Jun 20, 2012

ලාංකේය කණිෂ්ඨ මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉන්දියාවේදී රිදී සහ ලෝකඩ පදක්කම් දිනති

න්දියාවේ පැවත්වෙන දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු සූරතාවලියට සභාගිවන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කණ්ඩායම් තරග වල දී රිදී පදක්කම් තුනක් සහ එක් ලෝකඩ පදක්කමක්  දිනා දීමට සමත්ව ඇත.අවුරුදු 18 න් පහළ බාලිකා,සහ අවුරුදු 15 න් පහළ බාලක සහ බාලිකා ඉසව් වල දී රිදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අවුරුදු 18 න් පහළ බාලක තරග වල දී ලෝකඩ පදක්කමට උරුම කම් කීහ.
DSC_0599.jpgමෙම තරගවලදී  ශ්‍රී ලංකා කණ්ෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් උදය රණසිංහ,පවනි සිරිසේන,ප්‍රසාද් ජේ ද සිල්වා සහ රුවිනි කන්නංගර ගේ දක්ෂතා කැපී පෙණුන බව හ්‍රී ලංකා මේස පන්දු තොරතුරු වාර්තා කරන අතර මෙම තරගාවලියට කණ්ඩායම් ප්‍රධානි ලෙස චන්දන පෙරේරා එක්ව සිටියි.   පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ නුවන් සම්පත් ය.කාන්තා නිලධාරිණිය ලෙස කණ්ඩායම සමග එක් ව සිටින්නී එල්ඒඩීඩීආර් දිසානායක ය.
ඡායාරූපයේ දැක්වෙන්නේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමය.

No comments: