Dec 15, 2012

වෙළද සේවා වොලිබෝල් සැණකෙළියේ සජීවී ප්‍රතිපල සුපිරි ක්‍රීඩා වෙබ් අඩවියේ



MAS Active Contourline - Pallekelle Kandy   

Brandix Intimate Apperal - Welisara  




Brandix Casual wear - Rideegama 

වෙළද සේවා වොලිබොල් තරගාවලියේ අවසාන තරග හෙට (දෙසැම්බර්16) මහරගම ජාතික තරුණ මධ්‍යස්තාන ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිත අතර එම තරග වල සජීවී ප්‍රතිපල සටහනක් තරග වටයෙන් වටයට දැක ගැනීමට අප වෙබ් අඩවිය මගින් ඉඩ - කඩ සළසා ඇත.පළමු තරගය ලෙස පැවත්වෙන්නේ කාන්තා තරග අංශයේ තෙවන ස්ථානය තීරණය කරන තරගය වන අතර එහිදී මාස් ලීනියා හංවැල්ල සහ බ්‍රැව්ඩික්ස් ඇපරල් වැලිසර යන කණ්ඩායම් තරග වදින අතර තරගය පෙරවරු 9.00 ට ඇරඹ්මට නියමිතය.
අනතුරුව හසලක සුමිත්‍රා සහ ටෙක්ස්වර්ඩ් ජර්සි ලංකා කණ්ඩායම් පිරිමි අංශයේ තෙවන ස්ථානය තීරණය කරන තරගයට පිවිසෙනු ඇත.කාන්තා අවසාන තරගයට මාවතගම මාස් කැෂුවලයින් සහ රෙදිගම බ්‍රැන්ඩික්ස් කැෂුවල් වෙයාර් කණ්ඩායම් පස්වරු 1.00 ට තරග බිමට පිවිසීමට සූදානම් අතර පිරිමි අවසාන තරගය සදහා මහනුවර මාස් කොන්ටුවර්ලයින් කණ්ඩායම සහ වැලිසර බ්‍රැන්ඩික්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායම් තරග වැදීමට නියමිතව ඇත්තේ පස්වරු 3.00 ට ය.




                                                                             




MAS Casualline - Mawathagama 



අපි ලැම්බෝ ගිනි වලට විරුද්ධ නැහැ

දෙසැම්බර් 17 දාතමින් වෙළද පොළට නිකුත් වූ ලංකා පුවත්පතට සුපිරික්‍රීඩා සංස්කාරකවරයා ලෙස මා ලියන්නට යෙදුණ ලිපියෙන් කියන්නට උත්සාහ කරන්නේම ලැම්බෝගිනි යන වචන වල එල්ලි ඒ සදහා ලැබුණු වාසිය වෙනත් ක්‍රීඩා භාණ්ඩ සදහා ලබා නොගන්නට උත්සාහ කිරීම වැරදි බවය.නමුත් එම ලිපියෙන් පසුව හුග දෙනෙකු කතා කර අසන්නේම ලැබ්බෝ ගිනි ම්බන්ධයෙන් මගේ මතය ය.පැහැදිළිවම මම එයට විරුද්ධ නැත.ක්‍රීඩාව ධනවතාගේද දුප්පතාගේද යන්න අදාළ නොවන අතර එය ක්‍රීඩකයාගේ යන්න පළමුව සිතමි.


එහිදී ක්‍රීඩා උපකරණයක් ලෙස ලැම්බෝගිනි වෙත ලබා දෙන බදු සහනය ක්‍රීඩා භාණ්ඩයකට ලබා දෙන බදු සහනයක් ලෙස ගත් විට ප්‍රතික්ෂේප කළ නොහැකිය.ඒ සම්බන්ධයෙන් විය යුතු සංශෝධන පමණක් මම දකිමි.බදු සහනයෙන් ක්‍රීඩාවට වඩාත් පලදායක සේවයක් වන්නේ රේසින් කාර් අඩු කිරීමෙන්ද යන්න ගැටළුකාරීය.එසේනම් වැඩි පිරිසක් නියුතු වැඩි පිරිසකට පලදායිතාවයක් ඇතිවන ක්‍රීඩාවකට රේසින් කාර් වලට ප්‍රථම මෙම සහනය දිය යුතුව තිබිණ.
නමුත් දුන් සහනය දේශපාලනික හිතුවක්කාරකමක ප්‍රතිපයක් ලෙස දැක එයට එරෙහි වී පොඩි මිනිසා ව පාරට බැස්සීමේ සටන් පාඨයක් ලෙස යොදා ගැනීමෙන් ඔබ්බට ඒ පාරට බහින මිනිසුන්‍ගේ දරුවන් දුවන්න දාන ධාවන පාවහන් යුවළට,ගහන වොලිබෝලයට,දැලට පාපන්දුවට,සපත්තු වලටත් එන ලෙස මෙම බදු සහනය ව්‍යාප්ත කිරිමට බලපෑමක් කළේ නම් සාමාන්‍ය මිනිසාට ජයග්‍රහණයක් ලබා ගන්නට තිබිණ.ඒ නිසා එය සටන් පාඨයක් ලෙස යොදා ගත් ආකාරය වැරදි බව මම සිතමි.අවුල තිබෙන්නේ රේසින් කාර් වලට බදු සහන දීමට වඩා සාමාන්‍ය ක්‍රීඩාවන්හී නියුතු වූවන්ගේ ක්‍රීඩා සදහා බදු සහන නොදීමය.අරගලය ඒ වෙනුවෙන් මෙහෙයවනු වෙනුවට ලැම්බෝගිනි යන වචනයේ එල්ලී එය බස් ගාස්තුව වැඩි වීමේ සටනේ සිට ලූණු ගෙඩියේ අල ගෙඩියේ ගාන වැඩි වීම දක්වාම වන සටන් වල ප්‍රධානතම සටන් පාඨය කර ගන්නට යාමෙන් වූයේ අඩු ගණනේ ක්‍රීඩාව අසළවත් නොරුදී ලැම්බෝ ගිනි වේගයෙන්ම එම විරෝධයන් අපෙන් ඈත්වීමය.
ජාතික ක්‍රීඩා උළෙලේ බෝඩ් ලෑලි උස්සන් ගිය කිසිවෙකු හෝ ලැම්බෝගිනි වලට ලබා දුන් සහනය ගමේ ගොඩේ කොල්ලො කුරුට්ටන් කරන ක්‍රීඩා වල භාණ්ඩ සදහා ද ලබා දෙන්නට යැයි ඉල්ලීම් කළේ නැත.වෘත්තීය තත්ත්වය සහ වැටුප් අතරට එවැනි කාරණයක්ද එක් වූවේනම් කෙතරම් අපූරුද?තමන් අරගල කර දිනා ගන්නා වැටුප මෙන්ම අනතුරුව සිය සේවය ලබන දරුවන්ද යහපත් තත්ත්වයකින් ක්‍රීඩාවට යොමු වනු ඇත.ක්‍රීඩා කරන්නට බෝලයක් නැතිව සිටි අය බෝලයක් ගෙන සෙල්ලම් කරනු ඇත.පාවහන් අඩු වීම නිසා ක්‍රීඩාවට වැඩි පිරිසක් යොමු වනු ඇත.එහෙත් ඒ සටන් සිය බඩ - කට ට මායිම්ව රැදෙනු විනා පුළුල් සමාජ අර්ථයක් දක්වා විහිදී යන්නේ නැත.ඒ නිසාම අප ජනවාරි පළමු වැනිදා පළමු කාර්යය ලෙස කරන්නේ ජනාධිපතිවරයාට ක්‍රීඩා භාණ්ඩ සදහා බදු සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා ලිපියක් ලිවීමය.අප ලියූ සැනින් ජනාධිපතිවරයා එසේ බදු සහන ලබා දෙනු ඇතැයි අපට විශ්වාසයක් නැත.එසේ විශ්වාස කරන්න අපට මානසික ආබාධයක්ද නැත.
නමුත් අප කරන දේ තවත් බොහෝ පිරිසකට කළ හැකිනම් එයින් යම් ප්‍රතිපලදායක වැඩක් වන්නට ඉඩ ඇතැයි පුංචි සිහිනයක් අපට ඇත.අප හැම විටම වැඩ කරන්නේ යහපතක් වනු ඇතැයි සිහිනයක සිටය.
ක්‍රීඩා අමාත්‍යවරයාට ද ඇතැම් විට කරුණු පෙන්වා දෙමින් යම් යම් දේ නිවැරදි කිරීමට උත්සාහ කරන්නේ ඒ සිහිනයේ සිට මිස අමාත්‍ය කාර්ය මණ්ඩලයේ සිටින ඇතැම් අය සිතන පරිදි අපි අපි පිළිබදව වැරදි විහාල තක්සේරුවක පිහිටා නොවේය.එසේ පෙන්වා දී ඇමතිවරයා පිළිගත් කරුණු සහ ක්‍රියාත්මක කළ කරුණු වලින් ක්‍රීඩාවට මෙන්ම අමාත්‍යවරයාටද යහපතක් මිස අගතියක් අපකීර්තියක් අත් නොවූ බව එම නිලධාරීන් නොදන්නේ වුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ හෘදය සාක්ෂිය දන්නා බව ද අපි දනිමු.
ජනාධිපතිවරයාගේ හෘද සාක්ෂියටද ක්‍රීඩාව වෙනුවෙන් අප ආමන්ත්‍රණය කරන්නට යන්නේ රජ්ජුරුවන්ගේ නහයේ මැස්සන් වසන විට උන්ව එලවන්නට කඩු අතට ගත් ආරක්ෂකයන් සිටින බව දැන දැනමය.එහෙත් අප කපා දැමෙන කොයි මොහොතක හරි එ් අපරික්ෂාකාරී කඩු පහරවල තමන්ට ඇති අවධානම ජනාධිපතිවරයා දකිනු ඇතැයි යන සිහිනය ද අපි විදින්නෙමු.
www.supirikrida.com

ක්ලාක් යළි නැංගුරම ඔසවයි

Michael Clarke clips one through the leg sideකුණු අතර රැදෙමින් සහ නායකත්වයේ වගකීම ඉටු කරමින් දිගු ඉණිම් ගණනාවක්ම මෑත කාලයේ ක්‍රියාත්මක කරමින් ඕස්ට්‍රේලියාව ජය මාවතට කැදවා ගෙන ගිය මයිකල් ක්ලාක් යළිත් සිය ලකුණු නැංගුරම ඔසවා ගෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය වන විට ඕස්ට්‍රේලියා ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුණු 299 දක්වා ගෙන යන්නට පෙරමුණ ගත්තේය.දිනය නිමා වන විට මැනවින් පන්දුව දකිමින් සිටි ක්ලාක් නොදැවී ලකුණු 70 ක් ලබා සිටි අතර ඔහුට සබදතා සදහා මැනවින්ම ගැලපෙන මයික් හසී ද නොදැවී ලකුණු 37 ක් ලබා ගෙන දෙදෙනා එකතුව පස්වන කඩුල්ලට එකතු කර ගත් ලකුණු ප්‍රමාණය 101 දක්වා ඉහළ දමා තිබිණ.
තරගයේ ආරම්භයේදි ශ්‍රී ලංකාවේ ටෙස්ට් වේග පන්දු යවන්නා බවට පත් වෙමින් සිටින චානක වෙළගෙදර මුළු ලකුණු ප්‍රමාණය 18 ක් ව තිබියදී එඩ් කොවුන් ක්‍රීඩා පිටියෙන් ඉවත් කර ගත් අතර දෙව කඩුල්ල ලෙස ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ ඩේවිඩ් වර්නර් ලකුණු 57 ට දැවී ගියේ මැතිව්ස් සහ ඩිල්ෂාන් එක් ව කළ හොද පන්දු රැකීමක් හේතුවෙන්ය.අනතුරුව මුළු ලකුණු ප්‍රමාණය 183 ක් ව තිබියදී ෂේන් වොට්සන් ලකුණු 30 ට සහ ලකුණු පූවරුව 197 ක් ව තිබියදී පිලිප් හියුග්ස් ලකුණු 86 ට ද ක්‍රීඩා පිටියෙන් ඉවත් කරන්නට වෙරලගෙදරගේ පන්දු යැවීමට හැකි විය.එම කඩුලු 4 න් පසු කඩුලු වැටීමට ඇණ ගැසූ ක්ලාක් සහ හසී දෙදෙන ඊයේ දිනය නිමා වන තෙක් කඩුල්ලේ රැදී සිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු බිද දැමූ එකම පන්දු යවන්නා වෙළගෙදර බවට පත් කරමින් ඔහුගේ කඩුලු පැස ලකුණු ලකුණු 99 ට කඩුලු 3 ක් බවට පත් වී තිබියදීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අයහපත් පන්දු යැවීමක් ප්‍රදර්ශනය වූ බවක් නොපෙනි අතර හොදින් යැවූ පන්දු නමුත් ලකුණු අතර සිටින ඕස්ට්‍රේලියානු පිතිකරුවන් තිදෙනෙකුම අර්ධ ශතක අතරට පිවිසීම නිසා ප්‍රහාරාත්මක බව අඩු කිරීම විනා කඩුලු ප්‍රමාණය වැඩි කිරීම ශ්‍රී ලංකාවට පහසු නොවිණ.නමුත් ඊයේ වරින් වර පන්දු ඕවර් 4 ට සීමා කර ගත් ඩිල්ෂාන් ට ඕස්ට්‍රේලියාව එතරම් කැමැත්තෙන් මුහුණ දෙන බවක් නොපෙනි අතර ඩිල්ෂාන් පන්දුවේ දග කැවීම,වේගය මෙන්ම ඉපිලීප ද ලබා ගනිමින් එල්ල කරන පීඩනය තව දුරටත් තීව්ර කිරීමට අද දවසේ මහේල උත්සාහ දරන්නේ නම් යහපත් වීමට වැඩි ඉඩ-කඩක් ඇත.
ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න.http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573011.html
www.supirikrida.com

Dec 14, 2012

මහේලගේ ඔටුන්න 23 දාට ගලවයි

Mahela Jayawardene gauges the rainශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන එලැඹෙන ජනවාරි 23 දා ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවත්වෙන පස්වන එක්දින තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීමේ සියළු වගකීම් වලින් නිදහස් වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.මහේල ඒ බව දන්වා ඇති බව පෙන්වා දෙන 'ශ්‍රී ලංකා ක්‍රිකට්' හී නිවේදනයට අනුව මහේල ගේ අවසාන ටෙස්ට් තරග නායකත්වය ජනවාරි 3  සිට 7 දක්වා සිඩ්නි හී දී පැවත්වෙන ටෙස්ට් තරගය වනු ඇත.
ශ්‍රී ලංකාව බිහි කළ සුපිරිතම නායකයා බවට බොහෝ දෙනෙකු විසින් හදුන්වන මහේල මෙම තරගාවලියෙන් පසුව නායකත්වයෙන් පමණක් නොව ජාතික කණ්ඩායමෙන්ද සමු ගැනිමට ඉඩ ඇති අතර කුමාර සංගක්කාර,තිලකරත්න ඩිල්ෂාන් වැනි ක්‍රීඩකයන් ද එවැනි ඉගි සපයා ඇති අතර මේ නිසාම ඒ සියල්ලට වඩා වියපත් තිලාන් සමරවීර ද සමු ගැනීමට ඇති ඉඩ - කඩ විශාලය.
මේ ආකාරයට එම ක්‍රීඩකයන් සිව් දෙනාම ආසන්න අවධියක කණ්ඩායමෙන් ඉවත් වුවහොත් ඒ තැන ලැබීමට තරම් ප්‍රමාණවත් අත්දැකීම් ඇති පිතිකරුවන් ශ්‍රී ලංකා කණ්ඩායම තුළ සිටින්නේද යන්න විශාල ගැටළුවක් වනු ඇත.

මාස් කැෂුවලයින් කෙල්ලන්ට අවසාන තරග පොකුරක්

ශ්‍රී ලංකාවේ ඇගළුම් කේෂ්ත්‍රයේ අභිවෘද්ධිය තරමටම කාන්තා වොලිබොල් කේෂ්ත්‍රයේ ප්‍රගතියට ද දායකත්වයක් දක්වන ආයතනයක් බවට පත්ව ඇති මාවතගම මාස් කැසුවලයින් ආයතනයේ කාන්තා වොලිබෝල් කණ්ඩායම් 15 දා පැවත්වෙන රූපවාහිනි අභියෝග කුසලාන තරගාවලියේ තරගකාරී අංශයෙන් ‍මෙන්ම නවක තරග අංශයෙන්ද අවසාන තරග සදහා සුදුසුකම් ලබා සිටියි.එසේම 16 වන දා පැවත්වෙන වෙළද සේවා වොලිබෝල් තරගාවලියේ කාන්තා අංශයේ අවසාන තරගය සදහා ද මාස් කැෂුවලයින් කණ්ඩායම සුදුසුකම් ලබා සිටියි.
රූපවාහිනි කුසලාන තරගාවලියට ආයතනික ආශිර්වාදය ඇතිව ක්‍රියාත්මක වන කැෂුවලයින් ක්‍රීඩා සමාජයේ කණ්ඩායම් දෙකක් තරග වදිනවා.එහි ආකාතිය සියයට 90 ක්ම පාහේ කැෂුවලයින් සේවිකාවන්ගෙන් සමන්විත වෙනවා යැයි ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ කණ්ඩායම් කළමණාකාර චන්දන විජේසිංහ පැවසීය.තව දුරටත් අදහස් දැක් වූ චන්දන වොලිබෝල් ක්‍රීඩාව සදහාම මෙන්ම සේවයේදි දක්ෂතා හදුනා ගෙන වොලිබෝල් සදහා යොදවා ගත් පිරිසකගෙන් ද අපේ වොලිබෝල් කණ්ඩායම් සකස් වෙනවා.ඔවුන් ඔප මට්ටම් කර ඉදිරියට ගෙන ඒමට වර්ථමානයේ ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කරන ආනන්ද වන්නිතිලක දක්වන දායකත්වය අපමණයි.එසේම මහේෂ් අමලියන් මහතාගේ ඉදලා මාස් ක්‍රීඩාවේ අභිවෘද්ධියේ ශක්තිය වන ඩයන් ගෝමස් ,කැෂුවලයින් ආයතනයේ අනෝමිද සිල්වා, චන්දන ගලප්පත්ති යන මහත්ම මහත්මීන් මෙන්ම මාස් පවුලේ සහ කැෂුවලයින් ආයතනයේ සැම දෙනෙක්ම ක්‍රීඩාවට දක්වන ආදරය ,කැමැත්ත සහ ලෙංගතුකම මේ ජයග්‍රහණ වල පදනම වී තිබෙන බව ද පෙන්වා දුන් චන්දන වර්ථමාන වෙළදසේවා වොලිබෝල් සංගමයේ භාණ්ඩාගාරිකවරයා වන අතර ගෙවුණු වෙළදසේවා මලල ක්‍රීඩා සූරතාවලියේ දී අවුරුදු 35 න් ඉහළ යගුලිය සහ කවපෙත්ත ඉසව් නව වාර්තා සමගින් ජය ගනිමින් මාස් සමූහයේ අනු සූරතාවය වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් දක්වන්නද සමත් විය.
www.supirikrida.com

තරංගට තැන අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ටෙස්ට් ආරම්භක පිතිකරුවා ලෙස වසර ගණනක් තිස්සේ ක්‍රියා කරන තරංග පරණවිතානට ඔස්ට්‍රේලියාව සමග පැවත්වෙන ටෙස්ට් තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇත.ඒ සදහා දිමුත් කරුණාරත්න යොදා ගෙන ඇත.මීට පෙර සුපිරික්‍රීඩා ඕස්ට්‍රේලියානු ආරංචි මාර්ග උපුටා දක්වමින් දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරනු ඇති බව ප්‍රකාශ කළ අතර එම ආරංචි මාර්ග වලට අනුව දිමුත් සහ පරණවිතාන ඉණිම අරඹා ඩිල්ෂාන් පසුවට යොදනු ඇති බවක් කිය වුණද අවසානයේ පරණවිතාන වෙනුවට ඕස්ට්‍රේලියානු ප්‍රහාරයට එරෙහිව වැඩි පන්දු යවන්නෙකු යෙදවීම උචිත බව සිතා කටයුතු කරන්නට  ශ්‍රී ලංකාව තීරණය කර ඇත.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛතම ටෙස්ට් වේග පන්දු යවන්නා ලෙස කැපී පෙණුන චානක වෙළගෙදර ආබාදිත තත්ත්වයෙන් පසුව ඉකුත් නවසීලන්ත සංචාරයේදී කණ්ඩායමේ අවසන් සංචිතයේ සිටිය ද,තරග වලට යොදා ගත්තේ නැති අතර මෙම තරගයේදී නැවත ඔහු කණ්ඩායමට කැදවා ඇත.ඒ කැදවා ඒම සාධාරණිය කරමින් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියාවේ පළමු කඩුල්ල ලකුණු පූවරුව 18 ක් ව තිබියදී අහිමි කරන්නට සමත් විය.ඒ එඩ් කොවුන් ලකුණු 4 ට ක්‍රීඩා පිටියෙන් ඉවත් කරමින්ය.
තරගයේ සජීවි ලකුණු සටහනට පහත සබදතාවය ඔස්සේ යොමු විය හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573011.html

www.supirikrida.com

Gay Games 2018 සදහා ලන්ඩනයත් සටනට

ලොව විශාලතම ක්‍රීඩා සහ සංස්කෘතික සැණකෙළිය ලෙස පිළිගැනෙන Gay Games 2018 පැවත්වීම සදහා මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල සහ පැරා ඔලිම්පික් උළෙල පැවත් වූ භූමිය යොදා ගැනීම සදහා මේ වන විට ඒ සදහා උත්සාහ දරන පැරිස්,ඇමස්ටර්ඩ්‍රෑම්,ලිම්රික් සහ ඔර්ලන්ඩෝ යන නගර සමග තරගයට පිවිසීමට සූදානම් වී ඇත.
පිරිමි සහ කාන්තා සම ලිංගිකයන්,ද්වී ලිංගිකයන් මෙන්ම ලිංග විපර්යාස සදහා යොමු වූවන් අතර පැවත්වෙන මෙම  සැණකෙළිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රංගනයේ,නර්තනයේ සහ සංගීතයේ නිපුනතා ඇති විශාල පිරිසක් රටවල් 70 ක සහභාගීත්වයෙන්  එක් වන බැවින් මෙය විශාලතම ක්‍රීඩා සහ සංස්කෘතික සැණකෙළිය බවට පත්ව තිබේ.
විවිධ වූ ලිංගික චර්යාවන්ට ගරු කෙරෙන සහ පිළිගැනෙන සමාජ ක්‍රියාකාරීන් LGBT ( lesbiangaybisexual, and transgender) ලෙස හදුන්වන විෂම ලිංගිකත්වයන් වෙනුවෙන් කරන මෙම ක්‍රීඩා උළෙල 1982 වසරේදී ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ හී දි ඇරඹී ඇත.වසර හතරකට වරක් පැවත්වෙන මෙම ක්‍රීඩා උළෙලේ 8 වැන්න 2010 දී ජර්මණියේ Cologne හී දී පැවති අතර ඉදිරි තරගාවලිය 2010 දී ඇමෙරිකාවේ Cleveland හී දී 12,000 ක ගේ පමණ සහභාගීත්වයෙන් පැවත්විමට නියමිතය.
ලන්ඩනය තරග වදින්නේ 2018 දී මෙම තරගාවලියේ 10 වැන්න දිනා ගැනිම සදහාය.මේ සදහා සම ලිංගිකයන් පමණක් නොව විෂම ලිංගිකත්වයන් සදහා ගරු කරන සහ එහි නිදහස භුක්ති විදින්නන්ගේ නිදහසට ගරු කරන පිරිස් ද දායකත්වය දක්වන අතර විශේෂයෙන් මෙම තරග උළෙල මේ වන විට රටවල් 70 ක සහභාගීත්වයෙන් පැවත්වේ.ඡායාරූපයේ දැක්වෙන්නේ Cologne හී පැවති 8 වන Gay Games හී  අවස්ථාවකි.2018 තරගාවලිය පැවත්වීම සම්බන්ධයෙන් තීරණය 2013 පෙබරවාරි මස 23 දා ගැනීමට නියමිතව ඇත.
www.supirikrida.com

Dec 13, 2012

ක්‍රීඩකයාට මෙන්ම පුහුණුකරුටත් දඩුවම්

හනම් උත්තේජන චෝදනා භාවිතය හේතුවෙන් වසරක තරග තහනමකට ලක් වූ හිමාෂ ඒෂාන් ගේ පුහුණුකරු සම්බන්ධයෙන්ද වහාම ක්‍රියාත්මක වන පරිදි දඩුවම් ලබා දීමට පියවර ගන්නැයි මලල ක්‍රීඩා සංගම් ප්‍රධානින්ට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දැණුම් දි ඇත. වසර දෙකක තරග තහනමක් පැනවීමට ඇති ඉඩ - කඩ නො'සළකා ක්‍රීඩකයාගේ ලාබාල වයස පිළිබදව සැළකිල්ල යොමු කර වසරක කාලයක දඩුවමක් ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍යවරයා සහ මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානින් ලෙස සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක,ලේකම් රියල් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු සහ උප සභාපති සුනිල් ජයවීර එක් වූ මෙම සාකච්ඡාවේදී ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා විසින් දැණුම් දී ඇත.
සියළු දෙනාගේ අනුමැතිය එම දඩුවම සදහා හිමි වී ඇති අතර ක්‍රීඩාවේ විනය එම ක්‍රීඩාවන්හී උන්නතිය සදහා අත්‍යවශ්‍යය බව පෙන්වා දී ඇති ක්‍රීඩා අමාත්‍යවරයා එම ක්‍රීඩකයාගේ පුහුණුකරු සම්බන්ධයෙන්ද අදාළ දඩුවම් ගැනීම සදහා එදිනම ලිඛිතව දැණුම් දීමක් කරන ලෙස මලල ක්‍රීඩා ප්‍රධානින්ට දැණුම් දී ඇත.
www.supirikrida.com

ලක්ප්‍රියට ජාත්‍යන්තර බැඩ්මින්ටන් විනිසුරු පදවියක්

ශ්‍රී ලංකාවේ ප්‍රවීන බැඩ්මින්ටන් විනිසුරුවරයෙකු වන ලක්ප්‍රිය එදිරිසිංහ ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ විනිසුරුවරයෙකු ලෙස සුදුසුකම් ලැබීමට සමත් වී සිටියි.මේ ආකාරයට එසේ සුදුසුකම් ලද ශ්‍රී ලංකාවේ දෙවැන්නා ලක්ප්‍රිය වන අතර මීට පෙර එම සුදුසුකම ලැබීමට සමත්ව ඇත්තේ රෝහණ ද සිල්වා ය.ආසියාවේ දැවැන්ත බැඩ්මින්ටන් සංස්කාතියක් ඇති චීනය සහ ඉන්දියාව වැනි රටවල ද  ජාත්‍යන්තර බැඩ්මින්ටන් විනිසුරුවරුන් ප්‍රමාණය අතේ ඇගිලි ගණනින් මැනිය හැකි තරමට සිමා වී ඇති තත්ත්වයක ලක්ප්‍රිය ගේ සුදුසුකම් ලැබීම රටට විශාල ජයග්‍රහණයකි.
වඩා හොද විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍යය ක්‍රීඩක වට පිටාවක්ද සපුරා ගෙන සිටින ලක්ප්‍රිය කලක් ජාතික තලයේ ශ්‍රේණිගත කිරීමේ ක්‍රීඩකයෙකු ලෙස ද,වරක් වෙළද සේවා බැඩිමින්ටන් සූරයා ලෙස ද කිරුළු පැළදි අයෙකි.2016 රියෝ ඔලිම්පික් සිහිනය ඇතිව සිය විනිසුරු ධූරයේ ඉතා හොදින් කටයුතු කිරිමට අපේක්ෂා කරන ලක්ප්‍රිය 2030 දී සිය විනිසුරු ධූරයට සමු දීමට තීරණය කර ඇත.
ලක්ප්‍රිය දෙවැන්නා නොව තෙවැන්නායි - සුපිරික්‍රීඩා ප්‍රධාන විධායක යත්න පෙරේරා
මෙම ප්‍රවෘත්තියේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ අනුමැතිය ලත් දෙවන විනිසුරු ලෙස ලක්ප්‍රිය එදිරිසිංහ පත්වීම යන්න තෙවන විනිසුරු ලෙස වෙනස් විය යුතු බව යත්න පෙරේරා අවධාරනය කරයි.රෝහණ ද සිල්වා පළමුවැන්නා නොව ඔහු ද දෙවැන්නා බව පෙන්වා දෙන යත්න පළමුවැන්නා රොහාන් ප්‍රනාන්දු නම් අයෙකු බව අවධාරණය කරයි.

www.supirikrida.com

තවත් ක්‍රීඩා වෙබ් අඩවියක් !

ක්‍රීඩාවේ ශල්පීය ගුණය පිළිබද විශේෂ අවධානයකින් යුතු වෙබ් අඩවියක් හදුන්වාදීමට Paaravi Sports කටයුතු කරමින් සිටියි.මෙම වෙබ් අඩවියේ දොරට වැඩුම හෙට (දෙසැම්බර් 14 ) ප.ව. 4.00 ට කෙළඹ 2 හොටෙල් නිපොන් හී දී සිදු වීමට නියමිතය.පුහුණු පාඨමාලා සංවිධානය,ශරීර යෝග්‍යතා වැඩ සටහන් ඉදිරිපත් කිරීම ආදී ක්‍රීඩාවේ ශිල්පීය ගුණාංග වර්ධනයට හේතු වන කාරණා පිළිබදව ප්‍රායෝගික මැදිහත්වීමක් සිදු කිරීමේ අරමුණෙන් ඇරඹෙන මෙම වෙබ් අඩවියේ සහ එම වැඩ සටහන් වල ප්‍රධානත්වය ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන සේපාල කුමාරදාස විසින් දරනු ඇත.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන්ලෙස මීගමුව ජාත්‍යන්තර පාසලේ විදුහල්පති සහ අධ්‍යක්ෂ ආචාර්ය ඒකේ පෝල් පෙරේරා සහ මාධ්‍යවේදී මහේෂ් සේනානායක සහභාගි වීමට නියමිතය.
www.supirikrida.com


මාලිංගගෙන් සුපිරි පන්දු යැවීමක්

Lasith Malingaස්ට්‍රේලියාවේ පැවත්වෙන බිග්බෑෂ් ලීග් 20 - 20 ක්‍රිකට් තරගාවලියේ මෙල්බෝර්න් ස්ටාර්ස් සහ පර්ත් ස්කෝචර්ස් අතර පැවති තරගයේදී මෙල්බෝර්න් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කරමින් ලකුණු 7 ට කඩුලු 6 ක් දවා ගත්තා.සිය පන්දු ඕවර් 4 තුළ ලසිත් කළ මේ දස්කම ට ප්‍රවේශය ලබා ගත්තේ පර්ත් කණ්ඩායම නියෝජනය කරන දකුණු අප්‍රිකානු ප්‍රහාරාත්මක පිතිකරු හර්ෂල් ගිබ්ස් දවා ගනිමින්.
ලසිත් කඩුලු හයක් දවා ගනිද්දි මෙල්බෝර්න් කණ්ඩායමට නායකත්වය දුන් ෂේන් වෝන් ලකුණු 9 ට එක් කඩුල්ලක් දවා ගත් ෆෝක්නර් ලකුණු 16 ට කඩුලු 2 ක් සහ ලුක් රයිට් ලකුණු 7 ට කඩුලු 1 ක් දවා ගනිමින් පර්ත් ස්කොචර්ස් කණ්ඩායමේ ඉණිම ලකුණු 69 ට සීමා කළා.
පිළිතුරු ඉණිමට පිවිසි මෙල්බෝර්න් කණ්ඩායමේ ප්‍රහාරය ඕවර් 2 නිමා වන විටම වර්සාව හමුවේ නවතා දමන්නට වුව ද ඒ වන විට ලකුණු 29 ක් ලබා සිටි මෙල්බෝර්න් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජය හිමි වුණා.වර්ෂාවෙන් තරගයේ තීරණය ගිල ගන්නට නොදී පන්දු ඕවර් 15 ක් ගතවෙන තැන පර්ත් ඉණිම නිමා කරමින් මාලිංග, ප්‍රදර්ශණාත්මක පන්දු යැවීමක නිරත වීම නිසා තරගයේ තීරණයක් ගැනීම සදහා පන්දුවට පහරදීමේ අවස්ථාව මෙල්බෝර්න් කණ්ඩායමට හිමි වූ අතර මාලිංගේ ඒ සුපිරි පන්දු යැවීම ඔහු විවාදයකින් තොරව තරගයේ වීරයා බවට පත් කළා.
www.supirikrida.com

Dec 12, 2012

ආරම්භය දිමුත්ට?

Dimuth Karunaratne talks to coach Graham Fordහෙට හොබාර්ට් හී දී ඇරඹෙන ටෙස්ට් තරගයේ ආරම්භක පිතිකරු ලෙස දිමුත් කරුණාරත්න යොදවා ගැනීමට ඉඩ ඇති බවට ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සනාත කරයි.නමුත් එවැනි තත්ත්වයක තරංග පරණවිතාන කණ්ඩායමෙන් ඉවත් කරන්නේද යන්න සහ තිලකරත්න ඩිල්ෂාන් කොතැන පන්දුවට පහර දෙන්නේද යන ගැටළුව විසදා ගැනීම අපහසු කරුණක් වී ඇත.අත්දැකීම් ඇති පරණවිතාන කාලයක් තිස්සේ යම් ස්ථාවරයක් රදවා ගෙන සිටින ක්‍රිඩකයෙකි.ඩිල්ෂාන් කොතැනක පහර දුන්නද දක්ෂතා අතරට පැමිණිමේ හැකියාව ඇති ක්‍රීඩකයෙකු වුව,මේ මොහොතේ ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීමෙන් කණ්ඩායමට එකතු වන ශක්තිය විශාල බව පසු ගිය කාලයේ විටින් විට ඔහු විසින් ඔප්පු කර තිබෙන කරුණකි.
විශාලතම ගැටළුව වී ඇත්තේ හොබාර්ට් තණතිල්ලේ ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ බල ඇණියට වේග පන්දු යවන්නන් කී දෙනෙකු ඇතුළත් කරන්නේද යන්නයි.විශේෂයෙන් එක් දග පන්දු යවන්නෙකුට පමණක් මේ තණතිල්ලේ ඇති අවස්ථාව අනුව සුරාජ් රන්දිව් ට කණ්ඩායමෙන් ඉවතට යන්නට සිදු වන අතර ඒ හිදැසට දිමුත් කණ්ඩායමට කැදවන්නේ නම් ඇන්ජලෝ මැතිව්ස් ට තරගයේ නිත්‍ය පන්දු යවන්නෙකු ලෙස කටයුතු කිරීමට සිදුවනු ඇත.එසේම ඩිල්ෂාන්ට ඇතැම් විට පිතිකරු නාමාවලියේ පහළ අංකයකට පැමිණ කාලයකට පසුව පන්දු යවන්නෙකු ලෙස ද වැඩි දායකත්වයක් ලබා දෙන්නට සිදු වීමට ඉඩ ඇත.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සියල්ලම පාහේ මෙම තරගාවලිය දැක දැක ලකුණු අතරට පැමිණි බව දන්නා ශ්‍රී ලංකා කණ්ඩායම විශාල ලකුණු ප්‍රමාණයකට යා හැකි පිතිකරු සංයුතියක් ගැන සිතීමට කණ්ඩායම තේරිමේදී අවධානය යොමු කරනු ඇතැයි සිතිය හැකිය.
www.supirikrida.com

යසාට යස වැඩේලු



දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස සිංගප්පූරු සංචාරයට එක් වූ යසා රාමචන්ද්‍ර සිය වයස හෝ සෞඛ්‍ය තත්ත්වය හෝ නොසළකා එම වගකීම භාර ගත්තද කණ්ඩායමේ පුහුණුකාරියගේ තීරණ විශාල ප්‍රමාණයක් කණ්ඩායම් නායිකාව විසින් ගත් බවද ඒ සදහා සහය පුහුණුකාරියගේ උපකාර ලැබුණු බවද සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙයි.සහය පුහුණුකාරිය මෙන්ම නායිකාවද තරගයට පෙරාතුවම ඇතැම් ක්‍රීඩිකාවන්ට තරගයේදී පීඩනයක් ඇති වන ආකාරයෙන් ප්‍රකාශ කිරීම තරගාවලිය තුළ තදින් සිදු වී ඇති අතර නමුත් කිසිදු ක්‍රීඩිකාවක් නායිකාව පත්වීම සහ ඇයට අවශ්‍යය ආකාරයට කණ්ඩායම මෙහෙයවීම ක්‍රීඩා අමාත්‍යංශයෙන්ම ලැබුණු වරප්‍රසාදයක් බැවින් නිහඩව සිටීම හැර ඊට එරෙහිව ක්‍රියා කිරීමට යාම පලක් නොවන නිසා නිහඩව සිට ඇත.
කණ්ඩායම අවසාන වරට හමු වූ විට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියම ප්‍රකාශ කර ඇත්තේ නිහඩව නොසිට තමන්ට අවශ්‍යය පරිදි කණ්ඩායමේ වෙනස්කම් කිරීමට නායිකාව ලෙස මෙම සංචාරයේදි පසුබට නොවන ලෙසය.එසැනින්ම හදිසියේ හිස මත පාත් වූ පිනෙන් අන්ද මන්දව ඉහළ නිලධාරින් වෙනුවෙන් දණ්ඩනමස්කාර කිරීමට වුව සූදානමෙන් සිටි සහය පුහුණුකාරිය නිලධාරීන්ගේ තීරණය නිවැරදි බව පෙන්වීමට පවසා ඇත්තේ නායිකාවට මේ වන විට පුහුණුකාරිය ලෙස කටයුතු කිරීමට ද දැණුමක් ඇති බවය.එහිදී එතැන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු කුසලාන තරගාවලියේ කළමණාකාරවරිය පවසා ඇත්තේ හැකි නමුත් එය ඉදිරියේදී මිස මේ මොහොතේ සිදු නොවිය යුතු බවය.
තරගාවලියේ සෑම කණ්ඩායමකටම දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සළකා ඇගයීමක් කෙරෙන අතර එම වගකීම පැවරෙන්නේ පුහුණුකාරියට වුව ඇයගේ තීරණය අභිබවා ගොස් මෙම සංචාරයෙන් පසුව තරග බිමෙන් සමුගන්නා නායිකාවටම එය පිරිනැමීමට යෝජනා කිරීමට යසා ට සිදු වී ඇත.පුහුණුකාරිය ලෙස සංචරයට එක් වුව ද විකට ඇදුම් තරගයකට ඇදි පොලිස් නිලධාරිවරයෙකු  මෙන් මෙම සංචාරය තුළ කටයුතු කිරීම හැරෙන්නට දෙයක් කිරීමට යසාට සිදු වී නැත.දැල් පන්දු කේෂ්ත්‍රයේ බොහෝ දෙනා මේ පිළිබදව පවසන්නේ තමන්ට නුසුදුසු වගකීමක් භාර ගත් යසාට යස වැඩක් සිදු වී ඇති බවය.
කෙසේ හෝ සංචාරයට එක් වූ ක්‍රීඩිකාවන් කිසිවෙක් තමන්ට එල්ල වූ පීඩාවන් අසාධාරණයන් ගැන කතා නොකිරීමට සිංගප්පූරුවේදීම තීරණය කර තිබෙන අතර ඊට හේතුව වී ඇත්තේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ අයම තමන්ට ගැටළු විදින්නට සිදු වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් පිළිබදව ප්‍රශස්ති ගායනා කරන්නට මාධ්‍ය භාවිතා කරන තත්ත්වයක් තුළ ඊට එරෙහිව කතා කිරීම පලක් නොවන බවට ඔවුන් තීරණය කිරීමය.නමුත් ක්‍රීඩිකාවන් ක්‍රීඩාව වෙනුවට තමන්ගේ පැවත්මට ආදරය කිරීමට තීරණය කර තිබෙන බව පැහැදිළි අතර කිසිම විටෙක කණ්ඩායමක් විදිහට තමන්ට දැනෙන අසාධාරණකම් වලට එරෙහි වීමට වඩා  උත්සාහ කරන්නේ කෙසේ හෝ කණ්ඩායමේ එල්ලී සංචාරවල නියැලෙන්නටය.ජය පරාජය කුමක් වුව රටකින් රටකට යාමට ලැබෙන අවස්ථාව සහ ඒ සමග ලැබෙන වරප්‍රසාද වලින් ඔබ්බට කතා කිරීමට තරම් ශක්තියක් හෝ ක්‍රීඩකත්වයක් නැති පිරිසක් වන දැල් පන්දු ක්‍රීඩිකාවන්ගේ මේ ආත්මාර්ථකාමීකම ද දැල් පන්දුවේ කඩා වැටීමට බලපාන එක් හේතුවකි. 
කෙසේ හෝ තරගාවලියේ සිදු වූ පසුබැසීම වළක්වා ගන්නට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ඉවත් කර කණිෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සමග ක්‍රීඩා කර සිංගප්පූරුව පරාජය කිරීම හුවා දැක්වීමට කටයුතු කරනු ඇතැයි සුපිරික්‍රීඩා කී අනාවැකිය සනාත කළ කණ්ඩායම් නායිකාව මාධ්‍යයට කර තිබු ප්‍රකාශ වලින් පැහැදිළි වන්නේ මෙම තරග සංචාරයේ එකම අරමුණ සිංගප්පූරුව පරාජය කිරීම පමණක් බවය.කවුරුන් ක්‍රීඩා කළ ද පරාජයට පත් කළේ ආසියානු සූරියන් වීම පිළිබදව ලාංකිකයන් වන කා තුළත් සතුටක් ඇති වීම නොවැළක්විය හැකි නමුත්,මැලේසියාවට පරාජය වීම සහ නැමීබියාවට එරෙහිව මුල් තරගය ජය ගෙන පසු තරගය පරාය වීම නැතිනම් ජගත් ශ්‍රේණිගත කිරීම්වල දී  ශ්‍රී ලංකාවට පිටු පසින් සිටින කණ්ඩායම් දෙකකට පරාජය වීම ද මෙහිදී කණගාටුවට කරුණක් හෝ වී නොමැත.එසේ විමට හේතුව කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු නොසිටීම යන්න සාධාරණ තර්කයක් වුව එම තර්කය සිංගප්පූරුවට අදාළ නොකර ගෙන තරගාවලිය තුළ ශ්‍රී ලංකාව ලද පසුබැසීම සිංගප්පූරුවේ පරාජයෙන් වසා ගැනීමට යාම වීදුරු කුටියක සිට ඇදුම් මාරු කිරිමක් වැනිය.

අතිරේක ආහාර පරක්ෂණයකින් තොරව ලංකාවට ගෙන්වීම තහනම් කරන උත්සාහයක්

තහනම් උත්තේජන චෝදනා එල්ල වූ තරගයට සහභාගි වෙමින්
මීටර් 100 ඉසව්වේ කැපී පෙණුන හිමාෂ ඒෂාන් ට තහනම් උත්තේජන චෝදනා සම්බන්ධයෙන් වසරක දඩුවමක් ලබා දීමට අවශ්‍යය පියවර ගත් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් අර්ජුන ද සිල්වා සුපිරි ක්‍රීඩා කළ විමසිමකදී පැහැදිළි කළේ විලේපන වර්ග,වෛද්‍ය උපකරණ සහ ‍ඖෂධ පාලනය පිළිබද තින්දු තීරණ ගැනීමට  සොඛ්‍ය අමාත්‍යංශයේ වෙනම ආයතනයක් ඇති බවත්  (CDDA) තමන් එම ආයතනය දැනුවත් කරමින් මෙවැනි අතිරේක ආහාර වර්ග ගෙන්වීමේ දී එහි අවසරය සහ සුපරීක්ෂණය අනිවාර්ය කිරීමට අවශ්‍යය පියවර ගනිමින් සිටින බවත් ය.
හිමාෂ ගෙන ඇත්තේ අතිරේක පෝෂණ ආහාරයක් වුව එහි මිතයිල්හෙක්සිමයින් (methylhexamine) නම් ‍ඖෂධය අඩංගු වී .තිබීමෙන්ම පැහැදිළි වන්නේ එවැනි පරීක්ෂණයකින් සහ අනුමැතියකින් තොරව මෙවැනි ආහාර ලංකාවට ගෙන්විම නැවත්විය යුතු බව යැයි පෙන්වා දුන් මහාචාර්යවරයා,හිමාෂ ගෙන ඇති අතිරේක ආහාරය මේ වන විට ඇමෙරිකාවේ සාමාන්‍ය භාවිතයෙන්ද ඉවත් කර ඇති බව පෙන්වා දුන්නේය.එසේම එය මාරාන්තික ප්‍රතිපල අත්කර දිය හැකි දෙයක් හැටියට ඔප්පු කළ හැකි සාධක ද තමා සතු බව මහාචාර්යවරයා පැහැදිළි කළේය.
ඔහු හැකියාවක් ඇති අයෙකු ලෙස මීට පෙර ද ඔප්පු කර ඇති බව පෙන්වා දුන් මහාචාර්යවරයා ඒ අනුව වයස ද සැළකිල්ලට ගෙන වසර දෙකක් දිය හැකි දඩුවම් කාලය වසරකට සීමා කළ බව පෙන්වා දුන්නේය.එසේම මෙවැනි චෝදනා එල්ල වූ විට කිසිම විටෙක එම ඖෂධය ශරීරගත වීම සිදු වූ ආකාරය හෙළිදරව් නොවන අවස්ථා මෑත කාලයේදි දැක තිබෙන බව පෙන්වා දුන් මහාචාර්යවරයා නමුත් මෙහිදි ක්‍රීඩකයා මෙන්ම පුහුණුකරුද පළමු අවස්ථාවේදී ම තමන් භාවිතා කළ අතිරේක ආහාරය පිළිබදව පැහැදිළි කිරීමක් කිරීමද මෙම දඩුවම් කාලය වසරකට සීමා වීමට බල පෑ බව පැහැදිළි කළේය.
එහි අතිරේක ආහාරයේ තරග වැදීමට ආසන්නයේ නොගත යුතු බවට ඇති සදහන ගැන සුපිරික්‍රීඩා කළ විමසිමේදී මහාචාර්යවරයා පැහැදිළි කළේ ඉදිරියේදී එසේ තරග වැදීමට ‍බොහෝ පෙර භාවිතා කළ ද උත්තේජන පරීක්ෂණවලින් ගැලවී සිටිය නොහැකි බව ය.නිතරග සමයේ හෝ වෙනත් තරග නොවදින අවස්ථා වලදී ද අහඹු ලෙස ඕනෑම අයෙකු පරීක්ෂණයකට භාජනය වීමට ඉඩ ඇති බව පැහැදිළි කළ මහාචාර්යවරයා එය ප්‍රතික්ෂේප කිරීමද දඩුවම් ලැබීමට හේතුවක් විය හැකි බව අනාවරනය කළේය.(2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ග්‍රීක ක්‍රීඩිකාවකට සහ ක්‍රීඩකයෙකුට ද අවස්ථාව අහිමි වූයේ එසේ තහනම් උත්තේජන පරීක්ෂණයට පෙනී සිටීම මග හැරීම නිසාය)  
පුහුණුකරුට දඩුවම් දිය හැකි ප්‍රතිපාදන වෛද්‍ය ඒකකය සතුව නැති බව පැහැදිළි කළ මහාචාර්යවරයා ඒ සම්බන්ධයෙන් වන නීති මේ වන විට සකස්වෙමින් පවතින බවත් පැහැදිළි කළ අතර නමුත් මලල ක්‍රීඩා සංගමයට සහ ඔහු රැකියාවේ යෙදෙන ආයතනවලට මෙම ක්‍රීඩකයාගේ වයසද සැළකිල්ලට ගෙන දඩුවමක් ලබා දීමට ප්‍රතිපාදන තිබෙන බව අනාවරනය කළේය.
ක්‍රීඩා කේෂ්ත්‍රයේ පරිපාලනයේ දුෂ්කරතාවය පිළිබදව වක්‍රාකාරයෙන් පැහැදිළි කළ මහාචාර්යවරයා තමන් මෙම වගකීම භාර ගත් තාවකාලික කාලය එළැඹෙන දකුණු ආසියාතික තරගාවලියෙන් අවසන් කරන බව පැහැදිළි කරමින් තමන්ගේ ඉතිරි කෙස්ගස් ප්‍රමාණය සුදු වීමට පෙර මෙය හැර යන බව කීවේය.
www.supirikrida.com

Dec 11, 2012

බැඩ්මින්ටන් සහතිකය නිවැරදි විය යුතුයි - පාලිත හෙට්ටිආරච්චි

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අනුග්‍රහයෙන් ලැබුණු බැඩ්මින්ටන් පුහුණුකරු පාඨමාලාව නිමා කර අයට ලබා දුන් සහතිකයේ බැඩ්මින්ටන් යන්න කොතැනකවත් සදහන් නොවීම පිළිබදව අප තැබූ සටහන පිළිබද විමසීමක් කළ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ පාලිත හෙට්ටිආරච්චි එහි නිවැරදි විය යුතු වරදක් තිබෙන බව පිළි ගත්තේය.ඊට හේතු පැහැදිළි කළ පාලිත ප්‍රකාශ කළේ,ගම්පහ දිස්ත්‍රක්කයෙන් මීට පෙර මෙම පාඨමාලාව සම්පූර්ණ කළ ලියනගේ නම් අයෙකුගේ සහතිකයට අනුව මෙම සහතිකය පිර වූ බවය.එම සහතිකයේ වරද දිගින් දගටම සිදුවී තිබෙන බව පාලිත පිළිගත් අතර එය ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කර නිවැරදි කිරීමට උත්සාහ ගන්නා බව ද පැවසීය.
තව දුරටත් අදහස් දැක් වූ පාලිත ප්‍රකාශ කළේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් පරිපාලනයේ වගකිව යුතු අධීක්ෂනයකින් පසුව මෙම පාඨමාලාලාභින්ගේ ප්‍රතිපල ලැබෙන බවත් ඒ අනුව තවත් ලිපියකින් මෙම පාඨමාලාව නිමා කළ බවට සහතික කිරීමට ද අවස්ථාවක් ඇති බව ය.නමුත් සුපිරි ක්‍රීඩා පෙන්වා දුන්නේ මෙම පාඨමාලාවට බැඩ්මින්ටන් ප්‍රධාන පුහුණු විෂය නොවන අය ද සහභාගි වී තිබෙන බැවින් නිකුත් කළ සහතිකයේ කිසිදු තැනෙක බැඩ්මින්ටන් ලෙස සදහන් නොවීම මොවුන්ට වෙනත් ක්‍රීඩා සදහා මෙම සහතිකය භාවිතා කර නොමනා වරප්‍රසාදයක් දිනා ගැනීමට ලැබුණු අවස්ථාවක් විය හැකි බවය.පාලිත ඒ තත්ත්වයද පිළිගත් අතර ඔහු ප්‍රකාශ කළේ, අදාළ සහතිකය ගෙන්වා එම වරද නිවැරදි කළ හැකි ආකාරයක් ජාතික ඔලිම්පික් කමිටුවත් සමග සාකච්ඡා කරන බවය.
මේ පිළිබදව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ප්‍රකාශ කළේ,එම සහතිකය පිරවීමේ වගකීම පැවරී තිබුණේ බැඩ්මින්ටන් සංගමයට බවය.නමුත් නොදන්නේ නම් තම සංගමයෙන් විමසීමක් කිරීමට තිබුණු බව පෙන්වා දුන් මැක්ස්වෙල් පැවසුවේ එසේ වූවේ නම් සිය සංගමය එය නිවැරදිව පිරවීමට අවශ්‍යය පහසුකම් සපයන බවය.
www.supirikrida.com

වෙළද සේවා වොලිබෝල් පිටියේ MAS සහ Brandix ගැටුමක්

වෙළද සේවා වොලිබෝල් තරගාවලියේ කාන්තා සහ පිරිමි අවසාන තරග සදහා  MAS සහ Brandix ආයතන නියෝජනය කරන කණ්ඩායම් තේරී පත් වී සිටිති.පිරිමි අවසාන තරගයට  MAS Active Contourline-Kandy කණ්ඩායම සමග Brandix Intimate Apparel Ltd-Welisara තේරී පත් වී සිටින අතර මෙම අවසාන තරගය දෙසැම්බර් 16 දා ප.ව. 2.00 ට මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවත්වේ.එම කාන්තා තරගයට MAS Casualline-Mawathagama සහ Brandix Casual ware - Redigama යන කණ්ඩායම් තේරී පත් වී සිටින අතර එම අවසාන තරගයට ජාතික තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවත්වෙන්නේ මධ්‍යහන 12 .00 ට ය.
තරගාවලියේ තෙවන ස්ථාන තීරණය කරන තරග සදහා පිරිමි අංශයෙන් Sumithra hasalaka Sports Club සහ Textured Jersey Lanka PLC කණ්ඩායම් 16 දා පෙ.ව. 10 .00 ට තරග බිමට පිවිසෙන අතර කාන්තා අංශයෙන් තරග වදින්නේ MAS Linea Aqua-Kapugoda සහ  Brandix Intimate Apparel Ltd-Welisara කණ්ඩායම් ය.කාන්තා තෙවන ස්ථානය සදහා වන තරගය එදින පෙ.ව. 8.00 ට පැවත්වේ.
www'supirikrida.com

කෝට්ටේ දැල් පන්දු තරගාවලියේ දී කෝට්ටෙන් විශේෂ දස්කම්

කෝට්ටේ දැල් පන්දු ඇකඩමියට සත් විය සපිරීම හේතු කොට පැවති ආරාධිත දැල් පන්දු තරගාවලියේදී කෝට්ටේ දැල් පන්දු ඇකඩමියට සම්බන්ධ ක්‍රීඩිකාවන් විශේෂ දක්ෂතා දැක්වීමට සමත් විය.එහිදී ඔව්හූ අවුරුදු 15 න් පහළ අනු සූරතාවය අවුරුදු 15 න් ඉහළ සූරතාවය ද දිනා ගත් අතර ස්පීඩ් මැක්ස් කණ්ඩායම විවෘත තරග අංශයේ සූරතාවය ද දිනා ගත්හ.
අවුරුදු 15 න පහළ කාණ්ඩයේ සූරියන් වූයේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය වූ අතර 15 න් ඉහළ කාණ්ඩයේ අනු සූරියන් ලෙස මෙතෝදිස්ත විද්‍යාලය තේරී පත් විය.ප්‍රධාන කණ්ඩායම් සහභාගි වූ තරගාවලියේ දී අවසාන තරගයේදී ස්පිඩ්මැක්ස් කණ්ඩායම ඉදිරියේ පරාජයට පත් වුණේ සංවර්ධන ලොතැරයි මණ්ඩල කණ්ඩායමය.
අවුරුදු 15 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස භාෂිණි උපේකා රත්නායක ගෞරවයට පාත්‍ර වූ අතර අවුරුදු 15 න් ඉහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගෞරවයට පාත්‍ර වූයේ කණිෂ්කා පෙරේරා ය.ප්‍රධාන තරග කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව වීමට යසුන්තරා ප්‍රනාන්දු ය.
කෝට්ටේ දැල්පන්දු ඇකඩමිය හිටපු ජාතික පුහුණුකාරිණි තිලකා ජිනදාස විසින් අරඹන ලද අතර වර්ථමානයේ ඇය බෘනායි දැල් පන්දු ජාතික පුහුණුකාරිය ලෙස කටයුතු කරන්නීය.වර්ථමානයේ එම ඇකඩමියේ සියළු කටයුතු අධීක්ෂණයන් සිදු වන්නේ ශ්‍යාමා කුරේ වෙතින් ය.ඒ සදහා ලක්මාල් දේශප්‍රිය ගේ සහය ද හිමිවෙයි.
www.supirikrida.com

බොක්සිං සූරතාවලිය මහනුවර දී

ජාතික බොක්සිං සූරතාවලියේ 86 වැන්න මෙම මස 14 දා සිට 18 දා දක්වා මහනුවර පල්ලෙකැලේ මාස් ලීනියා කර්මාන්තායතනයේ බොක්සිං කවය තුළ පැවත්වීමට නියමිතය.මාස් හෝල්ඩින්ග්ස් සත්කාරකත්වය දරන මෙම තරගාවලියේ දී හිටපු බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි නැවත බොක්සිං කවයට පිවිසීම විශේෂ කොට දැක්විය හැකිය.
බොක්සිං කව දෙකක මේ තරගාවලියේ මූලික තරග මුල් දින තුන තුළ පැවත්වීමට නියමිත අතර සාග් අවසාන තේරීම් තරග බැවින් මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රබලතම බොක්සිං ක්‍රීඩකයන් සියල්ලම පාහේ සහභාගි වනු ඇති බව ද ශ්‍රී ලංකා බොක්සිං පරිපාලනය වෙනුවෙන් අදහස් දැක් වූ එහි ලේකම් මහේෂ් දහනායක පැවසීය.
www.supirikrida.com

ෆෝර්ඩ්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබදව නරක අනාවැකියක්



මෙම ඕස්ට්‍රේලියා සංචාරයෙන් පසුව මහේල ජයවර්ධන සිය ක්‍රිකට් ජීවිතය පිළිබදව තීරණයක් ගැනීමට නියමිත බව දැනටමත් ප්‍රකාශ වී අවසන් අතර මේ අතරට බොහෝවිට තිලකරත්න ඩිල්ෂාන් ද,ඇතැම් විට කුමාර සංගක්කාර සහ තිලාන් සමරවිර ද එක් වීමට ඉඩ ඇත.ඒ අනුව ජ්‍යෙෂ්ඨයන් සහ අත්දැකීම් අඩු ක්‍රීඩකයන් සමග ශ්‍රී ලංකාව අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ විශාල කඩා වැටීමකට ලක් වීමට ඉඩ ඇති බව ප්‍රකාශ කරන්නේ දකුණු අප්‍රිකානු ජාතික ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු ගෙහැම් ෆෝර්ඩ් ය.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ක්‍රිඩකයන් සිව් දෙනාම අවුරුදු 35 ඉක්ම වූ අය බවය.
එවැනි තත්ත්වයක මේ පිරිස ගේ ක්‍රිකට් ජීව්තය තව නොබෝ කලකින් නිම වූ පසුව ඒ තැන ගැනීමට පිරිසක් සූදානම් ව නැති බව ෆෝර්ඩ් ගේ ප්‍රකාශනයෙන් ගම්‍ය වන්නේය.තව දුරටත් ෆෝර්ඩ් ගේ ප්‍රකාශය තුළින් ක්‍රිකට් පරිපාලන පසුගිය වසර ගණනක අනාගතය වෙනුවෙන් කළ බව කියන ක්‍රිකට් සංවර්ධනය සිදු වී නැති බව නොකියා ප්‍රකාශ වෙන අතර ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් තේරීමේදී දක්වන වැරදි ප්‍රතිපත්ති පිළිබදව විවේචනය කරමින් පළමු පෙළ ක්‍රිකට් ජීවිතයට සමුදෙමින් චින්තක ජයසිංහ ද මේ බව ප්‍රකාශ කළේය.නමුත් චින්තක මෙන්ම මේ රටේ ක්‍රීඩා මාධ්‍යයද ෆෝර්ඩ් ගේ අදහස ප්‍රකාශ කරමින් මීට බොහෝ කාලයකට පෙර සිට අදහස් දක්වා ඇතත් සුදු හම තියෙන අයෙකු ප්‍රකාශ කරනා තෙක් මෙවැනි කරුණු පිළිබදව වගකීමක් වගකිව යුතු අයට දැනෙන්නේ නැත.එයද හරූන් ලොගාඩ් කෝට් එක හමාරක මුදලක් ගෙන මේ රටේ ජනමාධ්‍ය විසින් පෙන්වා දෙන ලද කරුණු ඇතුළත් කර වාර්තාවක් ඉදිරිපත් කළ පසු එය පිළිගැනීමට සමානය.
www.supirikrida.com

රුවිනි සහ සංදේශ් බස්නාහිර මේස පන්දු සූරයෝ වෙති

ස්නාහිර පළාත් විවෘත ශ්‍රේණිගත කිරීමේ මේස පන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කළ සංදේශ් නිශ්ශංක ද,දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළම මියුසියස් විද්‍යාලය නියෝජනය කළ රුවිනි කන්නංගර ද සම්මානයට පාත්‍ර වූහ.දෙසැම්බර් 08 දා ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලීය ගෘහස්ත  ක්‍රීඩා සිංකීරණයේ පැවති මෙම තරගාවලියේ බස්නාහිර පළාත් මේස පන්දු සංගමය නිකුත් කළ නිල ප්‍රතිපල ලේඛණය මේ සමග දැක්වේ.
Final Results

Under 08 Girl’s Singles : Hasali Sanaya Buddhadasa of Visakha Vidyalaya,
Imalsha Lakrandi of Buddhist Girls College, Mt Lavinia - 13/11, 11/09

Under 08 Boy’s Singles : Sahiru Munasinghe of Anura Junior Model School Yakkala beat Senura
Dilanka Silva of Isipathana College, Colombo - 11/09, 11/08

Under 10 Girl’s Singles : Ayla Chitty of Ladies College, Colombo beat Ushiri Perera
Girls High School, Mt Lavinia - 09/11, 14/12, 11/07

Under 10 Boy’s Singles : Dewmith Weerasena of Lyceum International School, Nugegoda beat
Zavareh Chitty of S Thomas’ College, Mt. Lavinia - 11/03, 11/07

Under 12 Girl’s Singles : Hansani Piyumila of Anula Vidyalaya,
of Girls High School, Mt Lavinia - 11/06, 11/07

Under 12 Boy’s Singles : Lithmina Mahanama of Wesley College, Colombo beat Nimesh
Ranchagoda of Royal College, Colombo - 11/09, 11/06

Under 15 Girl’s Singles : Kithmadie Ranawaka of Visakha Vidyalaya, Colombo beat Ruvini
Kannangara of Musaeus College, Colombo - 11/08, 04/11, 11/09

Under 15 Boy’s Singles : Sandesh Nissanka of Ananda College, Colombo beat Lithmina
Mahanama of Wesley College, Colombo - 11/09 , 11/07

Under 18 Girl’s Singles : Ruvini Kannangara of Musaeus College, Colombo beat Chamathsara
Fernando of Girls High School, Mt Lavinia - 12/10 , 11/05

Under 18 Boy’s Singles : Sandesh Nissanka of Ananda College, Colombo beat Senal Rathnayake
of Royal College, Colombo - 11/02, 04/11, 11/08
www.supirikrida.com

Dec 10, 2012

අද බැඩ්මින්ටන් පරිපාලනය ගැන තීන්දුවක්

දීර්ඝ කාලයක් තිස්සේ විශාල වශයෙන් චෝදනා එල්ල වූ බැඩ්මින්ටන් පරිපාලනය ක්‍රීඩා පරිපාලන අතරින් දූෂිතම පරිපාලනයක් බව ක්‍රීඩා අමාත්‍යවරයා මීට ටික දිනකට පෙර ප්‍රකාශ කරමින් ඔවුන්ට දැඩිව අවවාද කරන්නට යෙදුණ බව වාර්තා වුණා.අද එහි දෙවන පියවරට පිවිසෙමින් එල්ල වී තිබෙන විශාල දූෂිත චෝදනා 20 ක් පිළිබදව පරීක්ෂණයක් පැවත්වෙන බවත් ඉන් අනතුරුව පරිපාලනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් තීරණයක් ගනු ඇති බවත් ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරනවා.
එසේම මේ මෑතකදී ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට ජාතික ඔලිම්පික් කමිටුවේද ආදාර අපකාර ඇතිව ලැබුණු පුහුණුව ආශ්‍රිත සහතිකයේ කිසිම ස්ථානයක බැඩ්මින්ටන් සදහා එය ලැබුණු බව සදහන් නොකර එම සහතිකය පිරවීම වැරදියට කිරීම සම්බන්ධයෙන්ද පියවරක් ගැනීමට ‍අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.
www.supirikrida.com

මහින්ද රාජපක්ෂ කුසලානය මාල දිවයිනට


හින්ද රාජපක්ෂ කුසලානය වෙනුවෙන් නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති දකුණු ආසියාතික රටවල් හතරක් සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ සූරතාවය දිනා ගන්නට මාල දිවයින සමත් වුණා.ඒ පකිස්තානයට එරෙහිව ගෝල 2 - 1 ක ජයග්‍රහණයක් ලබමින්.තරගාවලියේ ආරම්භක තරගයේදී මාල දිවයින ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 3 - 0 ක ජයක් ලබමින් ඇරඹි ගමන කුසලාන ජයග්‍රහණය මතින් නිම කරද්දී බංගලාදේශයට පමණක් ගෝල 1 - 0 ලෙස පරාජය වී තිබුණා.

අවසාන තරගයේදි පළමු භාගය ගෝල වලින් තොරව නිමා වූ අතර දෙවන භාගයේදි මාල දිවයින කණ්ඩායම වෙනුවෙන් වහීඩ් රිල්වාන් සහ අබ්දූල් අසදුල්ලා ගෝල රැස් කර ගන්නට සමත් වුණා.පකිස්තානය වෙනුවෙන් හිමි වූ එකම ගෝලය දඩුවම් පහරක් මගින් සයීඩ් අහමඩ් විසින් ලබා ගත්තා.
නමුත් පළමු තරගයේදී විදින්නට වූ පරාජය හේතුවෙන් පකිස්තානය සමග සම මට්ටමේ සිටියද ප්‍රතිවාදීන්ට ගෝල ලබා දීම සළකද්දී පකිස්තානයට අවසන් තරගයට ඒමට හැකි විය.
www.supirikrida.com

බස්නාහිර බැඩ්මින්ටන් සූරතා ඕවල් සහ අපොන්සු කණ්ඩායම් දිනා ගනිති

අපොන්සු ක්‍රීඩා සමාජය
ස්නාහිර බැඩ්මින්ටන් සංගමය 39 වන වරටත් සංවිධානය කරන්නට යෙදුණ බස්නාහිර පළාත් කණ්ඩායම් බැඩ්මින්ටන් සූරතාවලියේ ඒ කොටසේ පිරිමි සූරතාවය කොළඹ ඕවල් බැඩ්මින්ටන් ක්‍රීඩා සමාජයටත් කාන්තා සූරතාවය අපොන්සු බැඩ්මින්ටන් සමාජයටත් හිමි විය.මෙම කාන්තා සහ පිරිමි දෙ'අංශයේම අනු සූරතා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් වලට හිමි විය.
ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේ දී ක්‍රියාත්මක වූ මෙම තරගාවලිය සදහා බස්නාහිර පළාත් සංගමයේ ලියාපදිංචි වූ හෝ ලියාපදිංචි නොවූ ක්‍රීඩා සමාජයකට දස්කම් දැක්වීමට හැකි පිරිදි තරග වැදීමේ අවස්ථාව විවෘත කර තිබූ බැවින් තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගත්තේය.ඒ නිසා ජාතික මට්ටමේ සිටින, ජාතික ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකට මෙම තරගාවලියේ දක්ෂතා පෙන්වීමට හැකි වීම කැපී පෙණින.
ඕවල් ක්‍රීඩා සමාජ කණ්ඩායම
බී කාණ්ඩයෙන් පිරිමි අංශයේ සූරතාවය දිනා ගනු ලැබුවේ බෑන්ක් හිල් ක්‍රීඩා සමාජ 'ඒ' කණ්ඩායමය.අනු සූරතාවය පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායමට හිමි විය.එම කාණ්ඩයේ කාන්තා සූරතාවය ද බෑන්ක් හිල් ක්‍රීඩා සමාජ කණ්ඩායමට හිමි වූ අතර අනු සූරතාවය හිමි වූයේ මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායමට ය.සී කාණ්ඩයේ පිරිමි සූරයන් ලෙස ආදි තෝමියන් බැඩ්මින්ටන් ක්‍රීඩා සමාජය තේරී පත් වූ අතර අනු සූරයන් ලෙස තේරී පත් වූයේ පානදුර ක්‍රීඩා සමාජ කණ්ඩායමය.සී කාණ්ඩයේ කාන්තා සූරියන් ලෙස අභිශේක ලද්දේ වික්ටෝරියන් ක්‍රීඩා සමාජ කණ්ඩායම වන අතර අනු සූරියන් වූයේ පැපිලියාන බැඩ්මින්ටන් සමාජය ය.
පිරිමි ඩී කාණ්ඩයෙන් සූරතාවය හිමි වූයේ කළුතර දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමයට වන අතර අනු සූරතාවය ජොනියන්ස් බැඩ්මින්ටන් සමාජයට හිමි විය.
තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රාහක ආයතනය ලෙස එක් වූ සීමාසහිත එෆ්කේසී අයි ඒසියා පුද්ගලික සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක ඇන්ඩි ලී චාවෝ ද,සම අනුග්‍රහාකත්වයෙන් දායක වූ ඇස්ට්‍රොන් සමාගම වෙනුවෙන් එහි සන්නාම කළමණාකරු අසිත මීමැඩුම ද,ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ සුපිරිතරග සදහා සත්කාරකත්වය තීරණය කරන කමිටුවේ සභාපතිත්වය දරන සහ හිටපු බැඩ්මින්ටන් සංගම් සභාපතිවරයෙකු වන මහාචාර්‍ය රංජිත් ද සිල්වා ද,ඇතුළු පිරිසක් මෙහිදී ජය සංඛේත ප්‍රදානය සමග එක්විණි.
www.supirikrida.com

රාජකීය සහ රණබිම පෙරට

බේස්බොල් ජාතික ලීග් තරගාවලිය 2012" දෙසැම්බර් නව වන දින ආරම්භ වූ අතර පළමු දිනයේ ජයග්‍රාහී කණ්ඩායම් වන්නට මහනුවර රණබිම කණ්ඩායම සහ කොළඹ රාජකීය කණ්ඩායම සමත් විය.මහනුවර රණබිම කණ්ඩායම, ඩීඑස්නයිට් කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 10 - 00 ට ලෙස නිමාවට පත් වූයේ රාජකීය කණ්ඩායමට ජය ලැබෙමින්ය.කොළඹ රාජකීය විද්‍යාලය ජය වාර්තා කළේ ලකුණු 11 - 01 ලෙස ය.එහිදී රාජකීය කණ්ඩායම වෙනුවෙන් ජාතික කණ්ඩායම වෙනුවෙන් ‍'හෝම් හිට්' පහර එල්ල කර ඇති ප්‍රවීන් රත්නායක සහ චාමර පීරිස් දෙදෙනාම හෝම් හිට් පහරවල් එල්ල කිරීම කැපී පෙණීන.
තරගාවලියේ තරග හතරක් එදින පැවත්වීමට නියමිතව තිබූ අතර නමුත් පැවත්වූයේ තරග දෙකක් පමණි.පෞද්ගලික හේතු මත රිච්මන්ඩ් විද්‍යාලය තරගාවලියෙන් ඉවත්වීමෙන් නොපැවත් වූ තරග අතරෙන් රිච්මන්ඩ්, යුධ හමුදා තරගයේ ජය යුධ හමුදාවට නිතරගයෙන්  හිමි විය යුතුය.මේ අතර මේරූන්ස් සහ ඒෂියා කණ්ඩායම් අතර තරගයද එදින නොපැවත්විණ.
www.supirikrida.com

Dec 9, 2012

සූරතාවය ටැන්සානියාවට ශ්‍රී ලංකාව හතරට බසී

සිංගප්පූරුවේ පැවති සය ජාතික දැල් පන්දු සූරතාවලියේ සූරතාවය දිනා ගැනීමට ටැන්සානියාව සමත් විය.තරගාවලියට සහභාගි වන විටත් සිංගප්පූරුවට  පමණක් පිටු පසින් සිටි ටැන්සානියාව, සිංගප්පූරුව ඉදිරියේ පැවත්වීමට නියමිත ජගත් කණිෂ්ඨ තරගාවලිය ඉලක්ක කර සිය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් ඉවත් කර යොවුන් ක්‍රීඩිකාවන්ට අත්දැනීම් සදහා අවස්ථාව දීමේ ප්‍රතිපලයක් ලෙස සිංගප්පූරුව සමග ද ටැන්සානියාව විශාල තරගයකින් තොරව ජය ගත්හ.
අවසන් තරගයට මැලේසියාව සමගින් පිවිසි ටැන්සානියාව තරගාවලියේ සිය අපරාජිත තරග වාර්තාවට කුසලාන ජයග්‍රහණය එක් කර ගත්තේ ලකුණු 45 - 38 ක ජයග්‍රහණයක් සමගින්ය.නමුත් මූලික තරග වලට වඩා අවසාන තරගයකට උචිත මානසික ශක්තියකින් සහ විශ්වාසයකින් සැදුම් ලත් මැලේසියානු ක්‍රීඩිකාවෝ අවසාන තරගයේදී ටැන්සානියාවට තියුණු තරගයක් ලබා දීම කැපී පෙණින.
මේ අතර ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මූලික වටයේ දී  තමන් විසින් පරාජයට පත් කළ නැමීබියාව සමග තරග වැදිණ.ඒ තරගාවලියේ තෙවන සහ සිව්වන ස්ථාන තීරණය කිරීම සදහා වූ තරගයටය.එහිදී යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිවන්තභාවය රදවා ගැනීමේ ගැටළුව යළිත් දකින්නට ලැබුණු අතර දරා ගැනීමෙන් සහ කායික ශක්තිය පවත්වා ගෙන යා නොහැකි දුර්වල කණ්ඩායමක් ලෙස යළිත් ශ්‍රී ලංකාව මේ තරගයේදී ද මැනවින් සනාත කළේය.ප්‍රතිපලය ලෙස ශ්‍රී ලංකාවට නැමීබියාව වෙතින් ලකුණු ලකුණු 76 - 71 පරාජයක් හිමි විය.  

තිලකා ජිනදාස වෙනුවට හයසින්ත් විජේසිංහ කැදවා ඒමට පිඹුරුපත් සකස් කළ කණ්ඩායමේ ප්‍රබල භුමිකාවක් රග දැක් වූ යසා රාමචන්ද්‍ර ට ද හයසින්ත්ට මෙන්ම  තමා පුහුණුකාරියක ලෙස ජාතික පුහුණුකාර ධුරයට පිවිසෙන මොහොතේ තරගකාරි කණ්ඩායමක පුහුණුකාරියක නොවිම තදින් බලපෑවේය.ඊටත් වඩා මට මහළු වයසේ බැරිය වීනා සේ පෙර සේ කියා තැවෙද්දී ශක්‍ර දේවේන්ද්‍ර‍යන්ගේ උදව් උපදේශ ලැබෙතැයි සිතා එම පුහුණුකාර ධුරය ලැබීමට ඇය ඉදිරිපත් වේ යැයි සැක සිතෙන්නේ ඇයගේ සාමාන්‍ය හැසිරීම් රටාව තුළ වුව කායික අබල දුබලතා මැනවින් දැකිය හැකි බැවිනි.

නමුත් ඇය යෝජනා කරන්නට ඊට වඩා මානසික සහ අක්ෂි දුබලතා ඇති පිරිසකගෙන් යුතු පාලන කමිටුවක් සිටි බැවින්ද,ඒ අය විසින් කරන ලද තේරීමෙන් පිනා ගොස් යසාට ද මානසිකව චූන් වීමක් ඇති වූ හෙයින්ද පාලන කමිටුවේ ප්‍රධානි අබේසිංහයන්  පවසන ආකාරයට මේක මැච් කීපෙක ටුවර් එකක් වීම නිසා යසාට ඒ චූන් එකට අවස්ථාව සැළසිණ.නමුත් තේරී‍ම මැච් කීපයක් වුවත් මෙහි ප්‍රතිපලය වසර ගණනකට බලපාන ඇද වැටීමක් සහ බිද වැටීමක් බව ශ්‍රේණිගත කිරීම්වල අපට වඩා පහතින් සිටින මැලේසියාවට සහ නැමීබියාවට පරාජය වීමෙන් ඉදිරියේදී පැහැදිළි කර ගැනීමට ලැබෙනු ඇත.
නමුත් ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටි සිංගප්පූරුව පරාජය කිරීම එම කණ්ඩායම ජ්‍යෙෂ්ඨයන් කිහිපයක් ඉවත් කර ක්‍රීඩා කිරීම හේතු වශයෙන් දක්වා බරපතල ලෙස හෑල්ලුවට ලක් නොකරන නමුත් එය ලියා තැබිය යුතු වන්නේ තරග සංචාරයෙන් පසුව මේ තේරීම්වලට වගකිව යුතු පිරිස ගේ නරිවාදම් නවතා දමා ක්‍රීඩාවේ වර්ධනය පිණිස දැන්වත් අලුත් වැඩ පිළිවෙලක් ඇරඹිමට ය.
නැවත තරගය දෙසට අවධානය යොමු කරන්නේ නම් නැමීබියාව අතර තරගයේදී පළමු කාර්තුවේ සහ දෙවන කාර්තුවේ ජයග්‍රහණ ලබමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු අර්ධය නිම වන විට ලකුණු 36 - 34 ක් ලෙස ඉදිරියෙන් සිටියහ.නමුත් තෙවන අර්ධයේදී නැමීබියාව ලකුණු 23 ක් ලබන විට ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වන්නේ ලකුණු 15 ක් පමණි.ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ කාර්තු හතරම එක මට්ටමෙන් ක්‍රියාත්මක වීමට නොහැකි බවට මෙය නිදර්ශනයක් ලෙස ගත හැකිය.නමුත් මේ තරගාවලිය පුරාම ශ්‍රී ලංකාවේ තරග රටාව මේ ආකාරයෙන් හදුනාගත හැකි වුව ද,මෙම තරගයේ අවසාන කාර්තුවේ ලකුණු තත්ත්වය පෙන්වා එහි දී ශ්‍රී ලංකාව එක ලකුණක් ඉදිරියෙන් සිටින බව පෙන්නා සියල්ල කණපිට හැරවීමට ද මේ පරාජයේ වගකිවයුත්තන්ට පුළුවන.නමුත් එක් නියැදියක් සළකා සියල්ල අමතක කර දමන්නට තරම් ළදරු මානසිකත්වයක් ක්‍රීඩාවේ ප්‍රමුඛ බලධරයා වන අමාත්‍යවරයාට ඇතැයි අපි නොසිතන්නෙමු.
ශ්‍රී ලංකාව ජයගත් අවස්ථාවලදී හොද කායික ශක්තියක් පවත්වා ගනිමින් එම ජයග්‍රහණ ලැබූ බව ඉතිහාසය සාක්සි දරනවා ඇත.විශේෂයෙන්ම 2001 වසරේදී පුහුණුකාරියක ලෙස ඒ වන විට ප්‍රායෝගිකව ඉතා හොද මට්ටමක සිටි හයසින්ත් සිය කණ්ඩායම ඉතා මැනවින් මෙහෙය වූ අතර ශ්‍රී ලංකාව සිංගප්පූරුවෙන් ජයග්‍රහණය උදුරා ගත්තේ තරගයේ අවසාන කාර්තුවේ අවසාන විනාඩියේදී බව ඉතිහාසය දන්නෝ දනිති.
එහිදී මුළු තරගය පුරාම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය කාය ශක්තිය සහ දරා ගැනීමේ ශක්තිය උපරිමයට ප්‍රදර්ශනය කළ අතර අනතුරුව තිලකා ජිනදාස ගේ සමය හැදින්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කායික යෝග්‍යතාවය ඉතා ඉහළින් පැවති අවධිය ලෙස ය.
මෙම කරුණු සැළකිල්ලට ගෙන කෙටි කාලිනව මෙම ක්‍රීඩිකාවනගේ කායික යෝග්‍යතාවය නිසි පරිදි රදවා ගැනීමට හැකි පරිදි හෝ උසස් කිරීමට හැකි පරිදි ජාතික තලයේ ජයග්‍රාහී කණ්ඩායම් පුහුණුකරන පුහුණුකාරියකට එම අවස්ථාව ලබා දිය යුතුව තිබිණ.එම පුහුණුකාරියට ඉහළින් පුහුණු අධ්‍යක්ෂවරියක ලෙස එම පුහුණුකාරි සිය අත්දැකීම් වලින් අධීක්ෂනය කර සැළසුම් සකස් කිරීම සදහා යසා රාමචන්ද්‍ර ට අවස්ථාව දුන්නා නම් මේ ප්‍රතිපලය වෙනස් වන්නට තිබිණ.නමුත් යසා හෝ යසා තෝරා දුන් අය ද තමන් කළ යුත්තේ කුමක්ද යන්න පිලිබදව නිසි අවබෝධයකින් තොර බව සනාත කරමින් තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් අතරේ ජගත් ශ්‍රේණිගත කිරිම් සළකද්දී  තෙවන තැන සිටි ශ්‍රී ලංකාව සිව්වන තැනට පත් වී සිටියි.ඒ තමන්ට පහළ ශ්‍රේණියක සිටි කණ්ඩායම් දෙකක් ඉදිරියේ පරාජය වෙමින්ය.
සැනසීමට තිබෙන්නේ තමන්ට වඩා ඉහළින් සිටි සිංගප්පූරුව පරාජය කිරීමය.ඔවුන් ජගත් කණිෂ්ඨ තරගාවලිය ඉලක්ක කර ගෙන ඉතා ලාබාල ක්‍රීඩිකාවන්ට අත්දැකීම් සදහා මෙම තරගාවලිය විවෘත කරමින් ක්‍රීඩා කිරීම හේතුවක් නිසා එම පරාජයන් ඉදිරි සංවර්ධනය පිණිස හිතා මතා ගත් තීරණයන් නිසා අත් විදි ප්‍රතිපල ලෙස සැළකීමට සිංගප්පූරුවට අවස්ථාව ඇත ඒත් ශ්‍රී ලංකාව තේරීම් කමිටුව පත් කළ නව නායකත්වයද ප්‍රතික්ෂේප කර පරණ නායකත්වයන් යටතේම ගොස් පරණ පරාජිත අත්දැකීම්ම සමග ආපසු එන්නේය.මේ පරාජයට දැල් පන්දු පාලන කමිටුවද සියයට 50 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වගකිව යුතුය.එහෙත් එවැනි වගකීම් පිලිබදව නොසළකා හැර පරාජය ගැන කරුණු හොයන්නට එම නිලධාරි ගොන්නම හෝ ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායමක් මෙම පරාජයේ හේතු සොයන්නට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරනවා ඇත.හිටපු දැල් පන්දු පාලනය පතුරු ගසන අතරේ කණ්ඩායමේ විනාශයට බල පෑ පුහුණුකාර ධූරය තිලකාගෙන් ඉවත් කිරීමට පිඹුරුපත් සැකසූ එම පරිපාලනයේම සිටි යසා පුහුණුකාරිය වන්නා සේම,එම පාලනයේ බලපෑම් වලට යටත් නොවි කොන්ද කෙළින් තබා ‍ගෙන ක්‍රියා කළ තේරීම් කමිටුවේ කිහිප දෙනෙකු ඉවත් කර දෝශ දර්ශනයට ලක් කළ පරිපාලන ඒකකයේ චන්ද්‍රානි පතිරාජ තේරීම් කමිටුවේ සභාපතිනියද වන්නේය.
ඒ නිසා ඊ ළගට ජාතික සංචිතය පවත්වා ගෙන යාමට පුහුණුකාරියක් අවශ්‍යය නම් අබේසිංහයන් ප්‍රමුඛ කමිටුවේ අවධානයට ලක් විය හැකි නම් කිහිපයක්ම ඇති බව අප මෙහි ලියා තබන්නේ එම නම් ඇති පිරිසට අගෞරව කිරිමට නොවේය.සිටින පාලන කමිටුව පිලිබද අවබෝධයක් ඇති කර ගැනීමට ය.
ශාන්ති උනන්තැන්න,ඔලිවියා ගමගේ,යැස්මින් ධර්මරත්න වැනි චරිතයකට අබේසිංහ පාලන කමිටුන ඊ  ළග අවස්ථාවේ පුහුණුකාරිනිය වන්න ආරාධනා කළහොත් පුදුම විය යුතු නැත.

පුහුණු තරගයට ලකුණු වැස්සක්

Tillakaratne Dilshan brings up his centuryශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේ තෙදින පුහුණු තරගය පිතිකරුවන්ගේ ලකුණු වැස්සකින් සමන්විත විය.කැන්බරා හී පිහිටි මැනුකා ඕවල් තණතීරුවේ කාසියේ වාසිය සමග පළමුව පන්දුවට පහර දීමට පිවිසි ඕස්ට්‍රේලියානු සභාපතිගේ කණ්ඩායම ලකුණු 439 ක් ලබා ගත්තේ කඩුලු හයක් පමණක් දැවෙද්දී ය.ඒ සදහා ස්කොට් හෙන්රි නොදැවී රැස් කළ ලකුණු 207 ක දායකත්වය සහ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 77 කින් ලැබූ ලකුණු 91 ද ඇතුළත් විය.ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මෙම තණතීරුව තුළ සාර්ථක වීමට අවකාශයක් නොලැබුණු අතර ධම්මික ප්‍රසාද් කඩුලු 2 ක් ලකුණු 128 ට දවා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා ද ලකුණු පිරි තණතිල්ලෙන් උපරිම පල නෙලා ගනිමින් පළමු කඩුල්ල ට ලකුණු 105 ක් එක් කළ අතර ප්‍රවේගකාරී දිමුත් කරුණාරත්න නුහුරු සංයමයකින් යුතුව කල්පනාකාරී ලකුණු 40 ක් ලබා ගත්තේය.තිලකරත්න ඩිල්ෂාන් වේගවත් තණතීරු වල ලකුණු සදහා ඇති සිය හැකියාව යළිත් අවධි කළ ලකුණු 101 ලැබ ඉණිම අත්හිටුවීය.ප්‍රසන්න ජයවර්ධන ලකුණු 71,මහේල ජයවර්ධන ලකුණු 55 සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 57 ලෙස අර්ධ ශකත අතරට පිවිස දස්කම් දැක්වීය.
ලකුණු විස්තරයට ප්‍රවේශවිය හැකි සබදතාවය පහත දක්වමි.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/match/573010.html

www.supirikrida.com