Dec 31, 2012

ලංකාවේ ක්‍රීඩාවට වටිනාම හිමිවීම වටනාබෙගෙන් වටිනාම අහිමිවීම ග්‍රේග්ගෙන්


දින් 2012 ඉවරයි.ගෙවුණු වසරෙදි අපට හිමි වුණේ මොනවද - අහිමි වුණේ මොනවද කියලා හොයල බලන්න වෙනවා.හිමිවීම් ගැන කතා කරද්දි අපට ඒවා මනින්න පදක්කම් වර්ධනය ආදි කරුණු විවිධ වූ නියැදි ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන්.අහිමි විම් වුණත් එහෙමයි.ඒත් අපේ විග්‍රහයට අනුව හිමිවීම් වල භෞතිකමය වටිනාකම් සළකද්දි සහ එහි ඇති පලදායිතාවයන් පිළිබදව විමසා බලද්දි ශ්‍රී ලංකාව ගෙවෙන වසරේ ලැබූ විශාලතම ජයග්‍රහණය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ඉදි වුණ බේස්බෝල් ක්‍රීඩාංගණය යි.                              මේ ක්‍රීඩාංගණය අපට ලැබෙන්න විශාලතම දායකත්වය දැක් වූවේ ජපන් ජාතික වටනාබෙයි.ඔහු ඒ සදහා විශාල මුදලක් වැය කර ඉදි කරා නෙමෙයි.ඒ සදහා අවශ්‍යය සංවිධානකත්වය දැරුවා.ජපාන රජයෙන් සහ ඊට සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගිතා සහ ස්වෙච්ඡා පදනම් වගේම මේ වන විට ජාත්‍යන්තරය ගොස් සිටින සුජීව විජේනායක වැනි ලාංකිකයොත් එක රැහැනකට බැද ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාංගණ පිළිබද වචන හරඹ යථාර්තයක් කරන්න වටනබේ දැක් වූ සංවිධානාත්මක හැකියාව අති විශිෂ්ඨයි.

ලංකාව බොහෝ දේ කරන්න පෙරුම් පුරමින් සියල්ල සාක්ෂාත් වන තුරු ඉවසා සිටින වට පිටාවක වටනබේ අතේ සත පහක් නැතිව දැවැන්ත පරිත්‍යාගශීලී අරමුණක් වෙනුවෙන් කැප වූ අයුරු ජපානයේ ආර්ථික සහ සමාජීය වටපිටාව පිළිබදව අපූරු උදාහරණ සපයන්නක්.
වචන හරඹ වලදී ජපනා හපනා කියලා ජපනාගේ හැකියාව එම ගොඩනැගීමේ පරාර්ථ පිළිබදව නොවිමසා වීසි කරන දමන අපට ඔවුන් යමක් වෙනුවෙන් අවංකව කැපවීමෙන් ක්‍රියාකරන ආකාරය පිළිබදව පාඩමක් වටනබේ අපට කියා දුන්නා.ඒ සදහා ඔහු උත්සාහ කරද්දි ඇතැම් හූ වටනබේ ගේ කකුළෙන් ඇද්ද බවත් ඇතැම් මාධ්‍ය වාර්තාවලින් අපට පැහැදිළි වුණා.ඒ තමයි ලංකාවෙ දේශපාලන හැදියාව.ඉතා පටු පෞද්ගලික,පරමාර්ථ සහ න්‍යාය පත්‍ර වලට කොටු වුණ පිරිස් කරන්නෙ ඒක තමන්ගෙ දෙයක් කර ගන්න උත්සාහ කිරීම පමණයි.වෙනත් ආකාරයකින් ඒ වැඩේ සිද්ධ වෙන්න යද්දි ඒකට අකුල් හෙලීමයි.
මේ යථාරතයත් එක්ක හැප්පෙන්න ජපානයේ මහා සම්ප්‍රදායට අපහසු වුණේ නැහැ.ඒ වටනබේ නිසාම නෙමෙයි.අපි සහ ජපානය අතර ඇති සමාජ ආර්ථික වටපිටාවේ වෙනස්කම් එක්ක රටක් හැටියට පරිත්‍යාගයක් ලෙස ලැබෙන අපේ ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා වූ භෞතික වටිනාකමට පිටුපාලා හිට ගන්න පුළුවන් රාජ්‍යතාන්ත්‍රික වටිනාකමක් අපට නැති නිසා.
ඒ වගේම ඒ හරහා කී  දෙනෙක්ට ලංකාවෙ ඉතිහාසයේ නමක් තියා ගන්න පුළුවන් වෙනවද කියන කාරණය වගේම අවසන් මොහොතෙදි එය තමන්ගේ බැබලීමට යොදා ගන්න වැඩ කරන ෙද්ශපාලනයත් මේ ක්‍රීඩාංගණය යථාර්තයක් වෙද්දි අපි දැක්කා.වටනබේ සාමාන්‍ය මිනිහෙක් විදිහට තමන්ගෙ වාත්තීය ඉටු කරමින් ක්‍රීඩා පිටියෙ පුහුණුකරුවාගේ භූමිකාව ඉෂ්ට කළා.සුජීව විනිසුරුවරයා හැටියට වැඩ කළා.මේ දෙන්න ගැන බොහොම අඩුවෙන් කියවෙද්දි ඇතැම්හු ඊට ඔප්පු - තිරප්පු ලියා ගත්තා.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහෝදරයා ජපානයේ ශ්‍රී ලංකා කොන්සල්වරයා විදිහට වැඩ කරනවා.ඒ නිසා මේ ක්‍රීඩාංගණය තුළ හැදෙන ක්‍රීඩාගාරයවත් වටනබේ නමින් නම් කරන්න ප්‍රකාශයක් කරන්න ක්‍රීඩා අමාත්‍යවරයාට හැකි වුණා නම් ඒක අපේ රටේ වටිනාකම ජපානයට දැනෙන දෙයක්.ඒත් ක්‍රීඩා අමාත්‍යවරයා මාධයවේදීන් කියන දේවල් ගණන් ගන්න ඕනි නෑ කියන මතයක ඉන්න නිලධාරින් මාධ්‍යවේදීන්ගේ මතය ඇමතිවරයා ළගට යවනවද නියන එන සැකයි.
ඒකත් අපේ දේශපාලන සංස්කෘතියෙ හැටියක්.කාගෙ අදහසක් හරි වංචා කරගෙන තමන්ගෙ දෙයක් විදිහට ඒ ආකෘතියේ නම ගහ ගන්න හදන අය වැඩියි.වටනබේ ඒ සංස්කෘතිය ඇතුළෙ යට යන එක ඒ සිදුවීමට සීමා නොවුණු දෙයක් සහ  විශාල අවස්ථාවන් ප්‍රමාණයක් අහිමි කර ගැනීමක් කියල හිතන්න පුළුවන් පිරිස ක්‍රීඩා අමාත්‍යවරයා ළගත් අඩුයි.පටු අරමුණු වලින් තොරව යම් දෙයක් ප්‍රකාශ කරද්දි ඇතැම් විට එම ප්‍රකාශය කරන පුද්ගලයාට තියෙන පෞදගලික වර්ණ විතරක් දැකල චිත්‍රය නිර්මාණය කර ගන්න උදවිය සැබෑ චිත්‍රය දකින්නෙ නැහැ.වටනබේ මෙන්ම ඔහුගේ කාර්ය භාරයද ඒ විදිහට දැක්කෙ නැතුව කරන වර්ණාවන් අන්ධයෙක් තොරණක් ළග ඉදල විරිදු අහල තොරණෙ හැඩතල ගැන කරන විස්තරයකට සමානයි.
ඒ නිසා වටනබේ ලංකාවෙ ක්‍රීඩාවෙ මුල ඉදල අගටම ඉන්න පිරිස් කියවන්න ඕන චරිතයක්.ඉල්ලීම් සහ ලැබීම් ගැන පමණක් උනන්දු වන පිරිසක් අතර පාවෙන ලාංකේය ක්‍රීඩා වපසරියට යුතුකම් සහ වගකීම් මෙන්ම පරිත්‍යාග ගැන කියා දෙන්න වටනබේ පාඩම් පොතක් වගේ.ලංකාවේ කරුණානන්දගෙ ඔලිම්පික් මීටර් 10,000 දිවීම ජයග්‍රහණය වෙනුවට මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්‍යය සහ නොපසුබස්නා වීර්ය පිලිබදව ජපානයෙ දරුවන්ට උගන්නන් පාඩමක් කර ගත්ත ජපානය වගේ රටක දේශපාලන ව්‍යහුය අප උදාහරණයකට ගත්තොත් වටනබේ කරුණානන්දල වගෙ මිනිස්සු ගැන හදරපු තැනට අපේ අධ්‍යාපනයෙ මනස වෙනස් කරන්න තීරණය කළොත් වටනබේත් අපට ඉගෙන ගන්න පුළුවන් චරිතයක්.ඒ නිසා පදක්කම්,සම්මාන සහතික ඔක්කොටම වඩා ගෙවෙන වසරේ ශ්‍රී ලංකාවට වටිනාම දේ ලබා දුන්නෙ වටනබේ.
ඒ වගේම 20 - 20 ලෝක කුසලාන අවසාන තරගයෙන් පරාජය වි කුසලානය අහිමි කර ගැනීම වගේම ශී ලංකා දැල් පන්දුව සතුව තිබුණු ආසියානු කුසලානය අහිමිකර ගැනීම වැනි කාරණා වලට වඩා ශ්‍රී ලංකාවට වටිනාම අහිමි වීම ටෝනි ග්‍රේග් ගේ ජීවිත සමු ගැනීමයි.ඔහු ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ පිටුපස වැටි තිබුණු සෙවනැල්ලක් බදු වූවා.විශේෂයෙන් අර්ජුන රණතුංග, ඩැරල් හෙයා වැනි සිදුවීමකදී අර්ජුන හැසිරුණු ආකාරය ක්‍රීඩාවේ සම්ප්‍රදායන් සමග සළකද්දී එකග විය නොහැකි කරුණක් විය හැකි වුව ද ඊට මානුෂීය මුහුණුවරක් දී ජාත්‍යන්තරයේ මානුෂික අවධානය අර්ජුන ට පක්ෂපාතීත්වය පිණිස හැඩ ගැහුණේ ටෝනි ග්‍රේග් නිසයි.
කළු සහ සනත් ලෝකයේ භයානක පිතිකරුවන් ලෙස ප්‍රතිවාදි මනස් තුළ ස්ථාවර කිරීමට ටෝන් කළ සේවය මහත්ය.එසේම ලෝකයේ ක්‍රිකට් බලධාරියා බවට පත්වී සිටින ඉන්දියාවේ බිෂන් සිං බෙඩී නම් එවකට ආසියාවෙන් බිහි වි සිටි වැඩිම කඩුලුලාභි දග පන්දු යවන්නා පවා මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බව කියන බටහිර කදවුර නියෝජනය කරද්දී ටෝනි මුරලිගේ ස්වභාවිකත්වය රැක ගැනීම වෙනුවෙන් සිය හඩ අවදි කළේය.මාස්ටර් බ්ලාස්ටර්ලා,කැප්ටන් කූල් ලා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලාංකේය ප්‍රතිවාදීන් පීඩනයට ලක් කරන අනන්‍යතාවයක් ගොඩ නැංවීම වෙනුවෙන් ටෝනි ග්‍රේග් කළ මෙහෙය ඇතැම් ක්‍රිකට් පරිපාලකයන්ගෙන් හෝ සිදු වී නොමැති බව අප දත යුතුය.
ජාත්‍යන්තර වශයෙන් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීම වළකාලන්නට එල්ල වූ පීඩාවන් සහ තර්ජනයන් හමුවේ ඊට එරෙහිව හබල් ගසන්නට ටෝනි ගේ හඩින් සිදු වූ මෙහෙය අපමණය.අපේ ඇතැම් විචාරකයන් පවා අපේ ඉංග්‍රිසි නොදත් ක්‍රීඩකයන් සමග ඉංග්‍රිසියෙන් කතා කරමින් ඔවුන්ව මානසිකව පීඩාවට ලක් කරන වපසරියක,ග්‍රෙග් එවැනි ක්‍රීඩකයන් සොයා එමින් ඔවුන් අපහසුවට ලක් නොවන ආකාරයට පූර්ව සැළසුම් සකස් කරමින් කටයුතු කර තිබෙන ආකාරය ඔහුගේ ජාත්‍යන්තර සහ ක්‍රිකට්ශීලී වීමට කදිම උදාහරණයකි.
ඒ නිසා අපට භෞතික වශයෙන් නොපෙනෙන,ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව භෞතික වශයෙන් අත් කර ගත් බොහෝ දේ සදහා මැදිහත් වූ ටෝනි, ලාකේය ක්‍රිකට් හි මතු වෙමින් තිබෙන ‍බිද වැටීමේ ඉර සළකුණු මකා දමන්නට ඉදිරියේදි යොදා ගත හැකිව තිබුණු ශක්තිමත් සාධකයක් අහිමි වී යාමකි.ඒ නිසා  ගෙවුණු වසරේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කේෂ්ත්‍රයෙන් අහිමි වූ විශාලතම අහිමිවීම ටෝනි ග්‍රේග් ය.
කෙසේ හෝ එළැඹෙන වසරේ හ්‍රී ලංකාවේ අලුත් මලල ක්‍රීඩා බලාපොරොත්තු පිලිබදව කතා කිරීමට අවස්ථාවක් උදා වේයැයි සිතිය හැකිය.විශේෂයෙන්ම කාන්තා බොක්සිං ක්‍රීඩාවේ අලුත් පිබිදීමක් සමග නිමා වුණු වර්ෂයේ එහි උපරිම ප්‍රතිපල සදහා පිවිසෙන්නට එළැඹෙන වසර බෙහෙවින් තීරණාත්මක විය හැකිය.
වෙළද සේවා මලල ක්‍රඩා පිටියේ මෙන්ම වෙළද සේවා වොලිබෝල් පිටියේද යහපත් තරගාවලි දෙකක් ගෙවුණු වසරේදී ගෙවී ගියේ එහි පරිපාලන පුටු පවා තරුණ කරමින් සහ එහි වැදගත් කම පෙන්වමින්ය.පුද්ගල ආදර්ශ වෙනුවට ක්‍රියාකාරි ආදර්ශ හමු වූ එම තරගාවලි දෙක හරහා මතු කළ අපූරු සංවිධාන ශක්‍යතායේ අලුත් පිටුව එළැඹෙන වසරේදි එම කේෂ්ත්‍ර දෙකේ ප්‍රබෝධය වෙනුවෙන් විශාල දෙයක් කරනු සැක නැත.
අපි කල්පනාවෙන් බලා සිටින්නෙමු!

www.supirikrida.com

Dec 30, 2012

තේරීම් කමිටුව සරම් ඇද හිසින් සිට ගනියි

ස්ට්‍රේලියාවේ සංචාර‍ය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර සංගක්කාර සහ චානක වෙළගෙදර ආබාධිත තත්ත්වයට පත්වීම හේතු කර ගෙන ඒ වෙනුවට ලහිරු තිරිමාන්න සහ සුරංග ලක්මාල් කණ්ඩායමට කැදවීමට තීරණය කර ඇත.සංචිතයට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර සිටි සහ දැනටත් ඕස්ට්‍රේලියානු තණතිලි වල අත්දැකීම් ලබා ගනිමින් සිටින සහ ජාත්‍යන්තර විචාරකයන්ගේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම අවධානයක් දිනූ ක්‍රීඩකයා ද වන තිසර කණ්ඩායමට නො'කැදවා සුරංග කැදවීමෙන් මේ වන විට ඔහුට වීසා ලබා ගැනීමේ ගැටළුවකට ද ක්‍රිකට් පරිපාලනය මුහුණ දී සිටියි.
මීට පෙර ද කිහිප වතාවක්ම මතක් කළ සේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කෝටි ගණනක වියදමක් දරා හරූන් ලොගාඩ් ලවා ලබා ගත් වාර්තාවෙන්ද විවේචනයට ලක් වූ ක්‍රිකට් තේරුම් කමිටුව සම්බන්ධයෙන් මේ වන විටත් අමාත්‍යවරයා හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කිසිදු තීරණයක් ගන්නා බවක් පෙනෙන්නට නැති අතර ඔවුන් කිසිදු හිරිකිතයකින් තොරව තමන්ට අවශ්‍යය පරිදි තීරණ ගනිමින් සිටියි.අවසානයේ වසර ගණනක් තිස්සේ මෙරට මාධය විසින් පෙන්වා දුන් කරුණුම ඉදිරිපත් කර ලොගාඩ් ට කෝටි ගණනක මුදලක් ගැනීමට ආශිර්වාදයක් ලැබීම හැරෙන්නට හරූන් ලොගාඩ් ගේ වාර්තාවෙන් කිසිදු වෙනසක් ක්‍රිකට් වලට සිදුවන බවක් පෙනෙන්නට නැත.පසුගිය කාලය පුරාම විශිෂ්ඨ දස්කම් දැක් වූ ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනෙන තිසර පෙරේරා,අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඕස්ට්‍රේලියානු සංචිතයට නම් කර සිටියදී ඔහු ව ඉවත් කර සුරංග ලක්මාල් කැදවීම පිළිබදව හේතු කාරණා විමසීමටවත් ලංකාවේ ක්‍රිකට් තේරුම් කමිටුවට අභියෝග කරන්න ක්‍රීඩා බලධාරියෙකු නැති වීම ක්‍රිකට් ක්‍රීඩාවේ ඛේදවාචකයකි.
වඩා වැදගත් සුරංග ලක්මාල් නම් ඔහුව නම් නොකර පළමුව තිසර පෙරේරා නම් කරේ ඇයි යන්න මෙන්ම තිසර පෙරේරා අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයේ සිටියදි ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අංශය විශාල වශයෙන් කඩා වැටි තිබියදී,පිතිකරණයේදී සුරංග  ලක්මාල් ට වඩා දායකත්වයක් දැක්විය හැකි තිසර පෙරේරා නම් නොකළේ ඇයිද යන ප්‍රශ්නය ඇසීමට ක්‍රිකට් ආයතනයේ ගෙවීමක් ලැබිය හැකි සුද්දෙක් හෝ නොමැති වීම නිසා මෙවැනි ගැටළුකාරී තත්ත්වයන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ සිට තීන්දු ගත හැකි කිසිදු බලධාරියෙක්ට නොදැනෙනු ඇත.
www.supirikrida.com

ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ සුදු තාත්තා සමු ගනියි

'පිය' යන වචනය දිනා ගන්නට තරම් පියකරු ලැබැදි බවක් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඔහු තුළ විය.නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තලයේ වීරත්වයේ සළකුණක් බවට පත් කරන්නට හේතු වූයේ ඔහුය.ඒ නිසාම ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් මිදුණු සමස්ත ලාංකේය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් වෙත ද වීරයෙකු බවට පත් විය.අන්නාසි කෑල්ලක රස බලමින් එය ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වන රස පළතුරක් කරන අතරේම ලිට්ල් කළු,මාස්ටර් බ්ලාස්ටර්,කැප්ටන් කූල් යන වචන ක්‍රිකට් සංස්කෘතියට හදුන්වා දෙමින් ලාංකේය ක්‍රිකට් වීරයන්ගේ ප්‍රතිරූපය ජගත් ක්‍රිකට් පිටිය තුළ සනාත කරන්නට ටෝනි ග්‍රෙග් නම් මේ සුවිෂේශී මිනිසාට හැකි විය.
ලාකේය ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයන් ඉංග්‍රිසි ව්‍යවහාරයේදී පසුබෑම පිළිබදව ක්‍රීඩක කාමර වලටම එබී කතා කර ඔවුන් අපහසුවට පත් නොවන ආකාරයට කතා බහ කිරීමට වටපිටාව සකස් කර ගන්නට තරම් මේ සුන්දර මිනිසා දක්වා තිබෙන කැපවීම හෙළිදරව් වෙද්දී ඉංග්‍රිසි දැණුම අඩු ක්‍රීඩකයන්ව ද අපහසුවට පත් කරමින් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අසන ඇතැම් ලාංකේය නිවේදකයන් ට ඉ‍ගෙන ගන්නට බුද්ධියක් තිබේනම් ග්‍රෙග් විශ්ව විද්‍යාලයකි.ලංකාවේ සාහිත්‍යධරයන් කලා කරුවන් සමග  එකම බෝඩිං කාමර වල කරක් ගැසූ ඇතැම්හූ සීගිරිය,දඹුල්ල පිළිබදව කියා ගන්නට නොහැකිව ලතවෙන විට ශ්‍රී ලංකා ක්‍රිකට්  ජාත්‍යන්තර වශයෙන් අපහසුවට ලක් වන තැන් හී විස්තර විචාරක කුටිය තුළ සිය ගැඹුරු හඩින් ලංකාවේ ගැලවුම්කරු වූ ටෝනි එවැනි අවස්ථාවල දී උපන් රට ගැන නොදන්නා පිරිසගේ ද ගැලවුම්කරු වෙනු අප දැක ඇත.
සනත් ජයසූරිය වැනි පිතිකරුවෙක් වීරයෙක් වීමට ඔහුගේ ජවසම්පන්න පහරවල් තරමටම තදින් ජව හදවත් තුළට වදින්නට ඔහු සම්බන්ධයෙන් ටෝනි පැවසූ වචන ද හේතු වූ බව අපි පිළිගත යුතු වන්නෙමු.ඒ නිසාම ලෝකය පුරා ජනප්‍රිය චරිතයක් බවට පත් වූ සනත් පාර්ලිමේන්තු මංත්‍රී පදවියක් දක්වා සිය ජනප්‍රියත්වය ඔසවා තැබීමෙන් ඉනික්බිති විස්තර විචාරක කුටියද ආක්‍රමණය කළේය.එහිදී ද විස්තර විචාරකයාගේ වගකීම් ක්‍රිකට් ඉක්මවා ගිය එකක් බව සනත්ට පැහැදිළි කළ ටෝනි, සනත් නොදත් සනත්ගේ රටේ ජාතික අනන්‍යතා පිළිබදව සනත් ට කියා දුන්නේය.
ඔහු ලංකාවේ ඉතිහාසයේ සිට වර්ථමානය පිළිබදව ඓතිහාසික මෙන්ම දේශපාලනික කියවීමක් ද ඇති පුද්ගලයෙකු ලෙස අපට අනන්‍ය වූ ඇවතුම් පැවතුම් පිළිබදව ද විශාල අවබෝධයක් ඇතිව කටයුතු කළ අයෙකි.ඔහුගේ ක්‍රීඩක අවධියේ ඇතැම් සිදුවීම් නිසා ඔහු කළු ජාතික විරෝධියෙකු ලෙස හංවඩු ගැසුණු අවස්ථා දැක තිබුණත් ක්‍රීඩක භූමිකාවෙන් නික්මීමෙන් ඉනික්බිතිව ඔහු කුඩා රටවල ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ගෙන ඒමට විශාල කැපවීමකින් සිය හඩ අවදි කළ ක්‍රීඩකයා විය.ශ්‍රී ලංකාවේ පමණක් නොව බංගලාදේශය වැනි රටවල ද ශකීබ් අල් හසන් වැනි ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයේ ඉදිරියට ගෙන ඒමට ටෝනි ගේ හඩට විශාල ශක්තියක් තිබිණ.
ක්‍රීඩක භූමිකාවන් විවිධ චරිත සදහා ජේදනය වෙනු දකිමින් සහ අනතුරුව ඒවා සිය න්‍යාය පත්‍රයන්ට අනුව මෙහෙයවන්නට වෙර දරා ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට යම් යම් හානි කරක අයුරුද අප කලින් කල දැක ඇත.නමුත් ටෝනි කිසි විටෙකත් එවැනි හානියක් නොකළ ලංකාවේ ක්‍රිකට් අභිවෘද්ධිය වෙනුවෙන්ම සිය කැපවීම ඇපවීම උපරිමයෙන්  කළ ටෝනි ඇතැම් විට ජන්මයෙන් ලාංකිකයන් වූ අයෙකුට වඩා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා‍ව වෙනුවෙන් සැබෑම ලාකේය ක්‍රිකට් ප්‍රේමියෙකි.ඒ ප්‍රේමය සදාකාලිකව ක්‍රිකට් පිටියේදී අපේ ඓතිහාසික ජයග්‍රහණ ස්මරණය කරමින් සිහිකරනු හැකි වුව ද යළිත් සජීවීව ඒ හඩ අපට අසන්නට වරම් නැත.ටෝනි නික්ම ගොස් ඇත්තේ නොඑන ගමණකටය.එහෙත් කාටවත් යා නොහැකි දුරක් ඔබ ලාංකේය ක්‍රිකට් ප්‍රේමීන්ගේ හෘදයාංගම බව තුළ ගොස් ඇත.එ හෘදයාංගම බව අසළට හෝ ඒමට හැකි අයෙක් දැනටනම් නැත.ඒ නිසා ඔබ සිටින විට දැණුනු පිරුනු බව බොහෝ කාලයක් අපට හිස් ව දැණෙනු ඇත.
ටෝනි!
 ඔබට දෙව් මව් තුරුළේ සැතපෙන්නට ප්‍රාර්ථනා කරන්නට හෝ නිවන් සුව පතන්නට හෝ පෙර ටෝනි ගේ උවමනාව ගුරු කොට ලාංකේය ක්‍රිකට් සම්බන්ධයෙන් මැදිහත්වීමේදී ඊට අවංකව ආදරයෙන් මැදිහත් වීම තුළින් ටෝනිට දැක්විය හැකි ගෞරවය පාරභෞතික ප්‍රාර්ථනාවන්ට වඩා ටෝනිට දැක්විය හැකි ‍ඉහළම ගෞරවය බව අපි විශ්වාස කරන්නෙමු!
www.supirikrida.com


Dec 29, 2012

ඇමෙරිකානු ක්‍රීඩා ඇකඩමි සම්මාන බෝල්ට් ට සහ සෙරීනා ට

මෙරිකා එක්සත් ජනපද ක්‍රීඩා ඇකඩමි සම්මාන උළෙලේදී වර්ෂයේ හොදම ක්‍රීඩකයා ලෙස කෙටි දුර ධාවන සූර උසෙයින් බෝල්ට් සහ හොදම ක්‍රීඩිකාව ලෙස සෙරීනා විලියම්ස් සම්මානනීය වීමට නියමිතය.
මෙම සම්මාන ප්‍රදානයේදී බෝල්ට් සදහා එම සම්මානය හිමි වීමට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දෙවතාවකදී මීටර් 100 සහ 200 ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් සහ දෙවතාවකදීම මීටර් 100 සහය දිවීමේ ජයග්‍රහණය ලබා ගැනීමට දායක වීමත් විශේෂ සැළකිල්ලකට ලක් කර ඇත.මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී බෝල්ට් මීටර් 100 ඉසව්වෙන් නව ඔලිම්පික් වාර්තාවක් තැබීමට සමත් වූ අතර මීටර් 100 සහය දිවීමේ තරගයේදි නව ලෝක වාර්තාවකට දායක වන්නට සමත් විය.
Serena Williams London 2012සෙරීනා විලියම්ස් ගේ සම්මානය සදහා ද ඔලිම්පික් උළෙලේ දක්ෂතා විශේෂයෙන්බල පා ඇත.ඇය එහිදී කේවල ටෙනිස් රන් පදක්කම මෙන්ම සිය සොහොයුරිය සමග එක්ව එම කාන්තා යුගල රන් පදක්කමද දිනා ගැනීමට සමත් විය.එසේම ඇයට සම්මානය පිරිනැමීම සදහා පසුගිය මාස 12 ක කාලය තුළ දැක් වූ දක්ෂතා සැළකිල්ලට ගැනිමේදී විම්බල්ඩන් ටෙනිස් කිරුළ සහ ඇමෙරිකා විවෘත ටෙනිස් ජයග්‍රහණයද සැළකිල්ලට ගෙන  ඇත.
පිරිමි අංශයේදී බෝල්ට් හා මෙම සම්මානය පිළිබදව සළකා බැලීමේදී දෙවන ස්ථානය හිමි වී ඇත්තේ මයිකල් පෙල්ප්ස් ට ය.පිහිණුම් ක්‍රීඩාවෙන් ඔහු විසින් පෙන්වන විස්මිත හැකියාවන් ඒ සදහා සැළකිල්ලට ගෙන ඇත.තෙවැන්නා වී ඇත්තේ ටෙනිස් සූර නොවැක් ඩිජොක්වික් ය.
සෙරීනා හා තරග වැද දෙවන ස්ථානයට පත් පිහිණුම් සූරී මිසී ෆ්‍රෑන්ක්ලීන් ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.එහදී තෙවැන්නිය ලෙස තේරී පත් වූයේ හිම මත ලිස්සා යාමේ ක්‍රීඩිකා ලින්ඩ්සේ වොන් ය.
www.supirikrida.com

ලංකාවට ලෙඩ්ඩු එක්ක පරාජය උරුම වුණ තරගයක්

Shaminda Eranga and Rangana Herath after Sri Lanka's defeatෂේන් වෝන් සහ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් තරගාවලියේ දෙවැන්න ඉණිමකින් සහ ලකුණු 201 කින් ජය ගත් ඕස්ට්‍රේලියාව තරගයේ පමණක් නොව තරගාවලියේද ජයග්‍රහණය හිමිකර ගත්තේ ශ්‍රී ලංකාවට ඉදිරි තරග වලදී සේවය ලබා ගැනීමට නොහැකි වන පරිදි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම රෝගින් බවට ද පත් කරමින්ය.වේග පන්දු යවන චානක වෙළගෙදර පමණක් පන්දු යැවීමේදී ආබාධයකට ගොදුරු වූ අතර කුමාර සංගක්කාර මෙන්ම ප්‍රසන්න ජයවර්ධන ද ආබාධ වලට ගොදුරු වූයේ ඕස්ට්‍රේලියානු වේග පන්දු ඉදිරියේය.
ශ්‍රී ලංකාවේ ටෙස්ට් ඉතිහාසයේ මුල් කාලයට පිවිසීමේදී වේග තණතිලි වල දැක් වූ පසුබෑම මෙම තරගාවලිය පුරාම දකින්නට ලැබෙන අතර මෑත කාලයේ එවැනි තණතිලි වලදී සහ වේග පන්දු වලට හොදින් මුහුණ දෙන පිතිකරුවෙකු ලෙස හදුනා ගෙන සිටින ලහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකයන් කෝටි ගණනක් වටින ලොගාඩ් ගේ වාර්තාවෙන් පවා කියවෙන තේරීම් කමිටුවේ දැණුවත් භාවයේ ආනුභාවයෙන් මෙම තරගාවලියට ඇතුළත් කර නැත.
ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම තරගයේදි හැසිරුන ආකාරය ඉතාමත් පහළ මට්ටමක පැවති අතර ඔවුන් මුළු තරගය පුරාම පන්දුවට පහර දී තිබුණේ පන්දු ඕවර් 68 ක් පමණි.දෙවන ඉණිම 25 වන පන්දු ඕවරයේ දෙවන පන්දුවෙන් අවසන් වන අතර සංගක්කාර ආබාධයකට ලක් ව පිටියෙන් ඉවත්වීම සහ ප්‍රසන්න ජයවර්ධන සහ චානක වෙළගෙදර ආබාධ හේතුවෙන් පහර දීමට නොපැමිණිම ද ශ්‍රී ලංකාවේ පරාජයේ පරිමාව තව දුරටත් පුළුල් කළේය.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමු තරගයේදී ක්‍රීඩා නොකළ මිචෙල් ජොන්සන් මෙල්බර්න් තණතිල්ලේ පන්දු යැවීම සදහා කැදවා තිබුණු අතර ඒ කැදවීම නිවැරදි බව සනාත කරමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක් වූ මිචෙල් ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ පුරෝගාමියා වෙමින් තරගයේ වීරයා බවට ද පත් විය.ඉදිරි තරගය වඩාත් අසීරුතාවයකට ලක් කරන තරගයක් බවට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුළු රකින්නා ප්‍රසන්න මෙන්ම ප්‍රධානතම වේග පන්දු යවන්නා ලෙස කැපී පෙණුන චානක වෙළගෙදර ද ,වේග පන්දුවට මුහුණ දෙන සාර්ථකම ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස සැළකෙන කුමාර සංගක්කාර ද  මේ වන විට කණ්ඩායමෙන් ඉවත් වී ඇත.ඊට ආදේශක ලෙස යොදා ගන්නේ කවුරුන් ද යන්න සෙවිම මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන ජයග්‍රහණ සදහා හේතු වූ රංගන හේරත්ගේ දග පන්දුව ඕස්ට්‍රේලියානු තණතිල්ලෙන් ප්‍රයෝජනයට ගත හැකි මට්ටමකට පත් වීමට තරගයේ දෙවන ඉණිම තෙක් පසු බසින්නට වීම ද තෙවන තරගයේදී සැළකිල්ලට ගැනිමට සිදු ව ඇත.
එසේම පරාජිත මෙම තරගයේ පරාජයේ ප්‍රමාණය පුළුල් කිරීමට මූලික වශයෙන්ම බල පෑ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම පිළිබදවද තෙවන තරගයේදී විශේෂ අවධානයකින් සළකා බැලිය යුතුව ඇත.පරාජයේ අමිහිර මෙන්ම ඉදිරි පැවත්ම සදහා බල පෑ ආබාධ සහිත ක්‍රීඩකයන්ද තුරුළු කර ගනිමින් මේ වන විටත් තරගාවලිය පරාජය වී සිටින ශ්‍රී ලංකාව මෙම ටෙස්ට් තරගයේ ලද පරාජය ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක දී ලද විශාලතම පරාජයන් අතර තෙවන තැනට පත් වෙයි.
පහත දැක්වෙන්නේ තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසෙන සබදතාවය වේ.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573012.html

www.supirikrida.com


Dec 28, 2012

කැන්ගරුවන් සිංහයන්ව මදුරුවන් ගානට තලා දමයි

 ශ්‍රී ලංකාවේ දුර්වල පිතිකරණය යළිත් විදහා පාමින් ඕස්ට්‍රේලියාව සමග පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයේ දිවා භෝජනය වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 43 ක් ලබා ශ්‍රී ලංකාව ඉනිමක පරාජයක් වෙත ඇදෙමින් සිටියි.පළමු ඉණිමට ශ්‍රී ලංකාවේ ලකුණු 156 වෙනුවට ලකුණු 460 ක් ලබා ගත් ඕසට්‍රේලියාව ප්‍රථම ඉණිමේ වාසිය ලකුණු 304 ක් බවට පත් කර ගත්තා.පස්වන කඩුල්ලට ලකුණු 196 ක සබදතාවයක් පැවත් වූ නායක මයිකල් ක්ලාක් (106) සහ ෂේන් වොට්සන්(83) ගෙන් පසුව මිචෙල් ජොන්සන් ලකුණු 92 ක් නොදැවී ලබා ගනිමින් පසුපෙළ ශක්තිමත් කළා.
Mitchell Johnson drives down the groundකඩුලු ලබා ගැනීමේදී ශ්‍රී ලංකාවේ දග පන්දු තුරුම්පුව යළිත් අසරණ වූ අතර රංගන හේරත් ඉදිරියේ එක කඩුල්ලක් හෝ දැවී ගියේ නැහැ.ශ්‍රී ලංකාවේ දග පන්දු යැවීමට හිමි වූ එකම කඩුල්ල ඩිල්ෂාන්ට හිමි වූ අතර ධම්මික ප්‍රසාද් 106 / 3 ක් සහ සමින්ද එරංග 109 / 3 ක් දවා ගනිමින් කැපී පෙනෙද්දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වේග පන්දු අභියෝගය වන චානක වෙළගෙදර ආබාධ තත්ත්වය මත පන්දු යැවීමෙන් වැළකී සිටිනවා.
මේ නිසා ලකුණු 304 ක් හඹා ගොස් ඉණිමක පරාජයෙන් ගැලවෙන්නට උත්සාහ කරන ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ කඩුලු 4 ක් පමණයි.ආබාධ නිසා ප්‍රසන්න ජයවර්ධන සහ චානක වෙළගෙදරත් පන්දුවට පහර දිමට හැකි තත්ත්වයක නැහැ.ඒ නිසා දිවා භෝජනය වන විට තවත් දින දෙක හමාරක් ඉතිරිව ඇති මෙම තරගයේදී ඉණිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවීම වළකා ගනිමින් ලකුණු 261 ක් රැස් කර යුතුයි.
ලකුණු 3 ට කඩුලු 3 ක් අහිමි කර ගනිමින් (ඩිල්ෂාන් - 0,මහේල - 0 සහ දිමුත් කරුණාරත්න -1) ඉණිම ඇරඹු ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට ඉණිම බේරා ගැනීම සදහා ඉතිරිව ඇති එකම විශ්වාසවන්ත පිතිකරුවන් දෙදෙනා වන සංගක්කාර නොදැවී 22 ක් සහ මැතිව්ස් නොදැවී 17 ක් ලබා ගෙන සිටිනවා.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකියි.

සෝචි ගැන වහාම සොයා බලන්න - පුටින් අණ කරයි

Vladimir Putin in ski gear
පුටින් ගේ වහා මැදිහත් වීම (දකුණේ)
ළැඹෙන සීත සෘතු ඔලිම්පික් උළෙල 2014 දී පැවත්වෙන රුසියාවේ සෝචි නගරය ආසන්නයේ ඊයේ දෙවන වරටත් භූමි කම්පාවක් ඇති වූ අතර එය ඊට පෙර සිදු වූ ක්‍රඩා භූමි කම්පාවට වඩා විශාලත්වයෙන් වැඩි එකක් විය.එය සැළ වූ වහාම පුටින් අදාළ ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් හදිසි අවස්ථා පිළිබද කටයුතු ඇමති ඉරිනා ගොගොලේවා ට අණ කළේ ඔලිම්පික් තරගාවලිය පැවත්වීමට ඇති බිම පිළිබදව වහාම සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසයි.
ගොගොලේවා කරුණු දක්වමින් ප්‍රදේශයේ ඉදි කළ පාලම් මෙන්ම විදුලි සැපයුම් මාර්ග වලට ද මෙයින් කිසිදු හානියක් සිදු වී නැති බව සිය අමාත්‍යංශ සේවකයන්ගේ තොරතොරු හුවා දක්වමින් පැවසුව ද,ජනාධිපති පුටින් ප්‍රකාශ කළේ,විශේෂ අවධානය යොමු කර මේ තත්ත්වය පිළිබදව සියළුම තොරතොරු ඇතුළත් වාර්තාවක් ලබා දෙන ලෙසයි.දෙසැම්බර් 23 දා මෙන්ම ඊයේ ද මේ ප්‍රදේශයේ භු කම්පා ඇති වීම නිසා සෝචි ඉදිකිරිම් වල ස්ථාවරත්වය පිළිබදව ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වසනීය සහතිකයක් ලබා නොදුන්නොත් තරගාවලියේ සහභාගීත්වය අඩු විය හැකි අවධානමක් පවතින අතර ඒ නිසා තත්ත්වය පිළිබදව නිවැරදි වාර්තාවක් ලබා දීම අනිවාර්යය වන්නේය.
www.supirikrida.com

රණබිමෙන් ජපන්නුන්ට අන්දයි

ශ්‍රී ලංකාවට දකුණු ආසියාවේ ප්‍රථම බේස්බෝල් ක්‍රීඩාංගණය පරිත්‍යාග කරමින් සහ ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කරමින් සිටි ජපන් කනගාවා කණ්ඩායම ඇතුළු එරට බේස්බෝල් බේස්බෝල් ප්‍රේමීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් තිළිණ ලෙස ටී ෂර්ට් ප්‍රදානයක් කරන්නට මහනුවර රණබිම රාජකීය විද්‍යාලය විසින් පියවර ගෙන තිබීම ඇගයීමට ලක් විය යුතු කරුණකි.ක්‍රීඩාංගණය විවෘත කිරීම නිමිති කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන තරග කිහිපයකට සහභාගි වීමට සහ පුහුණු කදවුරු කිහිපයක් පැවත්වීම වෙනුවෙන් පැමිණි කනගාවා උසස් පාසල් ඇකඩමි බේස්බෝල් කණ්ඩායම සහ ජපන් දූත පිරිස ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විශාල පරිත්‍යාගයක් කරද්දී මේ ආකාරයේ සමරු තිළිණයක් හෝ ලබා දීමට කටයුතු කිරීම වැදගත් සහ අගය කළ යුතු තත්ත්වයකි.
කෙසේ හෝ රණබිම පිටියේ සූදානම් කර තිබූ මහනුවර තරුණ කණ්ඩායම සහ කනගාවා කණ්ඩායම අතර තරගය වර්ෂාවට සේදී ගිය අතර ඔවුන් විසින් පවත්වන්නට යෙදුණු පුහුණු කදවුර පැවත් වූයේද රණබිම පිටිය සහ එම විද්‍යාලීය කායවර්ධන සහ ශක්තිවර්ධන ශාලාව ද ප්‍රයෝජනයට ගනිමින්ය.එම අවස්ථාවට මහනුවර ප්‍රදේශයේ බේස්බෝල් ක්‍රීඩාව පවතින ත්‍රිත්ව,සිල්වෙස්තර්,රණබිම රාජකීය,කිංස්වු2ඩ් සහ ධර්මරාජ විද්‍යාල වලට සම්බන්ධ 75 දෙනෙකු පමණ සහභාගි වූ අතර ඔවුන් අතර බෙදා දුන් ක්‍රීඩා භාණ්ඩ ද ඒ මොහොතේම සියළු දෙනා අතර බෙදා දෙන ලදී.
එසේම ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාංගණය යථාර්තයක් කිරීම සදහා ඇප කැප වී ක්‍රියා කළ වත්මන් ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් පුහුණුකරු වටනබේ වෙනුවෙන් සමරු තිළිනයක් ප්‍රදානය කිරීමද එදින සිදු වූ අතර ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම අවස්ථාවයි.
www.supirikrida.com

Dec 27, 2012

ශ්‍රී ලංකාව තවත් පරාජයක් අභියස

Michael Clarke drivesයිකල් ක්ලාක් ගේ නායකත්වය ඉදිරියේ වාර්තාගත ජයග්‍රහණයක් මෙන්ම වසරක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා වීමේ අවස්ථාවත් මයිකල් ක්ලාක්ට හිමි කර දෙමින් මෙල්බෝර්න් නුවර ක්‍රියාත්මක දෙවන ටෙස්ට් තරගයෙන්ද ශ්‍රී ලංකාවට පරාජය වන්නට සිදුවනු ඇති බවට මේ වන පෙර නිමිති පහළ වෙමින් ඇත.ඕස්ට්‍රේලියානු වේගය ඉදිරියේ බිද වැටුණු මානසිකත්වයෙන් තරග වැදි ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුළු පූජා කරමින් ලකුණු 156 ට දැවී ගිය පසු පිටියට  පැමිණි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් ලකුණු 95 ක සබදතාවයක් පවත්වමින් හොද ආරම්භයක් ලබා දුනි.
නමුත් ලකුණු 117 වන විට ශ්‍රී ලංකාව තරගයට ප්‍රවේශ වෙමින් කඩුලු 3 ක් දවා ගත්තද ඉන් අනතුරුව පිටියට එකතු වූ මයිකල් ක්ලාක් සහ ෂේන් වොට්සන් දෙදෙන දෙවන දින දිවා භෝජනය වන විට ඕසට්‍රේලියානු ලකුණු පූවරුව ලකුණු 238 දක්වා රැගෙන ආවේ ශ්‍රී ලංකා පන්දු රකින්නන් විසින් දවා ගැනිමට තිබූ අවස්ථා දෙකක් මග හැරීමේ ආශිර්වාදය ද සමගය.සංගක්කාර සහ මහේල අතින් ගිලිහී ගිය එම අවස්තා දෙකේ වාසිය මැනවින් යොදා ගත් ක්ලාක් (56*) සහ වොට්සන් (60*) නොදැවී අර්ධ ශතක ලබා ගැනිමට සමත් වූ අතර ශ්‍රී ලංකාවට තවත් පීඩනයක් එල්ල කරමින් චානක වෙළගෙදරගේ සේවය ද අහිමි වී ගියේ ඔහු ව ආබාධයකට ලක් කරමින්ය.
මයිකල් ක්ලාක්, රිකී පොන්ටින් වසරක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණය වන 1544 තරග 15 දී ඉණිම 28 දී වාර්තා කර තිබුණු අතර ක්ලාක් මේ වසරේ තමා මුහුණ දෙන 11 වන තරගයේ 18 වන ඉණිමේ දී එම ලකුණු ප්‍රමාණය අභිබවා යාමේ භාග්‍යය උදා කර ගත්තේ මේ වසරේ ඔහුගේ ටෙස්ට් ඉණිමක සාමාන්‍ය ලකුණු ලබා ගැනීම 100 ට ඉහළින් තබා ගනිමින්ය.
ශ්‍රී ලංකාව ට ජය ගැනීමට අසීරු තරගයක් මෙන්ම පරාජය නොවී සිටීමට අසීරු තරගයක් බවට පෙරළෙමින් තිබෙන මෙම තරගයේදී අමතර පීඩනයක් එල්ල වෙමින් චානක වෙළගෙදර සහ ප්‍රසන්න ජයවර්ධන ආබාධ වලට ලක් වී තිබීම නිසා දෙවන ඉණිමේදී බොහෝ විට කඩුලු 8 ක් අතැතිව පන්දුවට පහර දීමට විය හැකි තත්ත්වයට පත් වී ඇත.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573012.html

www.supirikrida.com

අයර්ලන්තයේ ක්‍රීඩා රැජිණ සම්මානය බොක්සිං තරුව 'කැතී' ට


Katie Taylor with Irish flag after winning London 2012 medalදෙසැම්බර් 25 වන දා නත්තල් රාත්‍රිය ආලෝකමත් කරමින් අයර්ලන්ත ක්‍රීඩා කවුන්සිලය විසින් සංවිධානය කරන්නට යෙදුණ ක්‍රීඩා තරු ඇගයීමේ සම්මාන උළෙලේ දී ‍ලොව ප්‍රථම කාන්තා ලයිට්වේග්ට් බොක්සිං ඔලිම්පික් රන් පදක්කම්ලාභිණිය වූ කැතී ටේලර් වසරේ දක්ෂතම අයිරිස් ක්‍රීඩිකාව ලෙස සම්මානනීය වූවා ය.ඇය 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රුසියාවේ සොෆ්යා ඔචිගාවා පරාජය කරමින් ලකුණු 10 - 8 ක් ලෙස එම ඓතිහාසික රන් පදක්කමේ උරුමක්කාරිය වූවාය.
ලොව සිටින සුපිරිතම බොක්සිං ක්‍රීඩිකාවක ලෙස පතල කැතී ටේලර් සිව් වරක් ලයිට්වේග්ට් බර පංතියේ ලෝක සූරිය මෙන්ම පස් වරක් යුරෝපීය සූරිය ලෙස කිරුළු පැළදි ක්‍රීඩිකාවකි.තවමත්  26 හැවිරිදි කැතී ඉදිරියේදී බොක්සිං කවය තුළ තවත් බොහෝ වෙනස්කම් කළ හැකි ක්‍රීඩිකාවක් ලෙස ‍ජගත් බොක්සිං විචාරකයන්ගෙන් පැසසුම් ලබන ක්‍රීඩිකාවකි.
www.supirikrida.com

සුපිරි ක්‍රීඩා බේස්බෝල් අනාවැකිය ගාල්ලේදී තහවුරු වෙයි

පන් ආධාර ඇතිව ශ්‍රී ලංකාවට ලැබුණු බේස්බෝල් ක්‍රීඩාංගණය විවෘත කරමින් එම ක්‍රීඩාංගණය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ බේස්බෝල් තරග ආශ්‍රිතව සුපිරික්‍රීඩා දැක් වූ අදහස් සනාත කරමින් ජපාන කනගාවා උසස් පාසල් ඇකඩමි කණ්ඩායම දැඩි අසීරුතාවයකට ලක් කළ ගාලු තරුණ ක්‍රීඩකයෝ එම කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් ලකුණු 6 - 7 ක් ලෙස පරාජය වැළද ගත්හ.ක්‍රීඩාංගණය විවෘත කරමින් පැවති තරගයේදී ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම ජපන් කනගාවා කණ්ඩායම අතින් ලකුණු 3 - 0 ක් ලෙස පරාජයට පත් වූ අතර අනතුරුව සභාපතිගේ කණ්ඩායම ලෙස තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 11 - 4 ක පරාජයක් ලැබීය.අනතුරුව බේස්බෝල් පරිපාලනය ගත් දුර්වලම තීරණයේ වර්ගපලය ප්‍රදර්ශනය කරමින් අවුරුදු 19 න් පහළ සූරයන් ලෙස සළකා නාලන්දාවට පමණක් ලබා දුන් අවස්ථාවේ ප්‍රතිපලය නිමාවට පත් වූයේ ලකුණු 28 - 1 ක් ලෙස අන්ත පරාජයක් ශ්‍රී ලංකා බේස්බෝලයට අත් කර දෙමින්ය.
එහිදී සුපිරි ක්‍රීඩා අදහස් කිහිපයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ කාලයකින් අලුත් තේරීමක් සිදු නොවී තිබෙන ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමේ වෙනසක් සිදු වී තරුණ පිරිසට කණ්ඩායමට ඒමට අවස්ථාවක් තිබිය යුතු බවය.එසේම නාලන්දාව වැනි ශ්‍රී ලංකාවේ අවුරුදු 19 න් පහළ කණ්ඩායමක් එම වයසේ ජාතික සූරතාවය දිනූ පමණින් උසස් බේස්බෝල් සංස්කෘතියක් ඇති රටක කණ්ඩායමකට එරෙහිව ඉදිරිපත් නොකර දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට තිබුණු බවද අප පැහැදිළි කළේය.ඒ හරහා ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාවේ ගෞරවය ආරක්ෂා කර ගන්නට තිබුණු බවද පැහැදිළි කළේය.
ගාල්ලේදී ඒ බව අපූරුවට සාක්ෂි සහිතව සනාත විය.ගාල්ලේදී ලැබුණු අවස්ථාව පාසලක් විසින් අයිති කර ගත්තේ නැත.එය එහි ප්‍රධාන වශයෙන් බේස්බෝල් ක්‍රීඩා කරන පාසල් ත්‍රිත්වය වන ගාල්ල සිරිධම්ම,රිච්මන්ඩ් සහ මහින්ද යන පාසල් ත්‍රිත්වයේ දක්ෂයන්ට හිමි වී තිබිණ.එම ත්‍රිත්වයෙන් පෙරී ආ ස්ප්‍රීතුවක් වූ ගාල්ල කණ්ඩායමට ඇතුළත් වූයේද තාරුණ්‍ය නියෝජනය කරන අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයන්ය.
මේ තත්ත්වය කොළඹදී ද සිදු වූවා නම් ගාල්ලේදී වූ දෙයම නොවුනද යම් අභියෝගයක් එල්ල කරන්නට තිබිණ.එසේම එක පාසලක ක්‍රීඩකයන්ට අත් වූ අවස්ථාව කොළම බේස්බෝල් ක්‍රීඩා කරන පාසල් වන කොළඹ ආනන්ද,ඩීඑස් සේනානායක,රාජකීය වැනි විද්‍යාල අතර බෙදී යන්නට ද කොළඹ පාසල් අතර සිටින දක්ෂතම තරුණ ක්‍රීඩක කණ්ඩායමට එම අවස්ථාව හිමි වීමට ද තිබිණ.
ඒ නිසා සුපිරික්‍රීඩා මෙම තරගාවලිය හරහා කළ අදහස් ඉදිරිපත් කිරීම පැහැදිළිය.ජපානය වැනි කණ්ඩායමකට මුහුණ දීමට  දක්ෂයන්ගේ එකතුවක් ඉදිරිපත් කළ යුතුව තිබිණ.එසේම ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට ප්‍රවේශ වීම සදහා තරුණයන් විසින් කරන පීඩනයට අවනතව වහාම සංචිත ගත කිරීමක් සහ තේරීමක් සිදු විය යුතුය.
මේ තත්ත්වය පැහැදිළි කළ ගාලු තරගයේදී ගාල්ල කණ්ඩායමට ඇතුළත් වූ මහින්ද විද්‍යාලයේ කසුන් කුමාර ජපන් කණ්ඩායමේ 'පිචර්' ලෙස කටයුතු කළ සයිතෝ ව අභියෝගයට ලක් කරමින් එල්ල කළ හෝම් හිට් ප්‍රහාරය මෙන්ම,ජපන් කණ්ඩායමේ තවත් 'පිචර්' වරයෙකු ලෙස ක්‍රියා කළ මියෙදා ට එරෙහිව ගාල්ල රිච්මන්ඩ් විද්‍යලයෙන් ගාලු කණ්ඩායමට එකතු වූ කාවින්ද රාජරත්න එල්ල කළ හෝම් හිට් පහර ද විෂේශ තැනක් ගත්තේය.
එම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කයේ සියළුම පිරිස් කැදවා ජපානයෙන් ලැබුණු ආධාර එම අවස්ථාවේදීම බෙදා අවසන් කරන්නට කටයුතු සකස් කර තිබීම අගය කළ යුතු අතර එසේම පවත්වන්නට යෙදුණ පුහුණු කදවුරට ගාල්ල ප්‍රදේශයේ 50 ක් පමණ සහභාගි වීම ද කැපී පෙණින.තරගය සහ පුහුණු කදවුර රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ක්‍රීඩාංගණයේදී පැවත්විණ.
www.supirikrida.com

Dec 26, 2012

නැට්ට ලී දෙබලේ දා ගෙන කූඤ්ඤය ගලවන වදුරාගේ භූමිකාවට රග දක්වන ක්‍රිකට් ආයතනය

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලිය පැවත්වෙන අතර ශ්‍රී ලංකා නායකයාගෙන් සහ කණ්ඩායම් කළමණාකරුගෙන් නිදහසට කරුණු විමසන බවට ප්‍රකාශ කරමින් පරිපාලනයක් විසින් රට වෙනුවෙන් තරග වදින කණ්ඩායමකට පීඩනයක් ඇති කිරීමේ මුග්ධ තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.ඊට හේතුව ලෙස ක්‍රිකට් ආයතනය විශ්වාස කළ නොහැකි ආයතනයක් බවට මහේල ජයවර්ධන විසින් ක්‍රිකට් ආයතනයට එවා ඇති ලිපිය යි.
මහේලගේ එම ලිපියට පදනම වූයේ ක්‍රීඩකයන්ට ලෝක කුසලානය වෙනුවෙන් හිමි විය යුතු මුදලින් කණ්ඩායමට සේවය ලබා දීමේ ප්‍රමාණය සළකා සහය සේවකයන්ට ක්‍රීඩකයන්ට හිමි වරප්‍රසාද මුදලින් යම් මුදලක් ගෙවන ලෙස මහේල විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා එවූ ලිපිය පිළිබද තොරතොරු ක්‍රිකට් ආයතනය හරහා මාධ්‍යයට එළිදරව් වීමයි.එම හෙළිදරව් වීම පිළිබදව පරීක්ෂණයක් කිරීම වෙනුවට සහ එවැනි පෞද්ගලික කරුණක් හෙළිදරව් වීම පිළිබද පරීක්ෂණයක් නොකර ඒ නිසා සිදු වූ විශ්වාසය බිද වැටීම පදනම් කරගෙන ආයතනය අවිශ්වාස තැනක් බවට ප්‍රකාශ කිරිම පිළිබදව  පරීක්ෂණයක් පවත්වන්න යාමෙන් තීරනාත්මක තරගාවලියකට සහභාගි වී සිටින කණ්ඩායම තුළ පීඩනයක් ඇති කිරීමට ක්‍රිකට් ආයතනය උත්සාහ කිරීමෙන් රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔවුන් දක්වන උනන්දුව පැහැදිළි කර ගැනීමට හැකිය.
මහේල සිය කණ්ඩායම් කළමණාකරුගේ විද්‍යුත් ලිපිනය හරහා ගණු - දෙනු කරමින් මෙම ලිපිය යොමු කර ඇති අතර ක්‍රීඩකයෙකු සාමාන්‍යයෙන් සිය පරිපාලනයට යම් දැණුම් දීමක් කළ යුතු විට කළමණාකරු හරහා දැණුම් දීම සාමාන්‍ය පරිපාටිය වෙනවා.ඒ ආකාරයට කටයුතු කිරීම නිසා  ක්‍රිකට් ආයතනය විසින් පවත්වන්නට යෙදෙන විනය පරීක්ෂණයේ දී කළමණාකරු චරිත් සේනානායක ද චූදිතයෙකු කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබීම හාස්‍යජනක එකක් වෙනවා.
තමන් විසින් කරන ලද විශ්වාසය බිද දැමීමක් පිළිබදව තමන්ට දෝෂාරෝපනය කිරීම පිළිබදව, තමන්ගේ වරද නොතකා ඊට දෝෂාරෝපනය කරන පුද්ගලයා වරදකරු කිරිමට තැත් කිරීමේ කැකිල්ලේ තීන්දුව ජාත්‍යන්තරය ඉදිරියේ රග දක්වන්නට උත්සාහ කරන ශ්‍රී ලංකා ක්‍රිකට්,ජාත්‍යන්තර තරගාවලියක් තුළ මෙවැනි ක්‍රියාවන්ගෙන් තමන් පරිපාලනය කරන ක්‍රීඩාවම විනාශ වන බව නොදැන කටයුතු කරන්නේ,නැට්ට දෙබලේ දමා ගෙන කූඤ්ඤය ගලවන වදුරාගේ භූමිකාව සිහියට නගමින්ය.
www.supirikrida.com

සංගා ට 10000 යි

Kumar Sangakkara at a training sessionශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ටෙස්ට් ලකුණු 10,000 සීමාවට පිවිසි දෙවන ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට අද පත් වුණා.මීට පෙර මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10.000 සිමාවට පැමිණි අතර අද ඔහු වැඩිම ටෙස්ට් ලකුණු ලාභින් අතර නව වන තැන පසුවන අතර සංගක්කාර ලොව 11 වැන්නා ලෙස පසු වෙනවා.
සිය 115 වන ටෙස්ට් තරගයට සහභාගි වන කුමාර් සංගක්කාර ලකුණු 10,000 සීමාවට පිවිසුණේ සිය 195 වන ටෙස්ට් ඉණිමේදීයි.බොක්සිං දිනයේදී ක්‍රියාත්මක වන මෙම ටෙස්ට් තරගයේදී දිවා භෝජනයට පෙර මිචෙල් ජොන්සන් විසින් යවන්නට යෙදුණ අවසන් ඕවරයේදී එල්ල කළ හතරේ පහරකින් සංගක්කාර සිය 10,000 වන ලකුණ ලබා ගන්නට සමත් වුණා.
ලකුණු 10000 සීමාවට පිවිසි ක්‍රීඩකයන් අතරින් හොදම ටෙස්ට් සාමාන්‍ය අතින් ජැක් කලිස් ට පමණක් දෙවැනිව සිටින සංගක්කාර,එම ක්‍රීඩකයන්ගේ හොදම පෞද්ගලික ඉණිම සළකා බලද්දී දෙවැනි වන්නේ බ්‍රයන් ලාරා (නොදැවී 400) සහ මහේල ජයවර්ධනට (374) පමණයි.සංගක්කාරගේ හොදම ඉණිම ලකුණු දකුණු අප්‍රිකාවට එරෙහිව රැස් කළ ලකුණු 287 ක් ලෙස සටහන් වෙනවා.වසර දෙකක්ම ලොව ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා වන්නට සමත් වූ සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් ප්‍රජාවගේ ඉමහත් ගෞරවයට පත් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් එක් කර දුන් ක්‍රීඩකයෙක් ද වනවා.
www.supirikrida.com

බොක්සිං දිනයේ කාසියේ වාසිය මහේලට


ස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර බොක්සිං දිනය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට මහේල ජයවර්ධන සමත් වුව ද,ඔහු මුලින් පන්දුවට පහර දීමට ගත් තීරනයේ වාසිය ලබා ගැනීමට දිවා භෝජනය වන තෙක් ශ්‍රී ලංකාවට හැකි වී තිබුණේ නැත.එම අවාසිදායක තත්ත්වයට මුල පුරමින් මෙම ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ ජැක්සන් බ්ර්ඩ් සිය මංගල කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමත් සමග තරගයේ මුල් කාර්තුවේ වාසිය ඕස්ට්‍රේලියාව දෙසට දෝලනය වන්නට විය.


Jackson Bird celebrates his first Test wicket
බ්ර්ඩ් - මංගල ටෙස්ට් කඩුල්ලේ සතුට
අනතුරුව පළමු ටෙස්ට් තරගයට කැදවිම් නොලද මිචෙල් ජොන්සන් ටීඑම් ඩිල්ෂාන් ව දවා ගනිමින් ද,අනතුරුව පළමු ටෙස්ට් තරගයේ වීරයා වූ පීටර් සීඩ්ල් මහේල ජයවර්ධන දවා ගනිමින් ද ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 37 ට කඩුලු 3 ක් බවට පත් කරන්නට  සමත් විය.එතැන් සිට ශ්‍රී ලංකාවේ කඩුලු බිද වැටීම ආරක්ෂා කරමින් පන්දුවට පහර දුන් කුමාර් සංගක්කාර දිවා භෝජනය වන විට නොදැවී 43 ක් ලබා සිටි අතර තිලාන් සමරවීර නොදැවී ලබා සිටි ලකුණු ප්‍රමාණය 10 කි.
අද ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නුවන් කුලසේකර ක්‍රීඩා  නොකරන අතර එම ස්ථානය ධම්මික ප්‍රසාද් ට හිමි වී ඇත.ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයේ  පැවති මයිකල් ක්ලාක් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු තරගයේ දකින්නට නොලැබුණු මිචෙල් ක්ලාක් සහ කෝඩුකාර ජැක්සන් බ්ර්ඩ්  ක්‍රීඩා කරනු ලැබේ.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසෙන්න.

දියගමට ජපන් බේස්බෝල් සත්කාරයේ උණුසුම දැණුනු තවත් දවසක්

සුහද තරගයෙන්
පන් ආධාරයෙන් දකුණු ආසියාවේ ප්‍රථම බේස්බෝල් ක්‍රීඩාංගණයේ උරුමක්කාරයන් වන්නට භාග්‍යවන්ත වූ ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් තවත් සත්කාරයන් රැසක් සිදු වූ වැඩසටහන් කිහිපයක් එම දියගම මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩා සංකීරණයේ පිහිටි බේස්බෝල් පිටියේදී සිදු වුණා.එහිදී උදෑසනම ශ්‍රී ලංකා බේස්බෝල් සාමාජිකයන් සහ ජපන් සාමාජිකයන් එකට එක්ව මිත්‍ර බේස්බොල් තරග කිහිපයක නියැලි අතර අනතුරුව අවුරුදු 15 න් පහළ පාසල් සිසුන් වෙනුවෙන් බේස්බෝල් ක්‍රීඩාවේ මූලික දැණුම ලබා දෙන පුහුණු වැඩ සටහනක් සංවිධානය වුණා.
තරුණියන්ටත් මූලික දැණුම

ජාත්‍යන්තර විනිසුරු මඩුල්ල -වමේ සිට සුජීව විජේනායක,කොජියසෝ සහ පිරිස 

අනතුරුව පස්වරුවේ ජපාන අන්තර්ජාතික විනිසුරු සහ එරට බේස්බෝල් නීති සහ රෙගුලාසි සම්පාදන කමිටු සභාපති කොජියසෝගේ ප්‍රධානත්වයෙන් එරටින් සහභාගි වූ ඒ පිළිබද විශේෂ දැණුම සහිත පිරිසක් සහ ශ්‍රී ලංකාවේ එකම අන්තර්ජාතික විනිසුරු වන සුජීව විජේනායක සහභාගිත්වයෙන් විනිසුරුවන් පුහුණු කිරීමේ වැඩ මුළුවක් ක්‍රියාත්මක වුණා.එම පුහුණු වැඩ මුළුව අවසානයේ කොජියසෝ ගේ අත්සන ද සහිතව වටිනා සහභාගීත්ව සහතිකයක් එම වැඩමුළුවට සහභාගි වූ සියළු දෙනාටම පිරිනැමුණු අතර ජපානයෙන් ලැබුණු ක්‍රීඩා උපකරණ තොගයක් ජාතික කණ්ඩායමේ සහ අවුරුදු 18 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩකයන් අතර බෙදා දිම සිදු කරන්නට යෙදුණා.

විනිසුරු වැඩ මුළුවෙන්
සහතිකපත් බෙදා දීමේ උත්සවයෙන්
මේ අතර ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික් ආශ්‍රිතව ඉදිරියේදී පැවත්වෙන මෙවැනි වැඩමුළු සහ සුහද බේස්බෝල් තරගාශ්‍රිතව එම දිස්ත්‍රික්කයන්හී සිටින ජාතික කණ්ඩායම සහ අවුරුදු 18 න් පහළ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතර ද මෙවැනිම ජපන් ආදාර සහිතව උපකරණ බෙදාදීමක් සිදු වන බව බේස්බෝල් සංගමයේ සංවිධායක දිනේෂ් පෙරේරා ප්‍රකාශ කර සිටියා.
ඡායාරූප - එස් සුන්දර්රාජ්
www.supirikrida.com

Dec 25, 2012

බේස්බෝල් අලුත් හිතීමක අවශ්‍යතාවය තහවුරු වෙයි

භාපතිවරයෙකු නොමැති බව ජනමාධ්‍ය මගින් ප්‍රකාශ කරන අතරේම ඊයේ සභාපතිවරයාගේ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා සංචිතයේ නායකයා විතරක් අඩුවෙන් ජපාන කනගාවා කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 11 - 4 ක පරාජයක් ලැබීය.කනගාවා රැස් කරන ලද එම ලකුණු ප්‍රමාණය ක්‍රීඩා පිටිය විවෘත කරමින් ශ්‍රී ලංකා තරුණ කණ්ඩායමට එරෙහිව ලැබූ ලකුණු 3 ට වඩා ලකුණු 8 ක් රැස් කිරීමක්ය.
එම තරගය සජීවි ව විද ගත් ඕනෑම අයෙකු තරගය නිම වන තෙක් කනගාවා ක්‍රීඩකයෝ තැති ගැන්මකින් ක්‍රීඩා කළ බව දුටූහ.ඒ නිසා පීඩනය ලකුණු 11 ක් තරම් දුර යෑමේදි මදක් හෝ සැහැල්ලු විය හැකි වුව ද,ලකුණු 3 සීමාවේදි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉදිරියේ කනගාවා කණ්ඩායමට සැහැල්ලු විමට කිසිදු අවකාශයක් නොවිණ.
ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම සහ කනගාවා කණ්ඩායම
විශේෂයෙන් ශ්‍රී ලංකා නායක ක්‍රිෂ්න හපුආරච්චි සහ 2009 දී අවුරුදු 18 න් පහළ ආසියාවේ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස පවා අභිෂේක ලැබූ මධුරංග ප්‍රියනාත් දැනටමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අතර ඒ අතරට ඉතා ඉක්මණින් ජෙරුසනා සුබ්‍රමනියම්,රශ්මික විජයංග සහ ඉෂාර තෙන්නකෝන් ද එක් විය යුතු බව කණිෂ්ඨ ක්‍රීඩක දක්ෂතා විමසද්දී පැහැදිළි විය.මේ පිළිබදව විමසා බලද්දී කණ්ඩායම අලුත් වීමට අලුත් තේරීමකට මේ වන විට පියවර ගෙන නොමැති වීමේ අඩුව ඊට හේතුව විය හැකි බව පෙනෙන්නට තිබුණද,පෞද්ගලික න්‍යාය පත්‍ර වලින් බැහැරව ශ්‍රී ලංකාව පෙරමුණේ තබා කටයුතු කරන්නේ නම් එකම ක්‍රීඩකයාට කණ්ඩායම් කිහිපයකට ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දීමෙන් හෝ එවැනි අනීතික සහ සම්ප්‍රදායික නොවන තත්ත්වයන්ට පෙළඹීමෙන් වැළකී,මේ පිටිය යොදා ගෙන වැඩි වාරයක් තේරීම් තරග පැවත්වීම වටින්නේය.
නාලන්ද කණ්ඩායම සහ කනගාවා කණ්ඩායම
 ජාතික මට්ටමේ ක්‍රීඩා කිීමෙන් අත්දැකීම් ඇති කැපවීමෙන් ක්‍රියා කළ හැකි තේරීම් කමිටුවක් මගින් මේ තත්ත්වය ඇති කළ හැකි අතර බේස්බෝල් සංගමය පවත්වන තරගාවලි දෙකේදී ක්‍රීඩකයන්ට කණ්ඩායම් මාරු කර වෙනස් කණ්ඩායම් වලට එකම පිරිසකට ක්‍රීඩා කිරීමේ අවකාශ සැළසීමේ ‍විහිළුවෙන් නැවතී,දක්ෂ ක්‍රීඩකයන් තෝරා දක්ෂතම කණ්ඩායම් කිහිපයක් නිර්මාණය කර සංගමය මගින් තරග පැවත්වීම වටින්නේය.උදාහරණයකට උඩරට බ්ලූ සහ රෙඩ් ලෙස කණ්ඩායම් දෙකක් බටහිර යෙලෝ සහ ග්‍රීන්  ලෙස කණ්ඩායම් දෙකක් ලෙස ඒ ආකාරයට නම් කරන ලද දකුණ, වයඹ ආදි කණ්ඩායම් ද නම් කර මෙම තරගාවලිය පැවත්වීමට හැකියාව ඇත.
එය ඉතා ස්වාධින සහ විශ්වසනීය මට්ටමෙන් ද ඉහළ තරගාවලියක් මෙන්ම සැබෑ දක්ෂයන්ට බේස්බෝල් ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරිමට අවස්ථාව දිනා ගැනීමට කරන සාධාරණ පරීක්ෂණයක්ද වනු නිසැකය.
ජාත්‍යන්තර විනිසුරු සුජීව විජේනායක
නැවත කනගාවා දෙසට හැරීමේදී ඔවුන් ශ්‍රී ලංකා පාසල් සූරයන් වන නාලන්දාව පරාජය කළේ ලකුණු 28 - 1 ක් ලෙස ය.එය ඉතාම ඛේදණිය සහ පසුබස්නා සිතුවිලි ඇති කරන පරාජයක් විය.ලොව ඉහළම බේස්බෝල් සංස්කාතියක් ඇති රටක් ලෙස සැළකෙන ජපානයේ ඇකඩමි කණ්ඩායමක් යනු අපේ ජාතික කණ්ඩායමටත් ඉදිරියෙන් තිබෙන කණ්ඩායමක් බව තේරුම් ගැනීම අපහසු නැත.එය සභාපතිගේ කණ්ඩායම ලෙස ඉදිරිපත් වූ අපේ ජාතික කණ්ඩායමට අත් වූ ඉරණමෙන්ම පැහැදිළිය.
මෙය ජාතික බේස්බෝල් පරිපාලනය දන්නා දෙයකි.ඒ නිසා පරාජය ක්‍රීඩාවට ඇති උනන්දුව හීන කරන සහ මන්දෝත්සාහී පරාජයක් වීම වැළකිය යුතුය.
එවැනි තත්ත්වයක කනගාවා තරුණ කණ්ඩායමේ වයස මට්ටම සැළකිල්ලට අපේ පාසල් සූරයන්ට ඔවුන් හා තරග වැදීමට ඉඩ සැකසීම ළදරු පාසල් දරුවෙකු සහ උසස් පෙළ දරුවෙකු අතර මීටර් 100 තරගයක් පැවත්වීම වැනිය.හාවා සහ ඉබ්බා ගේ තරගයේදී මුග්ධ හාවා සිතූ සහ ක්‍රියා කළ ලෙස ක්‍රියා කරන්නට ජපානය නොසිතුවේ නම් මේ තරගයේ ඉරණම 28 - 1 ක් වීම සාමාන්‍ය දෙයක් බව බලධාරීන්ට නොතේරීම කණගාටුදායකය.
වටනබේ බේස්‍බෝල් ක්‍රීඩාංගණයේ සිහිනය සැබෑවක් කළ උත්තරීතර මිනිසා
ජාතික ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම හෝ ක්‍රීඩා සමාජ සූරතාවය දිනූ කණ්ඩායම පිළිබදව නොසිතා හෝ නැතිනම් සභාපති ගේ හෝ ලේකම් ගේ කණ්ඩායමක් ලෙස නිර්මාණය කරන ලද කණ්ඩායමක් පිළිබදව නොසිතීමෙන් පරිපාලනය ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාවට මෙන්ම නාලන්දයේ බේස්බෝල් ක්‍රීඩාවටද පරාජයට වඩා හානියක් කළ බව තේරුම් ගත යුතුය.
ජාතික පරිපාලනයක් සිය හෘදයාංගම බැදීම් වලින් මිදී ක්‍රියා කළ යුතුය.හැගීම් වලට වඩා බුද්ධියට ඉඩ දිය යුතුය.එසේම බලය යනු පාවාඩ සහ පිරුවට ය.සදාකාලික උරුමයන් නොවේය.ඒ තත්ත්වය තේරුම් ගෙන සිය දරු මල්ලන්ට සමාජ පූර්වාදර්ශයක් ලෙස සිය පියවරුන් සහ මව්වරුන් පිළිබදව ආඩම්බරයෙන් කතා කරන සමාජයක් ඉතිරි කර දීම පිලිබදව හැගිම්බර වන්නේ නම් එය වඩාත් බුද්ධිමත් තීරණයක් වනු සැක නැත.
අප අපට ලැබුණු අවස්ථා වෙන්දේසි කර අවසන් බැවින් එහි ලාභ අලාභ කතා කරන්නට යාම පල නැත.අලාභය රටට ද බලපාන බැවින් ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීම හෝ ඊට එරෙහිව කැරළි ගැසිමට වඩා වටින්නේ එහි යථාර්තයට අනුව කටයුතු කර බේස්බෝල් ක්‍රීඩාංගණයේ සැබැ ආශිර්වාදය දිනා ගැනිමය.මිලියන ගණනක සිහිනයක් අපට සැබෑවක් කර දෙන්නට ජපානය වෙහෙසුණ බව ඇත්තය.ඒ සිහිනය යථාර්තයක් වූ බිමේ අප වැඩි දුර  නොසිතා නිරුවතින් දිවගිය බවක් පෙනෙන්ට ඇත.
ජපානය, හිරෝසිමා - නාගසාකි  ‍ඛේදවාචකයෙන් නැගිටි රටකි.වසරකට ආසන්න කාලයකදි සුනාමි අනතුරෙන් යළි ඉපදී ඇත.ඔවුන් ඒ අතර අප වැනි රටවලට සහෘදත්වයේ උණුසුම් දෑත දිගු කරන්නෙමු.අප ඔවුන් නැගිට්ටේ කෙසේද යන්න තඹයකට මායිම් නොකර තවමත් අද දවසේ ජයග්‍රහණ පිලිබදව පමණක් සිතන අනාගතය පිළිබද බර සිහින නැති රටක් ලෙස හුරේ දමමින් සිටිමු.
ජපානයේ බේස්බෝල් යනු හුදෙකලා වික්‍රමයක් නොවන එහි දේශපාලන යාන්ත්‍රණයේ පිබිදීම ප්‍රකාශ කරන කොටසක් බව සිතන්නට දේශපාලනික වූ දැක්මක් සහ පදනමක් බේස්බෝල් පරිපාලනයට ඇවැසිය.
එවිට රටක ක්‍රීඩාව සෙල්ලමක් නොවන ජාතික සංවර්ධනයේ සැළසුම් සහගත විෂය ධාරාවක් බව වැටහෙනු ඇත.ඒ තුළ කිසි විටෙක මගේ යන්න වෙනුවට අපේ යන්න ප්‍රකාශ වන්නේ එවිටය.ජයග්‍රහණ මගේ සීමාවෙන් එපිට වඩා පුළුල් අපේ ඒවා බවට පත්වන්නේද එවිටය.මෙය ලංකාවේ බේස්බෝල් වලට පමණක් නොව සියළු ක්‍රීඩාවන්ටද අදාළ විය හැකිය.
ඡායාරූප - එස් සුන්දරරාජන්
www.supirikrida.com



ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් කුරුළු වේගයක්

Jackson Bird runs in to bowl at trainingෂේන් වෝන් සහ මුත්තයියා මුරලිදරන් කුසලානය සදහා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගයට ඔස්ට්‍රේලියාව නව වේග පන්දු යවන්නෙක් හදුන්වා දීමට සූදානමින් සිටියි.ජැක්සන් බර්ඩ් නම් 26 හැවිරිදි එම වේග පන්දු යවන්නාගේ සහභාගීත්වය මේ වන විටත් ඔස්ට්‍රේලියානු පුහුණුකරු විසින් සනාත කර ඇති අතර වර්ථමානයේදි ටස්මේනියා ප්‍රාන්තය නියෝජනය කරමින් පළමු පෙළ තරග වලට සහභාගි වන්නෙකි.පළමු පෙළ ක්‍රිකට් තරග 17 ක් සදහා පමණක් සහභාගි වී ඇති බර්ඩ් එම තරග 17 තුළ කඩුලු 87 ක් දවා ගෙන ඇත.
හය වතාවක්ම ඉණිමකදී කඩුලු 5 සීමාවට පැමිණ ඇති ජැක්සන් බර්ඩ් දෙවතාවකදීම තරගයකදී කඩුලු 10 සීමාවට පැමිණ ඇත.ඒ නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ජැක්සන් පළමු වරට ටෙස්ට් වරම් දිනා ගත්තද ශ්‍රී ලංකාවට එරෙහිව ඔහු භාවිතා කරන වේගය සහ ඉලක්කය නම් ශ්‍රී ලංකාවට පහසුවෙන් මුහුණ දිය හැකි තත්ත්වයක තිබෙනු ඇතැයි සිතීම අපහසුය.
www.supirikrida.com

සචින් එක්දින වාර්තා පොත වසා දමයි

ලොව එක්දින වැඩිම තරගලාභියා,ලකුණුලාභියා මෙන්ම ශතකලාභියා ලෙස ද වාර්තා පොත අලුත් කරමින් සිටි සචින් තෙන්දුල්කාර් සහභාගි වන සෑම අන්තර්ජාතික එක්දින තරගයකදීම වැඩිම එක්දින තරගලාභියාගේ වාර්තාව අලුත් කිරිමට සිදු වූවත් සචින් එම තත්ත්වයට නැවතුම තබමින් එක්දින පිටියෙන් නික්ම යන්නට තීරණය කළේය.නික්ම යන විට වසර 23 ක් සපිරී තිබූ සචින් ගේ එක්දින දිවිය ඇරඹෙන්නේ 1989 දෙසැම්බර් 18 දා ය.ඔහු ඉන්දියාව වෙනුවෙන් එක්දින වරම් ලැබූ 74 වැන්නා විය.
ශතක 49 ක් රැස් කර ගත් සචින්,අර්ධ ශතක 96 ක් රැස් කර ඇත.පන්දු යවන්නෙකු ලෙස ද කැපී පෙ‍ණුන සචින් කඩුලු 154 ක් දවා ගෙන ඇති අතර පන්දු යැවීමේන් ඔහු තරග දෙකකදී ම කඩුලු 5 බැගින් දවා ගන්නට සමත් විය.වැඩිම එක්දින ලකුණුලාභියා ලෙස ලකුණු 18,426 ක් රැස් කර තිබූ සචින්,ඉණිමකදී ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය 200 කි.කඩුලු 100 ට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින්,උඩ පන්දු 140 ක් රැක ගනිමින් තරග 463 දී සචින් දක්වා ඇති තුන් ඉරියව් දක්ෂතාවයද ලෙහෙසි පහසු එකක් නොවේය.
ඉන්දීය ක්‍රිකට් ලෝලීන් ආගමක් සේ අදහන ක්‍රිකට් හී දෙවියන් ලෙස සැළකෙන සචින් අද එරට සෙනෙට් සභාවේ මහජන නියෝජිතයෙකු ලෙස පාළක කොංග්‍රස් පක්ෂය විසින් නම් කර ඇත්තේය.සිය පියා මහාචාර්යවරයෙකු වූ බැවින් සිය පුතා පොත මත ඇලවිම වෙනුවට පුතුගේ හැකියාවට සරිලන ගමණ යාමට ඉඩ දීමට ඔහු බුද්ධිමත් වූ අතර එය තමන්ට පමණක් නොව ලෝකය ඉදිරියේ ඉන්දියාවටම ආඩම්බරයක් විය හැකි තීරණයක් බවට පත් විය.ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණක් දෙවැනි අසහාය පිතිකරුවා ලෙස ලෝක ක්‍රිකට් ප්‍රජාව ඉදිරියේ ගරු බුහුමන් ලැබීමට සමත් වූ සචින්,ඉන්දියාවට පමණක් නොව ක්‍රිකට් ලෝකයටම පහළ වූ වීරයෙකු ශ්‍රේෂ්ඨයෙකු ලෙස ක්‍රිකට් ඉතිහාසය තුළ සදාතනිකව රැදෙනු ඇත.ඔහු කළ බොහෝ දේ යලි දිනයක විය හැකි වුවත් ඒ බොහෝ දේ පළමුව කිීමේ අපූර්ව ගුණය දිනූ තැනත්තා ලෙස සචින් සදාකාලිකවම ක්‍රිකට් වංශ කතාව තුළ අපූර්ව ක්‍රීඩකයෙකු ලෙස වැජඹෙනු නිසැකය.
www.supirikrida.com

Dec 24, 2012

දකුණු ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය විවෘත වෙයි

කුණු ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීරණයේ දී විවාත විය.ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී විවාත වූ මෙම ක්‍රීඩාංගණයේ විවෘතය ජනාධිපති මහින්ද රාජපක්ෂයන් අතින් සිදු වන්නට තිබුණ ද එය සිදු වූයේ ඔහු පුත් පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂයන් අතින්ය.ඊට රජයේ කැබිනට් ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, අධ්‍යාපන ඇමති බන්දුල ගණවර්ධන ඇතුළු මැති ඇමතිවරු රැසක් එක් වූහ.විශේෂ ආරාධිතයා වූයේ ජපාන තානාපති නොබොහිටෝ හොබෝ ය.
ක්‍රීඩා පිටිය විවෘත කරමින් පළමු පන්දු පහර නාමල් රාජපක්ෂ මංත්‍රීවරයා විසින් එල්ල කරන්නට යෙදුණ අතර පන්දුව යොමු කළේ,ජපාන තානාපති හොබෝය.මංගල තරගයට ශ්‍රී ලංකා තරුණ පිළට එරෙහිව ක්‍රීඩා කළ කනගාවා උසස් පාසල් ඇකඩමි කණ්ඩායම සමරු තිලිණයක් ප්‍රදානය කරන්නට යෙදුණ අතර එය එම කණ්ඩායම් කළමනාකරු විසින් පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ වෙත ප්‍රදානය කරන්න යෙදිණ.
නාමල් මංත්‍රීවරයා පහර දෙනු බලි සිටින්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධනය.ජාත්‍යන්තර තරග විනිසුරු සුජීව විජේනායක පසුපසින් වේ 
තරගයේ දී ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම කනගාවා කණ්ඩායම හා සම මට්ටමක නැති බව හැගුණේ පන්දුවට පහර දීමේදීය.ශක්තිය මෙන්ම පිතිකරුවන් ධාවනයේදී දක්වන ලද මන්දගාමීත්වය ද නොවන්නට තවත් බොහෝ දේ වෙනස් වන්නට තිබිණ.ඒ සදහා අතිරේක වශයෙන් ලැබෙන විටමින් පෙත්තකවත් අනුග්‍රහයක් නොලබන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඒ වරප්‍රසාද ලබා ගැනීම සදහා අවශ්‍යය මග පෙන්වීමේ කාර්යය කළ සුපිරි ක්‍රීඩා පුවතට පසු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ලියාපදිංචි  වී සිටින බේස්බෝල් ක්‍රීඩකයන් ඒ සමගම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ශක්තිවර්ධන සහ කායවර්ධන පහසුකම් ද ලබා ගැනීමෙන් ඉක්බිතිව මෙම පරතරය අඩු කර ගන්නට හැකියාව ලැබෙනු ඇතැයි අප විශ්වාස කරමු.
ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගනයේ විවෘත වීම.වමේ සිට බස්නාහිර පළාත් සභා අමාත්‍යවරුන් වන ගාමිණි තිලකසිරි සහ උපාලි කොඩිකාර,මංත්‍රි නාමල් රජපක්ෂ,අමාත්‍ය බන්දුල ගුණවර්ධන,ජපාන තානාපති නොබිහිටෝ හොබෝ සහ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ 
එතැනින් මෙපිට සිට පන්දු රැකීමේදී මෙන්ම ශිල්පීය වශයෙන්ද ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයෝ පෑ හපන්කම් මත තරගය 3 - 0 ට පරාජය වුව ද සතුටු විය හැකි දක්ෂතා ප්‍රදර්ශනය කරන්නට ලාංකේය ක්‍රීඩකයන් සමත් වුණා.ලබා ගත් ලකුණු 3 න් ලකුණු දෙකක්ම දයිසුකේ ඇබේ විසින් රැස් කරන්නට යෙදුණ අතර යුමා නිෂිඩා ඉතිරි ලකුණ ලබා ගත්තා.තරගය වට අටක් ක්‍රියාත්මක වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යොමු කිරීමට කටයුතු කළ මධුරංග මෙන්ම නායකත්වය දරමින් කටයුතු කළ ක්‍රිෂ්න හපුආරච්චි ද කැපී පෙනෙන දක්ෂතා දැක් වූවා.
තරගය විනිශ්චය කිරීමට සහභාගි වූයේ ශ්‍රී ලංකාව සතු එකම අන්තර්ජාතික විනිසුරු වන සුජීව විජේනායකයි.ඔහු ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වෙනුවෙන් සිය ආයතනය හරහා මිලියන 8.5 ක මුදලක් මේ ක්‍රීඩාංගණය සදහා සොයා දීමට මැදිහත් පුද්ගලයාද වූවා.මෙහිදී සංවිධානයේදී වූ යම් යම් දුර්වලතා නිසා සුජීවට යම් අපහසුතා වලට මුහුණ දීමට සිදු වූවා.ඒ මොහොතේ ඔහු සමග සිටීමෙන් ඔහු විදින අපහසුව පසෙකලා ඔහු සම්භන්ධයෙන් වාර්තා වැඩ සටහනකට කරුණු එකතු කර ගන්නට පැමිණි ජපාන රූපවාහිනි මාධ්‍යවේදීන් ඉදිරියේ ලංකාව හෑල්ලු වීම වළකා ගන්නට මේ ලියුම්කරුට හැකි වුණා.
එහෙත් ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පූර්ව දැණුම් දිමක් නොකර තිබීම ගැන කම්පා වෙමින් රටේ ගෞරවය මෙන්ම එහි ගරු කළ යුතුම පුද්ගලයෙක් බවට සුජීව පිළිගැනීමෙන් කටයුතු කිරීම අගය කළ යුතුයි.
ක්‍රීඩාංගණයට ඇතුළු වීමට ඉහළම නිලධාරීන් කැමැත්ත දුන්නද එය නොරුස්සනා ගතියෙන් හැසිරි එක් නිලධාරියෙක් හැරෙන්න අන් සියළු දෙනාම මා විසින් ඒ පිලිබදව කරුණු පහදා දුන් අවස්ථාවේ එය ඉතා සතුටින් භාර ගැනීම ප්‍රශංසාත්මකයි.වාහනය නැවත්වීමේ දී එය මැති ඇමතිවරුන්ට වෙන් කළ සීමාවක් බැවින් වාහනය ඉවත් කර ගන්නා බව කී විට එම නිලධාරියාට මෙම ක්‍රීඩාංගණය පැමිණෙන දේශපාලකයන්ට එය විවෘත කිරීම සදහා ක්‍රීඩා පිටිය තනන්නට මුල් වූ සහ තරගයේ ප්‍රධාන විනිසුරු සුජීව බව පෙන්වා දුන් විට ඔහු ඉතාමත් නිහතමානීව වාහනය නැවතීමට අවශ්‍යය පසුබිම සකසා දුන්නා.
මේ තත්ත්වය ආරක්ෂක අංශවල අඩු-පාඩු කම් නිසාම පමණක් සිදුවන්නක් නොවන බව කිව යුතු අතර ඉසව් සංවිධානයේදී ඒ අය සිය අවශ්‍යයතා පිලිබදව මීට වඩා ඔවුන්ව දැනුවතත් කර පහසුකම් ලබා ගැනීමට අවධානය යොමු කළ යුතුය.
www.supirikrida.com

නියමයි - වටනබේ

ම් යම් අය අනුන්ගේ ලියැදි වලට ද පැන අල්ලා වගා කරති.අස්වැන්න  නෙලා ගෙන පලා යති.ඇතැම් විට බිම් කඩේ හිමිකරුට ශත පහක හිමිකමක් නෙලැබෙන්නේය.නමුත් අනුන්ගේ ලියැද්දක් දහදිය හෙලා වගා කර අස්වැන්න ද ඒ බිමේ හිමිකරුටම දී දෑත් පිසලා හිනා වෙන මිනිස්සු වෙයිද?
වටනබේ එවැන්නෙකි.මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩා සංකීරණයේ අභිනවයෙන් ඉදි වූ බේස්බෝල් ක්‍රීඩාංගණයේ හීනය සැබෑවක් කරන්නට සිහිනය දැකීමේ සිට යථාර්තයක් වන තෙක් ඇප කැප වූ මිනිසා ඔහුය.වත්මන් ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ද ඔහු ය.
ඔහු මෙරට පුහුණුකරු ධූරය සමග මෙරට හා කෙතරම් බැදී යද්ද යන්න වඩාත් පැහැදිළි වූයේ ක්‍රීඩාංගණය විවෘතයේදී ඔහු බොහෝ හැගීම්බර ලෙස ශ්‍රී ලංකා ජාතික ගීය කට ඇර ගායනා කරද්දීය.සිය දෙවන ජාතියද පළමු ජාතිය කොට සිතා මෙරට ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස ඔහු විසින් කරවන්නට මග පෑදු මේ ක්‍රීඩාංගණය යථාර්තයක් වූ මොහොතේ මොකද්ද දැනෙන හැගීම යැයි මම ඔහුගෙන් විචාළෙමි.සතුටුයි යනුවෙන් පවසා එය දැනෙන තරමින් විස්තර කරන්නට ඔහු සතු පටු සිංහල ශබ්ද කෝෂයේ වචන හාරා අවුස්සන්නට වුව ද ඒ සිංහල කිව හැකි අදහසට ප්‍රමාණවත් නොවන බව මට හැගිණ.අනතුරුව ඔහු ඒ සියල්ල හැඩුම්බරව සහ හැගුම්බරව එක වචනයකින් මුදා හළේ ඔහුගේ දැණුමට සාපේක්ෂව ඒ හොදම වචනය වන බව හැගුණ නිසාවෙන් විය යුතුය.එය 'නියමයි' නම් විය.
ඇතැමෙක් ඔහු මෙම ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කරන කළ මාධ්‍ය පවා නොමග යවමින් මෙම ඉදිකිරීමට අදාළ වැසිකිළි වලත් නැවත ඔහු රැගෙන යන බවට  පළ කළද එවැනි ජරා සිත් ඇත්තවුන්ට එය ක්‍රීඩාංගණයේ නොවපුළ වැසිකිළියේම වපුළ හැකි පරිදි වටනබේලා වැසිකිළිද තනා දෙනු ඇත.ඒවා පිට කරන්නට මිස අනුභව කරන්නට නොවන බව වටනබේලා වැනි මිනිසුන්ගෙන් හෝ අප උගත යුතුය.
"මම වැදගත් නෑ මගේ රට වෙනුවෙන් මම මේ රටට මේ ග්‍රවුන්ඩ් එක දෙන්න වැඩ කළා.මම රටවල් දෙකටම ආදරෙයි."
වටනබේ විදිහට හිතන්නට තරම් පොහොසත් පරාර්ථයක් නැති වුව ද කම් නැත.සිය මව් රටට පමණක් හෝ ආදරය කළ හැකි පමණට සිය බඩ වියත හරහා කේන්ද්‍රීයව තිබෙන හැගීම පෝෂනය කර ගැනීමට හැකිනම්,වටනබේ ට ගල් ගසනු වෙනුවට මල් පුදනු සැක නැත.අඩු - පාඩු හිත් රිදවීම් තිබිය හැකිය.එහෙත් මේ විදේශිකයා ලංකාවේ බොහෝ දෙනෙකුට කළ හැකිව තිබුණ ද,නොකළ දේ කළේය.එහි පොළිය කාගේ ගිණුමට දමා ගත්තද කම් නැත.ජපානය සතුටු වන පරිදි අඩු තරමේ මේ සොදුරු මිනිසාගේ නම එහි ක්‍රීඩාගාරයක් ඉදිවන මොහොතක එයට යොදන්නට හෝ බේස්බෝල් පරිපාලකයෝ,ක්‍රීඩා පරිපාලකයෝ සිතට ගන්නේ නම් එය තවත් සොදුරු මිනිසුන්ගේ සහෘද පරිත්‍යාගයන්ට සුදුසු කෘතවේදී ජාතියක් ලෙස අපට තව - තවත් වරප්‍රසාද හිමි වන්නට හේතුවක් වනු නිසැකය.
අවසානයේ වටනබේ ගේ උදාරතර දාන සිතුවිල්ල යථාර්තයක් විය.ක්‍රීඩා පිටිය විවාත වෙමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ වටනබේගේ ජපානයේ බේස්බෝල් නෑදෑයෝ පිරි කනගාවා උසස් පාසල් බේස්බෝල් ඇකඩමි යොවුන් කණ්ඩායම තරග වැදිණ.මේ සියල්ල පිළිබද වටනබේ ගේ දැණුමෙන් ඔහුට දැනෙන හැගීම නියමයි වන්නා සේම අපට ඔබ ගැන දැනෙන හැගීමද ඔබේ දැනුමත් ප්‍රමාණයෙන්ම ඔබට තේරුම් ගත හැකි පරිදි මෙහි තබන්නට අපි සිතුවෙමු.
වටනබේ!
ඔයා නියමයි.
www.supirikrida.com

Dec 23, 2012

කල්මාඩි ට දඩුවම් නියමවීම ලබන මාසයේ

න්දියාවේ ජාත්‍යනත්ර ක්‍රීඩා පාලකයෙකු ලෙස නමක් දිනා  සිට එරට ඔලිම්පික් කමිටු සභාපතිවරයාව සිටි සුරේස් කල්මාඩි ඇතුළු දස දෙනෙකුට 2010 නවදිල්ලි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කරන ලද වංචනික ක්‍රියා සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීම ලබන මාසයේදී සිදු විමට නියමිත බව ඉනදියාවෙන් වාර්තාවේ.මෙහි දී ස්විස් ආයතනයකින් භාණ්ඩ මිළදී ගැනීමේ දී අදාළ පරිපාටි උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට එම ක්‍රීඩා උළෙලේ සභාපතිවරයා ලෙස කල්මාඩි ද දායක වී තිබෙන බව අනාවරනය වීම නිසා මේ වන විට ඔහුට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නියමය පරිදි ඉන්දිය ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුරට ඉදිරිපත්වීමේ අවසරයද අහිමි වී එම තනතුරද අහිමි වී ඇත.
අදාළ චෝදනා  තහවුරු කරමින් 2011 අප්‍රේල් මාසයේදී කල්මාඩි ව ඉන්දීය මධ්‍යම අපරාධ පරික්ෂණ කාර්යංශය (CBI) මගින් අත් අඩංගුවට ගන්නට යෙදිණ.
www.supirikrida.com 

Dec 22, 2012

ලංකාවේ පළමු බේස්බෝල් සජීවී විකාශය හෙට CSN වෙතින්

 කුණු ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගනය දියගම මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩා සංකීරණයේදී අද ජනාධිපති මහින්ද රාජපක්ෂයන් අතින් විවෘතවීම නිමිති කොට ,ශ්‍රී ලංකාව සහ ජපානයේ කනගාවා බේස්බෝල් ඇකඩමි තරුණ කණ්ඩායම අතර පැවත්වෙන තරගය සජීවී ව විකාශය කිරීමට CSN නාලිකාව කටයුකු යොදා ඇත.එය ශ්‍රී ලංකාවේ බේස්බෝල් තරගයක් සජීවී ව විකාශය කරන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වන්නේය.
මෙහිදි මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමේ සිහිනයේ හිමිකාරත්වයේ සිට එය යථාර්ථයක් කිරීම දක්වා විශාල වෙහෙසක් දැරූ ශ්‍රී ලංකා පුහුණුකරු වටනබේ මෙම තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන අතර ඔහු සාමාජිකත්වය දැරූ කනගාවා බේස්බෝල් ඇකඩමි කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට පිවිසෙයි.එසේම මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 80 ක පමණ මුදලක් සොයා දීම සදහා කැප වි ක්‍රියා කළ ශ්‍රී ලංකාවෙ සිටින එකම අන්තර්ජාතික බේස්බෝල් විනිසුරු වන සුජීව විජේනායක මෙහිදී මෙම තරගය විනිශ්චයට එක් වීමද විශේෂත්වයකි.
ජනාධිපතිවරයා අතින් විවෘත වන මෙම උත්සව අවස්ථාවට ජපාන තානාපතිවරයා ඇතුළු එරට නියෝජනය කරමින් මෙරට බේස්බෝල් දියුණුව අපේක්ෂාවෙන් ක්‍රියා කරන විශාල ප්‍රභූ පිරිසක් ද එක්වීමට නියමිත අතර ක්‍රීඩාංගණය විවෘත කිරීම සහ තරගය පිළිබද සජීවි අත්දැකීම පගවග 3 . 30 සිට CSN ඔස්සේ විද ගැනීමේ අවස්ථාව ඔබට හිමි වනවා ඇත.


පළමු ජාතික කඩු හරඹ සූරතාවය ස්ලිම්ලයින් ට

පානදුර මාස් යුනිචෙලා  භුමියේ ක්‍රියාත්මක වූ පළමු ජාතික කඩු හරඹ සූරතාවලියේ ජයග්‍රහණය ලබන්නට පන්නල මාස් ස්ලිම් ලයින් කණ්ඩායම සමත් වුණා.එහා දක්ෂතම ක්‍රීඩාකයා ලෙස FOIL ඉසව්ව ජයගත් පන්නල ස්ලිම් ලයින් හී ප්‍රදීප් ගීකියන්ග සමත් වුණා.නමුත් අවසාන තරගවලදී විශිෂ්ඨතම ජය වාර්තා කළ සිළුවේටා කණ්ඩායමේ ගයාන් බණ්ඩාර EPEE ඉසව්ව ලකුණු 15 / 7 ලෙස ජය ගත්තා.නමුත් ගයාන්ගේ ඉසව්වේ තරගකරුවෙක් සහභාගි නොවිම නිසා ඔහුට තරග හතකට පමණක් සහභාගි වන්නට සිදු වූ අතර එහිදී ඔහු ලකුණු 37 ක් ලබා සිටියා.නමුත් තරග 8 දී ලකුණු 40 ක් රැස් කර සිටි ප්‍රදීප් ගීකියන්ග පළමු ජාතික සූරතාවලියේ සූරයා වීමේ අවස්ථාව උදා කර ගත්තා.තරගාවලියේ අනු සූරතාවය හිමිකර ගැනීමට සමත් වුණේ පානදුර යුනිචෙලා කණ්ඩායමයි.
කේවල SABRE ඉසව්වේදී පානදුර යුනිචෙලා කණ්ඩායමේ සදේෂ් චන්දන ජය ගත්තා.කාන්තා FOIL ඉසව්ව ජය ගැනීමට සමත් වුණේ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ කාන්චනා සදලංකා යි.EPEE කාන්තා ඉසව්වේ ජයග්‍රහණය ජාතික තලයේ බොක්සිං ක්‍රීඩිකාවක වන නිරංජලා වීරරත්න විසින් හිමි කර ගත්තා.SABRE  ඉසව්වේ ජයග්‍රහණය හිමි වූයේ පානදුර යුනිචෙලා ක්‍රීඩා සමාජයේ කාන්චනා මධුභාසිණි ට යි.
තරගාවලිය සංවිධානය කිරීමේදී විදේශීය පුහුණුකරුවන් යටතේ පුහුණුව ලබා දීමට අමතරව තරගයේ තීරණ සම්බන්ධයෙන් අපක්ෂපාතීත්වය ආරක්ෂා කිරීම සදහා ජාත්‍යන්තර කඩු හරඹ සංගමයේ නිල විනිසුරුවන් දෙදෙනෙකුද සහිතව අත්දැකිම් සහිත විදේශ විනිසුරුවන් යොදා ගැනීමට කටයුතු කර තිබුණා.
තරගාවලිය සරල සහ එහෙත් ගාම්භීර පෙණුමකින් සහ විධිමත් භාවයකින් සංවිධානය කරන්නට සෑහෙන වෙහෙසක් දරා තිබුණා.
 මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ප්‍රධාන ආරාධිතයා මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා ද මෙම අවස්තාවට එක් ව සිටි අතර එහිදී තරගාවලියේ සාර්ථකත්වයට උර දුන් මාස් සමූහය වෙනුවෙන් ඩයන් ගෝමස් ප්‍රකාශ කර සිටියේ ඉදිරි දිනෙක හ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක සිහිනය සැබෑ කරන ඉසව්වක් බවට මෙම ඉසව්ව පත්වනු ඇති බවයි.
www.supirikrida.com

ඩිල්ෂාන් ටෙස්ට් පිටියට සමු දෙයි

ස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙන බව තිලකරත්න ඩිල්ෂාන් පවසා ඇත.මේ සටහන තැබෙන විට ටෙස්ට් තරග 81 ට ක්‍රීඩා කර ඇති ඩිල්ෂාන්ගේ ටෙස්ට් දිවිය බොහෝ විට ඉතිරි ටෙස්ට් තරග දෙකද එකතු වූ පසු තරග 83 කින් නිමවන ටෙස්ට් තරග චාරිකාවක් වනු ඇත.කඩුලු රැකීම සහ පිතිකරණය යන කාරනා මුල් කර ගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ ඩිල්ෂාන් කණ්ඩායමේ මෙන්ම සිය ස්ථාවරත්වය පිණිසද දක්ෂ දග පන්දු යවන්නෙකු වු අතර පසු කලෙක ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි තුන් ඉරියව් දක්ෂතා සහිත ක්‍රීඩකයෙකු ලෙස ද සිය ක්‍රීඩා දායකත්වය ලබා දුන්නේය.
කළුකර විද්‍යාලයෙන්   ක්‍රීඩා පිටියට පිවිසි ඩිල්ෂාන්,ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නට තරම් පොහොසත් ක්‍රිඩකයෙකු වෙමින් පැමිණි සිය ‍දිරිමත් ක්‍රිකට් ගමණේ උපරිමයට පැමිණෙද්දී ලොව හොදම 20 - 20 ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කිරුළු පැළදීමට සමත් විය.එසේම ඔහු විසින් ක්‍රිකට් ලෝකයට හදුන්වා දුන් ඩිල්ස්කූප් පහර අද ක්‍රිකට් පිටියේ ඉක්මන් ලකුණු හොයන ජනප්‍රියතම පහරක් වී ඇති අතර අද විශිෂ්ඨ පිතිකරුවන් වෙනම එම පහර හදාරන සහ පුහුණුවන තත්ත්වයට ක්‍රිකට් ලෝකය වර්ධනය වී ඇත.
www.supirikrida.com

කළුතර කළාප ගුරුවරු රාජ්‍ය සේවා බී කොටසේ දැල් පන්දු සූරතාවය ජය ගනියි

ටොරිංටන් හී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු පිටියේදී නිමාවට පත් වූ රාජ්‍ය සේවා දැල් පන්දු තරගාවලියේ බී කොටසේ දැල් පන්දු සූරතාවය දිනා ගැනීමට කළුතර කළාපීය ගුරුවරියන්ගේ කන්ඩායම සමත් වුණා.අවසාන තරගයේදී ඔවුන් අතින් විශේෂ කාර්ය බලකා කණ්ඩායම පරාජයට පත් වූ අතර අවසන් තරගයේ දක්ෂතම විදින්නිය ලෙස මනොරිකා සපුතන්ත්‍රි ද,දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස මධුකා විජේකෝන් සහ දක්ෂතම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාව ලෙස සලෝජා පෙරේරා ද ඇගයීමට පත් වුණා.කණ්ඩායමට නායකත්වය දුන් නලිනි අල්විස් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රීඩා කළා.

ඡායග්‍රාහී කණ්ඩායම මේ සමග වන ඡායාරූපයේ දැක්වෙනවා 
 සිටගෙන වමේ සිට, නාලිනී අල්විස් (නායිකා ),යසන්ති තුෂාරිකා,සලොජා පෙරේරා,ජානකි 
ගුණසේකර (පුහුණුකාරිනි)අශෝක බියට්‍රිස් (කලාප ශාරීරික අධ්‍යක්ෂිකා )සීතා පතිරණ,
මනොරිකා සපුතන්ත්‍රී,සකුන්තලා පෙරේරා,ශිරාණි දේවිකා,චාන්දනී අනගියද්ද ,
වාඩි  වී  වමේ සිට, අනුෂා ලක්මිණි,රන්ජනී කුසුමලතා,මධුකා විජේකෝන් ,සචිත්‍රා තිලංකා,
www.supirikrida.com

වැඩ නොකළත් ඡන්දෙට වැඩ දාන්න ඇමතිගෙන් ඉඩ

දැනට පරිපාලන කමිටුවක් මගින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දැල් පන්දු පරිපාලනයට සම්බන්ධව ක්‍රියාත්මක සංගම් 35 ක් අතරෙන් ක්‍රියාකාරී මට්ටමේ නැති සංගම්වලට ද ඡන්ද බලය ලබා දීමට අමාත්‍යවරයා තීරණය කර ඇත.දැල් පන්දුවේ අනාගතය පිළිබදව අවධානය යොමු කර ක්‍රියාකාරී පිරිස් සදහා මැදිහත්ව එම සංගම් නැවත පන ගන්වා ඡන්ද බලය දිනා ගැනීමට හැකි තත්ත්වයට පත් කර ‍ගන්නා තුරු එම සංගම් ඡන්දය සදහා කැදවීම නොකළ යුතු වුවත්,ක්‍රීඩා සංවර්ධනයේ නාමයෙන් පෙනී සිටිමින් අමාත්‍යවරයාව කැකිල්ලේ රජුට ඇන්දවීමේ උත්සාහයක නියැලෙන පිරිසක් විසින් දෙන ලද උපදේශයක් අනුව අමාත්‍යවරයා මෙම තීරණයට එලැඹ තිබෙන බව ද සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.පසුගිය කාලයේ දැල්පන්දු පරිපාලන කමිටුවේ බොහෝ තීරණ නිසාද අමාත්‍යවරයා ගේ භූමිකාව කැකිල්ලේට සමාන වූ බව ද පැවසිය යුතුය.
අමාත්‍යවරයාගේ තීරණය සම්භන්ධයෙන් දැණුම් දෙන මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ දැල් පන්දුවේ අනාගතය පිළිබදව අවධානය යොමු කර දුර්වල සහ ක්‍රියාකාරී නොවූ සංගම් වලට ඡන්ද බලය පිරිනමන බවය.දුර්වල සහ ක්‍රියාකාරී නොවූ සංගම් වලට දැල් පන්දුවේ අනාගතය පිළිබදව අවධානය යොමු කරන්නේ නම් ඡන්ද බලය නොලැබිය යුතු නමුත් එම නිවේදයෙන් කෙරෙන ඊ ළග අනතුරු ඇගවීම වන්නේ එසේ ක්‍රියාකාරි නොවන සංගමයක නිද්‍රාශිලී අයෙකුට නිලවරණය පැවත්වෙන සභාපති,නියෝජ්‍ය සභාපති,ලේකම්,භාණ්ඩාගාරික,උප සභාපති තනතුරු පහක්,උප ලේකම්,උප භාණ්ඩාගාරික,තරග ලේකම්,උප තරග ලේකම් සහ සම්බන්ධිකරණ නිලධාරී තනතුරු සදහා ඉදිරිපත් වීමට ද අවස්ථාව හිමි වීමය.
නිලවරණය 24 දා පැවත්වෙන අතර ජනවාරි 04 දා මධ්‍යහන 12.00 ට පෙර නාම යෝජනා භාර දීම සිදු විය යුතුය.
www,supirikrida.com

Dec 21, 2012

හතුරු ට සහ සචිත්‍ර ට ඕස්ට්‍රේලියාවෙන් කැදවීම්

හතුරුසිංහ

ශ්‍රී ලංකාවෙන් එතරම් සැළකිල්ලක් නොදැක් වූ චන්දික හතුරුසිංහ ගේ පුහුණුකාරිත්වයට සහ සචිත්‍ර සේනානායකගේ ක්‍රීඩකත්වයට ඕස්ට්‍රේලියාවෙන් සැළකිලි ලැබි ඇත.ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සෙවනැලි පුහුණුකරු වූ උපුල් චන්දික හතුරුසිංහ 2010 දි එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු කැනඩාවෙන් කැදවීමක් ලැබූ අතර දැන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වසර දෙකක කාලයකට හතුරුසිංහ සිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට තෝරා ගෙන ඇත.
කොළඹ වේළුවන විද්‍යාලයෙන් ක්‍රිකට් ජීවිතය ඇරඹූ හතුරුසිංහ පසුව කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කළේය.සාමාන්‍ය රජයේ සේවයේ නියුතු දෙමව්පියන් යුවළකගේ දරු තිදෙනෙකුගෙන් යුත් පව්ලේ වැඩිමහල් දරුවා ලෙස සිය ක්‍රිකට් පිත්තේ ශක්‍යතාවය පදනම් කර ගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා තෙක් පැමිණි හතුරුසිංහගේ ක්‍රිකට් දිවිය ද බොහෝ හැල හැප්පීම් මැදින් පෙරට ඇදුණු එකක් විය.ආරම්භක පිතිකරුවා මෙන්ම ආරම්භක පන්දු යවන්නා ලෙස ද විටෙක ක්‍රියා කරන්නට ලැබුණු හතුරුසිංහගේ ක්‍රිකට් දිවිය සනත් ජයසූරියගේ ආරම්භක පිතිකරු සම්ප්‍රාප්තියත් සමග නිමා වට පත් වූ අතර පසුකගෙක ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට සෙවනැලි පුහුනුකරු ලෙස සම්බන්ධ විය.
සචිත්‍ර
සචිත්‍ර ද කොළම ආනන්ද විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වු විශාල ක්‍රීඩක ගොන්නේ සිටින චරිතයක් වන අතර තුන් ඉරියව්වේම හැකියාවක් ඇති ක්‍රීඩකයෙකි.ඔහු ද අතිශයින් සාමාන්‍ය පවුලකින් ක්‍රිකට් පිටියට පැමිණි අයෙකු වන අතර තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තමන්ට නිශ්චිත ස්ථානයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍යය පසුබිම සකස් නොවුණු අයෙකි.ලද අවස්ථාවන්හී ඔහු යමක් කළ හැකි අයෙකු සහ අභියෝග ඉදිරියේ නොසැලී ඊට මුහුණ දීමට අවශ්‍යය ශක්තිය ඇති අයෙකු ලෙස පෙන්වා ඇත.
එහෙත් මේ වන විට ශ්‍රී ලංකා සංචිතයේ දකින්නට නොලැබෙන සචිත්‍ර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයට එක් කර නොගත්ත ද,මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක බිග්බෑෂ් 20 -20 තරගාවලියේ දී සිඩ්නි සික්සි කණ්ඩායමේ සුනිල් නාරායන් ගේ ස්ථානයේ හිදැස පිරවීමට තෝරා ගෙන ඇත.
www.supirikrida.com

තිබාර් ඇකඩමියේ මේස පන්දු සූරතාවයේදී රසීඩ් සහ යහනි සූරයා සහ සූරිය වෙති

තිබාර් මේස පන්දු ඇකඩමියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර රත්මලාන සාම මන්දිරයේ පැවති තිබාර් අන්තර් මේස පන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළම රාජකීය විද්‍යාලය නියෝජනය කරන රෂිඩ් අෂීස් ඇගයීමට ලක් වූ අතර  දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ යහනි මෙණ්ඩිස් ය.තිබාර් මේස පන්දු ඇකඩමිය වෙනුවෙන් ජාතික තලයේ හිටපු මේස පන්දු ක්‍රීඩකයන් වන ඩබ්ඒ බුද්ධසිරි සහ නාමල් ගුනසේකර විසින් සංවිදානය කරන්නට යෙදුණ මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස හිටපු ජාතික තලයේ මේස පන්දු ක්‍රීඩකයෙකු මෙන්ම වර්ථමානයේ තේරීම් කමිටු සාමාජිතයෙකු ද වන අනූජ රද්දැල්ල සහ ඔහුගේ බිරිද නිරෝෂණි රද්දැල්ල සහභාගි වුණා.
ඡායාරූපයේ දැක්වෙන්නේ තිබාර් ඇකඩමියේ තරගාවලියේ ජයග්‍රාහකයන් සමුහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.
www.supirikrida.com

ජපන් ඔලිම්පික් සැළසුමට පැසසුම්


පානය 2020 වර්ෂයේ ඔලිම්පික් තරගය ටෝකියෝ නගරයට දිනා ගැනීමට දරණ වෑයමේදී ඔවුන් ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන සැළසුම් අන්තර්ජාතික වශයෙන් පැසසුමට ලක් වී ඇත.ජාතික ඔලිම්පික් කමිටු 28 ක සහ පැරා ඔලිම්පික් සම්මේලන 16 ක් මෙසේ ටෝකියෝ සැළසුම වෙනුවෙන් දෙසැම්බර් 19 දා  කරන ලද හදුන්වා දීමේදී සිය එකගත්වය පළ කර ඇත.

ජපන් ඔලිම්පික් කමිටු ප්‍රධානි සුනෙක්ෂු ටකේඩා සිය පෞද්ගලික ස්තූතිය සිය සැළසුම් අනුමත කළ ඔලිම්පික් සංවිධාන වෙනුවෙන් පුද කරමින් 2020 දී තමන්ගේ අභිප්‍රාය 2020 දී ටෝකියෝ නගරය ක්‍රීඩා පවුලේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සිය අරමුණ බව පැවසීය.
දැනට මෙම තරගාවලිය දිනා ගැනීම සදහා තූර්කියේ ස්තාන්බුල් නගරයත්,ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයත් ටෝකියෝ නගරය සමග තරග වැදී සිටින අතර එළැඹෙන 2013 වසරේ සැප්තැම්බර් 7 දා බුවනෝර්ස් අයර්ස් නගරයේ පැවත්වෙන 125 වන ඔලිම්පික් සැසියේදී මේ නගර අතරින් සත්කාරකත්වය හිමි නගරය කුමක්ද යන්න තීරණය වනු ඇත.
www.supirikrida.com

කවින්ද "කොමර්ෂල් ක්‍රෙඩිට්" ට 'ඩී' කොටසේ ක්‍රිකට් සූරතාවය දිනා දීමට පෙරමුණ ගනියි

වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ ඩී කොටසේ සූරතාවය දිනා ගැනීමට කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කණ්ඩායම් සමත් වුණා.ඔවුන් ඉදිරියේ අනු සූරතාවයෙන් සෑහෙන්නට සිදු වුණේ මොබිටෙල් කණ්ඩායමට යි.වෙළදසේවා ක්‍රීඩාංගණයේ පැවති අවසාන තරගයේදී කඩුලු 8 ක ජයක් ලැබූ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ලෙමනේඩ් කුසලානය දිනා ගනිද්දී පිත්තෙන් සහ පන්දුවෙන් දැක් වූ දස්කම් සළකා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ කවින්ද සිල්වා අවසාන තරගයේ වීරයා බවට පත් වුණා.
පළමුව පන්දුවට පහර දුන් මොබිටෙල් කණ්ඩායම ලකුණු 103 ට සීමා කළ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක් වූ කවින්ද සිල්වා ලකුණු 18 ට කඩුලු 3 ක් ලබා ගත් අතර ජයග්‍රාහී ඉලක්කයට පන්දු ඕවර් 20 දී කඩුලු 2 ක් පමණක් දැවී ළගා වූ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 60 කින් දායක වන්නට ද කවින්ද සිල්වා සමත් වුණා.
www.supirikrida.com

Dec 20, 2012

දකුණු ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය 23 දා දියගම දී විවෘතවේ

Article photo
කුණු ආසියාතික රටක ඉදිවන පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය ,හෝමාගම - දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේදී දෙසැම්බර් 23 දා ජනාධිපති මහින්ද රාජපක්ෂයන් අතින් විවෘත වන බව ජාත්‍යන්තර බේස්බෝල් සම්මේලන වෙබ් අඩවිය අවධාරණය කරයි. මූලික සංස්කෘතික ව්‍යාපෘතියක් සදහා වන විශේෂ ප්‍රදානයන්ගේ ද (GCGP) ආධාර ඇතිව ජපන් රජයේ ආධාරයක් ලෙස ඉදිවන මෙම ක්‍රීඩාංගණය වත්මන් ජාතික පුහුණුකරු වටනබේ ගේ අදහසක් මුල කර ගෙන ඉදි වන්නකි.
ජපන් රජය විසින් JICA  ආධාර පදනමේ අධික්ෂනය යටතේ ක්‍රියාවට නැංවූ මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සදහා ජපන් රජය විසින් ප්‍රදානය කරන්නට යෙදුණ රුපියල් මිලියන 12 ක් මෙන්ම,විශේෂ ප්‍රදාන යටතේ ලැබුණු මිලියන 14 ක් ද මෙම ක්‍රීඩාංගනයේ ඉදිතිරීම් සදහා වැය වී තිබෙන බව එම ප්‍රවෘත්තිය මගින් අනාවරණය කරන අතර මේ අතරින් මිලියන අටක පමණ මුදලක් සොයා දෙන්නට දැනට ජපනයේ රැකියාවේ නියුතු ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික තලයේ සිටින ප්‍රධානතම විනිසුරුවරයා ලෙස පිළිගැනෙන සුජීව විජේනායකගේ උත්සාහයෙන් ආධාර ලෙස ලබා දී තිබීම ද විශේෂත්වයකි.
2002 වසරේ සිට ජපන් රජයේ අනු දැණුම  මත ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ ප්‍රවර්ධනය පිණිස විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් සිදු වන බව පෙන්වා දෙන එම ප්‍රවෘත්තිය ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ස්වේච්ඡා සේවාව (JOCV) මගින් ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ ශිල්පීය ගුණාංග දියුණුව සදහා පුහුණුකරුවන් ලබා දී ඇති බව ප්‍රකාශ කරයි.මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට අද බේස්බෝල් ක්‍රීඩා කරන රටවල් 72 ක් අතරෙන් 32 ස්ථානය දක්වා ලෝක ශ්‍රේනිගත කිරීම්වල පෙරට පැමිණිමට අවස්ථාව ලැබි තිබෙන බව ද එම ප්‍රවෘත්තිය පෙන්වා දෙයි.
2009 ආසියානු කුසලාන සූරතාවලියේදී තෙවන ස්ථානයට පත්වීම,වර්ථමානයේ දකුණු ආසියාතික අනු සූරයන් වීම,ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම 2010 දි ලෝක සූරතාවලියට සුදුසුකම් ලැබීම,ජපානයේ කණ්ඩායම් 18 ක සහභාගිත්යෙන් පැවති තරුණ බේස්බෝල් සූරතාවලියේදී ශ්‍රී ලංකාවට 5 වන ස්ථානය හිමි වීම මේ දක්වා ශ්‍රී ලංකාවේ බේස්බෝල් ඉතිහාසයේ වැදගත් සංධිස්තාන ලෙස මතු කර පෙන්වා දෙන එම ප්‍රවෘත්තිය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සබදතාවලට වසර 50 ක් පිරීම නිමිති කර 2002 දී ඇරඹි බේස්බොල් සහයෝගයට වසර 60 ක් ගෙවෙන තැන ක්‍රීඩාංගණයක් පරිත්‍යාග කරමින් සමරන්නට ලැබීම පිළිබදව ජපානය සතුටට පත්වන බව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ පණිවිඩයක් ලෙස එම ප්‍රවෘත්තිය පළ කරන ජාත්‍යන්තර බේස්බෝල් සම්මේලන වෙබ් අඩවිය පැහැදිළි කරන්නේ ක්‍රීඩාංගණය විවෘත කිරීම නිමිති කර ගනිමින් ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම සහ කනගාවා උසස් පාසල් බේස්බෝල් කණ්ඩායම අතර ප්‍රදර්ශන තරගයක්ද මෙම ක්‍රීඩාංගණයේ පැවත්වෙන බව ය.
www.supirikrida.com

Dec 19, 2012

ජන්ම පුරුද්දට ශිල්පීය ක්‍රමය කලවම් කර ලොව දිනන වෑයමක් - ශ්‍රී ලංකාව කඩු හරඹ අරඹයි

සර කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ නූතණ කඩු හරඹ ක්‍රීඩාව ක්‍රියාත්මක වෙනවා.ජාත්‍යන්තර තරග වලටත් තරග වැදිලා දකුණු ආසියාතික මට්ටමෙන් පදක්කම් දිනලත් තියෙනවා.එපමණක් නෙමෙයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවක් විදිහට ,ඔලිම්පික් කමිටුවේත් ක්‍රීඩා අමාත්‍යංශයෙත් ලියාපදිංචි වෙලා තියෙන කඩු හරඹ ක්‍රීඩාව,පළමු වරට ජාතික තරගාවලියක් විදිහට කරළියට එන්නේ දෙසැම්බර් 20 දා.
'අපි ටිකක් පරක්කු වුණා.පළමු දේ අපිව ලංකාවෙ පිළි අරගෙන තවම මාස 6 ක් විතර වෙන්නෙ.දැන් තමයි අපි සැළසුම් හදල වැඩේට බහින්න හදන්නෙ.'
ඒ වර්ථමාන කඩු හරඹ පරිපාලනයට නායකත්වය දෙන උෂාන් අබේවික්‍රම.උෂාන් කියන විදිහට මේ ක්‍රීඩාව සමාජ ගත කිරීම සදහා පාසල් පද්ධතියේ ඉදලම ආරම්භයක් ලබා ගන්න සැළසුම් කරල තියෙනවා.ඊට ප්‍රථම දැනටත් ක්‍රීඩාවෙ නියැලෙන ක්‍රීඩකයෝ 100 ට වැඩි ප්‍රමාණය අතරෙන් දක්ෂයො කවුද කියල සමාජ ගත කරමින් වැඩේ ආරම්භ කළොත් හොදයි කියන මතයෙ ඉදල තමයි ජාතික සූරතාවලියට පිවිසෙන්න තීරණය කරල තියෙන්නෙ.
තරගාවලිය 20 සහ 21 යන දෙදින තුළ පානදුර මාස් යුනිචෙලා හී දී පැවත්වීමට කටයුතු යොදල තියෙනවා.ඒ සදහා ක්‍රීඩා සමාජ 7 ක් නියෝජනය කරමින් 100 ක් පමණ සහභාගි වන අතර එහි ඇති ස්ථිර ක්‍රීඩා භූමි දෙකට අමතරව තවත් අමතර ක්‍රීඩා භූමී කිහිපයකුත් මෙම තරගාවලිය වෙනුවෙන් ස්ථාපිත වෙලා තියෙනවා.
මේක අපිට ජන්මෙන් ආපු දෙයක්!උෂාන් ක්‍රීඩාවේ අනාගතය පිළිබදව දැඩි විශ්වාසයකින් කතා කරන ගමන් ඉතිහාසයේ ඉදල අනාගතය දක්වා වර්ථමානය හරහා ඒ විශ්වාසයට අවශ්‍යය කරන කරුණු පුරුද්දනවා.
'අපි දක්ෂ කඩු හරඹ ශිල්පීන් හිටිය රටක්,ඒකට ඕනෑ තරම් ඉතිහාස උදාහරණ තියෙනවා.දැනටත් අපේ ක්‍රීඩකයන්ගෙ ඇගේ ඒ හැකියාව තියෙන බව අපිට දැනිල තියෙනවා.
උෂාන් පැහැදිළි කරන ආකාරයට ක්‍රීඩාවේ පදනම් ශිල්පීය ක්‍රමයන් අපේ ක්‍රීඩකයන් ඉතා පහසුවෙන් ග්‍රහණය කර ගන්න අතර ඒ මත පිහිටා ක්‍රියා කිරීමට පුදුමාකාර දක්ෂකමක් දක්වනවා.'
ජන්මෙන් එන මේ හැකියාව දියුණු කරන්න තරග අත්දැකීම් වගේම,ඉහළ තාක්ෂණය,ශිල්පීය ඥාණය දියුණු කිරිම වැනි කරුණු ගැන අපි අවධානය යොමු කරල තියෙනවා.දැනටත් ඉහළ මට්ටමේ පුහුණු උපදේශකයෙක් වන ඉන්දියාවේ ගනේෂන් සහ තවත් අයෙක් අපේ පුහුණුවීම් උපදේශකයො හැටියට කටයුතු කරනවා.
ඒ සියල්ල අතරේ උෂාන් පවසන මේ ක්‍රීඩාව කේන්ද්‍රගත ව තිබෙන ඉහළ ආර්ථික මට්ටමක් සහිත යුරෝපීය රටවල් සමග ගනු-දෙනුවක් හදා ගන්නත් මේ ක්‍රීඩාව වැදගත් ය කියන මතයත් කඩු - හරඹ ව්‍යාප්ත කිරීමේ අවශ්‍යයතාවය පිළිබදව සිතද්දී අමතක නොකළ යුතු කරුණක්.
www.supirikrida.com

යුධ හමුදාවෙන් පෙන් වූ නොපෙන්විය යුතු සංදර්ශනය සමග 'මාස් ස්ලිම් ලයින්' වසරේ බොක්සිං සූරතාවය හිමි කර ගනියි



මෙවර ජාතික බොක්සිං සූරතාවලිය තුළ විනිසුරු තීරණ සම්බන්ධයෙන් ඇති වු ගැටළුකාරි තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදා ආධාරකරුවන් සිය කණස්සල්ල ප්‍රකාශ කිරීමට භාවිතා කළ ක්‍රීඩා ශීලි නොවන ප්‍රතිචාර දැක්වීමේ විදි ක්‍රමය අවසානයේ ක්‍රීඩාවේ ගෞරවයට කළු පැල්ලමක් ඇති කරමින් නිමාවට පත් වෙද්දී,මේ වසරේ හොදම බොක්සිං ක්‍රීඩා සමාජය මෙන්ම 86 වන ජාතික බොක්සිං සූරතාවලියේ සූරතාවය ද මාස් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයට හිමි විය.සෑම විටම සිය ප්‍රතිවාදියාව මරා දමන ලෙස ප්‍රකාශ කරමින් ප්‍රකෝපකාරී දිරි ගැන්වීමක යෙදීම ද, මාස් ක්‍රීඩකයන් ගේ ප්‍රතිවාදියා කවුරු වුව,විනිසුරුවරයෙකු ඔහු සම්බන්ධයෙන් ගනු ලබන තීරණ වලට අශෝභණ ලෙස ප්‍රතිචාර දැක්වීමද,මෙහිදි දකින්නට ලැබුණු අතර,එය පැහැදිළිවම ක්‍රීඩකයාගේ තරග රටාවට බාධා කල බවත් ඉතා හොදින් තරග කරන ක්‍රීඩකයන් බවා ආවේගකාරී ලෙස හැසිරෙනු දුටු බවත් දැක ගන්නට ලැබිණ.
ඔවුන් මේ සියළු දේ සමගින් ප්‍රතිවාදියා මරා දමන්නට, උස්සලා පොළවේ ගසන්නට ලෙස යන වචන භාවිතා කරමින් කියූ එක් වචනයක් පිළිබදව යුධ සෙබළාගේ තැන සිට නැවත කල්පනා කර නිවැරදි කර නො'ගන්නේ නම් එය සාමාන්‍ය සමාජය ද බිය ගන්වන සුළුය.ඒ, ඒ සියළු අනීතික දේ කරන්නට කීවේ 'ආමි මොරාල්'  යන වචනය තුළ සිට ය.ආමි මොරාල් යනු තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සෙබළා විසින් අනෙකාව පීඩනයකට ලක් කිරිම නම් ඔවුනගේ ආරක්ෂාව යටතේ සිටිය යුතු  කෝටි ගණන් ජනතාව ඉතා විමසිලිමත්ව සිටිය යුතු බවට කරන අනතුරු ඇගවීම දරුණු අවධානමකි.
කෙසේ නමුත්අප පසු ගිය කාලයේ දකින භාහිර සිදු වීමක් පිළිබදව කිහිප විටෙකම මගේ සටහන් තුළින් කියා ඇත.ඒ ත්‍රිවිධ හමුදාවන් මාස් සම්බන්ධයෙන් දක්වන පොදු විරෝධතාවය ය.ඒ විරෝධතාවය කෙසේ නමුත් ජාතික සංචිත වලට ඇතුළත් වන සියළු දෙනා රැක බලා ගැනීම ආදිය සිදු වන්නේ මාස් හරහාම ය.එහෙත් මාස් පොදු සතුරා ද වී ඇත.මීට හේතුව මාස් ක්‍රීඩකයන් අනෙකුත් ක්‍රීඩකයන්ට සාපේක්ෂව ගත කරන නිරවුල් සහ පහසුකම් සහිත ජීවිතය.විරෝධතාවය නැග එන්නේම මෙතැන සිට මාස් පංතිය විනාශ කිරීම යන ප්‍රාථමික අරගල ක්‍රියාවලියෙන්ය.තමා ජීවත්වන පීඩනය ට සහ අනෙකාගේ සරල,සැහැල්ලු බව සමග ඇති වන වෛරයේ ප්‍රතිපල බොක්සිං කවය තුළ මුදා හරින්නට දක්වන උත්සාහයේදී සිදු වන්නේ බොක්සිං දිය වී සටන ගමේ චණ්ඩියාගේ භූමිකාවට මාරු වීමය.
හමුදා සෙබළෙකු වීම ද සමග එම චණ්ඩිකම එක්වීමෙන් ඇති විය හැකි දරුණු ප්‍රතිපලය ඊයේ පැහැදිළිව දකින්නට ලැබිණ.එය ඉදිරියේදී වඩාත් අනර්ථකාරී තත්ත්වයකට ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව රැගෙන යන්නට ඉඩ ඇත.සාමාන්‍ය ජනයා රැදී සිටිය යුතු ස්ථාන තීරණය කිරීමට ඇතැම් තීරණාත්මක අවස්ථාවල හමුදාවට බලය ලැබෙන පරිදිම ඔවුන්ට ද සිය බලයේ වපසරියට අඩංගු නොවන ස්ථාන ඇත.මෙම බොක්සිං තරගාවලියේ ඔවුන් ඒ සීමාව අති ක්‍රමණය කරමින් ජනමාධ්‍යවේදීන් ගේ සීමාව අතික්‍රමණය කිරීම සහ එසේ නොකරන ලෙස කියා සිටියදී, විනයෙන් සහ බුද්ධියෙන් මෝරා නොගිය ඇතැම් සෙබළු එය සිය අයිතියක් මෙන් ප්‍රකාශ කරමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට කටයුතු කිරීම නවතා දමන්නට හමුදාවේම හිටපු බොක්සිං ප්‍රවීනයන් සහ පොලිසියේ නිලධාරීන් මැදිහත් නොවන්නට හමුදාවේ වීම ඕනෑම කෙනෙකුට තර්ජනය කිරීමට සහ ඕනෑම තැනෙකට පිවිස කරණම් ගැසීමට ලැබුණ වරප්‍රසාදයක් යැයි සිතන සෙබළ මානසිකත්වයක් ඇති අයෙකු අතින් මාධ්‍යවේදීන්ට ශරීර අඩන්තේට්ටම් පවා වෙන්නට තිබිණ.
ඔවුන් සිටි ප්‍රදේශයෙන් එල්ල වූ බිත්තර ප්‍රහාර,පුටු ප්‍රහාර,සහ ඇතැම් වීසි කිරීම් වලට මාධ්‍යවේදින් පවා ගොදුරු විණි.ඒවා යුධ හමුදාව විසින් සිදු කළ බව ඒත්තු ගන්වන්නට වෙනත් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාර බව ඔවුන් පසුව ප්‍රකාශ කළද පහර දුන්නේද නැතිද යන්නට වඩා විනය ගරුකව හැසිරිය යුතු පිරිසක් ලෙස තමන්ට අසාධාරණයක් සිදු වූ විට හැසිරෙන්නේ මෙසේ යැයි සමාජය ඉදිරියේ කියා පෑ ආකාරය හමුදාවේ කීර්තිනාමය පිළිබදව සාමාන්‍ය ජනතාව තුළ අපකීර්තිමත් හැගිමක් ඇති කිරීමක් බව සිතට ගැනිම වැදගත්ය.
විනිසුරු තීරණ සම්බන්ධයෙන් ගැටළු ඇති බව සුපිරික්‍රීඩා නිරන්තරයෙන් ප්‍රකාශ කර ඇත.මෙහිදී ද එවැනි තත්ත්වයන් ඇති නොවුණු බව අපි නොකියන්නෙමු.අප විසින් කරන ලද සොයා ගැනීම් වලට අනුව ඇතැම් විනිසුරුවන්ට එරෙහිව තරග තහනම් පවා පැනවීමට ක්‍රියා කර ඇත.ඒ මෙම තරගාවලිය ආශ්‍රිතවය.එසේම එක තරග වටයක් විනාඩියක් අඩුවෙන් කාලය ගණනය කිරීම නිසා විශාල ගැටළුකාරී තත්ත්වයක් ද ඇති විය.මෙවැනි නිලධාරීන් පිළිබදව පැරණි හිතවත්කම් හෝ තරාතිරම නොබලා පියවර ගත යුතුය.අලුත් විනිසුරුවන්ට පිවිසිය හැකි ලෙස දොරටු විවර විය යුතුය.ඒ සදහා ප්‍රවේශයක් ලබාගත හැකි පරිදි සිය සුදුසුකම් සපුරා ගැනීමට ද කවයෙන් පිට සිට තීරණ දෙන පිරිස උත්සාහ කළ යුතුය.තීරණ ඇතැම් අවස්ථාවල සිතා ගැනිමට නොහැකි ලෙස වරදින අවස්තා අප දැක ඇත්තෙමු.එය ඇතැම් විට මාස් ක්‍රීඩකයන්ට බලපාන අවස්ථා ද දැක ඇත්තෙමු.මේ සියළු දේ තුළින් යම් අසාධාරණයක් වූ බවට ගෙනෙන තර්කය ද කිසිදු මාධ්‍යවේදියෙකු ප්‍රතික්ෂේප නොකරනු ඇත.එහෙත් 86 වන බොක්සිං තරගාවලිය තුළ ඒ මතයේ පිහිටා සිය ක්‍රීඩකයා හෝ මාස් නොවන ක්‍රීඩකයා ගේ ආධාරකරුවාගේ කණ්නාඩියෙන් තරග නැරඹිමේ දී  මහ හඩින් විරෝධතා දැක් වූ බොහෝ දේ නිවැරදිව සිදු වූ අපි දුටිමු.සිදුවීම දරුණු තත්ත්වයට පෙරළුණු මංජු වන්නිආරච්චිගේ ගැටුම පිලිබදවද කිව යුතුව ඇත්තේ ද එයමය.දක්ෂ ක්‍රීඩකයෙකු වන වීරක්කොඩි මෙම තරගය තුළ හැසිරෙන ආකාරය,ප්‍රහාරයට පිවිසෙන ආකාරය තුළ ඔහු බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස ලබා තිබූ ශික්ෂණය වෙනුවට දකින්නට ලැබුණේ තරහකාරයෙකු මරා දමන්නට හැසිරෙන ආකාරයක් බව එම තරගයේ වීඩියෝ දර්ශන ඇත්නම් ඔබ ඒ සම්බන්ධයෙන් දරණ පූර්ව නිගමණ වලින් බැහැරව තරගය නැරඹීමෙන් හදුනා ගන්නට පුළුවන.



කෙසේ හෝ තරගාවලිය තුළ කාන්තා බොක්සිං ක්‍රීඩාව යම් ප්‍රගතියක් ලබා තිබෙන බව පැහැදිලිය.ඔවුන් ශිල්පීය ගුණයෙන් විශාල ලෙස ඉදිරියට පැමිණ ඇත.තරගකාරීත්වය ඉහළ ගොස් ඇත.ඒ විවෘත ස්වබාවයේ ගොදුරු බවට පත් වූ ටැන්සානියා ලෝකඩ පදක්කම්ලාභින් දෙදෙනා වූ ශිරෝමාලා වීරරත්න, ඩබ්අයිඑස්එස් ශෂිකලා ඉදිරියේත් සිතාරා සදරේකා, කේඒකේ හංසිකා ඉදිරියේත් පරාජයට පත් විය.එසේම ජාත්‍යන්තර අත්දැකිම් ඇති සහ ගෙවුණු ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ දී දක්ෂතම ක්‍රීඩිකාව වූ නිරංජලා සේනානායක,එල් උදයංගනී ඉදිරියේ පරාජයට පත් විය.
දැවැන්ත ශක්තියක් සහිත මුෂ්ටි ප්‍රහාර වලින් පොහොසත් මොහොමඩ් ඩිල්ෂාන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් මෙම තරගාවලියේදී ත් සිය යුතුකම ඉටු කළේ,දක්ෂතම ක්‍රීඩකයා වෙමින්ය.එසේම ඔහු මේ වසරේ ලාකේය බොක්සිං තර අතර දීප්තිමත්ම තරුව බවට පත් වෙමින් බොක්සි ක්‍රීඩකයන් අතර වසරේ දක්ෂතමයා ලෙස සම්මානණීය විය.එසේම වසරේ අති දක්ෂ බොක්සිං තරුවට පිරිනැමෙන කුසලානය අනූසා කොඩිතුවක්කු දිනා ගත්තාය.ඇය මේ වසරේ බොක්සිං ක්‍රීඩවට ඉන්දීය - ශ්‍රී ලංකා තරගාවලියේදී සමු දුන් අතර,එහදී ද දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූයේ අනූෂාය.ඊට අමතරව ඇය ටැන්සානියා ජාත්‍යන්තර තරගාවලියේදී රන් පදක්කම දිනා ගත්තාය.එසේම අනූසා වසරේ බොක්සිං තරුව ලෙස සම්මානනිය වීම කාන්තාවකට එම සම්මානය හිමි වූ දෙවන අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වන අතර ඊට පෙර 2009 දි නිල්මිණි ජයසිංහ ද එම සම්මානය දිනුවාය.
තරගාවලියේ කැපී පෙණෙන ක්‍රීඩකයන් ලෙස මොහොමඩ් ඩිල්ෂාන් මෙන්ම සුරේෂ් පට්ටියආරච්චි ද එසේම සංවර්ධනයට ලක් විය යුතු චරිතයක් ලෙස සිය පළමු ජාතික සූරතාවලියම ජයග්‍රහණයකින් කෙළවර කර ගත් එම් ප්‍රභාස්වර ද, අවධානයට ලක් විය යුතු චරිතය.එසේම කාන්තා තරග ඉසව්වලදී කිලෝග්‍රෑම් 75 න් පහළට විහිදි සෑම ක්‍රීඩිකාවක්ම පාහේ යම් ප්‍රවර්ධනයක් අත් කර ගෙන ඇති ආකාරය පැහැදිළි වීම කාන්තා බොක්සිං ක්‍රීඩාවේ අනාගතය පිළිබදව සතුටු විය යුතු සහ පවත්වා ගෙන යමින් සහ සංවර්ධනය කරමින් රැක ගත යුතු තත්ත්වයකි.
www.supirikrida.com