Jun 17, 2012

ශ්‍රී ලංකාවේ වෙරළ වොලිබෝල් ආසියානු සිහිනය බොද වෙයි


Picture Gallery of the Opening Ceremony of the Third Asian Beach Gamesචීනයේ හායියැන්ග් හී පැවත්වෙන තෙවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් ඉසව්වෙන් පදක්කමක් කරා යාමට ශ්‍රී ලංකාව තැබූ බලාපොරොත්තු ඊයේ වන විට ‍බිද වැටිණි.ශ්‍රී ලංකාවේ අංක එකේ වෙරළ වොලිබෝල් යුගලය ලෙස වැජඹි මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල පරාජය කරමින් පෙරළිකාර ගමණක් ඇරඹූ අසංක ප්‍රදීප් කුමාර සහ මලින්ත යාපා ට අවසන් 16 දෙනාගේ වටය දක්වා එන්නට අවස්ථාව සැළසුණේ නැති අතර පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස් පමණක් සිය අත්දැකීම් සමග යමින් අවසාන කණ්ඩායම් 16 අතරට පිවිසෙන්නට සමත් විය.
නමුත් මැලේසියාවේ කිව් චියොන්ග් උන්ග් සහ රාෆි අස්රුෆී නෝර්ඩින් වෙතින් එම වටයේදී ලද 21 /17 සහ 21 / 16 ලෙස ලද පරාජයත් සමග අවසාන අටදෙනා අතරට පිවිසෙන්නට තිබූ අවස්ථාව සම්පත් සහ පුබුදුට අහිමි විය.
කාන්තා කන්ඩායම් දෙකම අවසාන කණ්ඩායම් 16 අතරට පැමිණීම විශේෂ සිදුවීමක් විය.ඒ අතරින් තක්ෂිලා ග්‍රණසිංහ සහ ගීතිකා ගුණවර්ධන මූලික වටයේ තරග වලදී සිය ක‍ාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනා අවසාන කණ්ඩායම් 16 අතර තරගයේදී න්ගුයෙන් ති තිප් සහ පාන් තී කැම් හොන්ග් වෙතින් ලකුණු 22 /20 සහ 21 /17 ලෙස පරාජය ලැබීය.නිරෝෂා ගුණසිංහ සහ සාගරී ගුණසිංහ අවසන් 16 දෙනා අතර තරග වටයේදී චීන තායිපේ කණ්ඩායමේ කොව් නාල් හන් සහ චාන්ග් හුයි මින් වෙතින් පරාජය ලැබුවේ 21/ 17 සහ 21 /12 ලෙස ය.
ඡායාරූපයේ දැක්වෙන්නේ තෙවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල අරඹමින් ඊයේ පැවති චමත්කාරජනක සමාරම්භක උළෙලේ අවස්ථාවකි.

No comments: