
මේ සටහන සමග වන ඡායාරූපයේ සිටින තායිලන්තයේ විලාවන් අපින්වයාපොන්ග් 2011 වසරේදී මෙම සූරතාවලියේදී වටිනාම ක්‍රීඩිකාව ලෙස ලත් ඇගයීම තව දුරටත් රැක ගනිමින් මේ වසරේද වටිනාම ක්‍රීඩිකාව වන්නට සමත් වූවාය.මේ අතර චීනය තායිලන්තයෙන් ලද පරාජයෙන් නොනැවතී තෙවන ස්ථානය සදහා වූ තරගයෙන්ද වට 2 - 3 ක් ලෙස පරාජය ලැබූ අතර ඒ අනුව මෙවර තරගාවලියේ තෙවන ස්ථානය දකුණු කොරියාවට හිමි වූවා.
මෙම තරගාවලි ජයග්‍රහණය හරහා තායිලන්තය ලෝක කාන්තා වොලිබෝල් සූරතාවලියට මෙන්ම 2014 පැවත්වීමට නියමිත ලෝක කාන්තා සූරතාවලි ග්‍රොන්ප්‍රී තරගාවලියට ද සුදුසුකම් ලැබීය.දකුණු ආසියාවෙන් මෙම තරගාවලියට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 16 අතරට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක් ව තිබූ අතර ඒ අතරින් ඉන්දියාව 11 වන ස්ථානය ද ලංකාව 15 වන ස්ථානය ද හිමි කර ගන්නට සමත් වුණා.
www.supirikrida.com
No comments:
Post a Comment