Oct 12, 2013

නායකත්වයට වැඩි ඉඩක් මරීෂෘට සහ සේමිණිට

නේෂන් කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් වැඩි ඉඩක් මරීෂා ප්‍රනාන්දුටත් සේමිනි අල්විස්ටත් තිබෙන බව දැල්පන්දු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.ජ්‍යේෂඨත්වය අනුව මරීෂා ඉදිරියෙන් සිටින බව ඇය සම්බන්ධ පසුගිය කාලයේ වාර්තා වු ඇතැම් කරුණු පිළිබදව ද අවධානය යොමු කරමින් ඒ පිළිබද තීරණයේදි කටයුතු කරනු ඇති බව ද එම ආරංචි මාර්ග සදහන් කරන්නේය.ගෙවුණු ආසියානු යොවුන් කුසලාන තරගාවලියේදී හොද නායකත්වයක් ප්‍රදර්ශනය කළ සේමිණි රටේ අනාගතයට බෙහෙවින් වැදගත් ක්‍රීඩිකාවක් බැවින් ඇයට අත්දැකීම් ලබා ගැනීමට හැකි පරිදි නායකත්වය ලබා දීමේ ඉඩක් ද විවෘතව පවතින බව ද එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.
නමුත් මෙවර කණ්ඩායමට තේරීමෙන් පසුව ඇයට සිය සමීප ඥාතියෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් කණ්ඩායමෙන් ඉවත් වන බවට දුන් ලිපිය ද ඇයගේ ක්‍රීඩකත්වය සමිබන්ධ වගකීමේ පෞරශ්‍යයට හානිකර එකක් බැවින් එම නායකත්වය පිළිබදවද වැඩි දුරටත් සාකච්ඡා කරන්නට ඉඩ ඇත.
බොහෝ විට අත්දැකීම් ලබා ගැනීම මූලික කර ගෙන සේමිණිට උප නායකත්වය පිරිනමා මරීෂාට නායකත්වය ලබා දීමට ද ඉඩ ඇති බව එම ආරංචි මාර්ග පැහැදිළි කරන අතර ඇතැමුන් කණ්ඩායමේ අවසාන තේරීම් සදහා සුදුසුකම් ලබා සිටින පැරණි ක්‍රීඩකාවකට ලබා දීමට ද උත්සාහයක් පවතින බව සැළ වන අතර ඒ පිළිබදව අදාළ ආරංචි මාර්ග පෙන්වා දුන්නේ එවැනි ක්‍රීඩිකාවන්ට ඇති අභියෝගය නායකත්වය දිනා ගැනීමට වඩා කණ්ඩායමට තේරී පත් වීම බවය.නායකත්වයට මරීෂාට යම් චෝදනාවක් හරහට සිටින්නේ නම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට ද නායකත්වය අභියෝගයක් විය යුතු බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග තීරණ ගැනීමේදී සභාපතිණිය වඩා යහපත් දේ කිරීමට නායකත්වය දෙනු ඇති බව ප්‍රකාශ කළාය.
අප සභාපතිණිය ලක්ෂ්මි වික්ටෝරියා ඇමතූ අතර දැනට කණ්ඩායමේ අවසාන සංචිතය සැකසීමේදී සේනටර් ස්ථානයේ ක්‍රීඩා කරන ක්‍රීඩිකාවන් විශාල පිරිසකට එම අවස්ථාව අහිමි කර තිබෙන බැවින් මාතර පැවත්වෙන තරගාවලියේදී නැවත තේරීමක් කරන්නේදැය විමසා සිටින්නට යෙදිණ.එවැනි තේරීමකට කල් වැඩි බව පෙන්වා දුන් ලක්ෂ්මි,සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරන්නේ කවුරුන් ද යන්න තවමත් තීරණය කර නොමැති බව පෙන්වා දුන්නාය.ඇය එහිදී පැහැදිළි කළේ සෙන්ටර් ස්ථානයේ ක්‍රීඩා කරන්නේ කවුරුන්ද යන්න තරගාවලියට ක්‍රීඩා කරන විට සහ අවසාන කණ්ඩායම නම් කිරීමේදි බලන ලෙසය.ඇය අළුත්ම ක්‍රීඩිකාවක් වනු ඇති බව පෙන්වා දුන් සභාපතිණිය එම ස්ථානයට අලුත් ක්‍රීඩිකාවක් නිර්මාණය කිරීම සිය අපේක්ෂාව බව පෙන්වා දුන්නාය.  
www.supirikrida.com

නීතිඥ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග තොරතොරු www.supirikrida.com වෙතින්

න්දියාවේදී ඇරඹෙන සිව්වැනි නීතිඥ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී  ලංකාව දක්වන දස්කම් පිළිබදව තොරතොරු දැන ගැනීමට අප www.supirikrida.com වෙබ් අඩවියේ දක්වා ඇති ඉහතින් ඇති බැනරය තෙරපීමෙන් දැක ගැනීමට අවස්ථාව ඇත.සිව්වන වරටත් නීතිඥ ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කරන අසේල පටබැදි ගේ නායකත්වයෙන් යුතු මෙවර කණ්ඩායම දේශිය ක්‍රිකට් පිටිය තුළ ද ඉහළ දස්කම් දක්වා තිබෙන තත්ත්වයක් තුළ මෙවර තරගාවලිය පිළිබද ඉහළ බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත.
තරගාවලියේ තරග 14 දා ඇරඹෙන අතර මේ වන විටත් කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය මෙහෙයවන පළමු පෙළ තෙවන කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව වටයට පිවිසෙමින් විශ්වසනීයත්වයෙන් තරග වදින නීතිඥ ක්‍රිකට් කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙන්ම තරුණ ක්‍රීඩකයන් ද ඇතුළත්ව සිටින අතර ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙකු ලෙස පළපුරුද්දක් ඇති පළමු පෙළ කණ්ඩායම් පුහුණුකරුවෙක් මෙන්ම ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගණනාවකගේම පුහුණුකරු ලෙස කටයුතු කර ඇති රන්ජන් පරණවිතාන ඔවුන් නිසි පරිදි තරග සදහා මෙහෙයවනු ඇත.
කෙසේ වුව.පළමු නීතිඥ ලෝක කුසලාන තරගාවලියේදීම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ මෙවර නායකත්වය දරන අසේල පටබැදි ඉන් අනතුරුව පැවති තරග වලදී ද විෂේශ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙකු ලෙස තරගාවලිය නියෝජනය කරන ප්‍රවීන ක්‍රිඩකයන්ගේ අවධානයට ලක් වන අතර එම තත්ත්වය තේරුම් ගෙන වැඩි අවධානයකින් කටයුතු කිරීම අසේල ගේ නායකත්වයේ වගකීම වනු ඇත.එමෙන්ම සෙසු ක්‍රීඩකයන්ද අසේල ට වැඩි පීඩනයක් ඇති නොවනාකාරයෙන් සිය උපරිමය ලබා දීමට කටයුතු කළහොත් මෙවර තරගාවලියේ ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් තිබෙන බව පැහැදිළිය.
උප නායක මනේෂ් වැවිල ද සිව්වන වරට තරගාවලිය නියෝජනය කරන අත්දැකීම් ඇති පන්දු යවන්නෙකු වන අතර කණ්ඩායමේ වේග පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කිරීමෙහිලා ඔහුට විශාල වගකීමක් දරන්නට වනු ඇත.

Oct 11, 2013

හෙට ගැන සිතුම අගයනු යුතු වෙයි නියත

 


                  එලවන තුරුම බැරි බව කියමින්                  ඉවත
                                                        
                  ඉදුමයි සිරිත කාලෙක සිට එන                    පැවත
                                                        
                  වෙනසක් කෙරුව ඩිල් ඒ පිලිබද                  සිරිත
                                                        
                  හෙට ගැන සිතුම අගයනු යුතුමයි                 නියත
                  www.supirikrida.com

දැල් පන්දු පිටියට පාත් වෙන්න ගිය මව් යානය යාන්ත්‍රික දෝෂ හදුනා ගැනීමෙන් පසු පිටතට

සුපිරි ක්‍රීඩා ‍විසින් හදුන්වා දෙන්නට යෙදුණ සිය දියණියගේ ක්‍රීඩක අවස්ථාව වෙනුවට තමාට පුහුණුකාර ධුරය දිනා ගන්නට දැරූ තැනත්තියට එම තනතුර දීමෙන් වැළකි සිටීම දැල්පන්දු පරිපාලනයේ තීරණය වී ඇති බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.අමාත්‍යවරයාටද කරුනු දැක්වීමෙන් පසුව සුපිරික්‍රීඩා මගින් හෙළි කළ තොරතොරුද සැළකිල්ලට ගෙන මෙම තීරණයට එලැඹෙන්නට සිදු වී ඇති බවත් ඒ සදහා සෘජු මතයක පිහිටා කටයුතු කරමින් අතීතයේ කරුණු පවා සැළකිල්ලට ගනිමින් එම තීරණය වෙනුවෙන් දැල් පන්දු සභාපතිණිය විශාල අරගලයක් කර තිබෙන බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තාවේ.
ලාංකේය දැල් පන්දු අනාගතයට විශාල වටිනාකමක් ඇති ක්‍රීඩිකාවක වන දියණියගෙන් කන්ඩායමෙන් ඉවත්වන බවට ලිපියක් පරිපාලනයට ලබා දෙමින් නේෂන් කුසලාන තරගාවලියේ පුහුණුකාර ධුරය දිනා ගන්නට උත්සාහ කළ එම පුහුණුකාරිය, හිතවත් හිටපු නිලධාරිණියක් මෙන්ම යළිත් ක්‍රීඩක භූමිකාවට ප්‍රවේශ වීමට උතසාහ දරණ අයෙක් සමග එක්ව මඩ ප්‍රචාරයක් දියත් කරන්නට උත්සාහ දරමින් සිටින බව ද සුපිරික්‍රීඩා වෙත අනාවරණය කර ගන්නට හැකි විය.මෙම පුහුණුකාරිය වෙනුවෙන් මෙන්ම එම ක්‍රීඩිකාව වෙනුවෙන් ද සාධාරනය දිනා දීමට පෑන මෙහෙයවා ඇති අපේ ඉතිහාසයේ දී ඒවා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි අයුරින්ම ඔවුන් අතින් ක්‍රීඩාවට වරදක් වෙන්නට යන විටද එරෙහිව මාධ්‍යය මෙහෙයවීම අපේ මාධ්‍ය සම්ප්‍රදාය වන්නේය.
රටේ දැල්පන්දු ක්‍රීඩාවේ වර්ථමාන ශෝචණිය තත්ත්වය ඇති කිරීමට ‍ඉහත සදහන් ක්‍රීඩිකා හිටපු නිලධාරිණිය මෙන්ම,අසාර්ථක වූ පුහුණු අපේක්ෂිකාවද ඔවුන් වෙනුවෙන් අවස්ථා දිනා දීම වෙනුවෙන් මැදිහත් වීමට සිය ගෞරවණිය ඉතිහාසය ‍යොදවන වයොවෘද්ධ තේරුම් කමිටු සාමාජිකාවද වගකිව යුතු අතර ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාතික කුසලානයකදි ලද ඉහළම ජය සදහා මෙහෙය වූ පුහුණුකාරියට එම තනතුරට පත් වීමට නොහැකි ලෙස පිඹුරුපත් සකස් කරමින් දිනා ගත් ජය අහිමි කිරිමට කටයුතු කිරීම පිළිබදව මෙම තිදෙනාම විශාල දායකත්වයක් දැක් වීය.
මේ වන විට ද එම තුන් කට්ටුව අදාළ තැනත්තියට පුහුණුකරු ධුරය අහිමි කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළ බවට සභාපතිණියට එරෙහිව දැල් පන්දු ක්‍රීඩාව හා සබැදි භාහිර පිරිසක් එක් කර ගනිමින් ප්‍රචාරයක් කර ගෙන යාමට සැළසුම් සකස් කරන බව සුපිරික්‍රීඩා වෙත වාර්තා විය.ඒ පිලිබදව දැල් පන්දු කේෂ්ත්‍රයේ සහ ක්‍රීඩා කේෂ්ත්‍රයේද විශාල කතිකාවක් ඊයේම ඇති වූ අතර එවැනි තත්ත්වයකදී දැල් පන්දුවට ඇති අනුග්‍රහය අහිමි වීමට ඇති ඉඩ මෙන්ම,සභාපතිණිය තනතුර හැර යාමේ අවධානමද සාකච්ඡාවට බදුන් විය.
එවැනි තත්ත්වයක් ඇති වන ආකාරයේ ප්‍රචාරයක් ඇති වන්නේනම් ඊට එරෙහිව විශාල පිරිසක් එක්ව කටයුතු කිරීමටත් එවැනි තත්ත්වයක් ඇතිකිරීමට මූලික වන පිරිසට ජීවිත කාලයටම බලපාන පරිදි දැල් පන්දුවට සම්බන්ධ වීම වැළක්වීමටත් ක්‍රීඩා අමාත්‍යවරයා ද දැනුවත් කිරීමට එම පිරිස අතර එකගතාවයක් ඇති විය.
එහිදි වි‍රෝධයට එක් විය හැකි පරිස් ,කළ කී දෑ සියල්ලෙන් ප්‍රසිද්ධ චෝදනා හැටියට ගත හැකි සාක්ෂි එම පිරිස සොයා ගෙන තිබෙන බවත් සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.එසේම සිය අවශ්‍යයතාවය සහ ප්‍රචාරය සහ වර්ණනා වෙනුවෙන් තම ආයතන ගත සහෝදර ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික ජිවිත වටිනාකම් ද පාවා දුන් අයද ඉදිරියේදී සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට පිරිසක් මේ වෙනුවෙන් අදාළ තොරතොරු ඊයේ සිටම එක් රැස් කර ගන්නට පටන් ගෙන ඇත.එහිදී පුහුනුකාරිණියන් මෙන්ම වර්ථමානයේද ක්‍රීඩාවට ක්‍රීඩා කිරීම සදහා නැවත එක් වී සිටින අයද සම්බන්ධ වී තිබෙන බවට තොරතොරු පිළිබද විශේෂ සැලකිල්ලක් යොමු වී ඇත.
මේ අතර සිය දියනියගේ වටිනා අවස්ථාව අහිමි කර එයින් තමන්ට වැඩක් කර ගන්නට උත්සාහ කළ  පුහුණුකාරියට මාතෘත්වයේ වටිනාකම අවබෝධ කර ගත හැකි  සහ රට වෙනුවෙන් යමක් කිරීමේ වටිනාකම තේරුම් ගැනීමට හැකි තීරණයක් ලබා දෙමින් දැල් පන්දු පරිපාලනය ගෙන ඇති ක්‍රියාමාර්ගයද මේ මොහොතේඉතාමත් වැදගත්ය.
face book වැනි සමාජ ජාල තුළ වර්ථමානයේ පවතින දැල්පන්දුවේ නීච හැසිරීම් පිළිබද හෙළිදරව් සම්බන්ධයෙන් හිටපු නායිකාවක වන ගයත්‍රී ලංකාතිලක වැනි ක්‍රීඩිකාවන්ද,හිටපු තේරීම් කමිටු සාමාජිකාවන් මෙන්ම පුහුණුකාරියන්ද පළ කරන අදහස් වලින් ගම්‍ය වන ආකාරයටද සුපිරික්‍රීඩා විසින් දැල්පන්දු යාන්ත්‍රණය පිළිබද දක්වන අදහස් මෙන්ම ඒ සදහා බලපාන දේශපාලන මැදිහත්වීම් සහ පෙළඹවීම්ද නිවැරදි බව තහවරු වන බවද ඒ පිළිබද අවධානයෙන් සිටින්නන්ට පැහැදිළි කර ගැනීම අපහසු නැත.
www.supirikrida.com

Oct 10, 2013

ඩිල්ෂාන් ඉස්සර වෙයි

Tillakaratne Dilshan shapes to play the Dilscoopශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් සමු ගන්නා බවට විවිධ ප්‍රචාර පැතිර ගියද,එහි පළමු වැන්නා ලෙස තිලකරත්න ඩිල්ෂාන් ටෙස්ට් ක්‍රීඩාවෙන් සිය සමු ගැනීම ඊයේ ප්‍රකාශයට පත් කරන්නට යෙදුණ අතර එහි නිල නිවේදනය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ප්‍රකාශ කරන්නට ද නියමිතය. ලාංකේය ක්‍රිකට් යම් ආකාරයක විප්ලවීය වෙනසකට බදුන් කළ ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් පයෙන් ඇදීම් රාශියක් මත කළුතර විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස වරප්‍රසාද ලත් පාසල් වලට අභියෝගයක් වෙමින් ශ්‍රී ලකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ද පත් විය.එහිදී ඔහු දකුණු අප්‍රිකාවේදී ඔවුන්ට එරෙහිව ලබන පළමු ටෙස්ට් ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමට නායකයෙකු ලෙස ක්‍රියා කළේය.
නොබෝ දිනකින් 37 වැනි වියට පා තබන්නට නියමිත ඩිල්ෂාන් තමාගේ අවසාන ටෙස්ට් ඉණිමේදී ද අර්ධ ශතකයක් ලබා ගන්නට සමත් විය.ටෙස්ට්,එක්දින සහ 20 /20 යන තරගාවලි ත්‍රත්වයේම දක්ෂතා දක්වා ඇති ඩිල්ෂාන් එම තරග ක්‍රම තුන යටතේම ශතක ලබා ගැනීමේ දුර්ලභ භාග්‍ය්‍යට හිමි කම් කියන්නේය.
අපූරු හැකියාවන් සහිත ක්‍රීඩකයෙකු වන ඩිල්ෂාන් කණ්ඩායමට පැමිණියේ කඩුළු රැකීමේ අත් ආවරණ පැළද ගැනීමට වුවත් එහිදී ඇති තරගකාරීත්වය වටහා ගැනීමෙන් පසුව දග පන්දු යවන්නෙකු බවට පත් වූ ඩිල්ෂාන් එක්දින සහ 20 / 20 තරග ජයග්‍රහණය කරා රැගෙන යා හැකි පන්දු යවන්නෙකු වූ අතර එම තරග වලදී එම කාණ්ඩයන් හී ලොව හොදම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරට පත් වන්නට සමත් විණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පමණක් නොව ලොව සියළුම පන්දු රකින්නන් හා සසදද්දී ප්‍රවීන විචාරකයන් පවා ඩිල්ෂාන්ව ලොව හොදම පන්දු යවන්නා ලෙස සළකා ප්‍රකාශ නිකුත් කළ අවස්ථා එමටය.කඩුල්ල අසළ සිට මෙන්ම පිටියේ ඈත කෙළවර ද ඩිල්ෂාන් පන්දු රකින ආකාරයත් නැවත කඩුල්ලට පන්දුව භාර දෙන ආකාරයත් ප්‍රශස්ත මට්ටක තිබීම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ සදහා අතිශයින් තීරනාත්මක අවස්ථා වූ උදා කළ බව නොරහසකි.
වරක් ලොව හොදම 20 / 20 ක්‍රීඩකයා ලෙස අයිසීසී සම්මානයට පත් ඩිල්ෂාන් මෙවරත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් කැපී පෙණුනම 20 / 20 ක්‍රීඩකයා බවට පත් විය.සිය ක්‍රිකට් ජීවිතය ක්‍රිකට් පවතින තුරු සිහිපත් වීමට යමක් ඉතිරි කළ ක්‍රීඩකයෙකු වන ඩිල්ෂාන් මේ සමග ඉහතින් වන ඡායාරූපයේ තිබෙන ඩිල්ස්කූප් පහරේ නිර්මාතෘවරයාය.අභිත සටන්කාමියෙකු මෙන්ම සිය පෞද්ගලික සෞඛ්‍යය නොසළකා හරිමින් හෝ කණ්ඩායමට අවශ්‍යය විටෙක පිටියට බැස කණ්ඩායම වෙනුවෙන් පිත්ත හසුරුවන්නට පසුබට නොවුණු ඩිල්ෂාන් කණ්ඩායම් හැගීමෙන් ක්‍රියාකරන ක්‍රීඩකයෙකු බව කිව යුතුය.
නමුත් ඔහුට කණ්ඩායමේ නායකත්වය හිමි වූ පසු ඔහු තුළ තිබූ කණ්ඩායම් ක්‍රියාකාරීත්වයට ගරු කරමින් ඔහුගේ නායකත්වයේ ගමණට දිරි දෙන්නට ඉදිරිපත් වූ අවස්ථා අප දුටුවේ අඩුවෙන්ය.ඩිල්ෂාන් නායකත්වයේදී අසාර්ථක වූවා ද අසාර්ථක වීමට අවශ්‍යය පරිදි සෙස්සෝ ක්‍රියා කළා ද යන්න දෙවරක් සිතිය හැකි තරමට එහිදී ඇතැම් ක්‍රීඩකයන් හැසිරුණු ආකාරය සැක උපදවන සුළුය.එහෙත් ඩිල්ෂාන් ඒ ඕනෑම නායකයෙකු යටතේ තමාට දිය හැකි හොදම සහයෝගය දෙමින් ක්‍රියා කළා විනා රට ගැන නොතකා කටයුතු කරන අයෙකු නොවන බව හැම විටම පැහැදිළි කළේය.
ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මිත්‍රශීලී ක්‍රීඩකයෙකු වන ඩිල්ෂාන් සිය දෙවන විවාහ උත්සවය පැවත් වූවේද ඉන්දියාවේය.උපතේ සිටම හොද බෞද්ධාගාමික චාරිත්‍රවල නිරත වෟ ඇති ඩිල්ෂාන් ගේ පියා ඉස්ලාම් භක්තිකයෙකු වූ බැවින් ඔහු ජාතික කණ්ඩායමට පිවිසෙන විටත් තුවාන් මොහොමඩ් ඩිල්ෂාන් නම් විය.නමුත් සිය මවට වඩාත් සමීපව ජීවිතය හැඩ ගසා ගත් ඩිල්ෂාන් පසුව තිලකරත්න මුදියන්සෙලාගේ ඩිල්ෂාන් ලෙසින් සිය පෙළපත් නාමයේ සිටම වෙනස් විය.නමුත් ඔහුගේ පෙළපත කිසිවිටෙක ක්‍රීඩා ලෝලීන්ට වැදගත් නොවූ අතර ටීඑම් ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැක වූ දායකත්වය හැම විටෙම ඔව් හූ ඉහළින් වර්ණනා කරන්නට බැදී සිටියහ.
ශ්‍රී ලංකාව අනු සූරතාවය දිනා ගත් ලෝක කුසලාන තරගාවලියේදී තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා යන්න යුවරාජ් සිං ට හිමි වන්නට බල පෑ ප්‍රධානතම සාධකය වූයේ ඔවුන් ලෝක සූරයන් වීමය.යම් ආකාරයකින් ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ නම් තරගාවලියේ සූරයා වන්නට තිබුණේ ද ඩිල්ෂාන්ය.
කෙසේ වුව ජ්‍යෙෂ්ඨයන් නවකයන්ට අවස්ථාව ලබා දී ඉවත්වීම දිගින් දිගටම ජ්‍යෙෂ්ඨයන් අසාර්ථක වීම මත සිදු නොවිය යුතු එකක් බව පැහැදිළි කරමින් ඩිල්ෂාන් ඉවත්වීම කවුරුත් ආදර්ශයට ගත යුතුය.ඩිල්ෂාන් කවදත් ආදර්ශයට ගත යුතු ලෙස ක්‍රීඩාව කර ගෙන ගිය අතර ඔහුගේ පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් කිසිවක් ක්‍රීඩාවට බලපෑමක් කර නොගන්නට තරම් තිබුණු මානසික විශ්වාසය සහ ආත්ම ශක්තිය ඒ අතරින් ඉතාමත් වැදගත්ය.
පහත දැක්වෙන සබදතාවය ක්‍රික්ඉන්ෆෝ ඔහුගේ ඡායාරූප පළ කරමින් ඔහුගේ විශිෂ්ඨතම ඉණිම් කිහිපයක් නම් කර ඇති පිටු සදහා පිවිසීමට ඔබට උදව් කරනවා ඇත.
http://www.espncricinfo.com/srilanka/content/gallery/678301.html 
එසේම එම නිල වෙබ් අඩිවියට අනුව ඩිල්ෂාන් ටෙස්ට් දිවියෙන් සමු ගන්නා විට ජාත්‍යන්තර සහ පළමු පෙළ තරග වලදී පිත්තෙන් සහ පන්දුවෙන් පෑ ඇති දස්කම් දැක ගැනීමට මේ සමග පහතින් දක්වන සබදතාවය ඔබට සහය වනවා ඇත.
http://www.espncricinfo.com/srilanka/content/player/48472.html

www.supirikrida.com

Oct 9, 2013

වෙළදසේවා විවෘත බැඩ්මින්ටන් සූරතාවලිය අද ඇරඹේ

වෙළදසේවා බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන වෙළදසේවා විවෘත බැඩ්මින්ටන් තරගාවලිය අද ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේදී ආරම්භ වීමට නියමිතයි.ජාතික මට්ටමේ ක්‍රීඩකයන් රැසක් සහභාගි වන බැවින් මෙම තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි සිතිය හැකියි.පරිමි අංශයේදී මැක්ලරන්ස් ආයතනය නියෝජනය කරමින් ජාතික සූර නිලූක කරුණාරත්න තරග බිමට පිවිසෙන අතර ජාතික අනු සූරයා වන ඔහුගේ සොහොයුරු දිනුක කරුණාරත්න තරග බමිට පිවිසෙන්නේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම නියෝජනය කරමින්.ඊට අමතරව ජාතික මට්ටමේ දක්ෂතා දක්වා තිබෙන හසිත් චානක සහ .තිසර නිම්මික වැනි ක්‍රීඩකයන්ද තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.
කාන්තා අංශයේදී නදීහා ගයත්‍රි තරග බිමට පිවිසෙන්නේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම නියෝජනය කරමින් වන අතර තිළිණි ජයසංහ සම්පත් බැංකු කණ්ඩායම නියෝජනය කරමින් තරග බිමට පිවිසෙනවා.එසේම රුවිනි රත්නසිරි මෙන්ම සෙලාන් බැංකුව නියෝජනය කරන චන්ද්‍රිකා ද සිල්වා කාන්තා අංශය මෙන්ම කාන්තා ප්‍රවීනයන්ගේ තරග අංශයද නියෝජනය කරමින් තරග බිමට පිවිසෙනවා.
අද සිට 13 දා දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වෙන තරගාවලිය සදහා කේවල පිරිමි,යුගල පිරිමි,කේවල කාන්තා සහ යුගල කාන්තා මෙන්ම මිශ්‍ර යුගල තරග ද ඇතුළත් වන අතර  ප්‍රවීන කාන්තා සහ පිරිමි ඉසව් ද ඇතුළත් වෙනවා.එදා - මෙදා තුර ලාංකේය බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අලංකාරය පිනිස වැදගත් වූ මෙහෙයක් ඉටු කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ තරග පිටියේ දැක ගැනීමේ දුර්ලභ අවස්ථාව දැක ගැනීමට අද (9) සිට 13  දක්වා ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී උදාවන අවස්ථාව මග හැර නොයන ලෙස වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය බැඩ්මින්ටන් ලෝලීන්ගෙන් ඉල්ලා සිටිනවා.
www.supirikrida.com

Oct 8, 2013

අම්මගේ දැලේ පැටලී දුව වීසි වන ලකුණු

නේෂන් කුසලානය සදහා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වය ක්‍රීඩිකාවකගේ මවට හිමි වීමට යෝජිතව තිබෙන බවත් ඒ සදහා දක්ෂ ක්‍රීඩිකාවක වන ඇය කණ්ඩායමෙන් ඉවත්වන බවට එම පුහුණුකාර මව විසින් දි්‍යනියගෙන් ලබා ගත් ලිපියක් දැල් පන්දු පරිපාලනයට ඉදිරිපත් කර ඇති බවත් සුපිරික්‍රීඩා වෙත වාර්තා වුණා.හිටපු ක්‍රීඩිකාවක් කණ්ඩායමට ගෙන ඒමට සැළසුම් සකස් කළ වයෝවෘද්ධ තේරීම් කමිටු සාමාජිකාව මෙන්ම හිටපු නිලධාරිණ්යක වන එම ක්‍රීඩිකාව බලයේ සිටි සමයේ දැල් පන්දු පරිපාලනය විසින් විශාල වගකීම් ගණනාවක් මේ පුහුණුකාරියට පවරන්නට යෙදුණා.
විෂේශයෙන්ම ලාංකේය දැල් පන්දුවේ දක්ෂතා පහත වැටීමේ හැරවුම් ලක්ෂය ලෙස සැළකෙන තිලකා ජිනදාස ඉවත් කිරීමේ කාර්යය සාධාරණියකරනය කිරීමට මාධ්‍යට කරුණු ඉදිරිපත් කිරීමට එවකට පරිපාලනයට සහය වූයේද මෙම පුහුණුකාරිය ය.
සිය දරුවා දෙවැනි කොට සිය අභිමතාර්ථ වෙනුවෙන් පෙරට ඒමෙන් ලොව උත්තරීතරම ගුණය නොසළකා හැරියද දැල්පන්දුවේ සිටින මව්වරුන් වැඩි දෙනෙකුම එම මතයේ පිහිටා අදාළ තැනත්තිය පුහුණුකාරිය ලෙස අමාත්‍යවරයාට ඉදිරිපත්  කරන්නට කටයුතු කළ ද ක්‍රීඩා අමාත්‍යවරයා තව දුරටත් ඒ  පිළිබදව හදාරමින් සිටින බව වාර්තා වෙනවා.කෙසේ හෝ දුව දෙවැනි කොට මව පෙරට ගෙන එන්නට කටයුතු කරන්නනේ නම් දැල් පන්දු පරිපාලන නිලධාරීන් මවට මෙන්ම දියණියට ද දැනෙන නීතිමය විනයානුකූල ක්‍රියාමාර්ගයකට ද පිවිසිය යුතුව තිබෙනවා.මවට ඉඩ දී ඉවත්වීමට දියණිය ගත් තීරණය නිසා ජාතික සංචිතය වෙත පිවිසීමට ක්‍රීඩිකාවකට ඇති ඉඩ ඇහිරීම සදහා එම ක්‍රීඩිකාව වගකිව යුතුව තිබෙනවා.
අදාළ ක්‍රීඩිකාවට බලපෑමකින් සංචිතයට නොආවද ඇය දක්ෂ ක්‍රීඩිකාවක් වුව ද,මව වෙනුවෙන් සිය ස්ථානය බැහැර කිරීමට ගත් තීරණයෙන් ක්‍රීඩිකාවන්ට විශාල අසාධාරණයක් සිදු වී තිබෙන බව පිළිගත යුතු වෙනවා.එම තේරීම ද ආන්දෝලානාත්මක ව අතර යළි පැමිණෙන ක්‍රීඩිකාවකට අවස්ථාව සෑදිම සදහා ඇයට අභියෝගයක් විය හැකි පිරිස් මූලක වටයෙන්ම ඉවත් කර තිබීම එම ආන්දෝලනයට හේතු වුණා.
www.supirikrida.com

ශ්‍රී ලංකාවට 15 වන තැන

ක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියාතික පිරිමි වොලිබෝල් සූරතාවලියේදී කණ්ඩායම් 21 ක් අතර පැවති තරගයෙන් 15 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.ශ්‍රේණිගත කිරීම් තරග වලදී ශ්‍රී ලංකාව කසකස්තානය ඉදිරියේ වට  3- 0 කින් පරාජය වූ අතර සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යව සමග පැවති තරගය පරාජයට පත් වූයේ තියුණු සටනකින් පසුව වට 3 - 2 ක් ලෙස යි.උස්බෙකිස්තානයට එරෙහිව වට 3 - 0 ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව 16 සහ 15 වන ස්ථානය තීරණය කිරීමට පැවති තරගයේ දී 15 වන ස්ථානය දිනා ගත්තා.
තරගාවලියේ සූරතාවය ඉරානය විසින් දිනා ගත් අතර අනු සූරතාවය හිමි කර ගැනීමට දකුණු කොරියාව සමත් වුණා.තරගාවලියේ තෙවන ස්ථානය තීරනය කිරීමට පැවති තරගයේදී ජපානය පරාජය කළ චීනය තෙවැනි ස්ථානය සදහා සුදුසුකම් ලබා ගත්තා.
www.supirikrida.com

කසකස්තාන ගමණට වසන්ත සහ මලිත් ද එක් වේ

සකස්තානයේ පැවත්වෙන ලෝක කුසලාන බොක්සිං සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට දමිත් ජයවීර,සුරේෂ් පට්ටියආරච්චි,සිසිර කුමාරසිංහ සහ රොසාන් මදුශංක ට අමතරව පුහුණුකරු‍ ලෙස වසන්ත කුමාරත්,කිලෝ ග්‍රෑම් 49 බර පංතියෙන් තරග වැදීමට මලිත් ප්‍රභාස්වරත් එක් වීමට නියමිතය.දැනටමත් මේ දෙදෙනා කසකස්තානයේ විෂේශ පුහුණුවක් සදහා සහභාගි වී සිටින අතර ලොව පුරා සිටින දක්ෂ බොක්සිං පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් සහභාගි වන පුහුණු කදවුර නියෝජනය සදහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා සිටින්නේ වසන්ත සහ මලිත්ය.
www.supirikrida.com

සකස්තානයේ අල්මාති හී පැවත්වෙන ලෝක ආධුනික බොක්සිං තරගාවලිය නියෝජනයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් සිව් දෙනෙකුට අවස්ථාව හිමි වී තිබෙනවා.මෙම මස 14 සිට 27 දක්වා පැවත්වෙන මෙම තරගාවලියට පොදු රාජ්‍ය මාන්ඩලීය බොක්සිං සූරතාවලියේ ලෝකඩ පදක්කම්ලාභි සුරේෂ් පට්ටියආරච්චි කිලෝග්‍රෑම් 52 බර පංතියෙන් තරග වදිනවා.ඔහු ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෙක්.එසේම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිසිර කුමාරසිංහ ද මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් අතර අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක්.ඔහු තරග වදින්නේ කිලෝග්‍රෑම් 60 බර පංතිය නියෝජනය කරමින්.
ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයට සම්බන්ධ ගයාන් ජයවීර මෙම තරගාවලියට එක්වන්නේ කිලෝග්‍රෑම් 56 යටතේ වන අතර කැෂුවලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරන රොෂාන් මධුශංක තරග වදින්නේ කිලෝග්‍රෑම් 75 බර පංතිය යටතේයි.තරගාවලියට සම්බන්ධ වන කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කරන්නේ අමිල අරවින්ද වන අතර කණ්ඩායම් කළමණාකරු ලෙස ඩයන් ගෝමස් කටයුතු කරනවා.
www.supirikrida.com