Oct 13, 2012

ශ්‍රී ලංකා යුගල කණ්ඩායම් වල තරග පහටම විනාඩි 100 යි

චීනයේ ගුවෑන්ඩොන්ග් හී පැවත්වෙන ආසියානු අවුරුදු 17 න් පහළ සහ 15 න් පහළ බාලක බාලිකා යොවුන් තරගාවලියේ යුගල තරග නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකා යුගල පහම විනාඩි 101 ක කාලයක් ඇතුළත ප්‍රතිවාදින් ඉදිරියේ පරාජයට පත් විය.ඒ අතරින් අවුරුදු 15 න් පහළ බාලක බාලිකා තරග යුගලයත් අවුරුදු 17 න් පහළ බාලිකා යුගලයකුත් එම තරග වට වල වේගවත්ම පරාජයන් වාර්තා කළ කන්ඩායම් වීම ද කැපී පෙණින.
අවුරුදු 15 න් පහළ බාලක තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කළ රසිත් හැළඹගේ සහ ටිහාන් හේවගේ දෙපළට හමු වූ ඉන්දියාවේ යාදෙව් රාහුල් සහ ෂෙන් විරාග් ඉදිරියේ විනාඩි 18 ක දී එම වයස් කාණ්ඩයේ එම දිනයේ වාර්තා වූ ඉක්මන්ම පරාජය වැළද ගන්නට සිදු වූයේ ලකුණු තත්ත්වය 21 10 සහ 21 -13 ක් ලෙස ලකුණු පූවරුව ප්‍රදර්ශනය කරමින්ය.එම වයස් ඛාන්ඩයේ බාලිකා තරග වලදී සචිති ඉලේපෙරුම සහ සදුනිකා මුල්ලේගම ද ඊයේ දිනයේ අඩුම කාලයකින් තරගය පරාජයට පත් වූ ක්‍රීඩිකාවන් දෙදෙනා බවට පත් වූ අතර ඔවුන් දෙදෙනා මැලේසියාවේ ටෙව් ජියා ජියා සහ කිශොනා සෙල්වදොරේ ඉදිරියේ විනාඩි 20 ක් ඇතුළත පරාජය වූයේ ලකුණු තත්ත්වය 21 9 සහ 21 11 ක් ලෙස පවතිද්දීය.
අවුරුදු 17 න් පහළ බාලිකා තරගයට යුගල කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වූ අතර එහිදී මධුශිකා දිල්රුක්ෂි සහ යස්මිතා දයාරත්න එම වයස් ඛාන්ඩයේ එම දිනය තුළ ලද වේගවත්ම පරාජය භුක්ති වින්දේ ලකුණු 21 - 9  සහ 21 - 9 ක් ලෙස මැලේසියාවේ යැප් රුයි චෙන් සහ හෝ යෙන් මෙයි ඉදිරියේ ය.අවුරුදු 17 න පහළ බාලක තරග අංහයේ දි බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් සිය තරගය විනාඩි 23 ක් තිස්සේ පවත්වා ගෙන යාමට සමත් වූයේ මේ වන විට තරගාවලියේ එම වයස් කාණ්ඩයේ අවසාන තරගයට පිවිස සිටින චිනයේ  ෂූ බොවෙල් සහ සන් සෙයි ෂියෑන්ග් ඉදිරියේ ය.එහි ලකුණු තත්ත්වය 21 - 10 සහ 21 - 7 ක් විය.
අවුරුදු 17 න් පහළ බාලිකා තරගයේදී ප්‍රථම වටයේදී නිතරග ජයකින් පෙරට එන්නට භාග්‍යය ලද ගයත්‍රී හේරත් සහ නිල්මිතරු හෙට්ටිආරච්චි දෙවන වටයේ තරගයේදී  පරාජය ලැබුවේ එම වටයේ අවසාන තරගය සදහා පිවිස සිටින චීනයේ චෙන් මින්ග් චුන් සහ ලී යුන් ඉදිරියේය.එහිදී විනාඩි 22 ක් පැවති එම එම තරගයේ ලකුණු සටහන කියවුණේ 21 - 13 සහ 21 9 ක් ලෙස ය.
www.supirikrida.com

ආසියානු කුසලානයට සහභාගි වන යොවුන් ක්‍රීඩිකාවෝ ප්‍රථම තරගයෙන් පරාජයට පත් වෙති

චීනයේ පැවත්වෙන ඔක්තෝමබර් 12 වන දා ඇරඹි නව වන ආසියානු යොවුන් කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම සිය ප්‍රථම තරගයේදී චීන තායිපේ කණ්ඩායම ඉදිරියේ පරාජය ලැබීය.මෙවර කණිෂ්ඨ තරගාවලියේදී අනු සූරියන් වූයේද චීන තායිපේ කණ්ඩායම වූ අතර මෙම තරගයේදී එම ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා බාලිකාවන්ව ලකුණු 15 - 2 ,15 - 6 සහ 25 - 14 ක් ලෙස පරාජයට පත් කළහ.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ඩී කාන්ඩයෙන් තරග වදින අතර එහිදී ජයග්‍රහණයක් ගැන සිතීම අසීරු වන්නේ එම කාණ්ඩයට ඇතුළත්ව සිටින සෙසු කණ්ඩායම් වන්නේ ආසියාවේ ඉහළ කාන්තා වොලිබෝල් සංස්කෘතියක් ඇති රටවල් දෙකක් ලෙස පිළී ගැනෙන චීන තායිපේ සහ දකුණු කොරියා කණ්ඩායම් වීමය.නමුත් රටවල් 13 ක් සහභාගි වන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීඹ් තරග වලදී අංක 9 - සිට 13  දක්වා වන ස්ථානයන් සදහා තරග වැදී ඒ අතරින් ඉහළ ස්ථානයකට පැමිණීමට අවස්ථාව ඇත.
මූලික තරග වලදී ශ්‍රී ලංකාව ලද පරාජය මේ දක්වා ලද ඉහළම ලකුණු පරතරයක් සහිත පරාජය ලෙස දැක්වෙන අතර එහි සමස්ත ප්‍රතිපලය ගත්විට ලකුණු 75 - 22 ක් ලෙස දැක්වේ.ඉන් අනතුරුව ඉන්දියාව සමස්ත ප්‍රතිපලය 23 - 75 ක් වන ලෙස ජපානයට පරාජය වූ අතර ශ්‍රී ලංකාව චීන තායිපේ තරගයේ තෙවන වටයේ දී ලකුණු 14 ක් ලබා ගත්තද ඉන්දියාවට තරග වට 3 න් එකකදී හෝ ලකුණු 10 (ලකුණු 7,9 සහ 7) ඉක්මවා ලබා ගැනීමට නොහැකි වීම ද කැපී පෙණින.
මෙම තරගාවලියට සහභාගිවන යොවුන් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ඇහැලියගොඩ දර්මපාල විද්‍යාලයේ පීකේඑල් පෙරේරා විසින් ය.එච්එච්එස් ප්‍රනාන්දු,එම්ටී මධුවන්ති,ඒටීඑන් ප්‍රියදර්ශණී,ටීසීඑද්කේ ද සිල්වා,එම්එස්එන් තෙන්නකෝන්,ඒඑල්ඒඒ සදමාලි,ඩීඑච්වී කෞශල්‍යා,වයිආර්එස් කුලරත්න,එම්ටිඑම් සෙනවිරත්න,එල්එච්ටී මධුෂානි සහ ආර්පීඑස්ඩී රාජපක්ෂ කණ්ඩායමට අයත් සෙසු ක්‍රීඩිකාවෝ වෙති.
කණ්ඩායමේ පුහුණුකාරත්වය අජන්ත දහනායකට හිමි වී ඇති අතර සහය පුහුණුකරු ලෙස ආර්පි කටයුතු කරයි.ආර්එම්එස් විමලවීර කණ්ඩායමෙ අභයාසක ලෙස සංචාරයට එක්වන අතර බීඩබ්පී රංජනී කාන්තා නිලධාරිණිය ලෙස සංචාරයට එක් වී සිටින අතර කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ආර්එම්එන්ජීඕ පෙරේරා ය.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට මත්තෙන් වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සමග ඡායාරුපයකට පෙනී සිටි අවස්තාව ඡායාරූපයේ දැක්වේ
www.supirikrida.com

Oct 12, 2012

පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ අධ්‍යාපන ඇමතිට සහ ලේකම්ට කොකා පෙන්නයි

පාසල් බැඩ්මින්ටන් සංගමයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුනවර්ධන මෙන්ම අමාත්‍යංශ ලේකම් ගෝඨාභය ජයරත්නයන් ද  ජනමාධය ඉදිරියේ කළ දැණුම් දීම් ඉදිරියේ ඒ වන විට පැවත්වෙමින් තිබූ කණ්ෂ්ඨ ජාතික තරගාවලියෙන් පසුව පාසල් සංගමයට තරග සංවිදානය කිරීමට ඇති බලය අත්හිටුවා එම සංගමය පිලිබදව පරික්ෂණයක් පවත්වන බව කීව ද,යළිත් එම තහනම ඉවත්කර ඉදිරි තරග සංවිධානයට පාසල් සංගමයට අවස්ථාව ලබා දීමට අධ්‍යක්ෂවරයා ක්‍රියා කර ඇත.
වරක් පාසල් සංගමයෙන් ඉල්ලි අස් වූ නැවත පැමිණිම පිළිබදව කිසිදු ප්‍රසිද්ධියක් නොකළ පාසල් බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයා කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කිරීම එක්තරා අන්දමක විහිළුවකි.කුමන හෝ සංගමයකට අක්‍රමිකතා පිළිබදව චෝදනා එල්ල වන්නේනම් ඊට මූලිකවම වගකිවයුත්තා එම සංගමයේ ප්‍රධානියා වන අතර අධ්‍යක්ෂවරයා එම ප්‍රධානියාගේ ඉල්ලීමට තව දුරටත් අවස්ථාව ලබා දීම යනු පිළිගත නොහැකි තත්ත්වයකි.සභාපතිවරයා සියළු වැරදි සදහා වගකිවයුතු අතර ඔහු නොදන්නේනම් හෝ ඔහු අසම්බන්ධිතව ඒ දේවල් සිදු වී ඇත්නම් පැහැදිළි වන්නේ ඔහුගේ දුර්වලතාවය සහ අක්‍රමිකතා කළ පුද්ගලයන්ගේ ප්‍රබලත්වය ය.එසේනම් එවැනි දුර්වලතා ප්‍රකට කළ පුද්ගලයෙකු වෙත මෙසේ වගකීම් පැවරීමෙන් තව දුරටත් සිදු වන්නේ පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩාව අගතියට යාමය.
අධයාපන ඇමතිවරයා සහ ලේකම්වරයාගේ දැණුම්දීම් වලට අනුව මේ වන විට පාසල් බැඩ්මින්ටන් සංගමයේ ක්‍රියාකාරීත්වය ද අත් හිටුවා පරීක්ෂණ පැවත්විය යුතු අතර ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ද ප්‍රකාශ කර සිටියේ මෙම සංගමය තහනම් කරන්නට තරම් චෝදනා එල්ල වී තිබෙන බවය.නමුත් කතාව ඒ ආකාරයට සිදු වුව ද යළිත් පාසල් බැඩ්මින්ටන් සංගමයේ අගතිගාමී ක්‍රියා කළාපයන්ට දිරිය දීමට සිය දෑත දිගු කරන්නට පාසල් අධ්‍යක්ෂවරයා උත්සාහ ගැනීම ඔහුගේ භාවිතාවන් පිළිබදව සැක උපදවන්නක් නොවේද?
www.supirikrida.com

ලාංකේය යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පළමු දිනයේ පරාජය

චීනයේ ක්‍රියාත්මක අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ යොවුන් බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළමු දිනයේ තමන් සහභාගි වූ කේවල තරග වලදී පරාජයට පත් වුණා.ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට ප්‍රථම වටයේ නිතරග ජයක් හිමි වූ අතර නමුත් දෙවන වටයේ පිටියට පිවිසි පසු සිදු වූයේ පරාජය අත් විදින්නටයි.
අවුරුදු 15 න් පහළ තරග වලදී රසිත් හැළඹගේ,කසුන් අමරසේන සහ තිහාන් හේවාගම යන ක්‍රීඩකයන් තිදෙනාම ප්‍රථම වටයේදී නිතරග ජය ලැබුවද රසිත් කොරියාවේ පාක් කියුන්ග් හූන් අතින් ලකුණු 21 - 13 ,21 - 4 ක් ලෙස ද,කසුන් අමරසේන මැලේසියාවේ ලී සී ජියා අතින් ලකුණු 21 -12,21 - 7 ලෙස ද,තිහාන් හේවාගම පිලිපීනයේ මාක් ෂෙලි අතින් ලකුණු 21 -9 සහ 21 -8 ලෙස ද දෙවන වටයේ දී පරාජය ලැබූහ.අවුරුදු 15 න් පහළ බාලිකා තරග‍වලදී සදුනිකා මුල්ලේගම ලකුණු 21 - 8 සහ 21 - 6 ලෙස චීනයේ චීනයේ ටාන් යූ අතින් පරාජය ලැබුවාය.චීනයේ ජියෝ යූ අතින් සචිති ඉලේපෙරුම ලකුණු 21 - 7 සහ 21 - 10 ලෙස ද පරාජය ලැබුවාය.
අවුරුදු 17 න් පහළ බාලක තරග වලදී බුවනෙක ගුණතිලක ප්‍රථම වටයේ  නිතරග ජයක් ලැබුව ද,චීනයේ ලී යුවාන් රැයි අතින් ලකුණු 21 -8  සහ ලකුණු 21 - 15 ක් ලෙස පරාජය ලැබූ අතර චීන ක්‍රීඩකයා ඉදිරියේ එසේ් දස්කම් පෑ බුවනෙක ඊයේ කැපී පෙණුනම ලාංකේය ක්‍රීඩකයා විය.සචින් ඩයස් ද චීනයේ ෂෙන්ග් සිවෙයි අතින් පරාජය ලැබූ අතර එහි ලකුණු තත්ත්වය 21 - 9 සහ 21 - 11 ක් විය.බාලිකා අංශයේදී යස්මිතා දයාරත්නට ප්‍රථම වටයේ නිතරග ජයක් ලැබූ අතර දෙවන වටයේදී ඇය ඉන්දුනීසියාවේ රුසේලි හර්තවන් අතින් ලකුණු 21 - 9 සහ 21 - 6 ක් ලෙස පරාජය ලැබුවාය.ප්‍රථම වටයේ නිතරග ජයක් සමග දෙවන වටයට පිවිසි මධුෂිකා දිල්රුක්ෂි මැලේසියාවේ යැප් රුල් චෙන් අතින් පරාජය වූයේ ලකුණු 21 - 2 සහ 21 - 10 ක් ලෙස ය.ඉන්දියාවේ රුත්විකා ෂෙවානි මුණ ගැසීමට ප්‍රථම වටයේ නිතරග ජයත් සමග පිවිසි ගයත්‍රි හේරත් ට ලකුණු 21 - 11 සහ 21 - 9 පරාජයක් ලැබුවාය.නිල්මි තරු හෙට්ටිආරච්චි ට ඉන්දියාවේ සංජානා සංතෝස්   ඉන්දියාවේ 21 - 8 සහ 21 - 10 ලෙස පරාජය ලැබුවාය.
මෙහිදී අවුරුදු 17 න් පහළ බාලිකා තරග වල දී,ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩිකාවව සිටින තිළිනි හෙන්දහේවාට ද සහභාගි වීමේ හැකියාව තිබුණත් ඇය පෞද්ගලික හේතු මත සහභාගීත්වයෙන් වැළකී සිටිය අතර අංක දෙකට සිටින එම වයස් කාණ්ඩයේ ඉන් අනතුරුව දක්ෂතා අතර ඉදිරියෙන් සිටින්නී ඉල්මි වරංගනා බැඩ්මින්ටන් පරිපාලනයේ නොසැළකිල්ල නිසා මෙම තරගාවලියට සහභාගි කර නැත.
www.supirikrida.com

ලියාපදිංචිය නැතිව පුහුණු කිරීම් බැහැ

 ක්‍රීඩා පුහුණුකරුවන් ලියා පදංචි කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යංශය අරඹන ලද වැඩ පිලිවෙල යටතේ ක්‍රීඩා පුහුණුකරුවන් 3500 ක් පමණ ලියාපදිංචි වී ඇති බවත් ඉදිරියේදී ඒ ලියාපදිංචි පුහුණුකරුවන්ට හැර වෙනත් අයට පුහුණුවීම් කටයුතු කර ගෙන යාමට අවසරයක් නැති බවත් ක්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කරයි.ලියාපදිංචි පුහුණුකරුවන් අතර පුහුණුකිරීම සදහා දේශිය වශයෙන් මෙන්ම විදේශිය පුහුණුවද ලැබූ පුහුණුකරුවන් සිටින බව පෙන්වා දෙන අමාත්‍යංශය,එසේම කිසිදු විධිමත් පුහුණුවක් නොලද අයද සිටින බව ද පවසයි.ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙන දීමට සමත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක්ද මේ අතර දක්නට ලැබෙන බව පෙන්වා දෙන ක්‍රිඩා අමාත්‍යංශය විවිධ වූ හැකියාවන් සහිත මෙම පිරිස සියල්ලටම සිය දැණුම වර්ධනය කර ගැනීමට සහ යාවත්කාලීන කර ගැනීමට අවශ්‍යය දැණුම විදේශ පුහුණුකරුවන් හරහා ලබා දීමට අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බව ද අවධාරණය කරයි.
www.supirikrida.com

සුගතදාස පිහිණුම් තටාගය දැන් හැමෝටම OPEN

51 1iADwc4L SS400  Waterfi Shuffle Swim Kit Waterproof MP3 Player waterproof swimming mp3 player waterproof mp3 players for swimming waterproof mp3 players waterproof mp3 player reviews waterproof mp3 for swimming සුගතදාස ක්‍රීඩාංගණ පිහිණුම් තටාගය මෙන්ම එහි කායවර්ධන සුවතා මධ්‍යස්ථානය ද මහජනතාවට මුදල් ගෙවා සේවය ලබා ගත හැකි පරිදි විවෘත කිරීමට පියවර ගත් බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි.ඒ අනුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පිහිණුම් තටාගයේ සහ කායවර්ධනාගාරයේ පහසුකම් භුක්ති විදීමට මෙන්ම ඒ සදහා පැමිණෙන පිරිස් සදහා රථගාල පහසුකම් ලබා දීමට සහ ආපනශාලා පහසුකම් ලබා ගැනීමට ද කටයුතු සළසා ඇත.එසේ සුගතදාස ක්‍රීඩාංගණය පරිශීලනය කරන පිරිසගේ පවුල් සදහ විශේෂ අනුග්‍රාහක පදනමක් ක්‍රියාත්මක වන බව ද ක්‍රීඩා අමාත්‍යංශය දන්වා සිටියි.
එසේම නව පරිපාලනය යටතේ වෙනස් වීමකට භාජනය කළ සුගතදාස රථගාල සහ සුගතදාස හෝටලයේ ආදායම ද රුපියල් ලක්ෂ 5 සිට මිලියන 2 දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බව ද එම නිවේදනයෙන් අනාවරණය කරයි.
www.supirikrida.com

Oct 11, 2012

ඇමතිලාට මට්ටු නැති බැඩ්මින්ටන් යොවුන් ක්‍රීඩකයන්ගේ අට දාහකට කොටයි

චීනයේ පැවත්වෙන ආසියානු යොවුන් (අවුරුදු 17 න් පහළ සහ අවුරුදු 15 න් පහළ ) බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් එම සංචාරයට එක් වූ පුහුණුකරු අවසාන මොහොතේදී රුපියල් අටදාහක මුදලක් ඉල්ලීම නිසා දෙමව්පියන් මහත් අසරණභාවයට පත් ව ඇත.එසේම එවැනි මුදලක් අය කරන්නේනම් බැඩ්මින්ටන් සංගමයේ නිලධාරියෙකු ඊට මැදිහත්ව එම ගෙවීම් සම්බන්ධ රිසිට් පතක් ලබා දී එම මුදල් ලබා ගත යුතු වුව ද මෙහිදී එවැනි කිසිදු නිල ගණුදෙණුවක ස්වරූපයෙන් යමක් සිදු වී නැත.අවසාන මොහොතේදී එසේ මුදල් ඉල්ලීම නිසා වඩාත් අසරණභාවයට පත් දෙමව්පියන් කිහිප දෙනෙකුම එම මුදල් ගෙවා නැති අතර මෑත කාලීනව දැඩි කතා බහකට ලක් වූ තම සේවකයෙකු කණ්ඩායම් කළමණාකරු ලෙස විදේශ ගත කළ ජාතික සංගමයේ උප සභාපතිවරයාගේ පුතු ට තනි කාමරයක් වෙන කර තිබීම නිසා රුපියල් 13,000.00 මුදලක් ගෙවන්නට සිදු වී ඇත.
තරගාවලිය සදහා රුපියල් එක්ලක්ෂ දොළොස් දහස මගින් දරුවන් අට දෙනෙකුගෙන් අය කර ගෙන ඇති අතර එම අට දෙනාට එහි පහසුකම් සම්පාදනය වන අතර ඉතිරි තිදෙනාගෙන් අය කර ඇති මුදල අයෙකුගෙන් රුපියල් එක්ලක්ෂ විසිනව දාහකි.
එසේ මුදල් අය කර ඇතත් තව දිනක් වැඩි පුර එරට සිටින්නට වන බවත් එය මුලදී ගණනය කර නැති බවත් පවසමින් කණ්ඩායම් කළමණාකරු මෙසේ මුදල් එකතු කර තිබේ.එයින් පැහැදිළි වන්නේ ජාතික සංගමය සහ පාසල් සංගමය වගකීමකින් තොරව කටයුතු කර ඇති බවකි.තරගාවලිය පැවත්වෙන බව සහ එහි තොරතුරු දීර්ඝ කාලයක සිට වෙබ් අඩවියේ පළ වන අතර එසේ තිබිය දී සංචාරයේ දින ගණන සහ අවශ්‍යය මුදල් පිලිබදව නිවැරදිව එකවර දැණුම් දීමට අපොහොසත් වීම එම සංගම් දෙක වගකීම පැහැර හැරීමකි.
නමුත් වැරදි කරන්නට කරන්නට ඒවා දැණුම් දෙන පුද්ගලයන් ආශ්වාදයට ලක්වන ප්‍රකාශ කිරීමට එහා යමක් ක්‍රීඩා අමාත්‍යංශයෙන් හෝ අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙම සංගම් දෙකට එරෙහිව සිදු නොවන අතර එයින් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සුඛ විහරණය පමණක් සිදු වෙමින් බැඩ්මින්ටන් ක්‍රීඩාව අගාධයට යමින් පවතියි.විශේෂයෙන්ම ජාතික සංගමය ක්‍රීඩා අමාත්‍යවරයාද නොතකා වැඩ කරන තත්ත්වයට පත්ව ඇති නමුත් අමාත්‍යවරයාට ඒවා ඉවසා විද දරන්නට සිදු වී ඇති බලයක් බැඩ්මින්ටන් සංගමය තුළ තිබෙන බව එම අන පනත් නොතකා හැසිරෙන නිලධාරීන්ම කිහිප තැනකදී පවසා ඇත.
මෙම සටහනට පාදක වූ සංචාරයට අවුරුදු 17 න් පහළ ජාතික අනු සූරිය වන ඉල්මි වරංගා ඇතුළත් කර නැති අතර ඒ සම්බන්ධයෙන් එකිනෙකා පරස්පර ප්‍රකාශ කරමින් සහ අනෙකාට ඇගිල්ල දිගු කරමින් සිටිනු විනා යමක් නොකළ අතර ක්‍රීඩා අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලට ද ක්‍රියා මාර්ගයක් ගෙන නැත.ඇය ජාතික සූරිය වන තිළිණි හෙන්ද‍හේවා ට පමණක් එම වයස් කාණ්ඩයේ පසු පසින් සිටින අතර මෙවර ජාතික කණිෂ්ඨ සූරතාවලියේදී ද ඒ බව සනාත කරමින් ඇය තිළිණිට පමණක් පරාජය වෙමින් එම වයස් කාණ්ඩයේ කේවල අනු සූරියද,තිළිණි සමග එක්ව යුගල සූරතාවය ද දිනා ගත්තාය.
එසේම ක්‍රීඩා අමාත්‍යවරයා බැඩ්මින්ටන් සංගමයේ සිටීම සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කළ පුද්ගලයෙකු දිගින් දිගටම එහි රදවා තබා ගැනීමට පරාක්‍රම බස්නායක ශක්තිමත් වී ඇති අතර එපමණක් නොව ඔහුට ප්‍රධාන විධායක තනතුර පිරිනමමින් රටේ බැඩ්මින්ටන් සංවර්ධනය සම්බන්ධ සාකච්ඡාවකට සහභාගිවීමට මැලේසියාවට යැවීමට ද තීරණය කර ඇත.
පසුගිය කාලයේ බොහෝ අයථා පාලන පැවති ක්‍රීඩා සංගම්වල පරිපාලනය වෙනස් කිරීමට අමාත්‍යවරයා මැදිහත් වුව ද,බැඩ්මින්ටන් සංගමයට චෝදනා එල්ල වද්දී ඒ මොහොතට බැනීම සහ විවේචනය හැරෙන්නට යමක් කිරීමට නොහැකි තත්ත්වය නිසා ක්‍රිඩා අමාත්‍යවරයාට බැඩ්මින්ටන් සංගමයේ සියළු වැරදි ඉවසා සිටින්නට සිදු වී ඇත.
පාසල් සංගමයේ තත්ත්වය ද මෙය වන අතර එහි ක්‍රියාකාරීත්වය මේ රටේ සාමාන්‍ය ජනතාවට ඇති අයිතිය පවා පිලි නොගනිමින් රැකීමට ඇතැම් අවස්ථාවල අධ්‍යක්ෂවරයා ක්‍රියා කරමින් සිටියි.ඔහු සෑම විටම ලිඛිත සාක්ෂි නැති බව කියා ලිස්සා ගිය ද අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය වාර්තා පදනම් කර ගෙන පරීක්ෂණ අරඹන්නට මාධ්‍යවේදීන් ඉදිරිපිටදීම නියෝග කළ ද අධ්‍යක්ෂවරයා ඉන් අනතුරුව ද මාධ්‍ය කිහිපයකටම පවසා ඇත්තේ ලිඛිත සාක්ෂි නොමැති බවය.එසේම එම සංගමයේ ක්‍රියාකාරීත්වය අභියෝග කරමින් අධ්‍යක්ෂවරයාට යොමු කළ ලිපි කිහිපයකම පිටපත් අප සතුව ඇති අතර අධ්‍යාපන අමාත්‍යවරයා සිය අත්සනින් පාසල් බැඩ්මින්ටන් සංගමයේ චෝදනා ගැන පරික්ෂා කරන්නට යැයි අධ්‍යක්ෂවරයාට දෙන ලද ලිපියක් සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා ලිපිය යොමු කළ පුද්ගලයාට දන්වා එවන්නේ ඔහු දෙමව්පියෙක් හෝ විදුහල්පතිවරයෙක් හෝ ගුරුවරයෙක් නොවන බැවින් ඔහුට එසේ චෝදනා කරන්නට අයිතියක් නැති බවය.
ඒ නිසා ජාතික බැඩ්මින්ටන් සංගමය මෙන්ම පාසල් බැඩ්මින්ටන් සංගමය ගැන වැරදි වාර්තා කිරීමේ එකම සුගතිය එම සංගම්වල ක්‍රියාකාරීන්ගේ තොරතුරු දැන ගැනීමෙන් සාමාන්‍ය ජනතාව ප්‍රවේශමෙන් කටයුතු කරන්නට ඉගෙනීම පමණක් වන තරමට තත්ත්වය ඛේදණීය වී ඇති අතර ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යවරයාට සිය බලය යොදවා මෙම සංගම් සම්බන්ධයෙන් ක්‍රියා කළ නොහැකි තත්ත්වයක් තිබෙන බව එක දිගටම සිදුවන සිදුවීම් වලදී එම අමාත්‍යවරුන්ට නිහඩව සිටින්නට සිදු වීමෙන් පැහැදිළි වේ.
www.supirikrida.com

කල්මාඩි ට දොර වැසේ

Suresh Kalmadi_and_Lalit_Bhanot_09-10-1මූල්‍යමය වංචා පිළිබද චෝදනා එල්ල වූ සුරේෂ් කල්මාඩි ට සහ තවත් දෙදෙනෙකු පිළි නොගැනීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කොමිසම විසින් ගත් තීරණය නිසා  ඔවුන්ට ඉන්දීය ඔලිම්පික් කමිටුවේ නිලතල දැරීමට මින් ඉදිරියට අවස්ථාව නොලැබෙනු ඇත.2010 නවදිල්ලි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ගිණුම් කටයුතු විනිවිදභාවයකින් සිදු නොකිරීම නිසා වංචනික චෝදනාවන්ට ලක් වූ සුරේෂ් කල්මාඩි ඇතුළු තිදෙනෙකු බන්ධනාගාර ගත කළ අතර මේ පිළිබදව විමසා බැලූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නොවැම්බර් 25 දා පැවත්වෙන ඉන්දීය ඔලිම්පික් කමිටු නිලවරණයට සහභාගි වීම මේ තිදෙනාට අහිමි කර ඇත.
නවදිල්ලි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පැවත්වෙන විට සුරේෂ් කල්මාඩි එරට ඔලිම්පික් කමිටු සභාපතිවරයා වූ අතර,චෝදනා එල්ල වී තිදෙනාගෙන්  සෙසු දෙදෙනා වන ලලිත් බානෙට් සහ වීකේ චර්මා අතරින් ලලිත් ඔලිම්පික් කමිටු ලේකම්වරයා විය.වර්මා පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියේ උළෙල අධ්‍යක්ෂවරයෙකු කළ කටයුතු කළේය.ඡායාරූපයේ සිටින්නේ ලලිත් බානෙට් (වම) සහ සුරේෂ් කල්මාඩි ය.
මේ තත්ත්වය රටක අයහපත් ක්‍රීඩා පරිපාලනයක් පවතින්නේනම් එය වෙනස් කිරීමට එම ක්‍රීඩාවට අදාළ ජාත්‍යන්තර මව් සංගමයට ඇති මැදිහත් වීමේ හැකියාව පැහැදිළි කරන්නකි.දැනට මෙරට එවැනි ජාතික සහ පාසල් මට්ටමෙන් ක්‍රියාත්මක වන ක්‍රීඩා සංගම් කිහිපයක්ම අප හදුනාගෙන ඇති අතර එම සංගම්වල ක්‍රියාකාරීත්වයන්ට අදාළ දූෂණ සහ අක්‍රමිකතා බොහොමයක්  මාධ්‍ය භාවිතාවෙන් මෙන්ම පෞද්ගලිකව ද, හෙළිදරව් කර ඇත.අදාළ වගකිව යුතු අංශ සහ පුද්ගලයන් ද එම තොරතුරු අනුමත කරමින් ප්‍රකාශ කළ ද,තවමත් එම සංගම්වල නිලධාරීන් අක්‍රමිකවත් පරිපාලනයක නියැලෙමින් සිටියි.ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් නිසා එම ක්‍රීඩාවට ජාතික මට්ටමෙන් වන හානිය අවම කිරීමට අදාළ ක්‍රීඩාවන් හී ජාත්‍යන්තර මව් සංගම් දැනුවත් කිරීමේ කාර්යයට සුපිරික්‍රීඩා මැදිහත් වන්නට බලාපොරොත්තු වෙයි.
www.supirikrida.com

Oct 10, 2012

ආසියානු කණිටු සූරියෝ චීනයෙන්

තායිලන්තයේ පැවති 16 වන ආසියානු කාන්තා කණිෂ්ඨ වොලිබෝල් තරගාවලියේ සූරතාවය දිනා ගන්නට චීනය සමත් වුණා.ඔවුන් අවසාන තරගයේදී චීන තායිපේ කණ්ඩායම වට 3 - 0 ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කළා.25 - 18 , 25 - 15 සහ 25 -9 ක් ලෙස චීනය විසින් තායිපේ කණ්ඩායම පරාජයට පත් කරද්දී,තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම් 16 ක් අතරෙන් 13 වන තැනට පත් වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
තරගාවලියේ තියුණුම තරගය වූ තෙවන ස්ථානය සදහා පැවති තායිලන්තය සහ ජපානය අතර තරගයෙන් වට  3 - 2 ක් ලෙස ජපානය ජය ගත්තා.තරගාවලියට පෙර කාන්තා ආසියානු කණ්ඩායම්  අතර දෙවන ස්ථානයේ සිටි දකුණු කොරියවට මෙම තරගාවලිය යහපත් එකක් නොවුණු අතර ඔවුන් ශ්‍රේණිගත කිරීමේ තරග වල දී ඉන්දියාවට එරෙහිව වට 3 - 0 ක ජයක් ලබමින් තරගාවලියේ පස් වන ස්ථානය දිනා ගත්තා.

www.supirikrida.com
,

Oct 9, 2012

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තවත් ජයග්‍රහණ දෙකක් - ආසියානු කණිෂ්ඨ සූරතාවලියේ 13 වන තැනට පත් වේ

තායිලන්තයේ පැවත්වෙන 16 වන ආසියානු කාන්තා කණිෂ්ඨ වොලිබෝල් සූරතාවලියේ ශ්‍රේණිගත කිරීම් තරග වලදී ටර්කිමනිස්තානය සහ මොංගෝලියාව පරාජයට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම් අතරින් 13 වන ස්ථානය දිනා ගත්තා.දෙවන වටයේ තරග වලදී ජී කාන්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කුවේට් කණ්ඩායම පහසුවෙන් පරාජය කළ අතර ශ්‍රේණිගත කිරිම් තරග වල දී ටරකිමනිස්තානය වට 3 - 0 කින් ද මොංගෝලියාව වට 3 - 1 කින් ද පරාජය කරන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
ටරකිමනිස්තානය අතර පැවති තරගයේදී ලකුණු 25 - 15, 25 - 17 සහ 25 - 22 ලෙස ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දක්ෂතා අතින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින වියට්නාමයට ද තරගාවලියේ මුල් කණ්ඩායම් පහ අතර රැදීම සදහා තරග වදින්නට නියමිත ඉන්දියාවට ද එරෙහිව වටයක් ජය ගෙන සිටි මොංගෝලියාව සමග පැවති තරගය ලකුණු 25 - 20 ,25 - 19,16 - 25 සහ 26 - 24 ලෙස ද ජය ගත්තා.මෙම තරගයේදී තෙවන වටයේදි ප්‍රථම වට දෙක ජය ගෙන සිටි ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් ජය ගත් තෙවන වටයේදී විශාල ලෙස ඉදිරියට පැමිණි මොංගෝලියාව යළි සිය දක්ෂතා වලට යටත් කරමින් සිව්වන වටය තියුණු තරගයකින් පසු 26 - 24 ක් ලෙස ජය ගැනීම සදහා පුහුණුකරු චාල්ස් තිලකරත්න කල මග පෙන්විම මෙන්ම  ශ්‍රී ලංකා කන්ඩායමේ තිලිණි වාසනා පෙරේරා ගේ දක්ෂතා ද ඉහළ මට්ටමකින් පැවතිම ඇගයීමට ලක්විය යුතුය තිබෙනවා.
අද තරගාවලියේ අවසාන දිනය වන අතර අසල්වැසි ඉන්දියාව තරගාවලියේ පස්වන සහ හයවන ස්ථාන තිරණය කරන තරගයට අද දකුණු කොරියාව සමග තරග වදිනවා.තරගාවලියේ තෙවන ස්ථානය තීරණය කිරීමේ තරගයට තරග වැදිමට නියමිතව ඇත්තේ ජපානය සහ තායිලන්තය යි.මෙවර ආසියානු කණිෂ්ඨ වොලිබෝල් සූරියන් කවුරුන්ද යන්න තීරණය කරන අවසාන තරගය සදහා විශාල පෙරළියක් ඇති කළ චීන තායිපේ කණ්ඩායම, චීනය සමග අවසාන තරගය සදහා ප්‍රවේශ වී සිටිනවා.
www.supirikrida.com

Oct 8, 2012

හොදින් වැඩ කළ ද තුටින් නික්ම යන්නට වරම් නැති නායකයා

මාස කිහිපයකට පෙර ජයග්‍රහණය කළුනික බදුව තිබූ හ්‍රී ලංකා කණ්ඩායම පුරුකෙන් පුරුක බැද යළ විජයග්‍රාහී මාවතකට ප්‍රවේශ කළ මහේල ජයවර්ධන මෙවර ශ්‍රී ලංකාවේ පැවති 20 /20 තරගාවලිය අවසානයේ 20 / 20 තරග නායකත්වයෙන් සමු ගන්නා බව කීවේය.ඔහු අසීමිත ලෙස විශ්වාස කළ ලසිත් මාලිංගට එල්ල වූ දැවැන්ත ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවේ පැවති මෙවර තරගාවලියේදී සිය නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනා දීමට තිබූ අවස්ථාව අහිමි කර ගත් මහේල ජයවර්ධන ගේ සමුගැනීමට හිමිවිය යුතුව තිබූ ප්‍රබෝධව හිමි වුණේ නැත.පසුගිය වකවානුවේ බොහෝ ප්‍රබලයන්ට ශ්‍රී ලංකා කණ්ඩායම හිසරදයක් බවට පත් කළ මහේල සමුගන්නා මොහොතේ ලොව අංක එකට ශ්‍රේණිගතව සිටින 20 / 20 කණ්ඩායමේ නායකයාව සිටියේය.
එතෙක් දුරට කණ්ඩායම ඔසවා තබන්නට මාර්ගෝපදේශනය සැපයූ මහේලට හිමිවිය යුතුව තිබූ ආනන්දජනක සමුගැනීම අහිමිව යෑම ඛේදයක් බව පිළිගත යුතුය.නමුත් මීට පෙර ද ශ්‍රී ලංකාවට නායකත්වය ලබා දෙමින් සුපිරි නායකත්වයක් පෙන්නුම් කර ඇති මහේල ලොව හොදම ක්‍රිකට් නායකයා ලෙස සම්මානයට පවා පාතු වී තිබියදී සමුගත්තේද කදුළු අතරින්මය.ඒ ඔහු සමුගන්නා බව ප්‍රකාශ කළ පකිස්තානු සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කර එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසාය.
ඒ නිසා ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම නායකයෙකු බව අවිවාදිත මහේල කදුළු අතරින් වෙන්ව ගියද ඒ කදුළු වල රිදී පැහැය ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ දීප්තිය වෙනුවෙන් නායකත්වය හරහා එකතු කළ අයෙකු ලෙස ඔහු මෙරට ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන දිප්තිමත් තරුවක්ව වැජඹෙන බව නම් සහතිකය.
www.supirikrida.com

මහේලගේ මාලිංග පිළිබද අසීමිත විශ්වාසයට සැමුවෙල්ගෙන් තදබල ප්‍රහාරයක්

West Indies celebrate their victory, 'Gangnam' styleන්දු යවන්නන්ට ඉතා හිතකරව පැවති ආර් ප්‍රේමදාස තණතිල්ලේ විශ්වාස කළ නොහැකි ප්‍රහාරයක් එල්ල කළ මාලන් සැමුවෙල් මෙන්ම විශ්වාස කළ නොහැකි ප්‍රහාරයකට ලක් වූ ලසිත් මාලිංග ද ශ්‍රී ලංකාවට වඩා වාසිදායක පසුබිමක් තිබූ 20 / 20 ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් පිළට ප්‍රදානය කරමින් නිමා විණි.පිත්තෙන් දක්වන ලද දක්ෂතා පදනම් කර ගෙන කොදෙව් කණ්ඩායම ද,පන්දුවෙන් දක්වන ලද දක්ෂතා ද පදනම් කරගෙන ශ්‍රී ලංකාව ද අවසාන තරගය සදහා පිවිසි අතර ඒ නිසාම මෙම තරගයේ ඉරණම කෙරෙහි කාසියේ වාසිය ද යම් බලපෑමක් එල්ල කළ හැකි තත්ත්වයක් තරගයට පෙර සිටම දක්නට ලැබිණ.
එවැනි වාතාවරණයක ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනට කාසියේ වාසිය අහිමි වූ අතර කාසියේ වාසිය දිනූ ඩැරන් සාමි පළමුව පන්දුවට පහර දීමට තිරණය කළේය.නමුත් රිසි සේ සිය දැවැන්ත ප්‍රහාර සදහා යාමට ඇති ඉඩ ප්‍රස්ථාව වළකමින් මුල් ඕවර් කිහිපයේදී මහේල සිය කණ්ඩායම මෙහෙයවමින් ලකුණු පාලනය සහ කඩුලු දවා ගැනීම රැක ගත්තද,කළබලයට පත් නොවුණු ඩියොන් බ්‍රාවෝ (19) සහ මාලන් සැමුවෙල් (78) පන්දු ඕවර් 8 ක් තුළ ලකුණු 59 ක් රැස් කරමින් සිය කඩුලු කඩා වැටීමට ඇණ තැබීමට සමත් විය.14 වන පන්දු ඕවරයේ අවසාන පන්දුවට බ්‍රාවෝ දැවී යන විටත් ලකුණු 73 ක් වු කොදෙව් කණ්ඩායම ලකුණු 120 න් මෙපිට නවතිනු ඇතැයි සිතිය හැකි වුව ද,ඉතිරි වූ කඩුලු ප්‍රමාණයේ වාසිය සමග අත දිග හැර පහර දෙන්නට ගත් සැමුවෙල් හයේ පහර 6 ක් ම එල්ල කරන්නට වූයේ කොදෙව් කණ්ඩායමට පෙනෙන්නට නොතිබි ලකුණු ප්‍රමාණයක් හිමි කර දෙමින්ය.
මහේල මෙම අවස්ථාවේදී හොදින් තරග ආරම්භයේ පන්දු යැවූ ඇන්ජලෝ මැතිව්ස් ගේ පන්දු ඕවර් ප්‍රමාණය නිමා කර තිබුණ අතර,ඒ ආකාරයටම ලකුණු වල ට වැට බැද තිබූ නුවන් කුලසේකර සහ අකිල් ධනංජයගේ පන්දු ඕවර් 4 නිමා නොකර සිය විශ්වාසවන්තයා වූ මාලිංග කොරෙහි වැඩි විශ්වාසයක් දරනු පෙණින.නමුත් සැමුවෙල් වැනි පිතිකරුවෙක්ට ලෝන් ඕන් - සහ ලෝන් ඕෆ් කළාප හරහා දිගු පහර සදහා පිවිසීමට තිබෙන හැකියාව,මහේල ගේ විශ්වාසය පළුදු කළේ මාලිංගගේ පන්දු ඕවර් 4 ට ලකුණු 54 ක් කොදෙව් කණ්ඩායමට එකතු කරමින්ය.සෙසු පන්දු යවන්නන් පන්දු ඕවර් 16 ක් තුළ ලකුණු 83 ක් පමණක් ලබා දෙමින් ලබා ගත් වාසිය මේ නිසා ශ්‍රී ලංකාවට අහිමි ව ගිය අතර විශේෂයෙන් අජන්ත මෙණ්ඩිස් සිය පන්දු ඕවර් 4 තුළ ලකුණු 12 ක් පමණක් ලබා දෙමින් කඩුලු 4 ක් දවා ගනිමින් ඇති කළ පීඩනය කොදෙව් පිතිකරුවන්ගෙන් ඈත් විණි.ඒ නිසාම සුනිල් නරේන් වැනි විශිෂ්ඨ දග පන්දු යවන්නන්ට වාසි දායක පදනමක් ඇති බව පෙනෙන්නට තිබුණු ප්‍රේමදාස තණතීරුවේ ශ්‍රී ලංකාවට සටනක් දීමට හැකි ලකුණු 137 ක් කඩුලු 6 ක් පමණක් දැවී ලබා ගන්නට කොදෙව්වන්ට අවස්ථාව ලැබිණ.
පිළිතුරු ඉනිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල බලාපොරොත්තුවක් වූ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී යාමත් සමග ලකුණු 137 පිඩනයක් වීමේ කාර්යය ඇරඹිණ.පසුගිය කා‍ලයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් තරගවල දී වැඩි ප්‍රමාණයක ඩිල්ෂාන් ගේ දායකත්වය දක්නට ලැබුණු අතර කාලයක සිට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ජගත් වර්ගීකරණයේ ඉදිරියෙන් සිටි ඩිල්ෂාන් ගේ පන්දු යැවීමේ හැකියාවට ඇණ වැදී ඇති බැවින් මෙම තරගයේ ඔහුගේ දායකත්වය ප්‍රදර්ශණාතිමක පන්දු රැකීම් කිහිපයකට පමණක් සීමා විණ.එම පීඩනය නිසාම ලකුණු වේගය වැඩි කිරීමට අනතුරුදායක පහර සදහා යොමු වීමට ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත පෙළඹිමක් ඇති කළ අතර එහි ප්‍රතිඵලය වූයේ ඇන්ජලෝ මැතිව්ස් වැනි පිතිකරුවෙක් සිය උප නායකත්වයට ද ශරොත්තු නොදෙන අති අපරික්ෂාකාරී ප්‍රහාර සදහා පෙළඹීමය.මහේල පමණක් ලකුණු 33 ක් ලබමින් මුල් පෙළේ පිතිකරුවන් අතරින් කැපී පෙණුන අතර ඔහු ද දැඩි රුචිකත්වයක් ඇති රිවස් ස්විප් පහරකින් දැවී ගියේය.මහේල හැරුණු විට සංගක්කාර ලකුණු 22 ක් ලැබූ අතර තරගයේ අවසාන භාගයේදී ප්‍රචණ්ඩ ප්‍රහාරයක් එල්ල කළ නුවන් කුලසේකර ලකුණු 26 ක් ලැබීය.එම තිදෙනා හැරුණු පසු සෙසු පිතිකරුවන් අතරින් වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට ලසිත් මාලිංග සමත් වූ අතර ඒ ලකුණු 5 කි.ඒ නිසා සිරස් අතා ලියූ දුරකථන අංකයක් සේ දිස්  වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව මුළු ලකුණු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අක්‍රිය වූ අතර කොදෙව් කණ්ඩායමට ලකුණු 36 ක ජයක් අත් විණි.
මේ මොහොතේ ලොව සිටින අති විශිෂ්ඨතම පන්දු යවන්නෙකු ලෙස විරුදාවලි ලත් සුනිල් නරේන් ඉතා හොදින් පන්දු යැවූ අතර ඔහු ලැබූ කඩුලු 3 වෙනුවෙන් පන්දු ඕවර් 3.4 ක් වෙනුවෙන් ලබා දී තිබුණේ ලකුණු 9 ක් පමණි.
තරගාවලියේ වැඩිම ලකුණු එකතුවෙන් ඉදිරියෙන් සිටි සහ පන්දු යවන්නන්ගේ කඩුලු දවා ගැනීම අතින් අජන්ත මෙණ්ඩිස්ට පමණක් දෙවැනි වූ ෂේන් වොට්සන් තරගාවලිලියේ වීරයා විය.2වසාන තරගයේ වීරයා සම්බන්ධයෙන් විවාද කරන්නට කාරණයක් නොතිබි අතර නොතිබි ජයක් ජයක් බවට හරවමින් දැවැන්ත ලකුණු 78 ක ඉණිමක් ක්‍රියාත්මක කළ මාලන් සැමුවෙල් තරගාවලියේ වීරයා විය.එසේම ජයග්‍රහණයට අවශ්‍යය පදනම  සකසමින් කොදෙව් නායක ඩැරන් සාමි,නිසි නායකත්වයක් ප්‍රදර්ශනය කළ අතර කණ්ඩායම එක හැගීමකින් වෙලා තබා ගැනීමට ඔහු කළ කැපවීම ප්‍රශස්ත මට්ටමක තිබිණ.
පහත දැක්වෙන්නේ අවසාන තරගයේ ලකුණු පූවරුවට පිවිසිය හැකිය.http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533298.html
www.supirikrida.com

සුපිරි ක්‍රීඩා පෙන්වා දුන් කරුණු පිළිබදව අධ්‍යාපන ලේකම් ගේ විශේෂ අවධානය,පාසල් බැඩ්මින්ටන් සංගමයේ ක්‍රියාකාරීත්වය අත් හිටුවයි

දිගින් දිගටම අකටයුතු කම් එල්ලවන බවට සිදුවන චෝදනා හේතුවෙන් පාසල් බැඩ්මින්ටන් සංගමයේ ක්‍රියාකාරීත්වය අත් හිටුවන්නට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරිරික අධ්‍යාපන සහ ක්‍රීඩා අධ්‍යක්ෂ රෝහණ කරුණාරත්න සුපිරි වෙබ් අඩවියට අදහස් දක්වමින් පැවසීය.අවසාන වශයෙන් අද (ඔක්තෝමබර් 8) නිමාවට පත් වීමට නියමිත ජාතික කණිෂ්ඨ තරගාවලියෙන් පසුව පාසල් සංගමයේ ක්‍රියාකාරීත්වය නැවතෙනු ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම පාසල් සංගමයේ වත්මන් ලේකම්වරයාටත්,හිටපු ලේකම්වරයා නාමිකව ඉවත් වෙමින් පාසල් සංගමය නියෝජනය කරමින් ජාතික සංගමයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් ද,සිය වගකීම අයථා ලෙස යොදා ගැනීම පිළිබදව,නිසි නිත්‍යානුකූලභාවයකින් සහ ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමෙන් වැළකීම නිසාද,කලෙක පටන් චෝදනා එල්ල වුව ද ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබීමත්,මෙවර ජාතික කණිෂ්ඨ තරගාවලියේදී නිසි ක්‍රමවේදයට බැහැරින් කටයුතු කිරිමත් යන කාරණා සැළකිල්ලට ගනිමින් සුපිරි ක්‍රීඩා අධයාපන අමාත්‍යවරයාට මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට ද කරුණු පෙන්වා දීමට කටයුතු කළ අතර එහි දී අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යංශ ලේකම්වරයා ද ශාරිරික අධ්‍යාපන සහ ක්‍රීඩා අධ්‍යක්ෂ රෝහණ කරුණාරත්නයන් ව දැනුවත් කළේ වහාම පරීක්ෂණ අරඹන ලෙසය.මෙහි ප්‍රතිපලයක් ලෙස අමාත්‍යංශ ලේකම්වරයා ගේ උපදෙස් මත එම පරීක්ෂණ සදහා පාසල් බැඩ්මින්ටන් සංගමයේ ක්‍රියාකාරීත්වය ද අත් හිටවීමට ශාරිරික අධයාපන සහ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇත.
එසේම ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන පරිදි,ජාතික බැඩ්මින්ටන් පරිපාලනයේ ක්‍රියාකාරීත්වය ද,ඇණ හිටින තත්ත්වයක් ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු විය හැකිය.දිගින් දිගටම ක්‍රීඩා අමාත්‍යවරයාගේ දෝෂ දර්ශනයට ලක් වුව ද,කුමන හෝ අදිසි බලයකින් මෙන් බලාත්මකව පවතින ජාතික බැඩ්මින්ටන් සංගමය,ක්‍රීඩාවට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපත පිණිස ක්‍රියාත්මක යාන්ත්‍රණයක් වෙනුවට, කිහිප දෙනෙකු ගේ බඩගෝස්තරය වෙනුවෙන් ලඝු වී තිබෙන යාන්ත්‍රණයක් බවට පත් වී ඇත.සැබවින්ම පාසල් සංගමය ද එහි ඕජස් සහ සැරව බොන පණුවෙකු පමණක් ලෙස ක්‍රියාත්මක වන්නක් වීම නිසා ඇති වී තිබෙන අර්බූද විශාල ප්‍රමාණයක් මතු වීමට හේතු ව වී ඇත.ඒ නිසා ප්‍රධාන ධාරාවේ තුවාලයට ප්‍රතිකර්මයක් නැතිව එහි වසා ජීවත්වන ඉහද පනුවන් පිලිබද පමණක් ක්‍රියාත්මක වීම ප්‍රමාණාත්මක ප්‍රතිපල ගෙන දෙන්නක් නොවනු ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයා පෞද්ගලිකවම ජාතික බැඩ්මින්ටන් සංගමයේ දූෂණ සහ අක්‍රමිකතා සොයා බැලීමට මෙන්ම ඒවා වෙනස් කිරීමටත් උත්සාහ කරන තත්ත්වයක් දකින්නට ලැබුණ ද,සෙසු කාර්‍ය මණ්ඩලයෙන් ඒ සදහා අවශ්‍යය කරන විධිමත් සහ කඩිනම් සහය නොලැබෙන බවක් පෙනෙන්නට තිබෙන බවට සුපිරි ක්‍රීඩා වෙත ප්‍රායෝගික අත්දැකීම තිබෙන අතර මේ තත්ත්වයන් පාදක කරගෙන ජාතික සංගම් ක්‍රීඩා අමාත්‍යවරයා අර්බූද ගණනාවක් ඇති කළ යම් නිලධාරින් සංගමයට වද්දෘ නොගන්නා ලෙස කරන ලද ඉල්ලීම් ද නොතකා හරිමින් එවැන්නන් සංගමයේ ප්‍රධාන විධායක තනතුරට කැදවීමට ද සූදානමක් පවතින බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.
මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශයේ ඇතැම් අය බැඩ්මින්ටන් සංගමය 'ෂේප් එකයි පාරයි සංගමය' ලෙස හදුන්වන්නට පටන්ගෙන ඇත්තේ කුමන වරදක් කරද,අමාත්‍යංශයේ හිත නොරිද්දා දිගින් දිගටම ක්‍රියාකාරිව පවතින බැවින්ය.එසේම බොහෝ නිවුණු පෙණුමක් සහ වාග් විලාශයක් ඇති එම සංගමයේ සබාපතිවරයා ගේ ක්‍රියා කළාපය'වහ දෙන්නෙත් උණු වතුර එක්කයි' යනුවෙන් අර්ථ ගන්වන්නට පටන් ගෙන තිබෙන බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.
www.supirikrida.com

Oct 7, 2012

කණෙන් රිංගන්න හැදූ පාසල් හොකී සංගමයේ කණෙන් අල්ලන්න අධ්‍යක්ෂකගෙන මෙහෙයුමක්

පාසල් ක්‍රීඩාවේ ප්‍රතිපත්තිමය කාරනා උල්ලංඝණය කරමින් වයස අවුරුදු 13 න පහළ ක්‍රීඩකයන් ජාතික තරගාවලියක් සදහා යොදා ගැනීම පිළිබදව පාසල් හොකී සංගමයට චෝදනා එල්ල වෙමින් ඇත.අවුරුදු 14 න් පහළ තරගාවලියක් ලෙස ‍ක්‍රියාත්මක මෙම තරගාවලියේ අවසාන තරග හෙට මහනුවරදී පැවත්වෙන අතර අවරුදු 14 න් පහළ ළමුන් ලෙස ප්‍රතිපත්තිමය කාරණා නොසළකා හරිමින් මෙම තරගාවලියේ දිගින් දිගටම අවුරුදු 13 න් පහළ ළමුන් ක්‍රීඩා කර තිබෙන බවට සුපිරි ක්‍රීඩා සතුව සාක්ෂි ඇත.අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ වයස් ඛාණ්ඩ තරග නොපවත්වන ලෙස උපදෙස් දී තිබියදී අවුරුදු 14 න් පහළ ලේබලයට වහං වී මෙසේ කටයුතු කිරීම පිළිබදව ශාරිරික අධ්‍යාපන හ ක්‍රීඩා අධ්‍යක්ෂ රෝහණ කරුණාරත්න පවසන්නේ තමන්ට ද එවැනි තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිලිබදව ක්‍රියාමාර්ගයක් ගන්නා බවය.
එම කරුණු පැහැදිළි කර ගැනීමට අවශ්‍යය සාක්ෂි රැස් කර ඒ පිළිබදව සත්‍ය අසත්‍යතාවය විමසා බැලීමට කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
එසේම තරගයේ ප්‍රමිතිය පිලිබදවද ගැටළු මතු වී ඇති අතර බී කාන්ඩයේ තරගාවලියක් වෙනුවට මෙම තරගාවලියට නවක පාසල් සියල්ලම ඇතුළත් කර ගැනීමෙන් තරගාවලියේ තත්ත්වය බාල වී ඇති බවට ද තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ අය සුපිරික්‍රීඩා‍ වෙත පෙන්වා දෙයි.
www.supirikrida.com

හොරු බොරු එක්ක විරුවන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙළිම

Sri Lanka celebrates after defeating Pakistan in the ICC world Twenty20 semi-final at the R Premadasa Stadium, Colombo October 4, 2012. REUTERS/Philip Brownද ලංකාවට අතිශයින් වැදගත් දිනයක්.ඒ 20 / 20 ලෝක කුසලාන තරගාවලියේ සූරතාවය සම්බන්ධයෙන් තීරනාත්මක අවසාන තරගයට අද ලංකාව තරග වැදීමයි.අවසාන තරගයට ශ්‍රී ලංකාව සමග සහභාගි වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.මෙහි ප්‍රවේශපත් විකිණී අවසන් බව ක්‍රිකට් ආයතන නිල ප්‍රකාශ ඔස්සේ වාර්තා වුව ද මේ වන විටත් මාලිගාවත්ත ප්‍රදේහය ඇතුළු කොළඹ තැන තැන ප්‍රවේශපත්‍ර විකිණෙනවා.විශේෂයෙන් ක්‍රිකට් ආයතනය අවටත් මේ දේ සිදුවනවා.
මේ ප්‍රවේශපත්‍ර අලෙවි වන්නේ එහි නියමිත මිලට වඩා දස ගුණයක් විසි ගුණයක් පමණ වැඩි මිළකටයි.සමහර විට එය සිය ගුණයක් විය හැකි අවස්ථාද එමටයි.ඒ නිසා මෙය හොර කමක්.ජාතික වගකිම් පැවරුනු බොහෝ අයත් මේ පිටුපස සිටිය හැකියි.ඒ අය ඇතැම් කරුණු හෙළිදරව් කරන විට පෙන්වන ජාතිකානුරාගය දේශානුරාගය කෙතරම් ඉහළින් තිබුණත් මේ කෙරෙන හොර ජාවාරම් පසුපස ඔවුන් සිටින බව පැහැදිළි වන විට හැගෙන්නේ,ඔවුන් කෙතරම් දුරට බොරු කීමේ හා බොරු මවා පෑමේ දක්ෂයන්ද යන්න යි.
කෙසේ හෝ මේ බොරුකාර හොරුන්ගේ මඩිය පුරවන්න වෙහෙසවන පිරිස බවට රට වෙනුවෙන් පිටියට බසින ක්‍රීඩකයන් පත් වී තිබීම ඛේදවාචකයක්.හදවතින්ම සුභ පතන බොහෝ පිරිස් අතරේ මෙවැන්නන් සිය සට කපට කමින් රට ජාතියට අගෞරව කරන අවස්ථා අවම කර ගැනීමේ ක්‍රමවේදයක් තවම හදුනා ගෙන නැති වීම කණගාටුවට කරුණක්.මර්ධනය හෝ මැඩ පැවත්වීම පිණිස ප්‍රායෝගික නිතිමය භාවිතාවන් නැති වීමට   වත්මන් පොලිසීය නීතිය රකින හෝ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ව්‍යහුයෙන් අණ පිළිපදින හා අණ ක්‍රියාත්මක කරන ආයතනයක් බවට පරිවර්ථනය වෙමින් තිබීම ද බලපාන බව මෙවැනි කරුණු ඔස්සේ ද පැහැදිළි වෙනවා.
මේ කුමන තත්ත්වයක හෝ අද ශ්‍රී ලංකාව 20 / 20 කුසලානය දිනා ගැනීම පිළිබදව සැබෑවින්ම උද්දාමයට පත්වීම සදහා සූදානම් පිරිසක් ද සිටිනවා.ඒ හාදයාංගම බව සමහර විට හොර බොරු සහිත කපටියෙකුගේ සාක්කුව බර කරන්න හේතු වන්නත් පුළුවන්.ඒත් රටේ ක්‍රිකට් මෙන්ම සියල්ල නිවැරදි වූ සාධාරණ වූ ක්‍රමවේදයක් හරහා ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි.ඔබේ සාක්කුවේ ඇති මුදල අනවශ්‍යය ලෙස හොරෙකුව බොරුකාරයෙකු පෝෂනයට යෙදවීම වෙනුවට රටේ යහපත් වෙනුවෙන් එවැනි තැනකදී සත පහක් වැය නොකළ සේවය කළ හැකි අවස්ථාවන් ද තිබෙනවා.ඒ නිසා ඔබට වැඩි මුදලට විකුණන්න උත්සාහ කරන ටිකට් පත මිළ දී ගැනීමට පෙර අදාළ නීති අංශ දැනුවත් කරන්න.එවැනි අලෙවි කිරීම් සිදුවන ස්ථාන පිලිබදව නිති අංශ දැනුවත් කරන්න.නියම් වූ මිළට වඩා කිසිම දෙයකට වැඩි මිළක් නොගෙවීම ඔබ ඔබේ ප්‍රතිපත්තිය කර ගන්න උත්සාහ කරන්න.
www.supirikrida.com

හමුදාවේ අය පාසල් යන්න ගියොත් රස්සාවත් නැතිවෙයි

මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව් වලදී අවුරුදු 21 න් පහළ තරග වල දී ලබන ලකුණු ද,තරගාවලියේ සමස්ත සූරතාවය වෙනුවෙන් සළකා බැලීමට ගත් තීරණය සමග හමුදා සේවයට සම්බන්ධ පිරිස් මෙම තරගාවලිය නියෝජනය කරනු ඇතැයි තොරතුරු වාර්තා වීම පිළිබදව අදහස් දැක් වූ ශාරිරික අධ්‍යාපන සහ ක්‍රීඩා අධ්‍යක්ෂ රෝහණ කරුණාරත්න එවැනි දෙයකදී එම පුද්ගලයාට රැකියාව පවා අහිමි වී යා හැකි බව පෙන්වා දුන්නේය.
එවැනි කරුණක් ඔප්පු වුනොත් ජයග්‍රහණය අහිමි වීමෙන් නොනැවති ඔවුන්ට රැකියාව පවා අහිමි වී යා හැකි බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.එම ගැටළුව මතු විය හැකි බවට පළ වූ අදහස් සමග  ත්‍රිවිධ හමුදාපතිවරු සමග සාකච්ඡා කළ බව පවසන අධ්‍යක්ෂවරයා.එහිදී හමුදාපතිවරු එවැනි ක්‍රියාවල නියැලෙන පිරිස් සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නා බව ප්‍රකාශ කළ බව ද,පෙන්වා දෙයි.
www.supirikrida.com

ශ්‍රී ලංකා කණිටු ක්‍රීඩිකාවෝ පළමු ජය වාර්තා කරති

තායිලන්තයේ පැවත්වෙන 16 වන ආසියානු කාන්තා කණිෂ්ඨ වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කරන ලද ප්‍රථම ජය කුවේට් වලට එරෙහිව වාර්තා විය.වට 3 - 0 ක් වූ එම ජයග්‍රහණයේදී ලකුණු තත්ත්වය 25 - 6 ,25 - 5 සහ 25 - 13 ක් ලෙස වාර්තා වූ අතර විනාඩි 46 ක් තුළ සමස්ත තරගය නිමා කිරිමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.ශ්‍රී ලංකාව තරග වදින කාණ්ඩයේ පැවති නවසීලන්ත හොංකොං තරගයේදී නවසීලන්තය ජය ගත් අතර එහි ලකුණු තත්ත්වය 25 - 19,25 -10 සහ 25 - 18 ක් විය.
ඊ කාණ්ඩයේදී ඉරානය කසකස්තානයට එරෙහිව වට 3 -1 ක් ලෙස ජයගත් අතර,තායිලන්තය ආසියාවේ අංක දෙකට ශ්‍රේණිගතව සිටින දකුණු කොරියාව 3 - 1 ක් ලෙස පරාජය කිරිම සිදු වූ විශාලතම පෙරළිය විය.එෆ් කාන්ඩයේදී ජපානය ඉදිරියේ ඉන්දියාව වට 3 - 0 ක් ලෙස පරාජයට පත් වූ අතර චීනය සහ චීන තායිපේ කණ්ඩායම් අතර තරගයෙන් චීනයට වට 3 - 0 ක ජයක් හිමි විය.එච් කාණ්ඩයේ තරග වල දී ටර්කිමනිස්තානය මොංගෝලියාව වට 3 - 0 කින් පරාජය කළ අතර වියට්නාමය වට 1 - 3 ක් ලෙස ඕස්ට්‍රේලියාවට හැකි විය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ශ්‍රේනිගත කිරීම් තරග වලට හෙට සිට මුහුණ දීමට සූදානම් අතර 13 වන ස්ථානයේ සිට 16 වන ස්ථානය දක්වා වූ වර්ගීකරණය පිණිස වන තරගයේ පළමු තරගයට හෙට ශ්‍රී ලංකාව මුහුණ දීමට සුදානම් ය.ඒ ටර්කිමනිස්තානය සමගය.
 www.supirikrida.com