Jan 26, 2013

බේස්බෝල් ක්‍රීඩාවේ ක්‍රීඩා පිටි වෙනුවට සොහොන්පිටි සොයා දීමේ උත්සාහයක්

සරකටත් අධික කාලයක් ජාතික තරගාවලිය පවත්වා ලීග් තරගාවලියට කාලය කා දැමූ ශ්‍රී ලංකා බේස්බෝල් පරිපාලනය,ලීග් තරගාවලිය පැවත්වීමේ දින නිකුත් කර 28 දා ට වසරක් සපිරෙන නමුත් අද (26) සහ (27 ) පැවත්වීමට නියමිතව තිබූ අවසාන පූර්ව තරග සදහා ක්‍රීඩා සමාජ සදහා ක්‍රීඩා පිටි ලබා දීමට අපොහොසත්ව සිටියි.මේ තත්ත්වයෙන් මිදී තරග පැවත්වීම සදහා ක්‍රීඩා පිටියක් සොයා ගනිමින් තරගය පැවත්වීමට උත්සාහ කළ ක්‍රීඩා සමාජ දෙකකට එම තරගය සදහා විනිසුරුවන් ලබා නොදෙමින් තවත් නින්දිත ක්‍රියාවක යෙදෙන්නට බේස්බෝල් පරිපාලනය ක්‍රියා කර ඇත.
වසරක පමණ කාලයක සිට මෙම දින දෙක තුළ තරග පැවත්වීමට කාලය සකසා ගෙන සිටිය දී,විනිසුරුවන් සහභාගි නොවීම සහ එයට විනිසුරුවන් වෙන් කර නොතබා ගැනීම පිළිබදව වගකීම ද බේස්බෝල් පරිපාලනයටම හිමි විය යුතුය.මේ මොහොතේ ජාතික තරගාවලියේ දිගුවක් ලෙස පැවත්වෙන ලීග් තරගාවලියේ දී බේස්බෝල් පරිපාලනය ගනු ලැබූ හාස්‍යජනක තීරණයක් හේතුවෙන් ජාතික තරගාවලියේ දී වෙනත් කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් මෙම තරගාවලියේදී තවත් ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කරනු දක්නට ලැබිණ.මේ තත්ත්වය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අවධානයට ලක් වී තිබෙන කරුණකි.
මෙවැනි අසාධාරණ ක්‍රියා පසුපස සිටින බේස්බෝල් පරිපාලනයේ එක් නිලධාරියෙකු මේ වන විට බලසම්පන්න චරිත වල නම ඈදා ගනිමින් විවිධ පාර්ශවයන් වලින් ඊට එරෙහිව නැගෙන විරෝධතා මැඩ පැවත්වීමට උත්සාහයක් ගනිමින් සිටින බව ද සැළ වේ.පරිපාලනයේ ක්‍රියා වලට නාමල් රාජපක්ෂ මංත්‍රීවරයාගේ සියළු ආශිර්වාදය හිමිවන බව කියමින් ඊට එරෙහිව නැග එන බලවේගවල ආවේගය මැඩ පවත්වන හෙතෙම යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඇතැම් ක්‍රීඩකයන්ට එරෙහිව ක්‍රියා කිරීමට ගෝඨාභය රාජපක්ෂයන්ගේ ආශිර්වාදය ලබා ගන්නා බවට අනතුරු අගවමින් සිටියි.
මේ අතර දරුණුම තත්ත්වය ඇති වී තිබෙන්නේ මෙම පුද්ගලයා ක්‍රීඩා පිටි සෙවීම වෙනුවට ඊට එරෙහිව අදහස් දක්වන්නන් සදහා සොහොන්පිටි සෙවීම සිය කාර්යය බවට පත් කර ගෙන තිබීමය.බේස්බෝල්  පරිපාලනයට සම්බන්ධ හිටපු සුපිරිතම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වන ව්‍යාපාරිකයෙකුගේ මැර හමුදාවක් මගින් මෙම කාර්යය කරන බවට විරුද්ධවාදීන්ට පණිවිඩ යැවීම මෙන්ම මධ්‍යස්තව සිටින පුද්ගලයන්ට එම මැරයන් මගින් ආරක්ෂාව ලබා දිය හැකි බව කියමින් ඔවුන් විරුද්ධව මත පළ කිරීමට ඇති ඉඩ වැළක්වීම අලුත්ම සංදර්ශනය වී ඇත.බොහෝ විට එම ව්‍යපාරිකයා රටේ ප්‍රබලතම දේශපාලනඥයෙකුගේ ඥාතියෙකුද බව පවසමින් කරන මේ බිය වැද්දීම් පිළිබදව මීට පෙර නම් සදහන් පුද්ගලයන් මෙන්ම එම ව්‍යාපාරිකයාද නොදන්නවා විය හැකි අතර ඇතැම් විට ඔහු ගේ පවුල් පසුබිම හා සසදද්දී එවැනි මැර හමුදාවන් සමග සබදතා ඇති පුද්ගලයෙකු ලෙස සිතීමට ද අපහසු බව ඒ පිළිබදව කරුණු පැහැදිළි කරන බේස්බෝල් ක්ෂ්ත්‍රයේම පිරිසක් පවසති.
නමුත් මේ වන විට මේ සම්බන්ධයෙන් මරණ තර්ජන එල්ල වූ ඇතැම් පිරිස් සිය ආත්ම ආරක්ෂාව පතා ඒ පිළිබදව පොලිසියේ සටහන් තැබීමට පියවර ගනිමින් සිටින බව ද වාර්තා වේ.
www.supirikrida.com

උතුරු - නැගෙනහිරෙන් ක්‍රීඩා ඇමතිට තිළිණයක්

Ian Daniel
නමාධ්‍ය මගින් පෙන්වා දීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කරන්නට යෙදුණ කරුණු විමසීමට අනුව පළාත් තරග සදහා ඇතුළත් කළ නව ක්‍රීඩකයන් අතරින් උතුරු නැගෙනහිර කණ්ඩායමට ඇතුළත් කරන ලද ක්‍රීඩකයන් තමන්ට අවස්ථාව ලද පළමු මොහොතේම දස්කම් අතරට පිවිස උතුරු - නැගනහිර කණ්ඩායමට තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා දීමට සමත් විය.මේ දක්වා අපරාජිතව සිටි වයඹ කණ්ඩායමට කඩුලු 7 ක පරාජයක් ළගා කර දෙමින් වයඹ කණ්ඩායමට මේ නිසා තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවිය.

තේරීම් කමිටුව විසින් හදුනාගත හැකි හේතුවකින් තොරව තරග කිහිපයකට යොදවා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බැහැර කරන ලද කෝසල කුලසේකර වයඹ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 104 ක් ලබමින් තමන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස යොදා ගැනීමට ඇති ඉඩ - කඩ පහදා දුන් අතර එම ලකුණු 104 ට වාරු වී හෝ වයඹ කණ්ඩායමට ලකුණු 200 දක්වා යාමට නෙහැකි වූ අතර ඔවුන්ගේ ඉණිම ලකුණු 188 දී නතර විය.
ලකුණු 189 ක් වූ ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට උතුරු - නැගනහිර පිළි වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් තේරීම් කමිටුවේ පළමු තේරීම් වලට ඇතුළත් නොවූ ඉයන් ඩැනියල් (92) සහ පබසර වඩුගේ (25) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 61 ක සබදතාවයක් පැවත්වීය.අනතුරුව තරගය නිමා කිරීමේ දී දෙවන කඩුල්ල දැවීමෙන් පසුව පිටියට පිවිස ජයග්‍රහණය වාර්තා වන විට නොදැවී ලකුණු 31 ක් ලබා ගත් සහන් විජේරත්න ද තේරීම් කමිටුවේ පළමු තේරීමේ දී කැපී ගිය ක්‍රීඩකයෙකි.
තරගයේ ලකුණු විස්තරය සදහා මෙම සබදතාවය යොදා ගත හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/current/match/600414.html

තේරීම් වලට හොටු ගෑණියෙක්!

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරයට පාර්ලිමේන්තු මංත්‍රී සනත් ජයසූරිය කැදවීමේ යෝජනාවක් පවතින බවට මාධය මගින් පළ වන වාර්තාත් සමග ක්‍රිකට් කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙකු එය කැහි ගෑණි දී හොටු ගෑනී ගැනීමකට සමානයි යන පිරුළෙන් හදුන්වන්නට පටන් ගෙන ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සාර්ථක ලෙස මෙහෙය වූ නායකයෙකු මෙන්ම,ශ්‍රී ලංකාව බිහිකළ ප්‍රහාරාත්මක පිතිකරුවන් අතර මුල් තැන පසුවන සුවිශේෂී තුන් ඉරියව් ක්‍රීඩකයෙකුද වන සනත් මේ වන විට දරණ පාර්ලිමේන්තු මංත්‍රී ධූරයත් සමග තේරීම් කමිටුව නොගැලපෙන බව ඒ පිරිසගේ අදහස වී ඇත.
පාර්ලිමේන්තු මංර්‍තිවරයෙකුට වගකීම් වැඩියි,ඒ වගෙ තියෙද්දි තේරීම් කමිටුවෙ වගකීම කරන්න බෑ.මෙතනදි ක්‍රිකට් බලන්න වෙනවා.තෝරනවා කියන්නෙ ලිපි ගොනුවල වැඩ කිරීමක් නොවෙයි යනුවෙන් පවසන එම පිරිස සනත් ක්‍රිකට් පරිපාලනයේ කුමන හෝ තනතුරක් දැරීම පිළිබදව ගැටළුවක් නැති වුව ද,තේරීම් කමිටුවට නම් ඔහු නොගැලපෙන බව පෙන්වා දෙයි.
එසේම තවමත් සනත් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන බව ද පෙන්වා දෙන එම පිරිස් එවැනි වට පිටාවක සනත් පැමිණීම සදාචාරසම්පන්න ක්‍රියාවක් නොවන බව ද පවසති.ක්‍රිකට් වෙනුවෙන් කාලය කැප කළ හැකි වැඩි වගකීමකින් තොර චරිත ක්‍රිකට් කේෂ්ත්‍රයේ සිටියදී සනත් වැනි චරිත තෝරා ගැනීමෙන් ක්‍රිකට් වලට පක්ෂ දේශපාලනික මුහුණුවරක් ඇති වෙන බව ද පවසන එම පිරිස් ශ්‍රී ලංකා ක්‍රිකට් හී යාන්ත්‍රණයට තදින්ම බල පෑ ප්‍රවීන ක්‍රීඩකයන් දෙ‍දෙනෙකුගේ සහ ක්‍රීඩක කළමණාකරුවෙකුගේ දේශපාලන අධිපති ධාරාවෙන් ක්‍රිකට් මිදෙමින් පවතින මොහොතක,සනත් පත් කිරීමට සිතීම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ගැටළු සමග ජීවත්වීමේ ආශාවක් පවතින්නේදැයි සැක උපදවන බවත් එම පිරිස පවසති.
www.supirikrida.com

Jan 25, 2013

රට වෙනුවෙන් උදව් කළ අයට අසාධාරණයක් නොවිය යුතුයි- දැල් පන්දු මෙහෙයුම භාරගත් කපිතාන් ලක්ෂ්ඹි වික්ටෝරියා

ලාංකේය දැල් පන්දුවේ අර්බූද නිමා කරමින් එය අලුත් මාවතකට යොමු කිරීමේ වගකීම පවරාගත් නව දැල්පන්දු සභාපතිණිය කපිතාන් ලක්ෂ්මි වික්ටෝරියා,පසුගිය ආසියාතික දැල්පන්දු සූරතාවලියේ මේ දක්වා අවසන් නොකර ඇති ගෙීම් සම්බන්ධයෙන් කුමක් කරන්නේද යන්න පිළිබදව විමසූ අවස්ථාවේදී පවසා සිටියේ එම ගෙවීම් ලැබීමට ඇති අය රටේ ක්‍රීඩාවට රටට උදව් කළ අය බැවින් ඔවුන්ට අසාධාරණයක් නොවිය යුතු බවය.හිටපු හමුදා නිලධාරීණියක මෙන්ම වර්ථමානයේ බැංකු කේෂ්ත්‍රයේ විධායක නිලධාරීනියකද වන ඇය තමන් සේවය කරන මහජන බැංකුවෙන් එම තරගාවලියේ අනුග්‍රාහකත්වය සම්බන්ධ මුදල අමාත්‍යංශයට පිරිනමා අවසන් බවත් එම නිසා අමාත්‍යංශය සමග සාකච්ඡා කර එම මුදල පිරිනැමීමට ඉක්මණින් අවශ්‍යය වැඩ කටයුතු සකස් කිරීමට හැකි වෙනු ඇතැයි තමා අපේකෂා කරන බවත් පැවසීය.
සිය ප්‍රතිවාදිනිය ලෙස තරග වැදි ට්‍රික්ෂි නානායක්කාර ජයග්‍රහණය කරේනම් මෙම මුදල් නොගෙවන බව පැවසීම පිළිබදවද අප ඇයගෙන් විමසා සිටි අතර ඇය එහිදී කිසිවෙකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම යුතු නොවන බව පැහැදිළි කරමින් පැවසූවේ එම මුදල් ගෙවීමට ඇත්තේ අපේ රටේ පැවත් වූ තරගාවලියක් සාර්ථක කර ගන්න අත - හිත දුන් පිරිසකට බව පෙන්වා දුන්නාය.තව දුරටත් රටේ ක්‍රීඩාව වෙනුවෙන් එවැනි අය රැක ගැනීම මෙන්ම දිනා ගැනීමද වගකීමක් බව පෙන්වා දුන් ඇය එම නිසා අදාළ මුදල් පියවීමට අමාත්‍යංශය සමග කතා කර ඉක්මන් පියවර ගැනීමට තමන්ට හැකි වෙනු ඇතැයි විශ්වාසය පළ කළාය.
'මම අම්ම කෙනෙක්,ඒ නිසා ක්‍රීඩා කරන වයසෙ දරුවො මටත් ඉන්නවා.මම ක්‍රීඩිකාවො දිහා බලන්නෙත් දරුවො දිහා බලනවා වගේ.ඒ අයට හොදට සළකනවා වගේම ඒ අය හොද දරුවො කරන්න වැරදි කරන වෙලාවට තරවටු කරන්නත් වෙනවා.' නව දැල් පන්දු සභාපතිණි ලක්ෂ්මි වික්ටෝරියා දැල් පන්දු නිලවරණයෙන් සභාපති පදවියට තේරී පත්වීමෙන් පසුව සුපිරික්‍රීඩා වෙත පැවසුවාය.
පසුගිය කාලයේ විනය පිරිහීම සම්බන්ධයෙන් නිතර ඇසුණු කතා පිළිබදව අප කළ විමසීමක දී එසේ පැවසූ ලක්ෂ්මි,ක්‍රීඩිකාවන්ගේ පමණක් නොව නිලධාරිණියන්ගේ විනය පිළිබදවද තමන් සැළකිලිමත් වන බව පෙන්වා දුන්නාය.
හමුදා නිලධාරිණියක ලෙස විනයානුකූලව කටයුතු කිරීම මෙන්ම බැංකු නිලධාරිණියක ලෙස මහජන සම්බන්ධතා යහපත් ලෙස පවත්වා ගෙන යාමත් පිළිබදව තමන් පරිචයක් ලබා ඇති බව පැවසූ ලක්ෂ්මි වික්ටෝරියා, මේ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන විනයානුකූල,සුහදශීලී කැපවීමෙන් ක්‍රියා කරන පිරිසක් බවට ලාංකේය දැල් පන්දු පරිපාලනය පත්කිරීමට සිය කණ්ඩායමට මග පෙන්වීමට හැකි වෙනු ඇතැයි විශ්වාසය පළ කළාය
ජාතික මට්ටමෙන් වගකීම් දරා නැති එහෙත් පළපුරුදු පිරිසක් මෙම නිල කණ්ඩායමට ඇතුළත් වී ඇති බව පෙනෙයි.කෝට්ටේ දැල් පන්දු ඇකඩමියේ ශ්‍යාමා කුරේ ලේකම් ධූරයට පත් වූ අතර පාසල් දැල් පන්දු සංගමයේ ලේකම් සුධර්මා ජයවර්ධන උප ලේකම් ධූරයට පත් වූවාය.වැඩිම ජන්ද ප්‍රමාණයක් වූ 28 ක් හිමිකර ගත් දිනෙලි පිටිගලආරච්චි භාණ්ඩාගාරික ධූරයට පත් වූ අතර වැඩිම ජන්ද පරතරයක් තබා ජය ගත්තේ ජාත්‍යන්තර සබදතා පිළිබද වගකීම දිනා ගත් පළපුරුදු නිලධාරිණියක වන ඔලිවියා ගමගේය.තරග ලේකම් ධූරය සදහා පත් වූ චම්පා අල්විස් නිලවරණයේ ස්වභාවය පිළිබදව විරෝධය පා ඉල්ලා අස් වූ අතර,ඒ අනුව එම තනතුර බොහෝ විට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක වන සහ ප්‍රබල පුහුණුකාරියක වන සහය  තරග ලේකම් ධූරයට තරග වැද ජයගත් පීඩීඑම් ප්‍රසාදි පත් වූවාය.
එසේම ආසියානු කුසලානය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙද්දී ආසියානු වෙරළ දැල් පන්දු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට අවශ්‍යය මාර්ගෝපදේශණය දුන් පුහුණුකාරිය වූ යමුනා සදමාලි උප සභාපතිණියක ලෙස තේරී පත් වූවාය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා සබැදි මලල ක්‍රීඩාවේ විශාල කීර්තියක් ඇති පිරිස් මෙවර නිලවරණයේදී පරිපාලනයට සම්බන්ධ වීම ද කැපී පෙණුන තත්ත්වයකි.එ අතරින් ජාතික ක්‍රීඩා උළෙලේ ආරම්භක ආරම්භක තරගාවලියේදී උස පැනීමේ සූරිය වූ මුතුලක්ෂ්මී කොඩිකාර (වර්ථමානයේ හෑගොඩ) ද උප සභාපති තනතුරකට පත් විය.අමරා කුමාරි නානායක්කාර උප භාන්ඩාගාරික ධූරයට පත් විය.යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කළ රූබසිංහම්,රූපා ගුණසේකර සහ පදමා මංගලිකා ද උප සභාපතිවරියෝ වූහ.
තරග ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ චම්පා අල්විස් මෙන්ම,නිලවරණය නීති විරෝධි බවට හඩ නැගූ සභාපති තරගයෙන් පරාජිත වූ ට්‍රික්ෂි නානායක්කාර ද කරන චෝදනා තදින් ප්‍රතික්ෂේප කළ අධයක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි පවසා සිටියේ ඔවුන් පවසන රාජ්‍ය සේවා සංගමය පමණක් නොව ක්‍රියාකාරී තත්ත්වය සළකන්නේ නම් වැඩි සංගම් පිරිසකට ජන්ද බලය අහිමි විය යුතු බවය.නමුත් එම අක්‍රීය සංගම් ද නැවත පුබුදුවාලීමේ අදහසක් ඇතිව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සියළුම ලියාපදිංචි සංගම් වලට ජන්ද බලය ලබා දීමට කටයුතු කළ බවය.
ජන්දය ප්‍රකාශ කිරීමට ඒ ඒ සංගම් වෙනුවෙන් නම් කරන ලද පිරිස් හිටියා.ඒ අය බොහොම සාවධානව තම ඡන්ද ප්‍රකාශ කිරීමට කටයුතු කළා.ඡන්දය පැවති අවස්ථාවේ ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය ප්‍රකාශයක් කිරීමට නැගී සිටියා.මම ඒ අවස්ථාවේ ජන්ද පැවත්වෙන ස්ථානයක
www.supirikrida.com  

විජේකොන්ට මිලියන භාගයක්

IMG_0319 copy.jpgශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම මීටර් 1500 ධාවකයා වන චමින්ද ඉන්දික විජේකෝන් ගේ නිවසේ ඉදිකිරීම් කටයුතු සාර්ථක කර ගැනීම සදහා රැපියල් ලක්ෂ පහක මුදල් පරිත්‍යාගයක් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශ්‍ය ගත් තීරණයකට ුනුව එම මුදල ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විජේකොන්ට පිරිනැමීම අමාත්‍ය කාර්යාලයේදී සිදු විය.ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා මෙන්ම විජේකෝන්ගේ පුහුණුකරුද එම අවස්ථාවට එක් වූ අතර ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින්  අදාළ මුදල් පරිත්‍යාගය විජේකෝන් වෙත සිදු කළ අයුරු මේ සමග වන ඡායාරූපයෙන් දැක්වේ.
ලුසෆෝනියා ක්‍රීඩා උළෙල දෙකේදීම මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම දිනූ විජේකෝන්,ආසියාතික මට්ටමෙන්  මීටර් 1500 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් එකම ක්‍රීඩකයාද වන්නේය.වර්ථමාන දක්ණු ආසියාතික මීටර් 1500 සූරයාද වන විජේකෝන් එම ඉසව්ව විනාඩි 3:40 ට අඩු කාළයකින් නිමා කළ එකම සහ පළමු ලාංකේය ක්‍රීඩකයාද වන අතර ඔහුගේ වර්ථමාන ජාතික වාර්තාව වන්නේ විනාඩි 3:39.61 කි.වසර දොළහක් වන විජේකෝන්ගේ මලල ක්‍රීඩා ජීවිතයේ එම කාලය තුළ,බිද දමා ඇති ජාතික වාර්තා ප්‍රමාණය ද 12 කි.
www.supirikrida.com

අලුත් ඇමෙරිකානු කළු කුසුමට අවසාන තරගය අහිමි වේ


 ස්ලෝනි ස්ටෙෆාන්
ස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී සුපිරි ඇමෙරිකානු ක්‍රීඩිකා ෂෙරීනා විලියම්ස් 3 - 6, 7 - 5 ක් සහ 6 - 4 ක් ලෙස පරාජය කළ ඇමෙරිකාවේස ස්ලෝනි ස්ටෙෆාන් ගේ අවසාන තරගයට පිවිසීමේ බලාපොරොත්තුව වනසා දැමූ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා බෙල්රුසියාවේ වික්ටෝරියා අසරෙන්කා ස්ලෝනි ට එරෙහිව ලකුණු  6 - 1 සහ 6 - 4 ක් ලෙස පරාජයට කතා කළාය.ෂෙරීනා පරාජය කරන විට ලොව අංක 29 ට ශ්‍රේණිගතව සිටි ස්ලෝනි එම ජයග්‍රහණයත් සමග ලොව 25 වන ස්ථානය දක්වා ඉහළ පැමිණියා ය.

Li Na
නා ලී 



කාන්තා අවසන් පූර්ව තරග වටයේදී තවත් පෙරළියක් සිදු කළ චීනයේ නා ලී ලොව අංක දෙකට ශ්‍රේනිගතව සිටින රුසියාවේ මාරියා ෂරාපෝවා පරාජය කළාය.6 - 2 සහ 6 - 2 ක් ලෙස පහසුවෙන් ෂරාපෝවා ව පරාජයට පත් කළ ලී,ලොව අංක හයට ශ්‍රේණිගතව සිටින්නීය.ඒ අනුව අවසාන තරගයේදී ලී සහ වික්ටෝරියා තරග වදින අතර පිරිමි අවසන් තරගය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හී අංක එකට සිටින සර්බියාවේ නොවැක් ඩිජොකොවික් සහ අංක තුනට සිටින බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ සමග පැවත්වෙනු ඇත.
පිරිමි අංශයේදී කාන්තා අංශයේදී මෙන් පෙරළි විශාල වශයෙන් සිදු නොවූ අතර අවසාන ක්‍රීඩකයන් හතර දෙනා ලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හී පළමු ක්‍රීඩකයන් සිව් දෙනා තේරී පත් වූහ.එහිදී සුළු පෙරලියක් පෙන්නුම් කළ මරේ, අංක දෙක ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් පරාජය කළ අතර අංක හතරට සිටින ස්පාඤ්ඤයේ ඩේවිඩ් ෆෙරර් ඩිජොවික්ට පරාජය විය.

Jan 24, 2013

එල්ලේ යෝෂිතව එල්ලා ගනියි

.

ජාතික එල්ලේ සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස යෝෂිත රාජපක්ෂ පත් වනු ඇති බව එහි වත්මන් සභාපති ආනන්ද හරිෂ්චන්ද්‍ර පවසයි.තමාට වඩා වැඩ කිරීමේ වැඩි ධාරිතාවයක් සහ හැකියාවක් ඇති පුද්ගලයෙකු ලෙස යෝෂිත රාජපක්ෂගේ පැමිණිම එල්ලේ ක්‍රීඩාවේ සුභ සිද්ධිය පිණිස වන ආශිර්වාදයක් වනු ඇති බවට අදහස් දක්වන ආනන්ද තමා ඒ සදහා හදවතින්ම ආශිර්වාද කරන බව ද පැවසීය
මාර්තු 30 පැවත්වීමට නියමිත එම නිලවරණයේදී යෝෂිත රාජපක්ෂ නිතරගයෙන් සභාපති ධූරයට පත්වනු ඇති බවට විශ්වාසය පළ කළ දැඩි උත්සාහයක් ගෙන මේ සදහා ඔහුගේ කැමැත්ත දිනා ‍ගැනීමට ලැබීම,එල්ලේ ක්‍රීඩාව ලද වාසනාවක් බව ද පැවසීය.
ආනන්ද හරිෂ්චන්ද්‍ර මේ පිළීබදව අදහස් දැක්වීම සිදු කළේ,සීදූව කොක්පිට් හෝටල් පරිශ්‍රයේ පැවති,ජාතික මට්ටමේ 40 කාන්තා සහ පිරිමි එල්ලේ තරගාවලිය පිළීබදව දැනුවත් කිරීමෙ මාධ්‍ය හමුවේදීය  දිස්ත්‍රික් සහ පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක වී ජාතික තරගාවලියට ප්‍රවේශ වන මෙම තරගාවලියේ දී පළාත් ජයග්‍රාහකයන්ට රුපියල් 25,000 ක මුදල් ත්‍යාගයක් සහ ක්‍රීඩා ඇදුම් කට්ටල ප්‍රදානය කෙරේ.ජාතික මට්මේදී ජයග්‍රාහකයනට රුපියල් ලක්ෂ තුනක් සහ අනු සූරයනට රුපියල් ලක්ෂ දෙකක් පිරිනැමෙන අතර ජයග්‍රාහීකාවනට මුදලින් රුපියල් ලක්ෂයක් සහ අනු සූරියනට රුපියල් 50,000 ක් පිරිනැමීමට නියමිතය.

Jan 23, 2013

ක්ලාක්ගේ වළලුකර උලුක්කු වෙයි - සහභාගිවීම අව්නිශ්චිතයි

ස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාවේදී ප්‍රථම වරට එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජය වීමේ අවදානමට මුහුණ දී සිටින මොහොතක,ඕස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් ට ද තීරණාත්මක තරගයේදී ඕස්ට්‍රේලියාව නියෝජනයට අවකාශ නොලැබෙන තත්ත්වයක් පැන නැගී ඇති බව ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවේ.තරග පුහුණුවේදී ක්ලාක් වළලුකර ආබාධයකට ලක් වීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇත.
තරගාවලියේ තරග හතරක් මේ දක්වා නිමාවට පත්වී ඇති අතර ශ්‍රී ලංකාව මේ වන විට 2 - 1 ක් ලෙස ඉදිරියෙන් සිටියි.සිව්වන තරගයද ශ්‍රී ලංකාවට යම් වාසිදායක තත්ත්වයක් පෙනෙන්නට තිබියදී ඇති වූ වර්සා තත්ත්වය හේතු කර ගෙන තරගය අතහැර දමන්නට විනිසුරුවන් සහ තරග තීරක විසින් ගන්නා ලද තීරණය අභියෝගයට ලක් කරන බව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කර ඇති අතර ඒ පිළිබදව ජගත් ක්‍රිකට් කවුන්සිලයට තොරතොරු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.මේ තත්ත්වය තරගාවලියේ අවසාන තරගයේදී ශ්‍රී ලංකාවට වඩාත් ප්‍රවේශම් සහගත විය යුතු බවට කරන අනතුරු ඇගවීමක් බදු වන අතර ඇතැම් විට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් තරග වදින ක්‍රීඩකයන් 11 දෙනාට අමතරව විනිසුරුවන් සහ තරග තීරකයා ද ශ්‍රී ලංකාවට එරෙහිව සිටිය හැකි බවට කරන පූර්ව දැණුම් දීමකි.

බේස්බෝල් විකාරය ගැන හොයා බලනවා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

ජාතික බේස්බෝල් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ප්‍රධානතම කණ්ඩායම් අටට වරප්‍රසාදයක් ලෙස පිරිනැමෙන ජාතික ලීග් තරගාවලියේදී ජාතික තරගාවලියේ පරාජිත කණ්ඩායම් වල සිටි ක්‍රීඩකයන් ජයග්‍රාහී කණ්ඩායම් වලට ඇතුළත් කිරීමට අවසර දීම  යනු විකාරයක් බව පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා වගකිව යුතු  නිලධාරීන් අප වෙබ් අඩවිය හරහා  ඒ සම්බන්ධයෙන් කළ හෙළිදරව්ව පිළීබදව තමා දැනුවත් නොකළ බවත් පැවසීය.ජාතික තරගාවලියම පදනම් කරගෙන පවත්වන තරගාවලියකදී එසේ කිරීමෙන් කණ්ඩායම් දෙදකට එකම තරගාවලියක් තුළ ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීමට ලැබීම සදචාරසම්පන්න සහ නීත්‍යානුකූල නැති බව පෙන්වා දුන් ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළීබදව වහාම සොයා බැලීමට කටයුතු කරන බව පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය කළ කරුණු දැක්වීම පරීක්ෂණයක් කිරීමට ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ විජේරත්න සහ අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් මේ පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කරන බව කීව ද ඊයේ අමාත්‍යවරයා සමග සාකච්ඡා කෙරෙන තෙක් ඒ පිළිබදව අමාත්‍යවරයා දැනුවත්ව නොතිබිණ.එහිදී අප කරුණු පෙන්වා දෙමින් පරපාලනය වරදක් කිරීම සදහා ක්‍රීඩා සමාජවල ලිඛිතව ක්‍රීඩා සමාජ වලින් අවසර ඉල්ලද්දී ක්‍රීඩා සමාජයකට හෝ ක්‍රීඩකයෙකුට ඊට විරුද්ධව කරුණු දැක්වීමෙන් එම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩා සමාජයට හානිකර තත්ත්වයක් ඇති වේය යන්න අමාත්‍යවරයා පිළිගත් අතර එම ප්‍රායෝගික තත්ත්වය සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් අවබෝධ කර නොගැනීම පිළිබදව කණස්සල්ල පළ කළේය.
ඒ අනුව මේ පිළිබදව වහාම සොයා බැලීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
www.supirikrida.com

Jan 21, 2013

හමුදා අභිමානය ඩීඑස් ඉදිරියේ හෑල්ලු වෙති

මෙවර බේස්බෝල් ලීග් තරගාවලියේ දී ජාතික වර්ණලාභි ක්‍රීඩකයන් රැසක් තරග වදින් යුධ හමුදා කණ්ඩායම ලකුණු 7 - 5 ක් ලෙස පරාජයට පත් කරමින් ඩීඑස් නයිටි කණ්ඩායම ලැබූ පෙරළිකාර ජය හේතුවෙන් මෙවර ලීග් තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර අතරට පැමිණෙන්නට ඩීඑස් නයිට් කණ්ඩායමට හැකි විය.ඩීඑස් නයිටි කණ්ඩායමට අමතරව ජාතික සූරයන් ලෙස වැජඹෙන රණබිම රාජකීය,කොළඹ රාකීය සහ කොළඹ මෙරුන්ස් කණ්ඩායම අවසාන කණ්ඩායම් හතරට පැමිණ තිබේ.
මෙම තරගාවලිය පැවත්වීමේදී බේස්බෝල් සංගමය සදාචාර සම්පන්න නොවන නීතිමය තත්ත්වයකට ක්‍රීඩා සමාජවල කැමැත්ත ලබා ගනිමින් ජාතික තරගාවලියේම දිගුවක් ලෙස පවත්වන මෙම තරගාවලියේදී ක්‍රීඩකයන්ට කණ්ඩායම් මාරු කළ හැකි අන්දමට නීතිමය තත්ත්වය සකස් කළ අතර මේ නිසා ජාතික තරගාවලියේම දිගුවක් ලෙස ක්‍රියාත්මක වන තරගාවලියේ දී වෙනම කණ්ඩායම් සදහා ක්‍රීඩකයන්ට ලැබුණු අවස්ථා‍ව නිසා එකම තරගාවලියක දී කණ්ඩායම් දෙකක් නියෝජනය කරන අශෝභන තත්ත්වයක් පරිපාලනයේ ආශිර්වාදයෙන්ම හිමි විණි.
www.supirikrida.com

ඕස්ට්‍රේලියාවේ ගෞරවය බේරා ගැනීමට 11 ට වැඩි පිරිසක්?

Rain forced Sri Lanka's chase to be halted, before the match was eventually called offශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ දී පළමු වරට එක්දින තරගාවලියක් ජය ගැනීම සදහා ආසන්න වෙමින් සිටින මොහොතක එය වැළක්වීමට ක්‍රීඩා පිටිය මැද සිටින ක්‍රීඩකයන් 11 දෙනාට අමතරව තවත් පිරිසක් එක් වී ඇත්දැයි යන සැකය මතු කරමින් වර්ෂාව පදනම් කර ගෙන ඊයේ තරගය අතහැර දැමීමට තරග විනිසුරුවන් සහ තරග කීරකයා එකග විය.ශ්‍රී ලංකා නායකයා තරගය පැවත්වීමට උචිත මට්ටමේ ක්‍රීඩාංගණය ඇති බව පවසමින් තරගය අතහැර දැමීමට එරෙහිව අදහස් දක්වා ඇතත් තරග විනසුරු මෙන්ම ඉන්දීය ජාතික ජවගාල් ශ්‍රී නාත් තරග තීරකවරයා ද තරගය අතහැරදැමීමට තීරණය කළ හ.මහේල මේ තත්ත්වය පිලීබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කරන බව ද පැවසීය.
ශ්‍රී ලංකාවට පහසු සහ විශ්වසණියත්වය වැඩි සිඩ්නි ක්‍රීඩාංගණයේ දී පැවති තරගය  ජය ගැනීමට අවශ්‍යය මූලික පසුබිම සකස් කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියාව ලකුණු 222 ට සීමා කළහ.යළිත් සුපිරි පන්දුයැවීමක් ප්‍රදර්ශණය කළ නුවන් කුලසේතර සිය හැකියාව අහම්බයක් නොවන බවට සාක්ෂි සපයමින් ලකුණු 30 ට කඩුලු 3 ක් ලබා ගත් අතර ඕසට්‍රේලියානු අවසනා කඩුල්ල ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නොදුන් මිචෙල් ස්ට්‍රැක් සහ ෂ්වි‍යර් ඩොරති අවසාන කඩුල්ලට ලකුණු 40 ක් ලබා නොගන්න ඕසට්‍රේලියාවේ ඉරණම ලකුණු 200 ට අඩු ගණනක් වන්නට තිබිණ.
මිචෙල් අවසාන කඩුල්ල යැයි එය රැක ගැනීම වෙනුවෙන් ගත යුතු ක්‍රියා මාර්ගය ආරක්ෂාව ලෙස නොසැළකූ අතර ආක්‍රමණික ප්‍රහාරයක් දියත් කරමින් තරගයේ අවසාන භාගයේදී ඔහු විසින් පන්දු 37 ක් තුළ නොදැවී ලකුණු 52 ක් ලැබීය ආරම්භක පිතිකරු ඩේවිඩ් වොනර් ලබා ගත් ලකුණු 60 සහ ස්ට්‍රැක් ගේ ඉණිම් මත ගොඩ නැගුණු ඕසට්‍රේලියාවේ ලකුණු 222 හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දු ඕවර් 3.2 ක් තුළ ලකුණු 14 ක් ලබා කිසිවෙකු නොදැවී සිටියදී වර්ෂාවට තරගය අත හැරිය යුතු බවට විනිසුරුව් මෙන්ම තරග විනිසුරුවන් ද ගත් තීරණය නිසා ඕස්ට්‍රේලියාවේදී ලබන පළමු එක්දින තරගාවලිය සම්බන්ධ සිහිනය සැබෑ කර ගැනීමට තවත් දින කිහිපයක් ඉවසා සිටින්නට මහේල ඇතුළු පිරිවරට සිදු වේ.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573017.html
www.supirikrida.com

මුම්බායි කිරුළ උගන්ඩාවේ කෝඩුකාරයාට





ස්ටෑන්ඩරඩ් චාටර්ඩ් බැංකු මැරතන් තරගාවලිය යටතේ පැවති මුම්බායි මැරතන් තරගයේ ජය 20 හැවිරිදි උගන්ඩාවේ ජැක්සන් කිප්රොප් ට හිමි වුණා.ඔහු එම තරගය ජය ගත්තේ පැය 2 :09:32 ක කාලයක් වාර්තා කරමින්.ඉතියෝපියාවේ ජාකොබ් චෙසාරී දෙවන ස්ථානය දිනා ගත්තේ පැය 2:09:43 ක කාලයක් වාර්තා කරමින්.තෙවන ස්ථානය හිමි වුණේ කෙන්යාවේ එජිජා කෙම්බෝයි ට යි.ඔහු ඒ සදහා වැය කාලය පැය 2 :10:03 ක් ලෙස සටහන් වුණා.



කාන්තා අංශයේ ජය කෙන්යාවේ වැලන්ටිනේ කිප්කේටර් දිනා ගත්තා.ඇය ඒ සදහා පැය 2:24:33 ක කාලයක් ගත කළා.දෙවන ස්ථානය ඉතියෝපියාවේ දික්නේෂ් මෙකාෂ් විසින් දිනා ගත්තා.ඇය තරගය නිම කිරීම සදහා පැය 2:28:46 ක කාලයක් ගත කර තිබුණා.පැය 2:29:03 ක කාලයක් ගත කරමින් තරගය නිම කළ ඉතියෝපියාවේ ඇබෙරූ මෙකුරියා තෙවන ස්ථානය දිනා ගත්තා.
ඉන්දියානුවන්ට විශේෂ ත්‍යාග හිමි වූ ඉන්දීය අංශයේ පිරිමි තරගයේදී සමස්ත තරගයේ 14 වන ස්ථානය දිනා ගත් බිනින් ලින්කෝයි පළමු ස්ථානයට පත් වුණා.ඔහුට තරගය නිම කිරීමට පැය 2:21:51 ක් ගත වී තිබුණා.එම කාන්තා අංශයේ ජයග්‍රහණය ලැබූ ඉන්දී්‍ය ක්‍රීඩිකාව වූයේ ලලිතා බාබර් වූ අතර ඇය සමස්ත තරගයේ 12 වන ස්ථානය දිනා ගනිමින් පැය 2:53:42 කින් තරගය නිම කර තිබුණා
ජාතික මලල ක්‍රීඩා සංගමය නිවැරදිව තේරීම් කමිටුව පත් කිරීම සදහා මැදිහත් නොවීම නිසා මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීමට අවස්ථාව නොලැබී ගියා.

www.supirikrida.com

Jan 20, 2013

හැරමිටි වන පළාත් ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට යාමට අවශ්‍යය පරිසරය ලෙස,වයස සහ හැකියාව යන ද්වී කාරණා සපුරමින් සිටින ඇතැමුන්ට එසේ වීසි නොවී වාරු වී සිටින්නට පහසුකම් සපයන හැරමිටි බවට අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය පත්වෙමින් තිබෙන බවට උදාහරණ සපයමින් ඊයේ කදුරට - ඌව කණ්ඩායම නියෝජනය කරන තිලාන් සමරවීර ට ආරම්භක පිතිකරුගේ භූමිකාව පවරා තිබුණා.රටේ ක්‍රීඩාවේ වර්ධනය පිණිස අවශ්‍යය දක්ෂයන්ට පෙරට ඒමට අවශ්‍යය පරිසරය සකස් කරන තරගාවලියක් බවට පත් විය යුත් මෙම තරගාවලිය මේ ආකාරයට වගකීමකින් තොරව එකිනෙකාගේ ගිලිහී යන  කීර්තියට වාරු වන්නට හැරමිටි බවට පත් කිරීමට අදාළ ක්‍රීඩා බලධාරීන් අවකාශ දීම තුළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය සුදු අලියෙකු බවට පත් වෙමින් තිබෙනවා.
පළමු මොහොතේ තේරීම් කමිටුව ක්‍රිකට් ආයතනයට සම්බන්ධ බව කියන පුහුණුකරුවන්ගේ කීර්තිය රැකදෙන හැරමිටි බවට පත් කිරීමට ගත් උත්සාහය මාධ්‍ය වාර්තා කර ගෙන ක්‍රීඩා අමාත්‍යවරයා කරන ලද මැදිහත් වීම හේතුවෙන් යම් තරමකට නිවැරදි වුව ද,යළිත් පුද්ගල අවස්ථාවන්  පදනම් කරගෙන වරප්‍රසාද පිරිනැමීම තුළින් තරගාවලියේ මුඛ්‍ය අර්ථය ගිලිහී යමින් පවතිනවා.
ඒ ආකාරයට කදුරට - ඌව කණ්ඩායමේ  ආරම්භය වෙනුවෙන් දායක වීමේ වරප්‍රසාදය තිලාන්ට හිමි වී තිබුණ ද, ඔහුට අසාර්ථකත්වයෙන් ගොඩ එන්නට නොහැකි වූ අතර නමුත් ඔහු සමග ඉණිම ඇරඹූ දිමුත් කරුණාරත්න ලකුණු 80 ක් ලබා ගත්තා.කාසියේ වාසිය ලබා පලමුව පන්දුවට පහර දුන් කදුරට - ඌව කණ්ඩායම වෙනුවෙන් දිමුත් ට අමතරව සිය තුන් ඉියව් දස්කම් පළිබදව නැවත සහතිකයක් සැපයූ සචිත්‍ර සේනානනායක වේගවත් ලකුණු 43 ක් ලබා ගත්තා. 
පිළිතරු ඉණිමට පිවිසි බස්නාහිර කණ්ඩායම අසරණ කළ,වමතින් පා දග පන්දු යවන දුලංජන මෙණ්ඩිස් ලකුණු 33 ට කඩුලු 5 ක් ලබා ගනිමින් බස්නාහිර කණ්ඩායමට ලකුණු 80 ක පරාජයක් සදහා යාමට අවශ්‍යය මූලික පදනම සකස් කර දුන්නා.තිලාන්ට මේ අවස්ථාවේ දී පන්දු යවන්නේකු ලෙස ද දක්ෂතා අතරට ඒමට අවශ්‍යය පසුබිම සකස් කර දීම වෙනුවෙන් යම් උත්සාහයක් තිබෙන බව පැහැදිළි වූ අතර යළිත් කලෙකින් ජාතික කණ්ඩායමේ පන්දු යවන්නාගේ භූමිකාවට දායක වී නැති ඔහු කදුරට - ඌව කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් පස් දෙනා අතර සිට ක්‍රියාත්මක වනු දක්නට ලැබුණා.තරගයේ ලකුණු විස්තරයට මෙම සබදතාවය හරහා පිවිසීමේ හැකියාව තිබෙනවා.
http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/current/match/600411.html
බස්නාහිර කණ්ඩායම මෙන්ම තරගාවලියේ සිය දෙවන පරාජයට ඊයේ මුහුණ දුන් කණ්ඩායම වූයේ උතුර නැගෙනහිර කණ්ඩායමයි.ඔවුන් රුහුණ කණ්ඩායම ඉදිරියේ කඩුලු 7 කින් පරාජයට පත් වුණා.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දුන් උතුර - නැගෙනහිර කණ්ඩායමට සිය පන්දු වාර 50 තුළ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 170 ක් පමණයි.සැළකිය යුතු ඉණිමක් දක්නට නොලැබුණු උතුරු - නැගෙනහිර කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළ සමීර සොයිසා ලකුණු 37 ක් රැස් කළා.
පිළිතුරු ඉණිමට පිවිසි රුහුණ කණ්ඩායම,35 වන ඕවරයේ සිව්වන පන්දුවේදී අදාළ ඉලක්කයට කඩුලු 3 ක් පමණක් දැවී පිවිසුණු අතර එහිදී අශාන් ප්‍රියාංජන ලකුණු 63 ක් ලබා නොදැවී සිටින්නට සමත් වුණා.තරගයේ ලකුණු විස්තරයට මෙම සබදතාවය හරහා පිවිසීමේ හැකියාව තිබෙනවා
http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/current/match/600410.html

ජාතික මලල ක්‍රීඩා හීන් නූලේ පැටලී කළුතර මලල ක්‍රීඩාව අනතුරේ

ජාතික මලල ක්‍රීඩාවේ බලය සම්බන්ධ අර්බූදය හමුවේ කල්ලි ගැසුණු කළුතර මලල ක්‍රීඩා නිලධාරීන්ගේ අසමගිය සෘජුව කටයුතු කිරීමට ඇති නොහැකියාව මත කළුතර මලල ක්‍රීඩා සංගමයේ වාර්හික රැස්වීමක් පවත්වා ගන්නට නොහැකි තරමට එම මලල ක්‍රීඩා පරිපාලනයේ තත්ත්වය ඛේදණීය තත්ත්වයකට ඇද වැටී තිබෙන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.එම වාර්තා වලට අනුව එම අසමගිකාරී තත්ත්වය හමුවේ තව දුරටත් ලේකම් ධූරයේ කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන කළුතර මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ප්‍රසන්න පෙරේරා ජාතික සංගමයට මෙන්ම කළුතර සභාපතිවරයාටද ලිපියක් ලියමින් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර ඇත.
එම නිසා ඊයේ පවත්වන්නට යෙදුණ රැස්වීම සදහා ප්‍රසන්න හෝ සභාපතිවරය‍ා ද සහභාගි වී නැති අතර 10 දෙනෙකුටත් අඩු පිරිසක් සහභාගි වීමේ තත්ත්වය තුළ රැස්වීමක් පැවත්වීමේ හැකියාව ලැබී නැත.මීට හේතුව ලෙස හිටපු මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු කළුතර මලල ක්‍රීඩා සංගමයේ සභාපති පදවියට පත් කිරීමට පිරිසක් දරන උත්සාහය හේතු වී ඇති බව දැන ගන්නට ලැබී ඇති අතර ඔහුට විරුද්ධ කොටස් සෘජුව සභාවක ඒ බව ප්‍රකාශ කිරීමට හෝ ඔහුට එරෙහිව ප්‍රසිද්ධියේ පෙනී සිටීමට ඇති නොහැකියාව මත මලල ක්‍රීඩා සංගමයේ රැස්වීම් වලට සහභාගිවීම වළකන්නට නොයෙකුත් උපක්‍රම භාවිතා කරමින් සිටින බව දැන ගන්නට ඇත.
කළුතර මලල ක්‍රීඩා නිලවරණය පැවත්වීමට පළමු වරට උත්සාහ කළ අවස්ථාවේ එම සංගමයේ සභාපතිවරයා වන බස්නාහිර පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක සුමේධ එපිටකඩුව ම, රීතිමය කරුණක් මත එම රැස්වීම පැවත්වීම වැළක් වූ අතර මේ වන විට ඔහුගේ ආදර්ශය මත සෙසු පිරිස්ද ක්‍රියාත්මක වෙමින් සිටින අතර අද වන විට ඔහුට අවශ්‍යය පරිදි ද රැස්වීමක් කැදවා ගත නොහැකි තත්ත්වයක් තුළ ඔහු ද තනතුරෙන් ඉල්ලා අස්වීමට උත්සාහ දරණ බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.
මේජර් ජෙනරාල් පාලිත වර්ථමාන මලල ක්‍රීඩා සභාපති යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දයා රත්නායකට ප්‍රථමයෙන් හිටපු සභාපිතවරයා වූ අතර ඉකුත් වසරේ පාලිතයන්ට එක දිගට වසර ගණනක් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරය දැරීම මෙන්ම ඔහුගේ පරිපාලනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා ද පදනම් කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයා නිලවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දුන්නේ නැත.ඒ අනුව මේජර් ජෙනරාල් දයා රත්නායකයන්ගේ නායකත්වය යටතේ පත් වූ මලල ක්‍රීඩා සංගමය බලාපොරොත්තු වූ සේවය කිරීමට අපොහොසත් වූ අතර එම නිසා විශේෂයෙන් ලංකාවේ මලල ක්‍රීඩාව සමග පැවති ජාත්‍යන්තර සබදතා අහෝසි වෙමින් ද,තේරීම් කමිටුවක් නිවැරදිව පවත්වා ගැනීමට නොහැති වීමේන් අද ද (ජනවාරි 20) මුම්බායි අදියර ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව වසර ගණණක් සහභාගි වූ ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකු මැරතන් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර මැරතන් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර තරග ගණනාවක්ම අහිමි වෙමින් බලාපොරොත්තු වූ සේවයට ළගා වීමට නොහැකි තත්ත්වයට පත් වී සිටියි.
www.supirikrida.com