ ප්‍රතිපත්තිමය තීරණයක් මත කණ්ඩායමෙන් වෙන් වී සිටි ගේල් හා කොදෙව් පරිපාලනය සමග පැවති නෝක්කඩු නිමා කරමින් නවසීලන්ත තරගාවලියේ එක්දින තරග සදහා කැදවුම් ලැබූ ගේල් එහිදී ඉහළ දස්කම් දක්වන්නට සමත් විය.හිටපු කොදෙව නායකයා ද වන ගේල් ටෙස්ට් ශතක 13 ක හිමිකරුවෙකු වන අතර ඔහු ගේ හොදම ටෙස්ට් ඉණිම ලකුණු 333 කි.
www.supirikrida.com

Jul 22, 2012

කුලේගේ බලේ බිදුණු ලංකාව සැලේ

Nuwan Kulasekara attempts to dismiss Virender Sehwag by taking a tumbling catch
කුලේ ගේ බල  බිදි ගිය තැන
කාසියේ වාසිය ලැබීමෙන් පසුව පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව ට දිවා රාත්‍රි තරගයක පළමුව පන්දුවට පහර දීමේ වාසිය මෙන්ම ශ්‍රී ලංකාවේ සුපිරිතම එක් දින පන්දු යවන්නෙකු ලෙස අවිවාදිත,නුවන් කුලසේකර සිය පන්දුවාර ප්‍රමාණය නිමා කිරීමට පෙර ආබාධයකට ලක් විමද තරගය ඉන්දියාව දෙසට හැරීමට බෙහෙවින් බල පෑවේය. ඒ වන විට පන්දුවාර 5 දී ලකුණු 20 ක් පමණක් ලබා දී සිටි කුසේකරට යළි පන්දු යැවීමට හැකියාවක් නොලැබුණු අතර,මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට අහිමි වූ සුළු වාසිය ඉන්දියාවේ ජයග්‍රහණයට විශාල රුකුලක් වූ බව පෙන්වමින් තරගයේ ජය ලකුණු 21 න් ඉන්දියාවට හිම් විය.
මෑත කාලයේ ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රබලතම ඉන්දීය අභියෝගය බවට පත් වී සිටින විරාට් කෝලි යළිත් ලක්‍රණු අතරට පිවිසෙමින් අනගි ශතකයක් ලැබූ අතර පන්දු 113 කින් වාර්තා වූ ඔහුගේ ලකුණු 106 සදහා යාමේ දී ඔහු විරේන්ද්‍ර ෂෙවාග් (96) සමග දෙවන කඩුල්ලට ලකුණු 173 ක් ද,එකතු කිරීම හ්‍රී ලංකාවට මහත් වූ හිසරදයක් විය.ඉන්දීය ඉණිමේ අවසාන භාගයේ දී සුරේෂ් රයිනා පන්දු 45 න් ලකුණු 50 ක් ද,නායක දෝනි පන්දු 29 න් ලක්‍රණු 35 ක් ද එකතු කරමින් කෝලි සහ ෂෙවාග් ඇති කළ අත්තිවාරම මත සහ කුලසේකර ගේ හිස් වීම මත ශක්තිමත් ඉන්දීය ඉණිමක් නිර්මාණය කළ අතර පන්දු යැවිමේ ී තිසර පෙරේරා කඩුලු 3 ක් ලබා ගැනීමෙන් සාර්ථක වුව ද සිය පන්දු ඕවර් 10 තුළ ලකුණු 70 ක් ලබා දුන්නේය.
පිලිතුරු ඉණිමට පිවිසි හ්‍රී ලංකාවේ ප්‍රථම කඩුල්ල ලෙස ලකුණු 6 ට ටීඑම් ඩිල්ෂාන් දැවී යන අතර අනතුරුව පන්දු ඔවර් 17.3 ක් තුළ ලකුණු 75 ක් එක් කිරීමට සංලක්කාර සහ උපුල් තරංගට හැකියාව ලැබිණ.ලකුණු 28 ට තරංග දැවී යාමෙන් අනතුරුව සංගක්කාර පිටියේ හුදෙකලා වන අතර පැමිණ ආපසු විගසින් හැරී යන පිතිකරු පෙරහැරට තිරිංග වැටෙන්නේ හත්වන කඩුල්ල සදහා සංගක්කාර සහ තිසර පෙරේරා ඇති කරන ලකුණු 78 ක සබදතාවය හේතුවෙන්ය.
පන්දු ඕවර් 8.5 දී එකතු වන එම ලකුණු 78 කඩුලු දැවී යාමට මෙන්ම ඉන්දීයාව අපේක්ෂා කළ පහසු ජයග්‍රාහණයේ බලාපොරොත්තුවට ද තිරිංග යෙදවීමට සමත් වූ අතර සංගක්කාර මිල කළ නොහැකි ලකුණු 133 ට දැවී යාමෙන් ඉනික්බිති,යළිත තරගය ඉන්දියාව දෙසට හැරිණ.තිසර පන්දු 28 ක් තුළ ලකුණු 46 ක් ලබා හිමිවිය යුතුවම තිබූ අර්ධ ශතකය ස්පර්ශ කිරීමට පෙර ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යන අතර තරගයේ අවසාන මොහොතේදී දැවැන්ත හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් පන්දු 10 ක් තුළ ලකුණු 19 ක් නොදැවී ලබා ගන්නට ලසිත් මාලිංගට හැකි විය.
ඉන්දීය පන්දු යවන්නන්ට ද තිසර සහ සංගක්කාරගේ ප්‍රහාරය හමුවේ සැළකිය යුතු ප්‍රහාරයක් අත් විදින්නට සිදු වූ අතර නමුත් ඉර්ෆාන් පතාන් හොද පාලනයකින් යුතු පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දු ඕවර් 10 ලකුණු 37 ක් දී කඩුලු 2 ක් ලබා නිමා කරන්නට සමත් විය.රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 46 ට කඩුලු 2 ක් ලබා ගත් අතර  උමේෂ් යාදෙව් ද පිළිවෙළින් ලකුණු 76 ට කඩුල් 2 ක් දවා ගැනීමට සමත් විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට මෙම සබදතාවය උපයෝගී කර ගෙන පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/sri-lanka-v-india-2012/engine/current/match/564781.html
www.supirikrida.com