Dec 24, 2011

අරාබි කෙළිබිමේ මුල් තැන ඊජිප්තුවට

මෙවර අරාබි ක්‍රීඩා උළෙල දෙසැම්බර් 6 දා ඇරඹී 23 දා අවසන් වූයේ සමස්ත සූරතාවය ඊජිප්තුවට හිමිවෙමින් ය.පදක්කම් සටහනේ රන් පදක්කම් 90,රිදී 76ක් සහ ලෝකඩ 67 ක් ලබා ගැනීමට සමත් වූ ඊජිප්තුවට ප්‍රථම ස්ථානය හිමි වෙද්දී දෙවන ස්ථානය රන් පදක්කම් 54,රිදී 45 ක් සහ ලෝකඩ පදක්කම් 39 ක් ලබා ගත් ටියුනීසියාවට හිමිවිය.තරගාවලියේ තෙවන ස්ථානය මොරොක්කෝවට හිමි වූ අතර ඔවුන් රන් 35ක්,රිදී 24 ක් සහ ලෝකඩ 54 ක් ලිනා ගන්නට සමත් විය.

මේ අතර අරාබිකරයේ ක්‍රීඩා අතරින් මලල ක්‍රීඩාවට වර්ථමානයේ ප්‍රධාන තැනක් හිමිවන අතර මලල ක්‍රීඩා ඉසව් වලින් වැඩි දස්කම් දැක්වීමේ ගෞරවය මොරොක්කෝවට හිමි විය.මෙරොක්කෝ ක්‍රීඩිකාවන් ඒ අතරින් වැඩි ගෞරවය දිනා ගත් අතර ඔවුන් රන් පදක්කම 8 ක් ම හොරොක්කෝවට දිනා දුන්හ.පිරිමි අංශයේදී කටාරය සහ සවුදි අරාබිය රන් පදක්කම් 6 බැගින් දිනා ගත්තද ඔවුන් ගේ කාන්තා නියෝජනය අවම වීම නිසා සෙසු රටවල් වලින් සමස්ත සූරතාවය දිනා ගැනීමට අභියෝගයක් එග්ග කිරීමට පිරිමි දස්කම් පමණක් ප්‍රමානවත් නොවීය.
තරගාවලියට ක්‍රීඩාවන් 31 ක් ඇතුළත් විණි.

නිලූක,චන්ද්රි්කා,අචිනි සහ උපුලි යුරෝපීය තරග බිමට




නව වසරේ දී  යුරෝපයේ පැවත්වෙන ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි දෙකක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලූක කරුණාරත්න,චන්ද්‍රිකා ද සිල්වා,අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා සහභාගි වීමට නියමිත බව බැඩ්මින්ටන් පරිපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අතරින් නිලූක කරුණාරත්න එස්තෝනියාවේ ටාලින් හී දී ජනවාරි 12 සිට 15 දක්වා පැවත්වෙන ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වීමට නියමිත අතර ජනවාරි 19 සිට 22 දා දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් හී පැවත්වෙන ස්වීඩන් ජාත්‍යන්තර අභියෝගතා තරගාවලියට නිලූකට අමතරව චන්ද්‍රිකා ද සිල්වා,අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා ද සහභාගි වීමට නියමිතව ඇත.
මේ වන විට මැක්ලරන්ස් ආයතනයේ මොබිල් වෙළද ලාංඡන නියෝජිතයා ලෙස කටයුතු කරන නිලූක කරුණාරත්න එම ආයතනයේ අනුග්‍රහය යටතේ පසුගිව මාස දෙක තුළ පැවති යුරෝපයේ සහ ඇමරිකාවේ ක්‍රියාත්මක වූ තරගාවලි දෙකකින් අනතුරුව ජගත් ශ්‍රේණිගත කිරීම් වල ‍78 වන ස්ථානය දක්වා පෙරට පැමිණ ඇත.එළැඹෙන ලන්ඩන් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබන ක්‍රීඩකයන් 38 දෙනා අතරට පැමිණීම සදහා තව දුරටත් ශ්‍රේණිගත කිරීම්වල පෙරට පැමිණීම සදහා නිලූකට මෙම තරගාවලිය මහත් පිටුවහලක් වනු නිසැකය.

සනත් බණ්ඩාර ගේ නම ගිනස් පොතට...






නාවික හමුදාවේ සේවය කරන ගල්කිරියාගම වෙසෙන සනත් බණ්ඩාර අඩුම වේලාවකින් වැඩිම ටී ෂර්ට් ප්‍රමාණයක් ඇද ගිනස් වාර්තාවක් තැබිමට කොළඹ හයිඩ්පාක් දී ඊයේ ( 22) සමත් විය.විනාඩි 48 තත්පර 03 ක දී ටී ෂර්ට් 257 ක් ඇදීමෙන් මෙම වාර්තාව තැබීමට සනත් බණ්ඩාරට හැකිවිය.මීට පෙර මෙම වාර්තාව තබා තිබුණේ කොරියාවේ චෙයොන් ක්යෑන්ග් ටොං ක්යෝ වන අතර ඔහු විසින් පැය 1: 41 තුළ ටී ෂර්ට් 252 ක් ඇදීමෙන් එම වාර්තාව තබා තිබිණ.

ජාත්‍යන්තර ගිනස් ආයතනයේ අනුමැතිය ඇතිව එහි ලියාපදිංචි වී අදාළ හදුනාගැණීමේ අංකය ද ලබා ගැනීමෙන් අනතුරුව කරන්නට යෙදුණ මෙම ගිනස් වාර්තාව අධීක්ෂනය සහ නිරීක්ෂණය කිරීමේ ප්‍රධානියා ලෙස ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් අර්ජුන ද සිල්වා කටයුතු කළේය.විනිශ්චය මණ්ඩලය තෝරා ගැනීමේ දී එහි සංයුතිය ද ජාත්‍යන්තර ගිනස් ආයතනයේ සම්මතය ආරක්ෂාවන පරිදි සිදු කළ අතර ඒ අනුව මහාචාර්ය අර්ජුන ද සිල්වා නායකත්වය දැරූ විනිසුරු මඩුල්ලේ  ප්‍රධාන කාල ගණක නිලධාරී ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අනුමැතිය ලත් ප්‍රධාන විනිසුරුවෙකු වන සේන සිරමාන්න කටයුතු කළ අතර ඔහු හා එක්වූ කාල ගණක නිලධාරී උපාලි පෙරේරා ද මලල ක්‍රීඩා සංගමයේ අනුමැතිය ලත් විනිසුරුවරයෙකි.
ඊට අමතරව පුවත්පත් සංස්කාරකවරයෙකුට ගිනස් වාර්තා පරීක්ෂන මණ්ඩලයේ කටයුතු කිරිමට ඇති නිල හිමිකම භාවිතා කරමින් සුපිරික්‍රීඩා ඩොට් කොම් වෙබ් පුවත් පතේ  සංස්කාරක නිශ්මං රණසිංහ ද ඊට එක්විය.
වාර්තාව පිහිටවීම සදහා පූර්ණ අනුග්‍රාහකතවය දැක්විම මහවැලි අධිකාරිය විසින් සිදු කර ගෙන තිබිණි.

සතියක් තුළ දෙවන වතාවටත් සෙලාන්, හැටන් නැෂනල් බැංකුව පරදවයි ජාතික සූරතාවලියේ දැල් පන්දු රැජිණ ගයාත්‍රි ලංකාතිලක



වසර අවසාන වීමට ප්‍රථම ජාතික දැල් පන්දු සූරතාවලිය පැවත්වීමට සමත් වූ දැල් පන්දු අතරු පාළක කමිටුවේ උත්සාහය ටොරිංටන් පිටියේදී නිමාව දුටුවේ වසර ගණනක සිට සිදුවන පරිදි සෙලාන් බැංකු කණ්ඩායමට සූරතාවයත් හැටන් නැෂනල් බැංකු පිළට අනු සූරතාවයත් හිමි කර දෙමින්ය.මෙවර විශේෂත්වය වූයේ හැටන් නැෂනල් බැංකු පිළ සහ සෙලාන් බැංකු පිළ මේ සතියේ හමු වූ දෙවන අවස්ථාව මෙය වීමය.එම හමුවීම් දෙකම සුපුරුදු පරිදි සෙලාන් බැංකුවට සූරතාවය හිමිකර දෙමින් අවසන් වූ අතර ජාතික සූරතාවලියේ අවසාන තරගයේ ප්‍රතිපලය වූයේ ලකුණු 69 ට 62 කි.

නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී තරගයක දී දක්ෂතම ක්‍රීඩිකාව පවා වූ සදුනි බොල්ලෑගල මේ තරග වාරයේ සෙලාන් බැංකු පිලේ දකින්නට නැති අතර ලෝක කුසලාන තරගාවලියේ එවැනි දස්කමක් කළ අනෙක් ක්‍රීඩිකාව වන ගයත්‍රී ලංකාතිලක හැටන් නැෂනග් බැංකු කණ්ඩායම වෙනුවෙන් ප්‍රදර්ශණාත්මක තරගයක නියැලෙමින් මෙවර ජාතික දැල් පන්දු සූරතාවලියේ රැජිණ ලෙසින් අබිෂේක ලද්දාය. දැනට මලාවි හී එස්කොම් සිස්ටර් දැල්පන්දු කණඩායමට ක්‍රීඩා කරන හිටපු  ශ්‍රී ලංකා උප නායිකා ඉරේෂා හර්ෂණී  සිය මව් කණ්ඩායමට අවශ්‍යය සේවය ලබා දීම පිණිස ලංකාවට පැමිණ සිටි නිසා සදුනි ගේ අඩුවෙන් පමණක් සෑහෙන්නට සෙලාන් බැංකු පිළට හැකි විය.
මෙවර ජාතික සූරතාවලියේ දී සෙලාන් බැංකු පිළට සිය සුපුරුදු පුහුණුකාරිය ගේ සේවය අහිමි වී තිබීමද කැපී පෙණින.බිද වැටී තිබූ ජාතික කණ්ඩායම යළි ආසියාතික සූරියන් දක්වා ගෙන ඒමට කැප වුණු තිලකා ජිනදාස සැළසුම් සහගත ලෙස ජාතික පුහුණුකාරියගේ ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ පසු මේ වන විට බෘනායි හී දැල් පන්දු සංවර්ධනය භාරව කටයුතු කරන්නීය.

ජාතික සූරතා අවසන් තරගයේ ප්‍රථම කාර්තුව ලකුණු 18 – 15 ක් ලෙස ඉදිරියෙන් සිටි සෙලාන් බැංකු කණ්ඩායම දෙවන අර්ධය නිමා කළේ  36 – 28 ක් ලෙස ය.තෙවන කාර්තුව නිම වන විට ලකුණු 11 ක් දක්වා වැඩි කර ගෙන සිටි සෙලාන් ක්‍රීඩිකාවන් ලකුණු පූවරුව 53 – 42 ක් ලෙස වර්ධනය කර ගත්තද හැටන් නැෂනල් බැංකු කණ්ඩායම තරගයේ අවසාන භාගයේදී තරගයට අවතීර්ණ වෙමින් එම කාර්තුව 20 – 16 ක් ලෙස ජය ගත්ත ද, මුල් කාර්තු වල සෙලාන් බැංකුව ලබා සිටි වාසිදායක තත්ත්වය නිසා ඔවුන්ට සූරතාවය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නොනැගිණි.
තරගාවලියේ දක්ෂතම විදින්නිය ලෙස ලොව හොදම විදින්නිය ලෙස ද අභිෂේක ලබා සිටින සෙලාන් බැංකු කණ්ඩායමේ තර්ජණී සිවලිංගම් තේරී පත් වුණු අතර හොදම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ ද උප නායිකාව ලෙස කටයුතු කරන විරාජි චාමරිකා තේරී පත් වූවා ය.හොදම මැද පෙළ ක්‍රීඩිකාව වූයේ සෙලාන් කණ්ඩායමේ ජයලිය කුමාරි ය.නැගී එන ක්‍රීඩිකාව ලෙස කැම්බෙල් ක්‍රීඩා සමාජයේ දිල්ෂානි ධයෝධ්‍යා තේරී පත් වුණු අතර ආකර්ශණීයම කණ්ඩායම ලෙස බෝගම්බර  ක්‍රීඩා සමාජය තේරී පත් වූවා ය.

තිලිණිත් පරාදයි

චෙන්නායි හී ක්‍රියාත්මක යොනෙක්ස් සන්රයිස් සයිඩ් මූඩි අනුස්මරණ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ දී  ඉන්දුනීසියානු ක්‍රීඩිකා ෆ්‍රැන්සිස්කා රතනසාරි තරගයට සහභාගි නොවීම නිසා නිතරග ජයක් ලබමින් දෙවන වටයට පිවිසි තිළිණි ජයසිංහ ඊයේ (22)  දෙවන වටයේ දී ඉන්දුනීසියාවේ ම ඩේසි හාරි අතින් පරාජයට පක් වූවා.
ඩේසි හා තිළිණි අතර තරගය විනාඩ 18 ට සීමා වී තිබුණු අතර ලකුණු තත්ත්වය 21 – 8 ක් සහ 21 – 8 ක් වූවා.මෙම තරගාවලියේ කාන්තා අංශයේ තරගකාරි වටයට සෘජුවම ප්‍රවේශ වීමට අවස්ථාව ලැබුණේ තිළිණිට පමණක් වූ අතර එම වටයට සුදුසුකම් ලබා ගැනීමට පැවති තරග සදහා මුහුණ දුන් අචිණි රත්නසිරි සහ උපුලි සමන්තිකා සුදුසුකම් ලැබීමේ වටයේදී ම පරාජයට පත් වුණා.
අචිණි සහ උපුලි සහභාගි වූ යුගල තරගයේ දී ඉන්දියාවේ අපර්ණා බාලන් සහ සිකී රෙඩ්ඩි ඔවුන් දෙදෙනාව පරාජය කළේ ලකුණු 21 – 15 ක් සහ 21 – 09 ක් ලෙසයි.මේ තරගාවලිය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වීමට චන්ද්‍රිකා ද සිල්වා සම කසුන් මධුශංක ද ඉල්ලීම් කර තිබුණත් ඔවුන් අවසාන මොහොතේදී තරගාවලියෙන් ඉවත් වි තිබෙනවා.