Jun 20, 2012

රුවිනිට සහ චන්දිමාට ඉන්දියාවේදී රිදී පදක්කමක්

න්දියාවේ පැවති කණිෂ්ඨ දකුණු ආසියාතික මේස පන්දු සූරතාවලියේ සී අවුරුදු 18 න් පහළ බාලිකා යුගල ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට රුවිනි කන්නන්ගර සහ චන්දිමා මධුෂානි සමත් විය.ඔවුන් එම වයස් ඛාණ්ඩයේ අවසාන තරගයේදී ඉන්දියාවේ ටි රීත් රිෂ්යා සහ මල්ලිකා බන්දකාර් ඉදිරියේ 14/12,11/5 සහ 11/6 ක් ලෙස වට 3 – 0 ක පරාජයක් ලැබීය.ඊට අමතරව රුවිනි සහ චන්දිමා එම වයස් ඛාණ්ඩයේ කේවල තරග වල දී ලෝකඩ පදක්කම් දිනා ගනිමින්ද තරගාවලිය නියෝජනය කළ සංචිතයේ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් වඩාත් කැපී පෙනෙන දස්කම් පෙන්වන්නට සමත් විය.
අවුරුදු 18 න් පහළ කේවල තරගයේදී නුවන් ජයසුන්දර ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර නුවන් සුපුන් සිරිසේන සමග එක් ව අවුරුදු 18 න් පහළ යුගල තරගයේදී ද ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට දායක විය.අවුරුදු 18 න් පහළ පිරිමි කේවල ඉසව් වල දී සුපුන් සිරිසේන තවත් ලෝකඩ පදක්කමක් දිනා දුන්නේය.අවුරුදු 15 න් පහළ බාලක සහ බාලිකා කේවල ඉසව් වලදී  ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 4 න් හිමි විය.බාලක තරග වලදී උදය රණසිංහ සහ ප්‍රසාද් ජේ ඩී ද සිල්වාත් බාලිකා තරග වල දී මුතුමාලි ප්‍රියදර්ශණී සහ පවිත්‍රා සිරිසේනත් ලෝකඩ පදක්කම් වලට උරුම කම් කීහ.  
ඡායාරූපයේ දැක්වෙන්නේ රුවිනි කන්නන්ගර ය.

No comments: