Mar 2, 2013

අන්තිම පන්දුවේදී ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

Sri Lanka wicketkeeper Dilani Manodara collects the ballශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අර පැවති 20 - 20 පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවසාන පන්දුවේදී පරාජය අත්කර දුන් බටහිර ඉන්දීය කොදෙව් නායිකා මෙරිස්සා ඇගුලේරා ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන ගේ පන්දුවට එල්ල කළ හයේ පහරත් සමග කොදෙව් ක්‍රීඩිකාවන්ට කඩුලු දෙකක ජයක් අත් වුණා.මෙම තරගයේදී ශ්‍රී ලංකා උප නායිකා කෞශල්‍යයා ලොකුසූරිය පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට සමත් වුණා.පහර දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණිය වෙමින් ඇය ලකුණු 25 ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී ලකුණු 18 ට කඩුලු 3 ක් දවා ගත්තා.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 86 ට සීමා කළ අතර ලකුණු අතර සිටින ඩිලානි මනෝදරා යලිත් අංක අට දක්වා පහත දමා තිබුණා.ඒ නිසාම ඇයට කඩුලු 6 ක් ලකුනු 53 ට දැවෙන තෙක් ක්‍රීඩාගාරයට වී තරගය නරඹන්නට සිදු වී තිබුණු අතර ඇය පිටියට පිවිස කෞශල්‍යයා ලොකුසූරිය සමග හත් වන කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 32 නොවන්නට ශ්‍රී ලංකාවේ ඉරණම මීට වඩා අයහපත් වන්නට තිබුණා.මනෝදරා මෙහිදී ලකුණු 17 ක් නොදැවී ලබා ගත්තා.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය යොදා ගෙන පිවිසිය හැකියි .http://www.espncricinfo.com/ci/content/player/272623.html
www.supirikrida.com

Mar 1, 2013

කිරාන් සහ සමන් මලල ක්‍රීඩාවට නිතරගයෙන් සභාපති තනතුරට ජෙනරාල්ලා අතර සටනක්

මෙවර මලල ක්‍රීඩා නිලවරණය උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවට සාක්ෂි මතු වෙමින් තිබෙනවා.සභාපති ධූරයට මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ මේජර් ජෙනරාල් දයා රත්නායක ඉදිරිපත් වී ඇති අතර පාලිත හිටපු සභාපතිවරයෙකු වන අතර දයා වර්ථමාන සභාපතිවරයා වීමත් ඔවුන් දෙදෙනා සතු හමුදාමය බලයත් මෙහිදී එම තනතුර සදහා විශාල ගැටුමක් නිර්මාණය කරනු ඇති බව පෙනෙන්නට තිබෙනවා.විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවන්ට වඩා මෙම නිලවරණයේදී  මේජර් ජෙනරාල්වරුන් දෙදෙනා සිවිල් සමාජය සමග ගණුදෙනු කරන ආකාරය තීරණාත්මක සාධකයක් වනු ඇති බවට විශ්වාසය පළ වෙනවා.ලේකම් ධූරයට ප්‍රවීන ක්‍රීඩා පරිපාලකයෙකු ලෙස වගකීම් රැසක් දරා ඇති ප්‍රේමා පින්නවල සමග වත්මන් ලේකම් රියල් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු තරග බිමට පිවිස සිටිනවා.
වැඩිම තරගකාරීත්වයක් දකින්නට ඇත්තේ උප සභාපති තනතුරු සදහායි.එහිදී 14 දෙනෙකු තරග වදින අතර ඒ අතර කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් ලෙස කැපී පෙනෙන සුනිල් ජයවීර,සෙන්පති සුදත් මඩුගල්ල වැනි චරිත ගණනාවක් දකින්නට ලැබෙනවා.මෙවර නිලවරණයේදී තරගයකින් තොරව බලයට පැමිණිමට හැකි වී ඇත්තේ භාණ්ඩාගාරික ධූරයට සහ වාර්තාකරු තනතුරට පමණක් වන අතර වාර්තාකරු තනතුරට සුපුරුදු පරිදි ජීජීයූ සමන් කුමාර තේරී පත් වී සිටිනවා.භාණ්ඩාගාරික ධූරයට පත් වී සිටින්නේ හිටපු ප්‍රවීන මලල ක්‍රීඩිකාවක් වන මේනකා වික්‍රමසිංහ ගේ සැමියා මෙන්ම ක්‍රීඩා පරිපාලනයේ විවිධ වගකීම් දරා ඇති කිරාන් අතපත්තුයි.

www.supirikrida.com

වෙබ් එන හැඩ වෙන්න නැවතිලා බ්ලොග් එක ලෙඩ හින්ද නැවතිලා

www.supirikrida.com එහි පවතින හැඩය සමග කළ යුතු තාක්ෂණික වෙනස්කම් කිහිපයක් නිසා මේ දිනවල තාවකාලිකව නවතා තිබෙන අතර ඒ ආශ්‍රිතව ක්‍රියාවට නැගෙන බ්ලොග් අඩවිය ද මේ දිනවල එහි සංස්කාරකවරයාගේ සෞඛ්‍ය තත්ත්වයේ ඇති වී තිබෙන ගැටළුකාරී තත්ත්වයන් හේතුවෙන් නොනවත්වා ක්‍රියාවට නොනැගෙන අවස්ථා ඇති වී තිබේ.මේ හේතුව නිසා  සුපිරික්‍රීඩා වෙබ් අඩවියේ පාඨකයන්ට ඇතිවන අපහසුතාවය පිළිබදව කණගාටුව ප්‍රකාශ කරන අතර ඉදිරියේදි මේ තත්ත්වය වෙනස් වී අදාළ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනු ඇත.එතෙක් සුපිරි ක්‍රීඩා පාඨකයන්ට විදින්නට සිදුවන අපහසුව පිළිබදව අපේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු.
www.supirikrida.com

බේස්බෝල් දියුණුවට කොරියාවත් එකතු කර ගන්න පුළුවන් - මහින්ද ගුණරත්න

බේස්බෝල් ක්‍රීඩාවේ සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම පිණිස දැනට ඒ සදහා උදව් උපකාර කරන ජපානයට අමතරව කොරියාවේත් උදව් ලබා ගැනීමට හැකි බව මෙවර බේස්බෝල් නිලවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර ලෙකම්වරයෙකු මෙන්ම සීමාසහිත ශ්‍රී ලංකා සමූපකාර අලෙවි සංගමයේ සභාපති මහින්ද ගැණරත්න පවසනවා.මම ජපානයේ මෙන්ම කොරියාවේද අධ්‍යාපනය ලැබූ අයෙක්.එසේම මම කොරියාවේදී බේස්බෝල් ක්‍රීඩාවේ නිරත වුණා.මේ සියළු කාරණා නිසා මට මහා බේස්බෝල් සංස්කෘතියක් ඇති මේ දෙරට සමගම මට සම්බන්ධතා තියෙනවා.යනුවෙන් පවසන මහින්ද ගුණරත්න මෙවර නිලවරණයේදී ප්‍රේමලාල් රණගලගේ කණ්ඩායම නියෝජනය කරමින් උප සභාපති ධූරයට තරග වැද සිටිනවා.
පවතින පරිපාලනයේ වැරදි ගැන කතා කරන්න මම කැමති නැහැ.නමුත් එහි පරිපාලන ක්‍රමවේදය යම් යම් චරිත කිහිපයක න්‍යාය පත්‍ර අනුව හැසිරෙන බව දිගින් දිගටම කියවෙනවා.ඒ නිසා ලංකාවේ බේස්බෝල් දියුණු කරන්න ක්‍රමාණුකූල නිවැරදි පරිපාලන ව්‍යහුයක් අවශ්‍යය වෙනවා.ඒ සදහා ශක්තිය තිබෙන කණ්ඩායම හැටියට පොලිස් අධිකාරි ප්‍රේමලාල් රණගලගේ කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.යනුවෙන් පවසන මහින්ද ගුණරත්න එම කණ්ඩායමට මහාචාර්යවරියක්,ලුතිනන් කර්නල්වරයෙක්,ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර දෙකක් නඩත්තු කරන කළමණාකාර අධ්‍යක්ෂවරයෙකු සහ හිමිකරුවෙක් ඇතුළත් වී සිටීම ඊට උදාහරණ හැටියට පෙන්වා දෙනවා.
අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතිව ජපානයෙන් ලැබුණු ආධාර ඇතිව දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණයෙ ඉදි වූ බේස්බෝල් ක්‍රීඩාංගණය,දකුණු ආසියාවටම ඇති එකම ක්‍රීඩාංගණය.ඒ ක්‍රීඩාංගණය ඉදි කිරීමට මුල් වූ පුද්ගලයා හිටපු ජපාන පුහුණුකරු වටනබේ.අපි ඔහුව අගය කරන්න ඕනි.නමුත් අපි දැක්කා ක්‍රීඩාංගණය ඉදි වෙමින් තිබෙන වකවානුවේ ඇතැම් මාධ්‍ය වලින් ඔහුව දැඩි ලෙස විවේචනය කරල තියෙනවා. නමුත් වගකිව යුතු පරිපාලනයක් හැටියට ඒවා නිවැරදි කරන්න බේස්බෝල් පරිපාලනය කටයුතු කළේ නැහැ.මහින්ද ගුණරත්න එසේ පවසමින් හැකියාව ගුණධර්ම ජයග්‍රහණයටත් වඩා ජපන් ජනතාවගේ ඇගයීමට ලක්වන බව පෙන්වමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවේ කරුණානන්දගේ ධාවනයේ තිබූ ධෛර්‍යමත්බවේ ආදර්ශය ක්‍රීඩා ශීලී ගුණයවිලාශය ජපානයේ පෙළ පොත් වලට ද ඇතුළත් වූ බව පෙන්වා දෙනවා.
වටනබේ විවේචනය කිරීම නැවත්වීමට ක්‍රියා නොකිරීම මෙන්ම ඔහුව ආරක්ෂා කිරීමට හෝ ඔහු ට එල්ල වූ චෝදනා පිළිබද පරික්ෂා කර එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට හෝ පරිපාලනය කටයුතු නොකිරීම ගැන මගේ ඇතැම් ජපන් මිත්‍රයන් බොහොම කණගාටු වුණා.ඒ දේවල් සිද්ධ වෙන්නේ කළමණාකාරීත්වය පිළිබදව සහ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබදව අවබෝධයක් නැතිව කටයුතු කරන්නන් නිසයි.මහින්ද ගුණරත්න නැවත වරක් ඉහළ සහ විනයානුකූල පරිපාලනයක් ලංකාවේ බේස්බෝල් පරිපාලනයට අවශ්‍යය බවත් එය ශක්තිමත් සහ විශිෂ්ඨ ක්‍රීඩාවක් ස්ථාපිත කිරීමට අවශ්‍යයම ගුණාංගය බවත් පෙන්වා දෙමින් ප්‍රකාශ කලා .
www.supirikrida.com

යොවුන් දැල් පන්දු පුහුණුකාරිය - ජානකී

බෘනායි හී පැවත්වීමට නියමිත ආසියානු යොවුන් දැල් පන්දු තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායම පුහුණුකිරීමේ වගකීම ජානකී ගුණසේකරට පැවරී තිබෙනවා.ශ්‍රීලංකාවට විශිෂ්ඨ දැල් පන්දු ක්‍රීඩිකාවන් රෝපනය කරන පැල තවානක් බදු කළුතර බාලිකා විද්‍යාලීය කණ්ඩායම පුහුණුකිරීමේ වගකීම ඉටු කරන ජානකී ට ජාතික මට්ටමේ වගකීමක් හිමි වූ පළමු අවස්ථාව මෙය වනවා.
යොවුන් පුහුණුකාරිය ලෙස ජාතික තලයට ක්‍රීඩිකාවන් හදුන්වා දෙන ජානකී වැනි අයෙකුට අවස්ථාව හිමි වීම ඉතාමත් වටිනා සහ කාලෝචිත ක්‍රියාවක් වන අතර විවිධ වූ හේතු දක්වමින් එම තනතුර උදුරා ගැනීමට තැත් කළ පිරිසගේ බලපෑම්වලින් මිදී නිවැරදිව තීරණයක් ගැනීම සදහා පුහුණුකාරිය තෝරා ගත් කණ්ඩායම කටයුතු කළ ආකාරය පැසසුම් සහගතයි.ක්‍රීඩා පණතේ විධි විධාන වලට අනුව යමින් ඊට කිසිදු හානියක් නොකර පත් කළ යුතු සුදුසුම තැනත්තිය තෝරා ගත් බවට එම තේරීම් මණ්ඩලයට දැල් පන්දු පරිපාලනයේද ප්‍රශංසාව හිමි වී ිබෙන අතර ඉදිරියටත් පරිපාලනයට මෙන්ම එහි වගකීම් පැවරෙන සියළු දෙනාටත් සෘජු හා නිවැරදි තීරණ ගැනීමට ශක්තිය හිමි වේවා යැයි සුපිරික්‍රීඩා සුභපැතුම් එක් කරනවා.
www.supirikrida.com


Feb 25, 2013

මනෝදරා යළිත් වැරදි තීරකයන්ට පහර දෙයි

Dilani Manodara plays a shotශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ නාමාවලිය වෙනස් කරන ආකාරයේ ඇති වෘත්තියමය නොවන ස්වභාවය මෙන්ම,එය තරගවල තීරණය සදහා කරන බලපෑමත් පැහැදිළි කරමින් දක්ෂතා අතර සිටිව පිතිකාරිණියන් නිවැරදි ස්ථානවල පන්දුවට පහරදීම නිසා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් කාන්කා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් ලබන්නට හැකිවුණා.විශේෂයෙන් දක්ෂතා දැක් වුව ද නිරන්තරයෙන් පිතිකරණ නාමාවලියේ පහතට ඇද වැටෙන ඩිලානි මනෝදරා ජයග්‍රහණය සදහා අවශ්‍යය ලකුණු ප්‍රමාණය වෙනුවෙන් අංක 6 පිතිකාරිණිය ලෙස නොදැවී ලකුණු 38 ක් ලබමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යය මාවත සකස් කළා.
කාසියේ වාසිය ලැබූ කොදෙව් ක්‍රීඩිකාවෝ සිය පන්දු ඕවර් 50 තුළ දී කඩුලු 8 ක් දැවී ලකුණු 180 ක් ලැබූ අතර එහිදී තරග ආරම්භයේ උදේශිකා ප්‍රබෝධනී සිය වේග පන්දුවෙන් සුපිරි දස්කම් පාන්නට සමත් වූවාය.ඇය මේ තරගයේදී ලකුණු 35 ට කඩුලු 3 ක් දවා ගත් අතර එම කඩුලු 3 තරගයේ ප්‍රථම කඩුලු තුන විය.ඒ දක්ෂතා නිසා කොදෙව් ඉණිම ලකුණු 23 දී කඩුලු 5 ක් අහිමි කරගෙන සිටි අතර අනතුරුව පිටියට පිවිසි ශාමින් කැම්බල් ප්‍රවේගකාරී පිතිහරඹයක නියැලෙමින් පන්දු 138 දී ලකුණු 105 ක් ලබමින් කොදෙව් ලකුණු පූවරුව ලකුණු 180 දක්වා ගෙන ගියා.
ශ්‍රී ලංකාව පිළිතුරු ඉණිමේදී ආරම්භක පිතිකාරිණිය ලෙස නැවත කැද වූ චමරි අතපත්තුගේ අගනා ලකුණු 26 මෙන්ම යලිත් වරක් සාර්ථක වෙමින් අර්ධ ශතකයක් ලැබූ දිපිකා රසාංගිකා (55) සමග දෙවන කඩුල්ලු වෙනුවෙන් තැබූ ලකුණු 40 ක සබදතාවයද යළිත් රසාංගිකා නායිකා ශෂිකලා සිරිවර්ධන සමග එක්ව තැබූ ලකුණු 37 ක සිව්වන කඩුල්ලේ සබදතාවය මෙන්ම ශ්‍රී ලංකා ඉණිමේ මෑත කාලීන හොදම කඩුලු සබදතාවයන් පවත්වන්නියන් දෙදෙනා බවට පත් වෙමින් සිටින දීපිකා සහ මනෝදරා අතර පස්වන කඩුල්ල වෙනුවෙන් ක්‍රියාත්මක වූ අගනා ලකුණු 60 ක සබදතාවය ද ශ්‍රී ලංකා ඉණිමේ ජයග්‍රහණයට විශාල සාධකයක්ව පැවතියා.
ලකුණු 153 වන විට කඩුලු 6 ක් දැවී  දෙපසට දෝලනය විය හැකි මට්ටමක පැවති තරගය ශ්‍රී ලංකාව වෙත නැඹුරු කර ගත් මනෝදරා මෙන්ම ශ්‍රී පාලි වීරක්කොඩි (නොදැවී 21) ශ්‍රී ලංකාවේ ජයගග්‍රහණය සනාථ කළාලකුණු පූවරුවට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකියි.
http://www.espncricinfo.com/ci/engine/current/match/603240.html
www.supirikrida.com

ගම්මන්පිලගේ පොත ජනාධිපති අතට

 හනුවර රණබිම විද්‍යා‍ලයෙන් බේස්බෝල් ක්‍රීඩාව සදහා පිවිසි පසුව ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමේ උප නායකත්වය සහ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායමේ නායකත්වය දැරූ තීක්ෂණ ගම්මන්පිළ විසින් රචිත බේස්බෝල් මූලික දැණුම 01 ග්‍රන්ථය අරලියගහ මන්දිරයේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත පිළි ගන්වන්නට යෙදුණා.දැනට සිංහල බසින් සම්පාදිත බේස්බෝල් ක්‍රීඩාව සම්බන්ධ පළමු මෙන්ම එකම ග්‍රන්ථය ද වන මෙම කෘතිය පිරිනැමීමේ අවස්ථාවේදී ජාත්‍යන්තර බේස්බෝල් ක්‍රීඩාංගණය සහ ‍බේස්බෝල් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබදවද ජනාධිපතිවරයා,ගම්මන්පිළිගෙන් තොරතොරු විමසා තිබෙනවා.
නුගේගොඩ සරසවි පොත් ප්‍රකාශනයන්ගේ ප්‍රකාශනයක් ලෙස එළි දැක්වෙන බේස්බෝල් මූලික දැණුම 01 කෘතිය දැනට ජාතික පුස්තකාලයෙන් ක්‍රීඩා අමාත්‍යංශ පුස්තකාලයෙන් මෙන්ම ශ්‍රී ලංකා ඔලිම්පික් නිවහනේ පුස්තකාලයෙන්ද පරිශීලනය කිරීමට හැකියාව තිබෙනවා.
www.supirikrida.com