Jul 6, 2013

හැට පැන්න පළමු ලාංකේය ක්‍රීඩිකාව නදීකා

දින කිහිපයකට පෙර පින්ලන්තයේ පැවති හෙල්ල වීසි කීරීමේ සංදර්ශනයකදී ජගත් කණිෂ්ඨ හෙල්ල වීසි කිරීමේ සූරිය පරාජය කරමින් මීටර් 59.32 ක දක්ෂතාවයක් පෙන්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිට වූ නදීකා ලක්මාලි පූනේ හී ක්‍රියාත්මක ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ දී එම වාර්තාව මීටර් 60ත16 දක්වා වර්ධනය කරමින් එම තරගාවලියේ රිදි පදක්කම්ලාභිණිය වූයේ එම ඉසව්වේ මීටර් 60 සීමාවට පිවිසි පළමු ලා‍ංකේය ක්‍රීඩිකාව බවට පත් වෙමින්ය.මෙම දක්ෂතාවය නිසා ඇය ජගත් මලල ක්‍රීඩා සූරතාවලියේ දී හෙල්ල වීසි කිරීමේ ඉසව්ව සදහා සුදුසුකම් ලැබූ අතර ඇය පළමු වරට ජාතික වාර්තාව පිහිට වූ පසු ශ්‍රී ලංකාවේ දී පරාජය වී ඇත්තේ එක් වරක් පමණක් වන අතර එම පරාජය කිරීමේ ගෞරවය හිමි නදීශානි ලේකමගේ ද මෙම තරගයට ඉදිරිපත් වූ අතර ඇය 50.18 ක දක්ෂතාවයක් දක්වමින් ඉසව්වේ අට වැන්නා වූවාය.
ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයෙන් බිහි වූ නදීකා කාන්තා හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව බිහි කළ සුවිෂේශීම ක්‍රීඩිකාව වන්නේය.ඔලිම්පික් තරගාවලිය සදහා වීසි කිරීමේ ඉසව්වකින් සුදුසුකම් ලද පළමු ලාංකේය ක්‍රීඩිකාව වන නදීකා මෙම ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලි ජයත් සමග ලෝක සූරතා කුසලාන තරගාවලියට ද සුදුසුකම් ලබමින් ඔලිම්පික් සහ ලෝක සූරතාවලි සදහා අදාළ යෝග්‍යතා සීමා ජය ගනිමින් සහභාගීත්වයට සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩිකාව ද වන්නීය.
මේ අතර අද තුන්වන මීටර් 200 කාන්තා මූලික තරගයේ දෙවැන්නිය වූ සුජිනි බුද්ධිකා හෙට අවසන් තරගය සදහා සහභාගි වීමේ වරම් ලබා ගත්තාය.මීට පෙර එම ඉසව්වෙන් ආසියාතිත සූරතාවලි ලෝකඩ පදක්කමක් දිනා සිටින සුජානි පළපුරුදු ක්‍රීඩිකාවක් වුව ද,ඇය අවසන් තරගයට ඉදිරිපත් වන ක්‍රීඩිකාවන අතර මූලික වටයේ අවසායටම තිබෙන කාලය වාර්තා කළ ක්‍රීඩිකාව වන්නීය.
හෙට ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනටමත් ලෝක සූරතාවලිය සදහා සුදුසුකම් ලබා සිටින ක්‍රිස්ටීන් මෙරිල් මීටර් 400 කඩුලු ඉසව්වටත් ඩබ්ලිව්කේඑල්ඒ නිමාලි මීටර් 800 ඉසව්වටත් තරග වදින අතර ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලි රන් පදක්කම් දෙකකට උරුමකම් කියන මංජුල කුමාර උස පැනීමේ ඉසව්වට මුහුණ දෙන්නට නියිමිතය.මෙම තිදෙනාම පදක්කම් බලාපොරොත්තු අතර සිටින අය වන අතර නමුත් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම අසනීප වලට ගොදුරු වී තිබෙන අතර ක්‍රීඩකයන් ඉල්ලා සිටියදී ත් වෛද්‍යවරයෙකු නිර්දේශ නොකළ බැවින් එම දෙදෙනාටම ගැටළුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්නට ද සිදු වී ඇත.හෙට තරග බිමට පිවිසෙන අනෙක් ක්‍රීඩිකාව වන්නේ මීටර් 500 සදහා තරග වදින ගීතානි රාජසේකරය.
www.supirikrida.com

ලංකාව ඉන්දියාවටත් එක්කම ලකුණු ලබා ගනියි

ධ්‍යම ආසියානු උප කලාපීය වොලිබෝල් තරගාවලියේ ඉන්දියාව සමග පාවති තරගයෙන් ඓතහාසික ජයක් කරා යාමේ හැකියාව තිබුණද කණ්ඩායමේ දුරුවලකම් මෙන්ම පුහුණුකරුවන් විසින් ගන්නා ලද අවස්ථානුකූල නොවන ඇතැම් තීරණ ද නිසා ශ්‍රී ලංකාවට තරග වට 3 - 0 ක පරාජයක් විද ගන්නට ශ්‍රී ලංකාවට සිදු විය.ප්‍රථම වටයේ මුල් ලකුණු 16 සදහා දෙවන තාක්ෂණික විවේකය ලබා ගන්නා විට ඉන්දියාව එම ලකුණු 16 න් ලකුණු 9 ක්ම ලබා ගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ අසාර්ථක පිරිනැමීම් 7 ක් සහ අසාර්ථක පන්දු ගොඩ ගැනීම් 2 ක් හරහාය.
දෙවන වටයේදී දැඩිව තරගයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් ජනිත සුරත්,කේසල හිරණ්‍ය මෙන්ම පන්දු සකසන නිලංග සංජය ප්‍රමුඛව දක්වන දක්ෂතා නිසා ලකුණු 21 වන තෙක්ම ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි අතර එම වටයේ පළමු සහ දෙවන තාක්ෂණික කෙටි විවේක වලදී ද ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමය.නමුත් ලකුණු 21 - 15 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින විට දැල ආවරණයට ඉන්දීය ක්‍රීඩකයෙකු අලුතෙන් යෙද වූ අතර ඔහු සාර්ථක වෙද්දී ඒ සමාන ශ්‍රී ලංකාවේ දක්ෂතම දැල ආවරණය කරන්නා සහ කෙටි පන්දු ප්‍රහාරකයා වන හිරණය කේසල පිටියෙන් ඉවත් කර තැබීමට කණ්ඩායමේ පුහුණුකරුවා පියවර ගත්තේය.ඒ සමගම ඉන්දීය කණ්ඩායම තරගය ගලා ගිය රිද්මය යම් මන්දගාමී තත්ත්වයකට පෙරලා ගැනීමට සමත් වූ අතර පිට පිටම පන්දු ලබා ගැනීම් අසාර්තක වූ අතර එහි අවසාන ප්‍රතිපලය වූයේ පරාජය වී සිටි ඉන්දියාව ලකුණු 28 26 ලෙස තතරග වටය ජය ගැනීමය.
තරගයේ තෙවන වටයේදී ඉන්දියාව වැඩි විශ්වාසයකින් කටයුතු කරමින් ශ්‍රී ලංකාව ලකුණු 19 රැදී සිටියදී තරගයේ ජය අත් කර ගන්නට සමත් වූ අතර ඉන්දියාවේ එම ජයග්‍රහණයත් සමග ඔවුන් අපරාජිතවත් ඔවුන්ට පමණක් පරාජය වූ පකිස්තානයත් ඊ ළග වටය සදහා සුදුස්සෝ වූහ.
ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දුන් ක්‍රීඩකයන්ට විවේචන වලින් තොරව ජාතික කණ්ඩායමෙන් ගෞරවණීය ලෙස ඉවත්ව යාමට කාලය එළැඹ තිබෙන බව පැහැදිළි වූ අතර එසේම පුහුණුකරු අවස්ථාණූකූලව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් තව දුරටත් විශාල  අධ්‍යයනයක් ලැබිය යුතුය.
මේ අතර මාල දිවයින සහ පකිස්තානය අතර තරගයෙන්,පකිස්තානය ලකුණු 25 - 13,25 -19 සහ 25  - 20 කි ලෙස ඩය ගැනීමට සමත් වූහ.
www.supirikrida.com

ජයග්‍රහණය තියෙන්නෙ අපේ ආරක්ෂක පෙළ සතුවයි - ධම්මිකා මල්කාන්ති

මැලේසියාවෙ සහ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් දෙකම කවදත් ෂූටිං වලට දක්ෂයි.ඒ නිසා අපේ ඩිෆෙන්ස් එක හොදටම කරන්න ඕනෑ.එතනදි ගයනි දිසානායක ඉන්න එක අපිට ලොකු වාසියක්.එයාට එක්ස්පීරියන්ස් තියෙනවා යැයි ශ්‍රී ලංකාව අවසාන වරට ආසියානු යොවුන් කුසලානය දිනා ගත් තරගාවලියේ ආසියානු යොවුන් දැල් පන්දු රැජිණ ලෙස තේරී පත් වූ ධම්මිකා මල්කාන්ති මෙවර අවසාන තරගය පිළිබදව කරන ලද විමසීමකදී කියා සිටියාය.
ආරක්ෂක පෙළ ක්‍රිඩිකාවක් ලෙස එවර තරගාවලියේදී ප්‍රතිවාදීන් මැඩීමට ධම්මිකා ක්‍රියාකළ ආකාරය ඇය දැල් පන්දු රැජින ලෙස අභිෂේක ගැන්වීමට හේතු වූ අතර 2001 ශ්‍රී ලංකාවේ පැවති ආසියානු දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය බවට පත් වෙමින් අවසාන මොහොතේ තරගයට පිවිස සිංගප්පූරු ප්‍රහාරයන් කිහිපයක් මැඩලීයට ක්‍රියා කළේද ධම්මිකාය.
හොද ටීම් එකක් ඉන්නවා.ඒ වගෙම හොද තීරණ අරං තියෙනවා.විෂේශයෙන්ම දුලංගි වන්නිතිලක ගේ පොසිසන් එක ෂූටර් ගෙ ඉදල සෙන්ටර් එකට ගෙනාපු එක හොද දෙයක්.එයාට ඉන්ටර්නැෂනල් ෂූටර් කෙනෙක් වෙන්න උස අඩුයි.ඒ වුණාට හොදට ෆිට්නස් තියෙන හොදට පාස් කරන ක්‍රීඩිකාවක්.ඒ නිසා එයාව සෙන්ටර් ප්ලේ කරන්න ගෙනාපු එක හොද තීරණයක් යනුවෙන් ද ධම්මිකා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවාය.
ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන සේමිනි අල්විස් මෙන්ම තිසාලා අල්ගම ද දැල අසළ කාර්යය නිවැරදිව ඉටු කරන බවට ලොකු විශ්වාසයක් තැබිය හැකි බව පෙන්වා දුන් ධම්මිකා ඒ දෙදෙනාටම ජාත්‍යන්තර මට්ටමේ ඇති අත්දැකීම් ඒ සදහා ලොකු පිටුවහලක් වනු ඇති බව ද පෙන්වා දුන්නාය.
ඊයේ අවසාන පූර්ව තරගයේදි හොංකොං කණ්ඩායමට ලකුණු 70 - 28 ක පරාජයක් අත් කර දුන් ශ්‍රී ලංකාව හෙට අවසාන තරගයේදී සිංගප්පූරුව ලකුණු 52 - 32 කින් පරාජය කළ මැලේසියාවට මුහණ දීමට සූදානම්ය.තරගාවලියේ මේ දක්වා පැවති තරග දත්ත සංසන්දනය කර බලද්දී ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව පැහැදිළි නමුත් මැලේසියාව ද ලකුණු ලබා ගැනීමේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ඉහළ ප්‍රතිශතයක් පෙන්වන කණ්ඩායමක් බැවින් ඔවුන්ට ශ්‍රී ලංකා දැල ආක්‍රමණය කිරීමට ඇති ඉඩ - කඩ අවම කළ යුතු අතර එවැනි සෑම අවස්ථාවක්ම අපහසු අවස්ථාවක් බවට පත්කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශය ක්‍රියා කළ යුතුය.
මේ අතර ශ්‍රී ලංකාවේ හිටපු ජාතික පුහුණුකාරිණිය වන තිලකා ජිනදාසගේ මග පෙන්වීමෙන් ආලෝකමත් වී ඇති බෘනායි කණ්ඩායම,අද තරගාවලියේ පස්වන ස්ථානය සදහා තරග වදින අතර,ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ තායිලන්තය ය.හොංකොං කණ්ඩායමට කරට කර තරගයක නියැලි බෘනායි ක්‍රීඩිකාවෝ තියුණු තරගයකින් පසුව පරාජය නොවන්නට ඔවුන්ට මෙවර පළමු කණ්ඩායම් හතර අතර රැදෙන්නට අවකාශ තිබුණ අතර ඔවුන් ඊයේ ශ්‍රේණිගත කිරීම් තරග වලදී මාල දිවයින කණ්ඩායම පරාජයට පත් කර ලකුණු 82 - 18 ක ජයක් ලැබීමට අවස්ථාව උදා කර ගත්තේය.

ඉන්දියාව යළි උපදියි

Umesh Yadav is congratulated after a wicketකොදෙව් දූපත් වල පැවත්වෙන තුන් කොන් තරගාවලිය වඩාත් විවෘත මුහුණුවරකට පෙරළු ඉන්දියාව තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය ප්‍රසාද ලකුණක්ද සමග වාර්තා කිරීමට ඊයේ සමත් වුණා.කාසියේ වාසිය ලැබූ ඩ්වේන් බ්‍රාවෝ පළමුව පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළ අතර ඔවුන්ට චැම්පියන්ස් කුසලාන දිනා ගැනීමට බල පෑ ප්‍රධානතම සාධකය බවට පත් වූ රෝහිත් ෂර්මා සහ ෂිකර් ධවාන් තුන් කොන් තරගාවලියේ ප්‍රථම වරට සාර්ථක වෙමින් ඊයේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක සබදතාවයක් පවත්වන්නට යෙදුණා.අනතුරුව පිටියට පිවිසි ඉන්දියාවේ ප්‍රධානතම පිතිකරු බලාපොරොත්ුව බවට පත් වී සිටින විරාට් කෝලි නායකත්වයේ වගකීම ද සමගින් අපූරු ඉණිමක් ක්‍රීඩා කළේ ලකුණු 102 ක් රැස් කරමින්.පන්දු 83 දී හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් සමග වාර්තා වූ එම ඉණිම ආධාර කර ගත් ඉන්දීය ලකුණු පූවරුව ඕවර් 50 නිමා වන විට කඩුලු 7ට ලකුණු 311 ක් ලෙස සටහන්වී තිබුණා.
පිළිතුරු ඉණිමට පිවිසි කොදෙව් පිතිකරුවන්ට ලකුණු 300 යන්න යම්කිසි ආකාරයක මානසික පීඩනයක් ඇති කර තිබෙන බව පැහැදිළි කළ අතර ජොන්සන් චාල්ස් (45) හැරෙන්නට අන් කිසිදු මුල් පෙළ පිතිකරුවෙකු සාර්ථක වන්නට හැකි වූයේ නැහැ.තරගයේ අග බාගයේ කැමරන් රෝච් වගකීමෙන් යුතු ඉණිමක් ක්‍රීඩා කරමින් ලකුණු 34 ක් එක් කළ ද,එය ඉන්දියාවට තරගය ප්‍රසාද ලකුණක් සහිතව ජය ගැනීම වැළක්වීමට ප්‍රමාණවත් වුණේ නැහැ.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් උමේෂ් යාදෙව් 32 ට කඩුලු 3 ක් ලබා ගත් අතර බුවනේෂ් කුමාර් කඩුලු 3 ක් ලකුණු 19 ට ලබා ගත්තා.ආරම්භක පන්දු යවන්නන් ලෙස තරගය ආරම්භයේ සිටි එම දෙදෙනා ඇති කළ පීඩනය හේතුවෙන් කොදෙව් ඉණිම පන්දු ඕවර් 34 දි ලකුණු 171 ට සීමා වුණා.වර්ෂාව නිසා පන්දු ඕවර් 39 දී ලකුණු 274 ක් වූ කොදෙව් ඉලක්කය අසාර්ථක වෙමින් ඉන්දියාවට ලකුණු 102 ක ජයක් අත් වුණා.
ලකුණු පූවරුවට - http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/engine/match/597926.html

www.supirikrida.com

පවනි තනිවමත් රොහාන්, ඉෂාරා සමගත් මොංගෝලියානුවන්ට බැට දෙති

කොරියාවේ බුසානෟ නූවර ක්‍රියාත්මක ආසියානු මේස පන්දු සූරතාවලියේ දී කාන්තා කේවල අංශයේ තරග වලදී පවනි සිරිසේන තියුණු තරගයකින් පසුව සිය මෝංගෝලියානු ප්‍රතිවාදිණිය වූ මෙල්ගර්න් ඩෙල්ග්රෙමා වට 4 - 3 ක් ලෙස පරාජය කරන්නට සමත් වූවාය.ඊට අමතරව මිශ්‍ර යුගල තරග සදහා සහභාගි වූ රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි මොංගෝලියාවේ බිලෙට් බැට්කිසිග් සහ ඉන්ද්‍රා ගන්ඩෙන්ග්මා ව වට 3 - 0 කින් පරාජය කරන්නට සමත් විය.
ඒ හැරෙන්නට නිතරග ජයක් හැර ආසියාවේ අනෙකුත් ප්‍රතිවාදීන් එක් විටෙකවත් ඉක්මවා යන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව නොලැබිණ.ජයග්‍රහණයකින් ඉදිරියට පිවිසි පවනි ගේ ගමණ ජපානයේ හිරානෝ සියකා විසින් නවතා දැමූ අතර එම තරගය හිරානෝ විසින් වට 3 - 0 ක් ලෙස ජය ගත්තාය.මිශ්‍ර යුගල තරගයේදී ජයග්‍රහණයකින් පෙරට පැමිණි ඉෂාරා සහ රොහාන් පසුව චීනයේ ෆෑන් ෂෙන්ඩොන්ග් සහ චෙන්ග් මෙන්ග් වෙතින් පරාජයට පත් වුව ද ඉෂාරා සහ රොහාන් එම චීන ප්‍රතිවාදි යුගලයට එරෙහිව ද තරග වටයක් ජය ගැනීමට සමත් වූහ.
www.supirikrida.com

ආසියානු සුක්කානමත් ලක්ෂ්මිට

ක්ෂ්මි වික්ටෝරියා ආසියානු දැල්පන්දු සංගමයේ සභාපතිණිය ලෙස නිතර‍ගයෙන් තේරී පත් වූවාය.මීට පෙර ආසියානු දැල් පන්දු කේෂ්ත්‍රයේ කීර්තිමත්නමක් දිනූ සභාපතිණියක ලෙස හැදින්වෙන තමාරා ධර්මකීර්තිට පසුව එම තනතුරට පත් වූ ලාකේය කාන්තාව වන්නේ ලක්ෂමී ය.හිටපු හමුදා නිලධාරිණියක මෙන්ම විධායක ශ්‍රේණියේ බැංකු නිලධාරිණියක ද වන ලක්ෂ්මී වික්ටෝරියා දීර්ඝ කාලයක් පැවති දැලපන්දු අර්බද නිමාවට පත් කිරීමේ අටියෙන් කලකට පසුව පැවති නිලවරණයෙන් සභාපති ධුඍයට පත් විය.
හිටපු දැල් පන්දු ක්‍රිඩිකාවක ද වන පරිපාලනයේදී දැඩි විනය නීති - රීති වලට යටත්ව ක්‍රියා කරන තැනත්තියක බැවින් කල්පනාකාරීව සෙසු රටවල් ලබා දුන් සහයට කෘතෝපකාර  දක්වමින් ආසියාවට අවශ්‍යය සහයෝගය ලබා දීමට ඇය කටයුතු කරනු ඇත
.මෙම තරගයට ඉදිරිපත් වන යොවුන් ක්‍රීඩිකාවන් පිළිබදව නිරන්තරයෙන් සොයා බලමින් ක්‍රියා කළ ලක්ෂ්මි වෙනුවෙන්,ඒ කරන ලද කැපවීමට ඇයගේ මනසේ රැදි ආසියානු යොවුන් කුසලානය  ශ්‍රී ලංකාවට දිනා දෙමින් කෘතෝපකාර දැක්වීමට එළැඹෙන ඉරුදින කණ්ඩායමේ සියළුම ක්‍රීඩිකාවන් සිහිනය දකිනවාට සැක නැත.
www.supirikrida.com 

Jul 5, 2013

සච්ත් මධුරංගට නව ශ්‍රී ලංකා වාර්තාව සමග රිදී පදක්කමක්

ශ්‍රී ලංකා හෙල්ල වීසි කිරීමේ සූර සචිත් මධුරංග නව ශ්‍රී ලංකා වාර්තාව්ක් (මීටර් 79.76) ක් සමග ආසියානු මලල ක්‍රීඩා ෂූරතාවලියේ පදක්කම් සටහන ක්‍රියාත්මක කරන්නට සමත් විය.දින දෙකක් ගෙවෙන තැන ශ්‍රී ලංකා පදක්කම් සටහනට කිසිදු පදක්කමක් හිමි වී නොතිබුණු අතර සචිත් පළමු පදක්කම දිනා දෙමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට සමත් වූ නමුදු,ඔහු මහත් බලාබොරොත්තුවෙන් සිටි මීටර් 80 සීමාවට පිවිසි පළමු ලාංකේය ක්‍රීඩකයා වීමේ බලාපොරොත්තුව තව දුරටත් කල තැබීමට සිදු විය.සචිත් ශ්‍රී ලංකා වාර්තාව කිහිප වරක් අලුත් කරමින් දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ පින්ලන්තයේ ක්‍රියාත්මක හෙල්ල වීසි කිරීමේ පුහුණු විද්‍යාලයේ මේ වන විට දෙවන වරටත් වැඩි දුර පුහුණුව ලබමින් සිටින අතර විදේශ තරග වලදී යම් අසාර්ථක බාවයක් පෙන්නුම් කරමින් සිටි හෙතෙම මෙම තරගාවලියට එක් වීමට දින කිහිපයකට පෙර පින්ලන්තයේ පැවති හෙල්ල වීසි කිරීම සදහාම වෙන් වූ මලල ක්‍රීඩා සංදර්ශණයක දී විදේශ රටක දක්වන ලද ඉහළම දක්ෂතාවය දක්වමින් දක්ෂතා අතරට පිවිසි අතර එම ජයග්‍රහණයෙන් පසුව මෙම තරගයේදී ඔහු පදක්කමක් දිනිය හැකි බවට සුපිරික්‍රීඩා වෙත අදහස් පළ කළේ  දැඩි විශ්වාසයකිනි.තරගයේ ජයග්‍රහණය හිමි වූයේ උස්බෙකිස්තානයේ ඉවාන් ෂෙසෙව් ය.ඔහු සචිත්ට වඩා සෙන්ටි මීටර් 14 ක (79.76) දක්ෂතාවයක් දක්වන්නට සමත් විය.
මේ අතර ශ්‍රී ලංකාවේ මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ජාතික වාර්තාලාභිණිය වන එරංගා දුලක්ෂි සහභාගි වූ එම ඉසව්ව නව උළෙල වාර්තාවක් සමග ජය ගන්නට බහරේනයේ රූත් ජෙබේට් සමත් වූවාය.ඇය විනාඩි 9:40.84 ක ඉහළ දක්ෂතාවයක් දක්වමින් ජය ගැනීමට සමත් වූ අතර එරංගා ඉසව්වේ පස් වන ස්ථානයට පත් වූයේ විනාඩි 10:18.39 කින් එම ඉසව්ව නිමා කරමින්ය.
www.supirikrida.com

අවසාන මොහොතේදී පකිස්තානය හිරන්‍යගේ වැටෙන් රිංගයි

ශ්‍රී ලංකා ක්‍රීඩක හිරන්‍ය කේසලගේ අති දක්ෂ පන්දු ආවරණය කිරීම නිසා මහත් ගැටළුකට මුහුණ දුන් පකිස්තානුවෝ වට 5 ක් දක්වා දිවුණු මධ්‍යම ආසියානු උප කලාපීය වොලිබෝල් සූරතාවලියේ ශ්‍රී ලංකාව සමග තරයේදී පස්වන තීරණාත්මක වටය ලකුණු 15 - 12 ක් ලෙස ලබා ගනිමින් ජය ගත්හ.මාල දිවයින තරගයේදි සැගවී තිබූ ජවය ඉහළින්ම මතු කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දැඩි තරගකාරී ස්වභාවයකින් තරගයට අවතීර්ණ වෙමින් පළමු වටයේ ලැබූ පරාජය අකා මකා දමමින් තරගයේ දෙවන සහ තෙවන වට වල ජයග්‍රහණ අත් කර ගත්තේ ලකුණු 25 - 22 ක් සහ 25 - 17 ක් ලෙස ය.
නමුත් පළමු වටය ලකුණු 25 - 14 ක් ලෙස ජය ගෙන සිටි පකිස්තානය යළිත් තරගයට අවතීර්ණ වෙමින් සිව්වන වටය ලකුණු 25 - 17 කින් ජය ගනිමින් තරගය තීරණාත්මක පස්වන වටය දක්වා ඇද ගෙන යන්නට පියවර ගත්තේය.තරගය පුරවටම හිරන්‍ය කේසල පකිස්තානු ප්‍රහාරයන්ට වැට බදිමින් ද කෙටි ප්‍රහාරයන් එල්ල කරමින් ද පකිස්තානු ක්‍රීඩකයන් දැඩි අපහසුතාවයකට පත් කළ අතර සුපිරි ක්‍රීඩක ජනිත සුරත් සහ දීප්ති රණවක ද ප්‍රහාරකයන් ලෙසින් පකිස්තානය වෙත දැඩි පීඩනයක් ඇති කරන්නට සමත් විය.
ශ්‍රී ලංකාවේ ප්‍රවීන පන්දු සකසන්නා ලෙස පිළි ගැනෙන මොරිස් පෙරේරා ට ඊයේ සාර්ථක දිනයක් නොවුණු අතර ඒ නිසා එම වගකීම නිලංග සංජයට දරන්නට සිදු විය.ඔහු එම වලකීමට ඉතා හොදින් උර දුන් අතර වොලිබෝල් කේෂ්ත්‍රයේ දැවැන්තයෙකු වන විධායක කමිටුවේ සාමාජිකයෙකු පෙන්වා දුන්නේ අවසාන තීරණාත්මක පස වන වටයේදී හොදින් පන්දු සකසමින් සිටි නිලංගව වෙනස් කර නැවත මොරිස් කැදවීම ද පකිස්තානය වෙත තරගය යොමු වීමට ප්‍රබල ලෙස බල පෑ බවය.
අද පැවති ඉන්දියාව සහ මාල දිවයින අතර තරගය වැඩි පීඩනයකින් තොරව තරග වට 3 - 0 ක ජයක් ඉන්දියාවට ලබා දෙමින් නිමාවට පත් විය.
www.supirikrida.com

ලොක්කන්ට බැරි වූ දේ පොඩ්ඩන් කරයි

Photo: Sri Lanka through to the semi finals. .
Well done Sri Lanka (y)සියානු දැල්පන්දු තරගාවලියේදී සිංගප්පූරුව පරාජය කරන්නට අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට නොහැකි වීමේ වාඩුව ගනිමින් බෘනායි හී පැවත්වෙන ආසියානු කණිෂ්ඨ දැල්පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා කණිෂ්ඨ ක්‍රීඩිකාවො සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව ලකුණු 63 - 40 ක පහසු ජයක් ලබා ගන්නට සමත් වූහ.ශ්‍රී ලංකාව තරග වැදි කාණ්ඩයේ අවසාන තරගය වූ මෙම තරගය දෙපිළිටම තීරණාත්මක තරගයක් විය.තරග වැදි අන්දමට තරගයට පෙර සිටම ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියත් සිංගප්පූරුවේ ආරක්ෂක අංශයෙන් ගැලවී යන්නටත් ශ්‍රී ලංකාවේ ආරක්ෂ පෙළ ශක්තිමත්ව කටයුතු කරාවිද යන්නත් තීරණාත්මක සාධකයක්ව පැවතිණ.
නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පෙර පෙළ ශක්තිය මොට කිරීමට තරම් ප්‍රමාණවත් ශක්තියක් සිංගප්පූරුවට නොතිබුණු අතර ඒ හේතුවෙන් සිංගප්පූරු බාධක බිද 63 වතාවක් එම දැල ආක්‍රමණය කිරීමට ශ්‍රී ලංකා දැල විදින්නියන්ට හැකි විය.ඊට පිළිතුරු ලෙස සිංගප්පූරුවට රැස් කර ගත හැකි වූයේ ලකුණු 40 ක් පමණි.
අවසාන පූර්ව තරග වලදී ශ්‍රී ලංකාවට හොංකො සමග තරග වැදීමට සිදු වන අතර පවතින තත්ත්වය පැහැදිළි කරන්නේ නැවත වතාවක් ආසියානු යොවුන් සූරතාවලියේ ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර අවසන් තරගයක් එනු ඇති බවය.නමුත් අවසාන පූර්ව තරගයේදී මැලේසියාවට හමු වන සිංගප්පූරුව යම් පෙරළියක් කරන්නට සමත් වූව ‍හොත් ශ්‍රී ලංකාවට අවසාන තරගයේදී සිංගපුපූරුව හමු වීමට සිදු විය හැකිය.හොංකොං සහ ශ්‍රී ලංකාව අතර තරගයේදී මේ දක්වා තරගාවලියේ ප්‍රදර්ශණය වූ දත්ත සළකද්දී මහා ප්‍රාතිහාර්යයක් සිදු නොවුණහොත් ශ්‍රී ලංකාව ජය ගැනීම ඒකාන්තය.
www.supirikrida.com



Jul 4, 2013

චන්ද්‍රිකා පිළිබද බලාපො‍රොත්තු වතුරේ

මෙවර ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු අතර සිටි චන්ද්‍රිකා සුභාෂණිට මීටර් 400 ඉසව්වේදී හිමි වූයේ අවසාන ස්ථානය ය.මෑත කාලයේ ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් පසු ඇය සහභාගි වූ පළමු විදේශ සංචාරය මෙය වූ අතර නියමිත පරිදි සෞඛ්‍ය තත්ත්වය යෝග්‍ය මට්ටමට වැඩී නොතිබුණි නම් ඇය මෙම සංචාරයට එක් නොවිය යුතුව තිබිණ.එසේම මලල ක්‍රීඩා බලධෘරීන් මෙන්ම ඇයගේ පුහුණුකරුවන් ද ඒ පිළිබදව අවධානය යොමු කළ යුතුව තිබුණු අතර එසේ නොවීමෙන් වූයේ එම ඉසව්වේ සිටින ආසියාවේ ප්‍රබලතම ක්‍රීඩිකාවක් වන ඇයට මීටර් 400 ඉසව්වේ ඇයගේ දක්ෂතා හා සසැදිය නොහැකි තරමේ කාලයක් වන තත්පර 56.88 ක කාපයක් එම ඉසව්ව වෙනුවෙන් දැරීමට සිදු වීමය.
මේ අතර ජානි චතුරංගි ද ඊයේ සිය මූලික තරගයේදී තෙවන ස්ථානය දිනා ගත් අතර පළමු දින දෙක තුළ පැවති තරග සළකද්දී මූලික තරගයක දී හෝ පළමු තිදෙනා අතර සිටීමට හැකි වූ එකම ලාංකේය නියෝජනය ඇය විය.ඇය අවසාන තරගයේදි මැලේසියානු ක්‍රීඩිකාව නීති විරෝධි ලෙස තරග වැදීම නිසා අවසන්නා නොවී ගැලවුණු අතර,කෙසේ නමුත් ඇය හත් වැන්නා වුව ද තත්පර 11.76 ක් වාර්තා කරමින් කැපී පෙණුනාය.
සංචාරයට ඉදිරිපත් වී සිටින නිල මඩුල්ල අතර පදක්කම් බලාපො‍රොත්තුවක් ලෙස හැදින්විය හැකි ඩබ්කේඑල්ඒ නිමාලි ගේ පුහුණුකරු නොවිම පිළිබදව මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ විමතිය පළ වන්නේ කිසිදු ක්‍රීඩකයෙකු තරග නොවදින අයද මෙම සංචාරයට එක් වී සිටින බැවිනි.එසේම ඉන්දියාවෙන් ලැබෙන ඇතැම් ආරංචි මාර්ග වලින් සදහන් වන ආකාරයට වෛද්‍යවරයෙකු කණ්ඩායමේ නොමැති වීම ගැටළුකාරි තත්ත්වයක් වී ඇති අතර සිය පුහුණුකරු ගේ සහභාගීත්වය ද අහිමි වී සිටින නිමාලි යම් රෝගී තත්ත්වයකට ගොදුරු වි ඇති අතර ඒ සදහා ප්‍රතිකාර සදහා වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට නිලධාරීන් දින දෙකක පමණ කාලයක් වැය කර ඇත.
www.supirikrida.com

මාල දිවයිනෙන් හැමූ නොසිතූ සැඩ සුළග අසීරුවෙන් මැඩ ගනියි

ධ්‍යම ආසියානු උප කලාපීය තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයේදී මාල දිවයින කණ්ඩායම ඉදිරියේ නොසිතූ අභියෝගයකට මුහුණ දෙන්නට සිදු වුණා.තරග වට 3 - 0 ක ජයක් ලැබූව ද,ප්‍රථම වටයේදී මෙන්ම අවසාන වටයේදී ශ්‍රී ලංකාව පරාජය ආසන්නයටම කැදවා යන්නට මාල දිවයිනට හැකියාව ලැබුණා.තරගයේ තෙවන වටයේදී තාක්ෂණික කෙටි විවේක වලදි ඉදිරියෙන් සිටින්නට සමත් වූ මාල දිවයින එම තරග වටය පරාජයට පත් වූයේ ලකුණු 23 - 25 ක් ලෙසයි.පළමු වටයේ දී ශ්‍රී ලංකාව ලකුණු 25 - 20 ක් ලෙස ජයගත් අතර දෙවන වටයේදී ලකුණු 25 - 12 ක් ලෙස ජය ගබා ගැනීමට සමත් වුණා.
තරගයේ පළමු වටයේ ක්‍රීඩා පිටියට කැදවීමක් නොලද යොවුන් ක්‍රීඩක හිරණය කේසල දෙවන වටයේදී ක්‍රීඩා පිටියට කැදවීමත් සමග ශ්‍රී ලංකා දැල දෙසින් දැවැන්ත ආවරණයක් වැටුණු අතර තරගයේ පළමු ලකුණේ සිට හිරණය විසින් කළ ඒ ආවරණය නිසා එම වටය ලකුණු 25 - 12 ක් ලෙස පහසුවෙන් ජය ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.නමුත් ඔහු තරගය පුරා එක දිගට යොදා නොගන්නා තත්ත්වයක් දුටු අතර ඇතැම් විට එය ඔහු ගේ සෞඛ්‍ය ගැටළුවක් නිසා වැඩි පුරා වෙහෙසට පත් නොකිරීමක් ද විය හැකියි.
ශ්‍රී ලංකාවේ වොලිබෝලයේ වර්ථමාන ජාත්‍යන්තර සළකුණ බවට අවිවාදිත ජනිත සුරත් වැඩි කළබලයක් නොපෙන් වූ අතර ඔහු ඉතාමත් සාමකාමී ක්‍රීඩා විලාශයක් පෙන්වමින් කටයුතු කළා.ඇතැම් විට එය වඩා ප්‍රබල ඉන්දීය සහ පකිස්තාන කණ්ඩායම් වලට එරෙහිව ශක්තිය ඉතිරි කර ගැනීමේ වෑයමක්ද විය හැකියි.
නමුත් ජනිත අපහසු අවස්ථා වල දී වේගවත්ම සුපුරුදු ප්‍රහාර කිහිපයක් මෙන්ම අවස්ථානෝචිතව පන්දුව යොමු කිරීමෙන්ද ලකුණු කිහිපයක් ශ්‍රී ලංකාවට ලබා දෙන්නට සමත් වුණා.
අනතුරුව පැවති පකිස්තාන - ඉන්දීය තරගයේදී කණ්ඩායම් දෙකම සමබර තත්ත්වයක සිටිය ද පකිස්තානුවන් වැඩි වැරදි ප්‍රමාණයක් කරමින් ඉන්දියාවට ලකුණු 25 - 21,25-20 සහ 25 - 21 ලෙස ජය ගැනීමට අවශ්‍යය පසුබිම සකසා දුන්නා.විශේෂයෙන් පන්දු පිරිනැමීමේදී ඔවුන් දැක් වූ දුරුවලතාවය නිසා ඉන්දීය පිළට ලකුණු විශාල ප්‍රමාණයක් ලබා දෙන්නට සිදු වීම මෙහිදී ඉන්දියාවට විශාල සහයක් වුණා.
www.supirikrida.com

ලංකාවෙන් නේපාලයට දැවැන්ත පරාජයක්

සියානු යොවුන් දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව තවත් වාර්තාගත ජයග්‍රහණයක් සනිටුහන් කරමින් නේපාල කණ්ඩායම ලකුණු 133 - 10 ට පරාජයට පත් කළා.ඒ අනුව මාල දිවයිනට එරෙහිව ශ්‍රී ලංකා පිළි ලැබූ වැඩිම ලකුණු ගණනේ වාර්තාව බිද වැටෙන අතර එම වාර්තාව නේපාලයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය ඉදිරියේ සනිටුහන් වෙනවා.මීට පෙර නේපාලය මෙම තරගාවලියේ සිංගප්පූරුවට ලකුණු 109 ක් ලබා ගැනීමට ඉඩ ලබා දුන් අතර එහිදී සංගප්පූරුව නේපාල කණ්ඩායමට ලබා දුන්නේ ලකුණු 4 ක් පමණයි.අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා දැල් විදින්නියන්ගෙන් ලැබෙන සහයෝගයට සාපේක්ෂව සිය දැල රැක ගැනීමට සිංගප්පූරු ආරක්ෂක ක්‍රීඩිකාවන් තරම් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාවක් නැති දැයි යන සැකය ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ලකුණු ප්‍රමාණයෙන් යම් පැහැදිළි කිරීමක් සිදුවන අතර මෙය හෙට ශ්‍රී ලංකාවේ පළමු වටයේ අවසාන තරගය වන සිංගප්පූරුවට එරෙහි තරගයේදී දැඩිව අවධානය යොමු කළයුතු තත්ත්වයක්.
මේ දක්වා පැවති තරග පිළිබදව විමසා බලන විට ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන්ට ලකුණු 56 ක් ලබා දී තිබෙන අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූ එම කණ්ඩායම් වලට සංගප්පූරුව රැස් කරන්නට දී ඇත්තේ ලකුණු 32 ක් පමණයි.මේ තත්ත්වය ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ අවධානයට අද තරගයේදී ලක් විය යුතු අතර සිංගප්පූරුව ප්‍රතිවාදීන්ට එරෙහිව ලකුණු 259 ක් ලබද්දී ශ්‍රී ලංකාව ලකුණු 322 ක් ලබා සිටීමේ තත්ත්වය සම්පූර්නයෙන් අමතක කර තමන්ගේ දුර්වලතාවයට අවධානය යොමු කර එය වළකා ගන්නේනම් සිංගප්පූරුවට එරෙහිවද විශාල ජයග්‍රහණයකට යමින් අවසාන තරග පූර්ව වටය සහ අවසාන තරගය යන කඩඉම් ඉතා පහසුවෙන් සහ විශ්වාසයෙන් ජයග්‍රාහී ලෙස පසුකර යාමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා හිටපු ජාතික පුහුණුකාරිය වන තිලකා ජිනදාසගේ මග පෙන්වීම මත නැගී සිටින ආසියාවේ අලුත්ම දැල්පන්දු වීරවරියන් වීමේ සුභ ලකුණු පළකරන බෘනායි කණ්ඩායම ඊයේ ආසියාතික යොවුන් දැල් පන්දු කිරීටයේ උරුමක්කාරියන් වන මැලේසියාව වෙතින් ලකුණු 50 - 19 ක පරාජයක් ලැබුවා.
www.supirikrida.com

චන්ද්‍රිකා අවසන් තරගයට

පුනේ හී ඇරඹි ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ  පළමු දිනයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් චන්ද්‍රිකා සුභාෂණී මීටර් 800 ඉසව්වේ අවසාන තරගයට සුදුසුකම් ලැබුවාය.ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් පසුව ඇය ඉදිරිපත් වන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන මෙම ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේදී ඇය සුපුරුදු දක්ෂතා පළකිරීමට තමා සහභාගි වූ මූලික තරගයේ දී අසමත් වූ අතර ඇය එම තරගයේ පස්වැනියා ලෙස තරගය නිමා කළේ තත්පර 54.16 ක කාලයක් වාර්තා කරමින්ය.නමුත් අවසාන පූර්ව තරග දෙකේ කාලය සංසන්දනය කිරීමේදී අවසාන තරගයට හොදම කාලය අනුව තෝරා ගැනෙනන ක්‍රීඩිකාවන් දෙදෙනා අතරට අවසන්නා ලෙස එක් වීමට චන්ද්‍රිකාට අවස්ථාව හිමි වූවාය.
මේ අතර මීටර් 400 පිරිමි තරගයට සහභාගි වූ අංජන ගුණරත්නට සහ දිල්හාන් ආලෝකට මූලික තරග වලින් නවතින්නට සිදු වූ අතර ආලෝක තමන් සහභාගි වූ මූලික තරගයේ දී හයවැන්නා ලෙස තරගය නිම කළ ද තත්පරර 47.39 ක කාලයක් පෙන්වමින් ඉතා හොද වර්ධනයක් පෙන්වීම සතුටුදායක තත්ත්වයකි.එසේම අංජන ගුණරත්න සිය මූලික තරගයේද පස්වැන්නා ලෙස තරගය නිම කළ අතර ඔහු තත්පර 47.70 ක දක්ෂතාවයක් දැක්වීමට සමත් විය.
අද ශ්‍රී ලංකා කෙටි ධාවන සූරී ජානි චතුරංගී ද සිල්වා මීටර් 100 මූලික තරග සදහා ඉදිරිපත් වීමට නියමිතය.
www.supirikrida.com

Jul 3, 2013

ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය ඇරඹේ

 න්දියාවේ පූනේ හී දී 20 වන ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය ඊයේ ආරම්භ වුණා.දේශිය කලා ශිල්පයන්ගේ වර්ණවත් බවෙන් මෙන්ම වෙනත් ජිම්නාස්ටික වැනි ක්‍රියාකාරකම් නැදෑ කර ගනිමින් කරන ලද විචිත්‍රවත් සරඹ සංදර්ශණයන්ගෙන ද ආලෝකමත් වූ 20 වන ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ තරග මීට මොහොතකට පෙර පූනේ හී දී ආරම්භ වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 12 ක් සහ ක්‍රීඩකයන් අටක් සහභාගි වන අතර පදක්කම් බලාපොරොත්තු අතර සිටින ප්‍රධාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර නදීකා ලක්මාලි,මංජුල කුමාර,චන්ද්‍රිකා සුභාෂණි,සචිත් මදුරංග මෙන්ම ඩබ්කේඑල් ඒ නිමාලි ද වෙනවා.සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාලීන සහ විශේෂ දක්ෂතා අනුව එසේ තීරණය කළ ද ශ්‍රී ලංකා කදවුරේ සිටින එරංගා දුලක්ෂි,අංජන කුමාර වැනි යොවුන් ක්‍රීඩකයන් මෙන්ම ජානි චතුරංගි,සුජානි බුද්ධිකා වැනි ජ්‍යෙෂ්ඨයන්ද යන සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය උපරිමයට පැමිණ හොදම දක්ෂතාවයට පිවිසීම මෙන්ම, හෝ සෙසු සහභාගීත්වයන්ගේ දක්ෂතා අවප්‍රමාණය වීම යන කරුණ පදනම් කර ගෙන ශ්‍රී ලංකාවේ පදක්කම් පැසෙහි බර වැඩී වීමට ඉඩ තිබෙනවා.
ඡායාරූපයේ දැක්වෙන්නේ ඊයේ පැවති සමාරම්භයට එක් වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරි කණ්ඩායමයි.එහිදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාම පැවරී තිබුණේ ශ්‍රී ලංකාවේ උස පැනීමේ වාර්තාලාබියා මෙන්ම ආසියාතික මලල ක්‍රීඩා තරගාවලි දෙකකදීම රන් පදක්කම් දිනා ඇති මංජුල කුමාරට යි.
www.supirikrida.com

ක්‍රීඩා අමාත්‍යංශයට සහ අධ්‍යාපන අමාත්‍යංශයට ඩිලාන්ගෙන් හීන් ටොක්කක්

ඩීඑස්අයි සුපර් ස්පෝර්ට්ස් වොලිබෝල් තරගාවලියට ආලෝකයක් එක් කළ අවුරුදු 12 න් පහළ කිඩ්ස් වොලිබෝල් තරගාවලිය කුඩා දරුවන් තරගකාරී ක්‍රීඩාවන්ට යොමු නොකළ යුතු බවට ක්‍රීඩාවේ මහා ප්‍රාඥයන් සහ අධ්‍යාපනයේ මහා ප්‍රාඥයන් සිටින ක්‍රීඩා අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගෙන ඇති තීරණයන්ට අනුව නවතා දැමීමට සිදු වූ බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසීය.තමා අමාත්‍යවරයෙකු වුව ද වොලිබෝල් සම්මේලනය තුළ එහි සභාපතිවරයා පමණක් බව  පැවසූ ඩිලාන් පෙරේරා,එම තීරණයට තමන් එකග නොවුණ ද ක්‍රීඩාවේ සහ අධ්‍යාපනයේ පරිපාලන වගකීම පැවරී ඇති අමාත්‍යංශ දෙකේ නීතිමය වට පිටාවට තමන් එකග වන බව පෙන්වා දුන්නේය.
තරගකාරී සහ අනවශ්‍යය පීඩනයක් ගෙන දෙන තරගාවලියක් ලෙස කිඩ්ස් තරගාවලිය හැදින්වීමට තමා අකමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය කාලයේ පැවති එම තරග වලින් පැහැදිළි වූවේ බොහෝ සේ ප්‍රීති ප්‍රමෝදයට පත් වූ ළමා ක්‍රියාකාරකම් බව පෙන්වා දුන්නේය.
ක්‍රීඩා අමාත්‍යංශ මට්ටමෙන් නීතිමය ප්‍රතිපාදන සැකසීමේදී ක්‍රීඩාවේ න්‍යායන් හදුනා ක්‍රියා කරන බවක් පෙනෙන්නට නැති අතර ක්‍රීඩා පණත සංශෝධනයේදී ද එම වගකීමට නායකත්වය දුන් පුද්ගලයා වචන වෙනස් කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් දියත් කළා හැරෙන්නට පනත සංශෝධනය පිළිබදව විද්‍යාණුකූල අවබෝධයකින් සහ සමස්ත ක්‍රීඩා පරිපාලන ඒකක පිළිබද හැඩතල සළකමින් ක්‍රියා කළ බවක් පෙනෙන්නට නැත.අධික ලෙස වෙහෙසට පත් කරන තරගකාරී වටපිටාවක් තුළ ළමා සිරුරට සහ මනසට වන හානිමය තත්ත්වයන් සැළකිල්ලට ගෙන ඉතා කුඩා දරුවන්ට ක්‍රීඩා කළ හැකි සීමාවන් පැනවී ඇති අතර ලංකාවේ ජාතික ක්‍රීඩාවේ ප්‍රබෝධයට ඉවහල් වන පරිදි එම සීමාවන් හී රැදෙමින් කිඩ්ස් වොලිබෝල් තරගාවලිය තරග වටයක් යම් කාලයකට යටත් කර පැවත්වීමේ සංශෝධනය සළකා නොබලමින් එය සම්පූර්ණයෙන් අවලංගු කර දැමීමට අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ තීන්දු තීරණ හරස් කිරීම අප වෙබ් අඩවිය ද තරයේ හෙළා දකින්නෙමු.
www.supirikrida.com

තරංග සහ මහේල ලෝක සූරයන්ට වීසි වෙන්නට ගසයි

Upul Tharanga pulls to the leg sideචැම්පියන්ස් කුසලාන හිමිකාරීත්වයේ උණුසුමත් සමග සහභාගි වන තුන් කොන් තරගාවලියේ අවසාන තරගයට පිවිසීමේ අවස්ථාව ඉන්දියාවට අහිමි කරන අන්දමේ චණ්ඩ ප්‍රහාරයක් එල්ල කළ උපුල් තරංග සහ මහේල ජයවර්ධන ඉන්දියාවට එරෙහිව ලකුණු 161 ක දැවැන්ත ජයක් වාර්තා කරන්නට සමත් වුණා.මේ තත්ත්වය නිසා ඊ ළග තරගයේදී ඉන්දීය කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව ජය ගත්තද එම තරගයේදී විශාල ලකුණු ගණනක් ලබා ශ්‍රී ලංකාවට වඩා හොද ලකුණු ලබා ගැනීමේ වේගයක් පෙන්නිය යුතු වෙනවා.ඊටත් වඩා ඔවුන්ට අපහසු කාර්යය වන්නේ ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ප්‍රසාද ලකුණු ද සමග වීම නිසා කොදෙව් ජයග්‍රහණය ප්‍රසාද ලකුණු සහිත ජයක් කර ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්නට සිදු වීමයි.
කාසියේ වාසිය ලැබූ ඊයේ ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන් විරාට් කෝලි ශ්‍රී ලංකාවට පන්දුවට පහර දීමට ආරාධනා කළා.ආරක්ෂාව සහ ආක්‍රමණය යන කරුණු දෙකම පදනම් කරගත් සුවිශේෂි ඉණිම් දෙකක් ක්‍රියාවට නැංවු ආරම්භක පිතිකරුවන් වූ මහේල ජයවර්ධන සහ උපුල් තරංග පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු 213 ක් දක්වා රැගෙන ගියේ පන්දු ඕවර් 38.4 ක් තුළයි.මහේල රිවර්ස් ස්විප් පහරක් එල්ල කිරීමට ගොස් ලකුණු 107 ට දැවී ගොස් සුළු මොහොතකින් තරංග ද ලකුණු සියයේ සීමාවට පැමිණි අතර ඉන් අනතුරුව ක්‍රීඩා පිටියේ දකින්නට ලැබුණේ ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව දියත් වූ හිත්පිත් නැති ප්‍රහාරයකුයි.
මහේලගේ දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා ඉණිමට එක් වූ ලකුණු 135 එක් වන්නට ගත වූයේ පන්දු ඕවර් 11.2 ක් පමණක් වූ අතර එම ඕවර් ප්‍රමාණයේදී ශ්‍රී ලංකාවේ ලකුණු වේගය ඕවරයකට ලකුණු 12 ක් පමණ වූවා.අති දැවැන්ත ලකුණු ප්‍රමාණයක් වූ ලකුණු 349 ක් ලබා ගැනීමේ අභියෝගය හමුවේ සසැලි ඉන්දීය පිතිකරුවන්ට  පන්දු ඕවර් 50 ක්‍රීඩා කිරීමට හෝ අවස්ථාව හිමි නොවුණු අතර අවසානයේ ඉන්දීය ලකුණු පූවරුව 187 ක් ව තිබියදී ඉන්දීය කණ්ඩායම සම්පූර්ණයෙන්ම දැවී ගියා.රවීන්ද්‍ර ජඩේජා පමණක් හුදෙකලා සටනක නිරත වූව ද ඔහුට අර්ධ ශතකයේ සීමාවට පිවිසීමට හෝ සහය දැක්වීමට ඉන්දීය පිතිකරුවෙක් ඉතිරි නොකළ ලාංකේය පන්දු යැවීමේ බල ඇණිය ඉන්දීය ඉණිම හමාර කර දමන විට ජඩේජාට අර්ධ ශතකයට එක් ලකුණක් අඩුවෙන් පන්දු යවන්නාගේ අන්තයේ නොදැවී රැදී සිටින්නට සිදු වුණා.
පන්දු යැවීමේදී රංග හේරත් ලකුණු 37 ක් දී කඩුලු 3 ක් දවා ගත් අතර සචිත්‍ර සේනානායක බලධාරීන්ගේ ඇස් පාදමින් ලකුණු 46 ට කඩුලු 2 ක් ලබා ගත්තා.ලකුණු 349 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය පන්දු යවන්නන් ඇද බැද තබමින් පන්දු යැවූ ඇන්ජලෝ මැතිව්ස් දෙවන කඩුල්ල සදහා තරංග සමග නොදැවුණු ලකුණු 135 ක සබදතාවය සදහා පන්දු 29 කින් ලබා ගත් ලකුණු 44 කින් දායක වූ අයුරෙන්ම ආරම්භක පන්දු යැවීමේ කාර්යය පවරා ගනිමින් පන්දු ඕවර් 8 ක් යවා ලකුණු 23 ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් ලබා ගත්තා.
තරගයේ නිල ලකුණු සටහනට පහත සබදතාවය භාවිතා කරන්න.
http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/engine/match/597925.html

www.supirikrida.com

ලංකාවේ වොලිබෝලයේ පෝලන්ත ගමන තීරණය කරන තරගාවලිය අද අැරඹේ

පෝලන්තයේ 2014 වසරේ පැවත්වීමට නියමිත ජගත් කුසලාන වොලිබෝල් තරගාවලියේ දෙවන කොටසේ තරග සදහා සහභාගි වන මධ්‍යම ආසියානු උප කලාපීය කණ්ඩායම් දෙක කවරේද යන්න තීරණය කරන තරගාවලිය අද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.ශ්‍රී ලංකාව,ඉන්දියාව,පකිස්තානය සහ මාල දිවයින සහභාගි වන මෙම තරගාවලිය අරඹමින් පළමු තරගය ලෙස අද පස්වරු 3.30 ට ශ්‍රී ලංකාව සහ මාල දිවයින අතර තරගය ඇරඹිමට නියමිතයි.
පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයවන් දැක් වූ දක්ෂතා අනුව මෙම තරගාවලියෙන් පෝලන්තයේ පැවත්වෙන ජගත් වොලිබෝල් කුසලාන තරගාවලියේ දෙවන වටය සදහා පිවිසීමට ලංකාවට පළමු වරට ඉඩ ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා පෙන්වා දෙන්නේ ඒ සදහා වන වාතාවරණය වඩාත් යහපත් කිරීම සදහා තරගාවලිය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සදහා ද කටයුතු කළ බවය.සති තුනකට පමණ පෙර තරගාවලිය ලබා ගැනීමෙන් අනතුරුව ඊට අනුග්‍රාහකයෙකු සෙවීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා අවසානයේ එම වගකීම ක්‍රීඩා අමාත්‍යංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංහය විසින් බෙදා ගන්නට යෙදුණ බව පැහැදිළි කළේය.

8250 කගේ සවියෙන් ආලෝකමත් වන 65000 කගේ වොලිබෝල් -ඩීඑස්අයි වොලිබෝල් ඇරඹේ

ශ්‍රී ලංකාවේ සාරවත් වොලිබොල් ක්‍රීඩාවක් සදහා වන පැල තවාන බදු ඩීඑස්අයි පාසල් වොලිබෝල් තරගාවලිය සදහා මෙවර වාර්තාගත කණ්ඩායම් 5 500 ක දායකත්වය හිමි වී ඇත.අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ එකගතාවය මත මෙවර සිට තරගාවලියට ඇතුලත්ව තිබූ අවුරුදු 12න් පහළ කිඩ්ස් වොලිබෝල් තරගාවලිය නවතා දමා තිබියදී ඊට ඉදිරිපත් වන කණ්ඩායම් 1000 ක පමණ අඩුව තිබියදීත් මේ තත්ත්වය වාර්තා වීම කැපී පෙනෙයි.
තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩීඑස්අයි සමූහ ව්‍යාපාරයේ සභාපති නන්දදාස රාජපක්ෂ මහතා මෙන්ම ආයතනයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෝමවංශයන් ද දැක් වූ අදහස් වලට අනුව එම ආයතනයේ සේවය කරන 8250 ක් වූ සමස්ත සේවක මඩුල්ලේ ශ්‍රම දායකත්වයේ ප්‍රතිපලය මත මෙවර ඩීඑස්අයි වොල්බෝල් තරගාවලිය නියෝජනය කරන 65000 ක පමණ වන පාසල් සිසුන්ගේ වොලිබෝල් ජීවිත ආලෝකමත් වනු ඇත.එසේම ශ්‍රී ලංකාව ආසියාවේ පළමු කණ්ඩායම් අට අතරට පත් වන විට එම කණ්ඩායම තුළ සිටි සියළුම ක්‍රීඩකයන් ඩීඑස්අයි වොලිබෝල් තරගාවලිය හරහා මතු වූ දක්ෂයන් වූ බව ද පෙන්වා දුන්නේය.එසේම ශ්‍රී ලංකාව ආසියාතික මට්ටමෙන් ලබා ඇති ඉහළම ජයග්‍රහණය වූ ආසියාතික පාසල් වොලිබෝල් තරගාවලියේ තෙවනතැනට පත් වූ කණ්ඩායම සදහා එවකට ක්‍රීඩකයන් තේරීම සදහා ප්‍රධාන වශයෙන්ම පදනම් කර ගෙන තිබුණේ ද ඩීඑස්අයි තරගාවලිය ය.
තරගාවලිය සුපුරුදු පරිදි දිස්ත්‍රික්,පළාත් සහ ජාතික ලෙස ක්‍රියාත්මක වන අතර අධයාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ මෙන්ම වර්ථමාන පාසල් වොලිබෝල් සංගමයේ සභාපති ජයසේකරයන් විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීම් අනුව මෙවර තරගාවලිය පාසල් වල විභාග කටයුතු වලට බාධාවක් නොවන පරිදි පැවත්වීමට කාල වකවානු සකස් කර ඇති බව පෙන්වා දුන්නේ වොලිබොල් පාළක මණ්ඩල සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා විසින් ය.
අදාළ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව ශ්‍රී ලංකා පදනම් ආයතයේ පැවති අතර,ඒ සදහා මේ සටහනේ ඉහළින් නම් සදහන් පිරිසට අමාතරව වොලිබෝල් සම්මේලනයේ උප සභාපති,සබරගමුව පළාත්සභාවේ සභාපති කාංචන ජයරත්න මෙන්ම වොලිබෝල් සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ ද එක් වී සිටියහ.
www.supirikrida.com







ඉන්දියාවට බෘනායි ප්‍රහාරයක්

 බෘනායි හී පැවත්වෙන ආසියාතික යොවුන් දැල් පන්දු කුසලානය සදහා වන තරගාවලියේ කාගෙත් අවධානයට ලක් වී සිටින ආසියාවේ නව දැල් පන්දු අභියෝගය බවට ලියලා වැඩෙමින් තිබෙන බෘනායි කණ්ඩායම තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ දැල් පන්දු සංස්කෘතියක් ඇති ඉන්දීය කණ්ඩායමට ඊයේ 56 - 30 ක පරාජයක් අත් කර දෙන්නට සමත් වුණා.ශ්‍රී ලංකාවේ හිටපු ජාතික දැල් පන්දු පුහුණුකාරිණිය වන තිලකා ජිනදාසගේ මග පෙන්වීම යටතේ දෙවසරක ඇවෑමෙන් විශාල ලෙස දක්ෂතා වර්ධනය කර ගෙන ඇති බෘනායි කණ්ඩායම ඉකුත් ආසියාතික තරගාවලියේදී ද කාගේත් අවධානය දිනා ගත්තා.
බෘනායි දේශයේ දැල්පන්දු පිබිදීමට හේතු පාදක වූ චරිතය ලෙස බෘනායි වැසියන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී සිටින තිලකාගේ දායකත්වය නිසාම ශ්‍රී ලංකා කණ්ඩායමට ද මෙම තරගාවලියේදී විශාල පිළිගැනීමක් හිමි වී ඇති අතර එම නිසා ශ්‍රී ලංකාව සහභාගි වන තරග වලදී විශාල ප්‍රේක්ෂක දිරි ගැන්වීමක් සහිතව තරග කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි ව තිබෙනවා.ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පාලකයන්ගේ අමනෝඥ ක්‍රියා නිසා මෙරටට අහිමි වූ තිලකා සිය හැකියාව මේ වන විට ප්‍රායෝගිකව ලෝකය ඉදිරියේ පෙන්වමින් සිය වෘත්තීය ස්ථාවරය ජාත්‍යන්තර මට්ටමෙන් සළකුණු කරමින් තිබෙන අතර මේ තත්ත්වය සිදු වූ වරද නිවැරදි කර ගැනීමට හැකියාව ඇත්දැයි සළකා බැලීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලකයන්ට ලැබුණු හොද අවස්ථාවක් ලෙස සැළකිය හැකියි.
www.supirikrida.com

ලකුණු වෙනුවට අරක්කු ගැහැව්ව ක්‍රීඩකයා අඩි 35000 ක පිම්මක් පනින්න හදලා

ලංකාවේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ පුතෙකු වන ක්‍රිකට් ක්‍රීඩකයෙකු කොදෙව් ඒ සංචාරයට සහභාගි වී ආපසු එමින් සිටියදී කොදෙව් දූපත් හී සිට ලන්ඩනය බලා එන ගමණේදී අධික ලෙස බීමත්ව වැසිකිලි දොර වෙනුවට ගුවන් යානයේ පිටවීමේ දොරටුව භාවිතා කරන්නට යාමෙන් විශාල කළබලයක් ඇති කර ගත් බව විදෙස් මාධ්‍ය හරහා වාර්තා වේ.මෙම සිදුවීම සිදු වන විට ගුවන් යානය අඩි 35000 ක් ඉහළ ගුවනේ රැදී සිටි අතර ක්‍රීඩකයා ගේ මෙම හැසිරීම නිසා සහ ඔහුව වැළක්වීමට යාමේදී ඇති වූ නොසන්සුන් තත්ත්වය නිසා ගුවන් යා‍නයේ සිටි මගීන් දැඩි අපහසුතාවයකට පත් වූ බව ද,එම මගීන් ගේ ප්‍රකාශද විදෙස් මාධ්‍ය ඔස්සේ වාරතා වන්නට වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ බව සොයා බැලීඹට පරීක්ෂණයක් කරන බව පමණක් දැනට ප්‍රකාශ කර ඇත.
අවස්ථා කිහිපයකදීම විනය කඩ කළ බවට චෝදනා එල්ල වුව ද මෙම ක්‍රීඩකයාට දේශපාලන රැකවරණ නිසා දඩුවමක් නොලැබුණු අතර ඇතැම් විට ඇමත්වරුන්ගේ පුතුන් පමණක් නොව සාමාන්‍ය පිරිස්ද එසෙ හැස් වැරදියට හැසිරෙන බව කියමින් අනෙකුත් අමාත්‍යවරුන්ගේ පුතුන්ගේ අවිනීත හැසිරීම් පවා සාධාරණියකරණය කරන්නට චෝදනා එල්ල වන ක්‍රීඩකයාගේ පියාට සිදු විය.කෙසේ ගෙදර කුටියේ නිරුවතින් හැසිරෙන විට තරවටුවක් නොලැබීම ආශිර්වාදයක් කර ගත් මෙම ක්‍රීඩකයා එය තමන්ගේ අයිතියක් මෙන් ගෙන හැසිරෙන්නට යාමේ ප්‍රතිපලය ලෙස ලෝකයාම ඉදිරියේ නිරුවත් වීම හැදින්විය හැකි බව තතු දත්තෝ පවසති.
දැනට ද පරීක්ෂණයක් කරන බව ප්‍රතාශ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ පිළිබදව කළමණානරුගේ වාර්තාව ලබා ගැනීමට නියමිතව ඇති බව පවසන නමුත් වාර්තා වන තොරතොරු අනුව මොහු සමග පැමිණ ඇත්තේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පමණක් වන අතර කළමණාකරු ඒ සමග සිට නැත.ඇතැම් විට එය උපකාරයක් කර ගනිමින් කැකිල්ලේ තීන්දුවක් ලෙස කළමණාකාරවරයා එම ක්‍රීඩකයන් සමග නොපැමිණීම සැළකිල්ලට ගෙන මෙම ක්‍රීඩකයාගේ හැසිරීම පිළිබදව කළමණාකාරවරයාට දඩුවම් ලැබීමට ද ඉඩ ඇති බව ක්‍රිකට් කේෂ්ත්‍රයේ ඇතැම් දෙනාගේ අදහස වී ඇත.
www.supirikrida.com

Jul 2, 2013

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මාල දිවයින බැද දමා ජය ගනිති

ශ්‍රී ලංකාව මේ දක්වා ආසියානු යොවුන් තරගාවලියේ වාර්තා වූ විහිෂ්ඨම ජය වාර්තා කරමින් අද (2) මාල දිවයින කණ්ඩායම පරාජයට පත් කළේ,,ලකුණු 112 - 6 ක් ලෙසය.තෙවන කාර්තුව වන තෙක්ම ලකුණු 83 / 3 ක් වූ මාල දිවයින ලකුණු පූවරුවට අවසාන කාර්තුවේ ලකුණු 3 ක් එක් වීම ඔවුන් මෙම තරගය තුළ කාර්තුවක රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය විය.
මීට පෙර වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කර තිබුණේ සිංගප්පූරුවය.ඔවුන් නේපාලයට එරෙහිව ලකුණු 109 ක් ලැබූ අතර පිළිතුරු ලෙස නේපාලයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 04 කි.දැනට ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති තරග දෙකේ ප්‍රතිවාදීන් වන්නේ මෙම කණ්ඩායම් දෙකය.
ශ්‍රී ලංකාව අති දැවැන්ත ජයක් ලැබූ මාල දිවයිනට එරෙහිව තරගයේදී නේපාලය පරාජයට පත් විය.ඒ ලකුණු 54 / 24 ක් ලෙස බැවින් නේපාලය සමග තරගයේදී ශ්‍රී ලංකාවේ ජය මාල දිවයිනට එරෙහිව ලැබූ ජයටත් වඩා විශාල වීමට බොහෝ දුරට ඉඩ ඇත. එසේම ශ්‍රී ලංකාව ලකුණු 77 ක් ලැබූ තායිලන්තයට එරෙහිව සිංගප්පූරුව ලබා ගත්තේ ලකුණු 65 ක් පමණි.නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව තායිලන්තය ලකුණු 40 ක් ලබා ගත්තද සිංගප්පූරුව ඉඩ ලබා දුන්නේ ලකුණු 20 ක් ලබා ගැනීමට යන්නද ශ්‍රී ලංකාවේ අවධානයට ලක් විය යුතු කරුණක් වන්නේය.
ඒ නිසා ඉදිරි තරග වලදී ලකුණු ලබා ගැනීම මෙන්ම සිය දැල ප්‍රතිවාදීන්ගෙන් ආරක්ෂා කර ගැනීම පිළිබදවද වැඩි සැළකිල්ලක් දැක් වීමට ශ්‍රී ලංකාවට සිදු වන්නේය.තිබෙන තත්ත්වය අනුව සියල්ල මැඩ සිය කාණ්ඩයේ සිංගප්පූරුව දෙවැනි කොට පළමු තැනට පැමිණීමට ශ්‍රී ලංකාවට වැඩි ඉඩක් තිබෙන බව පැහැදිළි නමුත් ශ්‍රී ලංකාව සිංගප්පූරුව සමග තරගයට පෙර වඩා ශක්තිමත් ලෙස සිය ආරක්ෂක පෙළ තබා ගැනීම පිළිබදව කල්පනා කාරී විය යුතුව ඇත.
අවසාන වරට ශ්‍රී ලංකාව ආසියාතික යොවුන් කුසලානයක් දිනා ගත් මොහොතේ දී  ආසියානු යොවුන් දැල් පන්දු රැජිණ ලෙස අභිෂේක ලැබූ ධම්මිකා මල්කාන්ති ද ආරක්ෂක පෙළ ශක්තිමත් කරන ක්‍රීඩිකාවකි.ඒ නිසා ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ගමණේ තීරණාත්මක සාධකයක් ලෙස ශ්‍රී ලංකාවේ දැල් විදින්නියන්ගේ ඉහළ ප්‍රතිභාව තරමටම සෙසු ක්‍රීඩිකාවන් ප්‍රතිවාදීන් සිය දැළ තුළට පන්දුව රැගෙන ඒම වැළක්වීමට ද හිමි වන බව මෙහිදී සියළුම ක්‍රීඩිකාවන්ගේ අවධානය යොමු විය යුතුය.
www.supirikrida.com 

ශ්‍රී ලංකාවෙන් හොද ආරම්භයක්

සියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ ප්‍රථම තරගයේදී තායිලන්තය පරදවා ලකුණු 77 - 40 ක පහසු ජයක් වාර්තා කිරීමට සමත් විය.සත්කාරක බෘනායි දේශයේ දැල් පන්දු පුහුණුකාරිය වන තිලකා ජිනදාස කෙරෙහි දක්වන ප්‍රසාදය හේතුවෙන් විශාල ප්‍රේක්ෂක දිරි ගැන්වීමක් සහිතව තරගයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ශ්‍රී ලංකා කදවුරෙන් ලැබෙන තොරතොරු, ඉදිරි තරග වලදී ද ශ්‍රී ලංකාවට ඉතා විශාල ආශිර්වාදයක් වනු ඇති බව පෙන්වා දෙයි.
තරගයේ පළමු කාර්තුවේ සිට සිව්වන කාර්තුව දක්වා පිළිවෙලින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 19- 22-17 සහ 19 ලෙස රැස් කළ අතර ප්‍රතිවාදි තායිලන්ත පිළ එම කාර්තු හතර තුළ රැස් කරනු ලැබුවේ පිළිවෙලින් ලකුණු 8-9-13 සහ 10 ක් ය.නායිකා සේමිණි අල්විස් මෙන්ම උප නායිකා ගයනි දිසානායක ද සිය අත්දැකීම් මේ තරගයේදී මැනවින් පැහැදිළි කළ බවට බෘනායි තොරතොරු වාර්තා කරන අතර මෙම ජයග්‍රහණය ඉදිරි තරග සදහා විශාල ශක්තියක් වනු ඇති බවත් සූරතාවය පිළිබද විශ්වාසය ඉහළ දැමීමට සමත් ජයග්‍රහණයක් ලෙස ද ශ්‍රී ලංකා කදවුර හරහා ලැබෙන වාර්තා පෙන්වා දෙයි.
සත්කාරක කෝඩුකාර බෘනායි කණ්ඩායමට ඊයේ දිනයේදී අවාසනාවන්ත පරාජයක් විදින්නට සිදු වූ අතර නමුත් පළපුරුදු හොංකොං කණ්ඩායම සමග කරට කර තරගයක් දෙමින් ඔවුන් ලකුණු 38 - 34 ක සියුම් පරාජයක් විදීම තුළ තිලකා ජිනදාසගේ මග පෙන්වීම බෘනායි දැල් පන්දුව කෙතරම් දුරට පෝෂණය කර තිබෙන්නේද යන්න පැහැදිළි කිරීමකි.
www.supirikrida.com

මධ්‍යම ආසියාතික උප කලාපීය වොලිබෝල් තරග හෙට සිට ලංකාවේ දී

ධ්‍යම ආසියාතික උප කලාපීය තරග හෙට (3) සිට  05 දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්‍වීමට කටයුතු යොදා ඇත.2014 ලෝක කුසලාන වොලිබෝල් තරගාවලිය සදහා කලාපී ය සුදුස්සන් තේරීමේ තරගාවලියේ මූලික වටයේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය ක්‍රියාත්මක වේ. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ප්‍රධාන ආරාධිතයා ලෙස තරගාවලියේ සමාරම්භක උත්සවයට 3 දා පස්වරු ‍2.00 ට එක් වීමට නියමිත අතර,එම අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා,ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුර ජයවික්‍රම සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි යන අය එක් වීමට නියමිතය.
සමාරම්භක උත්සවයෙන් අනතුරුව මංගල තරගයට සත්කාරක ශ්‍රී ලංකාව සහ මාල දීවයින ද,එම දිනයේ දෙවන තරගය ලෙස ඉන්දියාව සහ පකිස්තානයද තරග වදියි.ජගත් තලයේ වොලිබෝල් සිහින තුරුළු කර ගෙන සිටින ක්‍රීඩා බලධාරීන්ට  පළමුවර ලාංකේය වොලිබෝලය දකුණු ආසියාව ජය ගත යුතුව ඇතැයි යන සිහිනය සැබෑ කර ගන්නට මේ තරගාවලිය පුරා දකුණු ආසියාතික මට්ටමේ කණ්ඩායම් වලට දෙන අභියෝග්‍ය වනු ඇත.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සමීර දිසානායක යටතේ තරග බිමට පිවිසෙයි.
www.supirikrida.com 

Jul 1, 2013

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අන්තිම නොවී බේරෙති.- ක්‍රීඩිකාවොත් අන්තිම නොවෙන්නට උත්සාහයක


කොරියාවේ බුසාන් නුවර ක්‍රියාත්මක ආසියානු මේස පන්දු තරගාවලියේ පිරිමි කණ්ඩායම් අංශයේ අන්තිමයා නොවී ගැලවෙන්නට නේපාලය හමුවේ ගත් උත්සාහය 3 - 1 ක ජයක් ලබමින් සාර්ථක ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.ඒ අනුව පිරිමි මේස පන්දු කණ්ඩායම් තරග ඉසව්වේ කණ්ඩායම් 20 අතරින් 19 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය.

ක්‍රීඩිකාවන් ද කාන්තා කණ්ඩායම් තරග අංශයේ අවසන් ස්ථානයෙන් බේරීම සදහා නේපාලය අනිවාර්යෙන්ම පරාජය කළ යුතුව ඇත.එසේ පරාජය කිරීමට හැකි වුව හොත් කාන්තා අංශය නියෝජනය කළ කණ්ඩායම් 20 අතරින් 19 වන ස්ථානයේ රැදෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ට හැකියාව ලැබෙනු ඇත.
www.supirikrida.com

තැන රැක ගන්න 14 ක් එති

ජෙනසෙබ් සුමී 
කුත් ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ දී ලබා ගත් ජයග්‍රහණ වල ගෞරවය සුරක්ෂිත කර ගැනීමේ අපේක්ෂාවෙන් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගේද සහභාගීත්වය ඇතිව ඉන්දියාවේ පූනේ ශ්‍රී සිව චත්‍රාපති ක්‍රීඩා සංකීරණයේදී 2013 ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය ඇරඹිමට කටයුතු සූදානම්ව පවතියි.ආසියාතික රටවල් 43 ක් නියෝජනය කරමින් මෙවර 20 වැනි වරට පැවත්වෙන ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය සදහා සහභාගි වන 19 වන ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහකයන් අතරින් එවර මකාන්තා මීටර් 1500 ඉසව්ව ජයග්‍රහණය කළ බහරේනයේ ජෙනසෙබ් සුමී මෙවර මීටර් 800 සදහා ඉදිරිපත් වන අතර සෙසු 13 දෙනාම ඉදිරිපත් වන්නේ ඉකුත් තරග උළෙලේ ජයගත් ඉසව් වලටය.
ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා උළෙලට ක්‍රීඩිකාවන් 12 ක් සහ ක්‍රීඩකයන් 8 ක් සහභාගි වන අතර ඒ අතරින් නදීකා ලක්මාලි සහ සචිත් මධුරංග පින්ලන්තයේ සිටත් ක්‍රිස්ටීන් මෙරිල් ඇමෙරිකාවේ සිටත් පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වීමට නියමිතය.3 දා තරගාවලියේ ආරම්භක දිනයේ ශ්‍රී ලංකාවේ පළමු නියෝජනය ලෙස තරග බිමට පිවිසීමට නියමිතව ඇත්තේ චන්ද්‍රිකා සුභාෂණිය.ඇය පූනේ වේලාවෙන්  පෙරවරු 9.55 ට කාන්තා මීටර් 400 මූලික තරග සදහා ඉදිරිපත් වීමට නියමිතය.
තරග කාල සටහන සදහා පිවිසීමට -http://indianathletics.in/news/20th%20LatestAsian%20Competition%20Schedule%20%208.6.13.doc.pdf

www.supirikrida.com

බ්‍රිගේඩියර් ජෙනරාල් කල්මාඩිගේ බලකොටුවටම පැන බලය අල්ලා ගනියි

සියානු මලල ක්‍රීඩා සංගම් නිලවරණය  පූනේ හී දී පැවති අතර එහිදී තියුණු තරගයකින් පසුව නව සභාපතිවරයා ලෙස බ්‍රිගේඩියර් ජෙනරාල් ධලාන් ජුම්මාන් අල් හමඩ් තේරී පත් විය.නිලවරණය පැවත් වුණේ සභාපති ධුරය දරමින් සිටි සුරේෂ් කල්මාඩි ගේ දේශපාලන බල ප්‍රදේශය වන මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ වන අතර කටාර ජාතික බ්‍රිගේඩියර් ජෙනරාල්වරයා එවැනි වට පිටාවක කල්මාඩි පරාජය කරමින් ජයග්‍රහණය කිරීම අති විශිෂ්ඨ‍ය.
කලක පටන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියාතික මලල ක්‍රීඩා සංගමයේ විධායක සාමාජිකයෙකුව සිටි ප්‍රේමා පින්නවල හරහා ශ්‍රී ලංකාවද මෙම නිලවරණයේදී බ්‍රිගේඩියර් ජෙනරාල්වරයාට සහය දැක් වූ අතර එවැනි වට පිටාවක ආසියානු මලල ක්‍රීඩා සංගමයේ බලය පිළිබද තීරණාත්මක සාධකයක් වන ප්‍රේමා පින්නවල උපායශීලීව නිලවරණයෙන් පරාජයට පත් කරන්නට පිරිසක් කටයුතු කිරීම නිසා මෙවර එම නියෝජනය ශ්‍රී ලංකාවට අහිමි විය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරුන් වන ජීඑල්එස් පෙරේරා සහ සුසන්තිකා ජයසිංහ ද ආසියානු මලල ක්‍රීඩා සංගම්  නිලවරණයේ දී උප කිමිටු දෙකකට නිලවරණයකින් තොරවම පත් වී ඇති බව පූනේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි. එසේම ශ්‍රී ලාංකිකයෙකු වන 50 දශකයේ ශ්‍රී ලංකාවේ සිටි සුපිරි වීසිකිරීම් ක්‍රීඩකයෙකු මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති පදවිය ඇතුළු විවිධ පරිපාලන තනතුරු හොබවා ඇති රංජිත් වීරසේනද ජීවිත කාලයටම හිමිවන ගෞරවණිය ආසියානු මලල ක්‍රීඩා සාමාජිකත්වය සමගින් ඉදිරි වසර 4 සදහා ක්‍රියාත්මක වන ආසියාතික මලල ක්‍රීඩා සජගමයේ නිල මඩුල්ලේ රැදී සිටිනු ඇත.
පහත දැක්වෙන්නේ ආසියාතික මලල ක්‍රීඩා සංගමයේනව විධායක කමිටුව පෙණෙන සබදතාවයය.එම දිගුව ඔස්සේ නිලධාරි මණිඩලයට පිවිසීමට හැකිය.
http://athleticsasia.org/aaacouncil.php

www.supirikrida.com

ආසියානු යොවුන් දැල් පන්දු තරගාවලියට අපෙන් පිවිසුම් මගක්


ලාංකේය දැල් පන්දු කේෂ්ත්‍රයේ ගමන් මග නිවැරදි දිශාන්තියකට යොමු කිරීම සදහා නිරන්තරයෙන්ම සාධනීය විවේචන සමග මාධ්‍ය සටහනින් ඔබ්බට වූ කාර්ය භාරයක් සිදු කළ අප වෙබ් අඩිවය මෙවර බෘනායී හී පැවත්වෙන ආසියාතික යොවුන් දැල් පන්දු තරගාවලියේ නිල ලකුණු සටහනට පිවිසීම සදහා පිවිසුමක් සකස් කර ඇත.ඒ අනුව එම තරගාවලිය සම්බන්ධ උනන්දුවක් දක්වන ඔබට අප www.supirikrida.com වෙබ් අඩවියේ පිහිටි ඉහත බැනරය ක්ලික් කර තරගාවලිය සම්බන්ධ නිල තොරතොරු ඇතුළත් නිල වෙබ් අඩවියට පිවිසීමට හැකියාව ඇත.
www.supirikrida.com

චාල්ස් සහ බ්‍රාවෝ කොදෙව්වන්ට සත්කාරකත්වයේ ගෞරවය රැක දෙති

Johnson Charles powers one down the groundටහිර කොදෙව් දූපත් හී ක්‍රියාත්මක තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ කොදෙව්වන් සහ ඉන්දියාව අතර පැවති තරගයෙන් සත්කාරකත්වයේ ගෞරවය බේරා දෙමින් එක් කඩුල්ලක ජයක් කරා කො‍දෙව් පිළ රැගෙන යාමට කොදෙව් ආරම්භක පිතිකරු චාල්ස් ජොන්සන් සහ ඩැරන් බ්‍රවෝ එක්ව තෙවන කඩුල්ලට පැවත් වූ ලකුණු 116 ක සබදතාවය හරහා හැකි විය කඩුලු තුනක් ලකුණු 26 ට දැවී තිබෙන මොහොතක කඩුල්ලේ එකවූ චාල්ස් සහ බ්‍රාවෝ දෙදෙන මෙම සබදතාවය තැබීමට සමත් වන අතර බ්‍රාවෝ ලකුණු 55 ක් එක් කරද්දී ජයග්‍රාහී ඉණිමේ නැංගුරම වන ආරම්භක පිතිකරු චාල්ස් අටවන කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 97 ක් එක් කර ගෙන තිබුණේ පන්දු 100 ට මුහුණ දෙමින් හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමගින්ය.ඩැරන් සාමි ද ප්‍රවේගකාරී ලකුණු 29 ක් එක් කළ අතර අවසාන මොහොතේකැමර් රෝච් කඩුල්ල රැක ගනිමින් නොදැවී ලකුණු 14 ක් ලබමින් කොදෙව් ජය සනාත කළේය.
ඉන්දියාව සිය ලකුණු 229 රැක ගැනීමට ගත් හෑයම 48 වන ඕවරයේ සිව්වන පන්දුවේදී ව්‍යර්ථ කළ අතර සිය ලකුණු ප්‍රමාණය රැක ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් ගත් වෑයමේදී උමේෂ් යාදෙව් ලකුණු 43 ට කඩුලු 3 ක් සහ රවිචන්ද්‍රන් අශ්වින් 44 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.
මෙම තරගයේදී කොදෙව් පිළිට ඩියෝන් බ්‍රාවෝ ගේ නායකත්වයේ ආශිර්වාදය අහිමි වූ අතර නායකත්වය දැරුවේ කිරාන් පොලාඩ්ය.පොලාඩ් කාසියේ වාසිය ලැබ ඉන්දීය කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර එම තීරණය නිවැරදි බවට සනාත කරමින් ගෙවුණු චැම්පියන්ස් කුසලාන තරතාවලියේ වීරයා වූ සිකර් ධවාන් ලකුණු 11ටත් විරාට් කෝලි ලකුණු 11ටත් පිටියෙන් ඉවත් කරන්නට හැකි විය.නමුත් රෝහිත් ෂර්මා (60),සුරේස් රයිනා (44),නායක දෝනි (27 ) මෙන්ම දිනේෂ් කාර්තික්(23 )දැක්වූ දායකත්වයද එක කර ඉන්දීය ඉණිම ලකුණු 229 දක්වා රැගෙන ගිය අතර අවසාන පන්දු 8 තුළ ලකුණු 17 ක සබදතාවයකට දැයක වෙමින් ඉන්දියාවේ බුවනේෂ්වර් කුමාර් පන්දු 5 කින් ලකුණු 11 ක් ලබා දීමත් නිසා ඉන්දීය ඉණිම පන්දු ඕවර් 50 නිමාවේ කඩුලු 7 ට ලකුණු 229 ක් විය.
පන්දුවෙන් දස්කම් දැක් වූ කැමර් රොච් සහ ඩැරන් සාමි ලකුණු 41 බැගින් ලබා දී කඩුලු 2 බැගින් ලැබූ අතර ටිනෝ බෙස්ට් ලකුණු 51 ට කඩුලු 2 ක් දවා ලීය.ලකුණු විස්තරයට පිවිසීම සදහා පහත සබදතාවය භාවිතා කළ හැකිය.http://www.espncricinfo.com/tri-nation-west-indies-2013/engine/match/597924.html
www.supirikrida.com

ලංකාවට 2023 වෙනකං අයිසීසී තරග නැහැ

න්ඩනයේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික විධායක කමිටු රැස්වීමේ දී 2023 තෙක් අයිසීසී ය විසින් මෙහෙයවන්නට යෙදෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සදසහා සත්කාරත්වය පිරිනැමීමට සුදුසු කිනම් රටවල් ද යන්න තීරණය වූ අතර එහිදී එම කාල වකවානුවේ පැවත්වෙන ජාත්‍යන්තර ඉසව්වක සහය සත්කාරකත්වයක් සදහා ලංකාවට අවස්ථාව ලැබී නැත.1996 වසරේ ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය මෙන්ම 2011 වසරේ ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ද දැරූ ශ්‍රී ලංකාව නිමා වූ 20/20 තරගාවලියේ තනි සත්කාරකත්වය දැරීය.
මෙසේ සත්කාරකත්වයන් පිරිනැමීමේදී ඉන්දියාවට විශල අවස්ථාවක් නිර්මාණය වී ඇති ඔවුන්ට එම කාලය තුළ දී ලෝක කුසලාන සීමිත පන්දු වාර තරගාවලියක්,20 / 20 තරගාවලියක් මෙන්ම අයිසීසී ය මෙම විධායක සභාවේදී ගිවිස ගත් පරිදි පවත් වන්නට නියිමිත අයිසීසි ටෙස්ට් තරගාවලියක් සදහා ද සත්කාරකත්වය ද ඹවුන්ට හිමි වී ඇත.මේ අතර බංගලාදේශයද සත්කාරකත්වය පිරිනැමීම සදහා සළකා බලමින් සිටින අතර බංගලාදේශ ක්‍රීඩා පිටි තණතීරු සළකා බැලීමෙන් අනතුරුව තත්ත්වය යහපත් නම් 2014, 20/20 තරගාවලිය සංවිධානය බංගලාදේශය ට හිමි වනු ඇත.
මෙම විධායක සභාවට ලංකාව නියෝජනය කරමින් ක්‍රිකට් ආයතන සභාපති ජයන්ත ධර්මදාස ද,ලෙක්ම් නිශාන්ත රණතුංග ද සහභාගි වීය.
www.supirikrida.com

Jun 30, 2013

කණිටු ලෝක සූරිය පැරද වූ නදීකා වාර්තාවකුත් සමග ඉන්දියාවට

පින්ලන්තයේ පිහ්ටිපුඩා හි පැවති හෙල්ල වීසි කිරීමේ සැණකෙළියේ දී කාන්තා අංශයේ ඒ කාණ්ඩය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ නදීකා ලක්මාලි ඉකුත් වසරේ ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ රන් පදක්කම්ලාභිණිය වූ සොෆී ෆ්ලින්ක් පරායට පත් කරමින් එම ඉසව්වේ ජයග්‍රාහිකාව වූවාය.දින කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක මෙම සැණකෙළියේ මීට පෙරද දෙවන ස්ථානයක් දිනා සිටි නදීකා,03 දා පූනේ හී පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියට පින්ලන්තයෙන් පිටත් වීමට පැය කිහිපයකට පෙර එම සැණකෙළියේ අවසාන අදියර නියෝජනය කරමින් එම ජයග්‍රහණය වාර්තා කළේ මීටර් 59.32 ක දක්ෂතාවයක් දක්වමින්ය.
සොෆී
ඇය හිමි උත්සාහයන් හයේ තෙවන උත්සාහයේදී එම දස්කම ප්‍රදර්ශනය කළ නදීකා, දෙවන උත්සාහයේ දී වාර්තා කළ මීටර් 51.84 එම ඉසව්ව තුළ ඇය වාර්තා කළ අඩුම දුර වූවාය.කණිටු ලෝක සූරිය වන සොෆී 2012 දී එම ජයග්‍රහණය වෙනුවෙන් වාර්තා කර ඇති මීටර් 61.40 ඇයගේ ඉහළම දස්කම සැළකෙන අතර නදීකා ගේ පුහුණුකරු ඒජේ රොද්‍රිගෝ සුපිරික්‍රීඩා වෙත අදහස් දක්වමින් පැවසුවේ ඇය ශ්‍රී ලංකාවේ පුහුණු කටයුතු වල නියැලි අවසාන කාලයේ මීටර් 60 ඉක්මවා දස්කම් දැක් වූ බැවින් ඇය පූනේ හී දී එම සීමාවට පිවිස මීටර් 60 සීමාවට පිවිසි පළමු හෙල්ල වීසි කිරීමේ ලාකේය ක්‍රීඩිකාව වීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.
මේ අතර මෙම තරගයට ඉදිරිපත් වූ සචිත් මධුරංග මීටර් 77.81 ක දුරක් හෙල්ල වීසි කරමින් එම ඉසව්වේ පස් වැනි ස්ථානය දිනා ගත්තේය.
www.supirikrida.com

ජයග්‍රාහී තිලකා හෙට ලංකාවේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් බෘනායි පෙළ ගස්වයි


Photo: Waiting for Sri Lanka team arrival with Mimith and Zahara
සියානු යොවුන් දැල් පන්දු තරගාවලියේ සත්කාරකත්වය දරන බෘනායි කණ්ඩායම වෙනුවෙන් මාර්ගෝපදේශණය සපයන අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකාව අහිමි කර ගත් සුපිරි පුහුණුකාරිය තරගාවලිය අරඹමින් පැවති ජපානය සහ බෘනායි අතර තරගයෙන් බෘනායි කණ්ඩායමට ලකුණු 48 / 26 ක ජයක් ලබා ගැනීමට අවශ්‍යය මග පෙන්වීම ලබා දුන්නාය.ශ්‍රී ලංකාව පළමු වරට මෙවර ආසියාතික යොවුන් තරගාවලියේ තරග බිමට පිවිසෙන්නේ තායිලන්තයට එරෙහිව වන අතර තිලකා තරගාවලියේ සත්කාරක රට වන බෘනායි කණ්ඩායමට පසු බානායි වැසියන්ගේ සහයෝගය හිමි රට ශ්‍රී ලංකාව බවට පත් කිරීමට පියවර ගෙන ඇත.ඒ සදහා තමාට ඉතා ඉහළින් සත්කාරකත්වය සහ ගෞරවය පුද කරන බෘනායි වැසියන් ශ්‍රී ලංකාව උද්යෝගිමත් කිරීමට පෙළ ගැස්වීමට තිලකා සූදානම් වන ආකාරය පිළිබද කදිම නිදසුනක් මෙම ඡායාරූපයෙන් දැක ගත හැකිය.

විදින්නියන් මත යැපෙන්න නොගියොත් ශ්‍රී ලංකාවට කුසලානයට විදිය හැකියි

ණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉනික්බිති ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමේ වඩාත් දක්ෂතා දක්වා ඇති ක්‍රීඩාව ලෙස සැළකෙන දැල් පන්දු ක්‍රීඩාවේ ආසියානු යොවුන් ක්‍රීඩිකාවන් අතර අංක එක වීම සදහා ශ්‍රී ලංකාව උත්සාහ දරන ආසියානු යොවුන් දැල් පන්දු සූරතාවලිය අද බෘනායි හී දී ඇරඹෙනවා.අවස්ථා ගණනාවකදීම ආසියානු යොවුන් දැල් පන්දු කිරීටයට ළගා වීමට ශ්‍රී ලංකාව ගත් උත්සාහය ත්සාහ මෙවර සපල කර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ ජානකී ගුණසේකරගේ මග පෙන්වීම යටතේ පිටියට බසින සේමිනි අල්විස් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ටයි.
මෑත කාලයේ ලාංකේය දැල් පන්දුවේ වාසනාවක් බවට පත්ව සිටින තර්ජනී සිවලිංගම් ගේ දැල වදීම සහ උස කේන්ර්‍ද්‍රීය කර ගත් දැල් පන්දු ක්‍රීඩාවේ විලාසිතාව වී ඇත්තේ තරගයේ වැඩි වගකීමක් දැල විදින්නිය වෙත පැවරීමයි.මේ නිසාම ආරක්ෂක පෙළ සහ මැදි පෙළ යම් පසුබෑමකට ලක් වී සිටින අතර ඒ නිසා තර්ජනී ගේ උස ප්‍රයෝජනයට ගනිමින් දුර යොමු කිරීම් මගින් ලකුණු රැස් කිරීම ලාංකේය දැල්පන්දු විලාසිතාව බවට පත් වී තිබෙනවා.
මෙම යොවුන් සූරතාවලියේදී තර්ජනී නොමැති අතර පෙර කල මෙන් කණ්ඩායම සමබරව ක්‍රිඩා කිරීම ඒ නිසා වැදගත් වෙනවා.ප්‍රතිවාදීන්ට සිය ආරක්ෂක පෙළ අභිබවා යාමට නොහැකි වන පරිදි ගත හැකි සියළුම නීත්‍යාණුකූල උත්සාහයන් සමග මුළු තරග කාලයම ශක්තිමත්ව ශරීර යෝග්‍යතාවයෙන් යුතුව මුහුණ දීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ වගකීම වෙනවා.එසේම තීරණාත්මක මොහොතවල් වලදී පන්දුව ස්වීය කණ්ඩායම තුළ පාලනයට නතු කරගෙන කාල කළමණාකරණයට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් උපක්‍රමශීලීව සංයමයෙන් කටයුතු නොකිරීමත් ඉකුත් ආසියානු සූරතා පරාජයට බල පෑවා.ඒ නිසා බොහෝ විට බෘනායි ආරංචි මාර්ග වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙන්ටර්් සෙන්ටර් ක්‍රීඩිකාව වෙනු ඇතැයි විශ්වාස කරන දුලංජි වන්නිතිලක ගේ දරා ගැනීමේ ශක්තිය මෙන්ම ඇය විසින් අවස්ථානෝචිතව කෙතරම් දුරට ක්‍රියා කරයිද යන්නත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වෙනවා ඇති.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති නායිකා සේමිනි අල්විස් මෙන්ම ක්‍රීඩිකාවන් තිදෙනෙකුම ඇතුළත් වන අතර ශ්‍රී ලංකාවේ දැල් පන්දු අනාගතයට වඩා වැදගත් වනු ඇතැයි අපේක්ෂිත සුවිශේෂී ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවක් ද මෙම සංචාරය තුළින් බලාපොරොත්තු විය හැකි බවට දැල්පන්දු ආරංචි මාර්ග ඔස්සෙ ලැබෙන තොරතොරු වලින් ඉගි කරනු ලබන්නේ යොවුන් දැල් පන්දු කිරුළේ අයිතිය මෙවර මැලේසියාවෙන් උදුරා ගැනීමට ශ්‍රී ලංකාවට විශාල ඉඩක් තිබෙන බවයි.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 10 අතරේ ශ්‍රී ලංකාව බී කාණ්ඩයට අයත්ව සිටින අතර ඔවුන් සමග එම කාණ්ඩයේ ක්‍රීඩා කරන සෙසු කණ්ඩායම් වන්නේ සිංගප්පූරුව,තායිලන්තය,මාල දිවයින සහ නේපාලය යන කණ්ඩායම් හතරයි.
එ කාණ්ඩයෙන් තරග වදින බෘනායි කණ්ඩායමේ දක්ෂතා ද ශ්‍රී ලංකාවේ දැල් පන්දු කීර්තාය කෙරෙහි විශාල ලෙස බලපාන කණ්ඩායමක්.ශ්‍රී ලංකාවට ආසියානු සූරතාවය දිනා දීමෙන් අනතුරුව සිදු කරන ලද කෙනහිලිකම් වල ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාවට අහිමි වූ හිටපු ජාතික පුහුණුකාරිය තිලකා ජිනදාස බෘනායි කණ්ඩායමේ පුහුණුකාරිය වෙනවා.ඉතා ශක්තිමත්ව සහ ඉහළ දරා ගැනීමේ ශක්තියකින් සිය කණ්ඩායම සැකසීම පිළිබදව කීර්තිමත් ඉතිහාසයක් ඇති තිලකා,මෙම තරගාවලියේදී බෘනායි කණ්ඩායම කෙසේ සූදානම් කර ඇද්ද යන්න ශ්‍රී ලංකා‍ව පමණක් නොව ආසියාවම බලා සිටින කාරණයක් වෙනවා.
ජාත්‍යන්තර වැදගත් කමක් ඇති තිලකා ගේ වෘත්තීය පුහුණුකාරත්වය දෙස යොමු වී ති‍බෙන ලෝක අවධානය වඩාත් පුළුල් කිරීමට බෘනායි කණ්ඩායම දක්වන දක්ෂතා ඉතා වැදගත් වනු ඇති අතර, මැලේසියාව,ජපානය,හොංකොං සහ ඉන්දියාව අයත් වන එම කාණ්ඩයෙන් අවසාන කණ්ඩායම් හතරට ඒම සදහා බෘනායි කණ්ඩායම දරන වෑයම මෙවර ආසියානු සූරතාවලියේ පෙරළිකාරම කණ්ඩායම බෘනායි බවට පත් කරන්නට විශාල ඉඩ - කඩක් විවරව පවතිනවා.

ආසියානු මේස පන්දු සූරතාවලිය අද ඇරඹේ

කොරියාවේ බූසාන් නුවර සාජික් ගෘහස්ථ ක්‍රීඩා සංකීරණයේදී අද ආරම්භ වීමට නියමිත ආසියානු මේස පන්දු සූරතාවලියේදී සිය ස්ථානය තව දුරටත් පෙරට ගෙන ඒමේ අදිටනින් ශ්‍රී ලංකා මේස පන්දු ක්‍රීඩකයන් මෙන්ම ක්‍රීඩිකාවන් ද සෑම උත්සාහයක්ම ගනු ඇති බව ලාංකේය මේස පන්දු සංගම් උපුටා දක්වන වාර්තා සදහන් කරයි.ජූනි 30 සිට ජූලි 07 දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියට ලොව ප්‍රබලතම මේස පන්දු සංස්කෘතියක් ඇති ආසියානු රටවල් සමග රටවල් 25 ක් එක් වී සිටින අතර,කලෙකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ ප්‍රවීන ක්‍රීඩක ඉන්දික ප්‍රසාද් ඇතුළුව ක්‍රීඩකයන් සිව් දෙනෙකු මෙම තරගාවලියේ පිරිමි අංශයෙන් තරග බිමට පිවිසීමට සූදානමින් සිටිති.
නාවික හමුදාව නියෝජනය කරන ඉන්දික ට අමතරව පිරිමි කණ්ඩායමට නායකත්වය දෙන රොහාන් සිරිසේන සහ මිලින්ද ලක්ෂිත නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවය.ශ්‍රී ලංකාවේ අනාගත මේස පන්දු බලාපොරොත්තුව ලෙසට පැහැබරව දිලෙන මහනුවර නිද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ ද කණ්ඩායමට එක් වී සිටියි.
කාන්තා ක්‍රීඩිකාවන්ගේ නායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ජාතික සූරී ඉෂාරා මධුරංගිට හිමිව ඇති අතර මලියදේව බාලිකාවේ පවනි සිරිසේන ද,මහනුවර මහමායාවේ රිද්මි කරදනආරච්චි ද සෙසු කාන්තා නියෝජනයන් වෙති.
www.supirikrida.com