May 4, 2013

ලෝක මට්ටමට අපේ යෞවනයෝ හතරක්

ජූලි 10 සිට 14 දක්වා යුක්රේනයේ ඩොනෙට්ස්ක් හී පැවත්වෙන ජගත් යොවුන් මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන ති‍දෙනෙකු සහ ක්‍රීඩිකාවක සුදුසුකම් ලබා තිබෙනවා.මේ අතර දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකේය පුරවැසිකමට ද උරුමකම් කියන ක්‍රීඩකයෙකු වන මුදිත් එල් ජයසේකර ද සුදුසකම් ලබා තිබෙනවා.ඔහු විසින් එම තරගාවලියට සුදුසුකම් ලැබීමේ උස ලෙස සැළකෙන මීටර් 4.55 ක උස ඉක්මවා රිටි පැනීමේ ඉසව්වේදී මීටර් 4.75 ක දක්ෂතාවයක් දක්වා මේ සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
මේ අතර කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරන ඒඑල් කාරියවසම් මීටර් 100 ඉසව්වේ සුදුසුකම් ලැබීමේ කාලය වන තත්පර 11.15 ඉක්මවා යමින් තත්පර 11.06 ක දක්ෂතාවයක් දක්වා සුදුසුකම් සපුරා ඇත.මහනුවර සිල්වෙස්තර් විද්‍යාලය නියෝජනය කරන ඉසුරු දිල්ෂාන් තත්පර 22.23 කින් මීටර් 200 ඉසව්ව නිමා කළේ එහි යෝග්‍යතා කාලය වන තත්පර 22.75 ක කාලය අභිබවා යමින් වන අතර දැනට සුදුසුකම් ලබා සිටින එකම ක්‍රීඩිකාව කතළුව මධ්‍ය විද්‍යාලයේ නිර්මාලී මධුෂිකා යතඇය මීටර් 400 ඉසව්වේ යෝග්‍යතා කාලය වන තත්පර 57.60 ක කාපයට අභියෝග කරමින් තත්පර 57.20 කින් මීටර් 400 ඉසව්ව නිමා කිරීමට සමත් වූවාය.
මෙම තරගාවලියට ජගත් මලල ක්‍රීඩා සම්මේලනය විසින් ඒ ඒ ඉසව් සදහා ලබා දී තිබෙන යෝග්‍යතා සීමාවන් අභිබවා යාමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසු වන අතර ඔවුන් 1996 සහ 1997 උපන් මේ වසරේ දෙසැම්බර් 31 වන දාට වයස අවුරුදු 16 සහ 17 නොඉක්මවන අය විය යුතු අතර සියළු යෝග්‍යතා සීමාවන් http://dt9guucc6nuua.cloudfront.net/competitioninfo/5ed01c6b-7901-459c-a544-b53f62fa6510.pdf මෙම සබදතාවය හරහාද තරග කාල සටහන http://www.iaaf.org/competitions/iaaf-world-youth-championships/8th-iaaf-world-youth-championships-4874/timetable/byday සබදතාවය හරහා ද ලබා ගැනීමට හැකියාව ඇත.තරගාවලිය සදහා 1542 ක වාර්තාගත යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
www.supirikrida.com

May 3, 2013

උසාවියේ වැඩ තණතිල්ලටත්

ශ්‍රී ලංකා තෙවන පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම මුතුවැල්ල ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේදී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වුණ ද ලකුණු 120 ක ජයක් ලකුණු ලබා ගැනීමේ වේගය මත ලබා ගැනීමට සමත් වුණා.පානදුරේදී පැවති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නීතිඥ කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 452 ක් රැස් කළා.සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ උදිත රාජසේකර හතරේ පහර 19 ක් සහ හයේ පහර 12 ක් සමග ලකුණු 153 ක් රැස් කළ අතර ඔහු සමග ඉණිම අරඹන එර්සාන් ආරියරත්නම් ලකුණු 75 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ මුතුවැල්ල ක්‍රීඩා සමාජයේ ඉණිමට වර්ෂාවෙන් බාධා පැමිණෙන විට පන්දු වාර 20 .3 ක දි ලකුණු 145 ක් ලබා සිටියේ සුවිශාල ලකුණු වේගයක් හඹා යාමට ගත් උත්සාහයෙන් කඩුලු හතක් ද අහිමි කර ගෙනයි.ඒ අවස්ථාව වන විට ලකුණු වේගය අනුව තරගය ජය ගැනීමට නම් මුතුවැල්ල ක්‍රීඩා සමාජය ලකුණු 266 ක රැස් කර ගත යුතුව තිබුණු අතර ඒ හේතුව නිසා නීතිඥ කණ්ඩායමට ලකුණු 120 ක ජයක් හිමි වුණා.ඡායාරූපයේ දැක්වෙන්නේ අගනා ඉණිමක් ක්‍රීඩා කළ උදිත රාජසේකරයි.
www.supirikrida.com

May 2, 2013

සංචිතය අද සිට 16 යි?

සියානු යොවුන් දැල්පන්දු තරගාවලිය නියෝජනය කිරීමට නියමිත ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු සංචිතය අද සිට 16 දක්වා අඩු වීමට ඉඩ ඇති බව දැල් පන්දු ආරංචි මාර්ග සදහන් කරනවා.මීට ඉහතද සංචිතයේ සිටි ප්‍රමාණයේ අඩු වීමක් කළ ද එහිදී ඉවත් කරන්නට යෙදුණ ක්‍රීඩිකාවන්ට සිය දුර්වලතා අපිළිබද අවබෝධයක් ඇතිව ක්‍රියා කර නැවත සංචිතයට ඇතුල් වීමට උත්සාහ කිරීමට අවස්ථාවක් ලබා දිය හැකි බවට දැල් පන්දු පරිපාලනය විසින් දෙන ලද පොරොන්දුව අනුව එසේ ඉවත් කරන්නට යෙදුණ ක්‍රීඩිකාවන්ද අද දින පැවත්වෙන පරීක්ෂණයට නැවත සහභාගී වීමේ ඉඩක් පවතින බව ද එම ආරංචි මාර්ග සදහන් කරනවා.
www.supirikrida.com

වොලිබෝල් දක්ෂයන්ට තවත් අවස්ථාවක්!

ලෝක කුසලාන වොලිබෝල් තරගාවලිය 2013 සදහා මධ්‍යම ආසියාව නියෝජනය කරන සුදුස්සන් කවරේද යන්න තීරණය කරන තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සදහා වන විශේෂ තේරීම් පරික්ෂණයක් මැයි 6 වන දා පෙ.ව 9.00 ට කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ (ටොරිංටන්) ක්‍රීඩා පිටියේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.වොලිබෝල් සම්මේලනය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ගෙවුණු දැයට කිරුළ සහ ජනාධිපති රන් කුසලාන තරගාවලි වල දී  දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා ගැනීමට හැකි වන සේ මෙම තේරීම් තරග පැවත්වීමට තීරණය කළ බවය.
www.supirikrida.com

May 1, 2013

මනෝජ් ගේ හීන

බේස්බෝල් ක්‍රීඩා සමාජ සදහා බෙදා දීමට ගෙනා ක්‍රීඩා භාණ්ඩ සිය නිවසේ ගොඩ ගසා ගෙන තිබෙනු ඡායාරූපයට නැගීමට සුපිරික්‍රීඩා සම්බන්ධ බවට අපට අහිමි ගෞරවයක් පිරිනැමීමට ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ලේකම් මනෝජ් ප්‍රනාන්දු දරණ උත්සාහයට ස්තූතිවන්ත වන නමුත් එය අපට අදාළ නොවන ගෞරවයක් බැවින් එය හිමි තැනත්තන් සොයා පිරිනැමීමට කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලමි.පසු ගිය කාලයේ එවැනි තොරතුරක් ලැබුණ ද,එවැනි ඡායාරූප ගැනීමකට සහභාගි විය හැකි සෞඛ්‍ය තත්ත්වයක මා නොසිටි බැවින් වැරදීමකින් හෝ එවැනි ඡායාරූපයක් ගැනීමට මට සම්බන්ධ වීමට නොහැකි බව මගේ සමීපතමයන් දන්නා බැවින් ඔබ විසින් ලබා දීමට සූදානම් ඡායාරූප ලබා ගැනීමේ ගෞරවය අනුකම්පා කර හෝ භාර ගැනීමට නොහැකි බව ද දන්වා සිටිමි.
දෙවරක් මධු පානය කිරීමෙන් ඉනික්බිතිව පුද්ගලයන් අවබෝධ කර ගැනීමට ඔබට හැකි ශක්තිය එසේ පානය නොකර දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙන් හෝ අපට ලබා ගැනීමට නොහැකි වීම අප සම්බන්ධ ඛේදයකි.මධුපානයෙන් තොරව අවස්ථා ගණනාවකදී ඔබ සංගමයේ ජාතික සංවිධායකවරයා ලෙස දිනේෂ් පෙරේරා විසින් කරන පද ඉල්ලීම් අනුවද, ජාතික බේස්බෝල් ක්‍රීඩාව වෙනුවෙන් යම් යම දේ කිරීමට හැකි වූ අතර මේ කිසිවක් ඔබ ජීවිත භාවිතය තුළ ස්වීය රැකියාව පළමු කොට තබා කටයුතු කරනු විනා බේස්බෝල් සිය ජීවිතය කොට සළකා කටයුතු නොකරන නිසා ඔබ නොදන්නා බව සැක නැත.
ගැටළුකාරී අවස්ථාවන්හී ලේකම්වරයා ලෙස ඔබ වෙතට ලිඛිත ඉල්ලීමක් කිරීමේ වගකීම හෝ නොපවරා දිනේෂ් පෙරේරාගේ ඉල්ලීම් සළකා කරන ලද එම කාරණා පිළිබදව ලැයිස්තු ප්‍රදර්ශනයක් අප බලාපොරොත්තු නොවන්නෙමු.ක්‍රීඩකයෙකුගේ අවස්ථාව නිලධාරියෙකුට ලබා දෙමින් අවසාන වරට කරන ලද පකිස්ථාන සංචාරයේදී අප විසින් කරන ලද ඇතැම් විවේචන පිළිබදව මා නිවසටම පැමිණ සාකච්ඡා කළ දිනේෂ් පෙරේරා එහිදී මා පෙන්වා දුන් කරුණු අනුව ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ මහාචාර්්‍ය අර්ජුන සමග සාකච්ඡෘ කර ජාතික බේස්බෝල් ක්‍රීඩකයන් එම ආයතනයේ ලියා පදිංචි කිරීමට පියවර ගත්තතේද මා නිසාය.නමුත් ඒ කරුණ හෝ ක්‍රීඩා සංගමයේ නිල මැදිහත්වීමකින් වෛද්‍ය ආයතනයට දැණුම් දී  ජාතික තලයේ බේස්බෝල් ක්‍රීඩකයන්ට නොමිළේ ප්‍රතිකාර ලබා ගැනීමට හැකි අවස්ථාව හෝ ඔබ විසින් තයම ඉටු කර නැත.
මේ සියල්ල සළකා බැලීමේදී මධුපාන අවස්ථා දෙකකින් පුද්ගලයන් හදුනා ගැනීමට හැකි ඔබේ හැකියාව ඔබ විසින් ඔබව හදුනා ගැනිමටද යොදා ගෙන මිනිසුන් විසින් කළ කී දෑ මතක තබා ගැනීමේ අඩු - පාඩුව සකසා ගැනීමට ඔබට අවස්ථාව උදා වනු ඇත.විදේශවල දියුණු සංස්කෘතික වට පිටාවක ජීවිතය ගත කළ ද,ඇතැම් හූ ග්‍රෝත්‍රික මානසිකත්වයෙන් කටයුතු කිරීම සාමාන්‍ය දෙයකි.ඔවුන් විසින් කරන මොරගෑම් ලොසින්ජරයක් කටේ එබීමෙන් පමණක් වළක්වා ගැනීමට හැකි අතර ඔවුන් පොදු වැරදි පෙන්වා දෙමින් කරනු ලබන අරගල වල යටි පෙළින් කියැවෙන්නේ මට බෙදාපන් යන්නය.
එවැනි යටි පෙළවල් අපේ ක්‍රියාකාරකම් වල නැති අතර 'රටට කරපන් නැත්නම් පළයන්' යන මතය වරප්‍රසාද සහ වරදාන දීමෙන් වෙනස් කළ නොහැකි ස්ථාවරයක අප රදවා‍ ගෙන සිටින්නෙමු!.බී, එවැනි දේ කල්පනා කළ නොහැකි නම් නොබී හෝ එවැන්නක් කල්පනා කිරීම සුදුසු බව අපි විශ්වාස කරන්නෙමු.
www.supirikrida.com


ක්‍රීඩා සංවර්ධනේ අවුරුදු උත්සවයත් ජයටම

ක්‍රීඩාව කරවන තැන හැටියට හදුන්වන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව.එතනින් ගන්න තීරණ සහ ක්‍රියාත්මක කිරීම් තමයි ක්‍රීඩාවේ නැග්මට හෝ බැස්මට හේතු වන්නේ.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අලුත් අවුරුද්දට රටේ ක්‍රීඩාව සංවර්ධනය හිත යොදනවා වගේම සිය ආයතනික සේවක සේවිකාවන්ගේ විනෝද ක්‍රීඩා සදහාද අවස්ථාවක් ලබා දීමට අවුරුදු උත්සවයක් සංවිධානය කළා.ඒ අප්‍රේල් 30 දා ටොරිංටන් පිට්ටනියෙදි.ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිල ඡායාරූප ශිල්පියා වන පාලිත ගුණසේන එහිදී අවරුදු උත්සවයෙ කොට්ටා පොර තරගය සිය කැමරා කාචයේ රදවාගත් අවස්ථාවක් මේ සමග දැක්වෙනවා.
www.supirikrida.com

Apr 29, 2013

ආධුනික බොක්සිං තරගාවලියේ සූරයන්ගේ කිරුළු සුමල් ට සහ සුබෝධා ට

ධුනික බොක්සිං සූරතාවලිය ඊයේ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූයේ දක්ෂතම ක්‍රීඩක කිරුළ සුමල් සුපුන් බටවල ට සහ දක්ෂතම ක්‍රීඩිකා කිරුළ සුබෝධා රුවනි හේරත්ට හිමි කර දෙමින්ය.සුපුන් මාස් ලීනියා ක්‍රීඩා සමාජය නියෝජනය කළ අතර සුබෝධා යුධ හමුදා ක්‍රීඩිකාවක් වූවා ය.දක්ෂතම පරාජිත ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ ප්‍රදීප් නිශාන්ත රත්නායක තේරී පත් ළුූ අතර දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස නාවික හමුදාව නියෝජනය කළ රුවනි දිල්හානි තේරි පත් වූවාය.
දින පහක් පුරා ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකා තරගකාරීත්වය දැඩි උණුසුම් තත්ත්වයක පැවති අතර ජාතික මට්ටමේ ප්‍රවේශ දොරටුව වන මෙම තරගාවලිය ජය ගැනීම යනු මේ වසරේ ඉදිරි තරග සදහා තරග කිරීමට අවශ්‍යය පරිසරය සකස් කර ගැනීම බැවින් එම තරගකාරීත්වය දැඩිව දකින්නට ලැබිණ.වර්ථමානයේ සාම්පූර් කදවුර ආශ්‍රිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියේදී ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරමින් කලෙකට පසුව ඉදිරයට පැමිණෙනු දක්නට ලැබුණු අතර එය අනාතගයේ සෙසු බොක්සිං ක්‍රීඩා සමාජ වලට අවධානයෙන් සිටින්නට යැයි කළ අනතුරු හැගවීමක් මෙන්ම ක්‍රීඩාවේ වර්ධනාත්මක පියවරක් පිළිබද බලාපොරොත්තු ඉහළ නැංවීමක් ය.
www.supirikrida.com

Apr 28, 2013

මංගලගේ අවමංගල කටයුතු හෙට

ලාංකේය ක්‍රීඩා කේෂ්ත්‍රයේ ක්‍රීඩකයන්ගේ සමය ලෙස හැදින්වෙන එස්බී දිසානායක සමය පිළිබද විවේචන ඇතත් එම කාලය ලාංකේය ක්‍රීඩාවේ ජයග්‍රහණ සපිරි ක්‍රීඩකයාට යම්කසි ගෞරයණීය ජීවිතයක් සකසා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වූ සමයක් ලෙස හැදින්විය හැකිය.නමුත් එස්බී දිසානායක සමය මාධයකරුවන්ට ප්‍රවෘත්ති හිග නොවුණ කාලයක් වූ අතර මල් මෙන්ම ගල් ද අඩු නැතිව එම ක්‍රීඩා පරිපාලනයට එල්ල විණ.
ඒ සමයේ දැඩි ව්‍යාකූල තත්ත්වයන් හමුවේ ජනමාධ්‍යවේදීන් සමග ඉතා මිත්‍රශීලී ගණු- දෙනුවක් පවත්වා ගෙන යමින් මාධ්‍යකරුවගේ භූමිකාව සහ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගේ කාර්යය අතර පරතරය මැනවින් දැන කටයුතු කිරීමට මංගලට හැකිවිය.ඇතැම් මාධ්‍ය ලේකම්වරු අමාත්‍යවරයාගෙන් යම් කිසි ප්‍රකාශයක් ලබා ගැනීම වුව සිය අවසරය ඇතිව කළ යුතු බව සිතන මාධ්‍ය ලේකම්වරු තනතුර ආභරණයක් කර ගෙන කටයුතු කරන අවස්ථා අප දැක ඇතත් මංගල සෑම විටම තනතුරට ආභරණයක් වීමට උත්සාහ කළ අයෙකි.
නිදහසේ ජීවත්වීමට ප්‍රිය කළ පුද්ගලයෙකු වූ මංගල ජනමාධ්‍යවේදීන්ගේ ඉතාමත් හොද මිතුරෙකු වුව අමාත්‍යවරයා ප්‍රයෝජනයට ගනිමින් ජනමාධ්‍ය ඇතුළත තමන්ට පිණුම් ගැසීමට හැකි පිට්ටනියක් තනා ගැනීමට ඔහු කිසි විටෙක උත්සාහ කළේය.ඒ නිසාම ජනමාධය තුළ පුවත් මවන්නෙකු වන එස්බී ගේ දේශපාලන ජීවිතය තුළ සෑම විටකදීම මාධ්‍ය සම්බන්ධිකරණ කටයුතු වල නියැලි මංගල සාමාන්‍ය ජනයා නොදන්නා පුද්ගලයෙකු වූ අතර නමුත් ඔහු අමාත්‍යවරයා වෙනුවෙන් ලබා දිය හැකි මාධ්‍ය ප්‍රචාරණය ලබා දෙමින් එස්බී රටම දන්නා පුද්ගලයෙකු කිරීමට ඇවැසි බොහො දේ කළේය.
ඇතැම් ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරු  පිළිබද රූපවාහිණි නාලිකාවක මිත්‍රයෙකු පැවසුවේ අමාත්‍යවරයාගෙන් මාධ්‍ය සාකච්ඡාවක් ලබා ගැනීමට උත්සාහ දැරීම තරම්ම මාධ්‍ය ලේකම්වරු මාධ්‍ය හමුවේ පෙනී සිටීමට උත්සාහ දැරීමට කරන ඉල්ලීම් වලින් ගැලවී සිටීමද දුෂ්කර කාර්යයක් බවය.ඒ අයුරින් බලන කල මංගල දුරකථනය ඔස්සේ හෝ යමක් කියවා ගැනීමට අපහසු මාධය වෙනුවෙන් යම් තොරතුරක් ලබා දීටම අවශ්‍යය නියමිත නිලධාරියාම සම්බන්ධ කර දීමට උත්සාහ දරමින් මාධ්‍යකරුවාගේ වාත්තියට ද වගකීම් සහගත භාවිතාවක් එක් කළ අයෙකි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම පිරිසකගේ දැඩි ප්‍රහාරයකට ලක් ව වරක් ඔත්පලව සිටි මංගල ඒ හේතු කර ගෙන දීර්ඝ කාලීනව සිය සෞඛ්‍යය පිළිබදව පීඩාකාරී තත්ත්වයකට මුහුණ දුන්නේය.අවසාන කාලයේදී ද රෝහල් ගතව සිටි මංගල එස්බී දිසානායකගේ මාධ්‍ය සම්බන්ධීකරණයේ දැවැන්ත භූමිකාවට මිය යන මොහොතේත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස එක් වී සිටියේය.
මංගල ගේ අවසන් කටයුතු හෙට සවස කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
www.supirikroda.com