Apr 17, 2012

ජූනි අභියෝගය ජය ගැනීමේ ප්‍රධාන වගකීම ෂෙමාල් ට සහ දයා ට


ජූනි මස ශ්‍රී ලංකාවේ පැවත්වීමට නියමිත කණිෂ්ඨ ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ 
සංවිධාන කටයුතු මෙහෙයවීම සදහා රියල් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු සහ යුධ හමුදා 
මාණ්ඩලික ප්‍රධානි ටම්ජර් ජෙනරාල් දයා රත්නායක යන අයගේ ප්‍රධානත්වයෙන් යුත් 
කමිටුවක් නම් කර ඇති අතර ඒ කමිටුව සදහා සුනිල් ජයවීර,ප්‍රේම පින්නවල,
කර්නල් සුදත් මඩුගල්ල සහ වෛද්‍ය ලාල් ඒකනායකත් දැනට ක්‍රියාත්මක මලල 
ක්‍රීඩා අතුරු කමිටුවේ නිලධාරීන් පිරිසත් ඇතුළත් තර ඇත.
ජූනි 09 දා සිට 12 දා දක්වා අභිනවයෙන් එලන ලද සුගතදාස කෘතිම ධාවන පථයේ 
පවත්වන්නට නියමිත මෙම ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීමට අනිද්දා
 (අප්‍රේල් 19)  නාමයෝජනා භාරගෙන අවසන් වන්නට නියමිත සහ අප්‍රේල් 03 දා
 පවත්වන නිලවරණයෙන් බලයට පත්වන නිලධාරී මණ්ඩලයට විශාල වගකීමක් පැවරෙනු
 ඇතැයි ද ක්‍රීඩා අමාත්‍යංශ්‍ය අවධාරණය කරනු ලබයි.රටවල් 43 ක් නියෝජනය කරමින්
 ක්‍රීඩක ක්‍රීඩිකාවන්,පුහුණුකරුවන් තාක්ෂණික නිලධාරීන් මෙන්ම වෙනත් නිලධාරීන්ද 
ඇතුළු 800 ක පමණ නියෝජනයක් සිදුවනු ඇතැයි අපේක්ෂිත මෙම ක්‍රීඩා උළෙල වෙනුවෙන් 
තරග සංවිධානය,මාධ්‍ය ප්‍රචාරණය,උත්සව සංවිධානය,ප්‍රවාහන,ආහාර සහ නේවාසික
 කටයුතු සොයා බැලීම සදහා ද අනු කමිටු පත් කිරීමට පියවර ගෙන ඇති බව ක්‍රීඩා
 අමාත්‍යංශය අවධාරණය කරයි.
එම ක්‍රීඩා උළෙල මෙන්ම පැවත්වීමට යෝජිත දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල පිළිබදවද
 ක්‍රීඩා අමාත්‍යංශයෙ අවධානය යොමු වී ඇති අතර ක්‍රීඩා ඉසව් 23 ක් සදහා පුහුණුකරුවන්
 පත් කිරීම,කළමණාකරුවන් පත් කිරීම,විදේශ පුහුණුකරුවන් ගෙන්වා ගැනීම මෙන්ම
 ක්‍රීඩක පරිසාධන මට්ටම් අධීක්ෂණය කිරීම වැනි කාරණා සදහා දැනටමත් මෙහෙයුම් 
කමිටුවක් ක්‍රියාත්මකව පවතින අතර එහි ප්‍රධානත්වය පැවරී ඇත්තේ රියල් අද්මිරාල් 
ෂෙමාල් ප්‍රනානන්දුට ය.






No comments: