Oct 4, 2013

අද ලංකාව කසකස්තානය හමුවෙයි

ක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවත්වෙන 17 වන ජ්‍යෙෂ්ට පිරිමි ආසියාතික වොලිබෝල් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද කසකස්තානය හමුවේ තරග වැදීමට නියමිතයි.මූලික වටයේ තරග වලදී කටාරය පරාජය කරමින් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 21 ක් අතරෙන් මුල් කණ්ඩායම් 16 අතරට පැමිණිමට සමත් වු ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග වටයේදී චීනය අතින් සහ චීන තායිපේ කණ්ඩායම් අතින් වට 3 - 0 ක් ලෙස පරාජයට පත් වෙමින් තරගාවලියේ 9 වස ස්ථානයේ සිට 16 වන ස්ථානය දක්වා තීරණය කරන තරග වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තේය.
තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නව නායකත්වයක් පත් කළ අතර ඒ සදහා වර්ථමානයේ ශ්‍රී ලංකාව සතුව පමණක් නොව දකුණු ආසියාතික කලාපයේම සිටින විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ද හැදින්විය හැකි ආකාරයේ ජාත්‍යන්තර ඇගයීම් ලත් ජනිත් සුරත් පත් කරන්නට යෙදිණ.තරගාවලිය සම්බන්ධයෙන් නිල තොරතොරු කිසිවක් ශ්‍රී ලංකා වොලිබෝල් පාලක මණ්ඩලය වෙතින් වාර්තා නොවන අතර තරගාවලිය සම්බන්ධ විකිපීඩියා වෙබ් අඩවියට අනුව ජනිත් චීනය සමග වන තරගයට ක්‍රීඩා කළ බවක් පෙනෙන්නට නැත.
මේ ආකාරයටම මීට පෙර තායිලන්තයේ පැවති තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු සකසන්නියක් එහිදී ‍ඩෙංගු රෝගයට ගොදුරු වී තිබෙන බව සංචාරය නිමා වීමෙන් පසුව දැන ගන්නට ලැබුණු අතර එය ද රහසක් ලෙස තබා ගන්නට කටයුතු කර ඇත්තේ කණ්ඩායමේ අංක එකේ පන්දු සකසන්නිය ඇය වුව ද කණ්ඩායමේ නායකත්වයට අසනීප වූ ක්‍රීඩිකාව ක්‍රීඩා කළේ නම් ස්ථිර ස්ථානයක් නැති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් නායිකාව ලෙස පත් කර බැවින්ය.
www.supirikrida.com


Oct 1, 2013

ඊයේ ජපානයට පැරදුණු ලංකාව අද චීනය මුණ ගැසෙයි

ක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක වන ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් සූරතාවලියේදී ඊයේ ජපානය ඉදිරියේ වට 3 - 0 කපරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම අද චීනය හමු වීමට නියමිතය.ලකුණු 16 - 25,23 - 25 ක් සහ 13 - 25 ක් ලෙස ජපානයට පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම සිය  මූලික තරග වලදී ඕමානයට එරෙහි තරගය ජය ගැනීම හේතුවෙන් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 21 අතරින් අවසාන කණ්ඩායම් අවසාන කණ්ඩායම් 5 ට (17  සිට 21 දක්වා )අසු නොවීමේ භාගයය උදා කර ගෙන සිටියි.
ශ්‍රී ලංකාව ඊයේ පරාජය ලැබූ ජපානය ලෝක ශ්‍රේණිගත කිරීම් වල 19 වන ස්ථානයේ පසු වන අතර අද ශ්‍රී ලංකාවට හමු වන්නේ ලොව අංක 16 ට ශ්‍රේණිගත ව සිටින චීනය ය.එසේම ශ්‍රී ලංකාව හෙට ලෝක ශ්‍රේණිගත කිරීම් වල 53 වන ස්ථානයේ පසුවන චීන තායිපේ කණ්ඩායම හමු වීමේ බලාපො‍රොත්තුවෙන් සිටින්නේය.
චීන තායිපේ මෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම් හී 53 වන ස්ථානයේ පසුවන කටාරය ඊයේ ලෝක ශ්‍රේණිගත කිරීම් හි 30 වන ස්ථානයේ පසුවන ඉන්දියාව වට 3 - 2 ක් ලෙස පරාජයට පත් කරමින් පෙරළියක් සිදු කිරීමට සමත් විය.මේ අතර ඊයේ වන විට කාණ්ඩ අටක් යටතේ ක්‍රියාත්මක වූ මූලික වටයේ තරග නිමා වට පත් වී තිබූ අතර එම ප්‍රතිපල අනුව ශ්‍රේණිගත කිරීම් තරග වලදී මියන්මාරය,ඇෆ්ගනිස්ථානය,කුවේට්,සවුදි අරාබියාව සහ විෂේශයෙන් ශ්‍රී ලංකාව ඉදිරියේ වට 3 - 0 ක පරාජයක් ලබන්නට වීම නිසා ලොව අංක 78 ට ශ්‍රේණිගතව සිටින ඕමානය ද තරගාවලියේ අවසාන කණ්ඩායම් 5 දක්වා පහත බැස ඇත.
ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව පරාජයට පත් කළ ජපාන කණ්ඩායමය.
www.supirikrida.com

Sep 30, 2013

වේගවත් බර්ලින් මැරතන් තරගයේදී ලෝක වාර්තාව කිප්සෑන්ග්ට

මැරතන් ක්‍රීඩකයන්ට හොද කාලයක් වාර්තා කළ හැකි මැරතන් තරගයක් ලෙස ප්‍රකට බර්ලින් මැරතන් තරගය මෙවර ජය ගත් කෙන්යාවේ විල්සන් කිප්සෑන්ග් පැය 2:03:23 ක කාලයක් වාර්තා කරමින් මැරතන් ලෝක වාර්තාවේ නව හිමිකාරීත්වය දිනා ගත්තා.දෙවන ස්ථානය හිමි වූ කෙන්යාවේම එලියුඩ් කිප්කෝජ් මේ වසරේ මැරතන් ඉසව්වක වාර්තා වූ දෙවන හොදම කාලය මෙන්ම ක්‍රීඩා ඉතිහාසයේ එම ඉසව්ව වෙනුවෙන් වාර්තා වූ ලොව හොදම පස්වන කාලය ද වාර්තා කිරීමෙන් මෙම තරගයේ වේගවත් බව සිතා ගත හැකියි.
2011 වසරේදී ෆ්‍රැන්ක්පර්ට් මැරතන් ඉසව්ව පැය 2:03:42 කින් නිමා කරමින් විල්සන් සිය හොදම කාලය වාර්තා කර තිබූ අතර එය ඔහුගේ නව වාර්තාවෙන් පසුව සකස් වන නව පෙළගැස්මේ තෙවන හොදම කාලය හැටියට වාර්තා වෙනවා.අවස්ථා කිහිපයකදීම 2:05 ට අඩුවෙන් මැරතන් ඉසව්ව නිමා කරන්නට සමත් වී ඇති විල්සන් බර්ලින් ජයෙන් පසුව ප්‍රකාශ කරන්නට යෙදුණේ තමන් කාලයක් බලාපොරොත්තුව සිටි වාර්තාවත් සමග ජයග්‍රහණය කරන්නට ලැබීම පිළිබදව අතිශයින් සතුටට පත්වන බවයි.
තරගයේ කාන්තා අංශයේ ජයග්‍රහණ ද කෙන්යාවට හිමි වූ අතර එහිදී ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුණේ ෆ්ලොරන්ස් කිප්ලැගට්.2011 වසරේ හේලි ගෙබ්රලාසි සතුව තිබූ මැරතන් ලෝක වාර්තාව ගෙබ්රලාසිට පමණක් නොව දුර දිවීමේ කීර්තිධරයන් බිහි කළ ඉතියෝපියාවට ද අහිමි කළ ප්‍රැට්‍රික් මැකූ පැය 2:0:38 කින් මැරතන් ඉසව්ව අවසාන කරමින් ලෝක වාර්තාව කෙන්යාව සතු කළා.ඒ අඩි පාරේ යමින් විල්සන් මැකූගෙන් එම ලෝක වාර්තාවේ අයිතිය උදුරා ගන්නට සමත් වුව ද,තව දුරටත් මැරතන් ලෝක වාර්තාවේ කීර්තිය කෙන්යාව සතු කර තබා ගන්නට සමත් වුණා.එසේම මැකූ ලෝක වාර්තාවට හිමි කම් කීවේ ද,ඉන් පෙර පැවති ලෝක වාර්තාවේ හිමිකාරීත්වය හේලි ගෙබ්රලාසි සතු වූවේ ද මෙම බර්ලින් මැරතන් තරගයෙන්ම වීමත් බර්ලින් මැරතන් තරගයේ වේගවත් බව පිළිබද කදිම සාක්ෂියක් වෙනවා.
www.supirikrida.com

Sep 29, 2013

දැල්පන්දු සභාපතිණිය විහිළුවට ලක් කරලා

ර්ථමාන දැල්පන්දු සභාපතිණියගේ සිත් දිනා ගත් ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ඇයට වැරදි තොරතොරු ලබා දෙමින් ක්‍රීඩිකාවන් ඉදිරියේ හාස්‍යයයට ලක් වන ආකාරයේ ප්‍රකාශ නිකුතු කරවමින් පසුව ඒ පිළිබදව ඔවුනොවුන් කතා කරමින් සභාපතිණියගෙ අවබෝධය පිළිබදව ඔවුන්ද උසුළු විසුළු කරන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වුණා.පසුගිය දිනවල පැවති තේරීම් වලදී එසේ සභාපතිණියගේ හිත දිනා ගනිමින් ජ්‍යේෂඨ ක්‍රීඩිකාවක් සංචිතයට ගෙන ඒමටත් ඇයට අභියෝගයක් විය හැකි තරුණ ක්‍රීඩිකාවන් කප්පාදුවටත් මාවත සකසා ගත් වයෝවෘද්ධ නිලධාරිණියක් අදාළ ක්‍රීඩිකාව ආදර්ශමත් ක්‍රීඩිකාවක් ලෙස සළකා තරුණ ක්‍රීඩිකාවන්ට ඇය අනුව ජීවිතය සකසා ගන්නට යැයි සභාපතිණිය හරහා ප්‍රකාශයක් කරන තත්ත්වයට පත් කර තිබෙනවා.
සිය හැසිරීම නිසා සිය පෞද්ගලික ජීවිතය පමණක් නොව අනෙකුත් ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලිකත්වයට පවා හානි වූ බවට තොරතොරු ඇති ක්‍රීඩිකාවක ලෙස ප්‍රකට ඇය පිලිබදව ක්‍රීඩිකාවන් තුළ ඇත්තේ හොද ප්‍රතිරුපයක් නොවන අතර ඇය ආදර්ශයට ගන්නේ නම් පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර පැවති නොමනා සම්බන්ධතා ක්‍රීඩාවට බලපෑම් කල ආකාරයේ අනාගතයක් සකසා ගත හැකි බවට ක්‍රීඩිකාවන් අතර විශාල කතා බහක් ඇතිවී තිබෙනවා. ක්‍රීඩිකාවන් සභාපතිණියගේ මෙම කතාව පිලිබදව නොයෙකුත් හාස්‍යජනක ප්‍රකාශ කරමින් පසුව සිනා සී ඇති අතර,අදාළ වයෝවෘද්ධ නිලධාරිණියද සභාපතිණියගෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවගේ සැබෑ රූපය සගවමින් ක්‍රිඩාවේ අනාගත බලාපො‍රොත්තු යට ගසමින් ගත් මුග්ධ තීරණය සදහා එම ක්‍රීඩිකාව පිළිබදව සභාපතිණිය තුළ ඇති කළ ප්‍රතිරූපයේ ප්‍රබලත්වය කියා පාමින් සිය හැකියාවන් ගැන උදම් අනා තිබෙනවා.
www.supirikrida.com

COOKSON පාපැදි මුල් පුටුවට


සුගිය දිනවල විශාල වශයෙන් කතා බහට ලක් වූ ජාත්‍යන්තර පා පැදි පරිපාලනයේ මුල් පුටුව වෙනස් කරමින්  එහි නව හිමිකාරීත්වය දිනා ගන්නට බ්‍රිතාන්‍ය ජාතික බ්‍රයන් කුක්සන් සමත් වුණා.ඒ හිටපු සභාපති පැට් මැක්ක්වේඩ්ට වඩා වැඩි ඡන්ද තුනකින් එම තනතුර සදහා වූ තරගය ජය ගනිමින්.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජික සංගමයක් වන ජාත්‍යන්තර පාපැදි සම්මේලනය, පසුගිය කාලයේ ජාත්‍යන්තර වාඩා ආයතනයේ දෝෂ දර්ශනයට ලක් වූ ක්‍රීඩා පරිපාලන ඒකකයක් බවට පත් වුණා.විෂේශයෙන් ලාන්ස් ආමස්ට්‍රෝ‍න්ගේ සුපිරි පාපැදි ජීවිතය තහනම් උත්තේජන චෝදනා සමග දිය වි යාමේදි ඇති වූ ගැටළුකාරී තත්ත්වය හමුවේ මේ තත්ත්වය දකින්නට ලැබුණු අතර කුක්සන් බලයට පත් වීමෙන් පසුව පාපැදි ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස තහනම් උත්තේජන වලට එරෙහිව වාඩා ආයතනය සමග එක්ව දැඩි ක්‍රියා මාර්ග ගැනීමට පොරොන්දු වි තිබෙනවා.




78 වැන්නා 104 වැන්නාට පරදියි

ක්සත් අරාබි එමීර් හී  ක්‍රියාත්මක 17 වන ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් සූරතාවලියේ පළමු දිනයේදී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල දී පිරිමි කණ්ඩායම් අතර අංක 78 ට ශ්‍රේණිගතව සිටින ඕමානය පරාජය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.‍වොලි‍බෝල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස හැදින්වුව ද,ලොව අංක 104 ට ශ්‍රේණි ගතව සිටින ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම ඕමානයට එරෙහිව ලකුණු 25 - 21,25 - 15 සහ 25 -19 ක් ලෙස මෙම තරගය වට 3 - 0 ක් ලෙස ජයග්‍රහණය කිරීම කැපී පෙණුනා.කාණ්ඩ අ‍ටකට බෙදා තරගාවලියේ මූලික තරග පැවත්වෙන අතර ශ්‍රී ලංකාව තරග වදින ඊ කාණ්ඩයට අයත් වන කණ්ඩායම් තුන අතර සිටින ලොව අංක 19 ට ශ්‍රේණිගත කර තිබෙන ජපාන කණ්ඩායම සමග ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතව ඇත්තේ හෙට එරට වේලාවෙන් පස්වරු 4 .00 ට යි.
තරගාවලිය අරඹමින් ඊයේ (28) පැවති තරග වලදී සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උස්බෙකිස්තානය වට 3 - 1 ක් ලෙස පරාජය කරන්නට සමත් වු අතර වට 3 - 1 ලෙස බහරේන් කණ්ඩායම මියන්මාරය පරාජය කරන්නට ද සමත් වුණා.ජගත් පිරිමි වොලිබෝල් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියෙන්ම සිටින ආසියාතික කණ්ඩායම ලෙස 11 වන ස්ථානයේ පසුවන ඉරානයට ආරම්භක දිනයේ හමු වූ ප්‍රතිවාදියා වූයේ කසකස්තානය යි.ඉරානය කසකස්තානය ට එරෙහිව වට - 3 - 0 ක ජයක් ලබන්නට සමත් වුණා.ඊට අමතරව ඊයේ පැවති තරග වලදී චීන තායිපේ කණ්ඩායම සහ ඉරාකය ද සිය ප්‍රතිවාදීන්ට එරෙහිව වට  3 - 0ක් ලෙස ජයග්‍රහණ වාර්තා කළ අතර පිළිවෙලින් එම කණ්ඩායම් දෙක ඉදිරියේ සවුදි අරාබියාව සහ ඇෆ්ගනිස්තානය පරාජයට පත් වුණා.
www.supirikrida.com