Jul 21, 2012

ලයන් වොරියර් සමග NESTLE,FRIMA සහ MAS අතු වැල් බැද ගනිති


ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට අලුත් කළාවක් හදුන්වා දෙමින් ක්‍රියාත්මක වන ලයන් වොරියර් කොළඹ දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙලට අනුග්‍රාහකයන් ලෙස අත්වැල් බැද ගැනීමට  NESTLE,FRIMA  සහ  MAS අත්වැල් බැද ගැනීමට තීරණය කර ඇත.ඒ අනුව උළෙලට සහභාගි වන සිටළුම ක්‍රීඩකයන්ගේ පිපාසාව නිවීමට NESTLE දායකත්වය දක්වන අතර ඒ සියල්ල වෙනුවෙන් කෙටි ආහාරයක් ලබා දීමට FRIMA ඉදිරිපත් වී සිටියි.
උළෙලේ දක්ෂතම ක්‍රීඩක‍යන් අට දෙනා අතරට මේ වන විටත් ලයන් වොරියර් පූර්ණ අනුග්‍රහය ලබා දීමට තීරණය කර තිබෙන අතර ඒ ආකාරයට අමතරව තවත් කිහිපාකාරයක අනුග්‍රහයන් ලබා දීමට ද ලයන් වොරියර් දායකත්වය දක්වා තිබේ.තව දුරටත් එම තත්ත්වයට අමතරව MAS  ආයතනයේ මැදිහත් වීම මත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තෝරා ගන්නා ක්‍රීඩකයාට හෝ ක්‍රීඩකාවට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
අද (ජූලි 22) පෙ.ව. 8.00 සිට ක්‍රියාත්මක මෙම තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එක් වීමට නියමිත අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලධාරී මඩුල්ල ප්‍රමුඛව එම අවස්ථාවට ශ්‍රී ලංකා‍ව නියෝජනය කළ සහ තලෙලෙව් අලෙයිලීමා ගේ සමකාලීන ජාතික මට්ටමේ මලල ක්‍රීඩකයන් රැසක් ද ඒ සදහා සහභාගි වීමට නියමිතය. 

පොළොන්නරුවට එන අයට පිපාසෙන් ඉන්න වෙන්නේ නැහැ - සුධර්මා ජයවර්ධන

මෙවර පාසල්  මයිලෝ දැල් පන්දු තරගාවලියේ අවසාන තරග සදහා පොළොන්නරුව ප්‍රදේශයේ පවතින දැඩි නියගය විශාල ගැටළුවක් වනු ඇති බව විශ්වාස කළත් දැන් එම තත්ත්වය සම්පූර්ණයෙන් පහවී ඇති බවත් තරගාවලියකට පහසුවන කිසිවෙකුට ජලයෙන් ගැටළුවක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට තම සංගමය පොරොන්දු වන බවත් පාසල් දැල් පන්දු සම්මේලනයේ ලේකම් සුධර්මා ජයවර්ධන පවසයි.
මෙවර තරගාවලියේ අවසාන තරග පිළිබදව දැණුම් දීමට කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජ ශාලාවේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය
උතුරු නැගන හිර ප්‍රදේශයෙන් වෙනදාට වඩා විශාල සහභාගීත්වයක් දකින්නට ලැබුණ ද යාපනය තරග වල දී අවුරුදු 12 න් පහළ කිසිදු කණ්ඩායමක් දකින්නට නොලැබීම කණ්ගාටුදායක තත්ත්වයක් බව මෙහිදී සුධර්මා පැහැදිළි කළාය.මෙවර ඕස්ට්‍රේලියානු චැටර්ලි තරගාවලියේදී රතු අංශයේ ජයග්‍රාහිකාවන් වීමෙන් ශ්‍රී ලංකා දැල් පන්දුව ඉදිරි පියවරක් තැබූ බව පැහැදිළි කළ සභාපතිණිය සෝමා මුණසිංහ මෙන්ම ලේකම් වරිය ද පැහැදිළි කළේ එම තරගාවලිය සදහා කණ්ඩායම තෝරා ගනු ලබන්නේ තනිකරම මයිලෝ තරග වලදී දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් අතරින් බවත් අවධාරණය කළේය.
එම තරග වලට සහභාගි වීම පිළිබදව මාධය දැනුවත් කිරීම නිවැරදිව සිදු නොවන බවට මාධය විසින් කරන ලද චෝදනාවට මැදිහත් කරුවෙකු ලෙස  දායක වීමට නෙස්ට්ලේ සමාගම ට ඇති හැකියාව පැහැදිළි කළ එම සමාගමේ බන්දුල එගොඩගේ ප්‍රකාශ කළේ මින් අනතුරුව එම දැන්වීම පාසල් සංගමයෙන් ලබා ගෙන මාධ්‍යයට දැණුම් දීමට තම ආයතනයට මැදිහත් විය හැකි බවය.
මෙවර මයිලෝ අවසාන තරග සමාරම්භය නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් ගේ ප්‍රධානත්වයෙන් සහ සමාප්ත සමාචාර උත්සවය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතය.ඒ සදහා ප්‍රාදේශීය දේශපාලන නායකාදීන් මෙන්ම අධයාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂ  රෝහණ කරුණාරත්න මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයසේකර ද සහබාගි වීමට නියමිතය.තරගාවලිය මෙම 28 සිට 30 දා දක්වා පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී ක්‍රියාවට නැගෙන්නට නියමිතය.

ඇනා ගේ පන්දමට අනින්න ආ තරුණයා දැලේ

  න්ඩන් ඔලිම්පික් ගිනි සිළුව රැගෙන ඔලිම්පික් ක්‍රීඩාංගණය වෙත පැමිණීම මේ දිනවල එංගලන්තයේ වඩාත්ම උත්සවශ්‍රියෙන් ිදිවන සිදුවීම වී තිබෙන අතර ඒ සදහා විශාල සහභාගිීත්වයක් දකින්නට ලැබෙනවා.ඊයේ එසේ ගිනි සිළුව රැගෙන ඇනා ස්කොරා නම් තරුණිය ධාවනයේ යෙදෙද්දී ඇය වෙත කඩා පනින ලද 17 හැවිරිදි ගැටවරයෙකු ගිනි සිළුව අදරා ගැනීමට තැත් කළත් ගිනි සිළුව සමග ධාවනයේ යෙදෙන පොලිස් ආරක්ෂකයන් වහාම ඇයට හෝ ගිනි සිළුවට හානියක් නොවන්නට අවශ්‍යය කටයුතු සම්පාදනය කළා.
 මුස්ලිම් තරුණයෙකු වන ඔහු අල්ලා දෙවියන් ශ්‍රෙෂ්ඨයි ලෙස කෑ ගසමින් මේ ගිනි සිළුව පැහැර ගැනීමට තැත් කරතිබෙන අතර මේ වන විට ඔහුට කිසිවෙකුගේ ශ්‍රේෂ්ඨත්වයක ආශිර්වාදයකින් ගැලවීමක් ලැබී නැති අතර කරන ලද වරද වෙනුවෙන් පොලිසි කූඩුවේ ලගින්නට සිදු වී තිබෙනවා.
www.supirikrida.com

ඉන්දියාවේ හැකියාවන් සමග තරග වදින්නට ලංකාව වාසනාවන්තයින් සමග පිටියට

න්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක් දින තරගාවලිය අරඹමින් අද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන තරගය ඉන්දියාවට විශේෂිත තරගයක් වන්නේ එය ඔවුන් එම ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරන ප්‍රථම තරගය නිසා විය හැකියි.ඉන්දියාව අද තරගයට ජ්‍යෙෂ්ඨත්වයට වඩා වර්ථමාන දක්ෂතාවයන් සළකා බලා සකස් කර ගත් කණ්ඩායමක් සමග තරගයට පිවිසෙන විට ශ්‍රී ලංකා අද්භූත   කමිටුවේ  වාසනාවන්තයින් කිහිප දෙනෙකුට හම්බ කිරීමේ අවස්ථා උදා කිරීමේ තේරීම් කිහිපයක් ද සමග තරග බිමට පිවිසෙනවා.
මෙවර ඒ භාග්‍යය උදා කර දී තිබෙන ප්‍රධානතම ක්‍රීඩකයා වන්නේ චාමර කපුගෙදරයි.ඔහුගේ ආසන්නම සංචාරය වූ දකුණු අප්‍රිකා සංචාරයේදී පරාජිත ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථක ක්‍රීඩකයන් අතර සිටි චාමර තරග දෙකකදී ම බින්දුවට දැවී ගිය අතර මුළු තරගාවලියේ තරග හතරක් තුළ ඔහු රැස් කර ලකුණු ප්‍රමාණය වූයේ 45 ක් පමණයි.එක් අවස්ථාවකදි පන්දු 2 ක්ට පමණක් මුහුණ දුන් චාමර තවත් අවස්ථාවක දී පළමු පන්දුවෙනම දැවී ගියා.යම් තරමකට සාර්ථක ව තරගයේදී පන්දු 45 ක් තුළ ලකුණු 37 ක් ලැබූවත් යළිත් අවසාන තරගයේ දී පන්දු 27 ක වැය කර ලකුණු 8 ට දැවී ගියා.
තරගාවලිය පුරාම යම් දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළේ නම් කණ්ඩායමේ නායකත්වය ද දැරූ දිමුත් කරුණාරත්න පමණක් වන අතර ඔහු මේ තරගාවලියේ දී මැද පෙළ පිතිකරුවෙකු ලෙස අත්හදා බැලීම වෙනුවට දක්ෂතා අතර නැති චාමරට වාසනාව උදා කරදීමට වැඩි කැමැත්තක් දැක්වීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.තරගාවලියකින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට විශාල මුදලක් ලැබෙන නිසා එවැනි තරගාවලියක දී බංකුවක ඉද ගෙන සිටීමට ලැබිමත් ක්‍රීඩයෙකුට ආර්ථික වශයෙන් විශාල ලාභයක් ගෙන දෙන්නක් වන බව කිව යුතුයි.එවැනි තත්ත්වයක දක්ෂතා අතර නැති න්‍රීඩකයන් තේරීම යනු ආර්ථික වශයෙන් ක්‍රීඩකයාට ලඅබෙන විශාල අවස්ථාවක් වන නසා එවැනි ආර්ථිකමය වශයෙන් අයෙකුට ශක්තියක් වීම පිටුපස වෙන යම් අයථා කටයුත්තකට තේරීම් කමිටුව හෝ එහි සාමාජිකයෙක් හෝ කිහිප දෙනෙකු සම්බන්ධ ද යන්න සොයා බැලීමක් අවශ්‍යය කර තිබෙනවා.
www.supirikrida.com

නඩාල් බෑ කියයි


සුපිරි ටෙනිස් සූර ස්පාඤ්ඤයේ ර‍ෆායෙල් නඩාල් මෙවර ලන්ඩන් උළෙලට සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන නඩාල් ප්‍රකාශ කරන්නේ තමන් ඒ සදහා සුදුසු කායික සහ මානසික මට්ටමක නොමැති බවයි.
පාදයේ කලවා ප්‍රදේශයේ අබාධයකින් පසුව තවමත් යථා තත්ත්වයට පැමිණ නැති නඩාල් ජගත් හ්‍රේනිගත කිරීම් වල අංක එකේ සිට අංක තුන දක්වා පහත බැස තිබෙනවා.විශේෂයෙන්ම නඩාල් තරග පිටියේ දක්ෂතා අතරට පිවිසෙමින් අංක එකේ තත්ත්වයෙන් පහත ඇද දැමූ රොජර් ෆෙඩරර් යළිත් අංක එක ස්ථානයට පැමිණිමත්,අංක එකෙන් දෙකට වැටි නොවැක් ඩිජොකොවික් යන දෙදෙනා ගේ අභියෝගයත් ජය ගැනීමට යම් කිසි කාලයක් තුළ සිය තරග සැළසුම් සකස් කර ගැනීමේ අපේක්ෂාවත් නඩාල් ට මේ නිහඩ වීම තුළ ඇතැයි සිතිය හැකියි. 

Jul 20, 2012

ඔලිම්පික් වලට පෙර ලෝක මට්ටමේ මලල ක්රී්ඩකයන් අද මොනැකෝ වලදී හමුවෙයි


න්ඩන් ඔලිම්පික් තරගාවලියට පෙර ජගත් මගග ක්‍රීඩක ක්‍රීඩාවන් අතර දැකිය හැකි තියුනුම තරගකාරීත්වය අද ඩයමන්ඩ් ලීග් තරගාවලිය යටතේ මොනැකෝ හී දී පැවත්වෙන හර්කියුලිස් මලල ක්‍රීඩ සූරතාවලියේදී දැක ගත හැකි බව විදෙස් ආරංචි මාර්ග සදහන් කරයි.ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම අවසාන තරගයට සහභාගී වී සිය විශ්වාසය තහවුරු කර ගැනීමට කටයුතු කරන අතර ඇතැමෙක් මෙම තරගාවලියේදී අනවශ්‍යය අවධානමක් ගැනීමට ඇති අකමැත්ත නිසා තරග වැදීමෙන් වැළකී සිටින බවක් ද දැකිය හැකිය.
පියාඹන ගැහැණිය ලෙස විරුදාවලිය ලත් යෙලීනා ඉසින්බයේවා කාලයකින් සිය පෞද්ගලික දක්ෂතාවයේ වර්ධනයක් පෙන්වා නැති අතර ඒ නිසාම කාන්තා රිටි පැනීමේ ලෝක වාර්තාවේද වෙනසක් සිදු වී නැත.එම නිසා අද පැවත්වෙන තරගයේදී බොහෝ විට සිය අවසාන ඔලිම්පික් තරගාවලිය විය හැකි මෙවර ඔලිම්පික් උළෙල ජයග්‍රාහීව සහ වාර්තාගතව නිම කිරීමට අවශ්‍යය ශක්තිය සහ විශ්වාසය මොනැකො උළෙලෙන් එක් කර ගැනීමට යෙලීනා උත්සාහ කරනවා සැක නැත.
මෙම තරගයේ මීටර් 400 ඉසව්ව ඉතාමත් තීරණාත්මක විය හැකි අතර ඒ සදහා බීජීං ඔලිම්පික් උළෙලේ රන් පදක්කම්ලාබී සහ මේ වසරේ හොදම කාලය වාර්තා කළ ලූෂන් මෙරිට් සමග ලෝක සූරතාවලියේදී ජයග්‍රාහකයා වූ ග්‍රෙනඩාවේ කිරනි ජෙම්ස් ද තරග වදින්නේය.එසේම මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වේ මේ වසරේ හොදම කාලය වාර්තා කර තිබෙන ඇමෙරිකාවේ ඒරියස් මෙරිට් සමග ගෙවුණු ජගත සූරතාවලියේදී එම ඉසව්වේ ජයග්‍රාහකයා වූ ජේසන් රිචඩ්සන් ද තරග වැදීමට නියමිතය.

ලන්ඩන් ඔලිම්පික් පිටියට සම ලිංගිකයෝ 18 ක්

Edward Gal 
Lisa Raymond 
Judith Arndt
Seimone Augustus
Megan Rapinoe 
Carl Hester 
Carlien Dirkse van den Heuvel
Mayssa Pessoa 
 
                                           මෙවර ලන්ඩන් ඔලිම්බික් උළෙල සදහා ප්‍රසිද්ධියේ සම ලිංගික ජීවිත /. කරන 18 දෙනෙකු සහභාගි වන බව විදෙස් මාධ්‍ය විසින් අනාවරණය කර ගෙන ඇත.ඔවුන් බොහෝ දෙනෙක් සම ලිංගික විවාහ ජීවිත ගත කරන්නෝ වන අතර ඒ අතරින් ප්‍රංශය නියෝජනය කරමින් තුන් ප්‍රයාම තරගයට සහභාගි වන   Carole Péon සහ  Jessica Harrison   සම ලිංගික යුවලක් වන අතර මේ සම ලිංගිකයන් අතර සම ලිංගික යුවළක් දකින්නට ලැබෙන්නේ ඔවුන් දෙදෙනා පමණි.
Jessica  Landström
Natalie Cook 
Marilyn  Agliotti 
Matthew Mitcham
Rikke Skov
Imke  Duplitzer 
Jessica Harrison and Carole Peon
Carole Péon සහ  Jessica Harrison
Matthew Mitcham පිහිණුම් පිමි සූරයෙකු වන අතර ඔහු ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරයි.අශ්වාරෝහකයෙකු වන Edward Gal නෙදර්ලන්තය නියෝජනය කරන අතර Lisa Raymond ටෙනිස් තරග සදහා ඇමෙරිකාව නියෝජනය කරමින් සහභාගි වෙයි. Judith Arndt පාපැදි තරග නියෝජනය කරන ජර්මණියෙන් සහභාගි වන සම ලිංගික ක්‍රීඩිකාවකි.ප්‍රසිද්ධ පැසි පන්දු ක්‍රීඩිකාවක වන Seimone Augustus ඇමෙරිකාව වෙනුවෙන් පිටියට බසින අතර Imke  Duplitzer  කඩු හරඹ වෙනුවෙන් ජර්මණිය නියෝජනය කරන්නීය.
Maartje Paumen 
Alexandra Lacrabère
ඇමෙරිකාව වෙනුවෙන් පාපන්දු පිටියට පිවිසෙන Megan Rapinoe  පාපන්දු ක්‍රීඩිකාවක් වන අතර  නෙදර්ලන්ත හොකී ක්‍රීඩිකා Marilyn  Agliotti  මෙන්ම බ්‍රිතාන්‍ය අශ්වාරෝහක Carl Hester සම ලිංගිකයෝ වෙති.Carlien Dirkse van den Heuvel නෙදර්ලන්තය වෙනුවෙන් හොකී ක්‍රීඩාව නියෝජනය කරන තවත් සම ලිංගික ක්‍රීඩිකාවකි.බ්‍රසීල අත්පන්දු කණ්ඩායම නියෝජනය කරන Mayssa Pessoa  මෙන්ම ඩෙන්මාර්කය වෙනුවෙන් පිටියට පිවිසෙන අත්පන්දු ක්‍රීඩිකා Rikke Skov ද සම ලිංගික ජීවිත ගත කරන්නියෝය.නෙදර්ලන්තය නියෝජනය කරන හොකී ක්‍රීඩකාවන් අතර සම ලිංගික ජීවිත වැඩිපුරම තිබෙන අතර ඒ අනුව ඒ කණ්ඩායමේ සිටින ප්‍රසිද්ධ තෙවන සම ලිංගංක ක්‍රීඩිකාව වන්නේ Maartje Paumen වන අතර මේ තත්ත්වය නිසා එම කණ්ඩායමේ අප්‍රසිද්ධ එවැනි තවත් ක්‍රීඩිකාවන් සිටිය හැකි බවට සැක පහළ වීම සාමාන්‍ය තත්ත්වයකි.
Hope Powell,
 Lee Pearson,
ඕස්ට්‍රේලියාවේ Natalie Cook  ප්‍රසිද්ධ සම ලිංගික ක්‍රීඩිකාවක් වන අතර ඇය වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වන්නීය.ප්‍රංශ අත් පන්දු ක්‍රීඩිකාවක් වන Alexandra Lacrabère ප්‍රංශය නියෝජනය කරන්නීය.Jessica  Landström ස්වීඩනය නියෝජනය කරන පාපන්දු ක්‍රීඩිකාවක් වන අතර ඇය මෙන්ම පැරා ඔලිම්පික් තරග නියෝජනය කරන බ්‍රිතාන්‍ය අශ්වාරෝහක  Lee Pearson, ද සම ලිංගික විවාහකයෙකි.බ්‍රිතාන්‍ය වොලිබෝල් කණ්ඩායමට සම්බන්ධ Claire Harvey,සම ලිංගික ජිවිත ගත කරන අතර පුහුනුකාරියන් දෙදෙනෙකු වන Pia Sundhage,සහ Hope Powell,සම ලිංගිකයන්ය.ඔවුන් දෙදෙනාම පාපන්දු පුහුනුකාරිනියන් වීම කැපී පෙනෙන කාරණයක් වන අතර  Pia Sundhage ඇමෙරිකානු කාන්තා පාපන්දු කණ්ඩායමේ පුහුණුකාරිය වන්නේය.Hope Powell සත්කාරක බ්‍රිතාන්‍ය පාපන්දු කණ්ඩායමේ පුහුණුකාරිය වන්නේය.
Claire Harvey,
Pia Sundhage,
මෙම සම ලිංගික සහභාගීත්වය 2004 සහ 2008 ඔලිම්පික් තරගාවලි තුළ දුටවාට වඩා වර්ධනයක් පෙන්නුම් කරන අතර කණ්ඩායම් ක්‍රීඩාවන් හී නියැලෙන්නන් අතර මේ තත්ත්වය බහුලව දකින්නට ලැබෙන බවක් පෙනේ.එසේම ක්‍රීඩකයන්ට වඩා වැඩි නැඹුරුවක් කාන්තාවන් සම ලිංගික සේවනය කෙරෙහි දක්වන බවට ඉගියක් ද මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර බහුතරය ක්‍රීඩකාවන් වීම නිසා සිතන්නට පුළුවන.

Jul 19, 2012

ලංකාවට,ඉන්දියාවෙන් 30 ට වඩා අඩු කණ්ඩායමක්

MS Dhoni accepts a welcome drink at a Colombo hotelශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවත්වෙන එක්දින තරගාවලියේ දී තරග වදින ඉන්දීය කණ්ඩායමේ වයස සාමාන්‍යය 27 ක් වන අතර මෙම තරගාවලියේදී ඉන්දියානු කණ්ඩයමේ වයස 30 ඉක්මවා සිටින ක්‍රීඩකයන් සිටින්නේ හතරක් පමණක් වීම විශේෂත්වයකි.ඒ අතරින් වැඩිමහල්ම ක්‍රීඩකයා වන විරේන්ද්‍ර ෂෙවාග් ට වයස 33 ක් වන අතර නායක දෝනි ගේ වයස 31 කි.ගෞතම් ගාම්භීර් ට වයස 30 ක් සහ සයීර් ඛාන් ට 33 ක් වෙයි.


කණ්ඩායමේ අප නායකත්වය විරාට් කෝලි ට පැවරීම අනාගත නායකත්වය පිලිබදව පෙර සූදානමක් ලෙස දැකිය හැකි අතර ඔහු කණ්ඩායමේ සිටින ලාබාලතම ක්‍රීඩකයා ය.23 හැවිරිදි කෝලි පසුගිය කාලයේ ඉන්දියාවේ ජයග්‍රහණය සදහා විශාල දායකත්වයක් සිය පිත්තෙන් දැක්වීම කැපී පෙණුන අතර ඔහු විශේෂයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අති සාර්ථක පිතිකරුවෙකි.


එම කණ්ඩායමම 20 / 20 තරගාවලියට ද යොදා ගැනීම ඉන්දියාවේ අපේක්ෂාව වන අතර ප්‍රවීන පිතිකරු සචින් තෙන්ඩුල්කාර් මෙම සංචිතයේ නොමැති අතර ලෝක කුසලාන 20 / 20 සංචිතයට යළි කැදවා තිබෙන පිළිකා රෝගයට ගොදුරු වීමෙන් පිටියෙන් ඉවත්ව සිටි යුවරා්ජ් සිං ද මෙම සංචිතයේ දකින්නට නැත.

බැන්දට එක ඇදේ බෑ


The couple claim they know of plenty same sex couples who are allowed to share a room while competing at the Olympics

The Australian shooter was told that he and wife Lauryn would have to book into a hotel away from the Olympic village if they wanted to share a room togetherමෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල නියෝජනය කරන ඕස්ට්‍රේලියානු වෙඩි තැබීමේ සූරයෙකු වන රසල් මාර්ක් සහ ලුසියන් මාර්ක් යුවලට එකම කාමරයක නිදා ගැනීම වෙනුවට තනි තනිව කාන්තා සහ පිරිමි කණ්ඩායම් වලට වෙන වෙනම වෙන් කර තිබෙන කාමර වල රැදෙන ලෙස ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව නිර්දේශ කර ඇත.මේ සම්පන්ධයෙන් රසල් සහ ලුසියන් යුවළ ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුවෙන් තමන් දෙදෙනාට එක කාමරයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම් පිළිබදව මේ වන තුරු යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.      

Russell Mark said Olympic chiefs were discriminating against him and his wife because they did not agree with his views on sleeping tablets and did not like his wife taking part in a sexy photo shoot

සැමියා සහ බිරිද ලෙස තමන් දෙදෙනාට එකම හෝටල් කාමරයක් හෝ ගත කරන්නට අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීමද බලධාරීන් නොතකා හැර තිබීම පිළිබදව ඔවුන් දෙදෙනා පසු වන්නේ දැඩි කණස්සල්ලෙනි.රට නියෝජනය කරන කාන්තා ක්‍රීඩිකාවක් සහ ක්‍රීඩකයෙක් ලෙස ඔවුන් දෙදෙ‍නා දෙස බලනු විනා ඔවුන් දෙදෙනා දෙස අඹු - සැමියන් ලෙස බැලීමට ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව සුදානම් නැති බවක් පෙනෙන්නට තිබීම ඔවුන් ගේ තුවක්කු වලින් පිටවන වෙඩි උන්ඩ වල ඉලක්කයට යම් බලපෑමක් එල්ල කිරීමක් වීමට ඉඩ කිබුණත් සිය පෞද්ගලික තුවක්කු රටේ අවශ්‍යයතාවය වෙනුවෙන් කැප කිරීමට කටයුතු කළ යුතු බවට ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුවෙන් දෙන නිවේදනයේ ද වරදක් පෙනෙන්නට නැත.

Jul 18, 2012

ජපානයත් දැලට වැටෙයි

 සියාවේ බලවත්ම රටක් වන ජපානය ද මෙවර ආසියානු දැල් පන්දු තරගාවලියට සහභාගි වීම ආසියාවේ දැල් පන්දුව තව දුරටත් තාක්ෂණික වශයෙන් ඉහළ යන බවට කදිම උදාහරණයක් බව ශ්‍රී ලංකා දැල් පන්දු අතුරු කමිටුවේ සභාපතිණි තමාරා ධර්මකීර්ති පවසයි.ඉතා උසස් තාක්ෂණයක් සහිත රටවල් අතර ලොව ඉදිරියේනම් සිටින රටක් වන ජපානය මෙන්ම මෙවර දැල් පන්දු තරගාවලියට ප්‍රථම වරට සහභාගි වන තවත් රටවල් දෙකකි.ඒ නොපාලය සහ බෘනායි කණ්ඩායම්ය.
මේ අතරින් බෘනායි කණ්ඩායම  හ්‍රී ලංකා පුහුණුකාරිණියක විසින් පුහුණු කර ගෙන යන අතර ඇය දැනට  ශ්‍රී ලංකාව දරා සිටින ආසියානු දැල් පන්දු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීම සදහා මහත් කැප වීමක් කළ පුහුණුකාරිණිය වන තිලකා ජිනදාස යි.තෙවන තැන දක්වා පහත වැටී සිටි ශ්‍රී ලංකාවට ආසියානු  දැල්පන්දු කුසලානය 2009 දී  නැවත  ගෙනවිත් දීම සදහා කටයුතු කළ තිලකා ට,ඉන් අනතුරුව පුහුණුකාර ධූරය අහිමි විය.
දකුණු ආසියානු රටවල සහභාගීත්වය ද මෙවර කැපී පෙනෙන අතර ඇෆ්ගනිස්තානය,බංගලාදේශය සහ භුතානය හැරෙන්නට සෙසු සියළුම දකුණු ආසියාතික රටවල් (මාල දිවයින,ඉන්දියාව,පකිස්තානය,ශ්‍රී ලංකාව,නේපාලය) මෙවර තරගාවලිය නියෝජනය කැපී පෙනෙනවා.,ඊට අමතරව ජපානය,මැලේසියාව,සිංගප්පූරුව,බෘනායි සහ හොංකොං යන රටවල් මෙවර තරගාවලිය වෙත සහභාගි වීම ට නියමිතව තිබෙනවා.  
www.supirikrida.com

වසරේ හොදම කාලය ෆෙලික්ස්ගෙන්


මීටර් 200 කාන්තා ඉසව්වේ මේ වසරේ වාර්තා වූ හොදම කාලය ලෙස තත්පර 21.69 ක් තාලයක් වාර්තා කරන්නට ඇලිසන් ෆෙලික්ස් සමත් වුණා.ඇමෙරිකාවේ එයුජින් හී පැවති තරගයක දී ඇයට මෙම දස්කම පෑමට හැකියාව ලැබුණා.වර්ථමානයේ ලොව සිටින සුපිරිතම කෙටි ධාවන සූරියක වන ෆෙලික්ස් මීටර් 100,200 සහ 400 යන ඉසව් ත්‍රිත්වයෙන්ම දක්ෂතා දක්වන අතර ඇය මෙවර සිය තෙවන ඔලිම්පික් තරගාවලිය නියෝජනයට සූදානම් වෙනවා.
කෙතරම් දක්ෂතා දැක්වුව ද තවමත් ඔලිම්පික් රන් පදක්කමක් කේවල ඉසව්වකින් දිනා ගැනීමට අපොහොසත්ව සිටින ඇලිසන් ෆෙලික්ස් සතු එතම ඔලිම්පික් රන් පදක්කම 2008 බීජිං ඔලිම්පික් උළෙලේදී මීටර් 400 සහය දිවීම වෙනුවෙන් දිනා ගෙන තිබෙනවා.නමුත් ෆෙලික්ස් මිටර් 200 සදහා 2004 දී මෙන්ම 2008 දී ද රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
ෆෙලික්ස් මේ වසරේ හොදම කාලය වාර්තා කළ මීටර් 200 ඉසව්වේ ලෝක වාර්තාව (තත්පර 21.34)  ෆ්ලොරන්ස් ග්‍රිපිත් ජොයිනර් සතු වන අතර එම ඉසව්වේ ඊ ළගට ඇති හොදම කාලය වන තත්පර 21.56 ද වාර්තා කර ඇත්තේ ඇයම යි.එහි තවත් විශේෂත්වයක් වන්නේ ඇය 1988 සියොල් ඔලිම්පික් උළෙලේදී එකම දිනයක් තුළ මෙම කාලයන් දෙකම නව ලෝක වාර්තා ලෙස වාර්තා කර තිබිමයි.එතැන් සිට මීටර් 200 ඉසව්වේ ෆෙලික්ස් වාර්තා කළ කාලය එම ඉසව්වේ ලොව වාර්තා වූ හොදම හයවන කාලය ලෙස සැළකෙනවා.
ෆෙලික්ස් ට ඉදිරියෙන් ජොයිනර් විසින් වාර්තා කළ කාලයට පසුව තෙවන හොදම කාලය වශයෙන් දැකිය හැකි වන්නේ මේරියන්ස් ජෝන්ස්  විසින් වාර්තා කර තිබෙන තත්පර 21.62 වන අතර අනතුරුව තත්පර 21.64 සහ 21.66 ලෙස සිව්වන සහ පස්වන හොදම කාලයන් ජැමෙයිකාවේ මර්ලින් ඔටේ විසින් වාර්තා කර තිබෙනවා.

බැඩ්මින්ටන් කණිටු තේරීමට පිය පුතු පැකේජයක්


ගත් කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය සදහා තෝරා ගැනීම සදහා මේ දක්වා අනුගමනය කළ ක්‍රියාදාමයන් වෙනස් කර අලුත් ක්‍රමවේදයක් හදුන්වා දීමට උත්සාහ කරමින් සිටින බැඩ්මින්ටන් පරිපාලනය ඒ හරහා එහි නිලධාරියෙකු ගේ පුත්‍රයෙකුට අවස්ථාවක් ලබා දිමට උත්සාහ කරන බව ‘සුපිරික්‍රීඩා’ වෙත වාර්තා වේ.ඒ අනුව මෙවර තරගාවලියේ තේරීම් තරග සදහා යුගල තරග වලදී දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොසළකා හැර තිබෙන අතර සළකා බැලූ අවුරුදු 17 න් පහළ සහ 19 න් පහළ අවසාන පූර්ව තරග සදහා ක්‍රීඩා කළ ක්‍රීඩකයන් යන්න තව දුරටත් පහතට ගෙන එමින් අර්ධ අවසන් පූර්ව තරග සදහා ක්‍රීඩා කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද සහභාගි විය හැකි ලෙස එම තේරීම් ක්‍රමවේදය වෙනස් කර ඇත.
මේ තත්ත්වයට හේතුව අර්ධ අවසන් පූර්ව වටයේ බැඩ්මින්ටන් පරිපාලනයට සම්බන්ධ ඉහළ නිලධාරියෙකුගේ පුතෙකු සිටීම බව පෙන්වා දෙන බැඩ්මින්ටන් හිතෛෂීන්, ඔහු පසුගියදා කිසිදු සුදුසුකමක් හෝ දැණුමක් නැති පුද්ගලයෙකු කොරියාවේ පැවති ආසියාතික කණිෂ්ඨ තරගාවලියට කළමණාකරු ලෙස සහභාගි කරවීමට පෙරමුණ ගත් පුද්ගලයාද වේ.ඒ අනුව නව තේරීම් අනුව අදාළ නිලධාරියාගේ පුතුගේ නම මේ වන විට සංචිතයට ඇතුළත් කර තිබෙන අතර ඊ ළග පියවරේදී ඔහුගේ පුතු කණ්ඩායමට ඇතුළත් කිරීම සදහා තවත් ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට පියවර සැකසෙමින් තිබෙන බවත්, ඒ අනුව යුගල තරග යනු විශේෂ තත්ත්වයක් යන්න නොසළකා හැර මෙම සංචිතයෙන් කේවල තරග සදහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් යුගල තරග කණ්ඩායම ද තෝරා ගැනීමේ උත්සාහයක් පවතින බව ද එම වාර්තා පැහැදිළි කරයි.
එසේම අමාත්‍යවරයා විසින් ඉවත් කරන්නට යෙදුණ හිටපු පරිපාලනයට සම්බන්ධ නිලධාරීන් පිරිසක් වර්ථමාන බැඩ්මින්ටන් පරිපාලනය සිය අවශ්‍යයතාවයන් වෙනුවෙන් පාලනය කිරීමට උත්සාහ දරණ බවක් පෙනෙන්නට ඇති අතර අවස්ථාවාදීන්ගෙන් සහ එවැනි කඩාලප්පල්කාරීන්ගේ උවමනාවන් සංතර්පනය කිරීමේ උවමනාවෙන් පෙනී සිටින්නෙකු බවට පත්ව ඇති වර්ථමාන සභාපතිවරයා මෙවර ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වය සදහා ක්‍රීඩිකාවක ගේ නමක් අමාත්‍යවරයාට යෝජනා කරමින් කණ්ඩායම් කළමණාකරු ලෙස ලන්ඩන් උළෙලට නම ඇතුළත් කර ගැනීමට උත්සාහ කළ බව ද වාර්තා වේ.එම ක්‍රීඩිකාවට හිමිනැති තරග ලබා දෙමින් ජාත්‍යන්තර වර්ගීකරණයේ ඉදිරියට යාමට අවස්ථාව සළසා දීමට අවශ්‍යය පියවර ගත් වත්මන් පරිපාලනය ඇය තේරීමෙන් අනතුරුව සිය ලන්ඩන් සහභාගීත්ව සිහිනය සැබෑ කර ගැනීමට ඇයව දඩමීමා කර ගැනීමේ උත්සාහයක නියැලෙන්නට තරම් නිර්ලජ්ජිත තත්ත්වයකට වැටී සිටීම කණගාටුදායක ය.

ඩෙබී ඩන් තහනම් දැලේ පැටලේ

දෝහා හී පැවති 2010 ජගත් ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 සහ 4 x 400 යන ඉසව් ද්විත්වයෙන් රන් පදක්කම් දිනූ ඩෙබී ඩන් තහනම් උත්තේජන චෝදනාවන් ට ගොදුරු වී ඇති බව විදේශ ආරංචි මාර්ග සදහන් කරයි.මේ දක්වා ඔලිම්පික් පදක්කමක් කර ලා ගැනීමේ වාසනාව හිමි වී නැති ඩෙබී,2009 බර්ලින් හී පැවති ජගත් මලල ක්‍රීඩා සූරතාවලියේ දී අමෙරිකානු මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමේ සාමාජිකව ලෙස රන් පදක්කමට උරුමකම් කීවාය.
ඇනබොලික් ස්ටෙරොයිඩ් නම් තහනම් උත්තේජක ඇති බවට ඔප්පුවීම නිසා මේ වන විට තහනමට ලක්වී සිටින 34 හැවිරිදි ඩෙබී ට යළිත් ක්‍රීඩිකාවක ලෙස ඔලිම්පික් පදක්කමේ සිහිනය යථාර්තයක් කර ගැනීමට හැකි වෙනු ඇතැයි සිතිය නොහැක්කේ ඇයගේ වියපත් බව නිසාය.කෙසේ හෝ සිද්ධියෙන් කම්පනයට පත් වුව ද ඇය ප්‍රකාශ කර ඇත්තේ තමා සහභාගි නොවුන ද ඇමෙරිකානු මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමට ජයග්‍රහණය සදහා සුභ පතන බවය.
www.supirikrida.com

සේනානායකයේ පාසල් වොලිබෝලයේ නායකත්වය යළිත් සනාත වන ලකුණු


මෑත ඉතිහාසයේ ලාංකේය වොලිබෝලයේ පුනර්ජීවය වෙනුවෙන් චාල්ස් තිලකරත්න නම් අපූරු පුහුණුකරු සහ මාදම්ප සේනානායකය කරන ලද අති මහත් දායකත්වය තවත් පියවරක් ඉදිරියට ගෙන යෑමට සූදානම් බව පසක් කරන බවක් මේ වසරේ ඩීඑස්අයි පාසල් වොලිබෝල් අවසාන තරග සදහා තේරී ඇති කණ්ඩායම් දෙස බැලීමේදී තේරුම් ගැනීම අපහසු නැත.බොහෝ වසර වල මෙන්ම මේ වසරේද තේරී පත් වී සිටින පාසල් කණ්ඩායම් දෙස නිරීක්ෂණයේ දී මාදම්ප සේනානායකය බාලක අවුරුදු 14 න් පහළ,16 න් පහළ සහ 18 න් පහළ යන අවසාන තරග තුන සදහාම තේරී තිබීම විශේෂත්වයකි.
අවුරුදු 14 න් පහළ බාලක තරගයේදී සේනානායකයේ ප්‍රතිවාදීන් වන්නේ සීදුව දවිසමර විද්‍යාලය වන අතර අවුරුදු 16 න් පහළ තරගයේදී සේනානායකයේ ප්‍රතිවාදීන් වන්නේ වෙන්නප්පුව ජෝෂප්වාස විදුහලයි.අවරුදු 18 න් පහළ වොලිබොල් බාලක තරගයේදී එකට හමු වන්නේ සේනානයකය සහ නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල යි.එම වයස් කාණ්ඩයේ මිනි වොලිබෝල් තරගයේ අවසාන තරගයට හුංගම විජයබා විද්‍යාලය සහ ගලපිටමඩ වලගම්බා විද්‍යාලය සුදුසුකම් ලබා ති‍බෙනවා.
සේනානායකය හැරුණු විට බාලිකා අංශයේදී අවසාන තරග වලට පිවිසි කණ්ඩායම් දෙකක් දකින්නට ලැබෙනවා.ඒ පුවරසංකුලම විදුහලයි.අනුරාධපුරය නියෝජනය කරමින් පැමිණෙන මෙම විදුහලට අවුරුදු 12 න් පහළ බාලිකා අවසාන තරගයේදී හමුවන්නේ රක්වාන රත්නාලෝක විද්‍යාලය වන අතර ඔවුන් මෙම අවසාන තරගයට අලුත් වුව ද දිගින් දිගටම බාලිකා මිනි වොලිබෝල් සූරතාවයට වග කියූ කැන්දපොළ විද්‍යාලය ට මග පෙන් වූ පුස්සැල්ලේ පඤ්ඤාසේකර හිමියන් ගේ මග පෙන්වීමෙන් වීම පුවරසංකුලම පුංචි දැරියන්ට අපහසුතාවයක් දනවනවාට සැක නැහැ.
පුවරසංකුලම විද්‍යාලයට අවුරුදු 14 න් පහළ අවසාන තරගයේදී හමු වන්නේ ගලිගමුව කොබ්බෑකඩුව කීර්තිරත්න විද්‍යාලය වන අතර මෙවර සබරගමුවේ දක්ෂතා වල කැපී පෙනීම සහතික කිරීමටත් එය කදිම උදාහරණයක් ලෙස දැක්විය හැකියි. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් අවසාන තරගයට පැමිණ තිබෙන කීර්තිරත්න විද්‍යාලය මෙන්ම රක්වාන රත්නාලෝක සහ ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය ද ගත් විට සබරගමුවේ අවසාන තරග නියෝජනය කරන කණ්ඩායම් ප්‍රමාණය තුනක් වෙනවා.නමුත් වයඹ තව දුරටත් තරගාවලියේ වොලිබෝල් ආධිපත්‍යයේ හිමිකරුවන් ලෙස වැජඹෙන අතර සේනානායකයට අමතරව, ධම්මිස්සර,තොඩුවාව ශාන්ත අන්තෝනි,වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය සහ ආනමුඩුව මධ්‍ය මහා විද්‍යාලය ආදී කණ්ඩායම් සියල්ලම වයඹට අයත් පාසල් කණ්ඩායම් වෙනවා.
බාලිකා අවුරුදු 16 න් පහළ බාලිකා තරගාවලියේ අවසාන තරගයට ඇහැළියගොඩ ධර්මපාල විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාල පිවිස සිටින අතර අවුරුදු 18 න් පහළ බාලිකා අවසාන තරගයට පිවිසෙන්නේ තොඩුවාව ශාන්ත අන්තෝනි විදුහල සහ ආනමඩුව මධ්‍ය මහා විදුහල යන කණ්ඩායම්ය. 

ස්ටෙෆ්සින්ගේ කැපිල්ලට ජාතිවාදී මුහුණුවරක්

ස්ට්‍රේලියානු මීටර් 400 ධාවන සූර ජෝන් ස්ටෙෆ්සින්‍ වෙනුවට 19 හැවිරිදි මෙවර බාසිලෝනි ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ තෙවැනියා වූ ස්ටීව් සොලමන් ඇතුළත් කිරීම වර්ගවාදී තීරණයක් බව පෙන්වීමට ජොන් ස්ටෙෆ්සින් උත්සාහ කරන බවට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේම ක්‍රීඩකයන් චෝදනා කරමින් සිටියි.ඕස්ට්‍රේලියානු මුල් ජාතිය ලෙස ගැනෙන ඇබෝර්ජින් ග්‍රෝත්‍රයට අයත් ස්ටෙෆ්සින් මේ තත්ත්වය මත තමන්ට අසාධාරණයක් වූ බව ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරමින් ඕස්ට්‍රේලියානු 4 x 400 සහය දිවීමේ කණ්ඩායමෙන් ද ඉවත්වන බවට අනතුරු අගවා ඇත.
ස්ටෙෆ්සින් එම තේරීම් සම්බන්ධයෙන් කිසිදු නීතයාණුකූල බවක් නැති බවට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව පතුරු ගසමින් සිටින අතර ඔවුන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ තවමත් 19 හැවිරිදි ස්ටීව් සොලමොන් අනාගතයේ ලොව අංක එකේ මීටර් 400 ධාවකයා ලෙස ඕස්ට්‍රේලියාවට කීර්තායක් අත්කර දිය හැකි ධාවකයෙකු බැවින් ඔහුට මෙම අවස්ථාවට අමතරව තවත් අවස්ථාවන් ලබා දීම යුතුකම බවයි.කෙසේ හෝ මේ තත්ත්වය මත ඕස්ට්‍රේලියානු 4 x 400  කණ්ඩායම ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ධාවනයේ යෙදීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.
www.supirikrida.com

Jul 17, 2012

ඔලිම්පික් ගඹ්මානයට උපත් පාලන කොපු ලක්ෂයක්

න්ඩන් ඔලිම්පික් ගම්මානයට උපත් පාලන කොපු ලක්ෂයක් පමණ අවශ්‍යය වනු ඇතැයි ඇතැම් ජනමාධ්‍ය කරන ලද සමීක්ෂන වලින් හෙළි වී තිබෙන බව වාර්තා වෙනවා.මේ වන විට 70000 ක් පමණ ගෙන්විමටත් අනතුරුව අවශ්‍යය වුවහොත් තවත් 20000 ක් ඇණවුමක් කර තිබෙන බවත් පෙන්වා දෙන එම වාර්තා අඩුම තරමේ ලක්ෂයක් පමණ වැය වෙනු ඇති බව පෙන්වා දෙන්නේ ඇතැම් ක්‍රීඩක අදහස් ද සැළකිල්ලට ගනිමින් විම විශේෂත්වයක් වෙනවා.

කාමුක උත්සව සිරියක් ගන්නා ලෙස මෙම ඔලිම්පික් ගම්මානයට එවැනි අවශ්‍යයතා සපුරා ගැනීම සදහා විශේෂ ස්ථාන ඇතුලත් වී ඇති බව ද එම වාර්තා පැහැදිළි කරනවා.එසේම දහසක් පමණ කාන්තාවන් මෙම ගණිකාවන් ලෙස වෙනත් විශාල ජාවාරම්වල හවුල්කාරයන් වී සිටීම පිළිබදවද එංගලන්ත රජයේ අවධානය යොමු වී තිබෙන බවත් එම සිදුවීම් වල පසුබිමෙන් වාර්තා වෙනවා.විශේෂයෙන් නැගෙනහිර ආසියානු සහ අප්‍රිකානු හොර ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා ඇති මෙම පිරිස නිසා ඔලිම්පික් නියෝජනයට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබදව මෙන්ම නිලධාරීන්,ජනමාධ්‍යවේදීන් සහ ප්‍රේක්ෂකයන් ඇතුළු සියල්ලන්ගේ ආරක්ෂාව පිළිබදව අවධානය යොමු කරන්නටත් එංගලන්ත පොලිසියට සිදු වී තිබෙනවා.

මේ තත්ත්වය මත වාරණ දැමීමෙන් වැළක්වීමට ගත හැකි ක්‍රියාමාර්ග ඉක්මවා ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාවලියක් ලෙස උපත් පාලන කොපු වැඩි පුර නිකුත් කිරීම පිළිබදව අවධානය යොමු කිරීම වඩාත් යෝග්‍ය බව ද ඇතැම්  අය පෙන්වා දෙනවා.දැනටමත් අන්තර්ජාලය හරහා ද ඉහළ කම්සැප ලබා ගත හැකි ස්ථාන පිළිබදව ප්‍රවෘත්ති වාර්තා වීමට සහ තොරතුරු ලබා දීමට කටයුතු යෙදෙමින් පවතින නිසා ඉහත ආරක්ෂක ක්‍රමවේදය වඩාත් වැදගත් විය හැකි බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබෙනවා.

ඉන්දියාවට එරෙහිව තුන් ඉරියව් ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක්

න්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පැවත්වෙන එක්දින තරග පහ සදහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ වැඩි ඉඩක් තුන් ඉරියව් ක්‍රීඩකයන්ට ලබා දෙන්නට කටයුතු කර තිබෙන බවක් පෙනෙන්නට ඇත.මෑත ඉතිහාසයේ දග පන්දු යවන්නෙකු ලෙස යොදවා නොගන්නා පන්දුවෙන් තරග දිනවිය හැකි ක්‍රීඩකයෙකු බව ඔප්පු කර තිබෙන ටීඑම් ඩිල්ෂාන් ද ඇතුළුව මෙම සංචිතයේ ඇන්ජලෝ මැතිව්ස්,ජීවන් මෙණ්ඩිස්,තිසර පෙරේරා,මෙන්ම තුන් ඉරියව් දක්ෂතා ඇති ක්‍රීඩකයන් ලෙස මෑත කාලයේ අවධානයට පාත්‍ර වූ නුවන් කුලසේකර,සචිත්‍ර සේනානායක සහ ඉසුරු උදාන ද මෙම සංචිතයට ඇතුළත් වෙති.

රංගන හේරත්,සචිත්‍ර සේනානායක,ජීවන් මෙණ්ඩිස් යන දග පන්දු යවන්නන් තිදෙනාම මෙම සංචිතයට කැදවා ඇති අතර ඉකුත් පකිස්තානු සංචාරයේදී අවස්ථාවක් ලද සජීව වීරකෝන් මෙම සංචිතයේ දකින්නට නැත.නුවන් කුලසේකර,ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතිව්ස්,තිසර පෙරේරා සහ ඉසුරු උදාන මෙම කණ්ඩායම් සංයුතියට අයත් වේග පන්දු යවන්නෝ වෙති.පහත දැක්වෙන්නේ තරගාවලිය සදහා නම් කර ඇති සම්පූර්ණ කණ්ඩායම ය.මහේල ජයවර්ධන,ඇන්ජලෝ මැතිව්ස්,ටීඑම් ඩිල්ෂාන්,කුමාර සංගක්කාර,උපුල් තරංග,දිනේෂ් චන්දිමාල්,ලහිරු තිරිමාන්න,තිසර පෙරේරා,නුවන් කුලසේකර,ලසිත් මාලිංග,චාමර කපුගෙදර,රංගන හේරත්,සචිත්‍ර සේනානායක,ජීවන් මෙණ්ඩිස්,සහ ඉසුරු උදාන


හැව්ලොක්ස් පහළට,නාවික ඉහළට නුවර එතැනම

යලොග් අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක ප්‍රථම පෙළ රගර් තරගාවලියේ හයවන සතිය නිමා වන විට සති පහක්ම පෙරමුණේ සිටි හැව්ලොක්ස් කණ්ඩායම දෙවන තැනට ඇද දමමින් දෙවන තැන සිටි නාවික හමුදාව ප්‍රථම ස්ථානයට පත්වීම කැපී පෙණින.මහනුවර ක්‍රීඩා සමාජය තෙවන ස්ථානය තව දුරටත් රැක ගෙන සිටින අතර හයවන සතිය නිමාවන විට හැව්ලොක්ස් කණ්ඩායමට වඩා එක තරගයක් අඩුවෙන් ක්‍රීඩා කර තිබෙන මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ද නාවික හමුදාව සමග අපරාජිතව සිටියි.
ඉකුත් සතියේ ලකුණු සටහනේ ඉහළ නැගීමක් පෙන්නුම් කළේ නාවික හමුදාව,පොලිසිය සහ කදුරට සිංහ කණ්ඩායම් පමණක් වන අතර හැව්ලොක්,යුධ හමුදා සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් වල පලකුණු සටහනේ පහළ බැසීමක් පෙන්නුම් කළේය.පහත දැක්වෙන්නේ සති හයක් ගෙවෙන විට තරගාවලියේ ලකුණු සටහන ය.



Position Teams P W D L T C P DG PF PA PD BP Total
  Position Change? Points
1 Navy SC 6 6 0 0 32 20 5 4 227 84 143 5 35
2 Havelock SC 5 5 0 0 30 16 4 0 194 57 137 4 29
3 Kandy SC 5 5 0 0 19 5 9 0 132 30 102 3 28
4 Police SC 6 3 0 3 11 6 10 1 100 139 -39 1 16
5 Army SC 6 1 0 5 18 7 8 0 128 112 16 7 12
6 U.C. Lions 5 2 0 3 13 4 7 0 94 103 -9 2 12
7 CR & FC 5 2 0 3 15 11 7 0 118 179 -61 1 11
8 Air Force SC 5 0 0 5 8 3 5 1 64 246 -182 1 1
9 CH & FC 5 0 0 5 5 3 8 1 58 165 -107 0 0
www.supirikrida.com

Jul 16, 2012

ලයන් වොරියර් කොළඹ දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල 22 දා

ලාංකේය ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් වර්ධනයට අවශ්‍යය ශාරිරික හැඩය පෝෂණය කිරීමෙහි ලා කැප වෙන ලයන් වොරියර් වැඩ සටහන ට සමගාමීව කොළඹ දිස්ත්‍රික් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කරනු පිණිස පවත්වන්නට යෙදෙන ලයන් වොරියර් කොළඹ දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල ජූලි 22 දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පවත් වන්නට කටයුතු යොදා ඇත.මේ වන විටත් ශාරීරික වර්ධනය සහ පෝෂණය සහ ක්‍රීඩා ඇදුම් ආදී ක්‍රීඩාවට අත්‍යවශ්‍ය අංග ගණනාවක් ආවරණය වන පරිදි  මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, කායවර්ධන, රගර්, වොලිබෝල්, ටෙනිස්,පිහිණුම් සහ ජූඩෝ වැනි ක්‍රීඩාවන් හී නියැලෙන ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 පමණට සිය අනුග්‍රාහකත්වයේ දෑත දිගු කර ඇති ලයන් වොරියර් මෙම ක්‍රීඩා උළෙල ආශ්‍රිතව රටේ මලල ක්‍රීඩාවේ නැවුම් ප්‍රමෝධයක් ඇති කිරීම කෙරෙහි සිය අවධානය යොමු තරමින් යහපත් ප්‍රවේශයක් ලබා ගැනීම අපේක්ෂා කරන්නේය.

තරගාවලියේ ජාතික වාර්තාලාභීන්ට මුදල් ත්‍යාග පිරිනැමෙන අතර ඒ සදහා ජාතික මට්ටමේ පරිසාධන මට්ටම් සැකසීමටත්ඒවා ඒ,බී සහ සී ලෙස වර්ගීකරණය කර රුපියල් 100000,50000,සහ 25000 ලෙස මුදල් ත්‍යාග පිරී නැමීමටත් කටයුතු යොදා ඇත.සෑම තරගයකම හොදම අටදෙනා වෙත සහතික පිරිනැමීම මෙන්ම ප්‍රථම තිදෙනාට සහතික සහ පදක්කම් පිරිනැමීමටද කටයුතු යොදා ඇත.

තරගාවලියේ හොදම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනා තෝරා ඔවුන්ට ලයන් වොරියර් අනුග්‍රාහකත්වය පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර,කොළම දිස්ත්‍රික්කයේ එකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සළකා බලා තෝරා ගන්නා පස් දෙනෙකුට සිය ශක්ති වර්ධන සහ කායවර්ධන කටයුතු සදහා පවර් වර්ල්ඩ් ආයතනයෙන් මසකට රුපියල් 15000 ක් වටිනා සාමාජිකත්වයක් වර්ෂයක කාලයකට ප්‍රදානය කෙරෙනු ඇත.

ඒ වගේම ඉහළ දක්ෂතා දක්වන පුහුණුකරුවන් අට දෙනෙකුට විශේෂ ත්‍යාග හිමිවන අතර තරගාවලියේ අයදුම්පත් කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා නිලධාරීන් හරහා ලබා ගැනීමට අවශ්‍යය පහසුකම් සළසා ඇති අතර අවශ්‍යය අය සදහා www.supirikrida.com වෙබ් අඩවියෙන් ද අයදුම්පත්‍රය ලබා ගැනීමට පහසුකම් සළසා ඇත.

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ශුද්ධ වූ හැකියාව කැපී පෙනෙයි

ශුද්ධ වූ හැකියාවෙන් පොහොසත් වූ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවෝ දිනූ ජය සංඛේත සමග
අවුරුදු 14 න් පහළ සූරතාවය දිනූ ශද්ධ වූ පවුලේ ඒ කණ්ඩායම

මෑත කාලින පාසල් දැල් පන්දුවේ රැජිණන් ලෙස කිරුළු පැළද සිටින කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ඒ බව වඩාත් හොදින් තහවුරු කරමින් නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවති YES සහ සිසු උදාන දැල් පන්දු තරගාවලියේ කැපී පෙණුනම පාසල බවට පත්විය.මහජන බැංකුව ශ්‍රී ලංකා දැල් පන්දුවේ අන්‍රග්‍රාහකත්වයට සම්ප්‍රාප්ත වීමෙන් ඉනික්බිති පැවති ‍පළමු තරගාවලිය වූ මෙහිදී ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම විද්‍යාලීය පුහුණුකාරිණිය වූ අමල්කා ගුණතිලක සිය සැමියා වන වර්ථමාන කාන්තා ජාතික වොලිබෝල් පුහුණුකරු ආනන්ද වන්නිතිලක සමග එක්ව අවරුදු 14 න් පහළ සිසු උදාන තරගාවලියේ සූරතාවය ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාම ඒ කණ්ඩායමටත් එම වයස් ඛාණ්ඩයේ අනු සූරතාවය එම විද්‍යාලීය බී කණ්ඩායමටත් හිමිකර දෙන්නට සමත් වීම කැපී පෙණින.

ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම
ඉන් නොනැවතුණු එම දෙපළ අවුරුදු 21 න් පහළ  YES තරගාවලියේ තෙවන ස්ථානය සහ සිව්වන ස්ථානයට එම විද්‍යාලීය ඒ සහ බී කණ්ඩායම් ගෙන එද්දී එම වයස් ඛාණ්ඩයේසූරතාවය දිනූ මෙවර ඕස්ට්‍රේලියාවේ පැවත් වු චැටර්ලි ජාත්‍යන්තර පාසල් වොලිබෝල් තරගාවලියේ රතු අංශයේ සූරියන් වෙමින්  එම තරගාවලි ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව ලද විශාලතම ජයග්‍රහණය අත්කර දුන් ශ්‍රී ලංකා පාසල් දැල් පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය වූයේ ද අමල්කා යි.
මේ තත්ත්වය තව දුරටත් කැපී පෙනෙන්නට තිබුණු YES අවසාන තරගයක් තරග සංවිධාන කමිටුව තරග කාල සටහන පිළිබදව නිසි අදහසක් දක්වන්නට අපොහොසත් වූ අවසාන පූර්ව තරගයක් ලෙස ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම සහ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ  කණ්ඩායම අතර පැවත්වීමෙන් වැළකී ගිය අතර එහි දී ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම ජය ගත්තේ  ලකුණු 23/21 ලෙස ඉතා තියුණු තරගයකින් අනතුරුවය.එහි දෙවන අවසාන පූර්ව තරගයට පිවිසි යාපනය යුනියන් විද්‍යාලය සහ ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාම බී කණ්ඩායම අතර තරගයේදී ද ශුද්ධ වූ පවුලේ බී ක්‍රීඩිකාවන් පරාජයට පත් වූයේ 24 / 23 ක් ලෙසය.මේ නිසා අවසාන තරගය ඒක පාර්ශවික මුහුණුවරක් ගත් අතර තරගය නිමා වෙද්දී යාපනය යුනියන් විද්‍යාලය ලබා සිටියේ ලකුණු 11 ක් පමණි.ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම ලකුණු 40 ක් ලබා සිටියේය.
යාපනය කණ්ඩායමක් අවසාන තරගයට පිවිසීමෙන් යාපනයේ ක්‍රීඩාවේ වර්ධනය පෙන්වීමේ දේශපාලන න්‍යාය පත්‍රයකට අදාළ සිතුවිල්ලකින් එය ක්‍රියාත්මක වූයේ නම් කා තුළ වුව තිබිය හැක්කේ සිය පෞද්ගලිකත්වය වටා රැස් වළල්ලක් පළදවා ගැනීමේ අවශ්‍යයතාවය පමණක් විය යුතුය.එය මෝරා ගිය ප්‍රායෝගික වූ දේශපාලනික හෝ ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිළිබද හැගීමක් නොවන බව කිව යුතුය.
යාපනයේ දෙමළ ජනතාව අහිමි දෙයක් ඉල්ලා සිටීමට වඩා සටන් කළේ අයිති දේ නොලැබීමට විරුද්ධව බව යුද්ධය නිමා වී පශ්චාත් යුධ තත්ත්වයට පැමිණි විට එහි මූල බීජ ස්පර්ශ කරන අය සෘජුව නොකීවාට වහෙන් ඔරෝ හෝ පිළිගත යුතු තත්ත්වයට පැමිණ සිටින බව සියළු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් තුළ පැහැදිළිව දැකීමට හැකිය.එවැනි තත්ත්වයක් තුළ ඔවුන් ට අවශ්‍යය සහය ලබා දී ඔවුන් පිළිබද නිවැරදි තක්සේරුවක් ලබා ගැනීමට සහ සම පිලිගැනීමක් ලබා දීම හැරෙන්නට අගතියට පත් පාර්ශවයක් ලෙස සළකා විශේෂ ප්‍රචාරණ ආකර්ශණයක් ලබා දීමට සහ එයින් වෙනත් වාසි අත් කර ගැනීමට වෙහෙස දැරීම තුළ සිදු වන්නේ ඔවුන් තව දුරටත් දෙවන පංතියේ තබා ඔවුන්ව අගතියට භාජනය කිරීම පමණක් බව  දැල්පන්දු ක්‍රීඩාවේදී පමණක් නොව සියළු ක්‍රීඩාවන් හී දී නිශ්චය කර ගත යුතුය.එසේ නොවන අවස්ථාවකදී ඇති විය හැකි එකම දෙය මේ තරගයේදී ද දැක ගන්නට ලැබුණු අතර අවසාන තරගය බලා සිටි බොහෝ පිරිසට යාපනයේ ක්‍රීඩිකාවන් පිළිබදව ඇති විය යුතු ඇගයීමේ සංකල්පය වෙනුවට ඇති වූයේ 'අනේ අපොයි පව්' වැනි හැගීමක් වූ අතර ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමේ තරග රටාව තුළ යාපනය ක්‍රීඩිකාවන්ට ද වැඩි වේලාවක් තරගය නරඹන්නන් ලෙස කටයුතු කරන්නට සිදුවීම තුළින් ඔවුන් තුළ ඇති වූ ආත්මීය බිද වැටීම සහ අපේක්ෂා භංගත්වයත්,තමන් සහ දකුණ අතර ඇති දුරස්තතාවය පිළිබද හැගීමත් පශ්චාත් යුධ සමය තුළ නැගෙමින් සිටින ඊ ළග පරම්පරාව තුළ රෝපනය නොවිය යුතු තත්ත්වයක් බව සුපිරික්‍රීඩා විශ්වාස කරයි.
කෙසේ වුව ද දැල් පන්දු අතුරු කමිටුව මහජන බැංකුවේ ආධාරය ඇතිව සංවිධානය කරන්නට යෙදුණ මෙම තරගාවලිය මහජන බැංකුව දිනූ ජන හදට හොද ආයෝජනයක් වීමට අවශ්‍යය වට පිටාව සකස් කළ බව නොකියාම බැරිය.නමුත් මෙම තරග වල දී පැහැදිළිව දර්ශනය වූ කරුණු ගණනාවක් නිරීක්ෂණය කිරීමේදී තරගයේ වේගයට අනුව ක්‍රියා කළ හැකි විනිසුරුවන් ප්‍රමාණයේ හිග බවක් දකින්නට තිබුණු බව පැහැදිළි විය.එවැනි බරපතළ සිදුවීම් ඇති නොවූ තත්ත්වයක් තුළ එම අදහස අසුභවාදී ලෙස භාර ගැනීමට සහ සෘන අදහස් පමණක් වැගිරීමක් ලෙස ගැනීම පරිපාලනයේ බුද්ධියට පැවරෙන අතර එය භාර ගන්නා ස්වභාවය අනුව ඉදිරියේදී විනිශ්චය සම්බන්ධයෙන් විහාල ගැටළු ඇති වීම හෝ ඇති වීමට ඇති ඉඩ නවතා ගැනීම යන කාරණා දෙකෙන් එකක් සිදු විය හැකි බව පමණක් අපි මතක් කර දෙන්නෙමු.
විශාල ඓතිහාසික ආයෝජනයක් සමග පැමිණ සිටින මහජන බැංකුව මේ ක්‍රීඩාව හරහා ආකර්ශනීය කිරීමේ වගකීම දැල් පන්දු පරිපාලනය ශුද්ධ වූ අයිතියක් ලෙස භාර ගත යුතු අතර ඊ ළග වසරේ මේ තත්ත්වය තව දුරටත් වර්ධනය කර ගැනීම සහ තවත් උප අනුග්‍රාහක ආයතන හරහා දැල් පන්දුවට විශේෂිත වූ අනුශාංගික කාරණා වර්ධනය කර ගැනීමටත් ඇති හැකියාව පිළිබදව අවබෝධයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් ය.ඒ නිසා මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමේ දී එහි පළමු අංකයේ සිට අවසාන අංකය දක්වා වන සැම සංවිධාන කටයුත්තකම පෙළ ගැස්ම දැල් පන්දුම විය යුතුය.ඒ පෙළ ගැස්ම පෙළින් පෙළට සාක්ෂාත් කර ගැනීමට කැප වෙන පිරිස ගේ හද ගැස්ම තුළ ද ඒ අවබෝධය,හැගීම සහ උවමනාව තිබීම ඉතා වැදගත්ය.
විශේෂයෙන් තමාරා ධර්මකීර්ති යනු ක්‍රීඩා පරිපාලනයේ ජාතික රාමුව බිද දමා ඉන් ඉදිරියට පියවරක් තැබූ අයෙක් වීම තුළ ලැබෙන ප්‍රතිරූපය ඇයට තනිව රැක ගැනීමට නොහැකිය.එය ඇය මෙන්ම ඇය වටා පොදු බැද සිටින සියල්ලෝද දත යුතුය.ඊ ළග පියවරේ දී ඇයගේ ප්‍රතිරූපය පෝෂනය වන්නේ දැල් පන්දුවේ පෝෂණයට සාපේක්ෂව බව තෙරුම් ගත යුතු අතර ඇතැම් විට ක්‍රියාකාරීත්වයන් අනුව එයද කූ පෝෂණ තත්ත්වයන්ටද මුහුණ දිය හැකිය.ඒ නිසා ඉදිරිය ඉතා වැදගත් අතර පසුපස බැලීම මේ මොහොතේ වටින්නේ අතපසු වූ දේ දැක ඉගෙන ගන්නට මිස යට ගියාවේ අමිහරි අතුදැකිම් සමග තව දුරටත් පොර බදිමින් සිටින්නට නොවන බව කිව යුතුය.දක්ෂයා නිවැරදිව තොරා ගැනීමට දක්ෂකමම පමණක් සළකා බැලීම වටිනා බව මේ ගමනේ පූර්වාදර්ශ පාඨය විය යුතු අතර ලංකාවේ කණ්ඩායම් ක්‍රීඩාවක් ලෙස ජාත්‍යන්තර තලයට යා හැකි ලෙස හදුනා ගෙන තිබෙන ප්‍රබලතම කාන්තා ක්‍රීඩාව ලෙස දැල් පන්දු ක්‍රීඩාවට රැදී සිටීමට වාරු විය හැක්කේ එයට පමණි.
YES සහ සිසු උදාන තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නාවලපිටිය නගරාධිපති නිශාන්ත රණසිංහ සහභාගි වූ අතර ක්‍රීඩා අමාත්‍යංශය නියෝජනය කරමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි සහභාගි වූවාය.මහජන බැංකුව නියෝජනය කරමින් එහි වෙළද සහ මහජන සම්බන්ධතා අංශයේ ප්‍රධානි දීපාල් අබේසේකර ඇතුළු විධායක මට්ටමේ නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
එහිදී විහේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරීමක් සිදු වූ අතර YES තරගාවලියේ දක්ෂතා සැළකිල්ලට ගෙන තරගාවලියේ දැල්පන්දු රැජිණ ලෙස අභිෂේක ලැබුවේ ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු කණ්ඩායමේ උප නායිකා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ගිම්හානි ගයාංජලී අමරවංශ ය.YES කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ශ්‍රී ලංකා පාසල් දැල් පන්දු කණ්ඩායම  නියෝජනය කළ මාතර සුජාති බාලිකාවේ දුමිදුනී යශෝධා ය.දක්ෂතම විදින්නිය වූයේ එම කණ්ඩායමට කළුතර බාලිකා විද්‍යාලයෙන් සම්බන්ධ වි සිටින ඉනෙරා ජයසුන්දර ය.YES කාණ්ඩයේ දක්ෂතම රකින්නිය ලෙස ශිවලිංගම් කීර්තිකා සම්මානනීය වූ අතර ඇය යාපනය යුනියන් විදයාලයේ ක්‍රීඩිකාවකි.දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස ඇගයීමට පාත්‍ර වූයේ කුරුණැගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ තිළිණි ශෂිකලා ය.
අවුරුදු 14 න් පහළ සිසු උදාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ අරීනා තිළිණි කුමාරගේ තේරී පත් වූ අතර සිසු උදාන තරගාවලියේ දක්ෂතම රකින්නිය වූයේ ද එම විද්‍යාලයේ සදුනි සාඛ්‍යා ය.එම විද්‍යාලයේම පියුමි ඒකනායක දක්ෂතම විදින්නිය වූ අතර සිසු උදාන තරගාවලියේ තෙවන ස්ථානය දිනූ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ ජේඑම්ඒඑස් ජයසුන්දර දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව වූ අතර තරගාවලියේ සිව්වන ස්ථානය දිනූ අවසාන පූර්ව තරග සදහා සුදුසුකම් ලැබූ බස්නාහිර පළාතේ එකම පාසල වූ කිරිබත්ගොඩ විහාරදේවී බාලිකා විද්‍යාලයේ කවීනා ප්‍රභාෂි පිට පළාත් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස  තේරී පත් විය.
www.supirikrida.com