May 12, 2012

චන්ද්‍රිකා පමණක් කිරුළ රැක ගත් කාන්චන්බුරි ඛේදවාචකයේ වගකීමෙන් වැඩි කොටසක් සම්බාහක හිගයට

තායිලන්තයේ කාන්චනබුරි හී ක්‍රිබ්බුවා ක්‍රීඩාංගණයේ පැවත්වෙන ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බලාපොරොත්තු වූ තරම් දක්ෂතා පළ නොවිණ.එහි කණගාටුවට කරුණ ප්‍රථම අදියරේ දක්ෂතා මට්ටමට ද පැමිණීමට තරම් අපොහොසත් වීමය.බැංකොක් හී සිට පැමිණි දවසේ සිටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය සිරුර යතා තත්ත්වයට පත්කර ගැනීම සදහා සම්භාහන අවශ්‍යයතාවයන් නොමැතිව දැඩි දුෂ්කරතාවයකින් පෙළුන අතර මෙම තරගාවලියේ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයන් සහිත සියළුම කණ්ඩායම් සමග වෘත්තීය සම්භාහකයෙකු සිටින්නට දැකීමද ඔවුන්ගේ මානසික මට්ටමට වද දෙන කරුණක් වී තිබිණ.
ප්‍රථම අදියර නිමාවෙන් පසු සෙසු කණ්ඩායම් අතර අවධානයට සහ ගෞරවයට පත් වූ කණ්ඩායමක් ලෙස ප්‍රථම අදියරේදී එක් ක්‍රීඩකයෙකු හැර සියල්ලම පදක්කම්ලාභීන් වූ ශ්‍රී ලංකාව මෙම අදියරේ අසාර්ථක වීම සම්භාහකයන්ටම බැර කළ නොහැකි වුව ද ක්‍රීඩා අමාත්‍යංශයේ සිටින එම විශයාධිපතින් මෙවැනි කරුනු සම්බන්ධයෙන් ඇති දැඩි අවශ්‍යයතාවය අදාළ බලධාරීන්ට ඉදිරිපත් නොකිරීම මෙම පසු බැසීමේ එක කරුණක් ලෙස ගැනීම ලෙස ගත යුතුය.
චන්ද්‍රිකා සුභාෂණී පමණක් සිය ස්ථානය රැකගත් අතර ඇය තෙවන ස්ථානය වගේම කාලීන හොදම දක්ෂතාවය තත්පර 53.50 දක්වා ඉදිරියට ගෙන ඒමට ද සමත් විය.මංජුල කුමාර මෙම තරගයේදී ද ප්‍රථම තරගයේ ජයග්‍රහණය සදහා හේතු වූ මීටර් 2.23 ක උස තරණය කළ අතර නමුත් ස්ථානය සිව්වන ස්ථානය දක්වා පහළ බැසීම නිසා ජයග්‍රාහී මුදලකට හිමිකම් කියන්නට සිදු නොවිණී.
ශෙහාන් අඹේපිටිය මෙම තරගයේදී දෙවන තැන සිට පස්වන තැන දක්වා පසුබැසි අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 10.59 ක් විය.ක්‍රිස්ටීන් මෙරිල් තෙවන අදියරට සහභාගි නොවන අතර මෙ දෙවන අදියරේදී ඇයටත් තෙවන ස්ථානයෙන් සිව්වන ස්ථානය දක්වා පහළ බසින්නට සිදු වූ අතර ඇයට මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී වාර්තා කරන්නට හැකි වූ කාලය තත්පර 58.57 ක් විය.වරුණ ලක්ෂාන් දයාරත්න දෙවන අදියරේදී ද ප්‍රථම ස්ථාන තුන අතරට ඒමට නොහැකි වූ අතර නමුත් ඔහු සිය වීසි කිරීමේ දුර මීටර් 70.32 ක් දක්වා වර්ධනය කර ගන්නටත් හත්වන ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා ඉහළ ඒම්ටත් සමත් විය.  ප්‍රසන්න අමරසේකරට මීටර් 400 ඉසව්වේ සිව්වන ස්ථානයෙන් සෑහෙන්නට සිදු වූ අතර එය ප්‍රථම අදියරෙ ජයග්‍රාහකයන්ට අපල තත්ත්වයක් ඇති කළ තරග ඉසව්වක් වූ අතර ප්‍රසන්නගේ තරග නිමි කිරීමේ කාලය තත්පර 47.57 ක් විය.
www.supirikrida.com

ආරක්ෂක සේවා කණ්ඩායමට ජර්මණියේ දී ජයක්

ර්මණියේ සංචාරයක යෙදෙන ආරක්ෂක සේවා කණ්ඩායම ජර්මණියේ තෙවන කාණ්ඩයේ වොලිබෝල් කණ්ඩායමක් වන ටීකේසී රීසන් කණ්ඩායමට එරෙහිව වට 3 / 0 ක ජයක් ලබා ගැනීමට සමත් විය.ආරක්ෂක සේවා කණ්ඩායම මෙහිදී ප්‍රථම වටය සහ දෙවන වටය යන වට දෙකම ලකුණු 25 / 19 ක් ලෙස ජය ගත් අතර තෙවන වටය ආරක්ෂක සේවා කණ්ඩායම ජය ගත්තේ ලකුණු 25 / 20 ක් ලෙස ය.
www.supirikrida.com

May 11, 2012

පුහුණුකරු දූත මෙහෙවරක

නව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් විශ්වාසය වර්ධනය කිරීමේ දූත මෙහෙවරක නියැලෙන්නට මේ වන විට තායිලන්තයේ පැවත්වෙන ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු සහ කළමණාකරු ලෙස කටයුතු කරන සුනිල් ගුණවර්ධනට සිදු වී ඇත.ඔහු සමත පැවති සාකච්ඡා වල ප්‍රතිපලයක් ලෙස එලැඹෙන 18 දා තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සූදානම නිරීක්ෂණයට ආසියානු මලල ක්‍රීඩා බලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව දන්වා සිටි අතර පුහුනුකරු සුනිල් ගුණවර්ධන ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක හැකියාව සම්බන්ධයෙන් දක්වන ලද කරුණු වලට අනුව එළැඹෙන වසරේ ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ද අවශ්‍යය පසුබිම සකස් වී ඇත.
කෙසේ නමුත් ආසියානු මලල ක්‍රීඩා සංගමයේ ලේකම් මොරිස් නිකලස් මෙන්ම මෙහි පැමිණ සිටින එහි විධායක කමිටු සාමාජිකයන් අතර නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ පැවත්වීමට තිබෙන කණිෂ්ඨ තරගාවලිය පිළිබදව සාකච්ඡා සිදුවන අතර එහි දී ඔවුන් නිරන්ත‍රයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධව සිටි ප්‍රේමා පින්නවල ගේ දායකත්වය ගැන නිරන්තරයෙන් අවධානය යොමු කරන බව දැකිය හැකිය.ඔහු පරිපාලන වෙනස්කමත් සමග මේ තරගාවලියේ සංවිධාන ව්‍යහුය තුළ තව දුරටත් රැදී සිටීද නොසිටීද යන තත්ත්වය ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සම්බන්ධයෙන් විශ්වාසය තැබීම හෝ නොතැබීම පිළිබද සාධකයක් හැටියට සැළකීමට තරම් මෙහි පැමිණ සිටින ආසියානු මලල ක්‍රීඩා බලධාරීන් අතර කතාබහ තුළින් පැහැදිළි වන්නේය.  

කපුකොටුවගෙන් වාර්තා දෙකක්

දැනට ඇමෙරිකාවේ අධ්‍යාපනික කටයුතු සහ ක්‍රීඩා පුහුණුවීම් වල යෙදෙන චරිත් කපුකොටුව එහි පැවත්වෙන 2012 ආර්එම්ඒසී මලල ක්‍රීඩා සූරතාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් තැබීමට සමත් විය.අවස්ථා ගණනාවක දී ම ගෘහස්ථ සහ පිටත වීසි කිරීම් වාර්තා අලුත් කරන්නට සමත් වූ කපුකොටුව,මෙවර මීටර් 47.13 ක දුරකට මිටිය වීසි කරමින් එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ තෙවන අවස්ථාව මෙය විය.
කාලයක් තිස්සේ යගුලිය දැමීමේ ශ්‍රී ලංකා වාර්තාව සිය නමට ලියා ගැනීමට පෙරුම් පුරමින් සිටි චරිත් එම සිහිනය ද මෙම තරග උළෙලේ දී සැබෑ කර ගත් අතර මිටිය වීසි කිරීමේ තරගයේදී මීටර් 47.13 ක දුරට පස්වන ස්ථානය දිනා ගත්ත ද,මෙහි දී චරිත්ට යගුලිය වීසිකිරීමේ නව ශ්‍රී ලංකා වාර්තාව වූ මීටර් 16.83 ක දුරත් සමග එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට ද හැකි විය.යගුලිය වීසි කිරීමේ පැරණි ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරුවා වූයේ තලෙව් අලෙයිලීමාය.ඔහු විසින් වාර්තා කර තිබූ දුර ප්‍රමාණය මීටර් 16.62 ක් විය.

ලංකාව අන්තර් ජාතික 20 / 20 සැණකෙළියට සූදානම්



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 20/20 තරගාවලිය ආරම්භ කිරීමට අවශ්‍යය වැඩ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතියි.අගෝස්තු 10 සිට 31 දා දක්වා පැවත්වෙන මෙම තරගාවලියට මේ වන විට කණ්ඩායම් හතක් සූදානම් වෙමින් පවතින අතර ඉන් එක් කණ්ඩායමකට සිය සංචිතයට ඇතුළත් කර ගැනීමට හැක්කේ විදේශ ක්‍රීඩකයන් සිව් දෙනෙකු පමණි.අවුරුදු 21න් පහළ ජාතික මට්ටමේ සිටින ක්‍රිඩකයෙකුට ද කණ්ඩායමේ දොරගුළු අනිවාර්යයයෙන් විවර වන අතර තරගාවලිය කොළඹ ආර් ප්‍රේමදාස සහ පල්ලේකැලේ ‍ක්‍රීඩාංගණ පමනම් කරගෙන ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය කටයුතු සූදානම් වෙමින් පවතින්නේය.
බස්නාහිර බෙයාර්ස්,කදුරට කයිට්ස්,නැගෙනහිර නාග,රුහුණ රයිනෝ,උතුර ඔරික්සස්,ඌව යුනිකෝන්ස් සහ වයඹ වෝල්ටර්ස් යන කණ්ඩායම් මෙම තරගාවලියට තරග වැදීමට සූදානම් කර තිබෙන කණ්ඩායම්ය.

කොදෙව් ලලනාකොදෙව් ලලනාවෝ තරගාවලිය ජය ගනිති - සිව්වන තරගයේ සුරිය මධුරිවෝ තරගාවලිය ජය ගනිති - සිව්වන තරගයේ සුරිය මධුරි

Yasoda Mendis scored a half-century in Sri Lanka Women's winටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති 20 /20 තරගාවලියේ ජය කොදෙව් කණ්ඩායම 3-1 ලෙස සතු කර ගත්තේය.ප්‍රථම තරග තුනම ජයගත් කොදෙව් කණ්ඩායමට එරෙහිව සිව්වන තරගයේදී පළමු වරට 20 /20 තරගයකට පිවිසි මධුරි සමුද්දිකා සිය 20 / 20 ප්‍රවේශය ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ලබාදීම සදහා මුල් වෙමින් ලකුණු 11 ට කඩුලු 3 ක් ලබා ගනිමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වන්නට ද සමත් වුවාය.
එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරණයේදී ඉහළ දස්කම් දැක්වීමට අපොහොසත් වූ අතර යශෝධා මෙණ්ඩිස් 21 සමග නායිකා දිල්හානි මනෝදරා සහ ශ්‍රීපාලි වීරක්කොඩි නොදැවී ලකුණු 14 බැගින් කරන ලද එකතු කිරීමත් සමග ලකුණු පූවරුව 90 දක්වා ගෙන යාමට හැකි විය.පිළිතුරු ඉණිම වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජුලියානි නිරෝ ලකුණු 32 ක් ලබා ගත්තද මධුරි සමුද්දිකා ගේ පන්දු යැවීම වඩාත් ප්‍රබල වූ අතර ඒ අනුව තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් ලබන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.
පස්වන තරගය වැසි දියෙන් සේදී ගිය අතර තරගය පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දුවට පහර දුන් පන්දු ඕවර් 18ග2 ට සීමා විය.චාමිනි සෙනවිරත්න මෙහි දී අගනා පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 18 ට කඩුලු 3 ක් දවා සිටි අතර තරගාවලිය පුරාම ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙණුනු තුන් ඉරියව් ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන තරගය නවතන විට පන්දු යවමින් සිටි අතර ඇයගේ ඒ වන විට පන්දු යැවීම කියැවුණේ පන්දු ඕවර් 3.2,එක් නිලකුණු ඕවරය යි සහ ලකුණු 5 සහ කඩුලු 2 ක් ලෙසය.තරගය බේරා ගැනීම සදහා කොදෙව් පිළ වෙනුවෙන් පෙරට පැමිණි එකම පිතිකාරිය බවට පත් වූ ඩියෙන්ද්‍රා ඩොටින් ලකුණු 52 ක් ලබා ගෙන නොදැවී සිටියේය.  

May 10, 2012

නෙළුම් මලෙන් විකසිත වන්නට මංජුල සහ ශෙහාන් සූදානමින්

 තායි බසෙන් නෙළුම් මල ලෙස හැදින්වෙන ක්‍රිබ්බුවා ක්‍රීඩාංගණයේ හෙට (මැයි 11) ඇරඹෙන ආසියානු ග්‍රොන්ප්‍රී 2012 තරගාවලියේ දෙවැන්නේ දී තමන්ගේ උපරිමයට පැමිණිමට හැකි වෙතැයි ශ්‍රී ලංකා ‍උස පැනමේ සූර මංජුල කුමාර සහ කෙටි ධාවන සූර ශෙහාන් අඹේපිටිය විශ්වාසය පළ කරයි.ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ ප්‍රථම අදියර 8 දා බැංකොක් හි පැවති අතර එහිදී මංජුල උස පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානයත්,ශෙහාන් මීටර් 100 ඉසව්වේ දෙවන ස්ථානයත් දිනා ගැනීමට සමත් විය.
මංජුල බැංකොක් හී දී ඔලිම්පික් පරිසාධන මට්ටමට පිවිසීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූයේ අනූනවයෙනි.ෂෙහාන් ද මේ වසරේ තමන්ගේ හොදම කාලය වාර්තා කළ අතර ෂෙහාන් මෙන්ම පුහුණුකරු සුනිල් ගුණවර්ධන ද විහ්වාසය පළ කරන්නේ ක්‍රිබ්බුවා ධාවන පථයේදී ශෙහාන් ඉතා හොද මට්ටමෙන් දක්ෂතා දක්වනු ඇති බවය.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණුකරු ද මේ වන විට මුහුණ දී සිටින විශාලතම අපහසුව වී ඇත්තේ ක්‍රීඩකයන්ගේ මංශ පේශි තරග වැදීමට උචිත තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍යය සම්භාහන පහසුකම් සපයා ගැනීම වන අතර මේ වන විට ලෙඩකට අත් බෙහෙත් සපයා ගන්නා ආකාරයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ම එකිනෙකා ට උපකාරී වෙමින් සිය සම්බාහන කටයුතු සිදුකර ගැනීම අනෙකුත් රටවලින් මේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයන් සිය සම්බාහකයන් මගින් සම්බාහන අවශ්‍යයතා ඉටු කර ගන්නා ආකාරය හා සසදන විට ඉතාමත් පහල මට්ටමේ තත්ත්වයකි.
තරගාවලියට ඉදිරිපත්ව සිටින කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන ප්‍රසන්න අමරසේකර මෙන්ම ඇමෙරිකාවේ සිට පැමිණි ක්‍රිස්ටීන් මෙරිල් ද සිය ප්‍රථම තරගයට වඩා හොද කාලයක් වාර්තා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන අතර මීටර් 400 සූරි චන්ද්‍රිකා සුභාෂණී මෙම තරගාවලියට සහභාගී වීම සදහා සළකා බැලූ කාලයන් හා ගත් විට තවමත් එම ඉසව්වේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාව වන අතර ඇයට ඔලිම්පික් පරිසාධන මට්ටමට පිවිසීම මෙන්ම ජයග්‍රහණය ලැබීමට ද මෙම ධාවන පථය හොද අවස්තාවක් වනු ඇතැයි සැළකිය හැකිය.
ප්‍රථම තරගයේදී ඩොලර් දීමනාවට හිමිකම් නොකී එකම ලාංකික ක්‍රීඩකයා බවට පත් වූ වරුණ ලක්ෂාන් දයාරත්න ද මේ තරගයේ දි සිය උපරිම දක්ෂතාවයට පිවිසීම වෙනුවෙන් විශාල වෙහෙසක් දරමින් සිටින අතර එසේ වුවහොත් ඔහුට ද මුල් ස්ථාන තුන අතරට පිවීසීමට වැඩි අපහසුවක් නොවනු ඇත.කෙසේ වුවත් ආසියාකරයේ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළමුවරට සහභාගි වන ජාත්‍යන්තර මට්ටමේ තරගය මෙය වන අතර ඒ නිසා ප්‍රථම ග්‍රොන්පී අදියරේදී වැඩි දක්ෂතා වාර්තා නොවිණ.නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වරුණ ලක්ෂාන් හැරෙන්නට සෙසු සියළුම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම අදියරේ ප්‍රථම ස්ථාන තුනෙන් එකකට සුදුසුවන අන්දමේ දක්ෂතා දැක්වීම නිසා මේ තරග උළෙලේ අවධානයට ලක් වූ පිරිසක් බවට සෙසු කණ්ඩායම් අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂ අවධානයක් දිනා ගෙන ඇත. www.supirikrida.com

චතුර සැනසිලි වටයෙන් දිනයි


තායිලන්තයේ පතායා හී පැවති තායිලන්ත විවෘත කණිටු සහ කැඩෙට් මේස පන්දු තරගාවලියේ අවුරුදු 12 න් පහළ පිරිමි බාලක සූරතාවය සහ අනු සූරතාවය දිනා ගන්නට පිළිවෙළින් ශ්‍රී ලංකාවේ චතුර ගුණසේකර සහ ලිත්මිණ මහානාම සමත් වූහ.මහනුවර සසෙක්ස් විද්‍යාලයේ සිසුවෙකු වන චතුර අතින් අවසන් තරගයේ දී පරාජය වූ ලිත්මිණ කොළඹ වෙස්ලි විද්‍යාලයේ සිසුවෙකු වෙයි.අවසන් තරගයේ ලකුණු තත්තවය  11/02,11/08 සහ 13/11 ක් විය.
චතුර අතින් අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාවේ සෙනාඩි සකී පරාජයට පත් වූ අතර ලිත්මිණ අවසන් පූර්ව තරගයේදී තායිලන්ත ක්‍රීඩකයා සහභාගි නොවීම නිසා නිතරග ජයක් ලැබීය.www.supirikrida.com


May 9, 2012

අවුරුදු 12 න් පහළ ටේබල් ටෙනිස් පැංච - පැංචියන්ගෙන් තායිලන්තයේ දී දස්කම්

තායිලන්තයේ පැවත්වෙන විවෘත කනිෂ්ඨ සහ කැඩෙට් මේස පන්දු තරගාවලිය නියෝජනය කරන අවුරුදු 12 න් පහළ  ක්‍රීඩිකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පිවිස ඇත.එම වයස් ඛාණ්ඩය නියෝජනය කරන බාලක කණ්ඩායමද ප්‍රථම කණ්ඩායම් 16 අතරට පිවිස සිටියි.විශේෂත්වය වූයේ ශ්‍රී ලංකා අවුරුදු 12 න් පහළ කණ්ඩායම් වෙතින් සත්කාරක තායිලන්ත කණ්ඩායම් පරාජය වීමය.
අවුරුදු 15න් පහළ කණ්ඩායම් ප්‍රදාන තරග වට වලින් ඉවත්ව සිටින අතර අවුරුදු 15න් පහළ බී කණ්ඩායම සැනසිලි වටයෙන් අනු සූරතාවයට පිවිස ඇත.නමුත් අවුරුදු 15 න් පහළ කේවල තරග වලදී චින්තක ඒකනායක අර්ධ අවසන් පූර්ව තරග වලට පිවිස සිටියි.
අවුරුදු 12 න් පහළ බාලිකා කණ්ඩායම් තරගයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ රසිනි දහනෙක විසින් පොහ්මා තපානි පරාජයට පත් කළේ ලකුණු 11/06,11/06 සහ 11/09 ලෙසය.හංසිනි පියුමාලිට සරිටාපිරික් මොනප්සෝර්න් වෙතින් නිතරග ජයක් අත්විය.ඉමාෂා ද සිල්වා වෙතින් පෙටහොන් නටපෝන් පරාජයට පත් වූයේ ලකුණු 11/17,11/1,10/12 සහ 11/3 ලෙසය.


May 8, 2012

මංජුල පළමු තැනට එයි - ෂෙහාන්ට දෙවන තැන

සියානු ග්‍රෝන්ප්‍රී තරගාවලියේ පළමුවැන්න ඊයේ බැංකොක් හී දී නිමාව දුටුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදි ක්‍රීඩකයන් අතරින් මංජුල කුමාරට පමණක් ප්‍රථම තැන හිමි වෙමින්.නමුත් ඊයේ තරග වැදි ක්‍රීඩකයන් අතරින් සුදුසුකම් ලැබීමේ දක්ෂතා අතර ස්ථානයක් දිනා ගැනී‍මට හැකි තත්ත්වයක් නොපෙන් වූ ෂෙහාන් අඹේපිටිය දෙවන ස්ථානයට පත් වෙමින් ඉදිරි තරග සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කිරීම සුභදායක තත්ත්වයක්
මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වු මංජුල කුමාර ඊයේ දිනයේ අවසානය සටහන් කරමින් පැවති උස පැනීමේ තරගයේදී රැස් ව සිටි සීමිත ප්‍රේක්ෂක සියල්ලගේම අවධානය දිනා ගැනීමට සමත් වුණා.මීටර් 2.23 ක උසක් ඉක්මවා යාමෙන් පසු කෙළින්ම ඔලිම්පික් පරිසාධන මට්ටම වූ මීටර් 2.28 ට නො’පිවිස 2.26 උස තරණය කළේනම් මංජුල ගේ දක්ෂතාවය තවත් ඉහළ යන්නට තිබුණු අතර නමුත් ඔහු ඉතා පහසුවෙන් එම උස කඩඉම් තරණය කළ ආකාරයෙන් බොහෝ විට ඉදිරි තරග දෙකේදී මංජුල කුමාර ලන්ඩන් ඔලිම්පික් උළෙලට සුදුසු වූ කණ්ඩායමට එක්වනු ඇතැයි අනුමාණ කළ හැකියි.
මංජුල ද එම අදහස සනාථ කරමින් තමන් ඉතාම හොද මානසික විශ්වාසයකින් සිටින බව පැවසූ අතර තමාට මීටර් 2.28 ට පිවිසීම ආකාර දෙකකින් වැදගත් බව පෙන්වා දුන්නා.මන්ද දැනට පවතින මංජුලම සතු ශ්‍රී ලංකා වාර්තාවද (2.27) යළිත් මීටර් 2.28 ක උසත් සමග අලුත් කිරීම ද මංජුලගේ බලාපොරොත්තුවක් බවට පත් වී තිබෙනවා.
තමා මේ වසරේ ඉදිරිපත් වු දෙවන තරගයේ දී ප්‍රථම තරගයට වඩා ප්‍රගතියක් ලැබීම තමාට දෙවන ස්ථානයටත් වඩා වටිනා බව පැවසූ ෂෙහාන් අඹේපිටිය,සිය ආරම්භය පිළිබදව සතුටට පත් වුව ද තරගයේ අවසාන කොටසේ යම් දියුණුවක් සිදුවිය යුතු බවත් සිය දේශීය පුහුණුකරු සුනිල් ගුණවර්ධන සමග සාකච්ඡා කොට ඉදිරි තරග දෙකේදී මෙම තත්ත්වයට පිළියමක් ලබා ගැනීම අපේක්ෂවෙ බවත් පැවසුවා.එසේම සිය ජැමෙයිකානු පුහුනු සංචිතයේ ක්‍රීඩකයන් සමග මැයි 25 වන දා යුරෝපීය තරග ඉසව් ගණනාවක් සදහා සහභාගි වීමට පිටත්ව යන බව කී ෂෙහාන් මෙම තරග පදනම් කරගෙන එම තරග වලදී මීට වඩා විශාල ප්‍රගතියක් පෙන්වීම සිය අපේක්ෂාව බවත් පැවසීය.
තරගාවලියට සුදුසුකම් ලැබු දක්ෂතා සළකද්දී කාන්තා මීටර් 400 ඉසව්වේ ඉදිරියෙන්ම සිටි චන්ද්‍රිකා සුභාෂණීට අත් වූයේ තෙවන තැනයි.තත්පර 52.52 ක දක්ෂතාවයක් අනුව මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටි චන්ද්‍රිකා ඊයේ තෙවන තැනට පත් වෙමින් තරගය නිමා කළේ තත්පර 53.57 ක කාලයකට යි.ප්‍රථම ස්ථානය දිනූ ඉන්දියාවේ එම්ආර් පූවම්මා ට ද චන්ද්‍රිකා සුදුසුකම් ලැබූ කාලය ඉක්මවා යාමට නොලැබුණු අතර ඇය ඉසව්ව නිමා කළේ ද තත්පර 52.94 ට යි.
මීටර් 400 කාන්තා කඩුලු පැනීම ඉසව්වේ දෙවන තැන සිටි ක්‍රීස්ටීන් මෙරිල් ද පසුබෑමකට ලක්ව සිටි අතර ඇය වාර්තා කළේ ද තත්පර 58.20 ක කාලයක්.ඇය එම කාලය වාර්තා කරමින් තෙවන ස්ථානය දිනා ගත්තා. ආබාධයකින් පසුව පිටියට පිවිසුන ද ප්‍රසන්න අමරසේකර නැවත ප්‍රවේශය හොදින් සනාථ කරමින් තත්පර 47.52 ට තරගය නිමා කළේ තරගයේ තෙවන ස්ථානය දිනා ගනිමින්.
ශ්‍රී ලංකාවට පළමු ස්ථාන තුනෙන් එකක් හෝ දිනා දීමට අසමත් වූයේ වරුණ ලක්ෂාන් පමණයි.ආබාධයකට ලක්ව සිට සුව වෙමින් තරග බිමට පිවිසි ලක්ෂාන් සිය සාමාන්‍ය දක්ෂතාවය දැක්වීමට අපොහොසත් වීම කණගාටුදායක තත්ත්වයක් වූ අතර ඔහුට හෙල්ල වීසි කිරීමේ ඉසව්වේ හත්වන තැන හිමි හිමි කර ගැනීමට වීසි කිරීමට වූ දුර මීටර් 67.80 ක් වූවා.
මෙම තරගාවලියේ ප්‍රථම ස්ථානයකට ඩොලර් 1500ක් දෙවන ස්ථානයට ඩොලර් 800 ක් සහ තෙවන ස්ථානයට ඩොලර් 500 ක් හිමිවන අතර මෙම ග්‍රෝන් ප්‍රී තරගයේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින් ජයග්‍රාහකයන්ට පදක්කම් පිරිනැමීමද අගය කළ යුතු වෙනවා.
තරග උළෙලේ ජනමාධ්‍ය වෙනුවෙන් පහසුකම් ලබා දීම නොසළකා හැර තිබීම කණගාටුදායක තත්ත්වයක් වන අතර විශේෂයෙන් මාධය කුටියක් හෝ අන්තර්ජාල පහසුකම් ලබා දී නොමැති වීම දැඩි කණගාටුදායක තත්ත්වයක්.මෙම නිසා බැංකොක් නගරයේ මිළ අධික අන්තර්ජාල පහසුකම් සොයා යෑමට හෝ එවැනි උපාංග මිළ දී ගැනීමකින් උළෙල වාර්තා කළ යුතු වීම මාධ්‍යවේදීන්ට විශාල ගැටළුවක් වී තිබෙනවා.  
ඊයේ තරගයේ කිසිදු ක්‍රීඩක ක්‍රීඩකයෙක් ඔලිම්පික් පරිසාධන මට්ටමට නො’පිවිසි අතර සමස්ත උළෙලේම දක්ෂතා පසුබැස්මක තිබෙන බව පැහැදිළි කළ ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු සුනිල් ගුණවර්ධන ඊට බොහෝ විට ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම මෙම තරග උළෙල නියෝජනය කරන බොහෝ දෙනෙකුගේ ද මේ වසරේ පළමු අන්තර්ජාතික ඉසව්ව මෙය විය හැකි බව පෙන්වා දුන්නා.ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් පරිසාධන මට්ටම දක්වා රැගෙන ඒම අවශ්‍යය බව පෙන්වා දුන් සුනිල් ගුණවර්ධන එය පහසු කිරීමට ඉතා ඉක්මණින් විදේශ තරග සංචාර කිහිපයක් ලබා ගැනීමට හැකිනම් එය වැදගත් වනු ඇති බව ද ප්‍රකාශ කළා.
නිශ්මං රණසිංහ තායිලන්තයේ සිට
www.supirikrida.com

ලංකා ගැටවරයන්ට සැනසිලි වටයේ දෙවන තැන

තායිලන්තයේ ක්‍රියාත්මක තායිලන්ත විවෘත කණිෂ්ඨ සහ කැඩේට් මේස පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා අවුරුදු 15 න් පහළ බී කණ්ඩායම අවසාන වටයේදී මාලිසියාව විසින් අනු සූරතාවය දිනා ගන්නට සමත් වුණා.වට 3 / 0 ක් ලෙස සිදු වූ එම පරාජය නිසා ශ්‍රී ලංකාවට ඉදිරියට පයවර තැබීම අහොසි වෙනවා.තරගයේ නිල වෙබ් අඩවියෙන් උපුටා ගත් නිල ලකුණු විස්තරය මේ සමග දැක්වෙනවා.ඡායාරුපයේ  දැක්වෙන්නේ මෙම තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමයි.
Table Tennis Championships – Results as follows
Sri Lanka Under 15 Boys “B” Team consolations Final with Malaysia
Sri Lanka “B” Team lost to Malaysia by 3/0
1Dishanka Thennakoon lost to WONG Chun Cheun
09/11,09//11,07/11
2Chathura Gunasekara lost to CHUA Tzong Lin
08/11,09/11, 09/11
3Dishanka Thennakoon / bt Lithmina Mahanama
WONG Chun Cheun / ( Double Match)
CHUA Tzong Lin
06/11, 12/10,06/11,11/02, 18/20

මාස් පවුලේ ආධුනික බොක්සිං තරග අද සහ හෙට

ගළුම් කේෂ්ත්‍රයේ ලොව සුපතල නමක් ඇති සහ ලාකේය බොක්සි කවයේ සුවිශාල කීර්තියක් ඇති මාස් නාමය යටතේ පෙළ ගැසුණු 40,000 ට ආසන්න සේවක පවුලේ ආධුනික බොක්සි විශිෂ්ඨයන් කවුරුන් ද යන්න නිර්ණය කරන මාස් ආධුනික බොක්සිං සූරතාවලිය අද සහ හෙට පල්ලේකැලේ ලීනියා බොක්සිං කවයේදී පැවත්වෙනවා.විවිධ බර පංතා නියෝජනය කරමින් මාස් පවුලට අයත් ආයතන නියෝජනය කරමින් 90 ට වැඩි තරගකරුවන් පිරිසක් මෙම තරගාවලියට එකතු වීම විහේෂත්වයක් වෙනවා.
ඉකුත් වසරේ දී මෙම තරගාවලියේ කාන්තා සූරතාවය ලීනියා ක්ලෝතීන් ආයතනය විසින් ද පිරිමි සූරතාවය සිලුවේටා ආයතන කණ්ඩායම විසින් ද දිනා ගත් අතර මෙවර ජයග්‍රාහකයන් සදහා ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන්නේ ලිනියා ක්ලෝදින් සහ ඉන්ටිමේට්ස් සාමාණ්‍යාධිකාරී රොහාන් දවුලගලයි.

May 7, 2012

ලක් ලලනාවෝ තරගාවලියෙන් පරදිති

ශ්‍රී ලංකාව සහ ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම් අතර පැවති 30/20 තරගාවලියෙන් පිට පිටම ලද තෙවන පරාජයත් සමග හ්‍රී ලංකාවට සමස්ත තරගාවලියේම පරාජය භාර ගන්නට සිදුවුණා.වර්සාව නිසා ප්‍රමාද වී ඇරඹි තරගය පන්දු ඕවර් 16 ට සීමා වූ අතර මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 8 ට ලකුණු 78 ක් පමණයි.එහිදී අඩු ලකුණු ගණනක් ඇතිව පන්දු රැකීමට පිටියට පිවිසුන ද ශ්‍රී පාලි වීරක්කොඩි ගේ පන්දු යැවීම ඉදිරියේ නැවතත් තරගයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 56 ක් තුළ කොදෙව් ක්‍රීඩිකාවන් හත් දෙනෙකුගේම කඩුලු අහිමි කළහ.නමුත් පිටියේ රැදී සිටි එකම විශ්වාසවන්ත පිතිකාරිය වු ශර්මින් කැම්බෙල් කඩුලු 7 ට කොදෙව් ලකුණු පූවරුව 80 දක්වා ඉහළ නැංවීමට සමත් වුණා.ශ්‍රීපාලි වීරක්කොඩි පන්දුවෙන් ලකුනු 23 ට කඩුලු 3 ක්් දවා ගනිමින් දැක්වූ දක්ෂතාවය කැම්බෙල් ගේ පිත්ත ඉදිරියේ පරාජය වූයේ තරගයේ වීරවරිය ලෙස කැම්බෙල්ව ඇගයීමට ලක්වෙමින්.

ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රාහී අවස්ථාවන් බහුලයි




Daichi Sawano - AVIVA London Grand Prix - Day Two 
හෙට මැයි 8 ඇරඹෙන තායිලන්තයේ පැවත්වෙන ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණ අතරට පිවිසීමට විශාල අවස්ථාවක් තිබෙනවා.මේ තර/ාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ දී මුල් ක්‍රීඩක ස්ථාන තුන අතර දකින්නට නොලැබෙන්නේ ෂෙහාන් අඹේපිටිය සහ වරුණ ලක්ෂාන් දයාරත්න පමණයි.නමුත් ෂෙහාන් ජැමෙයිකානු පුහුණුවෙන් පසුව මේ වන විට දැඩි ආත්ම විශ්වාසයෙන් පසුවන අතර ඔහු තරග සමය ආරම්භ කරේම මේ තරගාවලියේ මීටර් 100 තරගයට සුදුසුකම් ලබා ගත් තරග කාලය වන 10.56 ට වඩා හොද කාලයක් වන තත්පර 10.54 ක් කාලයක් වාර්තා කරමින් වීම ඒ විශ්වාසය තව දුරටත් තහවුරු කරනවා.
හෙල්ල වීසිකිරීම සදහා සහභාගි වන වරුණ ද ආබාධ තත්ත්වයෙන් මිදී මේ වන විට යහපත් තත්ත්වයට පත් ව ඇති බැවින් ඔහු ගෙන් ගිලීහී ගිය ජාතික වාර්තාව දෙස ගිජු කමක් ද ඇතිව මේ තරගාවලියට පිවිසෙන බව කිව හැකියි.එසේම මෙම හෙල්ල වීසිකිරිමේ ඉසව්වේ වර්තමාන වාර්තලාභියා වන දැනට පින්ලන්තයේ පුහුණුව ලබන සචිත් මධුරංග ද මෙම සහභාගි වන  තරග කරුවන් අතරට එක් කිරීමට හැකියාවක් තිබූ බව පැහැදිළි වෙනවා.
මංජුල කුමාර මෙම තරගාවලියට සුදුසකම් ලබා සිටින තරග කරුවන් අතර සුදුසුකම් ලැබීම සදහා දැක් වූ දක්ෂතා සළකද්දී උස පැනීම ඉසව්වේ තෙවන තැන පසුවන අතර උස පැනීමේ ජාතික වාර්තාලාභියා වන්නේ මංජුල යි.එසේම යළි ඉපදි ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසන්න අමරසේකර සිටින්නේ ද මීටර් 400 ඉසව්වේ තෙවන තැනයි.මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වට ඉදිරිපත් වන ක්‍රිස්ටීන් මෙරිල් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා වාර්තා කළ කාලයන් සළකද්දී දෙවන තැන පසුවනවා.මේ අතර මීටර් 400 ඉසව්වට ඉදිරිපත්වන චන්ද්‍රිකා  සුභාෂණි සිටින්නේ මෙම තරගකරුවන් අතර පළමු තැනයි.තරගාවලිය පැවත්වෙන පැයි 8,11,14 යන තෙදිනම ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.10 ට තරගාවලිය ඇරඹෙන අතර තරග කාල සටහන සහ තරග කරන ක්‍රීඩක නාම ලේඛනය මේ සමග දැක්වෙනවා.මෙහි පළමු ස්ථාන තුන දිනා ගන්නා ජයග්‍රාහකයන් තිදෙනාට ඩොලර් 1500,800 සහ 500 ලෙස පිළිවෙලින් ත්‍යාග හිමිවෙනවා.


101 14.30 Long Jump Women Final
102 14.45 Javelin Men Final
103 14.50 High Jump Women Final
104 15.00 400 M.Hurdles Women Final 
105 15.15 100 M. Men Final 1
106 15.25 100 M. Men Final 2
107 15.35 100 M. Woen Final 1
108 15.45 100 M. Woen Final 2
109 15 45 Long Jump Men Final
109 15.45 Long Jump Men Final
110 15.50 Shot Put Women Final 
111 16.00 Discus Women Final
112 16.00 400 M. Men Final 
113 16.10 400 M. Women Final 
114 16.25 High Jump Men Final 
115 16.25 110 M.Hurdles Men Final
116 16.40 100 M.Hurdles Women Final
117 16.55 800 M. Men Final
118 17.00 Triple Jump Men Final
119 17.10 800 M. Women Final
120 17.25 4x100 M. Men Final
121 17.35 4x100 M. Women Final
122 17.45 4x400 M. Men Final
123 17.55 4x400 M. Women Final
මෙම කාල සටහන ක්‍රීඩක සහභාගීත්වයේ ස්වභාවය සමග වෙනස් විය හැකිය


100
1 Su Bingtian CHN 10.16
2 Ghasemi Reza IRI 10.35
3 Ho Man Lok HKG 10.36
4 Lao Yi CHN 10.37
5 Ho Ping Kwan HKG 10.37
6 Fadlin INA 10.42
7 Gary Yeo Foo Ee SIN 10.46
8 Shameer Mon Noseema Manzile IND 10.52
9 Suryo Agung Wibowo INA 10.52
10 Al Sooli Abdullah OMN 10.52
11 Abepitiyage Shehan Sadaruwan SRI 10.56
12 Krishna Kumar Rane IND 10.61
13 Sowan Ruttanapon THA 10.62
14 Mennapro Jirapong THA 10.67
15 Ali Liaqat PAK 10.76
400m
1 Hashemiahan Sajad IRI 45.81
2 Al-Marjibi Ahmed OMA 45.84
3 Dodampe Prasanna Sampath SRI 46.66
4 Astriyanto Heru INA 47.53
5 Bibin Mathew IND
6 Archand Christian Badsit PHI 47.71
7 Lyoshin Vladislav KAZ 47.86
8 THA
800m
1 Adnan Taes IRQ 1:45.88
2 Moradi Amir IRI 1:46.17
3 Joseph Sajeesh Joseph IND 1:47.34
4 Ghamanda Ram IND 1:47.37
5 Mohajorshoejaei Ehsan IRI 1:48.50
6 Duong Van Thai VIE 1:49.42
7 Ahmed Farhan PAK 1:50.14
8 THA
110m Hurdles
1 Jiang Fan CHN 13.47
2 Park Taekyong KOR 13.48
3 Yin Jing CHN 13.59
4 Thingaliya Sidhanth IND 13.77
5 Almandeel Abdulaziz KUW 13.78
6 Wan Sofian Rayzam Shah MAS 13.86
7 THA

(MEN)4x100m Relay
 1 Hong Kong HKG 39.24
2 Chinese Taipei TPE 39.30
3 Singapore SIN 39.82
4 China CHN
5 India IND
6 Indonesia INA
7 Korea KOR
8 Thailand THA
 (MEN)4x400m Relay
1 India IND
2 Korea KOR
4 Thailand THA

Long Jump
1 Yun Zhiming CHN 8.05
2 Sukhasvasti Na Ayudhaya Supaanara THA 8.05
3 Alhaddad Saleh KUW 8.01
4 Kirill Agoev KAZ 7.81
5 Henry Dagmil PHI 7.78
6 Sharma Ankit IND 7.74
7 Andreev Leonid UZB 7.70
8 Arzandeh Mohammad IRI
High Jump
1 Ghazal Najd Eddin SYR 2.28
2 Hosseinzadeh Amin IRI 2.25
3 W.P. Manjula Kumara SRI 2.24
4 Ghanbarzade Keyvan IRI 2.20
5 Zassimovich Sergey KAZ 2.20
6 Tsykunov Vitaliy KAZ 2.16
7 Chittrasu Nikhil IND 2.16
8 Thomas Jithin IND 2.15
9 Lee Hup Wei MAS 2.15
Triple Jump
1 Valiyev Roman KAZ 16.92
2 Ektov Yevgeniy KAZ 16.91
3 Maheswary Renjith IND 16.85
4 Singh Arpinder IND 16.63
5 Philakong Teerayut THA 16.43
6 Kurbanov Rusian UZB 16.17
7 Kongril Varunyoo THA 16.14
8 Reznichenko Andrey UZB 16.13
Javelin
1 Zaytcev Ivan UZB 79.38
2 Shokujonov Bobur UZB 78.39
3 Tarzumanov Rinat UZB 77.32
4 Singh Rajinder IND 75.74
5 Rankoth Pedige W.L.D. SRI 75.41
6 Ammar Makki IRQ 74.16
7 Aziznejad Mohsen IRI 70.52
8 Fresnido Danila PHI 70.35
9 Rohit Kumar IND
10 THA


100m
 1 Wei Yongli CHN 11.36
2 Khubbieva Guzel UZB 11.36
3 Tao Yujia CHN 11.37
4 Zyabkina Viktoria KAZ 11.42
5 Vu Thi Huong VIE 11.71
6 Tri Setyo Utami INA 11.87
7 Lam On Ki HKG 11.90
8 Fong Yee Pui HKG 11.91
9 THA
400m
1 Rasnayaka Mdiyanselage C.S. SRI 52.52
2 Toosi Maryam IRI 53.69
3 Pooramma M.R. IND 53.76
4 Nguyen Thi Thuy VIE 54.03
5 Yongphan Treewadee THA 54.13
6 THA
7
8
800m
1 Truong Thanh Hang VIE 2:01.41
2 Sidorova Anna UZB 2:02.39
3 Do Thi Thao VIE 2:05.62
4 Sinimol Paulose IND 2:06.01
5 Taweet Warunee THA 2:12.37
6 Ashiq Rabia PAK 2:22.83
7 THA
8
100mH
1 Sun Yawei CHN 12.94
2 Ivoninskaya Natalia KAZ 12.95
3 Soprunova Anastassiya KAZ 12.99
4 Ishino Mami JPN 13.08
5 Jung Hyelim KOR 13.11
6 Dedeh Erawati INA 13.42
7 Pumsoongneum Wallapa THA 13.51
8 Kibalnikova Valentina UZB 13.85
9
400mH
1 Azarova Tatyana KAZ 56.13
2 Merril Christine Sonali SRI 56.83
3 Asanova Nataliya UZB 57.49
4 Mohamad Ghofran SYR 60.60
LIST OF PARTICIPANTS BY EVENT (WOMEN)5 THA
6
7
4x100m Relay
1 China CHN
2 Thailand THA
3
4
4x400m Relay
1 India IND
2 Thailand THA
3

High Jump
1 Radzivil Svetlana UZB 1.95
2 Boonwan Wanida THA 1.92
3 Duong Thi Viet Anh VIE 1.90
4 Ustinova Anna KAZ 1.90
5 Sahana Kumari IND 1.88
6 Chaipech Noeng-ruthai THA 1.85
7 Mimura Yuki JPN 1.78
Long Jump
1 Tarasova Juliya UZB 6.72
2 Torres Marestella PHI 6.71
3 Mayookha Johny IND 6.63
4 Reznichenko Darya UZB 6.55
5 Lu Minjia CHN 6.54
6 Maliakkal Anthony IND 6.47
7 Londa Maria Natalia INA 6.47
8 Kudinova Anastassiya KAZ 6.43
9 Katherine Kay Santos PHI 6.25
10 Muangjan Thitima THA 6.19
Shot Put
1 Burkhanova Safiya UZB 16.7
2 Fisher Alexandra KAZ 15.81
3 Thongchao Sawitri THA 13.86
4 Omar Hiba SYR 13.52
5 Parveen Zeenai PAK 13.22
Discus
1 Hawant Kaur IND 58.68
2 Insaeng Subenrat THA 54.88
3 Juthaporn Krasaeyan THA 51.48
4 Charuwan Sroisena THA 38.86