Jan 12, 2013

‍කෞශල්‍යය සිංහල ක්‍රීඩා සමාජයේ ගෙදරට පැන පහර දෙයි

Kaushalya Weeraratne launches one down the ground


ළමු පෙළ එක්දින තරගාවලියේ අවසාන තරගයේදි කෞශල්‍යය වීරරත්න එස්එස්සී පිටිය වර්ණවත් කරමින් දියත් කළ ප්‍රහාරත්මක ඉණිමෙන් නොදැවී එක් කර ගන්නා ලද ලකුණු 61 හේතුවෙන් එස්එස්සී ක්‍රීඩා සමාජයට ස්වීය ක්‍රීඩාංගණයේදීම රාගම ක්‍රීඩා සමාජයට කිරුල පිරි නමා දෑත් සෝදා ගන්නට සිදු විය.පන්දු 41 කින් හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමග ගලා ආ එම ලකුණු 61 ලබා ගැනීම සදහා කෞශල්‍යය පිටියට පිවිසෙන විට රාගම ක්‍රීඩා සමාජයේ ලකුණු ප්‍රමාණය පන්දු ඕවර් 31.5 දී කඩුලු 5 ට ලකුණු 146 ක් ව තිබිණ.ඒ අනුව යම් විවෘත තත්ත්වයකට පත් ව තිබූ තරගයේ තීරණය වෙනස් කරමින් පන්දුවට පහර දුන් කෞශල්‍යය සමග මෙම තරගාවලිය පුරා කඩුලු රැකීමෙන් මෙන්ම නායකයෙකු ලෙස දකැපී පෙනෙන දක්ෂතා දැක් වූ සමීර සොයිසා රැස් කළ ලකුණු 46 ද රාගම ජයග්‍රහණයට විශාල රුකුලක් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ රාගම නායක සමීර සොයිසා පළමුව පන්දුවට පහර දීමට එස්එස්සී ක්‍රීඩා සමාජයට කළ ආරාධනය අනුව ඔවුන් සිය පන්දු වාර 50 න් 43.2 ක් වැය වෙන විට සියල්ලම දැවී රැස් කළේ ලකුණු 218 ක් පමණි. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිටින ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න,තරංග පරණවිතාන වරක් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ උප නායකත්වය පවා දැරූ තිළිණ කණ්ඩම්බි සමග කෞශළ්‍යය ලොකුආරච්චි,සචිත්‍ර සේනානායක,කෞශාල් සිල්වා මෙන්ම පවතින තේරුම් කමිටුවේ අසීමාන්තික කරුණාව මත නිරන්තරයෙන් කණ්ඩායමට ප්‍රවේශ වීමට අවස්ථාව හිමි වන දිල්හාර ප්‍රනාන්දු ද එස්එස්සී කණ්ඩායමේ සාමාජිකයන්ව සිටියදී රාගම ක්‍රීඩා සමාජයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් සිටියේ තිදෙනෙක් පමණි.ඒ මයිකල් වැන්ඩොට්,කෞශල්‍යය වීරරත්න සහ මාලිංග බණ්ඩාර පමණය.
නමුත් එස්එස්සී කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවා වූයේ කුමන හේතුවක් නිසා හෝ තේරුම් කමිටුවේ ආශිර්වාදය නොලබන රාජකීයෙකු වී සිටින යොවුන් පිතිකරු භානුක රාජපක්ෂ සහ කෞශල්‍යය වීරරත්න ය.භානුක ලකුණු 51 ක් පන්දු 43 දී රැස් කළේ,හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගය.කෞශල්‍යය ලකුණු 56 පන්දු 63 දී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමග ලබා ගත්තේය.රාගම ක්‍රීඩා සමාජය වෙනුවෙන් පන්දු යැවීමෙන් මාලිංග බණ්ඩාර ලකුණු 33 ට කඩුලු 3 ක් ලබා ගත් අතර මධුර ලක්මාල් ලකුණු 33 ට කඩුලු 2 ක් ලබා ගත්තේය.
එස්එස්සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළපුරුදු වේග පන්දු යවන දිල්හාරට සාර්ථක වීමට නොහැකි වූ අතර ඔහු සිය පන්දු ඕවර් 7 තුළ ලකුණු 43 ක් ලබා දුන්නේ කිසිදු කඩුල්ලකට හිමිකම් නොකියමින්ය. ජාතික තේරීම් කමිටුවට අඩුවෙන් දර්ශනය වන සචිත්‍ර සේනානයක ලකුණු 31 ට කඩුලු 2 ක් දවා ගනිමින් එස්එස්සී ක්‍රීඩා සමාජයේ කැපී පෙණුනම පන්දු යවන්නා වූ අතර කෞශල්‍යය ලොකුආරච්චි පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක් වීමට තමා තුළ ඇති හැකියාව පැහැදිළි කරමින් ලකුණු 46 ට කඩුලු 2 ක් දවා ගත්තේය.ඕස්ට්‍රේලියානු වේග තණතිලි වලට උචිත දග පන්දු යවන්නෙක් ලෙස සචිත්‍රව ක්‍රීඩා විචාරකයන් නම් කළ ද ඕස්ට්‍රේලියාවේ බිග්බෑස් සංවිධායකයන්ගේ මිස ශ්‍රී ලංකා තේරිම් කමිටුවේ අවධානය සචිත්‍ර කෙරෙහි යොමු නොවූ අතර ඔහු රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව නව පන්දුවෙන් පන්දු යැවීම අරඹමින් මෙම දස්කම් දැක්වීම කැපී පෙණින.
තරගයේ සමස්ත ලකුණු සටහනට මෙම සබදතාවය ඔස්සේ පිවිසිය හැකිය.

කැන්ගරු පැටව්නුත් සිංහයන් දඩයම් කරති

Phillip Hughes was the first Australian to score a century on ODI debutශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේදි 2015 ලෝක කුසලාන අත්දැකීම් බලාපොරොත්තුවෙන් සැළසුම් කරන ලද ඕස්ට්‍රේලියා කණ්ඩායම ඉදිරියේද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 107 කින් පරාජය විය.කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව ලකුණු 305 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවයට එල්ල කළ මානසික පීඩනය ඉදිරියේ වියවුල් මනසින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙකුම දුවද්දී දැවී ගිය අතර ඒ අතරින් ඇන්ජලෝ මැතිව්ස් සහ ලහිරු තිරිමාන්න ගේ දුවද්දී දැවී යාම් ලකුණක් අසළකවත් නොතිබිය දි ගත් අසාර්ථක සහ වගකීමකින් තොරව කඩුලු අතර දිවීම් නිසා සිදු වූ දැවීයාම් විය.
නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ඕස්ට්‍රේලියාව ලකුණු 300 ඉක්මවීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අභිමානය පහුරු ගෑමක් වූ අතර ඒ පීඩනය තුළ සිට ලකුණු 300 දෙස බලන්නට යාම නිසා දෝ ලකුණු ගැවසුණු මෙල්බර්න් තණතිල්ල තුළ ශ්‍රී ලංකා පිතිකරුවෝ අනවශ්‍යය කළබලයකට ලක් වීම මෙම පරාජයට හේතු කාරක සැපයීය.පළමු කඩුලු දෙක ලකුණු 17 දී අහිමි වූ විට ඩිල්ෂාන් සහ දිනේෂ් චන්දිමාල් තෙවන කඩුල්ල වෙනුවෙන් ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළ නංවන සබදතාවයක් ගොඩ නගමින් ලකුණු පූවරුව ඉහළ දමමින් සිටියදී,ලකුණු පූවරුව නෙල්සන් තත්ත්වයට (111) පත් වෙද්දී ඩිල්ෂාන් ගේ කඩිසර නොවුණු කඩුලු අතර දිවීමේ ප්‍රතිපලය ශ්‍රී ලංකාවට තෙවන කඩුල්ල අහිමි කළේය.
ඩිල්ෂාන්ගෙන් එක් වූ ලකුණු 51 සහ චන්දිමාල් ක්‍රීඩා කළ සටන්කාමී ඉණිමෙන් ලැබුණු 73 ත් නොවන්නට වගකීම් සහගත පිතිකරණයක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට නොලැබුණු අතර ඒ නිසා ශ්‍රී ලංකා ඉණිම මුළු ලකුණු ප්‍රමාණය 198 ක් ව තිබියදී අහවර විය.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යවන්නන්ගේ සේවයටත් වඩා පන්දු රැකීමේ සුපිරි තත්ත්වය කැපී පෙණුන අතර ක්ලින්ට් මැකේ ලකුණු 33 ට කඩුලු 4 ක් දවා ගනිමින් පන්දු රකින්නන්ගේ සහයෝගයේ ඉහළම ප්‍රතිපලලාභියා විය.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සිය මංගල එක්දින තරගයේදීම ශතකයක් ලැබු පළමු ඕසට්‍රේලියානුවා වෙමින් කැපී පෙණුන පිලිප් හියුග්ස් ලකුණු 112 ක් ලබා ගත් අතර සිය පළමු එක්දින නායකත්වය ජයග්‍රාහී සැමරුමක් කර ගැනීමට අවශ්‍යය පසුබිම සකස් කරන්නට හියුග්ස් හා එක්ව ලකුණු 140 ක සබදතාවයක් තෙවන කඩුල්ලට පැවත්වූ ජෝර්ජ් බේලි ප්‍රවේගකාරී ලකුණු 89 ක් එක් කළේ පන්දු 79 කින් ය.ඩේවිඩ් හසී පන්දු 34 කින් නොදැවී ලැබූ ලකුණු 60 කින්  තරගයේ අවසාන භාගය හැඩ කළේය.පන්දු යැවීමේ දී අජන්ත මෙණ්ඩිස් සිය අවසාන පන්දු ඕවරය යැවීම තෙක් හොදින් පන්දු යැවූ නමුත් වේග පන්දු යවන්නන්ට උචිත තණතිල්ල තුළ ඕස්ට්‍රේලියාවට එරෙහිව යවන අවසන් පන්දු ඕවරය යැවීමේ දුෂ්කර කාර්යය ඉටු කරන්නට ගිය අජන්ත තරගය නිමා කළේ පන්දු ඕවර් 10 ක් තුළ තරගයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා දුන් පන්දු යවන්නා බවට පත් වෙමින් ලකුණු 62 ක් ලබා දී එක් කඩුල්ලක් ලබා ගනිමින්ය.
තරගයේ වීරයා ලෙස වාර්තාගත ශතකයක් ලැබූ පිලිප් හියුග්ස් සම්මානනීය වූ අතර තරගයේ සමස්ත ලකුණු විස්තරයට මෙම සබදතාවය ඔස්සේ පිවිසිය හැකිය.http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573014.html

www.supirikrida.com

Jan 11, 2013

පිහාටු මල නෙලන්නට හිතුවක්කාරයාගෙන් යළිත් උත්සාහයක්

සුගිය කාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පිරිහිම සදහා බල පෑ විශාල කරුණු ගණනාවක පුරෝගාමී චරිතයක් ලෙස හැදින්වෙන මහාචාර්ය රංජිත් ද සිල්වා යළත් බැඩ්මින්ටන් පරිපාලනයේ මුල් පුටුවට ඉව අල්ලන බව සුපිරික්‍රීඩා වෙත දැන ගන්නට ලැබුණා.වර්ථමාන පාලනයේ තියෙන අදූර්දර්හී ක්‍රියා කළාපය හේතුවෙන් මෙසේ නැවත බැඩ්මින්ටන් මුල් පුටුවට පැමිණිමට තීරනය කර ඇති බව එහිදී මහාචාර්ය වරයා ප්‍රකාශ කර තිබෙනවා.
අතිශයින් හිතුවක්කාරී චරිතයක් වූ මහාචාර්ය රංජිත් ද සිල්වා සිය පාලන සමයේ ඒකාධිපතියෙකු ලෙස හැසිරීමෙන් නොනැවතී,සිය පෞද්ගලික විරසක පදනම් කරගෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පළි ගැනීමට පටන් ගත් තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව පියවර ගණනාවකින් පසු පසට වුණා.අනතුරුව පැවති පරිපාලනය ද එම මාර්ගයේම ගමන් කළ අතර ඔවුන් ගත් ඇතැම් තීරණ නිසාද සිදු වූයේ ක්‍රීඩාවේ අවගමනය පමණයි.අනතුරුව එම පරිපාලනයටම සම්බන්ධව සිටි චරිත කිහිපයක් වෙනත් මුහුණුවරකින් බැඩ්මින්ටන් බලධාරීත්වයට පැමිණි අතර අනතුරුව දකින්නට ලැබුණේ ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පරිපාලනයේ වගකීම් විරහිත සහ දුර්වල තීරණ නිසා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාවට වර්ථමාන ක්‍රීඩක දක්ෂතා මත හිමිවිය යුතු ස්ථානය පරිපලන තීරන හේතුවෙන් අහිමි වී යාමයි.
කිසිදු වගකීමකින් තොරව පරිපාලනයට සම්බන්ධ චරිතවල හිත සුව පිණිස ගත් ඇතැම් තීරණ පරිපාලනයක් විසින් ගත හැකි යැයි සිතීමට පවා නොහැකි තරමේ අභව්‍ය සහ දුර්වල තීරණ වීම නිසා ක්‍රීඩා අමාත්‍යවරයාද පවතින පරිපාලනයන් අතර දූෂිතම සහ ගැටළුකාරීම පරිපාලනය ලෙස වර්ථමාන බැඩ්මින්ටන් පරිපාලනය හං වඩු ගැසූ අතර මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් හිටපු හිතුවක්කාරයා යළිත් පිහාටු මලේ පරිපාලනයට හිස පොවන්නට සූදානම් වෙමින් සිටියි.
ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රවීන අංශයේ තරග වදිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලබා දී ඇති මහාචාර්යවරයා සැම්බියාවේ සේවයේ යෙදී සිටි සමයේදී එරට නියෝජනය කරමින් ජාත්‍යන්තර බැඩ්මින්ටන් පරිපාලනයට සම්බන්ධ වී ඇති අතර මේ වන විටත් ඔහු ඒ හරහා ජාත්‍යන්තර බැඩ්මින්ටන් පරිපාලනයේ විධායක තත්ත්වයෙන් කටයුතු කිරීම ආභරණයක් කර ගනිමින් මෙසේ පරපාලන මුල් පුටුවට පිවසිමට උත්සාහ කරමින් සිටියි.
ක්‍රීඩා අමාත්‍යංශයට ක හැරවුණු පිං කැටයක් බදු බැඩිමින්ටන් පරිපාලනය තනතුරුවලට පත් වීම හැරෙන්නට ස්වීය අරමුදල තරකර ගැනීම සදහා කිසිදු ආකාර‍යක සැළසුමක් ක්‍රියාත්මක කරන බවක් පෙනෙන්නට නැති බව පෙනෙන්නට ඇති අතර මෙම තත්ත්වය තුළ මූල්‍යමය ශක්තිය ඇති සහ ලංකාවේ වෙළද ප්‍රජාවගේ විශ්වාසය දිනූ ක්‍රීඩාවට ආදරය කරන  පිරිසක් අතට බැඩ්මින්ටන් පත් විය යුතු බව සුපිරික්‍රිඩා විශ්වාසය වන්නේය.වර්ථමානයේ ශ්‍රී ලංකාවේ අනාගතය පෝෂණය කළ හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ මතු වීමක් දකින්නට ලැබෙන අතර,ඒ පිරිසට අවශ්‍යය ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමට මූල්‍යමය වශයෙන් දායකත්වයක් දැක්විය හැකි සහ අනුග්‍රාහකත්වයන් සොයා ගත හැකි පුද්ගල කණ්ඩායමක් මෙම පරිපාලන වගකීමට උරදිය යුතු බව ද සුපිරික්‍රීඩා විශ්වාස කරයි.
www.supirikrida.com 

පළමු පෙළ එක්දින අවසන් තරගයේ දිනය වර්සාව විසින් වෙනස් කරයි

ද (11) පැවත්වීමට නියමිතව තිබූ එස්එස්සී ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර පළමු පෙළ එක්දින තරගාවලියේ අවසන් තරගය වර්ෂාව හේතුවෙන් හෙට (12) දිනට කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරනය කර ඇත.අවසාන තරගයට පිවිසීම සදහා සිය පිතිකරණයේ ශක්‍යතාවය පදනම් කරගත් එස්එස්සී කණ්ඩායම සහ පන්දු යැවීම පදනම් කරගෙන අවසන් තරගයට පිවිසි රාගම කණ්ඩායම අතර පැවත්වෙන මෙම අවසාන තරගය දෙපිළේ පන්දුව සහ පිත්ත අතර තරගයක් ලෙස හැදින්විය හැකිය.
www.supirikrida.com

කළකට පසුව CSN පිටියේදී සනත්ගෙන් ප්‍රවේගකාරී ඉණිමක්!

Sanath Jayasuriya Sanath Jayasuriya of Sri Lanka gets some runs during the ICC World Twenty20 match between West Indies and Sri Lanka at Trent Bridge on June 10, 2009 in Nottingham, England.  (Photo by Clive Mason/Getty Images) *** Local Caption *** Sanath Jayasuriyaලොව බිහිවූ සාර්ථකම ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස ප්‍රකට සනත් ජයසූරිය පිතිකරුවෙක් ලෙස පිත්ත හංගා ගෙන පන්දුවට පහර දෙන්නෙකු නොවුනද,මෑත කාලයේ ඔහු ර්‍කඩාව සම්බන්ධයෙන් ප්‍රකාශ කරන අවස්ථාවල දී ආණ්ඩුවේ මංත්‍රීවරයෙකු නිසා දෝ,පිත්ත හංගා ගෙන පහර දෙන පිතිකරුවෙකු ගේ ස්වභාවය පළ කළේය.නමුත් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු එක්දින තරගයට පෙරාතුව CSN නාලිකාවේ සාකච්ඡාවට කැළුම් ශ්‍රීමාල් සමග එක් වූ සනත් ශ්‍රී ලංකා තේරීම් කමිටුව වහාම වෙනස් විය යුතු බවට කරුණු සාධක ඉදිරිපත් කරමින් කතා කළේය.එසේම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නම් ලොව කිසිම ක්‍රීඩකයෙකුට නොදෙවැනි වුව ද, ඔවුන් මානසිකව ක්‍රීඩාවට උචිත තත්ත්වයට පත්ව නොතිබීම ගැන ද සනත් කරුණු පැහැදිළි කළේය.
රජයේ වරප්‍රසාද ලබන පුද්ගලයෙකු ලෙස හැදින්වෙන් අසන්ත ද මෙල් ඇතුළු තේරීම් කමිටු නිලධාරීන් පිළිබදව ජනමාධ්‍යය මගින් කරන ප්‍රකාශ සහ හෙළිදරව් කිරීම් හෝ හරූන් ලොගාඩ් ගේ කෝටි ගණනක වාර්තාවේ කරුණුද ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රියාවට නොනගා තිබෙන තත්ත්වයක් තුළ ඒ සියල්ලන්ගේ ක්‍රියාවලියට එරෙහිව එල්ල කළ දැවැන්ත ප්‍රහාරයක් ලෙස සනත් විසින් කරන ලද තේරීම් කමිටුවට එරෙහි ප්‍රකාශය හැදින්විය හැකිය.
www.supirikrida.com

මලල ක්‍රීඩා පරිපාලනය කළේ ඇන්දිල්ල විතරද?

ලල ක්‍රීඩා පරිපාලනයේ නිලවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පරිපාලනය විසින් කළ දැණුම් දීම මේ වන තුරුත් සාර්ථක ප්‍රතිචාරයක් දක්වා නැති නිසා ශ්‍රී ලංකාවට ඉදිරියෙදි පැවත්වීමට නියමිත ජගත් යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය,ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලියේ පළමු අදියර මෙන්ම 14 වැනි ජගත් මලල ක්‍රීඩා සූරතාවිලය ද අහිමි වි යා හැකි අන්දමේ අවදානමක් ගොඩ නැගීම පිළිබදව අදහස් දක්වන්නන් කියා සිටින්නේ මලල ක්‍රීඩා සංගමය පසුගිය කාලයේ කළ එකම දේ ඇන්දීම පමණක් බවය.
ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීට පෙර සිය ක්‍රීඩා ඇදුමෙන් සැරසී සංචිත රැස්වීම් වලට සහභාගි වීම වෙනස් කරමින් වෙනම සාමාන්‍ය කළිසමෙන් සහ කමිසයකින් සැරසී පාවහන් පැළද සංචිත රැස්වීම් වලට සහභාගි වීමට මෙම පරිපාලනය කළ අණ මෙසේ කීමට හේතුව වී ඇත.එසේම කාන්තා ක්‍රීඩිකාවන්ට ද එවැනි ඇදුමක් නියම කිරීමට පියවර ගත්තේය. එම නිසා පුහුණුවීම් සැසි නිම කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉන් සුළු මොහොතකට පසුව සැහැල්ලු ඇදුමකින් සැරසී සංචිත රැස්වීම් වලට සහභාගි වීම වෙනුවට නියම කරන ලද ඇදුමෙන් රැස්වීම් වලට සහභාගි වන්නට සිදුවීමෙන් යම් දුෂ්කරතාවයකට මුහුණ දෙන්නට සිදු වූ බව ද පැවසේ.
හිටපු පරිපාලනයේ දිගුවක් ලෙස පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලිය හැරෙන්නට වෙනත් ජයග්‍රහණයක් ලබන්නට මෙම පරිපාලනය අපොහොසත් වූ බව ද,අමාත්‍යවරයා විසින් සොයා දුන් අනුග්‍රහයන් මත යැපෙනු විනා වෙනත් කිසිවක් කිරීමට ‍පරිපාලනය අපොහොසත් වී ඇති බවත් එසේ අදහස් ප්‍රකාශ කරන්නන් පෙන්වා දෙයි.
මේ තත්ත්වය මත පවතින පරිපාලනයේ ඉහළ නිලධාරීන් අතර යම් මතවාදමය ගැටළු ඇති වී පවතින බවත්,එහි ඉහළ නිලධෘරින් කිහිප දෙනෙකු ක්‍රීඩා අමාත්‍යවරයා සමග සමීප සබදතා පවත්වමින් ක්‍රීඩාවේ ප්‍රබෝධයට හේතු නොවන ආකාරයෙන් කටයුතු කිරිමත් කේෂ්ත්‍රයේ විශාල ආන්දෝලනයකට ලක් වි තිබෙන ප්‍රසිද්ධ රහසක් වී ඇත.
www.supirikrida.com

Jan 10, 2013

සිංහල ක්‍රීඩා සමාජය සහ රාගම අවසන් තරගයට

 මෙවර පළමු පෙළ එක්දින තරගාවලියේ අවසාන තරගයට පිවිසීමට සිංහල ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා ගැනීමට සමත් වී ඇත.ඒ අනුව හෙට (11) එම ක්‍රීඩා සමාජ දෙක අතර පැවත්වෙන අවසාන තරගය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී පැවත්වේ.
Sahan Hewa Thilina Kandamby
තිළිණ
Sameera De Zoysa Player Profile
සමීර
පළමු අවසන් තරගයෙන් කොළඹ එන්සීසී ක්‍රීඩා සමාජය පරදවා එස්එස්සී ක්‍රීඩා සමාජය කඩුලු හතක ජයක් ලබා ගත් අතර එම ජයග්‍රහණයේ වැඩි ගෞරවය එස්එස්සී කණ්ඩායමේ කෞෂාල් සිල්වා ගේ ( නොදැවී 103)  සහ නායක තිළිණ කණ්ඩම්බි ගේ (නොදැවී 75 ) ට හිමි විය යුතුය.එසේම පන්දු යැවීමේ දී ධනුෂ්ක ගුණතිලක ලකුණු 28 ට කඩුලු 5 ක් දවා ගනිමින් එන්සීසී ලකුණු පූවරුව ලකුණු 222 ට සීමා කරන්නට මුල් විය.
රාගම සහ කෝල්ට්ස් අතර තරගයේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වූයේ රාගම පන්දු යවනන්න්ය.තම ඉණිම ලකුණු 206 ක් දක්වා අපහසුවෙන් ඇද ගෙන ගිය රාගම ක්‍රීඩා සමාජයට නායක සමීර සොයිසා (56) සහ මිලින්ද සිරිවර්ධන (43) ගේ දායකත්වය බෙහෙවින් ඉවහල් වූ අතර එම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කිරීමට රාගම පන්දු යවන්නෝ ඉතා කැපවීමෙන් පන්දු යවමින් කෝලට්ස් ක්‍රීඩා සමාජය ලකුණු 113 ට සීමා කරන්නට සමත් විය.මාලිංග බණ්ඩාර ලකුණු 15 ට කඩුලු 3 ක් දවා ගත් අතර සටන්කාමී ඉණිමක නියැලි ශිහාන් කමිලීන් පළමු කඩුල්ල දැවී යාමෙන පසුව පිටියට පිවිස ලකුණු 39 ක් ලබා හුදෙකලාව නොදැවී සිටියේ සිය කණ්ඩායමෙන් සටන් සගයෙකු සොයා ගැනීමට නොහැකි වූ කණගාටුවෙන්  යුතුවය.
http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/current/match/591943.html එස්එස්සී - එන්සීසී ලකුණු සටහනට මෙම සබදතාවය ඔස්සේ පිවිසිය හැකි අතර රාගම = කොල්ට්ස් ලකුණු සටහනට http://www.espncricinfo.com/sri-lanka-domestic-2012/engine/current/match/591944.html සබදතාවය ඔස්සේ පිවිසිය හැකිය. 

ගොන්නු පොර අල්ලූ තැන පැසි පන්දුවට



ස්පාඤ්ඤය 2020 ඔලිම්පික් උළෙල පැවත්වීමේ සත්කාරකත්වය අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලංසුවේ ස්වීය පැසි පන්දු පිටිය ලෙස හදුන්වා ඇත්තේ මැඩ්රිඩ් නගරයේ ඇති ප්‍රධානතම ගොන්පොර ක්‍රීඩාංගණය වන Plaza de Toros de Las Ventas ස්ථානය යි.ගොන්පොර ක්‍රීඩාවට ලොව ප්‍රකටතම රට වන ස්පාඤ්ඤය ඒ නිසාම ලොව පුරා අමානුෂ්ක ක්‍රීඩාවකට අනුබල දෙන රටක් ලෙස අපකීර්තයට සහ පිළිකුලට බදුන් වන තත්ත්වයක් දකින්නට ලැබිණ.මේ නිසාම රජයෙන් ඊට ලැබෙන උත්තේජන සහ අනුග්‍රහයන් ක්‍රමයෙන් ගිලිහී ගිය අතර අද එවැනි නිල මට්ටමෙන් ගොන්පොර හැකි තත්ත්වයන් ස්පාඤ්ඤයෙන් ඉවත් වෙමින් ඇත.මේ වාතාවරණය තුළ එම ලෝ ප්‍රකට ප්‍රධානතම ක්‍රීඩාංගණය 2020 ඔලිම්පික් සත්කාරකත්වය ලැබෙන්නනේ නම් පැසිපන්දු තරග වෙනුවෙන් සකස් කිරීමට ස්පාඤ්ඤය තීරණය කර ඇත.
එසේම මැඩ්රීඩ් නුවර ඇති විශාලතම හරිත උද්‍යානය වන El Retiro Park  ක්‍රීඩාංගණ සදහා ස්ථාන නම් කිරීමේදී වෙරළ වොලිබෝල් තරග පැවත්වීමේ ක්‍රීඩාංගණය ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත.නව වතාවක් යුරොපීය පාපන්දු සූරතාවය දිනා ඇති රියාල් මැඩ්රීඩ් කණ්ඩායමේ නිල ක්‍රීඩාංගණය වන Estadio Santiago Bernabéu පාපන්දු පිටිය ලෙස නම් කිරීමට තීරණය කර ඇත.
මේ ආකාරයට ක්‍රීඩා තරග පවත්වන ස්ථාන 35 ක් නම් කරමින්,වෙනත් පහසුකම් සහ ක්‍රියාකාරීත්වයන් පැහැදිළි කරමින් තරගාවලියේ සත්කාරකත්වය දිනා ගැනීම සදහා තරග වදින ස්පාඤ්ඤ්ය ඒ සදහා  බලය පවරා  ඇති කණ්ඩායම පිටු 370 ක සවිස්තර වාර්තාවක් මගින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය ඇති රටවලට කරුණු අවධාරණය කිරීමට තීරණය කර ඇත.
www.supirikrida.com

මාලිංග ගැන හසීගෙන් වැණුමක්

David Hussey and Lasith Malinga celebrate a wicketස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන බිග්බෑෂ් ක්‍රිකට් තරගාවලියේ දී මෙල්බර්න් ස්ටාර් කණ්ඩායමට ක්‍රීඩා කරන ලසිත් මාලිංග ගේ හැකියාව පිළිබදව වර්ණනා කරන එම කණ්ඩායමේ සාමාජික ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් හසී,මාලිංග ලොව සිටින හොදම පන්දු යවන්නා බව පවසයි.විශේෂයෙන්ම මාලිංග ගේ පන්දු සංකලනය ගැන සදහන් කරන හසී,ඔහුගේ වේගවත් බවුන්සර් පන්දුව,යෝකර් පන්දුව සහ හෙමින් යොමු කරන පන්දුව යන පන්දු ත්‍රිත්වය සමග කටයුතු කිරීම පිතිකරුවෙකුට ඉතා අසීරු කාර්යයක් බව පෙන්වා දෙයි.
කුමන මොහොතක එම පන්දු තුනෙන් එකක් එල්ල වන්නේද යන්න දන්නේ මාලිංග පමණක් බැවින් පූර්ව සැළසුමකට ඉණිමක් ගොඩ නැගීම පිතිකරුවෙකුට මාලිංග සමග පහසු නැති බව පෙන්වා දෙන හසී මේ කාලයේ ඔහු, ඔහු ගේ හොදම දක්ෂතා අතර සිටින බැවින් පිතිකරුවන් ප්‍රවේශමෙන් කටයුතු කර යුතු බව පෙන්වා දෙයි.
හෙට (11) ඇරඹෙන ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගයට මෙලබර්න් නයිට් කණ්ඩායමෙන් මාලිංග සහ හසී, දෙපිළට එක් වන අතර පළමු තරග දෙකට නම් කරන ලද කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මුහුණු දකින්නට ඇත්තේ අඩුවෙන්ය.මයිකල් ක්ලාක් මෙන්ම ෂේන් වොට්සන් ද කණ්ඩායමේ නැති අතර විශ්‍රාම ගි මයික් හසී ගේ සේවය ද ඕස්ට්‍රේලියාවට නොලැබෙන්නනේය.ඒෙස්මඑ ටෙස්ට් තරගාවලිය පුරා දැඩි ප්‍රහාරයක් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කළ ඩේවිඩ් වර්නර් ද කණ්ඩායමේ දකින්නට නොලැබෙන අතර ටෙස්ට් තරගාවලියේ දී දුටු මුහුනු ලෙස දකින්නට ලැබෙන්නේ මිචෙල් ජොන්සන්,පිලිප් හියුග්ස්,මිචෙල් ස්ට්‍රැක්යන තිදෙනා පමණි.නායකත්වය ජෝජ් බේලි ට පැවරී ඇත.
www.supirikrida.com

Jan 9, 2013

දැල්පන්දු නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට තවත් කල් තිබෙනවා - රංජනී ජයකොඩි

ශ්‍රී ලංකා දැල්පන්දු පරිපාලනය සදහා තේරී පත් වීමට නාම යෝජනා ලබා දී ඇති පිරිස ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට තව දුරටත් කල් ඇති බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පවසයි.පවතින තත්ත්වය අනුව ආසියානු දැල්පන්දු සූරතාවලිය කරන ලද දැල් පන්දු පරිපාලනයේ සියළු චෝදනාවලට එහි සභාපතිනියව සිටි තමාරා ධර්මකීර්ති පමණක් වගකිව යුතු බවක් පෙනෙන්නට ඇති අතර,ඉන් අනතුරුව පැවති සිංගප්පූරු සය ජාතික නෙට්බෝල් තරගාවලියේදී තේරීම් කමිටුවේ සහ පුහුණුකාරීත්වයේ ප්‍රධාන වගකීම් පැවරුවේද එම සංවිදාන කමිටුවේ සිටි සාමාජිකයන්ටය.දැනට එහි ලේකම්වරියව සිටි තැනත්තියද මෙම නිලවරණයේදී තරග වදින අතර ඒ පිළිබදව කිසිදු තීරණයක් නොගන්නේ මන්දයි කරන ලද විමසීමේදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉහත අදහස් දැක්වීම කළාය.
ඇය තව දුරටත් පැහැදිළි කළේ ඒ පිළිබදව පත් කරන ලද පරීක්ෂණ කමිටු වාර්තාව තවමත් නොලැබී ඇති නිසා මේ තත්ත්වය උද්ගත වී ඇති බවය.එවැනි වාර්තාවක් නිකුත් නොවුණ ද අමාත්‍යවරයා පැවති නෙට්බෝල් පරිපාලනය සම්බන්ධයෙන් පරික්ෂණ කිරිමට පත් කළ කොමිටියේ තොරතොරු ලෙස වරින්වර අදහස් ප්‍රකාශ කළේය.අමාත්‍යවරයාට පරීක්ෂණයේ තොරතොරු කඩින් - කඩ වාර්තා කිරීමට එම කමිටු නිලධාරීන් පියවර ගත්තා නම් මේ වන විට සමස්ත වාර්තාව ද නිකුත් කිරිමට කාලය පැමිණ ඇති අතර එසේ වාර්තාව ලබා නොදී තව දුරටත් වැරදිකරුවන්ට බලයට පැමිණීමට ඉඩ හසර දිමක් සිදු කරන්නේ නම්,ඒ සදහා වගකිව යුතු පරීක්ෂණ කමිටුවේ සාමාජිකාවක නිලවරණයේදි සභාපති තනතුරට තරග වැදිම ද සදාචාර සම්පන්න නොමැත.
www.supirikrida.com

වොලිබෝල් ඉතිහාසය එළි දැක්වීම සමග පැරණි ක්‍රීඩකයන්ට උපහාර පිදීමක්!


 ශ්‍රී ලංකාවේ වොලිබෝල් ඉතිහාසය පිළිබදව ලියැවුණු ග්‍රන්ථයක් එළි දැක්වීමට වොලිබෝල් පරිපාලනයේ ද ආශිර්වාදය ඇතිව කටයුතු කරමින් සිටින බව එහි ලේකම් සුසිල් රණසිංහ සුපිරික්‍රීඩා වෙත පැවසීය.එම ග්‍රන්ථය එළි දැක්වීම අළලා ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවනට උපහාර පිදිමක් ද සංවිධානය කරන්නට බලාපොරොත්තු වන බව පෙන්වා දෙන ලේකම්වරයා ඒ සදහා හ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවනට සිය තොරතොරු වොලිබෝල් සම්මේලනය වෙත දන්වන මෙන් කාරුණිකව දන්වා සිටියි.
1955 සිට 1991 දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය නම,ලිපිනය,දුරකථන අංකය,ෆැක්ස් අංකය සමග විද්‍යුත් ලිපිනය ද ඇතුළත් කර ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය,අමාත්‍ය කාර්යාලය,විදේශ සේවා නියුක්ති කාර්යාංශය,අංක 234,ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,කොස්වත්ත,බත්තරමුල්ල යන ලිපිනයට යොමු කරන ලෙස ඉල්ලා සිටියි.
දුකථන අංක 0777 280 397 වෙත ද,ෆැක්ස් අංක 011 2 864 281 හරහා ද සිය තොරතොරු දැන්වීමේ හැකියාව ඇති අතර මෙම තොරතොරු ජනවාරි 15 ප්‍රථම යොමු කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටියි.

ජපානය ඔලිම්පික් ආශ්චර්යයට සූදානම් වෙයි

Tokyo 2020 present bid book to IOC January 2013


දෙවන වරටත් ඔලිම්පික් සත්කාරකත්වය බලාපොරොත්තුවෙන් 2020 වසර සදහ‍ා තරග වදින ජපානයේ ටෝකියෝ නගරය තුළ ලොව ආශ්චර්යයමත්ම ඔලිම්පික් උළෙල සංවිධානය කිරීමට තමන්ට හැකි බව සත්කාරකත්වය අපේක්ෂිත සංවිධාන කමිටුවේ ප්‍රධාන විධායක මසාටෝ මිසුනෝ පවසනවා.තරගාවලිය ජපානයට දිනා ගැනීමේ මෙහෙයුම් කමිටුවට මිසුනෝ මෙන්ම 2011 ජගත් කාන්තා පාපන්දු  සූරතාවලිය සහ 2012 ඔලිම්පික් කාන්තා රන් පදක්කම දිනා ගත් ජපාන කණ්ඩායමට නායකත්වය දුන් හොමාරේ සාවා,පැරා ඔලිම්පික් පිහිණුම් රන් පදක්කම්ලාභිණී ටකායුකී සුසුකී මෙන්ම 2020 තරගාවලියේ සැළසුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන කට්සුරා එන්යෝ මෙන්ම ජපාන ඔලිම්පික් කමිටු සභාපති සුනෙකාසු ටෙකාඩා ද ඇතුළත් වෙනවා.
1964 දී ද ටෝකියෝ නගරයේ ඔලිම්පික් උළෙලක් පවත්වා ඇති අතර එහිදී තරග වැදී ශ්‍රී ලංකා දුර දිවීමේ ධාවක කරුණානන්ද ගේ අප්‍රතිහත ධෛර්‍යය සහ ප්‍රශංසනීය සහභාගීත්වයේ ගුණාංගය ජපානයේ පෙළ පොත් සදහා ද ඇතුළත් කෙරුණා.නැවත පිබිදීමේ පුනර්ජීවය සම්බන්ධ පරමාදර්ශයක් බදු ජපානය සියවසේ මුහුණ දුන් දැවැන්ත කඩා වැටීම් හමුවේ නැවත නැගී සිටි ආකාරයම ආශ්චර්යයක්.ඒ සියල්ලම පදනම් කරගෙන මිසුකෝ පවසන්නේ අපට සියල්ලම කළ හැකියි යනුවෙන්.එසේම පාපන්දු නායිකා සාවා පවසන්නේද ලොව පුරා ප්‍රශංසාවට ලක් වූ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වය තමන්ටත් යළි ප්‍රදර්ශනය කළ හැකි බවයි.
කෙසේ හෝ 2020 ඔලිම්පික් උළෙල දිනා ගැනීම වෙනුවෙන් ජපානය සමග තියුණු තරගයකට වැටී සිටින තූර්කියේ ඉස්තාන්බුල් නගරය සහ ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නගර සමග වන තරගයෙන් ටෝකියෝ නගරය ජය ගැනීමට නම් 2013 සැප්තැම්බර් 7 වන දින බුවනෝර්ස්අයර්ස් නගරයේ පැවත්වෙන ඡන්ද විමසීමෙන් ටෝකියෝ නගරය ජය ගත යුතුයි.
www.supirikrida.com

Jan 8, 2013

වෙනස්කම් රැසක් මැද ඉෂාරා කේවල සූරතාවය අපහසුවෙන් රැක ගනියි

 හනුවර පේරාදෙණිය ජගත් රාජපක්ෂ අන්තර් ජාතික මේස පන්දු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති 66 වන ජාතික මේස පන්දු තරගාවලියේ දී ශ්‍රේණිගත කිරිම්වල පළමු තැන සිටි කේවල සහ යුගල ජයග්‍රාහකයන් බොහෝ දෙනෙකුට ජාතික සූරතාවය ජය ගැනීමේ අවස්තාව අහිමි විය.කේවල සූරයාව සිටි රොහාන් සිරිසේන ට අවසාන තරගයට හෝ ඒමට අවස්ථාව නොලැබුණු අතර කේවල සූරියව සිටි ඉෂාරා මධුරංගි කණිෂ්ඨ තරගාවලියේ නැගී එන ක්‍රීඩිකාව බවට පත් වූ රිද්මි කරන්දනආරච්චිගෙන් එල්ල වූ ප්‍රබල තර්ජනය අපහසුවෙන් මැඩ පවත්වා ගනිමින් වට 4 - 3 ක ජයක් අත් කර ගත්තාය.ඉෂාරා මෙම තරගයේදී මුල් වට තුනම රිද්මි ඉදිරියේ පරාජය වූ අතර අවසන් වට හතර සිය අත්දැකීම් මෙන්ම අවුරුදු 15 න් පහළ ක්‍රීඩිකාවක ලෙස රිද්මි සතු දරා ගැනීමේ ශක්‍යතාවයේ හීන බව ප්‍රයෝජනයට ගනිමින් ඉෂාරා ජය ගන්නට සමත් වූවාය.
ඊට අමතරව තරගාවලියේ මිශ්‍ර යුගල අංක එකේ ශ්‍රේණිය ද ඉෂාරා සහ රොහාන් සිරිසේන විසින් හිමි කර ගන්නට සමත් වූ අතර රොහාන් කේවල තරගයෙදී අංක දෙකට සිටි නිර්මාල් ජයසිංහට මෙන්ම කණිෂ්ඨ සූරයා වන උදය රණසිංහට ද පරාජය විය.උදය රණසිංහ වඩාත් විශිෂ්ඨ තරග රටාවක් පෙන්නුම් කරමින් මේ තරගාවලියේ සිය දක්ෂතා ඉහළ මට්ටමකින් පවත්වා ගත්තද,අවසාන තරගයේදී සිය යුගල තරග වල සයකයා ඉදිරියේ සැළකිය යුතු දක්ෂති නොදක්වමින් අනු සූරයා වෙමින් මෙවර ජාතික සූරතාවය දිනා ගන්නට MAS කණ්ඩායමේ නිර්මාල් ජයසිංහ ට අවස්ථාව උදා කර දුන්නේය.
එසේම නිර්මාල් සහ විද්‍යාර්ථ විද්‍යාලය නියෝජනය කරන උදය සතුව පැවති පිරිමි යුගල සූරතාවය මෙවර ‍ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොහාන් සිරිසේන සහ මිලින්ද ලක්ෂිත විසින් හිමි කර ගත් අතර ගුවන් හමුදාවේ ඉෂාරා මධුරංගි සහ මෞලි පීරිස් ට යුගල කාන්තා අංක එක ස්ථානයේ සිටියද අවසාන තරගයට හෝ පිවිසිමට අවස්ථාව ලැබුණේ නැත.ඒ අනුව මෙවර කාන්තා යුගල තරගයට පිවිසි ලාබාල යොවුන් පාසල් ක්‍රීඩිකාවන් අතරින් මහනුවර උසස් බාලිකා විදුහලේ විනෝලි සිල්වා සහ ප්‍රවීනා සිල්වා පරාජයට පත් කරමින් සූරියන් වන්නට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ තරීන්ද්‍රා විජේකෝන් සහ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ මුතුමාලී ප්‍රියදර්ශණි සමත් වූවාය.
www.supirikrida.com


දැයට කිරුළට වෙරළ දැල් පන්දු

Ilka Semmler - Olympics Day 3 - Beach Volleyball


දැයට කිරුළ 2013 වර්ෂය සදහා වෙරළ කාන්තා සහ පිරිමි වොලිබෝල් තරගාවලියක් පැවත්වීමට ක්‍රීඩා අමාත්‍යංශයේ සහයෝගය ඇතිව වොලිබෝල් සම්මේලනය සහ දැයට කිරුළ සංවිධාන කමිටුව තීරණය කර ඇත.ජාතික සහ ආධුනික ලෙස වර්ග කර අංශ දෙකක් යටතේ තරගාවලි දෙකම පැවත්වෙන අතර ජනවාරි 26 සහ 27 යන දෙදින තුළ දිවයිනේ ස්ථාන හතරකදී මෙම තරග පැවත්වීමට තීරණය වී ඇත.ඒ අනුව එම දෙදින තුළ මීගමුව සහ හම්බන්තොට වෙරළ තීර ආශ්‍රිතවත් කිලිනොච්චියේ සහ අම්පාර සයිදමරිදු තරුණ ක්‍රිස්තියානි සංගම් වෙරළ ක්‍රීඩාංගණයේත් මෙම තරග පැවත්වීමට කටයුතු යොදා ඇත.
ජාතික තරගාවලිය සදහා එක් ආයතනයකින් හෝ ක්‍රීඩා සමාජයකින් කණ්ඩායම් තුනක් ඉදිරිපත් කිරිමට අවස්ථාව ලැබෙන අතර 1992 ජනවාරි පළමු දිනට පසු උපන් අයට සහභාගි විය හැකි කණිෂ්ඨ තරගාවලියට ද එක් ආයතනයකින් හෝ ක්‍රීඩ සමාජයකින් ඉදිරිපත් කළ හැකි අපරිම කණ්ඩායම් ප්‍රමාණය තුනකි.
ජනවාරි 17 වන දිනට ප්‍රථම සියලුම ඉල්ලුම් පත් ඒඒ ජයතිස්ස,ව්‍යාපෘති නිලධාරි,ජාතික වොලිබෝල් පුහුණුකරු,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව,ටොරිංටන් පෙදෙස කොළඹ 07 යන ලිපිනයට එවිය යුතු අතර  එම ඉල්ලුම්පත් වල ක්‍රීඩා සමාජයේ නම,අයත් දිස්ත්‍රික්කය මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් සහ හැදුණුම්පත් අංකත් ඇතුළත් විය යුතුය.

නෙට්බෝල් තනතුරු අපේක්ෂකයින් ඉල්ලා අස්වෙන ලකුණු

නෙට්බෝල් නිලවරණයට ඉදිරිපත් වී සිටින ඇතැම් අපේක්ෂිකාවන් එම තනතුරු වලට ඉදිරිපත් වී සිටින ඇතැම් පිරිස් වෙත සහය පළ කරමින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව එම කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.කෙසේ හෝ නෙට්බෝල් කේෂ්ත්‍රයේ සිටි වයෝවෘද්ධ නිලධාරිණියන්ට අභියෝග කරමින් ජාතික දැල් පන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මේ අතර තරග වැදී සිටින බව පෙනෙන්නට තිබේ.


ඒ අතරින් හිටපු දැල් පන්දු නායිකාවක,තේරිම් කමිටු සභාපතිවරියක ලෙස කටයුතු කළ දැළ විදින්නියක ලෙස සුපිරි ශිල්පීය ක්‍රමයන් භාවිතයට ගත් ක්‍රීඩිකාවක ද ලෙස ප්‍රකට ජයන්ති සෝමසේකරන් වැනි චරිත කැපී පෙනෙයි.ඇය ලේකම් තනතුරට තරග වදින අතර ඇය සමග තරග වදින්නේ ජාතික මට්ටමේ දැල් පන්දු තරග සංවිධානයේදී විශේෂ කාර්ය භාරයක් ඉටු කරන්නියක ලෙස කටයුතු කරන පාසල් දැල් පන්දු සංගමයේ හිටපු ලේකම්වරිය වන ශිරෝමි කුරුප්පු ය.එම දෙදෙනාට අමතරව කෝට්ටටේ දැල් පන්දු ඇකඩමිය හරහා ක්‍රීඩිකාවන් නිර්මාණය කිරිමට සහ එහි සාර්ථක පරිපාලන මෙහෙයුමට ද සම්බන්ධ ශ්‍යාමා කුරේ ද ලෙක්ම්වරියගේ භූමිකාව භාර ගැනීම සදහා තරගබිමට පිවිස සිටිති.
සභාපති තනතරට දෙදෙනෙක්,භාණ්ඩාගාරික තනතුරට දෙදෙනෙක් ලෙස තරග වදින අතර වැඩිම තරගකාරීත්වයක් දකින්නට ලැබෙන්නේ උප සභාපති තනතුර වෙනුවෙන්ය.එම තනතුරු පහ සදහා දොලොස් දෙනෙක් තරග බිමට පිවිසී සිටිති.
ආසියානු දැල් පන්දු තරගාවලිය මෙහෙයවීමේදී විශාල කාර්ය - භාරයක් ඉටු කළ තමාරා ධර්මකීර්ති මෙමවර නිලවරණයට ඉදිරිපත් නොවන අතර,එම තරගාවලියේ අක්‍රමිකතා සම්බන්ධ කරමින් පතුරවන ලද කතා ද එයට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය.නමුත් ඒ සම්බන්ධයෙන් චෝදනා ලද කමිටුවේ සිටි යසා රාමචන්ද්‍ර පසුව දැල් පන්දු කණ්ඩායමේ පුහුණුකාරියටත්,චන්ද්‍රානි පතිරාජ තේරීම් කමිටු සභාපති තනතුරටත් පත් කළ අතර එම පරිපාලනයේ ලේකම්වරියව සිටි යස්මින් ධර්මරත්න ද තරග බිමට පිවිස සිටින අතර මේ ආකාරයෙන් බලන කළ පෙනී යන්නේ එම චෝදනා සියල්ල කරමින් කළ විනය පරික්ෂණ වල  අපේක්ෂාව වී ඇත්තේ තමාරා ධර්මකීර්ති ව ඉවත් කිරීමද යන්නය.
ශ්‍රී ලංකාවේ ආසියානු දැල් පන්දු තරගාවලි දෙකක්ම පැවත්වීමට නායකත්වය දුන් තැනත්තියක වන තමාරා ඈත් කර දැමීම හැර එම තරගාවලිය සම්බන්ධයෙන් එය නිමාවේ කතා කළ උණුසුම් කතා - බස් අතර සිදු වූ කිසිවක් ප්‍රායෝගිකව සිදු වී නොමැති අතර,‍විශේෂයෙන්ම දැඩි ලෙස චෝදනා එල්ල වූ පුහුණුකාරිණි හයසින්ත් විජේසිංහට ඇය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගැනීමට පමා වන මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ සිට ක්‍රීඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතන දෙකම දැඩි විවේචනයට ලක් කර ජාතික පහුණුකරු තනතුරෙන් සමු ගැනීමට හැකි වූ අතර ඇය අද හමුදා කණ්ඩායමක පුහුණුකාරිය ලෙස ද කටයුතු කරන්නීය.
කිසිදු යහපත් ප්‍රතිපලයක් නොදුටු විනය කමිටුවේ සභාපතිවරිය වූ ලක්ෂ්මි වික්ටෝරියා  ඇය විසින් මූලිකත්වය දැරූ විනය කමිටුවේ චෝදනාලාභින් ද නියෝජනය වන කණ්ඩායමක් සමග සභාපති තනතුරට තරග වැදිම මේ මොහොතේ දැල් පන්දු කේෂ්ත්‍රයේ දැඩි ලෙස කතා - බහට ලක් වෙමින් ඇත.එසේම ඇය සිය සැළසුම් සම්බනධයෙන් කතා කරන්නට ක්‍රීඩා කේෂ්ත්‍රයේ ප්‍රකට රුපවාහිනියක් සමග අනෙක් සභාපති අපේක්ෂිකාව සමග සාකච්ඡාවකට පැමිණිමට කරන ලද ආරාධනයක් ප්‍රතික්ෂේප කර ඇති අතර ඇය එසේ මාධය හමුවේ පෙනී සිටීමට අකමැති බවට කර ඇති ප්‍රකාශය අනුව ඇය සභාපති වුව ද තොරතොරු දැන ගැනීමට මාධ්‍යයට ඇති අයිතිය නොසළකා හරීද යන්න පිළිබදව සැක උපදවන්නේය.
කෙසේ හෝ දැල් පන්දුවේ අභිවෘද්ධිය පිණිස අනුග්‍රාහකත්වය ලබා දෙන සමාගමේ නිලධාරිණියක ලෙස ඇය මෙම තනතුරට ඉදිරිපත් වන්නේ නම් සෘජුව සිය අදහස් ප්‍රකාශ කරමින් සිය ආයතනය වැය කරන මුදලේ ප්‍රතිපලය ලංකාවේ දැල් පන්දුවට ලබා දෙන්නේ කෙසේද යන සැළසුම් ද ප්‍රකාශ කිරිමට අයිතියක් තිබෙන බව සුපිරික්‍රීඩා විශ්වාස කරන අතර එහිදි ඇය සිය ප්‍රතිවාදීන් සමග තර්ක කර වඩාත් සාර්ථක සැළසුම් තමන් ළග තිබෙන බව පෙන්වීමට මාධ්‍යයෙන් ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට ගැනීම තම ආයතනය වෙනුවෙන් ද කරන යුතුකමක් බව සිහිතබා ගත යුතුය.එසේ නොවන විට අනුග්‍රාහක ආයතනයේ සම්බන්ධතාවයෙන් තමන් බැබලීමට දරණ උත්සාහයකින් ඔබ්බට දෙයක් නොපෙනෙන බවත් සිය වගකීම තම ආයතනයේ කාර්යභාරය සහ දැල් පන්දුව බැබලීම බව පසක් කිරිම බවත් තේරුම් ගෙන නිලවරණයේ ඉදිරි කාලයට හෝමුහුණ දීම වැදගත්ය.
ඇයගේ ප්‍රතිවාදිණිය දැල් පන්දු පරිපාලනයේ මුල් පුටුව අවස්ථා කිහිපයකදිම උසුලා ඇති සහ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට නායකත්වය ද දී ඇති ක්‍රීඩිකාවක වන ට්‍රික්සි නානායක්කාරය.ඇය ක්‍රීඩා පණත ආදිය පිළිබදව දැඩි අවබෝධයකින් කටයුතු කරන තැනත්තියක් බව ප්‍රකට නමුත් තනතුරට පත් වීමෙන් පසුව ගනු ලබන මුරන්ඩු තීරණ නිසා අවස්ථා ගණනවකදීම ඇයගේ පරිපාලනයන් චෝදනා වලට ලක් වී ඇත.මේ තත්ත්වය පිලිබද ස්වයං විවේචනයක් සහිතව ඇය මෙවර නිලවරණයට පැමිණිය යුතු අතර ඉදිරි සැළසුම් පිළිබදව ලිඛිතව ප්‍රකාශයට පත් කළ යුතුය.
දැල් පන්දුව මේ වන විට වැටී ඇති අභාග්‍ය සම්පන්න ඉරණමෙන් ගොඩ ගැනීමට වඩාත්ම හිතකර සැළසුම් කා සතු වන්නේ දැයි සිතීම මිස,කණ්ඩායමක් ලෙස සළකා ඡන්දය දීමට යාම මේ මොහොතේ ඡන්දදායකයන්ගේ කාර්ය නොවිය යුතුය.ක්‍රීඩා අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුවද මේ තත්ත්වය තේරුම් ගෙන ක්‍රීඩා නිලවරණය පැවත්වීමේදී තමන්ට එය පැවත්වන්නේ කෙසේද යන්න පිළිබදව තීරණය කිරීමට ඇති හැකියාව ප්‍රයෝජනයට ගනිමින් රහස් ඡන්දයක් පැවත්වීම කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් ඡන්දදායකයන්ට සිය මනාපය දැල් පන්දුවේ හිත සුව පිණිස වඩාත් සුදුසු අය පත් කර ගැනීම වෙනුවෙන් භාවිතා කිරීමට ඉඩ-කඩ ලැබෙනු ඇති බව තේරුම් ගත යුතුය.
එසේ නොකර පැවති ඇතැම් නිලවරණ වල ප්‍රතිපල මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ සිට අමාත්‍යංශය සහ සංවර්ධන දෙපාර්තමේන්තුව ද භුක්ති විදිමින් සිටින බැවින් මෙම පරිපාලන නිලවරණයේදී රහස් චන්දයකට යාසේ වැදගත් කම ක්‍රීඩා බලධාරීන් විසින් නිර්නය කරනු ඇතැයි සුපිරික්‍රීඩා අපේක්ෂා කරයි.

www.supirikrida.com

ඔලිම්පික් මාධ්‍ය ප්‍රධානියා රග්බි පිටියට

Debbie Jevans
න්ඩන් ඔලිම්පික් උළෙලේ මහජන සම්බන්ධතා සහ මාධ්‍ය ප්‍රධානි ලෙස කටයුතු කළ , ජොනා මැනින්ග් -කූපර් 2015 වසරේ එංගලන්තයේ පැවත්වීමට නියමිත රග්බි ලෝක කුසලාන තරගාවලියේදි එම ක්‍රීඩා උළෙලේ සංනිවේදන සහ අලෙවි කටයුතු පිළිබද අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා.
මෙම වගකීමට අනුව ජොනාගේ අලුත් රාජකාරි අතරට ප්‍රවේශපත්‍ර කටයුතු මෙන්ම ස්වේච්ඡා සේවකයන්ට නායකත්වය දීම මෙන්ම ක්‍රීඩා උළෙලේ ප්‍රචාරන සැළසුම් ද වෙනවා.ක්‍රීඩා උළෙලේ නිල සන්නාම කටයුතු මෙන්ම මාධය අංශයේ මාධ්‍ය සම්බන්ධතාවයන් වර්ධනය මෙන්ම එම කටයුතු මෙහෙයවීමද පැවරී ඇත්තේ ජොනා මැනින්ග් - කූපර්ට යි.
සංනිවේදන කාර්යයේ සහ මාධ්‍ය භාවිතාවේ විසි වසරක අත්දැකීම් සමග කරළියට පිවිසෙන ජොනා මැනින්ග් - කූපර් ලන්ඩන් උලෙලේ සිය වගකිම ඉටුකළ ආකාරය සම්බන්ධයෙන් ලද පැසසුම් මෙම තනතුර ඇයට පැවරිමට හේතු වී තිබෙනවා.
www.supirikrida.com 

Jan 6, 2013

උඩ පන්දු සමග ජයග්‍රහණය අත හැරිය තරගයක්

Michael Hussey walks in for his final Test inningsසීරු උඩ පන්දු ජයග්‍රහණය පිළිබද සාධකයක් බවට ඇති ප්‍රකට කතාව සනාත කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙතින් ගිලිහි ගිය අසීරු උඩ පන්දු රැක ගත්තේ නම් ජයග්‍රාහීව නිමා කිරීමට තිබූ තරගයක් ලෙස ඕස්ට්‍රේලියාවට කඩුලු පහක ජයක් හිමිකර දෙමින් ශ්‍රී ලංකාව සහ ඕසට්‍රේලියාව අතර පැවති තෙවන තරගය නිමාවට පත් විය.ඒ අනුව තරගාවලිය 3 - 0 ක් ලෙස ඕස්ට්‍රේලියාව ජය ගත්තේ මහේල ජයවර්ධනගේ සුපිරි නායකත්වයේ අවසාන ටෙස්ට් තරගාවලිය මෙන්ම අවසාන ටෙස්ට් තරගයද පරාජිත තරගයක් බවට පෙරළෙමින්ය.
දෙවන ‍ඉණිමේ දි ඕස්ට්‍රේලියාවට ලැබුණු ලකුණු 141 ට එරෙහිව හොද තරගයක් ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව එම ඉලක්කය වෙත ළගා වීමේදි ඔවුන්ගේ කඩුලු 5 ක් ම අහිමි කරන්නට සමත් වුණා.රංගන හේරත් සිව්වන දිනයේ දී දග පන්දු යවන්නන්ට වාසිදායක ලෙස හැසිරෙන්නට පටන් ගත් සිඩ්නි තණනිල්ලෙන් කඩුලු 3 ක් ම දවා ගන්නට සමත් වුණා.ඩිල්ෂාන් කලෙකට පසුව දීර්ඝ වශයෙන් පන්දු යැවීමට යොදා ගත් අතර ඔහු තමන්ට පන්දු යවන්නෙකු ලෙස ඇති හැකියාව සනාත කරමින් මැනවින් පන්දු යැවීමේ යෙදුණා.
තේරිම් කමිටුවේ අපූරු තේරීම් වල යම් වෙනසක් සිදු වි තිබුණා නම් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට ඇතුළත් වීමට හැකියාව තිබූ තිසර පෙරේරා ගේ අඩුව මෙම තරගයේදී ද මැනවින් කැපී පෙණුන අතර ශ්‍රී ලංකා පසුපෙළ තරගාවලිය පුරාම දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළා.ටෙස්ට් වලට පමණක් සීමා කරමින් තිබෙන දිමුත් කරුණාරත්න මෙම ටෙස්ට් තරගයේ දෙවන ඉණි‍මේ දී සිය ආක්‍රමණික පිතිහරඹය දියත් කරමින් අගනා ලකුණු 85 ක් ලබා ගත්තේ හොද එක්දින පිතිකරුවෙකු සතු ගුණාංග ප්‍රගුණ කරමින් වුව ද ඔහු එක්දින කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.
ලහිරු තිරිමාන්න ප්‍රථම ඉණිමේ ක්‍රීඩා කළ ලකුණු 91 ක වූ අපූරු ඉණිම මෙන්ම,මහේල ජයවර්ධන ඉණිම දෙකේම අර්ධ ශතක ලබමින් සිය නායකත්වය යටතේ ක්‍රීඩා කළ අවසාන ඉණිම දෙක තුළ ලකුණු අතරට පැමිණිමත් සතුටු විය හැකියි.එසේම දිනේෂ් චන්දිමාල් දෙවන ඉණිමේ දී දියත් කළ අපූරු සටන්කාමී ඉණිමට කඩුල්ල රැක ගනිමින් සහයෝගය දැක්වීමට පසුපෙළ අසමත් නොවුණේ නම් ඕස්ට්‍රේලියාවේ ජයග්‍රාහී ඉලක්කය තවත් වැඩි වන්නට තිබුණා.අඩුම තරමේ එය ලකුණු 200 සීමාවට හෝ රැගෙන යන්නට චන්දිමාල් ගේ ඉණිමට සහයෝගයක් ලැබිණි නම් මෙම තරගයේ ප්‍රතිපලය ලෙස ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය වෙනුවට ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පිළිබදව ලියන්නට ද විශාල ඉඩක් තිබුණා.
නමුත් අවසාන කඩුල්ලට නුවන් ප්‍රදීප් පන්දු 24 ක් පුරා ලකුණු 9 ක්  ලබා ගනිමින් සිය වගකීම තේරුම් ගනිමින් චන්දිමාල් ට දැක් වූ සහයෝගය අගය කළ යුතුයි.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මෙම තරගාවලිය තුළ දි හදුන්වා දුන් ඔවුන්ගේ නව වේග පන්දු යවන්නා වූ ජැක්සන් බර්ඩ් මෙම තරගයේදි  ශ්‍රී ලංකාවට එරෙහිව කැපී පෙණුනම පන්දු යවන්නා වූ අතර ඔහු විසින් ලබා ගත් කඩුලු 7 මෙන්ම ඕස්ට්‍රේලියා පළමු ඉණිමේදී අවසාන පිතිකරුවා ලෙස මැතිව් වේඩ් ට ශතකය කරා යන්නට අවශ්‍යය දිරිය ලබා දෙමින් ක්‍රීඩා කළ ආකාරය නිසා ඔහු තරගයේ වීරයා වුණා.තරගය පුරාම ලකුණු අතර සිටි සහ සිය නායකත්වයේ තීරණ මගින් ඕස්ට්‍රේලියාව ජය මාවතට තල්ලු කළ මයිකල් ක්ලාක් තරගාවලියේ වීරයා වුණා.
ඔස්ට්‍රේලියාව බිහිකළ සුපිරිතම සටන්කාමී ක්‍රීඩකයෙකු ලෙස අවිවාදිත මයික් හසීගේ ටෙස්ට් දිවියේ සමුගැනීම මෙම තරගයේදී සිදු වූ අතර ඔහු සිය සමුගැනීම සිය උපරිම දක්ෂතා අතර රැදී සිටියදී සිදු කළ ක්‍රීඩකයෙකු ලෙසත් සිය සමුගැනීමේ තරගයේ දී කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහි ලකුණ රැස් කිරිමේ දුර්ලභ වාසනාව ලද ක්‍රීඩකයෙකු ලෙසත් ඉතිහාසයට එකතු වෙනවා.
තෙවන ටෙස්ට් තරගයේ ලකුණු පූවරුවට පහත සබදතාවය ඔස්සේ පිවිසිමට හැකියාව තිබෙනවා.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573013.html
www.supirikrida.com

උදය රණසිංහ ගේ රණකාමීත්වයෙන් කණිටු මේස පන්දු පිටිය බැබලෙයි

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ ගේ සුපිරි මේස පන්දු හරඹය මෙවර කණිෂ්ඨ ජාතික මේස පන්දු සූරතාවලියේදි ඔහුට තරගාවලියේ විශිෂ්ඨතම ක්‍රීඩකයා වන්නට මාවත උදා කර දුන්නා.වර්ථමානයේ ජාතික මට්ටමේ ද අංක එක යුගල සූරතාවයේ සහකරුවෙකු ලෙස වැජඹෙන ලාබාල උදය ස්වීය විශිෂ්ඨ තරග රටාව මොනවට විදහා පාමින් අවුරුදු 15 න් පහළ සහ අවුරුදු 18 න් පහළ කේවල සූරතාවයන් මෙන්ම ඔහුගේ විද්‍යාල‍යේම ක්‍රිෂාන් වික්‍රමරත්න සමග එක්ව අවුරුදු 18 න් පහළ බාලක යුගල සූරතාවය ද දිනා ගත්තා.
මෙවර තරගාවලියේ පෙරළි ගණනාවක්ම සිදු වූ අවුරුදු 15 න් පහළ බාලිකා අංශයේ සූරිය වූ මහනුවර මහමායා විද්‍යාලයේ රිද්මි කරදනආරච්චි මෙවර හොදම නැගී එන ක්‍රීඩක සම්මානයේ උරුමක්කාරිය වූ අතර ඇය අවුරුදු 18 න් පහළ මිශ්‍ර තරගයේදී එම අනු සූරතාවයට උරුමකම් කීමට උදය රණසිංහ සමග එක් වී සමත් වුණා.
කලෙකට පසුව මේසපන්දු පිටියේ කැපී පෙණුන අම්බලන්ගොඩ ධර්මාශෝකයේ නුවනි නවෝද්‍යා ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් මේ වසරේ අවුරුදු 18 න් පහළ බාලිකා අංහයේ අංක එකට ශ්‍රේණිගතව සිටි ධර්මාශෝකයේම  එරන්දි වරුසවිතාන පරාජය කරමින් අවුරුදු 18 න පහළ සූරිය බවට පත් වුණා.එතෙකින් නොනැවතුණු නුවනි සිය විද්‍යාලයේ උමායා තාරුකී සමග එක්ව අවුරුදු 18 න් පහළ බාලිකා යුගල සූරතාවය ද දිනා ගත්තා.
අවුරුදු 12 න් පහළ සූරිය වන්නට නුගේගොඩ අනුලා විද්‍යාලයේ හසිනි පියුමාලා සමත් වූ අතර එම වයස් කාණ්ඩයේ සූරයා වන්නට සෙලින්කෝ සසෙක්ස් පාසලේ චතුර ගුණසේකර සමත් වුණා.අවුරුදු 18 න් පහළ මිශ්‍ර යුගල සූරතාවය දිනා ගත්තේ මහනුවර විද්‍යාර්ථයේ ප්‍රසාද් ජේ ද සිල්වා සම කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය නියෝජනය කළ බුද්ධීපනි රාජගුරු යි.
මහනුවර ජගත් රාජපක්ෂ ජාත්‍යන්තර ගෘහස්ථ මේස පන්දු පිටියේ ක්‍රියාත්මක වූ මෙම තරගාවලියට සමගාමීව අද ජ්‍යෙෂ්ඨ සූරතාවලියද එහිදී ඇරඹෙන අතර කණිෂ්ඨ තරගාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම අද සහ හෙට පැවත්වෙන ජ්‍යෙෂ්ඨ සූරතාවලියේදී ද අභියෝගාත්මක ක්‍රීඩා රටාවක නියැලෙමින් එම තරගාවලියේ පෙරලිකාර ජයග්‍රහණ ලබා ගැනීමට ඉඩ තිබෙනවා.

ඔලිම්පික් ක්‍රීඩක බරී ජීවිතයෙන් සමු ගනියි!

File:XC MTB 17 Stevage.jpgලොව සුපිරිතම ස්ටෑන්ඩර්ඩ් පාපැදි තරගතරුවෙකු ලෙස ප්‍රකට බරී ස්ටෑන්ඩර් ට රිය අනතුරකින් ජීවිතය අහිමි විය.මිය යන විට වයස අවුරුදු 25 ක් වූ බරී 2008 දී බීජිං ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් ස්ටෑන්ඩර්ඩ් පාපැදි ඉසව්වේ 15 වන ස්ථානය දිනා ගත්තා.මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී තත්පර 5 කින් ලෝකඩ පදක්කම අහිමි කර ගන්නා බරී ට පස්වන ස්ථානයෙන් සෑහෙන්නට සිදු වුණා.
පාපැදි සූරියක වන ක්‍රිස් සමග විවාහ වී සිටින බරී,අවුරුදු 19 න් පහළ මෙන්ම 23 න් පහළ වයස් ඛාණ්ඩ වලදී එම වයස් සීමා වලට අදාළ ලෝක මවුන්ටන් පාපැදි සූරයා වන්නට ද සමත් වී තිබෙනවා.
ජනවාරි 3 දා ෂෙලී බීච් ප්‍රදේශයේදී ටැක්සි රථ රියදුරෙකුගේ නොසැළකිලිමත් රිය ධාවනයේ ගොදුරක් වූ බරී,ජීවිතයෙන් සමු ගන්නා විට දකුණු අප්‍රිකානු පාපැදි කරුවෙකු ලෙස ඓතිහාසික ජයග්‍රහණ ගණනක උරුමකරුවෙකු වී සිටි අතර බරී ගේ අහිමි වූ ජීවිතයත් සමගම දකුණු අප්‍රිකාවෙන් ජාත්‍යන්තර මවුන්ටන් පාපැදි කේෂ්ත්‍රයේ ජයග්‍රහණ පිලිබද බලාපොරොත්තු ද විශාල දුරස් වීමකට ලක් වෙනවා.
www.supirikrida.com
බරී සහ ක්‍රිස්


විජේකෝන් ට විජයග්‍රාහී ගමණකට සුභ පැතුම්!

ශ්‍රී ලංකාව නිර්මාණය කළ සුපිරිතම මැදි දුර ධාවකයා ලෙස පිළිගැනෙන චමින්ද ඉන්දික විජේකෝන් ජනවාරි 3 වන දා යුග දිවියට පිවිසුණා.ඒ දිලේකා බණ්ඩාර සමගයි.ලාංකේය ක්‍රීඩා පිටියේ මීටර් 1500 ඉසව්ව වෙනුවෙන් ලැබුණු සුවිශේෂීම ජාත්‍යන්තර ජයග්‍රහණයන්හී හිමිකරු ලෙස සැළකෙන විජේකෝන්,තරගයකට සූදානම් වීමේදී ඒ සම්බන්ධයෙන් දක්වන පෙර කායික සහ මානසික සූදානම පරමාදර්ශි එකක් ලෙස සැළකිය හැකියි.
සිය විවාහය වෙනුවෙන් ද එවැනි සූදානමකින් කටයුතු කළ විජේකොන්ට එම දිවි ගමණෙන්ද පරමාදර්ශි ජයග්‍රහණයක් ලබන්නට ශක්තිය හා දිරිය ලැබේවා යන්න සුපිරි ක්‍රීඩා පැතුමයි.
කෙන්යාවේ වැඩිදුර පුහුණුව ලැබීමට සිය හැකියාව භාග්‍යයක් බවට පෙරළා ගත් චමින්ද,මනා හැදෑරීමකින් යුතුව ලද අවස්තාව ජයග්‍රාහී,ඓතිහාසික මතක සටහන් වලින් පුරවා ගන්නට  සමත් වුණා.එසේම අධ්‍යාපනික වශයෙන් මෙන්ම ක්‍රීඩාවේ ශිල්පීය සහ තාක්ෂණික ගුණාංග පිළිබදවත් පරිචයක් ඇත්තෙකු ලෙස හැදින්විය හැකි චමින්ද,අධයාත්මික වශයෙන් විශාල සංවර්ධනයක් ලත් සහ ඒ වර්ධනය ක්‍රීඩාවේ ජයග්‍රහණ පිණිස මෙන්ම ජීවිතයේ පැවැත්ම කෙරෙහි භාවිතාවට ගත් පුද්ගලයෙකු ලෙස හැදින්විය හැකියි.
ඒ සියළු ගුනාංග වල එකතුවෙන් ‍දිරිමත්,නොපසුබස්නා වීරියෙන් යුත් ජයග්‍රහණ වලින් සිය ක්‍රීඩා ජීවිතයේ සාර්ථකත්වයට ළගා වූ චමින්ද ගේ විවාහ ජිවිතය ද සාර්ථක එකක් වේවා යන්න සුපිරික්‍රීඩා පැතුමයි!
www.supirikrida.com