Mar 16, 2013

වෙළගෙදර ක්‍රීඩා පිටියට

Chanaka Welegedara catches a ball during a practice session in Galleබංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර අද ආරම්භ වෙන දෙවන ටෙස්ට් තරගයේදී ප්‍රථම තරගයට ක්‍රීඩා නොකළ චානක වෙළගෙදර ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.ඒ අනුව ගාලු තරගයට ක්‍රීඩා කළ සමින්ද එරංග ට හෝ නුවන් කුලසේකරට අද තරගයේදී කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වීමට ඉඩ ඇත.
ආබාධිත තත්ත්වය හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව ගිය වමත් වේග පන්දු යවන්නා වූ චානක වෙළගෙදර,මෑත කාලයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය වේග පන්දු යවන්නා බවට පත් වී සිටියත් ආබාධයට ගොදුරු වීමෙන් පසු එම තත්ත්වය නැවත දිනා ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටියි.ශ්‍රී ලංකාව බිහි කළ හොදම වේග පන්දු යවන්නා ලෙස සැළකෙන චමින්ද වාස් මෙන්ම වමතින් පන්දු යවන වෙළගෙදර ට මේ වන විට වාස් යටතේම උපක්‍රමශීලී ව පන්දු යැවීම සම්බන්ධයෙන් බොහෝ පාඩම් ඉගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි සිතිය හැකිය.
www.supirikrida.com

Mar 12, 2013

බංගලාදේශයෙන් ගාල්ලේදී විප්ලවයක්

Mushfiqur Rahim is ecstatic after becoming Bangladesh's first double centurionබංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තරගයකදී බංගලාදේශය සතු ලකුණු රැස් කිරීම සම්බන්ධ වාර්තා පොත සම්පූර්ණයෙන් අලුත් තළ ගාල්ලේ දී පැවත් වෙන ශ්‍රී ලංකා බංගලාදේශ පළමු ටෙස්ට් තරගයේදී පළමු වරට ලකුණු 600 ඉක්ම වූ බංගලාදේශ ඉණිම සනිටුහන් කරන්නට බංගලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.වැඩිම ලකුණු සහිත බංගලාදේශ ඉණිම ලෙස ඉතිහාසයට එකතු වන ලකුණු 638 ක් ලැබූ බංගලාදේශය වෙනුවෙන් ශතක තුනක් වාර්තා වූ අතර මොහොමඩ් අශ්රාෆුල් ලකුණු 190 ක්,නසීර් හොසේන් ලකුණු 100 සහ නායක මුෂ්‍ෆිකර් රහීම් ලකුණු 200 එම ශතක ලාභියෝ වූහ.
ඒ අතරින් නායක මුෂ්ෆිකර් රහීම් රැස් කළ ලකුණු 200 බංගලදේශ ක්‍රිකට් ඉතිහාසයේ අද්වීතීය වාර්තාවක් වන අතර එම ද්විත්ව ශතකය බංගලාදේශ පිතිකරුවෙකු අන්තර්ජාතික පිටියේ රැස් කළ ප්‍රථම ද්විත්ව ශතකය ලෙස ඉතිහාසයට එක් වන්නේය.ඒ සදහා අශ්රෆුල් මේ තරගයේදී පිවිසෙනු ඇතැයි බලා පොරොත්තුවෙන් සිටිය ද,තෙවන දිනය නිමා වන විට ලකුණු 189 ක් ලබා සිටි ඔහුට ඊයේ දිනය තුළ එම ලකුණු ප්‍රමාණයට අලුතින් එක් කර ගන්නට ලැබුණේ එක ලකුණක් පමණි.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් වන නුවන් කුලසේකර,සමින්ද එරංග,රංගන හේරත්,අජන්ත මෙණ්ඩිස් සහ ටීඑම් ඩිල්ෂාන් කඩුලු දෙක බැගින් දවා ගන්නට සමත් විය.ශ්‍රී ලංකා කණ්ඩායම තුළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ජගත් අවධානය දිනා ගනිමින් සිටි ඩිල්ෂාන් කලෙකට පසුව ටෙස්ට් තරගයක දී දීර්ඝ ලෙස පන්දු යැවීමට යොදා ගන්නා ආකාරයක් දැක ගැනීමට මෙම තරගයේදී අවස්ථාව උදා වූ අතර එහිදී ඔහු ඒ අවස්ථාවට අනෙකුත් පන්දු යවන්නන්ට සාපේක්ෂව සාධාරණයක් ඉටු කිරීමට ද සමත් විය.
ශ්‍රී ලංකාව දෙවන ඉණිමේ දී බංගලාදේශයට පිටු පසින් සිට ඉණිම ඇරඹු අතර එහිදී දිමුත් කරුණාරත්න ගේ කඩුල්ල බිද දැමූ බංගලාදේශ ක්‍රීඩකයන් තරගයේ තමන් ලබා ගත් ඓතිහාසික වටිනාකම් ජයග්‍රහණයකින් කෙළවර කිරීමට හැකි මාවතක් උදා කර ගත්තද,පසුව ඊට එරෙහිව සිය අත්දැකීම් සමග ආක්‍රමණය සහ ආරකෂාව සමව මුසු වූ ඉණිම් ගොඩ නැගූ ඩිල්ෂාන් සහ සංගක්කාර ඊයේ දිනය නිමා වන විට එක් කඩුල්ලකට ලකුණු 116 ක් දක්වා ශ්‍රී ලංකා ඉණිම ඔසවා තැබීමට සමත් විය.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය ඔස්සේ පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/current/match/602472.html
www.supirikrida.com


Mar 11, 2013

අශ්රෆුල් ගෙන් සහ මුස්ෆිකර් ගෙන් වාර්තාගත ඉණිම්

Mohammad Ashraful and Mushfiqur Rahim broke the record for Bangladesh's highest Test partnership
බංගලාදේශය සමග ගාලු ක්‍රීඩාංගණයේ පැවත්වෙන ශ්‍රී ලංකා - බංගලාදේශ ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමා වන විට මොහොමඩ් අශ්රාෆුල් සහ නායක මුස්ෆිකර් රහීම් පස්වන කඩුල්ල වෙනුවෙන් රැස් කළ වාර්තාගත ලකුණු 261 ක නොබිදි සබදතාවය නිසා ශ්‍රී ලංකාව ප්‍රථම ඉණිමේ දී කඩුලු 4 ක් දැවී රැස් කළ ලකුණු 570 ට පිළිතුරු ලෙස බංගලාදේශයට කඩුලු 4 ක් දැවී ලකුණු 438 ක් රැස් කරන්නට හැකියාව ලැබී තිබෙනවා.මෙම ඉණිම් සබදතාවය ශ්‍රී ලංකාවට එරෙහිව ඕනෑම කණ්ඩායමක් පස්වන කඩුල්ලට   රැස් කර තිබෙන හොදම සබදතාවය වන අතර ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් බංගලාදේශ ක්‍රීඩකයන් දෙදෙනෙකු රැස් කර තිබෙන ඉහළම ලකුණු සබදතාවය ලෙස ද ගැනෙනවා.
මොහොමඩ් අශ්රාෆුල් මේ වන විට නොදැවී ලකුණු 189 ක් ලබා ගෙන සිටින අතර එය බංගලාදේශ ක්‍රීඩකයෙකුගේ ඉණිමක හොදම ලකුණු රැස් කිරීම ලෙස ගැනෙන අතර මෙම ශතකය ඔහුගේ හයවන ටෙස්ට් ශතකය මෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ පස් වන ශතකය ද වෙනවා.රහීම් නොදැවී ලකුණු 152 ක් රැස් කර ගෙන සිටින අතර එය ඔහුගේ හොදම ඉණිම වෙනවා.
ඊ‍යේ තරගය ආරම්භයට පෙර තණතීරු වාර්තාව හරහා රසල් ආනල්ඩ් එහි ඇති සෙමින් දඝ කැවීමේ වාසිය පන්දු යවන්නන්ට ලබා ගැනීමට තිබෙන ඉඩ- කඩ පෙන්වා දුන්නද,ශ්‍රී ලංකා නව නායකයා දග පන්දු යවන්නන්ගේ අභියෝගය රැගෙන එන විට පිතිකරුවන් පන්දුව හොදින් දර්ශනය කර ගනිමින් සිටියා.අශ්රෆුල් ඉතා මැනවින් රැකවරණය සපිරි ඊනිමක නිරත වෙද්දී පන්දුව මැනවින් දර්ශනය කර ගැනීමත් සමග රහීම් තරමක් ප්‍රහාරාත්මක පිතිකරණයක් දියත් කළා.
කෙසේ හෝ පසුගිය කාලයේ ගාලු තණතිල්ල පිළිබදව ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ විවේචන වලට මේ වන විට වැට බැදී තිබෙනවා.ලකුණු ලබ ගැනීමට දුෂ්කර තණතීරුවක් ලෙස හංවඩු ගැසුණු ගාලු තණතිල්ල ජාත්‍යන්තර තරග සදහා සුදුසුද යන්න පිළිබදව සාකච්ඡාවක් පවතින මොහොතක මේ තරගයේදී යළිත් එය ලකුණු රැදුණු තණතීරුවක් බවට පත් කරන්නට එහි පිටිය භාරකරු හිටපු ටෙස්ට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර සමත් වී තිබෙන බව දිනතුනක් ගෙවෙන තැන කණ්ඩායම් දෙක කඩුලු 8 ක් පමණක් දැවී ලකුණු 1008 ලබා සිටීම හරහා පැහැදිළි වෙනවා.
නමුත් ඊයේ හවස් වන විටත් රංගන හේරත් ගේ සහ අජන්ත මෙණඩිස් ගේ පන්දු සුපිරි ඉණිම් ක්‍රීඩා කරන අශ්රාෆුල් ට සහ රහීම් ට තේරුම් ගත නොහැකි ආකාරයෙන් කඩුලු රකින්නා අතර පත් වන අවස්ථා දකින්නට තිබුණා.ඒ තත්ත්වය තේරුම් ගෙන මැතිවිස් අද පන්දු යවන්නන් හැසිරවීමේ දී ඒ තත්ත්වය ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කළ යුතුයි.මන්ද තවමත් ශ්‍රී ලංකාවට ලකුණු 132 ක වාසියක් තිබෙනවා.එහෙත් බංගලාදේශය සතුව සිටින ඔවුන්ගේ අලුත්ම දග පන්දු තුරුම්පුව සොහාබ් ගාසි ද සුළුවෙන් තැකිය නොහැකි නිසා රහීම් ඔහුව භාවිතා කරන ආකාරය අනුව මේ තරගයේ තීරණය ශ්‍රි ලංකාවට ගැටළුකාරී තත්ත්වයක් ඇති කිරීමටත් ඉඩ තිබෙනවා.
අප ඊයේ තරගය පිළිබදව කළ විස්තරයට අනුවම අශ්රාෆුල් බංගලාදේශ කණ්ඩායමේ තීරණාත්මක සාදකය වූ අයුරෙන්ම අද මැතිව්ස් පන්දු යවන්නන් මෙහෙය වන ආකාරය අනුව මේ තරගයේ තීරණාත්මක සාධකය ලෙස සොහාබ් ගාසි පත් වීමේ ඉඩක් ද විවෘතව පවතිනවා.තරගයේ ලකුණු විස්තරයට පහත සදහන් සබදතාවය හරහා පිවිසිය හැකියි.
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/current/match/602472.html
www.supirikrida.com

Mar 10, 2013

මලල ක්‍රීඩාවේ සිගාලයන්ට රාජ යෝගයක් !

ලල ක්‍රීඩා නිලවරණය පැවත්වෙන ආකාරය සම්බන්ධයෙන් මලල ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රභූ චරිත විශාල වශයෙන් කළකිරීමක් දැක් වුව ද ඇතැම් හූ එම නිලවරණයේ ඇති වී තිබෙන කල්ලිවාදී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් සල්ලි ගස් සෙලවීමේ ව්‍යාපෘතියක් දියත් කරමින් සිටින බව වාර්තා වෙයි.මේ සල්ලි ක්‍රීඩාවේ දියුණුවේ නාමයෙන් අදාළ පුද්ගලයන්ගේ ගිණුම් වලට වැටේදැයි සියළු දෙනා තුළ සැක පහළ වී ඇති අතර මෙ ආකාරයට කිහිප දෙනෙකු ඡන්දයට ඉදිරිපත් වී ඇති අය ජයග්‍රහණය කරවනු පිණිස විවිධාකාරයේ සාද සංවිධානය කරමින් සිටින බවක් වාර්තා වේ.
මේ පුද්ගලයන් යුධ හමුදාවට සම්බන්ධ දෙදෙනෙකු සභාපති ධූරයට ගෙන එමින් හමුදාව තුළ ඇති කර තිබෙන ගැටළුකාරී තත්ත්වය පිලිබදව හමුදාවට සම්බන්ධ සහ ඊට සම්බන්ධව සිටි පිරිස් ද කළකිරීමට පත්ව සිටින අතර දේශපාලනමය වශයෙන්ද මෙවැනි අර්බූදකාරී තැනකට මලල ක්‍රීඩාව පමණක් නොව හමුදා විනයද තල්ලු කිරීම ජාතිකමය වශයෙන් අවාසනාවන්ත තත්ත්වයක් බව ඒ පිරිස් පෙන්වා දෙති.මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු හිටපු මලල ක්‍රීඩා සභාපතිවරයා වන අතර ඔහුගේ පරිපාලනය සම්බන්ධයෙන් ඇති වූ ගැටළු ගණනාවක් මෙන්ම ක්‍රීඩා පණතට අනුව ඔහුට එක දිගට සභාපති ධූරයේ රැදී සිටීමට අවශ්‍යය අමාත්‍ය අනුමැතිය නොලැබීම යන කරුණු පදනම් කරගෙන ඉකුත් වර පාලිත ප්‍රනාන්දුට සභාපති ධුරයට තරග වැදීමට අවස්ථාව නොලැබිණ.
පාලිත ප්‍රනාන්දු ගේ හිස් තැනට පත් වූ මේජර් ජෙනරාල් දයා රත්නායක කෙරෙහි විශාල විශ්වාසයක් තැබුව ද ඔහු විසින් හමුදාවට සම්බන්ධ ඇතැම් පිරිස් කෙරෙහි  මලල ක්‍රීඩා පරිපාලනයට බලපෑම් කළ හැකි වට පිටාවක් සැකසීමට ඉඩ ලබා දීම නිසා ඔහුට සහය දුන් පිරිස් අතරම විශාල කළ කිරීමක් ඇති වී තිබෙන බව මලල ක්‍රීඩා ආරංචි මාර්ග පෙන්වා දෙයි.මේ තත්ත්වය මත මේ වන සිටින යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස එම තනතුරේ ගෞරවය ද සුරක්ෂිත වන පරිදි සභාපති ධුරය දිනා ගැනීම දයා රත්නායකයන්ට අත්‍යවශ්‍යයම කාරණයක් වන බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග ඇතැම් විට ඡන්දයෙන් පරාජය වන්නට සිදු වුවහොත් එය හමුදාවේ කීර්තියට ද ගැටළුකාරී තත්ත්වයක් වනු ඇති බව ද එම ආරංචි වැඩි දුරටත් පෙන්වා දෙයි.
මේ අතර ඔවුන් දෙදෙනා මෙන්ම ඒ සමග ගැවසෙන අනෙකුත් අපේක්ෂකයන්ගේද ඡන්ද සටන මෙහෙය වීමේ වගකීම භාර ගත් පිරිසක් ද සිටින අතර එම පිරිස් එම අපේක්ෂකයන්ගේ මුදලින් විවිධ සාද - උත්සව අවස්ථා සංවිධානය කරමින් ඔවුන් බලයට රැගෙන විත් සිය න්‍යාය පත්‍ර මෙහෙයවීමට අවශ්‍යය පදනම සාක්ෂාත් කර ගන්නට සූදානම් වෙති.දැනටමත් මේ සංවිධායකයන් එකිනෙකා අතර ගැටළු මතු කරමින් සිය අවශ්‍යයතාවයන් ඉටු කර ගැනීමට හැකි පරිසරය සකසා ගෙන සිටින බව දැකිය හැකි බව පෙන්වා දෙන ආරංචි මාර්ග මේ තත්ත්වය නිසා ඇතැම් පිරිස් මෙම මලල ක්‍රීඩා නිලවරණ සමය සිගාලයන්ගේ රාජයෝගය ලෙස හැදින්වීමට සූදානම් වන බවක් පෙනෙන්නට ඇත.
www.supirikrida.com

චාමික ගේ පන්දු යැවීමෙන් රාජකීයන්ට කඩුලු හතක ජයක්

ලොව පැරණිතම පාසල් මහා ක්‍රිකට් තරගය ලෙස ගැනෙන රාජකීය සහ ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයක් ලබන්නට රාජකීය  විද්‍යාලයට හැකි වුණා.එහිදී රාජකීය විද්‍යාලය වෙනුවෙන් ජයග්‍රහණය සදහා විශාලතම දායකත්වය දැක් වූ චාමික කරුණාරත්න සම්පූර්ණ තරගයේ ලකුණු 87 ට කඩුලු නවයක් ලබා තරගයේ හොදම පන්දු යවන්නා මෙන්ම තරගයේ වීරයා ද වන්නට සමත් වුණා.
චාමික ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සූරයා වන නිලූක කරුණාරත්නගේ සොහොයුරා වන අතර ඔහු බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන්ද සිය වයස් ඛාණ්ඩයේ සූරයා වෙනවා.කණිෂ්ඨ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි සදහා සහභාගි වී ඇති නිලූක සිය වයස් ඛාණ්ඩයේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වේ ජාතික සූරයාද වෙනවා.
නිලූක,දිලූක සහ දිනූක වැනි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කේෂ්ත්‍රයේ සුපිරිතමයන් ලෙස සැළකෙන සිය සොහොයුරන් මෙන්ම බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ද හැකියාවන් පෙන්වන චාමික ක්‍රිකට් සහ මලල ක්‍රීඩාවෙන්ද දක්වන දක්ෂතා සැළකිල්ලට ගැනීමේදි සිය සහෝදරයන් තිදෙනා ද අභිවමින් ක්‍රීඩාවන් කිහිපයකින් එක සමාන දස්කම් දක්වන පුද්ගලයෙකු ලෙස කැපී පෙනෙනවා.
රාජකීය - ශාන්ත තෝමස් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් තෝමස් ක්‍රීඩකයන් ලකුණු 192 ට සීමා කිරීමට පෙරමුණ ගත් චාමික,ලකුණු 55 ට කඩුලු 5 ක් දවා ගත්තා.දෙවන ඉණිමේ තොමස් ලකුණු පූවරුව ලකුණු 132 දී නවතා දැමූ රාජකීයන් වෙනුවෙන් චාමික ගේ දායකත්වය ලකුණු 32 ට කඩුලු 4 ක්බවට පත් වුණා.රාජකීය කණ්ඩායම පළමු ඉණිමේ දී කඩුලු 5 ට ලකුණු 260 ක් ලබා ගත් අතර දෙවන ඉණිමේදී ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 67 වෙත කඩුලු 3 ක් පමණක් දැවී ළගා වීමට සමත් වුණා.
www.supirikrida.com

ශ්‍රී ලංකාවෙන් ශතක තුනක්

Lahiru Thirimanne made his maiden Test centuryශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පිතිකරුවන් අතින් ශතක තුනක් වාර්තා වීම කැපී පෙණින.සංගක්කාර ලකුණු 142 ක් වාර්තා කළ අතර අනතුරුව ලහිරු තිරිමාන්න (නොදැවී 155) සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 116) සිය මංගල ටෙස්ට් ශතක වාර්තා කිරීමත් කැපී පෙණින.මේ දක්ෂතාවයන් හේතුවෙන් ශ්‍රී ලංකා පළමු ඉණිම කඩුලු 4 ක් දැවී ලකුණු 570 ක් වූ අතර ඊට පිළිතුරු සපයන්නට පැමිණි බංගලාදේශයද ආක්‍රමණිකශිලී පිතිකරණයක නියැලෙමින් ඊයේ දිනය නිමා වන විට ලකුණු 135 ක් ලබා සිටියේ කඩුලු 2 ක් පමණක් දැවෙමින්ය.
නමුත් ලකුණු 570 ක ලකුණු ප්‍රමාණය යනු පහසු ඉලක්කයක් නොවන අතර එය පීඩනයක් කර ගනිමින් එයින් මිදෙන්නට දරණ සියළු උත්සාහයන් ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක තත්ත්වයක් ඇති කරන්නට හේතු විය හැකිය.විශේෂයෙන් අජන්ත මෙණ්ඩිස් සහ රංගන හේරත් තරගයේ තෙවන දිනය වන අද වන විට තණතීරුවේ ඇති පළුදුවීම් සොයා ගැනීමට දරණ උත්සාහය බංගලාදේශ පිතිකරුවන්ට පහසු නොවනු ඇත.
එහෙත් මේ අපහසුතාවයෙන් මිදෙන්නට බංගලාදේශය සතු සුපිරිතම තුරුම්පුව වන මොහොමඩ් අෂ්රාෆුල්, මේ වන විටත් අර්ධ ශතකයේ සීමාව පසු කරමින් කඩුල්ලේරැදී සිටින අතර අද ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පිළිබද බලාපොරොත්තු ඉටු වීම හෝ ඉටු නොවීම යන කාරණයට අෂ්රාෆුල් ගේ කඩුල්ලේ රැදී සිටීම තීරණාත්මක සාධකයක් වනු ඇත.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය භාවිතා කළ හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/current/match/602472.html
www.supirikrida.com