Jun 21, 2012

ආසියානු කුසලානයට සහභාගි වන 19 පහළ කණ්ඩායම මැලේසියාවට

මැලේසියාවේ ක්‍රියාත්මක වන ආසියානු කුසලාන අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.මෙම තරගාවලියේ මූලික වටයේ තරග සදහා බී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම තරගයට ඇෆ්ගනිස්තානයට එරෙහිව එළැ‍ඹෙන 23 දා මුහුණ දීමට නියමිතයි.24 දා බංගලාදේශයට එරෙහිව තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම 26 දා සිය මූලික වටයේ අවසාන තරගය වන කටාර් කණ්ඩායමට එරෙහිව තරගයට මුහුණ දීමට නියමිතයි.
තරගාවලියට සහභාගි වීම සදහා පිටත්ව ගිය 15 දෙනෙකුගෙන් යුත් ක්‍රීඩක සංචිත‍යේ නායකත්වය මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සනිත ද මෙල් ට හිමි වී තිබෙනවා.උප නායකත්වය පැවරී තිබෙන්නේ මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ඇන්ජලෝ ජයසිංහට යි.කණ්ඩායම් කළමණාකරු ලෙස ලතිනන් කර්නල් ශිරාන් අබේසේකර කටයුතු කරන අතර පුහුණුකරු ලෙස  කටයුතු කරන්නේ නවීඩ් නවාස් ය.ප්‍රියන්ත ජයතිස්ස භෞත චිකිත්සක ලෙස ක්‍රියා කරන අතර තොස්වින් ජයතිස්ස පරගණක දත්ත සැළසුම් ශිල්පී ලෙස කටයුතු කරයි.ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් මංජුල වාස් තරගාවලියට එක් වී සිටියි.
මෙම තරගාවලිය නියෝජනය කරන්නට ශ්‍රී ලංකාවට අමතරව නේපාලය,ඉන්දියාව,බංගලාදේශය,ඇෆ්ගනිස්තානය,කටාරය,පකිස්තානය සහ මැලේසියාව එක් වෙති.

No comments: