Feb 13, 2013

ධර්මාශෝක ශත සංවත්සර මේස පන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක කිරුළු උදයට සහ එරන්දිට

    බැඩ්මින්ටන් සහ මේස පන්දු ක්‍රීඩාවේ දක්ෂයන් බිහි කරන ස්ථානයක් ලෙස අනාදිමත් කාලයක සිට ප්‍රකට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශත සංවත්සරය අළලා ක්‍රියාත්මක වූ ශ්‍රේණිගත කිරීමේ කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ අති සූර ක්‍රීඩකයා වන්නට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ සමක් වුණා.එහි දක්ෂතම ක්‍රීඩකාව වන්නට සමත් වුණේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එරන්දි වරුෂවිතාන යි.ශ්‍රී ලංකාවෙන් බිහි වූ අති දක්ෂ මේස පන්දු ක්‍රීඩිකාවක වන නාමල් ගුණසේකර ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මෙම තරගාවලියට සදහා වයස් ඛාණ්ඩ හතරක තරග ඇතුළත් වුණා.
අවුරුදු 18 න් පහළ, 15 න් පහළ,12 න් පහළ සහ 10 න් පහළ වූ එම වයස් ඛාණ්ඩ හතර යටතේ පැවති තරග වලදී වත්මක් ජාතික අනු සූරයාද වන උදය රණසිංහ අවුරුදු 15 න් පහළ සූරතාවය මෙන්ම අවුරුදු 18 න් පහළ සූරතාවය ද පහසුවෙන් දිනා ගත්තා.එරන්දි වරුෂවිතාන දක්ෂතකම ක්‍රීඩිකාව බවට පත් වූයේ අවුරුදු 18 න් පහළ සූරිය වෙමින් පෑ දක්ෂතා පදනම් කර ගනිමින්.
www.supirikrida.com

හැකිලෙන සීවලි බොක්සිං පුබුදුවාලන රුචිර දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා බවට පත් වෙයි

ජාතික කාන්තා සහ පිරිමි යොවුන් බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වන්නට එම තරගාවලියට රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් සහභාගි වූ එකම ක්‍රීඩකයා වූ  රුචිර ගුණසේන සමත් වූණා.රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය ජාතික තලයට බොක්සිං ක්‍රීඩකයන් විශාල පිරිසක් බිහිකළ  සහ වර්ථමානයේ එම ක්‍රීඩකයන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බෝ කරන පුහුණුකරුවන් බවට පත් වී තිබෙන බොක්සිං ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන පාසලකි.නමුත් වර්ථමානයේ එම සහභාගීත්වය ක්‍රමයෙන් හැකිලෙමින් තිබෙන අතර විශේෂයෙන් විද්‍යාලීය පරිපාලනය ඒ කෙරෙහි දක්වන උනන්දුවේ හීනභාවය මෙම තරගාවලියට ද සීවලිය නියෝජනය කරමින් එක ක්‍රීඩකයෙකු පමණක් ඉදිරිපත් වීම තුළින් පැහැදිළි කර ගැනීමට හැකිය.සහභාගි වූ එකම ක්‍රීඩකයා තරගාවලියේ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා වීම මෙන්ම විදේශිය තරගාවලියක තේරීම් තරගාවලියක් ලෙස පැවත් වූ මෙම තරගාවලියේ ප්‍රතිපල පිළිබදව පාසල සමග සාකච්ඡා කිරීමට බොක්සිං පරිපාලනය උත්සාහ දරද්දී පාසලේ කිසිදු වගකිවයුත්තෙකු ඔහු සමග නොසිටීමත් විද්‍යාලය වර්ථමානයේ බොක්සිං ක්‍රීඩාව සම්බන්ධයෙන් දක්වන උනන්දුව තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.
එසේම සීවලි බොක්සිං වංශ කතාවේ එන පුහුණුකරුවන්ගේ පරිච්ඡේදයට තවත් කතාවක් එකතු කරමින් දක්ෂතම ක්‍රීඩිකාව වූ මාස් සදර්න් බොක්සිං සමාජයේ කාංචනා ලාලනී ගේ පුහුනුකරු වූයේ ද සීවලියේ නිර්මාණයක් වන චම්පික මාතරආරච්චිය.මේ සියළු සාධක සහිත සීවලියේ බොක්සිං හකුළුවා දමන්නට ක්‍රීඩාව කෙරෙහි ආශක්ත නොවන පුද්ගලයෙකුට හැකියාව ඇතත් සීවලියේ වර්ථමාන ක්‍රීඩා ගුරුවරුන් සියල්ලම පාහේ සීවලියේ නිර්මාණ වද්දී එය එසේ වීම ඛේදණිය තත්ත්වයකි.මේ ඛේදණිය තත්ත්වය විද්‍යාලයට පමණක් නොවෙයි තාක්ෂණයෙන් අග තැන් පත් බොක්සිං ක්‍රීඩකයන් නිර්මාණය කරන පාසලක් ලෙස සීවලියට ඇති සුන්දර ඉතිහාසය සළකද්දී රටටද ඉතාමත් අහිතකර තත්ත්වයක් වනවා.
www.supirikrida.com

Feb 11, 2013

අතේ තිබූ දේ කටේ ඔබා ගැනීමේ අවස්ථාව බදුරලිය අහිමි කර ගනියි

 දිමුත් කරුනාරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ගහන එස්එස්සී ක්‍රීඩා සමාජයට එරෙහිව ප්‍රථම ඉණිමේ ජයග්‍රහණයක් ලබා ප්‍රබල තත්ත්වයක සිටි බදුරලිය ක්‍රීඩා සමාජය සිය අත්දැකීම් මදකම හේතුවෙන් දෙවන ඉණිමේදී එම තත්ත්වය තව දුරටත් ආරක්ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වූ අතර එහි ප්‍රතිපලය වූයේ දෙවන ඊනිමේදී ලකුණු 115 ට දැවී යාමය.ප්‍රථම ඉණිමේදී එස්එස්සී ඉණිම ලකුණු 102 ක ට සීමා කරමින් විශිෂ්ඨ පන්දු යැවීමක නියැලෙමින් කඩුලු ත්‍රිත්වයක්ද සහිතව ලකුණු 53 ට කඩුලු 8 ක් දවා ගැනීමට සාලිය සමන් සමත් වූ අතර ඔහු බදුරලිය කණ්ඩායම වෙනුවෙන් සමස්ත තරගයේ බිද හෙළු කඩුලු සංඛයාව ලකුණු 99 ට කඩුලු 10 කි.
දෙවන ඉණිමේ බදුරලිය පිතිකරුවන්ගේ බලාපොරොත්තු කඩ කළ පන්දු යවන්නා බවට පත් වූ එස්එස්සී කණ්ඩායමේ ධම්මික ප්‍රසාද් ලකුණු 20 ට කඩුලු 4 ක් දවා ගත් අතර එස්එස්සී කණ්ඩායමේ ලකුණු 241 ක ඉලක්කය පහසු කළ දිමුත් කරුනාරත්න අගනා ශතකයක් (නොදැවී 109) ලබා ගන්නට සමත් විය.තිලාන් සමරවීර ලකුණු 57 ක් ලබා ගත් අතර කඩුලු හතරක් පමණක් දැවී  අදාළ ඉලක්කයට පිවිසි එස්එස්සී කණ්ඩායම කඩුලු හයක ජයක් ලබමින් බදුරලිය කණ්ඩායමට හිමි ව තිබු තරගයේ ගෞරවය සිය ගිණුමට දමා ගැනීමට සමත් විය.
මෙවර තරගාවලියේ කණ්ඩායම් අතර විශාල අසමානතාවයක් දකින්නට ලැබෙන අතර බොහෝ තරග විසදුමක් සහිතව අවසන් වීම ඒ නිසා දැකිය හැකිය.බීආර්සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර තරගයත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගයත් හැරෙන්නට අන් සියළුම තරග සති අන්තයේ නිමාවට පත් වූයේ විසදුමක් සහිතව වීමත් එම ජය - පරාජයන් ප්‍රථම ඉණිමේ ජය හෝ පරාජයන්ට සීමා නොවී පූර්ණ විසදුම් වීමත් හරහා පැහැදිළි කරන්නේ කණ්ඩායම් අතර ඇති දැඩි අසමානතාවය ය.ඒපිළිබදව පහත සබදතාවයෙන් තරගයන්හී ලකුණු විස්තර සදහා පිවිස වඩාත් පැහැදිළි කර ගැනීමට අවස්ථාව ඔබට ඇත.
http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/series/590748.html
www.supirikrida.com

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව තරගයෙන් ඉවතට?

Erin Osbourne finished with outstanding figures of 10-6-9-3
 එරින් ඒස්බ්‍රෝන්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සුපිරි හය වටයේදී දෙවන වරටත් අතිශයින් අසාර්ථක වීම හේතු කොට ගෙන අවසාන පූර්ව තරගයට පිවිසීමේ බලාපොරොත්තු ඈත් කර ගන්නට සිදු විය.දැනට තරගයක් පරාජය වී සිටින එංගලන්තය නවසීලන්තය ඉදිරියේ පරාජය වීම   හෝ නවසීලන්තය හෝ ඉටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඔවුන්ගේ ඉදිරි තරග දෙකම පරාජය වීම යක කරුණු මත ශ්‍රී ලංතාව දකුණු අප්‍රිකාව පරාජය කළහොත් තරග එක බැගින් ජයගත් කණ්ඩායම් තුනක් ඉතිරි වීමටඉඩ ඇති අතර එහිදී මතුවන ගැටළුව ශ්‍රී ලංකාව දැනට පරාජය වූ තරග දෙකේදීම ඉතා අඩු ලකුණු ගණනකට දැවී යාමය.ඒ නිසා ශ්‍රී ලංකාවට ලකුණු වේගය මත අවසාන කණ්ඩායම් හතරට ඇතුළත් වීමට ඇති ඉඩ ඇහිරී යාමට විශාල ඉඩක් ඇත.
ඊයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණයේදී අසාර්ථක වූ අතර ඊයේ ද පිතිකරණ නාමාවලිය පවත්වා ගෙන යාමේදී දැක් වූ දුර්වලතා පැහැදිළි විය.පරාජිත නවසීලන්ත තරගයේදී අංක තුන සහ හතර පිතිකාරිනියන් ලෙස පිටියට පිවිස එම තරගයේ ශ්‍රී ලංකාවේ සාර්ථකම පිතිකාරිණියන් බවට පත් වූ දීපිකා රසාංගිකා සහ ඩිලානි මනෝදරා ඊයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත් සාර්ථක වූ පිතිකාරියෝ වූහ.නමුත් නවසීලන්ත තරගයේදී සාර්ථක වූ මනෝදරාට ඒ වෙනුවෙන් ඊයේ සිය පිතිකරු අංකය හතරේ සිට හය දක්වා පහළ බසින්නට සිදු වී තිබුණු අතර මෙම තරගාවලියේ දස්කම් අතර නැති සදමාලි දොලවත්තට ඊයේ අංක පහ දක්වා උසස් වීමක් ලබා දී තිබිණ.මනෝදරා සහ දීපිකා පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගි ලකුණු 49 සබදතාවය තෙවන විකට්ටුවට වාර්තා විණි නම් ශ්‍රී ලංකාවට මීට වඩා ලකුණු සංඛ්‍යාවකට යාමට ඉඩ ලැබෙන්නට තිබුණු අතර චාමිණි සෙනවිරත්න මේ තරගාවලියේ යම් මට්ටමකට සාර්ථකව සිටින නමුදු ඊයෙත් ඇයට පන්දුවට පහර දෙන්නට ලැබුණේ අංක නවය පිතිකාරිනිය ලෙස ය.


Deepika Rasangika top scored with 43
දීපිකා රසාංගිකා
කෙසේ වුව ද ශ්‍රී ලංකාව තරගාවලියේ මේ දක්වා එකම අපරාජිත කණ්ඩායම වන ඕස්ට්‍රේලියාව ඉදිරියේ අවසානයේ එකතු කර ගත් ලකුණු 131 කිසිසේත්ම ප්‍රමාණාත්මක ලකුණු සංඛ්‍යාවක් නොවූ අතර එහි ප්‍රතිපලය වූයේ පන්දු ඕවර් 22.2 දී අවශ්‍යය ලකුණු ප්‍රමාණය එක් කඩුල්ලක් පමණක් දැවී ලබා ගැනීමය.එහිදී දැඩි ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලි රැචෙල් හෙයින්ස් නොදැවී ලකුණු 71 ක් රැස් කළේ පන්දු 61 කින් ය.නමුත් තරගයේ වීරවරිය වන්නට හැකි වුයේ ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට වඩාත්ම හිසරදයක් වන ආකාරයෙන් පන්දු යැවූ එරින් ඒස්බ්‍රෝන් ය.ඇය පන්දු ඕවර් 10 තුළ ලකුණු 9 ක් පමණක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගත්තාය.තරගයෙ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-womens-world-cup-2013/engine/current/match/594907.html
www.supirikrida.com