Feb 2, 2013

තෑගි පිරුණු ලංකා ලයන්ස් මාර්ග ධාවන තරග 10 දා


ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය 
සංවිධානය කරන මාර්ග ධාවන තරග පෙබරවාරි 10 දා කොළඹ දී පැවත්වීමට කටයුතු යොදා ඇත.පිරිමි සහ කාන්තා ලෙස පැවත්වෙන මෙම තරගාවලිය එම දෙ'අංශයෙන්ම ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ ලෙස ද කොටස් කර පැවත්වීමට තීරණය වී ඇත.
පිරිමි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ බාලක තරග බම්බලපිටිය දුම්රිය ස්ථානය අසළින් ඇරඹෙන අතර කාන්තා ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ බාලිකා තරග කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපස පිහිටි මහවැලි කේන්ද්‍රයෙන් ඇරඹිමට කටයුතු යොදා ඇත.පිරිමි අංශයේ තරග කිලෝ මීටර් 21 ක දුරක් සහ කාන්තා අංශයේ තරග කිලෝ මීටර් 15 ක දුරක් ක්‍රියාත්මක වීමට නියමිත අතර,ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රාහකයාට රුපියල් 25,000 ක් සහ එම අංශයේ ජයග්‍රාහිකාවට රුපියල් 20,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට නියමිතය.කණිෂ්ඨ අංශයේ පළමු ස්ථාන සදහා පිරිනැමෙන මුදල් ත්‍යාග රුපියල් 12,000 කි.
තරගයේ  මුදල් ත්‍යාග පිළිබද විස්තර සමග අයදුම් පත්‍රය ද පහත සදහන් වන අතර මෙහි ඇති අයදුම් පත්‍රය අදාළ තොරතොරු සමග පෙබරවාරි 7 දා ට පෙර  ගරු ලේකම්,ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය,පූමා ගොඩනැගිල්ල,අංක 307, ගාලු පාර,කොළම 03,  ලිපිනයට යොමු කළ යුතුය.

www.supirikrida.com

උතුරු - නැගෙනහිර මේස පන්දු හපන්නු පළමු වරට කොළඹ ඇවිත් හැප්පෙති

සියානු - ජර්මන් හුවමාරු ක්‍රීඩා වැඩ සටහනේ දායකත්වය ඇතිව නිදහස් දින සැමරුම වෙනුවෙන් උතුරු - නැගෙනහිර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෙන් වූ මේස පන්දු තරගාවලිය අද සහ හෙට දෙදින තුළ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා බිමේදී පැවත්වේ.මේ, එම දෙ'පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඔ දී තරග වින පළමු අවස්ථාව මෙය වේ.
 අබාන්ස් ආයතනය මෙන්ම සම අනුග්‍රාහකයන් ලෙස Aquarious Beach Hotel සහ Nillavelli Peace Village මේ සදහා එක් වීමට නියමිතය.එම තරගාවලියේ මූලික සැලසුම් වලට අනුව අනුග්‍රාහකත්වයන් දිනා ගැනීම මෙන්ම විශේෂ අවස්ථා අළලා සැකසි ප්‍රචාරක ඡායාරූපයක් මෙහි දැක් වේ.
www.supirikrida.com


අද ඇරඹෙන දැයට කිරුල වෙරළ වොලිබෝල් තරග ආසියාතික තරගවලට පෙරහුරුවක්

ද ඇරඹෙන දැයට කිරුළ වෙරළ වොලිබෝල් තරගාවලියේ දක්ෂතා අප්‍රේල් මස තායිලන්තයේ දී පැවත්වෙන ආසියාතික වෙරල වොලිබෝල් තරගාවලියේ තේරීම් සදහා පෙරහුරුවක් ලෙස යොදා ගැනීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.1992 ජනවාරි 1 දා ට පසු උපන් ක්‍රීජක ක්‍රීඩිකාවන්ට පමණක් සහභාගි වීය හැකි ආධුනික තරගාවලිය මෙන්ම ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන විවෘත තරගාවලියක් ලෙස දෙ'අංශයකින් කාන්තා සහ  පිරිමි ලෙස ක්‍රියාත්මක වන මෙම තරගාවලියේ අද සහ හෙට පැවත්වෙන තරග මීගමුව කැම්ලට් හෝටලය අසළ වෙරළ තීරයේදී ද,අම්පාර සයිදමරිදු YMCA වෙරළ තීරයේ සහ හම්බන්තොට වෙරළ තීරයේද පැවත්වේ.උතුරු පළාත් තරග පැවත්වෙන්නේ පෙබරවාරි 9 සහ 10 යන දෙදින තුළ කිලිනොච්චිය වෙරළ තීරයේදී ය.
තරගාවලියේ අවසාන තරග දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව ආරුගම්බේ වෙරඝ තීරයේදී පැවත්වීමට නියමිතය.
www.supirikrida.com

ජයවීර‍ වීරකම් රැගෙන හෙට නික්ම යයි


ර්ථමාන ජාතික කබඩි පුහුණුකරු  මෙන්ම මාතර දිස්ත්‍රික් තබඩි සංගමයේ ලේකම් ධූරයද දරණ පේමානන්ද ජයවීර මහතා හදිසියේ අභාවප්ප්‍රාප්ත වූ අතර එතුමාගේ අවසාන කටයුතු එළැඹෙන ඉරුදින (03) මාතර පොදු සුසාන භූමියේදී පස්වරු 1.30 ට සිදු කිරීමට නියමිතය.1993 දී පළමු වරට විදේශ සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමේ නායකයා ලෙස බංගලාදේශයේ පැවති හයවන ආසියාතික කබඩි තරගාවලියේදී ශ්‍රී ලංකා පිළ මෙහෙය වූ  ජයවීර මහතා, කබඩි පුහුණකරුවෙකු ලෙස පත් වීමෙන් පසු  අවස්ථා ගණණාවකදීම ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වශයෙන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා දුන් ජාතික කණ්ඩායම්වල පුහුණුකරු ලෙස කටයුතු කළේය.
ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස ද ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කළ ජයවීර මහතා, මිය යන විට 56 හැවිරිදි වියේ පසු විය. දැනට ඒ මහතාගේ දේහය මාතර, පඹුරණ, තුන්වන පටුමගේ පිහිටි ‘විමුක්ති නිවසේ’ තැන්පත් කර තිබේ.   

ලොකුසූරියගේ 'ලොකු සූරකම' ඉදිරියේ එංගලන්තයට ඓතිහාසික පරාජයක්

Sri Lankan players celebrate after their one-wicket victory
ක්‍රියාත්මක වන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය වන ශ්‍රී ලංකා - එංගලන්ත තරගයේදී කෞශල්‍යයා ලොකුසූරිය පෑ ජවසම්පන්න ප්‍රහාරයේ  කෞශල්‍යය හේතුවෙන්  එක් කඩුල්ලක ඓතිහාසික ජයක් හිමි කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය.වත්මන් ලෝක කුසලාන සූරියන් වන එංගලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාව ලැබූ මෙම ජය අති විශිෂ්ඨ ජයග්‍රහණයක් වන අතර එය එංගලන්ත කණ්ඩායමකට එරෙහිව ලද පළමු ජය ලෙස ද ඉතිහාසයට එක් වන්නේය.
මෑත කාලයේ පැවති තරග වලදී පන්දු රැකීමේ සහ පන්දු යැවීමේ අංශයන් හී ප්‍රගතියක් පෙන්වමින් සිටි ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී පිතිකරණ අංශය පිළිබදව සැළකිල්ලකින් කටයුතු කරන බව පැහැදිළි කරමින් පුහුණු තරග වලදී දකුණු අප්‍රිකාවද පරාජය කළේය.
Eshani Kaushalya scored 56 off 41 deliveriesකණ්ඩායමේ සංයුතිය ගත් විට අංක 10 දක්වාම පිතිකරණයේ හැකියාවක් ඇති ක්‍රීඩිකාවන් සිටින කණ්ඩායමක් වශයෙන් හැදින්විය හැකි ශ්‍රී ලංකාව මෙම තරගයේදී ද චමරි අතපත්තු සහ යශෝධා මෙණ්ඩිස් ගේ සුපිරි පිතිකරණය ඉදිරියේ ජයග්‍රාහී ස්ථාවරයකට පිවිසිණ.විශේෂයෙන් පන්දු 72 දී ලකුණු 62 ක් ලැබූ චමරි සහ ලකුණු 46 ක් ලැබූ යශෝධා ආරම්භක කඩුල්ලට ලැබූ ලකුණු 103 එංගලන්තයේ ලකුණු 238 ක ලකුණු ප්‍රමාණය හඹා යා හැකි බවට ගොඩ නැගූ විශ්වාසය පසු පෙළ පිතිකරණයට මහත් සැහැල්ලුවක් උදා කළේය.
නමුත් ලොව ප්‍රවීනතම ක්‍රිකට් ක්‍රීඩිකාවක් බවට අවිවාදිත චාලට් එඩ්වඩ්ස් ගේ නායකත්වයෙන් වූ එංගලන්තය යළිත් තරගයට පිවිස ශ්‍රී ලංකා ලකුණු පූවරුවේ පාලනය සියතට ගත් අතර චමරි සහ යශෝධා ගේ සාර්ථකත්වය රැක ගත හැකි ඉණිමක් මුල් පෙළේ පිතිකාරිණියන් අතරින් ක්‍රියාත්මක කළේ නායිකා ශෂිකලා සිරිවර්ධන පමණි.ඇය ලකුණු 34 ක් ලැබූ අතර ජයග්‍රහණය ආසන්නයේ සිටි ශ්‍රී ලංකා ලකුණු පූවරුව 39 වන ඕවරයේ පළමු පන්දුව වන විට කඩුලු 5 ට ලකුණු 157 ක් බවට පත් වූයේ ජයග්‍රාහී ඉලක්කය ඕවරයකට ලකුණු හයකටත් වැඩි කරමින්ය.
එහෙත් සිව් වන කඩුල්ල දැවීමෙන් පසු පිටියට පිවිසෙන කෞශල්‍යයා ලොකුසූරිය සිය පළමු ලකුණ නෙලා ගන්නට පන්දු 8 ක් වෙහෙසී බලා සිටියද,ඉන් අනතුරුව 6 වන කඩුල්ල වෙනුවෙන් චාමිණි සෙනවිරත්න (14) සමග ලකුණු 40 ක් ද,අනතුරුව දීපිකා රසාංගිකා සහ ඩිලානි මනෝදරා සමග ද එක් වෙමින් එංගලන්ත පන්දු යවන්නියන්ට බැට දුන් කෞශල්‍යයා පන්දු 41 දී ලකුණු 56 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ජය මාවත උදා කර දුන්නේය.තරගය නිමා වන්නට පන්දු 3 ක් තිබිය දී අනවශ්‍යය ආකාරයට දුවද්දී දැවී යමින් සිය ඉණිමේ වටිනාම මොහොත සමරන්නට ක්‍රීඩා පිටියේ රැදෙන්නට වරම් අහිමි කර ගත් කෞශල්‍යයා සමග තරගයේ ජයග්‍රාහී බලාපොරොත්තුව,ජය - පරාජය නොවිසදුණු තරගයක් දක්වා පරිවර්ථනය වූව ද,තරගයේ තීරණාත්මක අවසාන පන්දුවේදී දැවැන්ත හයේ පහරක් එල්ල කළ ඩිලානි මනෝදරා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණය උදා කර දුන්නාය.
කෞශල්‍යයා සිය ලකුණු 56 වෙනුවෙන් එල්ල කළ දැවැන්ත හයේ පහර තුනෙන් දෙකක්ම ලෝන් ඕන් සහ ලෝන් ඕෆ් කළාප වලින් එල්ල කළ ඒවා වීම කැපී පෙණින.හරහා පහර එල්ල කිරීමට වඩා පන්දුව එන දෙසින් පහර එල්ල කිරීමට කෞශල්‍යයා දැක් වූ කුසලතාවය කැපී පෙණුන අතර ඒ නිසා ඇයගේ ඉණිම පිටියේ සිව් අතට ප්‍රහාර එල්ල වූ ඉණිමක් විය.
එංගලන්තය සිය පන්දු ඕවර් 50 තුල රැස් කළ ලකුණු 238 ක් වැය වූ අතර එයින් අවසන් පන්දු 13 දී ලකුණු 35 ක් වැය වූ අතර තරගයේ අවසාන පන්දු 5 දී එංගලන්තය ශ්‍රී ලංකා නායිකාවගේ පන්දු ඉදිරියේ ලකුණු 15 ක් උදුරා ගැනීම කැපී පෙණින.එංගලන්ත ඉණිමේ ආරම්භයේදී ලකුණු 29 ට කඩුලු 3 ක් අහිමි කර ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ තරගයට අවතීර්ණ වුව ද,ආරන් බ්‍රින්ඩ්ලේ සහ ලීඩියා ග්‍රීන් වේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සබදතාවයක් පවත්වමින් සහ අනතුරුව හය වන කඩුල්ලට ජෙනී ගන් (52) සහ ඇමී ජෝන්ස්  (41) එක්ව රැස් කළ ලකුණු  83 ද නිසා එංගලන්ත ලකුණු පූවරුවට  ලකුණු 238 දක්වා ගමන් කරන්නට හැකි විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයෙන් උදම් වන අයුරු සහ කෞශල්‍යාගේ සුපිරි ඉණිමේ අවස්ථාවක් මේ සමග වන ඡායාරූප වලින් දැක්වෙන අතර පහත සබදතාවය හරහා තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/icc-womens-world-cup-2013/engine/match/594894.html
www.supirikrida.com




Feb 1, 2013

තත්පරයේ පෑ මායම් තත්පරයෙන් සේදෙයි

CSN නාලිකාවේ විකාශය වන තත්පරය සංවාදාත්මක වැඩ සටහනට සහභාගි වෙමින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලන සභාපතිවරයා බැඩ්මින්ටන් පාසල පුද්ගලයෙකුට පැවරීම පරිපාලනය විසින් ගත් නිවැරදි තීන්දුවක් බවත්,එයින් ආදායමක් ලැබෙන බවත් පෙන්වා දෙමින් කළ ප්‍රකාශයේ සාවාද්‍යතාවය පසුගියදා බැඩ්මින්ටන් පරිපාලනයේ මහා සභා රැස්වීමේදී හෙළ වී ඇත.එහිදී එම අවස්ථාවට එක් වූ පිරිස් බැඩ්මින්ටන් පාසල පිළිබදව විමසීමේදී එයින් සම්මේලනයට ලැබිය යුතු රුපියල් 1,80,000 ක මුදලක හිගයක් පවතින බව හෙළි වී ඇත.
එවැනි ගෙවීමක හිගයක් පවතිද්දී ද,එය නොතකා එම මුදල පියවිය යුතු පුද්ගලයාට සම්මේලනය විසින් ගෙවිය යුතුව ඇති මුදලින් හිග මුදල් අය කර ගැනීම වෙනුවට,අදාළ මුදල් ගෙවීම සිදු කර තිබෙන බව ද එහිදී අනාවරණය වී ඇත.එසේම ගිණුම් කටයුතු නිවැරදිව සදහන් කර ඉදිරිපත් නොකිරීම පිළීබදව ද,එහි දී පරිපාලනය ප්‍රශ්න කිරීම් වලට ලක් ව ඇති බව ද සුපිරික්‍රීඩා ආරංචි මාර්ග පැහැදිළි කරයි.
www.supirirkrida.com

Jan 31, 2013

මම දේශපාලනයට වඩා ක්‍රිකට් වලට ආදරෙයි - සනත් ජයසූරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරයට පත් සනත් ජයසූරිය සුපිරික්‍රීඩා සමග එක්වෙමින් ප්‍රකාශ කළේ,තමන් දේශපාලනයට වඩා ක්‍රිකට් වලට ආදරේ බවය.තමන් දේශපාලනය සහ ක්‍රීඩාව යන විෂයන් දෙකේම නිරත වූව ද,මේ සියල්ල ක්‍රිකට් නිසා හිමි වූ බව සනත් ගේ අදහසය.ජනතාව වඩා ආදරේ ක්‍රිකට් ක්‍රීඩකයාට,මහජව නියෝජිතයෙකු ලෙස පිළිගන්නට මුල් වන්නේත් මම ක්‍රීඩකයෙකු වීම යැයි පවසන සනත්,ඒ නිසා සිය වගකීමක් සහ යුතුකමක් කොට සිතා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරය භාරගත් බව ප්‍රකාශ කළේය.
තමා ක්‍රිකට් නායකත්වයට පත් වන විට ද,එවකට ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ව සිටි, අර්ජුන,අරවින්ද,මහානාම සහ හෂාන් යන දැවැන්තයන් ක්‍රිකට් වලට සමු දී සිටි බව ප්‍රකාශ කළ සනත්,එහිදී අලුත් පරපුරක් ගැන විශ්වාසය තබමින් සිදත් වෙත්තමුණි තේරීම් කමිට සභාපතිවරයා ලෙස ගත් අභියෝගාත්මක තීරණය නොවන්නට තමන්ට කණ්ඩායමේ නායකත්වය අහිමි වන්නට ද තිබූ බව පෙන්වා දෙයි. සනත් ප්‍රකාශ කරන්නේ අදටද එම කාරණය නිසා සිදත් වෙත්තමුණි පිළිබදව තමා තුළ ඇත්තේ විශාල ගෞරවයක් බවය.
තමන්ට ද ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරය ලැබෙන්නේ,කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨයන් ඉවත්ව යාමට සැරසෙමින් සිටින මොහොතක බැවින් මෙය ද එක්තරා අන්දමක දුෂ්කර කාර්යයක් බව පවසන සනත්,තමන් මෙන් විශාල දුෂ්කරතා මැද ක්‍රිකට් ක්‍රීඩා කරන විශිෂ්ඨයන් සොයා ඔවුන් රටට දායාද කිරීමට මෙම වගකීම හරහා උත්සාහ කරන බව පැවසීය.එසේම සනත් නායකත්වයට පත්වන අවධියේ ශ්‍රී ලංකාව ලොව හොදම ටෙස්ට් කණ්ඩායම වීමට සිහින දකිමින් සිටි සමීප වෙමින් නැවත දුරස් වෙමින් තිබෙන එම සිහිනය යථාර්තයක් කර ගැනීමට හැකි කණ්ඩායමක් නිර්මාණය කිරීමට උත්සාහ දැරීම සිය වගකීම කොට සිතන බව ද සනත් පවසයි.
www.supirikrida.com

සංදේශ් සහ පියුමිලා කොළඹ දිස්ත්‍රික් මේස පන්දු සූරයෝ වෙති

  ල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවති 2013 කොළඹ දිස්ත්‍රික් මේස පන්දු තරගාවලියේ අතිසූර ක්‍රීඩක සූරතා කොළඹ ආනන්ද විද්‍යාලයේ සංදේශ් නිශ්ශංක සහ කෙළෙඹ අනුලා විද්‍යාලයේ හසිනි පියුමිලා විසින් දිනා ගන්නට යෙදිණ.සංදේශ තරගාවලියේ අවුරුදු 15 න් පහළ අනු සූරතාවය සහ විවෘත තරග අංශයේදී වෛද්‍ය ජීඑන් ලූකස් ඉදිරියේ පරාජය ලබමින් එහි අනු සූරතාවය ද දිනා ගත් අතර අවුරුදු 18 න් පහළ සූරතාවය දිනා ගැනීමට සමත් විය.අවුරුදු 18 න පහළ සූරතාවය දිනා ගැනීමේදී සංදේශ් අතින් පරාජයට පත් වූ කොළඹ රාජකීය විද්‍යාලයේ විරුනික හෙන්දහේවා අවුරුදු 15 න් පහළ අවසාන තරගයේදී සංදේශ්ව පරාජය කිරීමද කැපී පෙණින.
පියුමිලා මෙම තරගාවලියේ අති සූර ක්‍රීඩිකාව වීමේදී අවුරුදු 15 න් පහළ සූරතාවය සහ විවෘත කාන්තා සූරතාවය දිනා ගැනීම කැපී පෙණින.කෙළෙඹ දිස්ත්‍රික් මේස පන්දු සංගමය නිකුත් කළ නිල ප්‍රතිපලය ඒ ආකාරයෙන්ම පහත දැක්වේ.
 Final Results
Under 08 Girl’s Singles : Hasali  Sanaya Buddhadasa of Visakha Vidyalaya, Colombo beat Selini Herath
of Girls High School, Mt Lavinia – 11/07, 11/05.
Under 08 Boy’s Singles : Senura Dilanka Silva of Isipathana College, Colombo beat Thumal
Adikary of  Royal College, Colombo - 11/01, 11/01.
  Under 10 Girl’s Singles :  Ayla Chitty of Ladies College, Colombo beat Ushiri Perera of Girls High
School, Mt Lavinia - 08/11, 11/07, 11/07.
Under 10 Boy’s Singles : Thisas Ranchagoda of  Royal College, Colombo beat Chanupa Gunasena
of Ananda College, Colombo – 14/12, 11/04.
Under 12 Girl’s Singles : Senuri Perera of Anula Vidyalaya, Nugegoda beat Nilani Herath of Girls
High School, Mt Lavinia 10/12,11/08,11/08.
Under 12 Boy’s Singles : Dewmith Weerasena of Lyceum International School, Nugegoda beat
Thisas Ranchagoda of  Royal College, Colombo - 11/09, 11/02.
Under 15 Girl’s Singles : Hansani Piumila of Anula Vidyalaya, Nugegoda beat Chamathsara
Fernando of Girls High School, Mt Lavinia - 11/03, 11/05.
Under 15 Boy’s Singles : Virunaka Hendaheva of Royal College, Colombo beat  Sandesh
Nissanka of Ananda College, Colombo 11/06 , 11/09.
Under 18 Girl’s Singles : Dewmini weerasena of Musaeus College, Colombo beat Chamathsara
Fernando of Girls High School, Mt Lavinia - 12/10 , 11/13,11/09.
Under 18 Boy’s Singles : Sandesh Nissanka of Ananda College, Colombo beat  Virunaka
Hendaheva of Royal College, Colombo - 11/06, 09/11, 11/08.
Women's Singles : Hansani Piyumila of Anula Vidyalaya, Nugegoda beat Vinodya De Silva of
Royal Institute, Nugegoda 11/03, 11/06.
Men's Singles : Dr. G N Lucas of Veterans TT Association beat Sandesh Nissanka of Ananda
College, Colombo 06/11, 11/09, 15/13.
Most outstanding Player of the Tournament ( Girls ) Hansani Piyumila of Anula Vidyalaya, Nugegoda
Most outstanding Player of the Tournament ( Boys ) Sandesh Nissanka of Ananda College, Colombo
www.supirikrida.com

ජාතික යොවුන් බොක්සිං තරගාවලිය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී

ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය අභියෝග කුසලානය වෙනුවෙන් පවත්වන ආධුනික බොක්සිං සම්මේලනය මෙහෙයවන ජාතික යොවුන් බොක්සිං තරගාවලිය පෙබරවාරි 8 ,9 සහ 10 යන තෙදින තුළ කොළම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවත්වීමට නියමිතය.මාර්තු 10 සිට මාර්තු 16 දක්වා පිලිපීනයේ පැවත්වෙන ආසියානු සම්මේලනකුසලාන යොවුන් බොක්සිං තරගාවලිය සදහා තේරීම් කිරීමට මෙම තරගාවලිය පාදක කර ගැනීමට බලාපොරොත්තු වන බැවින් මෙම තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය අපේක්ෂා කරයි.
වයස් අවුරුදු 17 - 18 යන වයස් ඛාණ්ඩාවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත මෙම තරගාවලියට සදහා 1994 - 95 යන වසර වල උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකිය.කිලෝ ග්‍රෑම් 49 සිට කිලෝ ග්‍රෑම් 91 ට වැඩි බර පංතිය දක්වා පිරිමි ක්‍රීඩකයන්ට තරග පැවත්වෙන අතර ක්‍රීඩිකාවන්ගේ බර පංති කිලෝ ග්‍රෑම් 48 සිට 81 ට වැඩි බර පංතිය දක්වා විවෘත වේ.
ඉකුත් වසරේදී මෙම තරගාවලියේ සමස්ත ගෞරවය මහනුවර විද්‍යාල විසින් අත් කර ගැනීම කැපී පෙණුනු අතර එහිදී සූරතාවය විද්‍යාර්ත විද්‍යාලයටත්,දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් කිංස්වුඩ් සහ ධර්මරාජ විද්‍යාලවලටත් හිමි විය.ඉකුත් වසරේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ටීඩී රණසිංහ ය.දක්ෂතම පරාජිතයා වූයේ සිළුවේටා බොක්සිං සමාජයේ කේඒඒ මධුශංක ය.
www.supirikrida.com

Jan 30, 2013

බේස්බෝල් ක්‍රීඩා සමාජ බෝ කිරීමේ ජන්ද ව්‍යාපාරයක්


 වර්ථමාන බේස්බෝල් පරිපාලනයේ අක්‍රමිකතා පිළිබදව දිගින් දිගටම හෙළිදරව් වීමත්,එම ක්‍රියා කළාප නිසා මේ වන විට ක්‍රියාත්මක ක්‍රීඩා සමාජ දැඩි කළකිරීමට පත්ව සිටීමත් යන කරුණු පදනම් කරගෙන,මෙවර පවතින නිලවරණයේදී,පරිපාලනයට එරෙහි බලවේග ඉස්මතු වේය යන සැකය පදනම් කරගෙන බේස්බෝල් ක්‍රීඩා සමාජ ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දෙන බව කියමින්,බෝඩ් ලෑලි ක්‍රීඩා සමාජ කිහිපයක් ලියාපදිංචි කර ඒවාට ජන්ද බලය ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.ඒ අනුව ලීග් තරගාවලිය මේ වන විටත් අවසන් කර නොතිබෙන තත්ත්වයක ඊ ළග ජාතික තරගාවලිය පවත්වා එම ක්‍රීඩා සමාජවල ඡන්දය බලාත්මන කිරීමේ වෑයමක් නව ක්‍රීඩා සමාජ ලියාපදිංචිය තුළ සැගවී තිබෙන බව ද එම තොරතොරු ඔස්සේ වාර්තා වෙයි.
මේ අතර වර්ථමාන පරිපාලනයට සම්බන්ධ ප්‍රබල චරිත ද එහි ඇතැම් ක්‍රියාවන් පාලනය කිරීමට නොහැකි වී  තිබෙන බැවින් සහ එම නිල නාම බෝඩ් ලෑලි වලට පමණක් සීමා වී එක් අයෙකුගේ උවමනාවන් මත යැපෙන තත්ත්වයට පත් වී තිබීම පිළිබදව කනස්සල්ලෙන් පසුවන බවත්,ඒ නිසා වෙනත් පිරිසක් සමග බලය ලබා ගැනීමට මේ දිනවල රහස් සාකච්ඡාවග නියැලෙන බවත් සුපිරික්‍රීඩා වෙත වාර්තා වන අතර,ඉකුත් වර්ෂයේ මේ වන විට ක්‍රීඩාව ක්‍රියාත්මක වෙමින් පවතින මාලඹේ තාක්ෂණ විද්‍යාලීය කණ්ඩායමට සිය ක්‍රීඩා සමාජය ලියාපදිංචි කිරීමට අවසර නොදෙමින් කටයුතු කළ පරිපාලනය එවැනි ක්‍රීඩා සමාජ කිහිපයක් බේස්බෝල් ක්‍රීඩා සමාජ ලියාපදිංචියට කළ අවසරය ප්‍රතික්ෂේප කරමින් ක්‍රියා කර,ජන්දය ඉලක්ක කර ක්‍රීඩා සමාජ පිහිටුවා බලය රැක ගැනීමට දරණ උත්සාහය පිළිබදව ද කණස්සල්ලෙන් පසුවන බවත්,මේ තත්ත්වය නිසා තමන්ට වෘත්තීය මට්ටමෙන් සමාජය තුළ ඇති පිළිගැනීම පවා පිරිහෙන තත්ත්වයක් ඇති වන බවට එම නිලධාරීන් මැසිවිලි නගන බවත් සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.
එසේ කළකිරීමට පත්ව සිටින පිරිස් තීරණාත්මක මොහොතකදී මෙම පරිපාලනයෙන් වෙන්ව වෙනම පරිපාලනයක් පිහිටුවීමට සූදානම් බව ප්‍රකාශ කරමින් ක්‍රීඩා සමාජ මට්ටමෙන් රහස් සාකච්ඡා පවත්වමින් සිටින බවත් එම තොරතොරු තව දුරටත් අනාවරණය කරයි.ඒ නිසා එළැඹෙන බේස්බෝල් නිලවරණයේදී පවතින පරිපාලනය බෙදී යාමක් ඇති වීමට විශාල ඉඩ - කඩක් පෙන්නුම් කරන අතර එකිනෙකා සම්බන්ධයෙන් ඇති චෝදනා ප්‍රසිද්ධ කරමින් කරන තරගකාරී ස්වභාවයක් මෙවර නිලවරණයේදී අපේක්ෂා කළ හැකි බවත් එම ප්‍රවෘත්තිවලින් පෙන්වා දෙයි.
www.supirikrida.com

Jan 29, 2013

ලෙයට ලේ සටනකින් පසු ශ්‍රී ලංකාව ජය ගනියි

There were heated exchanges after a closely contested matchසිඩ්නි ක්‍රීඩාංගණයේදී සුළු වර්ෂාවකින් පසුව තරගය අත හැර දමා ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගැනීම වැළක් වූ ඕස්ට්‍රේලියාව ඊයේ විනිසුරුවරයන්ගේද,අල්ලපු රටේ තරග තීරක ජවගාල් ශ්‍රීනාත් ගේ  තීරණයෙන්ද සුරැකෙමින් වර්ෂාවෙන් වූ හානිය නෙසළකා තරග වැදුණේ ශ්‍රී ලංකාව ඉදිරියේ 20 - 20 තරගාවලිය පරාජය නොවී සිටීමේ උවමනාවෙන්ය.නමුත් තරගය අතහැර දැමුනේ නම් 1 - 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට ත්‍රබූ අවස්ථාව තරගය පැවත්වීමෙන් 2 - 0 දක්වා පුළුල් කර ගනිමින් පරාජයේ අවමානයේ වර්ගපලය දෙගුණ කර ගන්නට අවසානයේදී ඕස්ට්‍රේලියාවට සිදු විය.
වෙනදා මෙවැනි සිදුවීම් වලින් ශ්‍රී ලංකාව කෝප ගන්වා ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය බිද දැමීමේ උපක්‍රමය මෙවරද ඕස්ට්‍රේලියාව භාවිතා කළ ද,එයින් සාර්ථක වූයේ කෝප ගැන්වීමේ පාර්ශවය පමණි.ඒ නිසා කේන්ති ගිය ලංකාවට පරාජය වූ සුහද සිතින් අත දී සිය ජයග්‍රහණය ගැන සතුටු වන ඕස්ට්‍රේලියානුවන්ට මෙම තරගයේදී සිදු වූයේ තරගයෙන් පසුව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග කෝපාවිශ්ටව හැසිරෙන්නට ය.තරගයේ අවසාන පන්දු කිහිපය වන විට ලෙයට ලෙය සටනක් තරමට ආවේගශීලී වූ අතර දෙපිළ අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම බේරා ගැනීමේ වගකීම අවසාන පන්දුවේදී පැවරී තිබුණු තිසර පෙරේරා,සිය වගකීම පන්දුවට පහර දීමේදී පන්දු 15 ක් තුළ ලකුණු 35 ක් ලබා ගෙන සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ අයුරෙන්ම සිදු කළේ ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය සදහා අවශ්‍යයව තිබූ ලකුණු 4 එක ලකුණට සීමා කරමින්ය.
ශ්‍රී ලංකා ඉණිමේ දී මහේල ජයවර්ධන සිය පරිනත භාවය අපූරුවට විදහා දක්වන ඉණිමක් ක්‍රීඩා කළ අතර ලකුණු 33 ට කඩුලු 2 ක් බිද වැටී සිටියදී තරගයේ හයවන ඕවරයේ සිව්වන පන්දුවේදී පටියට පිවිසි මහේල තරගය නිමාව වන තුරුම පන්දුවට පහර දෙමින් පන්දු 45 දී ලකුණු 61 ක් ලබා නොදැවී සිටියේය.සිව්වන කඩුල්ල සදහා ජීවන් මෙණ්ඩිස්( 25)  සමග එක්ව ලකුණු 63 ක සබදතාවයක් පැවත් වූ මහේල ප්‍රවේගකාරී තිසර සමග ලකුණු 60 ක නොබිදි සබදතාවයක් පස් වන කඩුල්ල වෙනුවෙන් පැවත් වූයේ පන්දු ඕවර් 4 ත 4 දී ය.
පිළිතුරු ඉණිමට පිවිසි ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම බලාපොරොත්තුව වූ ඩේවිඩ් වර්නර් දවා ගනිමින් මෙම තරගාවලිය පුරාම පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාව ජය මාවතට කැදවා යාම ඇරඹූ නුවන් කුලසේකර යහපත් ආරම්භයක් ලබා දුන් අතර නමුත් ෂෝන් මාෂ් සහ නායක බේලි එක්ව තෙවන කඩුල්ල වෙනුවෙන් 86 ක් එක් කරමින් ඕස්ට්‍රේලියාවට ජයග්‍රාහී බලා පොරොත්තු ඇති කළ ද තිසර තීරණාත්මක මොහොතේදී බේලී ව ගොදුරු කර ගනිමින් ද,පිට පිටම හතරේ පහර දෙකක් එල්ල කරමින් හොද විශ්වසනීයත්වයකින් පසු වූ මක්සවෙල් අන්ද- මන්ද කරමින් අවසාන පන්දුව පිත්තේ නොවදින සේ යොමු කරමින්ද ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් වෙමින් තරගයේ වීරයා බවට ද පත් විය.
තරගාවලියේ සමස්ත ලකුණු සටහනට මෙම සබදතාවය ඔස්සේ පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573020.html

www.supirikrida.com 

විලක්කුව සනත්ට

නත් ජයසූරිය තේරීම් කමිටු සභාපති ධූරයට පත් කිරීම තවත් ගැටළු ගණනාවක ආරම්භය විය හැකි බව අපි වාර්තා කළෙමු.නමුත් ක්‍රීඩාවේ දේශපාලන න්‍යාය පත්‍රය විසින් සනත් එම පුටුවේ හිදුවා ඇත.ඒ මාතරම සිය ක්‍රිකට් සගයා වූ ප්‍රමෝදය වික්‍රමසිංහ සමග චමින්ද මෙණ්ඩිස්,හේමන්ත වික්‍රමරත්න සහ එරික් උපශාන්ත සමගය.මේ මුහුණු අතර තිබෙන වික්‍රමරත්න ගේ මුහුණ පැවති තේරීම් කමිටුවේද දුටුවෙමු.නමුත් මේ මුහුණු සියල්ලම සම වයසේ සිටින අයගේය.තවමත් ක්‍රිකට් සමග ගණු - දෙණුවක් පවතින අයගේය.ඒ ආකාරයෙන් ගත් විට පත් වූ තේරීම් කමිටු වලට වඩා තරුණ තේරීම් කමිටුවක් පත් වී ඇත.ඒ දෙස සුභවාදී හැගීමෙන් බලන අතරේ නිවැරදිව සිය රාජකාරිය ඉටු කිරීමට අපි ඔවුන්ට සුභ පතන්නෙමු.
සනත් ක්‍රිකට් ක්‍රීඩකයෙකි.ලොව බිහි වූ සුපිරිතම ක්‍රීඩකයෙකු බව ද කිව යුතුය.ඔහු ගේ ප්‍රායෝගික දැණුම ගැන විවාදයක් නැත.ඒ නිසා ඔහු ක්‍රිකට් තේරිම් කමිටුවට සුදුසු බව පිළිබදවද ගැටළුවක් නැත.ගැටළුව ඇත්තේ ඔහු මංත්‍රීවරයෙකු වීම නිසාය.ජනතා සේවය පිණිස ඔහු පාර්ලිමේන්තුවට එවීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙරමුණ ගත්තේ සනත් ක්‍රිකට් තේරීම් කරන අයුරු බලන්නට නොවේය.
මේ වගකීම් දෙක සමබරව පවත්වා ගෙන යාම අතිශයින් දුශ්කරය.නමුත් ඔහු මංත්‍රීකම භාර ගත්තා සේ ම එයද බෑ නොකියා භාර ගෙන ඇත.දෙයක් ලැබෙන විට එපා කියන සිරිතක් බොහෝ අය තුළ නැති ආකාරයෙන්ම සනත් තුළ ද නැත.ඒත් පාර්ලිමේන්තු රාජකාරි සමග තරග දකින්නට ඔහු විවේකයක් සකසා ගැනීමේ දී ඔහු මේ රටේ සමස්තය පිළිබද තීන්දු තීරණ ගන්නා ව්‍යවස්ථාදායකයට ඔහු ගේ නිවැරදි දායකත්වය නොලැබෙනු ඇත.ඔහු සිය දේශපාලනය රැක ගැනීමට මාතර සිටිය යුතුය.ක්‍රිකට් වෙනුවෙන් කොළඹ රැදිය යුතුය.දෙපසම ඇවිලී ඇත.මේ විලක්කුවෙන් සිය ක්‍රිකට් අභිමානයට හානියක් කර නොගෙන කටයුතු කිරීම දුෂ්කර බව අපි දකිමු.ක්‍රිකට් පිටියේදී බොහෝ දුෂ්කරතා ජය ගෙන පෙන්නූ සනත්ට,ලොව භීතියට පත් කළ පන්දු යවන්නන්ගේ පන්දු වලට වැටට උඩින් පහර එල්ල කළ ආකාරයෙන් මේ පන්දු දෙවර්ගයෙන් ගැලවීම පහසු නැත.ඒ නිසා සනත් ඔහුගේ ක්‍රිකට් ගැන හෝ දේශපාලනය ගැන නොසිතා හුදෙක් ඔහු ගැන සිතා ගත් තීරණයක් ලෙස අපි මෙය දකිමු.එහෙත් අපි ඔහුට ‍මංත්‍රීකම නොව ‍ක්‍රිකට් තේරීම නිවැරදි ලෙස කිරීමට අවශ්‍යය ශක්තිය හා දිරිය පතන්නෙමු.
මන්ද! ඔහු මංත්‍රී කෙනෙකු ලෙස ක්‍රිකට් වලින් දිනා දුන් කීර්තිය දිනා දීමේ ආසන්නයටවත් පැමිණ නැත.ඒ නිසා සනත් රටටත් සනත්ටත් වටින්නේ ඔහු ගේ ක්‍රිකට් නිසාය.
www.supirikrida.com

අලුත්ගමගේ NOT OUT

ව කැබිනට් සංශෝධනයේදී මහින්දානන්ද අලුත්ගමගේ ට ක්‍රීඩා අමාත්‍ය පදවිය අහිමි වනු ඇතැයි විශාල ප්‍රචාරයක් පැවතුන ද,සංශෝධනයේදී එයට කිසිදු හානියක් සිදු නොවිණ.මෑත කාලයේ බිහි වූ ගායක් සහිත ඇමති කෙනෙකු ලෙස ප්‍රකට මහින්දානන්ද අලුත්ගමගේ යනු වෙහෙසී වැඩ කරන ඇමතිවරයෙකු බව ක්‍රීඩා කේෂ්ත්‍රය තුළින් හොදින් ඔප්පු කර තිබෙන බව කිව යුතුය.නමුත් ඔහු වටා සිටින පිරිවර බොහොමයක් ඔහුගෙන් ආලෝකය ලබනු මිස ඔහුට ආලෝකයක් විය නොහැකි පිරිස් බව සිය දෙවන ධූර කාලයට පිවිසෙන මොහොතේ අලුත්ගමගේ අමාත්‍යවරයා විමසිල්ලෙන් අවබෝධ කර ගත යුතුය.
මේ තත්ත්වය මත ක්‍රීඩා අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවටම පරණ වෙමින් සිටි ඇතැම් හූ කාලයක සිට කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් සමග වූ තමන්ගේ අරෝවන් පිරිමසා ගන්නට අමාත්‍යවරයාගේ මන දොළ සපුරන YES න්‍යායෙන් කටයුතු කර විශේෂිත පුද්ගලයන් වී සිටිනු පෙනෙන්නට ඇත.ඒ නිසාම කොදෙව්වට සීමා නොවුණු ක්‍රීඩාවක් සම්බන්ධ හීන කන්දරාව යථාර්තයක් කර ගත හැකි මාවත් වලට තමන් විසින්ම ගල් පෙරළා ගැනීමට අමාත්‍යවරයා ඇතැම් අවස්ථාවල කටයුතු කරනු අපි දකින්නෙමු.
මෙහිදී අමාත්‍යවරයාට ජනාධිපතිවරයාගෙන් ගත හැකි ආදර්ශ බොහෝමය.රජය හෝ ජනාධිපතිවරයා 100% අනුමත කරන බව මෙහි අදහස නොවුණ ද,ඔහු කාර්යේදී ශක්තිමත් චරිත වලින් ආරක්ෂිත පවුරක් නිර්මාණය කර ගනිමින් සැළසුම් සකස් කරන බව අපි දකින්නෙමු.ප්‍රායෝගිකව මෙන්ම න්‍යායාත්මකව ද ප්‍රවීන  චරිත ඒකරාශි කර ගැනීම සිය දේශපාලන න්‍යාය පත්‍ර ජයගැනීමේදී පැහැදිළිව අපි දකින්නෙමු.
ක්‍රීඩාව සම්බන්ධයෙන්ද,ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් නොනැවතී ක්‍රියාත්මක වන උපදේශන මණ්ඩලයක් ජනාධිපතිවරයාට ඇත.රාජ්‍ය නායකයා ලෙස ක්‍රීඩාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ වලදී ජනාධිපතිවරයා තීරණ ගනු ලබන්නේ ඒ හරහාය.
ක්‍රීඩා අමාත්‍යවරයා භාෂා ත්‍රිත්වයෙන්ම කතා කළ හැකි අයෙකි.ඒ වාසිය ඔහුට ක්‍රීඩාවේදී ඉතාමත් වැදගත්ය.අතරමැදියන් නැතිව වැඩ කිරීමට ඔහුට එයින් ලබා ගත හැකි වාසිය අපමණය.මේ සියල්ලට ඔහු සිය කාර්ය මණ්ඩලය (පෞද්ගලික මෙන්ම අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු) ලෙස එක් කර ගත යුතු පිරිස අතරට පළපුරුදු අත්දැකීම් ඇති රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදී මැදිහත්විය හැකි පිරිසක් නිර්මාණය කර ගත යුතුය.
ඔව් ස්ර් ඒක මරු,එහෙම කරමු කියන පිරිසට වඩා ඒකෙ මෙතන පොඩි අවුලක් තියෙනවා,ඒක මෙහෙම කරානම් තවත් හොදයි නේද කියන ජාතියේ සංවාදයක් ඇති වන කාර්ය මණ්ඩලයක් සිටීම බෙහෙවින් වැදගත් බව මෙහිදී සිහිපත් කර ගත යුතුය.අමාත්‍යවරයා සමග ගණු - දෙනු කිරීමේදී ඇතැම් වගකීම් පැවරුණු අය ඒවා රැස් වළලු සේ පැළද කටයුතු කරමින් පිටතට රශ්මිය විහිදන්නේ අමාත්‍යවරයා ඉදිරියේ ඔහු පවසන ඇත්ත හෝ බොරුව යන දෙකටම හිස සලා ලබා ගත් ආශිර්වාදයෙන්ය.එය හීලෑ කමක් හෝ ඉතා හොදම සේවයක් ලෙස අමාත්‍යවරයා තීරණය කරන බවක් ඇතැම් තැන් හී අපි දැක ඇත්තෙමු.එහිදී අමාත්‍යවරයා මෙනෙහි කළ යුත්තේ කඩුව අතින් ගත් රජුගේ වදුරා පිළිබද කතාවය.දැනටත් අමාත්‍යවරයාට එන ඇතැම් තොරතොරු අතරමග පිල්ලි යන්නේ අමාත්‍යවරයාගේ හිත ගත් සේවකයන් අතින්ම බව එතුමා නොදන්නේ වුව,භාහිර ලෝකය දන්නෙමු.
ක්‍රීඩා අමාත්‍යවරුන්ට චරිත සහතික දෙන්නට ඉක්මන් නොවන ප්‍රබල චරිත ඔබ වැඩ පටන් ගනිද්දී චරිත සහතික දුන්නේ දැඩි විශ්වාසයකින්ය.ඒ විශ්වාසය හුදෙක් පුද්ගල විශ්වාසයක් ලෙස නොගත යුතුය.ඇතැම් ගස් උස බව අපි දනිමු.ඒවායේ පල රසනම් - ගුණනම් අප ඒවා නෙලා ගත යුතුය.අතේ මානෙන් තිබෙන දේ නෙලා ගෙන මිදි ඇඹුලයි න්‍යායෙන් කටයුතු නොකොට ඉණිමගක් හෝ තබා ඒ ගස්වලට ගොඩ විය යුතුය.ඒවා මේ දක්වා අතපසුව ඇත්නම් නිවැරදි කර ගන්නට තවමත් ප්‍රමාද නැති බව අපි දකින්නෙමු.
අමාත්‍ය පදවියේ වගකීම ජය ගත යුත්තේ කණ්ඩායමක් ලෙසය.සහය දිවීම ජය ගැනීමට එක වාගේ ජවයක් සහිත පිරිසක් සිටිය යුතුය.ඒ වගේම ධාවන පථයේදී වංගු දිවීමේ දක්ෂයෝ වංගු වලටත් කෙළින් දිවිමේ දක්ෂයෝ දැන හැදින ඒ ස්ථාන වලටත් යෙදිය යුතුය.මේ වාදයක් නොව න්‍යායකි.අමාත්‍යවරයා අලුත් ගමන අරඹද්දී කැමැත්තෙන්ම තමන්ට පිටුපිසින් දුවනපිරිස දෙස නොව තමන්ගේ වේගයෙන් දුවන පිරිස තෝරා ගත යුතුය.ඔබ පෙරහැරේ ඉදිරියේ තබා පිටුපසට වී ඔබේ වේගය අාධාරයක් කර  ගෙන දුවන පිරිසට ඔබට නොපෙනෙන්නට බොහෝ දේ කළ හැකිය.ඒ ඔවුන් ඔබ‍ට පිටුපසින් සිටින නිසාය.
තවත් ඔබ සතු එක් භාග්‍යයක් ගැන මෙහි සදහන් කළ යුතුය.අපේ මහත්තය විවේචනය කරලා හෝ අපේ තාත්තා විවේචනය කරල යැයි මාධ්‍ය සමග උරණ වන බිරිදක් හෝ දරුවන් ඔබට නොමැත.ඔව්හූ යහපත විවේචකයෝ වෙති.එය ද සාමාන්‍යයෙන් දේශපාලනයෙන් හිස උදුම්මා ගත් පවුලේ පිරිස් එම දේශපාලන ඤරිතවලට නොයෙකුත් හානි කරන වටපිටාවක ඔබ ලැබූ භාග්‍යයකි.ඉතිං මේ සියල්ල දෙස නැවත මෙනෙහි කොට අතපසු වූ දේ නිවැරදි කර ගනිමින් අලුත් ගමන අරඹනු ඇතැයි අපි විශ්වාස කරමු.
www.supirikrida.com

Jan 28, 2013

ඉතියෝපියාව කෙන්යානු අභියෝගයට සූදානම් වන ලකුණු!

මෑත කාලීනව ඉතියෝපියානු දුර දිවීමේ ආධිපත්‍යයට අභියෝග කළ කෙන්යානුවන්ට එරෙහිව මුහුණ දීමට යළිත් ඉතියෝපියාවේ සූදානම පැහැදිළි කරමින් ඩුබායි මැරතන් තරගයේදී ඉතියෝපියානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශිෂ්ඨ දස්කම් දැක් වූහ.පිරිමි අංශයේදී මුල් හතරම ඉතියෝපියානුවන් සතු වූ අතර කාන්තා අංශයේදී මුල් ස්ථාන හයම දිනා ගත්තේ ඉතියෝපියානු ක්‍රීඩිකාවෝය.
පිරිමි අංශයේදී ජයග්‍රහණය ලද ඉතියෝපියාවේ ඩෙසිසා බෙන්ටි මේ වසරේ හොදම කාලය වැය කරමින් පැය 2:04:45 ක කාලයක් වැය කරමින් තරගය නිම කළ අතර පළමු ස්ථාන පහම තත්පර අටක් තුළ එම ඉසව්ව නිමා කිරීම යම් ආකාරයක කෙටි දුර ඉසව්වක අවසානය සිහි ගැන්වීමක් විය.නමුත් මෙම තරගයේ ඉකුත් වසරේ ජයග්‍රාහී කාලය මීට වඩා හොද වූ අතර එම තරගය ජය ගත් ඉතියෝපියාවේ ඇබෙස්රෝ බිෂා තරගය නිම කළේ පැය 2:04:23 දී ය.
කාන්තා අංශයේදී ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවේ ට්සෙගෙයා බෙයිනි ය.ඇය ඉතියෝපියානු ක්‍රීඩිකාවක් වූ අතර ඇය මෙම ඉසව්ව නිමා කළේ,පැය 2:23:23 ට ය.එයද මෙම වසරේ වාර්තා වූ හොදම කාලය විය.එම තරගයේදී ද පළමු ක්‍රීඩිකාවන් තිදෙනා තත්පර 27 ක් ඇතුළත තරගය නිමා කිරීමට සමත් වූයේ තියුණු අවසානයක් ප්‍රදර්ශණය කරමින් ය.පිරිමි තරගයේදී මෙන්ම කාන්තා තරගයේදී ද ඉකුත් වසරේ ජයග්‍රාහී කාලය මේ වසරට වඩා හොද විය.එම තරගය ජය ගත් මෙලියා මෙඩෙස්සා පැය 2:19:31 ට ය.www.supirikrida.com

සීවලි බොක්සිං පළමු වැනිදා සහ දෙවන දා

ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව සදහා ප්‍රසිද්ධියක් උසුලන රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ අන්තර් නිවාස බොක්සිං තරග පෙබරවාරි 1 සහ 2 යන දෙදින තුළ විද්‍යාලීය බොක්සිං කවයේදී පැවත්වේ.මෑත කාලයේ බිහි වූ සුපිරි බොක්සිං ක්‍රීඩකයන් වූ නයනජිත් ඇලෙක්සැන්ඩර්,කමල් සමීර වැනි ක්‍රීඩකයන් සීවලි ආදි ශීෂ්‍යයන් වන අතර මේ වන විට දකුණු ආසියාතික බොක්සිං සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ද සීවලි බොක්සිං වසන්තයේ නිර්මාපකයා වන සීවලි ආදි ශිෂ්‍ය වසන්ත කුමාර ය.
එසේම මෑත කාලයේ දක්ෂතා අතර සිටින කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් විශාල පිරිසකට ජාතික මට්ටමේ ජයග්‍රහණ වලින් නොනැවතී අන්තර්ජාතික තත්ත්වය දක්වා පවා යන්නට මග පෙන්වන පුහුණුකරුවන් වන චම්පක මාතරආරච්චි සහ රොහාන් දංගල්ල ද සීවලි ආදි සිසුවෝය.මේ ආකාරයට අද විනසුරුවන් පුහුණුකරුවන් මෙන්ම ජාතික තලයට ප්‍රවේශ ක්‍රීඩකයන් විශාල පිරිසකගේද ආරම්භය වන සීවලි යේ අලුත්ම සුපිරි ක්‍රීඩකයා වන මෙවර ජාතික කණිෂ්ඨ තරගාවලිය ජයගත් රුචිර ගුණසේන,මෙවර විද්‍යාලයේ ක්‍රීඩා නායකයා ලෙස සීවලි ක්‍රීඩා උළෙලට අවශ්‍යය ශිෂ්‍ය නායකත්වය ලබා දීම ද සුවිශේෂී තත්ත්වයකි.
www.supirikrida.com

Jan 27, 2013

දක්ෂිලත් සුභ මංගලම්!


ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකු වන දක්ෂිලත් රත්නායක යුග දිවියට පිවිසුණා.ජාතික මට්ටමේ තරග වලදී දක්ෂතම ක්‍රීඩකයා ද වී ඇති දක්ෂිලත්,ජාත්‍යනතර තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙක්ද ‍වනවා.

රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් බිහි වූ සුවිශේෂීම බොක්සිං ක්‍රීඩකයා ලෙස හැදින්විය හැකි දක්ෂිලත්,දැනට බොක්සිං ක්‍රීඩාවේ සුපිරිතම ක්‍රීඩා සමාජය ලෙස සැළකෙන මාස් ස්ලිම් ලයින් ආයතනයට සම්බන්ධව සේවය කරනවා.දක්ෂිලත්ගේ යුග දිවි ගමණ සාර්ථක එකක් වේවා යැයි 'සුපිරික්‍රීඩා' සුහද හදින් සුබ පතනවා!
ජය පිරුණු දිවි ගමණක්!

ජපන් යන්න විනය කැඩූ අයෙක්


කුත් දා ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදුණ ජපාන කනගාවා කණ්ඩායම අතර පැවත් වූ තරග වලදී විනය කඩ වෙන ආකාරයෙන් විනිසුරු කටයුතු වල යෙදුණ අයෙකු ජපානයේ පැවත්වෙන විනිසුරු පාඨමාලාව සදහා සහභාගි කරවීමට ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකාව බිහිකළ ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුවරයා ව සුජීව විජේනායක පවසයි.විදේශ කණ්ඩායමක් නොව සාමාන්‍ය මට්ටමේ තරගයකදී හෝ ජංගම දුරකථනයක් භාවිතා කිරීම තරගය අවස්ථාවේ දී සිදු නොවිය යුතු දෙයක් බව පෙන්වා දෙන සුජීව තමා ප්‍රධාන විනිසුරුවරයා ලෙස සිටි තරගයේදී අදාළ පුද්ගලයා ජංගම දුරකතනය භාවිතා කරමින් විනිශ්චය තීරණ දීම නිසා තරගය අතරමග නවතා අවවාද දීමට සිදු වූ බවත් එය විදේශ ක්‍රීඩකයන් ඉදිරියේ රටම හෑල්ලුවට ලක් කිරීමක් බවත් පෙන්වා දෙයි.

ඒ අවස්ථාවට සහභාගි වී සිටි ජපාන විනිසුරු උපදේශකයන් පවා එම හැසිරීම ගැන පුදුම වුණා යැයි පවසන සුජීව විනිසුරු තීරණ වලදී වැරදීම් සිදුවිය හැකි වුවත් මෙවැනි විනිසුරුවරයෙකු සතු වගකීම නොතකා ක්‍රියා කරන පුද්ගලයන් අතින් තවත් වැරදි සිදු නොවන්නට නම් දඩුවමක් ලබා දීම අනිවාර්ය බව පෙන්වා දෙයි.නමුත් ජාතික සංගමයට මේ බව දන්වා (ඔවුන්ද එම සිදුවීම දැක ඇත) ඒ තත්ත්වය පදනම් කරගෙන මෙම පුද්ගලයාට ජපානයේ විනිසුරු පුහුණු කදවුර ලබා දීම නුසුදුසු බව පෙන්වා දුන්නද,සුජීව පවසන්නේ පරිපාලනය අවවාද කළ බව පෙන්වා දෙමින් එම පුද්ගලයාවම සහභාගි කරවන තීරණයේ එලැඹ සිටින බවය.
 ප්‍රාථමික මට්ටමේ විනිසුරුවරයෙකු අතින් හෝ සිදු නොවිය යුතු සාරධර්ම නොතකා හැරීමක් වන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමේදී ජංගම දුරකතනයක් පාවිච්චි කළ පුද්ගලයෙකුට ජාත්‍යන්තර ඒ ශ්‍රේණියේ ආසන්නම පාඨමාලාව ලබා දීම අපේ රටේ  ක්‍රීඩවේ විනය ගැන ජපානය ඉදිරියේ වැරදි චිත්‍රයක් මව පෙන්නීමක් විය හැකි බව සුජීව ගෙ අදහසයි.අදාළ පුද්ගලයාගේ හැසිරීම දුටු විශාල පිරිසක් මෙම පුහුණු කදවුරට ද සම්බන්ධ බැවින් එම විනය කඩ කිරීම මෙන්ම විනිසුරුවරයෙකු ලෙස සිටින පුද්ගලයෙකු වුව විනිසුරු පුහුණු කදවුරට ක්‍රීඩක ඇදුමෙන් සැරසී පැමිණිම නිසාද අවවාදයට ලක් වූ මොහුවම ජපාන සංචාරයට එක් කරන්නට සංගමය දැඩි තීරණයක් එලැඹ සිටීම කණ්ගාටුදායක තත්ත්වයක් බව සුජීව වැඩි දුරටත් පැහැදිළි කරයි.
මේ සම්බන්ධයෙන් බේස්බෝල් කේෂ්ත්‍රයේ සිටින පුද්ගලයින් පවසන්නේ මෙය එම පුද්ගලයා නියෝජනය කරන ක්‍රීඩා සමාජයට හිමිවන වරප්‍රසාදයක් බවයි.තනිකරම බේස්බෝල් ක්‍රීඩාව හැසිරවීම එම ක්‍රීඩා සමාජයේ පුද්ගයෙකු විසින් කරගෙන යනු ලබද්දී සෙසු නිලධාරීන් අඩුම තරමේ පෞද්ගලිකව සිය ක්‍රීඩා සමාජයට ඉන් වන හානිය හෝ නොතකා හැර සිටින බව පෙන්වා දෙන එම පිරිස් මේ නිසා ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය එම ක්‍රීඩා සමාජයේ උප ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙන්වා දෙයි.
කනගාවා කණ්ඩායමට එරෙහි තරගයට කොළඹ ප්‍රදේශ‍යේ බේස්බෝල් ක්‍රීඩා කරන පාසල් අතරින් තෝරාගත් හොදම කණ්ඩායම ඉදිරිපත් නොකර එම ක්‍රීඩා සමාජයට නෑකම් කියන පාසල් කණ්ඩායම ඉදිරිපත් කර අශෝභන පරාජයක් ලැබීම ඊට මනා උදාහරණයක් බව ඔව් හූ පෙන්වා දෙති.සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජපානයේ සංචාරයක යෙදෙන්නනේ නම් කනගාවා සමග තරගයක් පැවත්වීම සිදුවිය හැකි වුවත් ජපාන කණ්ඩායමක් ක්‍රීඩා සමාජ කණ්ඩායමක් හා තරග වැදීම යනු අභව්‍යය ක්‍රියාවක් බව ඔවුන්ගේ අදහසයි.

කුසල් ගේ නිකසල කුසලතා සංගා ඉදිරියේ කිලිටි වේද?

Kushal Perera hits one on the leg sideශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන බොහෝ දක්ෂයෝ එම අවස්ථාවට මුහුණ දීමට අවශ්‍යය මානසික පසුබිම සකස් කර ගැනීමට අපොහොසත්වීම නිසා පැමිණි සැණින් කණ්ඩායමෙන් ඉවතට වීසි වී යන්නේ ලැබෙන අවස්ථාවන් වලින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකිවය.නමුත් කුසල් ජනිත් පෙරේරා ට තමන්ට ලැබුණු අවස්ථාව අනවශ්‍යය පීඩනයකින් තොරව භාර ගැනීමට තිබූ හැකියාව නිසා කලෙකට පසු ශ්‍රී ලංකාව ලැබූ සුපිරිතම ක්‍රීඩකයෙකුගේ ප්‍රවිශ්ඨය සනිටුහන් කරන්නට ඔහුට හැකි වී ඇත.ලොව වේගවත්ම තණතිලි වල නුපුරුදු දේශයක අලුත් බව අමතක කර සිය සුපුරුදු රිද්මයෙන් පහරදීමේ හැකියාව නිසාම ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමු 20 - 20 තරගයේ ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් මාවත සකස් කිරීමේ හැකියාව කුසල් ට ලැබිණ.
නමුත් සිය ක්‍රීඩා දිවියේ අවසාන භාගයට පිවිස සිටින සංගක්කාර නැවත පැමිණීමෙන් පසු කුසල්ට අත්වන ඉරණම පැහැදිළි නැත.දැනට ද ඔහු සංගා ගේ හිස්තැන පුරවන්නේ දිනේෂ් චන්දිමාල් ගේ අතිරේක කඩුලු රකින්නා ලෙසය.ටෙස්ට් කණ්ඩායමේ  ප්‍රසන්න ජයවර්ධන ද සිටින්නේය.ඒ නිසා කඩුලු රකින්නෙකු ලෙස කණ්ඩායමේ රැදී සිටීමේ ඉඩ කුසල් ට අඩුය.එහිදී අනාගතය ගැන ගැඹුරින් සිතා තීරණය ගත යුත්තේ තේරීම් කමිටුව හෝ සංගක්කාරය.විශේෂයෙන් එළැඹෙන බංගලාදේශ සංචාරයේ දී හෝ සුවපත් තත්ත්වයේ සිටියත් සංගක්කාර‍ වෙනුවට කුසල්ව සීමිත ඕවර් තරග සහ 20 - 20 තරග සදහා  යෙදීමට තේරීම් කමිටුවට හැකියාවක් තිබෙන්නේ නම් එය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කරන යහපත් ආයෝජනයක් වනු සැක නැත.
එසේම ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු 20 - 20 තරගය ජය ගැනීමේදී විශිෂ්ඨ දක්ෂතා දැක් වූවෝ ශ්‍රී ලංකා ක්‍රිකට් හී අනාගතය වෙති.ජ්‍යෙෂ්ඨයන් නික්ම යාමට ආසන්නයේ සිටින මොහොතක සිය ස්ථාවරය සදහා සැකසී තිබෙන ඉඩ - කඩ හොදින් අවබෝධ කරගෙන සිටින ඔව්හූ තම ස්ථාවරය සකසා ගැනීම වෙනුවෙන් වෙනදාට වඩා සැළසුම් සහගතව ක්‍රීඩා කිරීමට දක්වන උනන්දුව අපූරුය.කුසල් ජනිත්,තිරිමාන්න මෙන්ම තිසර පෙරේරා ද දකෂතා අතර සිට පළමු තරගයේ ජයග්‍රහණයට කැප වෙද්දී නායක ඇන්ජලෝ මැතිවිස් ද තරගයේ ජයග්‍රහණය සදහා අවශ්‍යය කරන ආක්‍රමණික ඉණිමක් ක්‍රීඩා කළ ආකාරය අපූරුය.
ඔස්ට්‍රේලියාව ලකුණු 137 ට සීමා වීමට ඩේවිඩ් වෝනර් ගේ ලකුණු 90 ක් වූ ඉණිම තදින් බල පෑවේය.ඔහු නොදැවී රැස් කළ ලකුණු 90 පන්දු 62 දී වාර්තා වූ අතර එය අති විශිෂ්ඨ වුව ද සම්පූර්ණ ඉණිම ඔහු වටා බැද තැබූ සෙස්සෝ එම ඉණිමේ ගෞරවය වෙනුවෙන් ඔහුට හිමි විය යුතු ශතකයට පිවිසෙන්නට උපකාර කළා විනා ලකුණු වේගය ඉහළ දැමීම සදහා අත දිග හැර පහර දීමට උත්සාහ ගන්නා බවක් නොපෙණින.
උදාහරණයකට නොදැවුණු සිව්වන කඩුල්ලේ සබදතාවය ලකුණු 84 ක් වූ අතර එයින් වෝනර් ගේ සහය පිතිකරු වූ ඇඩම් වෝගස් පන්දු 29 ක් තුළ ලකුණු 25 ක් ලබද්දී එකදු හතරේ පහරක්වත් වාර්තා නොවීම ගත හැකිය.
ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉණිමේදී පෞද්ගලික ඉණිම් ගැන නොතකමින් ක්‍රීඩා කළ අතර ඩිල්ෂාන් (16) සහ කුසල් ඉණිම අරඹමින් ලබා දුන් ලකුණු 45 ක සබදතාවයේ ශක්තිමත් පදනම පෙරටු කර ගෙන තරගයේ 19 වන ඕවරයේ අවසාන පන්දුවට පෙර පන්දුවේදී ජයග්‍රහණය වාර්තා කළේය.නායක ඇන්ජලෝ මැතිව්ස් ඉණිමේ වැඩිම ලකුණු ප්‍රමාණයේ හිමිකරු වූ අතර ඔහු ලකුණු 35 ක් නොදැවී ලබා ගත්තේ පන්දු 27 දී ය.තිසර පෙරේරා ලකුණු 19 ක් නොදැවී ලබා ගත්තේ ජයග්‍රහණය වාර්තා වූ පන්දුව සදහා මෙන්ම ඊට පෙර පන්දුවට ද දර්ශණීය හයේ පහර දෙකක් එල්ල කරමින් ය. 
තරගයේ ලකුණු සටහනට පහත සබදතාව‍ය භාවිතා කළ හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573019.html