Oct 27, 2012

ශ්‍රී ලංකාව අද ඇමෙරිකාව සමග ගැටෙයි

පානයේ පැවත්වෙන ජගත් කණිෂ්ඨ කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේදී අද ශ්‍රී ලංකාව ඇමෙරිකාවට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.මීට පෙර චීනයට සහ එංගලන්තයට එරෙහිව පැවති තරග වලදී ශ්‍රී ලංකාව පරාජය වූ අතර මේ වන විට හ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් එකම තරග ජය වාර්තා කිරීමට සචින් ඩයස් සමත් වූ අතර ඒ එංගලන්තය සමග පැවති තරගයේදි පිරිමි කේවල තරගයේ ජය ලබමින්ය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලැබීමට තිබූ ජයග්‍රහණ වැළකී යාමට ශ්‍රී ලංකාවේ පරිපාලනයට නිවැරදි දැක්මක් නොතිබීම හේතුව බව පැහැදිළි වූ අතර මුදල් ඇති 16 දෙනෙකු මෙම තරගාවලියට සහභාගි කරවීම,ජාතික මට්ටමේ ඉදිරියෙන් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි නොකිරීම,ඒ සදහා නිවැරදි සැළසුමක් නොතිබීම සහ අපිළිවෙල යන කාරණා ද  හේතු ව තිබෙන බව පැහැදිළිය.ක්‍රීඩා අමාත්‍යවරයා ද පවතින පරිපාලනය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල චෝදනා මුඛයෙන් කතා කළ ද,පසුගිය කාලයේ සිදු වූ කිසිදු වරදක් සම්බන්ධයෙන් නමට හෝ පරීක්ෂනයක් නොකිරීමට වග බලා ගනිමින් වත්මන් පරිපාලනය රැකීම අමාත්‍යවරයාගේ වචන හා ක්‍රියාව සම්බන්ධයෙන් සැක උපදවන තත්ත්වයක් ඇති කර ඇත.
ඒ නිසාම දිගින් දිගටම බැඩ්මින්ටන් පරිපාලනය කිසිදු සැකයකින් හෝ බියකින් තොරව සිය ක්‍රියාවලිය වගකීමකින් තොරව කර ගෙන යන්නේ ඒ සම්බන්ධයෙන් විවේචන ඇති සහ ක්‍රීඩාවට ආදරය කරන මාධ්‍යය සහ පුද්ගල පිරිස් හාස්‍යයට සහ උපහාසයට ලක් කරමින්ය.
www.supirikrida.com

බොන්ඩ් ගේ සහයට වාස්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්විමට නියමිත ටෙස්ට් තරග දෙකේදී නවසීලන්ත කණ්ඩායමේ ‍පන්දු යැවීමේ සහය පුහුණුකරු ලෙස චමින්ද වාස් යොදා ගෙන ඇත.විශ්‍රාම ගොස් වසර දෙකකින් ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට කැදවීම් ලැබූ ෂෙන්ඩ් බොන්ඩ් ගේ සහය පුහුණුකරු ලෙස චමින්ද වාස් පත් කර ගැනීම තුළින් සිය වමත් වේග පන්දු යවන්නන්ගේ පන්දුව පාලනය දෝලනය වැඩි දියුණුකර ගැනීමට විශාල වාසියක් අත්වනු ඇතැයි නවසීලන්තය බලාපොරොත්තු තබයි.
මුත්තයියා මුරලිදරන්ගෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින තරග වල දී වැඩිම කඩුළු ලබා ගැනීමේ ලේඛණයේ ඉදිරියෙන්ම සිටින වාස් සිය ක්‍රීඩා ජීවිතයෙන් සමුගැනීම සදහා ගෞරවණීය අවස්ථාවක් පවා නොලද ක්‍රීඩකයෙකි.සිය රට වෙනුවෙන් විශාල කැපවීමකින් ක්‍රීඩා කරමින් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙණුන වාස්, අදටත් ක්‍රිකට් ලෝකය හදුන්වන්නේ ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම වේග පන්දු යවන්නා සහ ලෝකයේ බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නෙකු ලෙස ය.
එවැනි ක්‍රීඩකයෙකුට නිවැරදි ගෞරවනීය සමුගැනීමක් හෝ ලබා දීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පසුව හෝ ඔහු ගේ සේවය ලබා ගැනීම කොරෙහි කල්පනා නොකරන තත්ත්වයක් තුළ නවසීලන්තය ලොව බිහිකළ සුපිරිතම දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් වෙනුවෙන් ජයග්‍රහණය පිණිස සැකසි  තණතිලි තුළ සිය වේග පන්දුවෙන් අවස්ථා කිහිපයකදිම මුරලිට වඩා සාර්ථක වන්නට සමත් වෙමින් කැපී පෙණින.අවස්ථානෝචිතව පන්දු යැවීමේ උපක්‍රමශීලී ගුණයෙන් වඩාත් ඉදිරියෙන් සිටි වාස් ක්‍රීඩාව ජාත්‍යන්තර වූ පසුබිමක කොදෙව් මානසික මට්ටමෙන් සිතන්නන්ට ඇණ ගසා සිර කර තැබිය නොහැකි බවට හොද සාක්ෂියක් සැපයීමක් ලෙස නවසීලන්තය සිය සහය වේග පන්දු යවන පුහුණුකරු ලෙස වාස් ව තෝරා ගැනීම හැදින්විය හැකිය.
www.supirikrida.com

වව්නියාවේ මේස පන්දු තරගාවලි දෙකක්

ව්නියාව නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නොවැම්බර් 10 සහ 11 යන දෙදින තුළ අබාන්ස් අනුග්‍රහය ඇතිව කණිෂ්ඨ වයස් සීමා මේස පන්දු තරගාවලි දෙකක් පැවත්වීමට කටයුතු යොදා ඇත.ආසියානු සහ ජර්මන් හුවමාරු වැඩ සටහන යටතේ පින්ග්පොන්ග් ඇකඩමිය විසින් මෙහෙයවන මෙම තරගාවලි දෙකේ පළමු වැන්න යාපනය දිස්ත්‍රිත් තරගාවලිය නොවැ්බර් 10 දා පැවත්වේ.මෙම තරගාවලිය සදහා ඉල්ලුම් පත් භාර ගැනීමේ අවසාන දිනය නොවැම්බර් 5 දා වන අතර නොවැම්බර් 10 උදෑසන 7.00 ට තරග සටහන එළි දැක්වීමේ කටයුතු සිදු වීමට නියමිත අතර තරගාවලිය පෙ.ව.8.00 ට ඇරඹීමට නියමිතය.
වව්නියා නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නොවැම්බර් 11 දා පැවත්වීමට නියමිතව ඇත්තේ උතුරු නැගෙනහිර පළාත් වයස් සීමා කණිෂ්ඨ තරගාවලියය.එම තරගාවලිය සදහා ද ඇතුළත් වීමේ අවසාන දිනය නොවැම්බර් 5 දා වන අතර 11 දා උදෑසන පෙ.ව.7.00 ට තරගාවලි සටහන එළි දැක්වෙන අතර තරගාවලිය පෙ.ව. 8.00 ට ඇරඹේ.තරගාවලි දෙකටම අවුරුදු 9 න් පහළ,11 න් පහළ,13 න් පහළ,15 න් පහළ,17 න් පහළ සහ 19 න් පහළ ලෙස වයස් ඛාණ්ඩ යටතේ බාලක බාලිකා තරග ඇතුළත් වේ.
www.supirikrida.com

Oct 26, 2012

එංගලන්තය පැරදවීමේ උත්සාහය ව්‍යර්ත වෙති

පානයේ පැවත්වෙන බැඩ්මින්ටන් කණිෂ්ඨ කණ්ඩායම් සූරතාවලියේදී එංගලන්තය පරාජය කිරීමට තිබුණු අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේ එංගලන්තයට තරග 4 - 1 ක ජයක් හිමි වෙමින් ය.ශ්‍රී ලංකාව වෙනුවෙන් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සිසුවෙකු වන සචින් ඩයස් එකම ජයග්‍රහණය ලබා දුන් අතර සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දක්ෂතා දැක්වීමට අපොහොසත් වීම මෙම පරාජයට හේතු විය.
ශ්‍රී ලංකා ජාතික සූරිය වන තිළිණි ප්‍රමෝදිකා හෙන්දහේවා පිළිබදව විශාල බලාපොරොත්තුවකින් පසු වුවද ඇය තියුණු තරගයකින් පසුව එංගලන්තයේ ක්ලෝ බ්‍රිච් අතින් පරාජය වූවාය.ප්‍රථම වටය ලකුණු 21 - 14 ක් ලෙස ජයගත් එංගලන්ත ක්‍රීඩිකාවට තියුණු තරගයක් ලබා දෙමින් පෙරට පැමිණි ශ්‍රී ලංකා ජාතික සූරිය අවසානයේ එම තරග වටය ද 20 - 22 ලෙස පරාජය වීමෙන් ක්ලෝට තරග වට 2 - 0 ක ජයක් හිමි වූවාය.
බැඩ්මින්ටන් පරිපාලනයේ අපිළිවෙල නිසා පළමු මොහොතේම තරගාවලියට මුදල් අනුග්‍රහයක් නොලැබෙන බව කී නිසා ජාතික මට්ටමේ දක්ෂ කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම තරගාවලියට ඉදිරිපත් නොවූ අතර පාසල් සංගමයෙන් නිසි පරිදි දක්ෂ දක්ෂයන්ගේ නම් ලබා නොදිම නිසා ඉල්මි වරංගනා වැනි කණිෂ්ඨ ක්‍රීඩිකාවකට ද මෙම තරගාවලිය අහිමි වූවාය.ඒ ගැන කරුණු පැහැදිළි කළ ජාතික බැඩ්මින්ටන් සංගමයේ පාලිත හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ ජාතික සංගමයේ ඉල්ලීම පරිදි පාසල් සංගමයේ ලේකම්වරයා විසින් යොමු කරන ලද නාම ලේඛණයේ ඉල්මි වරංගනා ගේ නම නොමැති බව ය.
කෙසේ හෝ මෙම සංචාරයට වැඩිම පිරිසක් සහභාගි කිරීමේ අවස්ථාව ලබනු වෙනුවට දක්ෂයන් කිහිප දෙනෙකු පමණක් සහභාගි කළේ නම් සහ වැඩි පිරිිසකට අවස්ථාව ලබා දෙනු වෙනුවට දක්ෂයන් පමණක් තරග සදහා යෙද වූයේ නම් තරග ජයග්‍රහණයට ද අවස්ථාවක් තිබුණු බව එංගලන්ත තරග ප්‍රතිපල වලින් පැහැදිළි කර ගත හැකිය.
සබදතාවය - http://bwf.tournamentsoftware.com/sport/teammatch.aspx?id=A054CF3F-1362-4F98-B775-49147DA40D16&match=50
එංගලන්තය සිය රටේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු පමණක් සහභාගි කර ඇති අතර එහෙත් රටේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් තරගය සදහා යොදා ගත්තේ පස් දෙනෙකු පමණි.ශ්‍රී ලංකාව තරග නැරඹිමටත් සමග 16 දෙනෙකු ගේ කණ්ඩායමක් සහබාගි කර ඇති අතර සචින්,බුවනෙක,ෂුස්මිතා සහ තිළිණි වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි තරග ප්‍රමාණයකට යෙදවීම වෙනුවට ඔවුන් වැඩි පිරිසකට අවස්ථාව ලබා දීමට යාමෙන් රටට ලබා ගත හැකි ජයග්‍රහණ වළකා ගෙන ඇත.ඒ බව වැඩි දුරටත් පැහැදිළි කර ගැනීමට එහත දක්වා ඇති සබදතාවය ඔස්සේම පරික්ෂා කර එංගලන්තය තරග සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොදවා ඇති ආකාරය විමසා බැලීමට හැකිය.
www.supirikrida.com

ඉණමගට පයින් ගැසූ ලැබ්රෝයි ගේ කතාවට දෙපිටින් යන්න ක්‍රීඩා සමාජ බෙදති

මිගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස අන්තර්ජාතික ක්‍රිකට් තලයට පිවිසීම සදහා සීසීසී ක්‍රීඩා සමාජයේ වාරුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසි ග්‍රේම් ලැබ්රෝයි අද තරග තීරකයෙකු වන අතර ඔහු ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඔවුන් සීසීසි ක්‍රීඩා සමාජය ඇතුළු ක්‍රීඩා සමාජ කිහිපයක වරප්‍රසාද උල්ලංඝණය වන පරිදි ගෙන ඇති තීරණය සාධාරණ කිරීමේ කතාව කිරීමට ඉදිරිපත් වූයේ නැගපු ඉණිමගට පයින් ගැසූ මිනිහාගේ කතාව සිහිපත් කරමින්ය.
නමුත් අමාත්‍යංශය වෙනුවෙන් පැමිණ සිටි ලේකම්වරයාට ද ක්‍රිකට් ක්‍රීඩාවට සහ ක්‍රීඩා සමාජ වලට හානිය පෙන්වා දෙමින් තර්කාණුකූලව කරුණු දැක්වූ ක්‍රිකට් ක්‍රීඩා සමාජ නියෝජිතයෝ අමාත්‍යංහ ලේකම්වරයා ඇතුව විද්වත් පිරිසට කරුණු පැහැදිලි කිරිමෙන් පසුව සිය යෝජනා ඉදිරිපත් කිරිමට අවස්ථාවක් දිනා ගැනීමට සමත් වූහ.ඒ අනුව ඒ සාකච්ඡාව දෙසැම්බර් 03 දා නැවත සාකච්ඡාවක් පැවත්විමට නියමිතය.
www.supirikrida.com

ලංකා පන්දු රකින්නියෝ නේපාල ජය වළකති

මේ දිනවල ආසියානු 20 / 20 කාන්තා කුසලාන තරගාවලිය චීනයේ ගුවැන්ෂු හී ක්‍රියාත්මක වන අතර එහිදී ශ්‍රී ලංකාව සිය ප්‍රථම තරගයේදී නේපාලය පරදා ලකුණු 20 ක ජයක් ලබා ගැනීමට සමත් විය.කාසියේ වාසිය ලබමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකාරිණියන් අත්දැකීම් අඩු නේපාල පන්දු යවන්නියන් ඉදිරියේ කඩුලු පූජා කරමින් පන්දු ඕවර් 20 තුළ ලකුණු 78 ක් පමණක් ලබා ගත් අතර පස්වන කඩුල්ලට නායිකා ශෂිකලා සිරිවර්ධන සහ ඩිලානි මනෝදරා එක් කළ ලකුණු 26 ක සබදතාවය නොවන්නටනම් ශ්‍රී ලංකාව ඊටත් වඩා අසරණ වන්නට තිබිණ.
රුබීනා චෙට්රි ඉදිරියේ දැඩි අසරණභාවයට පත් ශ්‍රී ලංකා පිතිකාරිණයේ ඇයගේ පන්දු ඕවර් 4 තුළ ලකුණු 7 ට කඩුලු 4 ක් ම පූජා කළහ.නායිකා ශෂිකලා සිරිවර්ධන (23),ඩිලානි මනෝදරා (15) සහ සදමාලි දොලවත්ත (11) පමණක් ඉලක්කම් දෙකේ සීමාවට පිවිසි අතර පන්දු ඕවර් 20 තුළ ශ්‍රී ලංකාව කඩුලු 8 ට ලකුණු 78 ක් රැස් කිරිමට සමත් විය.
පිලිතුරු ඉණිමට පිවිසි නේපාල ක්‍රීඩිකාවෝ සිය අත්දැකීම් මදකම හේතුවෙන් අනවශ්‍යය කළබලයක් පෙන්නුම් කළ අතර එහි ප්‍රතිපලය වූයේ කඩුලු හතරක්ම දුවද්දි දැවී යාම් නිසා නේපාලයට අහිමිවීමය.පන්දු යවන්නියන්ට පන්දු රකින්නියන්ගෙන් ලද සහයෝගය නිසා එකදු නේපාල ක්‍රීඩිකාවකට හෝ ඉලක්කමි දෙකේ සීමාවට පිවිසීමට නොහැකි වූ අතර පන්දු ඕවර් 20 නිමා වන විට කඩුලු නවයක් ලැබී ලබා ගැනිමට හැකි වුයේ ලකුණු 58 ක් පමණි.පිත්තෙන් ලකුණු 23 ක් ද පන්දුවෙන් ලකුණු 8 ට කඩුලු 2 ක් ද දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂතා පෙන් වූ ශෂිකලා සිරිවර්ධන තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/ci/engine/match/584918.html
ශ්‍රී ලංකාව හෙට චීනය සමග තරග වැදීමට නියමිතය.මෙම තරගාවලියට ආසියාවේ ක්‍රිකට් ආධිපත්‍යය දරා සිටින දකුණු ආසියාතික රටවල් වලට අමතරව චීනය සමග තායිලන්තය ද ඉදිරිපත් ව සිටියි.
www.supirikrida.com

ලංකා යෞවනයන්ගෙන් ඉරානයට හොද සටනක්

රානයේ ටෙහෙරාන් නුවර අෂාඩි ක්‍රීඩා සංකීරණයේ පැවත්වෙන ආසියානු යොවුන් බාලක වොලිබෝල් සූරතාවලියේදී ශ්‍රී ලංකාව ඹූලික වටයේ දී වත්මන් සූරතාවය දිනා සිටින ඉරානය ඉදිරියේ වට 3 - 0 ක පරාජයක් ලැබුව ද,හොද සටනක් ලබා දීමට සමත් විය.ආසියානු සූර ඉරානය ප්‍රථම වටය ලකුණු 25 - 22 ක් ලෙස ජයගත් අතර දෙවන වට සහ තෙවන වට ජය ගනු ලැබුවේ ලකුණු 25 - 18 සහ ලකුණු 25 - 18 ක් ලෙස ය.
Mens_Volleyball_gameශ්‍රී ලංකාව මෙම දක්ෂතා සමග වර්ගීකරණ වටයට පිවිසෙන විට යළිත් ප්‍රබල අභියෝගයට යටත් වන අතර කණ්ඩායම් දෙකක් මූලික වටයේ තරග වලදී ශ්‍රී ලංකාව තරග වැදි කාණ්ඩයෙන් ඉවත් වීම හේතුවෙන්ය.ඒ අනුව මොංගෝලියාව සහ කුවේටය ඉවත් වූ බැවින් ශ්‍රී ලංකාවට ඉරනයට පරාජය වී එම කොටසේ අනු සූරයන් වන්නට හැකි වූ අතර ඒ අනුව වර්ගී කරන වයයේ දී යළිත් ඉරානය සහ දකුණු කොරියාව සමග තරග වැදීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.
වර්ගීකරණ තරග වටයෙන් පසුව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ තරග සදහා පිවිසෙන අතර එහිදී මෙම තරගාවලියේ ස්වභාවය අනුව ශ්‍රී ලංකාවට තරගාවලියේ මුල් ස්ථානයක් සදහා තරග වැදීමට දක්ෂතාවයට වඩා තරග කාල සටහනේ ස්වභාවය අනුව ගැටළුව යෙදී ඇත්තේ වාසනාව සම්බන්ධයෙන්ය.
www.supirikrida.com

නවසීලන්ත සංචාරයේ උප නායකත්වය කුලසේකරට,මහේලට සහ මාලිංගට චැම්පියන්ස් කුසලානය සදහා විවේකය

සරක කාලයක් සදහා ශ්‍රී ලංකා 20 / 20 කණ්ඩායමේ නායකත්වය සහ උප නායකත්වය සදහා පිළිවෙලින් ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් මාලිංග නම් කළ ද,නවසීලන්ත තරගාවලියට මාලිංග සහභාගි නොවන බැවින් නවසීලන්තයට එරෙහිව පැවත්වෙන 20 / 20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය නුවන් කුලසේකරට පිරිනැමීමට තීරණය වී ඇත.
 මෙම තරගය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට මහේල ජයවර්ධන ද ඇතුළත් නොවන අතර ආබාධිත තත්ත්වය නිසා 20 / 20 ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වීමට අපොහොසත් වූ උපුල් තරංග මෙම කණ්ඩායම තෝරා ගැනීම සදහා නම් කරන ලද 13 දා අතර සිටියි.
සචිත්‍ර සේනානායකට යළි කැදවීමක් ලැබී ඇති අතර ආබාධ තත්ත්වය නිසා ගෙවුණු 20 / 20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වූ අජන්ත මෙණ්ඩිස් ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇත.නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වන්නේ ,කුමාර සංගක්කාර,ටීඑම් ඩිල්ෂාන්,ඩිල්ෂාන් මුණවීර,ජීවන් මෙණ්ඩිස්,දිනේෂ් චන්දිමාල්,තිසර පෙරේරා,ලහිරු තිරිමාන්න,ෂමින්ද එරංග සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම සොයා ගැනීම වන අකිල ධනංජය ය.
www.supirikrida.com

සචින් එංගලන්තයේ ඇලෙක්ස් පරදවයි බුවනෙක සහ ෂුස්මිතා චීනයට එරෙහිව තරග වටයක් ජය ගනිති

පානයේ පැවත්වෙන ජගත් කණිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම් තරගාවලියේ ශ්‍රී ලංකාව සිය දෙවන තරගයේදී හමුවන එංගලන්තයට එරෙහිව හොද සටනක් ලබා දිය හැකි මට්ටමකට ප්‍රවේශ වෙමින් සිටින බව ජපානයෙන් වාර්තා වන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිමි කේවල තරග සදහා ඉදිරිපත් වන සචින් ඩයස් එංගලන්තයේ අලෙක්ස් ලේන් පරදවා ලකුණු 22 - 20 සහ 21 - 17 ක් ලෙස ජය ගැනීමට සමත් විය.   චීනය අතර පැවති තරගාවලියේදී මිශ්‍ර යුගල අංශයෙන් තරග වැදි බුවනෙක ගුණතිලක සහ ෂුස්මිතා ඉලංගකෝන් චීනයේ ටියැන්යේ පෙයි සහ ඩොන්ග්පින්ග් හුවැන්ග් ඉදිරියේ තරග වටයක් ජය ගනිමින් දස්කම් දැක්වීමට සමත් විය.එම තරගයේදී වට 2 - 1 ක් ලෙස චීන කණ්ඩායම ජය ගත් අතර තරගයේ දෙවන වටය ලකුණු 21 - 19 ක් ලෙස ශ්‍රී ලංකා යුගලට ජය ගැනීමට සමත් විය.තරග 5 - 0 ක් ලෙස චීනය ජය ගත් එම තරග අතරින් තරග වටයක් ජය ගැනීමට සමත් වූයේ ෂුස්මිතා සහ බුවනෙක පමණක් වූ අතර එම දෙදෙනා එංගලන්තයේ ටොම් වොල්ෆෙන්ඩන් සහ හොලී ස්මිත් සමග ද තියුණු තරගයක නියැලෙමින් අනතුරුව ලකුණු 17 - 21 සහ 15 - 21 ලෙස පරාජයට පත් වූහ.
 චීනය සමග පැවති තරගයේදී ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩිකා තිළිණි ප්‍රමොදිකා හෙන්දහේවා ලකුණු 21 - 11 සහ 21 - 11 ලෙස චීනයේ යූ ෂෙන්ග් අතින් පරාජය වුව ද අද ඇයගේ ප්‍රතිවාදිය වන එංගලන්තයේ ක්ලෝ බ්ර්ච් ට වඩා ඉදිරියෙන් සිටින බැවින් තිළිණිට අද තරගය ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඇති බව සිතිය හැකිය.එසේම තරගාවලියට සහභාගි වන විශාලතම ප්‍රමාණයෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවීමේ නිශ්පල වෑයමෙන් වැළකී සාර්ථක කණ්ඩායමක් සහභාගි කර වූයේ නම් පිරිමි යුගල තරගය වෙනුවෙන් සචින් ඩයස් සහ බුවනෙක යොදවා ජය ගැනීමේ අවස්ථාව ශ්‍රී  ලංකාවට පැහැදිළිව පෙනෙන්නට ඇති අතර එවැනි ඉදිරියට පැමිණීමේ උවමනාවක් තිබුණේ නම් කාන්තා යුගල තරග සදහා ෂුස්මිතා සහ තිළිණි යෙදවීමේ අවස්ථාවක් ද ශ්‍රී ලංකා කණ්ඩායමට තිබිණ.
නමුත් ජපානය බලා  යන්නට මුදල් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොන්නක් පිටත් කර හැරියේ නියම දක්ෂයන් පිරිසක් ලංකාවේ ඉතිරි කර තබා වන අතර කණිෂ්ඨ බාලිකා යුගල තරගාවලියේදී තිළිණි සමග යුගල තරගය ජය ගනිමින් සහ එම වයස් කාණ්ඩයේ  අනු සූරිය ද වූ ඉල්මි වරංගනා ද ඒ කපා දැමූ ලේඛණයේ උන්නාය.
www.supirikrida.com

ගල්කිස්ස උසස් බාලිකාවන්ට 11 න් පහළ සූරතාවය සහ අනු සූරතාවය

මෙවර ජාතික කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ අවුරුදු 11 න් පහළ බාලිකා අංශයේ සූරතාවය සහ අනු සූරතාවය දිනා ගැනීමට පිලිවෙළින්  ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ ජනනුවනි අමන්දා සහ චතුලි ඉෂාරා සමත් වූහ.ජාත්‍යන්තර විනිසුරුවරයෙකු මෙන්ම පුහුණුකරුවෙකුද වන චන්දන නිලන්ත ගේ පුහුණු මග පෙන්විම යටතේ අමන්දා සහ චතුලි මෙම දස්කම දැක්වීමට සමත් විය.
ජයග්‍රහණයෙන් අනතුරුව අමන්දා (දකුණේ)  සහ චතුලි (වමේ ) සිය පුහුණුකරු චන්දන නිලන්ත සමග ගල්කිස්ස උසස් බාලිකා විදුහල්පති (වමේ සිට තෙවැන්නා) ගයානි ප්‍රින්ස්ලි කුක් සහ කණ්ඩායම් භාර අචාරිණී චාන්දනී ජයවර්ධන සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරු ඉහත දැක්වේ.
www.supirikrida.com

Oct 25, 2012

මැතිව්ස්ට නායකත්වය මාලිංගට උප නායකත්වය

ශ්‍රී ලංකා ක්‍රිකට් 20 / 20 කණ්ඩායමේ නායකත්වය වසරක කාලයක් සදහා ඇන්ජලෝ මැතිව්ස් වෙත පිරි නැමීමට තීරණය කර තිබේ.ඔහු එහි දී කණ්ඩායම මෙහෙයවන ආකාරය එලැඹෙන පෙබරවාරි මස නායකත්වයෙන් ඉවත්වීමට නියමිත මහේල ජයවර්ධනගේ හිස් තැන සදහා ඔහු පත් කරන්නේද යන්න පිළිබදව සිතා බැලීමට හේතු වනවා ඇත.
20 / 20 තරගවලදී මැතිව්ස් ගේ උප නායකයා ලෙස පත් කර  ඇත්තේ ලසිත් මාලිංග ය.ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගයේ පරාජය සදහා මග පෑදුණු පන්දු යැවීම සිදු කළ මාලිංග මෙලෙස උප නායකයා ලෙස පත් කිරීම ගැටළුකාරී වන්නේ,ඔහු මෑත කාලීනව රට නියෝජනය කරමින් තරග වැදීමේදී අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලංකා පරාජයට මුල් වූ පන්දු යවන්නා වීමට වඩා ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් නියෝජනය නොකරන ක්‍රීඩකයෙකු විම නිසාය.ඒ නිසා මැතිව්ස් යටතේ ඔහු උප නායකයා කිරීමේදී ඊ ළග පෙළ ශක්තිමත් කිරිමට අවශ්‍යය නායකත්ව පෞරශ්‍යයක් ගොඩ නොනැගෙන බැවින් මැතිව්ස් හා සමකාලීන දීර්ඝ කාලයක් මෙරට නියෝජනය කිරීමේ අවස්ථාව හිමි ක්‍රීඩකයෙකුට උප නායකත්වය පිරි නැමීමට තිබිණ.
ලොව හොදම නායකයෙකු ලෙස පිළිගැනෙන මහේල ජයවර්ධන යටතේ උප නායකයා ලෙස ක්‍රියා කරන්නට භාග්‍යය හිමි වූ මැතිව්ස් මේ වන විට ඒ සදහා සුදුසු අත්දැකීම් රැස් කර ගත හැකි ක්‍රීඩකයෙකු ලෙස පෙරට පැමිණ තිබෙන අතර ඔහු ඉවත් වන දා ක ඒ තත්ත්වයට සුදුස්සෙකු පත කිරිමට පියවර ගත්තේ නම් එය වඩාත් පලදායක වනු ඇත.නමුත් මාලිංග ගේ සහ මැතිව්ස් ගේ වයස පරතරය ගත් විට බොහෝ විට මාලිංග යනු මැතිව්ස්ට පෙර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යාමට ඉඩ ඇති ක්‍රීඩකයෙකි.
www.supirikrida.com 

තුන් ප්‍රයාම මුල් පුටුව තවත් තුන් වසරකට කැසාඩෝට

වත් සිව් වසරක් සදහා ජගත් තුන් ප්‍රයාම සංගමයේ මුල් පුටුව දිනා ගැනීමට ස්පාඤ්ඤයේ මරිසෝල් කැසාඩෝ සමත් විය.හිටපු සභාපතිවරයා ලෙස ඔලිම්පික් තරගාවලියේදී තුන් ප්‍රයාම ඉසව්ව සංවිධානයේදී ලබා දුන් දායකත්වය මෙන්ම බ්‍රිතාන්‍යයේ ජොනතන් බ්‍රවුන්ලී සහ ස්වීඩනයේ නෝර්ඩන් සූරයා සහ සූරිය ලෙස කිරුළු දැරූ ඉකුත් වසරේ සංවිධානය වූ ජගත් තුන් ප්‍රයාම සංගම්  සූරතාවලි සමූහයේ සාර්ථකත්වයට දැක් වූ දායකත්වය ද,කැසාඩෝ ගේ නැවත පත්වීම කෙරෙහි විශාල වශයෙන් බල පෑවේය.
ඒ ජනප්‍රියත්වයේ ප්‍රමාණය මනාව පැහැදිළි කරමින් සභාපති තරගයේ දී ඡන්ද 120 කින් 82 ක් දිනා ගන්නට කැසාඩෝ සමත් වූ අතර ප්‍රතිවාදියා වූ කොරියාවේ ක්යැන්ග් සන් යූ ලබා ගැනීමට සමත් වූයේ ඡන්ද 33 ක් පමණි.ඡායාරූපයේ දැක්වෙන්නේ ජයග්‍රහණයෙන් පසුව මරිසෝල් ප්‍රතිචාර දැක් වූ අයරු යි.
www.supirikrida.com

ජගත් කණිෂ්ඨ බැඩ්මින්ටන් සූරතාවලිය අද ඇරඹේ

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රටවල් 30 ක් නියෝජනය කරන ජගත් කණිෂ්ඨ බැඩ්මින්ටන් සූරතාවලිය අද ජපානයේ චිබා හී දී ආරම්භ වීමට නියමිතය.තරගාවලියේ වැඩිම පිරිසක් සහභාගි කරන රටවල් අතරට වැටෙන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකු සහභාගි වුව ද ඒ අතර දක්ෂතා අතින් ඉදිරියෙන් සිටින බොහෝ දෙනෙකු දකින්නට නොලැබෙන්නේ බැඩ්මින්ටන් සංගමයේ අදූරදර්ශි බව සහ අපිළිවෙළ හේතුවෙනි.
වැඩිම තරගකරුවන් පිරිසක් සහභාගි කරන ඉන්දුනීසියාව 22 ක කණ්ඩායමක් ද,මැලේසියාව 21 ක කණ්ඩායමක් ද,චීන තායිපේ කණ්ඩායම 20 ක කණ්ඩායමක් ද තරගාවලිය සදහා ඉදිරිපත් කර ඇති අතර සත්කාරක ජපානය ද ශ්‍රී ලංකාව හා සම තැන ගනිමින් ඉදිරිපත් කර  ඇත්තේ 16 ක කණ්ඩායමකි.අනුග්‍රාහකත්වයන් සොයා ගත යුතු බවට කරන ලද දැණුම්දීම් නිසා මෙවැනි තරගාවලි සදහා දක්ෂ ක්‍රීඩකයන් ආර්ථික අපහසුකම් නිසා තේරීම් තරග වලට ඉදිරිපත් නොවන අතර ඒ අනුව තරග වලට සහභාගි වන ක්‍රීඩකයන්ගෙන් තේරීම් තරග පවත්වා කණ්ඩායම් තෝරා ගැනීම සිදු කරයි.මේ නිසා මෙවැනි තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන පිරිස දක්ෂතා මත පදනම් නොවන මුදල් මත පදනම් තේරීමකින් පෙරට එන පිරිසකි.තවත් විශේෂත්වයක් වන්නේ බොහෝ විට තෝරා ගැනීම් වලින් පසුව එම තෝරා ගැනීම්වල පෙරට එන පිරිසට අනුග්‍රාහකත්වයන් හිමි වීමය.ඒ නිසා තේරීම් වලට පෙර අනුග්‍රාහකයන් නොමැති බවට කරන ප්‍රචාරය සිතා - මතා දක්ෂයන් කප්පාදුකර වෙනත් පිරිසක් තෝරා ගැනීමට කරන පරිපාලන උප්පරවැට්ටියක්දැයි සැක සහිතය.
www.supirikrida.com

Oct 24, 2012

මුලතිව් පාපන්දු සූරතාවය මරිත්තයිම්පත්තු දිනා ගනියි

මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මුලතිව් පාපන්දු ලීගය එක්ව සංවිධානය කරන්නට යෙදුණු අවුරුදු 21 න් පහළ මුලතිව් දිස්ත්‍රික් පාපන්දු තරගාවලියේ සූරතාවය දිනා ගැනීමට මරත්තයිම්පත්තු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කණ්ඩායම සමත් වුණා.කණ්ඩායම් 32 ක් සහභාගි වූ මෙම තරගාවලියේ අවසාන තරගයට මරිත්තයිම්පත්තු සහ පුතුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සුදුසුකම් ලැබූ අතර එහිදී මරිත්තයිම්පත්තු කන්ඩායම තියුණු තරගයකින් පසුව ලකුණු 3 - 1 ක් ලෙස නිදහස් පහර මගින් තරගය ජය ගනු ලැබුවා.
මුලතිව් විද්‍යානන්දා විද්‍යලයේ පාවති අවසාන තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස මුලතිව් දිස්ත්‍රික් ලේකම් එන් වේදනායගන් සහභාගි වූ අතර විශේෂ ආරාධිතයන් ලෙස මුලතිව් දිස්ත්‍රික් ක්‍රීඩා අධ්‍යක්ෂ එස් අන්නදොරෙයි සහ මුලතිව් පාපන්දු ලීගයේ සභාපති සහ මුලතිව් දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය අධිකාරි වී ෂන්මුගරාජා එක්ව සිටියා.
ආරාධිත අමුත්තා සහ විශේෂ ආරාධිතයන් විසින් ජයග්‍රාහී කණ්ඩායම හදුනාගත් අවස්ථාව මේ සමග වන ඡායාරූපයේ දැක්වෙනවා.
www.supirikrida.com

නවසීලන්ත 20 / 20 වැඩිම ප්‍රවේශ පත්‍රය රුපියල් 300 යි

වසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පල්ලෙකලේ ක්‍රීඩාංගණයේ පැවත්වෙන 20 / 20 තරගයේ ප්‍රවේශපත්‍ර මිළ ගණන් පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට ප්‍රසිද්ධ කර ඇති අතර එම ප්‍රවේශපත්‍ර  අතර වැඩිම මිළ සහිත ප්‍රවේශ පත්‍රය රුපියල් 300 කි.ඉතිරි ටිකට් පත් මිල ගණන් රුපියල් 150 සහ රුපියල් 20 ලෙස සදහන් කර ඇත.පල්ලෙකැලේ ක්‍රීඩාංගණ දොරටුවෙන් මෙන්ම මහනුවර සිටි සෙන්ටර් හි පිහිටි අබාන්ස් වෙතින් ද ටිකට් පත් මිළ දී ගැනීමේ පහසුකම් සළසා ඇති අතර ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් හී www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් වෙන කර ගැනීමට ද පහසුකම් සළසා ඇත.
www.supirikrida.com

අත්පන්දු ලෝක සූරතාවලියේ තරග කාල සටහන නිකුත් වේ

මෑත කා‍ලයේ ලාංකේය කෙළිබිම තුළ ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙන සහ ප්‍රගතියක් පෙන්වමින් තිබෙන ක්‍රීඩාවක් ලෙස හැදින්විය හැකි අත්පන්දු (handball) ක්‍රීඩාවේ 23 වන පිරිමි ලෝක සූරතාවය ජනවාරි 11 සිට 27 වන දා දක්වා ස්පාඤ්ඤයේදී පැවත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එහි තරග කාල සටහන මේ වන විට එළි දක්වා තිබෙනවා.UFA Sports විසින් නිල විද්‍යුත් මාධ්‍ය ලෙස ලොව පුරා මෙම තරගාවලිය විකාශය කිරීමට සූදානමින් සිටින අතර තරගාවලියේ මූලික තරග ජනවාරි 11 සිට 19 දක්වා Barcelona (ඒ කාණ්ඩය),Sevilla (බී කාණ්ඩය),Zaragoza (සී කාණ්ඩය) සහ Madrid (ඩී කාණ්ඩය) නගර ඉලක්ක කර ගනිමින් පැවත්වීමට නියමිතයි.


තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග බාර්සිලෝනා හී දී පැවත්විමට නියමිත අතර එම තරග ජනවාරි 23 දා පැවත්වෙනවා.අවසන් පූර්ව තරග ජනවාරි 25 දා පැවත්වෙන අතර තරගාවලියේ තෙවන ස්ථානය තීරණය කරන තරගය පැවත්වෙන්නේ ජනවාරි 26 දා යි.ජනවාරි 27 දා අවසන් තරගය 1992 බාරිසිලෝනා ඔලිම්පික් තරග පැවත්වීම සදහා සකස් කළ අසුන් 16,500 ක් ඇති Palau Sant Jordi   පිටියේදී පැවත්වීමට නියමිතයි.
තරගවලියට අදාළ තරග වැඩ සටහන පහත සබදතාවයෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
Match%20Schedule%20Men’s%20WCh%20in%20ESP.pdf

www.supirikrida.com

ස්කොෂ් 2020 දී ඔලිම්පික් තරගාවලියට !


රාමි රාමචන්ද්‍රන්
ස්කොෂ් ක්‍රීඩාව 2020 දී ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස ඔලිම්පික් උළෙලට ඇතුළත් කිරීම සදහා අවශ්‍යය වර්ධනය පිණිස සියල්ලගේ අවධානය යොමු විය යුතු බව ජාත්‍යන්තර ඔලිම්පික් ස්කොෂ් සම්මේලනයේ සභාපති රාමි චන්ද්‍රන් පවසනවා.බ්‍රිතාන්‍ය විවෘත ස්කොෂ් තරගාවලියට සහභාගි වෙමින් සභාපතිවරයා මේ බව පවසමින් 2016 දී ස්කොෂ් අභිබවා සත් සාමාජික රගර් සහ ගොල්ෆ් ඔලිම්පික් උළෙලට ඇතුළත් වීමෙන් තමන් සිතට ගත යුත්තේ මෙම ක්‍රීඩාව වඩාත් ප්‍රේක්ෂකයන් ඇලුම් කරන සහ ඔවුන් පිළිගන්නා ඉසව්වක් බවට පත් කරන්නේ කෙසේද යන්න බවද රාමි අවධාරණය කළා.

විද්‍යුත් මාධය දායකත්වය පිළිබදවද අදහස් දක්වමින් විවිධ කැමරා කෝණයන්ගෙන් තරග විදීමට පහසුකම් සැළසීම මෙන්ම ප්‍රතිරූපන අවස්ථා වලින් තරගයේ තීව්ර බව යළි යළිත් විදීමට ඇති හැකියාව ගැන ද තරග ප්‍රචාරණයේදි සළකා බැලිය යුතු බව පැවසුවා.එසේම තරග විනිසුරුවන්ට වඩාත් පහසුවන සේ විද්‍යුත් ක්‍රමවේද සකසා ගැනීම ගැන ද එහිදී සභාපතිවරයාගේ අදහස් අතර ප්‍රධාන තැනක් ගත්තා
මේ වන විටත් රටවල් 70 ක 40,000 ක පිරිසක් ස්කොෂ් ක්‍රීඩාවේ යෙදෙන බව පැහැදිළි කළ සභාපතිවරයා මෙම තත්ත්වය සංඛ්‍යාත්මකව වැඩි කර ගැනීම මෙන්ම ක්‍රීඩාවේ විද්‍යානුකූල සංවර්ධනයේ ඇති වැදගත් කම ද අවධාරණය කළා.සිය ඉල්ලීම හරහා කාන්තා සහ පිරිමි අංශයෙන් තරගකරුවන් 32 බැගින් 2020 ඔලිම්පික් උළෙලට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කළ රාමි රාමචන්ද්‍රන් ක්‍රීඩාව ප්‍රේක්ෂකයාගේ මිත්‍රශිලී ඉසව්වක් කිරීමට හැකි ආකාරයට වීදුරු ක්‍රීඩා පිටි පහසුකම් ගැන තව දුරටත් නිර්මාණශීලිව සිතිය යුතු බව පෙන්වා දුන්නේ ඒ හරහා නැවත නැවතත් 2020 දී ස්කොෂ් ඔලිම්පික් ක්‍රීඩා පිටියක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකු සහ නිලධාරීන් 20 දෙනෙකුගේ හැසිරීම පිළිබදව බලාපොරොත්තු ඉහළ නංවමින්ය.
කෙසේ හෝ ජගත් ස්කොෂ් දිනය යෙදී තිබුණු ඔක්තෝම්බර් 20 වන දින රාමි රාමචන්ද්‍රන් පැවසූ මෙම අදහස් යථාර්තයක් වන්නට නම්,2013 සැප්තැම්බර් මාසයේදි බුවනෝස්අයර්ස් හී පැවත්වීමට නියමිත ඔලිම්පික් විධායක කමිටු රැස්වීමේදී ස්කොෂ් ක්‍රීඩාව 2020 ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස තෝරා ගැනීමට අවශ්‍යය විශ්වසනීයත්වය ජගත් ස්කොෂ් සම්මේලනය විසින් තහවුරු කර පෙන්වා දිය යුතුය.
www.supirikrida.com

Oct 23, 2012

බෙදුම් ඉලක්කය දිණුම් ඉලක්කයක් දක්වා...

ල්ටීටීඊ සන්නද්ධ අංශයට සම්බන්ධව සිටි කණකසුන්දරම් රජීවන්,තයාබරන් තවෙන්තිරම් සහ සෙල්ලමුත්තු සුරේෂ්කුමාර ජාතික වෙඩි තැබීමේ සංචිතයට ඇතුළත් කර ගැනිමට සහ ඉදිරි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සම්බන්ධයෙන් සළකා බැලීමට තීරණය කර ඇති අතර එම ක්‍රීඩකයන් ‍තිදෙනාට පුහුණුවට අවශ්‍යය වායු රයිෆල් පිරිනැමීම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අතින් පසුගියදා ක්‍රීඩා අමාත්‍ය කාර්යාලයේදී සිදු විය.රජයේ හමුදා භාරයට පත් වූ එල්ටීටීඊ සාමාජිකයන් අතරින් 135 දෙනෙකු ජාතික සංචිත වලට තෝරා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වූ අතර ඒ යටතේ මෙම ක්‍රීඩකයන් තිදෙනා ද ආදාළ ක්‍රීඩාව යටතේ මෙම සංචිතයට තෝරා ගෙන ඇත.
ජාතික වෙඩි තැබීමේ සංගමය යටතේ දැනට මෙම ක්‍රීඩකයන් තිදෙනා වැලිසර නාවික හමුදා කදවුරට අයත් වෙඩි පිටියේ පුහුණුවීම් කර ගෙන යන අතර දැනට මෙම තිදෙනාගේ දක්ෂතා ඉහළ මට්ටමක පවතින බව ද ජාතික වෙඩි තැබීමේ සංගම් ආරංචි මාර්ග පවසයි.ඡායාරුපයේ දැක්වෙන්නේ ක්‍රීඩකයන් තිදෙනා ක්‍රීඩා අමාත්‍යවරයා අතින් සිය පුහුණුවට අවශ්‍යය වායු රයිෆල් ලබා ගත් ආකාරයයි.
www.supirikrida.com

ලංකා බාලකයන්ට පළමු වටයේදිම ආසියාතික සූරයන් හමු වේ

රානයේ ටෙහෙරාන් නුවර අෂාඩි ක්‍රීඩා සංකීරණයේ පැවත්වෙන නව වන ආසියානු යොවුන් බාලක තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.ඔක්තෝමබර් 24 දා සිට නොවැම්බර් 01 දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායම ඒ කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව සිටි මොංගෝලියාව සහ කුවේට් රාජ්‍යය ඉන් ඉවත් වී ඇති  බැවින් ශ්‍රී ලංකාවට තරග වැදිමට සිදු වී තිබෙන්නේ වත්මන් සූරතාවය දිනා සිටින ඉරානය සමගයි.
2012 Asian Youth Boys Volleyball Championship logo.pngබී කාණ්ඩයෙන් චීනය,තායිලන්තය කසකස්තානය තරග බිමට පිවිසෙන අතර සී කාණ්ඩයෙන් චකුණු කොරියාව,චීන තායිපේ සහ ඕස්ට්‍රේලියාව තරග වදීමට නියමිතයි.මූලික තරග වටයේ දී ඩී කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව ඇත්තේ ඉන්දියාව,ජපානය සහ ටර්කිමනිස්තානය යි.තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 11 ක අතරේ ශ්‍රී ලංකාව 8 වනස්ථානයට ශ්‍රේණිගතව සිටින අතර ශ්‍රී ලංකාවට මූලික වටයේදී මුහුණ දිමට නියමිත එකම තරගය වන ඉරානය සමග පැවත්වෙන තරගය ඔක්තෝම්බර් 25 වන දා එරට වේලාවෙන් පැය 18.00 ට පැවත්වීමට නියමිතව තිබෙනවා.
www.supirikrida.com

ක්‍රීඩා සංගම්වල නිල කාලය සිව් වසරකට දීර්ඝ කෙරේ!

ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සදහා වන නව නීති සකස් කිරීමේදී ක්‍රීඩා සංගමයක නිල කාලය සිව් වසරක් දක්වා දීර්ඝ කෙරෙන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ නෙට්බෝල් දිස්ත්‍රික් සංගම්වල අදහස් විමස බැලිම සදහා ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ පැවති හමුවකදී යි.එහිදි තව දුරටත් අදහස් දැක් වූ දිස්ත්‍රික් සංගම්වල ක්‍රියාකාරිත්වය ද ඡන්දය දිමට පමණක් තිබෙන්නේ නම් එවැනි සංගම් වල බලය අහෝසි කරන බව පෙන්වා දුන් අතර ඔවුන් ක්‍රියාකාරීව වැඩ කළ යුතු බව ද පෙන්වා දුන්නේය.එසේම ක්‍රීඩාවට සම්බන්ධ ව්‍යාපාරවල නිරත වන්නන්ට සහ,සිය දූ දරුවන් ක්‍රීඩාවේ යෙදෙන දෙමව්පියන්ට ද ක්‍රීඩා පරිපාලනයට පිවිසීමට නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
ක්‍රිකට් සහ මලල ක්‍රීඩා ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ ලැබිය හැකි ක්‍රීඩා බව ඔප්පු කර තිබෙන බව පැහැදිළි කළ ක්‍රීඩා අමාත්‍යවරයා සිව්වරක් දිනා ගත් ආසියානු නෙට්බෝල් සූරතාවය මෙවර එය දිනා ගැනීමට සියළු ශක්තින් තිබියදී අහිමි වූ බව පෙන්වා දෙමින් ඒ සදහා ක්‍රීඩාවේ පාර්ශවකරුවන් වගකිව යුතු බව පෙන්වා දෙනවා.බලය ලබා ගැනිමට පාර්ශව නිර්මාණය කර  ගැනීම හැරෙන්නට ජාතික වශයෙන් ක්‍රීඩාව නගා සිටුවීමට සියල්ල එක්සත්ව වැඩ නොකිරිම පිළිබදව උදාහරන සහිතව පෙන්වා දුන් අමාත්‍යවරයා දැල් පන්දු ආසියානු සූරතාවය අහිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මව් සංගමය අමාත්‍යංශය  පවා නොමග හැර තිබෙන බවත්,දැනට පරාජය සම්බන්ධයෙන් විමසා බලන කමිටුව එවැනි කරුණු ගණනාවක් සොයා ගෙන  ඇති බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
එසේම ඉදිරියේදි ජාතික සංගම්වල දේශපාලනඥයන් පත් කිරීම පිලිබදව ද දැඩි නීති රීති ගෙන ඒමට නව සංශෝධන වලදී කටයුතු කරන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
www.supirikrida.com

ආම්ස්ට්‍රෝන් ගේ පාපැදි වාර්තාවේ හුළං යයි


ප්‍රංශ පාපැදි සවාරිය සත් වරක් ජය ගැනීමේ දුෂ්කර කාර්යය ඉටු කිරීමට තහනම් උත්තේජක වල සහය ලබා ගෙන ඇති බවට චෝදනා එල්ල වූ ඇමෙරිකානු පාපැදි ක්‍රීඩක ලාන්ස් ආම්ස්ට්‍රොන්ග් ඊට එරෙහිව සිය නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට ගත සියළු උත්සාහයන් ව්‍යර්ථ කරමින් මුළු ජීවිත කාලයටම ඔහුව ක්‍රීඩා තහනමකට යටත් කිරීමටත් සත් වරක් ජය ගත් ප්‍රංශ කිරුළේ ජයග්‍රහණ සියල්ල අහිමි කිරීමටත් ඇමෙරිකානු තහනම් උත්තේජන නියෝජිතායතනය තීරණය කර තිබෙනවා.පිළිකාව සමග තරග කරමින් අප්‍රතිහත ධෛර්‍ය පිළිබදව ලොවට පරමාදර්ශ සැපයූ ආම්ස්ට්‍රෝන්ග් ඇරඹූ පිලිකා රෝගීන් සදහා වූ සුභසාධන ව්‍යාපාරයට සම්බන්ධ අනුග්‍රාහක ආයතනද මේ සිදුවීමත් සමග ඔහුගෙන් ඈත් වී යන්නට පටන් ගෙන තිබෙන්නේ ඇති විට ඇති නැති විට නැති නෑයන් මෙනි.

Livestrong  නම් වූ ඔහුගේ ප්‍රධානත්වයෙන් පවතින පිලීකා රෝගීන් සදහා ආධාර උපකාර කරන පදන‍ම මගින් කරන ලද අති මහත් සේවය සිය පාපැදි ජයග්‍රහණ මගින් ඉපයූ කීර්තිය යහපත් ආකාරයට වැය කිරිමක් ලෙස ප්‍රශංසාවට ලක්විය යුතු නමුත් එම ජයග්‍රහණ වාර්තා කර තිබෙන්නේ අයහපත් ක්‍රමවේදයකට යන්න ඔප්පු වීමත් සමග සියල්ල කණපිට හැරෙමින් පවතිනවා.පිළිකා රෝගයෙන් පීඩා විදිමින් පාපැදි තරග සදහා සහභාගි වූ ආම්ස්ට්‍රෝන්ග් විසින් ගන්නා පිළිකා මර්ධන ‍‍ඖෂධ ද තහනම් උත්තේජක ගණයට වැටුණ ද එම ප්‍රතිකාර සම්බන්ධයෙන් ආම්ස්ට්‍රොන්ග්ට ගැටළුවක් වන්නේ නැහැ.නමුත් එම නියමිත ඖෂධ ඉක්මවා වෙනත් තහනම් උත්තේජන භාවිතයට ගත් බවට මේ වන විට ඔප්පු වී ඇති කරුණු සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වලින් පසුව අමෙරිකානු තහනම් උත්තේජන නියෝජිතායතය මෙම තීරණයට එලැඹ තිබෙනවා.
හැමදාම සුන්දරත්වය නොපවතිනු ඇති බවත් බලාපොරොත්තු බිද දැමුවාට සමාවන ලෙසත් සිය පිලිකා පදනම 
එ සමගම ආම්ස්ට්‍රොන්ග් සිය ජයග්‍රහණ හරහා උපයාගත් මුදල් සහ තයාගවල වටිනාකම ද අහිමි වීමට ඉඩ පවතින අතර ඇතැම් විට  මේරියන්ස් ජෝන්ස් සම්බන්ධයෙන් ගත තීරණයට සමාන අධිකරණ තීරණයකට යොමු වන්නට ඇති ඉඩ හේතුවෙන් සළකන විට ලෝකයම භක්තියෙන් සැළකුම් කරන ලද ආම්ස්ට්‍රෝන්ගේ අප්‍රතිහත ධෛර්‍යය පිළිබදව මිනිසුන්ගේ සිත් තුළ ඇති කළ ගෞරවය කළකිරීමකට පෙරළෙන්නට ඉඩ තිබෙනවා.කෙසේ නමුත් සිය ජයග්‍රහණ වල ගෞරවය ලොව පුරා සිටින පිළිකා රෝගින් ගේ සුබසාධනයට වැය කරමින් ආම්සට්‍රෝන්ග් කළ සේවය නිසා ඔහු ගේ හදවත තුළ ජීවත් වූ පරාර්ථකාමී මිනිසා ගේ ගෞරවයනම් එයින් වරප්‍රසාද ලත් පිළිකා රෝගින්ගේ හදවත් වලින් පලා නොයනු ඇත.'හැම දිනක්ම ලස්සනට නොපවතින බවත්තමා පිළිබදව ඇති කර ගත් විශ්වාසය බිද වැටීම පිළිබදව සමා වෙන ලෙසත්' සිය පිළිකා පදනමේ සංවත්සරික උත්සවය අමතමින් පවසා ඇති ආම්ස්ට්‍රෝන්ග් ට සියල්ල අහිමි වුව ද,ඔහු විසින් ලක්ෂ සංඛ්‍යාත ජන පිරිසකට ජීවත්වීම කෙරෙහි ඇති කළ බලාපොරොත්තුව සහ ආරක්ෂාවට අයත් විය යුතු කීර්තිය සහ පැසසුම නම් හදවත් තුළින් මැකී නොයනු ඇත.
www.supirikrida.com

Oct 22, 2012

නයි - පනික්කියන්ව නටවන්න සූදානම් වන ලකුණු

බැඩ්මින්ටන් ජාතික තරගාවලිය අතරතුර තේරීම් කමිටු සභාපතිවරයාගෙන් කණිෂ්ඨ සංචාරය වෙනුවෙන් ක්‍රීඩකයන් තේරීමේදි සිය පුතාට අවස්ථාවක් ලබා නොදීම පිළිබදව හිටපු නිලධාරියෙක් තදින් විමසා ඇති බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වෙනවා.මේ පිලිබදව ලිඛිතවම තමන්ට පැමිණිල්ලක් ලැබී තිබෙන බව බැඩ්මින්ටන් සම්මේලනයේ උප සභාපති පාලිත හෙට්ටිආරච්චි ද පිලි ගත්තා.
තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ විශාල සිදුවීමක් හට නොගත් බවයි.තමන් තේරීම් කර ඇත්තේ අමාත්‍යංශයෙන් මුදල් ගෙවන ප්‍රමාණයට බවත් අනෙක් පිරිසට මුදල් ගෙවා යාම පිණිස අවස්ථාව සළසා ඇත්තේ බැඩ්මින්ටන් සම්මේලනය බවත් පෙන්වා දෙන තේරීම් කමිටු සභාපතිවරයා අදාළ හිටපු නිලධාරියා ප්‍රශ්න කළ දරුවාව අයත් වන්නේ බැඩ්මින්ටන් සම්මේලනයෙන් අනුමැතිය ලබා ගත් කොටසට බව ද පෙන්වා දෙනවා.
කෙසේ හෝ පසුගිය කාලයේ බැඩ්මින්ටන් මූලස්ථානයේ ඉදිකිරීම් සදහා ද මැදිහත් වූ හිටපු නිලධාරියා නිරන්තරයෙන් ඔහු නිලතල දරන කාලයේ සභාපතිවරයාගේ සමිපතමයෙකු ලෙස සිටි බව කේෂ්ත්‍රය තුළ ප්‍රකට කරුණක් වෙනවා.නමුත් ක්‍රීඩා කරන දරුවන් සිටින මව් - පියන් නිල තල දැරීම නොකළ යුතු බවට පසුගිය කාලයන් හී ඇති වූ ප්‍රශ්න සම්බන්ධයෙන් සළකා අමාත්‍යවරයා ගත තීරණ අනුව ඔහුට පදවිය අතහැර යන්න වූවා.ඉන් මතුවත් හිතවත් කම් පවත්වා ගෙන ගිය අදාළ හිටපු නිලධාරියා මෙම තරගාවලියටද අනුග්‍රාහකත්වයක් සොයා දීමට පවා පොරොන්දු වුව ද,සිය පුතාව නොතේරීම පිලිබදව කණස්සල්ලට පත් වූ ඔහු එම අනුග්‍රහය අතහැර දමා තිබෙනවා.
කෙසේ හෝ සභාපතිවරයා සහ බැඩ්මින්ටන් සංගමය රැක ගැනීම සද
හා කොන්දේසි විරහිතව පෙනී සිටිමින් සිය ව්‍යපාරික දියුණුවටත් වැඩ කටයුතු කළ මෙවැනි පුද්ගලයන් පසුගිය කාලයේ නුසුදුසු බොහෝ දේ වෙනුවෙන් සංගමය රැක ගැනීම සදහා විවිධ භූමිකා රග පෑවා.නමුත් අද වනවිට ඒ තත්ත්වය වෙනස් වී සංගමයේ තීරණ වලට   හරස් වෙමින් හැසිරෙද්දී මේ දක්වා පනික්කියා විසින්  නැටවූ නයා දැන් පනික්කියාව නටවන්න සූදානම් වන බවක් පෙනෙන්නට ඇත.
www.supirikrida.com

ලංකාව සහ බංගලාදේශය පොලු කාරයන්ගේ ලේඛණයට?

ශ්‍රී ලංකාවේ පැවති එස්එල්පීඑල් 20 - 20 තරගාවලිය සදහා සහභාගි වූ ක්‍රීඩකයනට අදාළ ගෙවීම් සිදු කළ බව එම අනුග්‍රාහක සමාගම වන සමරසෙට් එන්ටර්ටේන්මන්ට් වෙනවර්ස් සමාගම  ප්‍රකාශ කර තිබුණ ද,ක්‍රක්ඉන්ෆෝ වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ එම තරගාවලියට සහභාගි වූ ඇතැම් ක්‍රිඩකයන්ට සම්පූර්ණ තරග මුදලමද,තවත් ඇතැමෙකුට පොරොන්දු ප්‍රකාරව ගෙවිය යුතු මුදලින් 25% ක් පමණක් ද ගෙවා ඇති බවයි.එසේම බංගලාදේශයේ ක්‍රියාත්මක  වූ 20 - 20 ප්‍රමියර් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද එම ඉරණමට මුහුණ පා සිටින බව වාර්තා වෙනවා.ඒ අතර ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් ගේ නම ද සදහන් වන අතර ඔහු ට පොරොන්දු වූ ඩොලර් ලක්ෂයක මුදලින් 25,000 ක් පමණක් ගෙවා ඇති බවත් සදහන් වෙනවා.
www.supirikrida.com

නිලූකට ත්‍රිත්ව සූරතා තිළිණිට ද්විත්ව සූරතා


 හැට වන ජාතික බැඩ්මින්ටන් සූරතාවලිය අවසන් වූයේ නිලූක කරුනාරත්න 11 වන වරටත් ජාතික සූරයා බවට පත් කරමින්.නිලූක මෙවරත් සිය දක්ෂතාවය කේවල සූරතාව‍යෙන් නොනවත්වා ත්‍රිත්ව සූරතා දක්වා ගෙන යමින් සිය සොහොයුරු දිනූක කරුණාරත්න සමග යුගල සූරතාවයත් තිළිණි හෙන්දහේවා සමග එක්ව මිශ්‍ර යුගල සූරතාවයත් දිනා ගැනීම කැපී පෙණුනා.ඒ අතරින් නිලූක සමග එක්ව මිශ්‍ර යුගල සූරතාවයට හිමි කම් කියූ තිලිණි,නව ජාතික සූරියද වෙමින් වර්ථමානයේ ශ්‍රේණිගත කිරීම්වල තම නමට හිමි අංක එකේ තත්ත්වයට ජාතික සූරිය වීමේ කිරුළ ද එකතු කර ගත්තා.

පිරිමි යුගල තරග වලදී නිලූක කරුණාරත්න ට සහ දිනුක කරුනාරත්නට තියුණු තරගයක් දෙන්නට හසිත චානක සහ එරංග ප්‍රනාන්දු සමත් වුව ද,පිරිමි කේවල අංශය සළකා බලද්දී නිලූක සහ ලාංකේය බැඩ්මින්ටන් අතර පරතරය විශාල ලෙසින් මෙම තරගාවලියේදී ත් දැක ගන්නට ලැබුණා.නමුත් සැළකිය යුතු දක්ෂයන් ප්‍රමාණයක් මෙම තරගාවලියේ පහතින් මතු වෙමින් තිබෙන බව පැහැදිළිව දකින්නට ලැබීම සතුටුදායක තත්ත්වයක්.නමුත් එය රැක ගැනීමට තරම් වැඩ පිලිවෙළක් ඇද්දැයි යන්න සැක සහිතයි.කණිෂ්ඨ සංචාර සදහා මෑත කාලයේ අත්දැකීමට අනුව එක් වන්නේ එම තරග සංචාරයට වියදම් කළ හැකි පිරිස මිස,දක්ෂයන් නොවීම යන්න එයට හේතුවයි.
ක්‍රීඩා අමාත්‍යංශය දෙසට මුව විවර වී ඇති පිං කැටයක් බදු බැඩ්මින්ටන් සම්මේලනය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සහ ක්‍රීඩාව වෙනුවෙන් ශක්තිමත් ආර්ථික වැඩ පිළිවෙළකට යෑම වෙනුවට සෑම අවස්ථාවකම අමාත්‍යංශයෙන් යැදීමේ න්‍යාය මත ක්‍රියාත්මක වන බැවින් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකට අසාධාරණයක් සිදු වෙමින් පවතියි.ක්‍රීඩාව වාණිජමය වශයෙන් සාර්ථක කර ගැනිම වෙනුවට සහ එහි ඇති ඉඩ-කඩ ප්‍රයෝජනයට ගැනීම වෙනුවෙන් ඇති හැකියාව තේරුම් ගැනීමට බැඩ්මින්ටන් නිලධාරින් වෙත දැණුමක් හෝ උවමනාවක් නැති බව අනුග්‍රාහකත්වයකින් තොරව ගලා ගිය හැට වන ජාතික සූරතාවලිය නැරඹිමේදී පැහැදිළි විය.
නිලූක කරුණාරත්න ගේ ඔලිම්පික් සහභාගීත්වයෙන් පසුව යම් කිසි මට්ටමකින් සමාජ ආකර්ශනයට ලක් වී ඇති බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් රජකීය ගෘහස්ථ ක්‍රීඩා බිමේ ඉඩ - කඩ බැනර් සදහා වෙන් කර ගැනීමට හැකියාවක් තිබිණ.වෙළද ආයතන වලින් රුපියල් 20,000 බැනර් 10 - 15 ක් වෙන් කර ගත්තද තරගාවලියට වැය වෙන මුදලෙන් විශාල ප්‍රමාණයක් ආවරණය වන බැවින් එය යහපත් විසදුමක් වීමට තිබිණ.නමුත් තරග සංවිධානයට හිතවත් මිනිසුන්ගේ කීර්තා නාමය පුළුල් කිරීමට එම ඉඩ වැය කර තිබුණා හැරෙන්නට වෙනත් කිසිවක් එහි දකින්නට නොවිණ.ඒ අනුව හිටපු සභාපතිවරයෙකු ට තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙස හැසිරෙන්නට හැකි මල් දමක් සේ ඔහු ගේ නමින් කිසිදු මුදලක් ලබා නොදී බැනරයක් එල්ලා තැබීමට පමණක් ඒ ඉඩ වැය වී තිබිණ.
එසේම බැඩ්මින්ටන් සම්මේලනයේ සභාපතිවරයා මීට පෙර අවස්ථාවක වෙනත් රටක ජාතික පුහුණුකරුවෙක්ට තවත් රටක ක්‍රීඩකයෙකු වෙනුවෙන් පෙනී සිීමට නොහැකි බව නොදැන සිටියා මෙන් මෙවරද සමාප්ත සමාචාර උත්සවයට සහභාගිවන පිරිස කවුරුන්ද යන්න හෝ ඔවුන්ට අසුන් පනවන්නේ කෙසේද යන්න හෝ නොදැන සිට බවක් පෙනෙනන්නට තිබිණ.තරගාවලිය නැරඹීමට රංගන ශිල්පිනියන් දෙදෙනෙකු කැදවා තිබුණු බවක් පෙනෙන්නට තිබුණු අතර තරගාවලියේ සමස්ත බර කර පිට තබා සිටි පාලිත හෙට්ටිආරච්චි පැවසුවේ ඔවුන් බැඩ්මින්ටන් පිළිබදව උනන්දුවෙන් විමසා පැමිණි බවක්ය.එසේනම ඔවුන් අසුන් ගත කළ යුතුව තිබුණේ,ප්‍රේක්ෂකාගාරයේ වුවත් බැඩ්මින්ටන් ප්‍රවීනයන් එම ස්ථානවල රදවා නිළියන් පුධාන වේදිකාව මත අලවා තැබිමට සංවිදායකයන් කටයුතු කර තිබීම කණගාටුදායකය.ඇතැම් විට නිළියන් ප්‍රේක්ෂකයන් අතර සිට තරගය නැරඹුවේ නම් ඒ පැමිණීම ක්‍රීඩාවට ආලෝකයක් වන්නට තිබුණු අතර නමුත් සිදුවූයේ ඔවුන් ආලෝකමත් කිරීමට සිය ශ්‍රමය වැය කිරීමකි.
පැමිණි රංගණ ශිල්පිණියන් අතර දකුණු පළාත් සබා මංත්‍රීනී අනර්කලී ආකර්සා ද සිටි අතර ඇයට ඉදිරි පෙළේ සිය පළාත් සභා මංත්‍රීකමට සුදුසු අසුනක් නොපැනවිය.එයින්  එක් අතකට ඇයගේ මංත්‍රීකම හෑල්ලුවට ලක් වූවේය.නමුත් ඇය මංත්‍රීවරියක ලෙස එම සභාවට වගකිව යුතු අයුරෙන් සැරසී නොපැමිණි නිසාවෙන් ගැටළුවක් ඇති නොවුණු අතර සැබවින්ම ඇයට අවශ්‍යයව තිබුණේ තරග නැරඹීමේ අවශ්‍යයතාවය ලෙස සිතෙන ආකාරයට සැහැල්ලුවෙන් පැමිණ සිටි අතර ඇය ප්‍රධාන පීඨිකාවකට කැදවා සිදු කළේ ඇයට රිසි සේ තරගය විද ගැනීමට තිබුණු අවස්ථාව අහිමි කිරීම සහ මහජන නියෝජිතත්ත්වයට හිමි විය යුතු තැන පිරි නො'නමා ඇයව අපහසුවට පත් කිරීමය.ඒ නිසා කැදවන්නේ කවුද යන්නත් ඔවුන් ට සළකන්නේ කෙසේද යන්නත් පිළිබදව පූර්ව දැන ගැනීමකින් තොරව සිටීමෙන් ඉදිරි පෙළ අපිලිවෙළකට අසුන් සැකසීමට සිදු වීම නොසැළකිල්ල නිසා සිදු වූවක් බව පිළිගත යුතුය.
කෙසේ හෝ ඒ සියල්ල මැද තරගාවලියේ ක්‍රියාන්විතය ශක්තිමත් කිරීමට බැඩ්මින්ටන් සම්මේලනය වෙනුවෙන් පාලිත හෙට්ටිආරච්චි වෙහෙසක් දැරූ බව ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම පිළිගත්තේ ඇතැම් අය එම දින ගණන තුළම ටයි සහ කෝට් සමග ප්‍රදර්ශනය වූයේ එදා පමණක් බවට නෝක්කඩුවක් ද එක් කරමින්ය.බැඩ්මින්ටන් සම්මේලනය මේ තරගාවලිය සදහා අනුග්‍රාහකයෙකු සොයා ගැනීමට අපොහොසත් වීම මෙන්ම මුදල් සෙවීමට හැකි ඉඩ-කඩ වසා ගෙන එම අවස්ථා හිතවතුන්ට ප්‍රශස්ති වැයීමට වෙන්කළ ද තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ හතරක මුදල් ත්‍යාග පිරිනැමීම යහපත් ප්‍රවනතාවයක් ලෙස අගය කළ යුතුය.එසේම තරග පැවත් වූ ආකාරය විනිසුරුවන් හැඩ ගන්වා තිබූ ආකාරය ආදිය ද අගය කළ යුතු තත්ත්වයක තිබිණ.කාන්තා අංශයේදී ක්‍රීඩාවේ යම් ප්‍රගමනයක් දකින්නට ලැබීමද සතුටුදායක අතර නව සූරිය ලෙස තිළිණි හෙන්දහේවා කිරුළු පළදද්දී මීට වසර කිහිපයකට පෙර පැවති පරිපාලනය විසින් නින්දිත ලෙස ඝාතනය කරන්නට උත්සාහ කළ ලේඛා ෂෙහානි අවසන් තරගයට පිවිස එදා ඇයව රැක ගැනීමට වෑයම් කළ මාධ්‍යවේදීන් නැගූ හඩේ තිබූ සත්‍යය පැහැදිළි කළාය.
එසේම කවිදි ඉෂාන්තිකා සහ ඕෂධි කුරුප්පු කාන්තා යුගල අවසන් තරගයේදී ජාතික යුගල සූරියන් ගේ නාමාවලියට පළමු වරට සිය නම එක් කිරීමට සමත් වීම අගය කළ යුතුය.ප්‍රවීනතම ක්‍රීඩිකාව වන චන්ද්‍රිකා ද සිල්වා සමග එක්ව තරග කළ ෂුස්මිතා ඉලංගකෝන් පරාජය කළ ඕෂධි සහ කවිදි ඉතා හොද තරගයක නියැලෙමින් තමන්ට වඩා දශක දෙකකට ආසන්න කාලයක් පැරණි චන්ද්‍රිකා වැනි ක්‍රීඩිකාවක් පරාජය කරන්නට ක්‍රීඩා කළ ආකාරය ප්‍රශස්තය.
චන්ද්‍රිකා මෙම තරගාවලියේ එම අනු සූරතාවයට දායක වීමට අමතරව ලසිත මේනක සමග එක්ව මිශ්‍ර යුගල තරගයේ අනු සූරතාවයට ද දායක වූවාය.නමුත් ලේඛා ෂෙහානි ගේ තාරුණ්‍යයේ ප්‍රහාරය චන්ද්‍රිකා ට අර්ධ අවසන් පූර්ව තරගයෙන් එපිටට යන්නට ඉඩක් ලබා නොදුන්නාය.මේ වන විට චන්ද්‍රිකා ක්‍රීඩිකාවක් ලෙස සිටිනවාද නැතිනම් ඇයගේ අත්දැකීම් සහ දැණුම ලාංකේය බැඩ්මින්ටන් ප්‍රගමනය සදහා යොදා ගැනඹට හැකි මගක් සොයන්නේද යන්න පිලිබදව සිතා බැලිය යුතු බව මෙම තරගාවලිය පැහැදිළි කළේය.එසේම චන්ද්‍රිකා වැනි අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් එම භූමිකාවෙන් ගලවා ශ්‍රී ලංකාවට පලදායි ලෙස වෙනත් භූමිකාවක් කරා යොමු කිරිමට ඇයව පෙළඹවීමට බැඩ්මින්ටන් පරිපාලනයට ද අවබෝධයක් තිබිය යුතුය.
කරුණාරත්න පවුලේ නිලූක සහ දිනූක ට අමතර කුඩාම සාමාජිකයා වන ලාකේය කණිෂ්ඨ සූරයා ලෙස සිටින චාමික ද ඒකල තරගවල දී අර්ධ අවසන් පූර්ව තරග දක්වා පැමිණි අතර ලුවී කරුණාරත්න නම් වූ ඔවුන්ගේ පියා ද අවුරුදු 50 ඉහළ බැඩ්මින්ටන් කේවල සූරයා වෙමින් ද,එම වයස් සීමාවේ යුගල තරගයේදී ලලිත් නානායක්කාර සහ සුරේෂ් තවරාසා ඉදිරියේ වට තුනක් ක්‍රීඩා කිරීමෙන් ඉනික්බිතිව වට 2 - 1 ක් ලෙස රොහාන් ද සිල්වා සමග එක්ව අනු සූරතාවය දිනා ගැනීමත් නිසා කරණාරත්න පවුලට මෙම තරගාවලියේ විශේෂ තැනක් වෙන්විය.සූරතා හතරක් සහ අනු සූරතා දෙකක් රැදුණේ කරුණාරත්න නිවසේ ය.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහභාගීත්වය අපේක්ෂාවෙන් සංවිධානය වූ සමාප්ත උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍යවරයා සහභාගි නොවූ අතර එම හිස්තැන පිරවීම ට අමාත්‍යංශ ලේකම්වරයා කැදවා තිබිණ.ඔහු ට අමතරව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ජෙනරාල් රංජනි ජයකොඩි ද එම අවස්ථාවට එක් වී සිටි අතර අමාත්‍යවරයා බැඩ්මින්ටන් ජාතික සූරතාවලිය මග හැර ගියේ ඉදිරි දින කිහිපයේදී පරිපාලනමය වශයෙන් බැඩ්මින්ටන් වැටෙමින් පවතින අගාධයේ මාවත වෙනස් කිරීමට තීරනය කර තිබීම නිසා දැයි යන්න මෙහි පැමිණ සිටි බොහෝ දෙනෙක්ට මාතෘකාව වී තිබිණ.
සමස්තයේ පවතින අවුල් වියවුල් වලින් පැටලී තිබුණා හැරෙන්නට තරගාවලියට යම් දීප්තියක් එක් කිරීමට ගෙන තිබූ උත්සාහය යහපත් බව අපි කියන්නෙමු.එහෙත් මුල සිට අග දක්වා වු සැළසුමකට ක්‍රියාත්මක නොවුණු එන එන හැටියට ගස උළුවස්සා න්‍යායෙන් ක්‍රියාත්මක වී ගොඩ ගිය තරගාවලියක් බව සදහන් කරනු කැමැත්තේමු.
දශක දෙකකටත් මදක් වැඩි කාලයක් ගත් විට නිලූක ජාතික සූරයා වන්නට මත්තෙන් අප දැන සිටි ජාතින සූරයන් වූ දුමින්ද ජයකොඩි,නිරෝෂන් විජේකොන් වැන්නන් මෙම තරගාවලියේ ඉහළ වයස් ඛාණ්ඩ අතරේ තරග වැදීම අගය කළ යුතුය.ඒ අතර සමකාලීන මතකයන් තුළ සිටින තුසාර එදිරිසිංහ සහ උදය වීරකෝන් ද සිටියේනම් නිලූක මෙන්ම දශක දෙකකටත් වැඩි ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ජාතික සූරයන් වූ සියල්ල එක පිටියක බලා ගන්නට තිබිණ.එවැනි සූරයන් අවසාන දිනයක ඒ ඉතිහාසයත් සමග නිළියන් වෙනුවට ඉදිරියේ අසුන් ගන්නවා ගෞරවනීය කළ හැකිනම් එය බැඩ්මින්ටන් අනාගතයට දිරි දීමක් බව සිහිපත් කිරීමට කැමැත්තෙමු.එසේම ඉදිරි දැක්මක් තිබේනම් සහ හෘද සාක්ෂියට අනුව ක්‍රීඩාවට සැබෑ ලෙස ආදරය කරන්නේනම් බැඩ්මින්ටන් පරිපාලනයට මේ අවස්තාවේ අනාගතය වෙනුවෙන් ඇතැම් විට මුරණ්ඩු යැයි හංවඩු ගැසෙන්නට හැකි වුවත් අනාගතයේ බැබලෙන නම් බවට පත් විය හැකි තීරණයක් ගැනීමට පුළුවන.විශේෂයෙන් කාන්තා තරග අංශයේදී එය පැහැදිළිව පෙනෙන්නට තිබිණ.ඉතා ලාබාල ක්‍රීඩිකාවන් ඉතා ඉහළ දස්කම් පාන තත්ත්වයක් තුළ ඒ අය අතරින් තෝරාගත් දක්ෂයන් කිහිප දෙනෙකුට ඉහළ අනුග්‍රහයක් ලබා දී ඔවුන් මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික පුහුණුකරුවනගේ දැණුමද යාවත් කාලීන කරමින් ලාංකේය බැඩිමින්ටන් ක්‍රීඩාවට අළුත් පැහැබර ගමණක් අරඹන්නට හැකි මාවතක් සකස් කළ හැකිය.
www.supirikrida.com


Oct 21, 2012

වෙළද සේවා වොලිබොල් සංගමයේ ලියාපදිංචියට සහ තරගාවලියට ඇතුළත්වීමේ ඉල්ලුම්පත් සුපිරික්‍රීඩා වෙබ් අඩවියේ

වෙළද සේවා වොලිබෝල් සංගමයේ ලියාපදිංචිය අලුත් කිරීමට සහ අලුතින් ලියාපදිංචි වීමට අවශ්‍යය ඉල්ලුම්පත් සුපිරික්‍රීඩා වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකි අතර පැවත්වීමට නියමිත වෙළද සේවා වොලිබෝල් තරගාවලියේ තරග අයදුම්පත් ද සුපිරික්‍රීඩා වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව ඇත. www.supirikrida .com වෙබ් අඩවියට පිවිස එහි ඇති MERCANTILE VOLLEYBALL ASSOCIATION OF SRI LANKA APPLICATION FOR ANNUAL MEMBERSHIP 2012/13 යන සබදතාවය ඔස්සේ පිවිස නව ලියාපදිංචියට සහ ලියාපදිංචිය අළුත් වැඩියාවට අවශ්‍යය ඉල්ලුම්පත්‍රය ලබා ගැනීමට හැකි අතර අප වෙබ් අඩවියේ ඇති MERCANTILE VOLLEYBALL TOURNAMENT 2012/12 APPLICATION FORM සබදතාවය ඔස්සේ පිවිස වෙළද සේවා වොලිබෝල් තරගාවලියට ඇතුළත් විමට අවශ්‍යය ඉල්ලුම්පත් ලබා ගැනිමට හැකියාව ඇත.

ග්‍රේට් ග්‍රේග් ට පිළිකාවක්

ශ්‍රී ලාංකිකකයන් දැඩිව වැළදගත් විදේශිය ක්‍රිකට් විස්තර ප්‍රචාරකයා වන ටෝනි ග්‍රේග් ට පෙනහළු පිළිකාවක් වැළදී ඇති බව වාර්තා වෙනවා.ඉකුත් ඔක්තෝමබර් 6 වන දා 66 වන වියට පා තැබූ ටෝනි ග්‍රේග් සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරන නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අපූරු ආරම්භක පිතිකරු යුගලය ලෝක ප්‍රකට කිරීමේ කාර්යයේදි විහාල මෙහෙවරක් කළ පුද්ගලයෙකු ලෙස හැදින්විය හැකි අතර එ‍සේම ඔහු ලා‍ංකේය සංස්කෘතිය හා තදින් බැදුණු අයෙකුද වෙනවා.අපේ ඉතිහාසය පිළිබද විශාල දැනුවත් භාවයකින් කටයතු කළ ග්‍රේග් ඇතැම් විට අපේ ප්‍රවීන යැයි කියා ගන්නා විස්තර විචාරකයනට සීගිරිය වැනි ස්ථාන වල ඓතිහාසික පසුබිම පැහැදිළි කරන්නෙකු විය හැකි තරමට ලාංකාව පිලිබද හැදෑරීමක් සහිත අයෙකු වූවා.
දකුනු අප්‍රිකාවේ උපත ලබා ඇති ටෝනි,තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස එංගලන්තය නියෝජනය කළ සහ එංගලන්තයට නායකත්වය දුන් ක්‍රීඩකයෙකු වන අතර ඔහු ක්‍රීඩා කරන සමයේ බොහෝ විට වර්ණබේදවාදී අදහස් වලින් කටයුතු කළ අයෙකු ලෙස විවේචනයට ලක් වුණා.නමුත් ඔහු ගේ විශේෂඥ විස්තර විචාරකයෙකු ලෙස දොරට වැඩීම සහ එහි ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් වෙනස් මුහුණුවරක් ගත් අතර එහි දි ටෝනි යනු වර්ණයක් ජාතියක් දේශයක් නොතකා ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩාශීලීත්වය සහ ක්‍රීඩක ශෛලීන් පිළිබදව උපරිම වශයෙන් වර්ණා කළ ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස පිළි ගැණුනා.
සම්පූර්නයෙන්ම ඔහු ගේ වෘත්තීය සිය ජාතිය හා දේශය බවට පත් කර ගත් ටෝනි,ක්‍රීඩා විචාරයේදි ක්‍රිකට් යන කාරණය මූලීකත්වයේ තබා අන් සියල්ල පසෙකලා වැඩ කිරීමේ ප්‍රවනතාවක් ලොවට හදුන්වා දුන් දර්ශී ක්‍රීඩා විචාරකයෙකු ලෙස හැදින්විය හැකියි.
විශේෂයෙන්ම තෙවන ලෝකයේ රටවල් වල ක්‍රීඩාව පිළිබදව හොයා බලා විමසිල්ලෙන් සිටි ටෝනි එම රටවල ක්‍රීඩක දක්ෂතා ලෝකය හමුවේ තැබීමට සිය විශ්වසනීය හඩ භාවිතා කළ පරමාදර්ශි පුද්ගලයෙකු බැවින් ඔහු වැන්නෙකුගේ සේවය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් බව කල්පනා කළ යුතු වෙනවා.ඒ නිසාම ඔහු ට නිරෝගි සුවය මෙන්ම සිය විචාරක රාජකාරියේ යෙදීමට නිරෝගී කමේ ආශිර්වාදය තව චිරාත් කාලයක් හිමි වේවා යන්න සුපිරි ක්‍රීඩා පැතුමයි.
www.supirikrida.com