May 9, 2013

නිමාලි ප්‍රථමයන්ගේ ගොන්නට

මෙවර ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන තෙක් ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානය දිනා දුන් එකම ක්‍රීඩිකාව බවට පත්ව සිටි නදීකා ලක්මාලි ට ඊයේ චොන්බුරි හී පැවති දෙවන අදියරේදී ඩබ්ලිව්කේඑල්ඒ නිමාලි ද එක් වන්නට සමත් වුවාය.ඒ මීටර් 800 විනාඩි 2:07.08 කින් නිමා කරමින් ලද ජය නිසාය.නදීකා ඊයේ සිය දෙවන ජය සනාත කරමින් මීටර් 55.99 ක් වාර්තා කළ ද එය ප්‍රථම තරගයේ ජයට වඩා අඩු දුරක් වීසි කරමින් ලත් ජයක් විය.
මීටර් 400 පිරිමි තරගයේදි කසුන් කල්හාර සෙනවිරත්න පියවරක් ඉදිරියට එමින් මීටර් 400 ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගත් අතර ඔහු තත්පර 47.14 කින් තරගය නිම කිරීමට සමත් විය. නිමාලි ප්‍රථම ස්ථනය දිනා ගත් තරගයේ තෙවැන්නා වූයේ ශානිකා සමන්මලී ය.ඇය විනාඩි 02:07.53 කින් තරගය නිමා කළාය.
තමාසාට් තරගයේදි දෙවන ස්ථානය නොවූවාය.මීටර් 100 කේවල තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නම් හතරක් යොදා තිබුණ ද,ආරම්භක ස්ථානයට කිසිවෙකු වාර්තා කර නොතිබිණ.සහය දිවීමේ තරගයේදී ශ්‍රී ලංකාවට සුපුරුදු වේදනාකාරී අත්දැකීමටම මුහුණ දෙන්නට සිදු වු අතර  නීතයානුකූල ධාවනයක නොයෙදීම හේතුවෙන් තරගයෙන් ඉවත් කරන්නට සිදු විය.
www.supirikrida.com

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රාහී පරාජයන්

නුවනි
උදය
න්දියාවේ නවදිල්ලි නුවර ත්‍යාගරාජා ගෘහස්ත ක්‍රීඩාංගනයේ ක්‍රියාත්මක 19 වන පොදු රාජය මණ්ඩලීය මේස පන්දු තරගාවලියේ ඊයේ දිනය (මැයි ) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරාජය වුව ද දැක් වු දක්ෂතා සැළකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩාවේ යම් ප්‍රගතියක් ඇති බව පැහැදිළිව දැක ගන්නට ලැබිණ.ඒ අතර ඉන්දීය සම්භවයක් ඇති නවසීලන්ත ක්‍රීඩිකා අර්මන්දීප් සි වට 3 - 0 ක් ලෙස පහසුවෙන්  පරාජය කරමින් ශ්‍රී ලංකාවේ නුවනි නවෝද්‍යා ඊයේ දවස තුළ ශ්‍රී ලංකාව ලැබු එකම කේවල ජයග්‍රහණයේ උරුමක්කාරිය වූවාය.පිරිමි අංශයේදී නිර්මල ජයසිංහ දිනයේ එකම කේවල ජයග්‍රහණයේ උරුමක්කරු වෙමින් අයර්ලන්තයේ රොබින්සන් ඈස්ලි වට 3 - 2 කින් පරාජය කරන්නට සමත් විය.එසේම මිශ්‍ර යුගල තරගයේදී රොහාන් සිරිසේන සහ ඉෂාරා මධුරංගි ද කැනඩාවේ මෙඩ්ජුගෝරා සී මාර්කෝ සහ ෆූ ෂර්ලි වට 3 - 1 කින් පරාජය කරමින් ජය ලැබූහ.
ඕස්ට්‍රේලියාවේ හූ හෙමින්ග් ඉදිරියේ වට 2 - 3 ක් ලෙස පරාජය ලැබූවද ශ්‍රී ලංකාවේ කණිෂ්ඨ සූරයා වන උදය රණසිංහ පෑ දක්ෂතා සියළු නරඹන්නන්ගේ දැඩි ප්‍රසාදයට ලක් විය.එසේම උදය රිද්මි කරදනආරච්චි සමග එක්ව ඉන්දියාවේ බාලගු අමාන් සහ දිව්‍යා දේශපාන්ඩේ ට එරෙහිව වට 2 - 3 ක් ලෙස පරාජය ලැබුවද ක්‍රීඩා කළ අයුරුද කැපී පෙණින.දවසේ ලැබූ කාන්තා සහ පිරිමි කේවල ජයග්‍රහණ දෙකේ උරුමක්කරුවන් වූ නිර්මල් ජයසිංහ සහ නුවනි නවෝද්‍යා එක්ව වට 2 - 3ක පරාජයක් ලැබුවද ජගත් ශ්‍රේණිගත කිරිම් වල රැදෙන නයිරිජිරීයාවේ මිශ්‍ර යුගලය වන ෂේන් අජෙටෙන්මොබි සහ එඩෙම් ඔෆියොන්ග් ට එරෙහිව පෑ දක්ෂතාවයද ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩාව දෙස ජාතයන්තරයේ පැසසුම් නෙත යොමු කරන්නට සමත් ජයක් විය.
www.supirikrida.com

ක්‍රිකට් මොරටුවට

න්තර් විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් සූරතාවය දිනා ගන්නට මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායම සමත් වුණා.ඒ අවසාන තරගයේදී ඔවුන් හා තරග වැදුණු කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායම ලකුණු ලබා ගැනීමේ වේගය මත ලකුණු 39 කින් පරාජයට පත් කරමින්.
කාසියේ වාසිය ලැබූ කොළඹ විශ්ව විද්‍යාලය මොරටුවට පළමුව පන්දුවට පරහ දීමට කළ ආරාධනය මත පිටියට පිවිසි මොරටුව කණ්ඩායම පන්දු ඕවර් 39 දී කඩුලු 8 ට ලකුණු 208 ක් රැස් කළා.එහිදී ඩබ්එස්යූ පෙරේරා ලකුණු 65 ක් ලබා ගත් අතර කොළම කණ්ඩායම වෙනුවෙන් එච්පිඑන් කොඩිතුවක්කු ලකුණු 47 ක් ලබා දී කඩුලු 4 ක් දවා ගත්තා.පිළිතුරු ඉණිමට පිවිසි කොළඹ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක් වූ කොඩිතුවක්කු ලකුණු 51 ක් ලැබූව ද,මොරටුව වෙනුවෙන් එන්වී ගුණතිලක කඩුලු ත්‍රිත්වයක්ද සමග ලකුණු 43 ට කඩුලු 4 ක් ලැබීම නිසා අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නතර කරන විට පන්දු ඕවර් 28.3 දී කොළම කණ්ඩායම ලබා සිටියේ කඩුලු 8 ක් දැවී ලකුණු 128 ක් පමණයි.ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයට වඩා ඒ මොහොත වන විට ලකුණු 39 කින් ඉදිරියෙන් සිටි මොරටුව විශ්ව විදයාලය 2013 අන්තර් විශ්ව විදල ක්‍රීඩා උළෙලේ ක්‍රීකට් සූරයන් වන්නට සමත් වුණා.
www.supirikrida.com

May 8, 2013

ඇග හදන වැඩ වලට අමාත්‍යංශයේ නම බැහැ

ශ්‍රී ලංකා කායවර්ධන සංගමය රට පුරා විවිධ කායවර්ධන වැඩ සටහන් මෙහෙයවීමේදි ප්‍රමිතියෙන් තොර ක්‍රියාවන් සිදු කරන බවට ලැබුණු චෝදනා විමසීමට ලක් කර ක්‍රීඩා අමාත්‍යංශය එම සංගමය මගින් ක්‍රියාත්මක කරන වැඩ සටහන් වල දී රාජ්‍ය ලාංඡනය හෝ ක්‍රීඩා අමාත්‍යංශයේ නම යොදා ගැනීම තහනම් කර ඇත.එවැනි ක්‍රීඩා උපදේශක පාඨමාලා මෙහෙයවීමේ වගකීම රාජ්‍ය ලාංඡනය සහ ක්‍රීඩා අමාත්‍යංශ නාමය යටතේ කළ හැක්කේ ජාතික ක්‍රීඩා විද්‍යයතනයට පමණක් බව ද ක්‍රීඩා පණත උපුටා දක්වමින් ක්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කර සිටියි.
මින් ඉදිරියට රට පුරා ශාරිරික වර්ධනය පිළිබදව පවත්වන උපදේශන පාඨමාලා ප්‍රමිතියෙන් පැවත්නේනේද යන්න පිළිබදව මෙන්ම නිවැරදි උපදේශකයන් එයට සහභාගි වන්නේද යන්න පිළිබදවත් ක්‍රීඩා අමාත්‍යංශය විසින් සොයා බලනු ඇත.
www.supirikrida.com

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ස්ථානය තීරණය වීම අද

න්දියාවේ නවදිල්ලි නුවර ත්‍යාගරාජා ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක 19 වන පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු තරගාවලියේ කාන්තා අංශයේ මුල් කණ්ඩායම් අට අතර ශ්‍රී ලංකාවට හිමි වන්නේ අටවන ස්ථානය ද,හත් වන ස්ථානයද යන්න තීරණය කිරීමේ තරගය අද ස්කොට්ලන්තය සමග පැවත්වීමට නියමිතය.අවසාන කණ්ඩායම් අට අතර තරගයේ දී ශ්‍රී ලංකාව මැලේසියාව,ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය ඉදිරියේ වට 3 - 0 ලෙස පරාජයට පත වු අතර වේල්සය ඉදිරියේ පසුවන ස්ථානය දිනා ගැනීම සදහා උත්සාහ දැරීම වෙනුවෙන් පැවති තරගය වට 3 - 1 ලෙස පරාජයට පත් විය.එහිදී ඉෂාරා මධුරංගි වේල්සයේ කැරී චාලට් ට එරෙහිව වට 3- 1 ජයක් ලබා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක ලත් එකම ජය වාර්තා කළාය.එසේම එම තරගයේදි නුවනි නවෝධයා ද එම ක්‍රීඩිකාවටම එරෙහිව තරග වටයක් ජය ගැනීමට සමත් වූවාය.
කෙසේ නමුත් පරාජය වුව ද ඉෂාරා මධුරංගි ගේ ක්‍රීඩා විලාශය පැසසුම් සහගත මට්ටමකින් පවතින බව ඉන්දියාවෙන් ලැබෙන තොරතොරු මගින් අනාවරනය වන අතර ඇයගේ ඡායාරූපයක් ජාත්‍යන්තර  මේස පන්දු වෙබ් අඩවියේ පවා ප්‍රචාරය වී ඇත.
මේ අතර පිරිමි කණ්ඩායම නවසීලන්තය සමග පැවති තරගයෙන් වට 3 - 1 ක පරාජයක් ලද අතර එකම ජයග්‍රහණය රොහාන් සිරිසේන විසින් වාර්තා කරන්නට යෙදිණ.ඔහු නවසීල්නතයේ බෝල් මැතිව් ට එරෙහිව වට 3 -1 ක ජයක් ලැබු අතර මාල දිවයින කණ්ඩායම ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඉදිරියේ ව‍ට 3- 0 ලෙස පරාජයට පත් විය.අද කාන්තා සූරියන් කවුරුන්ද යන්න තීරණය කරන අවසාන තරගය එංගලන්තය සහ සිංගප්පූරුව අතර පැවත්වෙන අතර මේ සමග දැක්වෙන්නේ ජාත්‍යන්තර මේස පන්දු සංගමයේ වෙබ් අඩවියෙන් උපුටා ගන්නට යෙදුණ ඉෂාරා මධුරංගි ගේ ඡායාරූපය ය.
www.supirikrida.com

May 6, 2013

පළමු දිනයේදී ශ්‍රී ලංකාවට පරාජයන් පමණයි

න්දියාවේ නවදිල්ලි නුවර ඇරඹි 19 වන පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියාව සමග පැවති කණ්ඩායම් තරගය තරග 3 - 0 ක් ලෙස පරාජයට පත් වුණා.මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉෂාරා මධුරංගි,නුවනි නවෝද්‍යා සහ රිද්මි කරදනආරච්චි තරග බිමට පිවිසි අතර නුවනි සහ රිද්මි යන දෙදෙනාම සිය තරග ප්‍රතිවාදීන් ඉදිරියේ 3 - 0 ක් ලෙස පරාජයට  පත් වුණා.ඉෂාරා පමණක් මවුමා දාස් සමග පැවති තරගයේදි ප්‍රථම වටය ජය ගැනීමට සමත් වුව ද,දාස් 3 - 1 ක් ලෙස තරගය ජය ගත්තා.නමුත් ඉෂාරා තරග වටයක් ජය ගැනීම ඊයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක වෙතින් තරග වටයක් ජය ගැනීම දක්නට ලැබුණු එකම අවස්ථාව වුණා.
පිරිමි අංශයේදි ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය සහ වේල්සය ඉදිරියේ තරග 3 - 0 ක් ලෙස කණ්ඩායම් දෙකක් ඉදිරියේම පරාජයට පත් වූ අතර එහිදි ස්කොට්ලන්තයට එරෙහිව රොහාන් සිරිසේන,නිර්මල ජයසිංහ සහ උදය රණසිංහ තරග වැදි අතර වේල්සය සමග පැවති තරගයේදි උදයගේ ස්ථානයේ මිලින්ද ලක්ෂිත ක්‍රීඩා කළා.
මේ සමග දැක්වෙන්නේ ඉෂාරා අතින් තරග වටයක් පරාජයට පත් වූ මවුමා දාස් ගේ ඡායාරූපයකි.
www.supirikrida.com

අන්තර් බැංකු දැල් පන්දු තරගාවලියේ ප්‍රථම සහ තෙවන ස්ථාන හැටන් නැෂනල් බැංකුවට

ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ඩොට් කොම් ක්‍රීඩා වෙබ් අඩවිය මගින් සංවිධානය කරන්නට යෙදුණ පළමු අන්තර් බැංකු දැල් පන්දු තරගාවලියේ සූරතාවය දිනා ගන්නට හැටන් නැෂනල් බැංකු ඒ කණ්ඩායම සමත් වුණා.ඔවුන් අවසන් තරගයේදී නේෂන් ට්‍රස්ට් බැංකු කණ්ඩායම පරාජය කරමින් සූරතාවය දිනා ගත් අතර ලාංකේය දැල් පන්දු සංස්කෘතියේ විශේෂ ස්ථානයක් ගන්නා හැටන් නැෂනල් බැංකු ආයතනයේ බි කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී පරාජයට පත් කරමින් නේෂන් ට්‍රස්ට් බැංකු කණ්ඩායම අවසාන තරගයට පිවිස අනු සූරතාවය දිනා ගැනීම සුවිශේෂී සිදු වීමක් වුණා.
නමුත් අවසාන තරගයට පිවිසීමට අපොහොසත් වුව ද,හැටන් නැෂනල් බැංකු බී කණ්ඩායම තෙවන ස්ථානය තේරීම සදහා පැවති තරගයේදි කොමර්ෂල් බැංකු කණ්ඩායම පරාජය කරමින් තරගාවලියේ තෙවන ස්ථානය ද හැටන් නැෂනල් බැංකුව වෙත ලබා දීමට කටයුතු කළා.ජාතික තලයේ දැල්පන්දු කණ්ඩායම් අතරින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක ලෙස සෙලාන් බැංකු කණ්ඩායම සහ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම හැදින්විය හැකි අතර මෙම තරගාවලියේදී සෙලාන් කණ්ඩායම දකින්නට නොලැබීම නිසා සම්ප්‍රදායක් බවට පත්ව තිබෙන හැටන් නැෂනල් සහ සෙලාන් අවසාන තරගයක් නැරඹිමේ අවස්තාව දැල් පන්දු ලෝලීන්ට අහිමි වුණා. 
තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස රංජනී ජයකොඩි එක්ව සිටි අතර ලක්ෂ්මි වික්ටෝරියා දැල් පන්දු සභාපතිණිය ලෙස මෙම අවස්ථාවට එක්ව සිටියා.
www.supirikrida.com

May 5, 2013

පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු තරගාවලිය අද ඇරඹේ

න්දියාවේ නව දිල්ලි නුවර ත්‍යාගරාජා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද 19 වන පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු තරගාවලිය ආරම්භ වීමට නියමිතය.මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු සහභාගි වීමට නියමිතය.එහිදී ක්‍රීඩිකාවන් අතර නායකත්වය ඉෂාරා මධුරංගිට හිමි වී ඇති අතර ක්‍රීඩකයන් අතර නායකත්වය හිමි ව ඇත්තේ රොහාන් සිරිසේනටය.කණ්ඩායමේ කළමණාකරු සහ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ජගත් රාජපක්ෂයන්ය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් ලෙස මෙම තරගාවලියට ඉෂාරාට අමතරව පවනි සිරිසේන,රිද්මි කදනආරච්චි,නුවනි නවෝද්‍යා සහ ප්‍රවීනා සිල්වා එක්වන අතර ක්‍රීඩකයන් ලෙස රොහාන් සමග සජිත් කාවින්ද,මිලින්ද ලක්ෂිත,උදය රණසිංහ සහ බීඑන්බී ජයසිංහ එක් වී සිටිති.
ඡායාරූපයේ දැක්වෙන්නේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් සහ නිලධාරි කණ්ඩායම නිල ඡායාරූපයට පෙනී සිටි අවස්ථාවයි.
www.supirikrida.com

නදීකාට එක, චන්ද්‍රිකාට දෙක,නසුන්ට සහ සමරජීව ට තෙවන ස්ථාන

සියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ ප්‍රථම අදියර තායිලන්තයේ තමාසාට් හී දී නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එක් ප්‍රථම ස්ථානයක්,දෙවන ස්ථානයක් සහ තෙවන ස්ථාන දෙකක් හිමි කර දෙමින්ය.ශ්‍රී ලංකාව දිනා ගත් එකම ප්‍රථම ස්ථානය හෙල්ල වීසි කිරීම නියෝජනය කළ නදීකා ලක්මාලී දිනා ගත්තාය.ඇය මීටර් 56.83 ක දක්ෂතාවයක් දක්වමින් එම ජයග්‍රහණයට උරුමකම් කීවාය.චන්ද්‍රිකා සුභාෂණි මීටර් 400 ඉසව්වේ දී ඉන්දීය අභියෝගයට මැදිව දෙවන ස්ථානයට පත් වූ අතර දර්ශා ගේ සමයේ ඇය පසු පසින් පැමිණි ඉන්දීය ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවේ මීටර් 400 හැකියාව ආක්‍රමණය කිරීමට ගත් දීර්ඝ කාලීන උත්සාහය යළි සාක්ෂාත් කරමින් චන්ද්‍රිකාට ඉදිරියෙන් සහ පසු පසින් ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනෙක් රැදී උන්හ.චන්ද්‍රිකා දෙවන ස්ථානය දිනා ගත්තේ තත්පර 53.35 ක කාලයක් වාර්තා කරමින්ය.
News Photo: Nadeeka Lakmali of Sri Lanka competes during the…කසුන් කල්හාර මීටර් 400 ඉසව්වේ දී තෙවන ස්ථානය දිනා ගත් අතර ඔහු එහිදී තත්පර 47.18 ක කාලයක් වැය කළේය.මීටර් 5000 ඉසව්වට ඉදිරිපත් වූ ඩීඑල් සමරජීව විනාඩි 15:10.91 ක කාලයක් වාර්තා කරමින් තෙවන ස්ථානය දිනා ගන්නට සමත් විය.ශ්‍රී ලංකා හෙල්ල වීසි කීරීමේ ජාතික වාර්තාලාභියා වන සචිත් මධුරංග කලෙකට පසුව පසු කර යන්නට හිටපු ජාතික වාර්තාලාභියෙකු වන වරුණ ලක්ෂාන් දයාරත්නට හැකි වුව ද දෙදෙනාටම ඉසව්වේ ස්ථානයක් දිනා ගැනීම අපහසු විය.නමුත් දෙදෙනාම මෑත කාලීනව දක්වා ඇති සාමාන්‍ය දස්කම් සැළකිල්ලට ගෙන බැලීමේදී යම් හෙයකින් ඔවුන්ගේ සුපුරුදු දක්ෂතා ආසන්නයට හෝ පැමිණියේ නම් ජයග්‍රහණය යනු පහසු කාරියක් වන්නට තිබිණ.මෙහිදී වරුණ මීටර් 71.50 ක ද සචිත් මීටර් 71.19 ක් ද වාර්තා කරන්නට සමත් විය.
www.supirikrida.com