Aug 30, 2013

සංගාට ඉන්දියාවේ සල්ලි වෙනුවට ලංකාවෙන් කළකිරීම

කුමාර සංගක්කාර චැම්පියන් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා 20 /20 සූරයන් ලෙස සහභාගි වන කදුරට කණ්ඩායම නියෝජනය කරන බව පැවසීය.ඒ ඊයේ දිනයේදීය.නමුත් සංගාට එම තීරණයට ඒමට කාලයක් ගත වූයේ අයිපීඑල් කොන්දේසි හේතුවෙන්ය.එම කොන්දේසි සදහා සංගා පමණක් සෘජුව සම්බන්ධ නැති අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය හරහා ක්‍රියාවට නැගුණු ගිවිසුමකි.
රටේ ඇති වී තිබෙන ඛේදණිය වාතාවරණය තුළ මිනිසුන් මානසික වශයෙන් පිරිහෙමින් පවතින බවක් දැකිය හැකි අතර යමක තියෙන නීත්‍යානුකූල තත්ත්වයන්ට වඩා ජාතිවාදි වී ගැටළු දෙස බැලීම බරපතල තත්ත්වයක් බවට පත් වි ඇත.සංගාද ඒ ඒ බරපතල අගාධයට දමා පහර දෙන්නට හැර බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ද සංගා අයිපීඑල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළහොත් තමන්ට ලැබෙන ඩොලර් මල්ල ගැන ගිවිසුම් ප්‍රකාරව කිසිවක් සදහන් නොකරමින් ජාතිවාදි බලමුළු වලට සංගාව ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගසන්නට දී බලා සිටියේය.
නමුත් ශ්‍රී ලංකා‍ ක්‍රිකට් සමග කොන්ත්‍රාත් ගිවිසමුකින් බැදී සිටින ක්‍රීඩකයාගේ පරිපාලන ක්‍රියාවලියේ බලධාරියා වන ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු කොට තම ක්‍රීඩකයා සමග සාකච්ඡා කොට අයිපීඑල් කණ්ඩායම දැනුවත් කර සිය ගිවිසුම් මුදල අවශ්‍යය නොවන බවට දැනුවත් කර සංගාට ද කළ යුතු දේ පිලිබද උපදෙසක් ලබා දුන්නේ නම් මේ තත්ත්වය ඇති වන්නේ නැත.නමුත් සිදු වූයේ වෙනකක්ය.ශ්‍රී ලංකා ක්‍රිකට් හී ආශිර්වාදය ද ලබමින් ක්‍රීඩකයා පතුරු ගැසීමට ජාතිවාදී ප්‍රකාශ වලට වේදිකාවක් තනා දීමය.
ක්‍රිකට් ක්‍රීඩකයෝ අසීමිතව උපයන බව හෝ ඒ ඉපැයීමෙන් කොටසක් ජාතිකමය වශයෙන් රටේ අසරණ ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් වැය කිරීමට ප්‍රමාණාත්මකව මැදිහත් වන්නේද යන ගැටළුව සංගාට සීමා නොවුණු සමස්ත ක්‍රිකට් ප්‍රජාව කෙරෙහිම බැදුණු එකකි.එහෙත් ක්‍රීඩකයා අයිපීඑල් ද කදුරට ද කියන කාරණය තීරණය කිරීමට ඇති නීතිමය වට පිටාව තේරුම් නොගෙන හෝ ඒ යථාර්ථයෙන් බැහැරව ගැලරියට දමා ක්‍රීඩකයාට පහර දීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලැජ්ජා විය යුතුය.
රට වෙනුවෙන් අප්‍රමාන වෙහෛසක් දරා ඇති ශ්‍රී ලංකාව මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද අන්තර්ජාතික වශයයෙන් කීර්තිමත් තැනකට තල්ලු කිරීමට සංගක්කාර දක්වා ඇති දායකත්වය සුළු පටු නොවන බව අමතක කරන්නට නොහැකිය.ඒ නිසා නීතිමය රාමුවේ සිට සංගාගේ ගැටළුව දිහා නොබලන්නට තරම් ග්‍රෝත්‍රික මානසික මට්ටමකට වැටි පිරිස සම්බන්ධයෙන් මෙන්ම ඒ සදහා පිණුම් ගැසීමට පිට්ටනිය සාදා බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ද අපට ඇත්තේ කණගාටුවක්ය.
www.supirikrida.com

MAS පවුලට ක්ලිෆර්ඩ් දේපළ පැවරෙයි


ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි සූරතාව ස්ලිම්ලයින් ඒ ක්‍රීඩා සමාජයත් කාන්තා සූරතාවය සදර්න් ඒ ක්‍රීඩා සමාජයත් හිමි කර ගත්තේ මෙවර කිල්ෆර්ඩ් පිරිමි සහ කාන්තා සූරතා ද්විත්වයම මාස් පවුල සතු කර ගනිමින්ය.ජාත්‍යන්තර තරග නීති වල උපරිම වයස් ඛාණ්ඩය අවුරුදු 40 වන තෙක් ඉහළ දැමීම නිසා වසර ගණනකට පසුව 1998 බීජිං ඔලිම්පික් නියෝජනයට සුදුසුකම් ලැබූ අනුරුද්ධ රත්නායක ද තරග බිමට පිටියට පිවිස සිටිනු දකින්නට ලැබීම මෙහි විශේෂ සිදු වීම් අතරට එක් විය.

මෙසේ සහභාගි විය යුතුද නැද්ද යන්න පිළිබදව සදාචාරාත්මකව ගැටළු පැණ නැගුණද,අනුරුද්ධ වසර ගණනකට පසුව සිය බර ඛාණ්ඩයෙන් තරග වැද අවසාන තරගය දක්වා පැමිණිම අගය කළ යුතු අතර නව ප්‍රවනතාවයන් නිර්මාණය වීමේ අඩු ලුහුඩු කම් විදහා දැක්වීමක්ය.නමුතු අවසාන තරගයේදී අනුරුද්ධ,පීඩී සුරේෂ් ඉදිරියේ පරාජය වූ අතර සුරේෂ් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාද විය.සමු ගන්නා බව කී අනූෂා කොඩිතුවක්කු ද නැවත තරග බිමට පිවිස සිටි අතර ඇය සිය බර පංතිය පහසුවෙන් ජය ගත්තේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ද වෙමින්ය.දක්ෂතම පිරිමි පරාජිතයා වූයේ දමිත් විජේරත්නය.ඔහු ද ස්ලිම් ලයින් නියෝජනය කළ ක්‍රීඩකයෙකි.කෝසලා නිල්මිණි දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූවාය.පිරිමි අංශයේ අනු සූරතාවය හිමි වූයේ යුධ හමුදා ක්‍රීඩා සමාජයටය.මෑත කාලයේ විශාල ප්‍රගතියක් පෙනවන නාවික හමුදා ක්‍රිඩා සමාජය තෙවන ස්ථානයට පත් විය.කාන්තා අනු සූරතාවය හිමි වූයේ සදර්න් බී ක්‍රීඩා සමාජයට වූ අතර ශ්‍රී ලංකා පොලීසිය කාන්තා අංශයේ තෙවන තැන හිමි කර ගැනීමට සමත් විය.

Aug 28, 2013

ජාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා නිසරු බිමකට

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් කිරීමට අවශ්‍යය පාරිසරික සාධක වලින් අනූනය.එහි වටපිටාවේ ඇති සෞන්දර්යාත්මක ගුණය ද අපුරුය.මේ නිසාම එම ක්‍රීඩාංගණයේ පහසුකම් ජාත්‍යන්තර තලයට රැගෙන යා යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා අමාත්‍ය අසුනේ ඉද ගැනීමටත් ප්‍රථම ලියා තැබුවේ අප වෙබ් අඩවියය.එය එසේ කළ යුතු බව අමාත්‍යවරයාගේ ප්‍රථම මාධය හමුවෙන්දී ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ද අප වෙබ් අඩවියය.
නමුත් තවමත් එම තත්ත්වය උදා වී නැත.එහි කෘතිම ධාවන පථයක් එලී නැත.එවැනි තත්ත්වයක දී ජාතික තලයේ ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන මලල ක්‍රීඩා උළෙලක් ජයතිලක ක්‍රීඩාංගණයට රැගෙන යාම ක්‍රීඩාවේ ප්‍රගතිය හරස් කර වැට බැදීමක් පමණි.විශේෂයෙන් ලංකාව වඩාති දක්ෂතා දක්වන කෙටි දුර ධාවන ඉසව්වල දී ක්‍රීඩාවේ වර්ධනයක් හෝ ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකිය.අප විශ්වාස කරන්නේ රටේ ඉහළම ක්‍රීඩා තරු එකිනෙකා ගැටෙන මෙවැනි තරගාවලියකදී එම දක්ෂතා දක්වන්නට අවශ්‍යය හොදම බිම එම ක්‍රීඩකයන් වෙනුවෙන් සම්පාදනය කර දීම ජාතික වගකීමක් බවය.
වර්ථමාන ක්‍රීඩා අමාත්‍යවරයා අප වෙබ් අඩවිය දිගින් දිගටම ඉදිරිපත් කරන ලද මෙම යථාර්තයේ පිහිටා කටයුතු කළ ද,මේ වන විට තත්ත්වය අසතුටුදායක ලෙස වෙනස් වී ඇත.එයට හේතුව අමාත්‍යවරයාම පමණක් නොවන බව අප විශ්වාස කරමු.මේ සම්බන්ධයෙන් උපදෙස් දීමට හැකි නිවැරදි දැක්මක් ඇති පිරිසක් අමාත්‍යවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රය පෝෂණය කිරීමට යොදා ගන්නා රැල අතරේ නැත.ජාතික දේශපාලන චරිතයක් වෙනුවට නාවලපිටිය මුද්‍රාවක් හැටියට අමාත්‍යවරයාගේ කාර්ය භාරය ලඝු කරන එම පිරිස රා‍ේ ක්‍රීඩාව ජයග්‍රහණය කර වමින් අමාත්‍යවරයාට ලබා ගත හැකි කීර්තිය සහ පැසසුම වෙනුවට සොයන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වැඩි මනාප ලබා ගැනීමට අමාත්‍යවරයාට මෙන්ම එතුමාගේ දේශපාලන නෑ පරපුරට ඇති ඉඩ-කඩ පුළුල් කරන්නේ කෙසේද යන්නය.
ඒ නිසා ජාතික ක්‍රීඩා උළෙල එම වසරේ මලල ක්‍රීඩාවේ ඉහළම ප්‍රතිපල ‍දුන් උළෙල කර ගැනීමට වඩා මේ මොහොතේ මධ්‍යම පළාත් සභා මැතිවරණයද පැවත්වෙන බැවින් නාවලපිටියට ගොස් මනාප දිනා ගත හැකි ව්‍යාපෘතියක් කිරීමට ක්‍රීඩාව යොදා ගැනීම තරම් තමන්ට වෙන දෙයකින් නොලැබෙන බව මේ නිලධාරිහූ සිතති.ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා‍ සිය දේශපාලන ව්‍යාපෘතියට ක්‍රීඩා උළෙල යොදා ගන්නා තරමටම ඔහු ගේ ආලෝකයෙන් බැබලෙන හෙංචයි නිලධාරි රොත්තට ද මෙම ක්‍රීඩා උළෙල නාවලපිටියට යාම සිය බඩගෝස්තරවාදී හැගුම් වලට අපූරු භෝජනයක්ය.
ක්‍රීඩා අමාත්‍යංශයේ සිටින හෝ සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිටින යස් ස්ර් නිලධාරි සංචිතය ද,මෙම ක්‍රීඩා උළෙල නාවලපිටියට ගෙන යාම වැළක්වීම සදහා හෝ එය සුගතදාස පරිශ්‍රයේ ස්ථාපිත කිරීමෙන් ලැබෙන ප්‍රතිපලය හෝ නොසිතන්නේය. ඔවුන් සිටින්නේ ක්‍රීඩා අමාත්‍යවරයාට අවශ්‍යය පරදි ක්‍රීඩාව මෙහෙයවීමටය.ක්‍රීඩාවට අවශ්‍යය පරිදි ක්‍රීඩාවේ හැඩතල සැකසීමේ ව්‍යාපෘති සකස් කර ඒවා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන්  මෙහෙයවීමට අමාත්‍යවරයාගේ ආශිර්වාදය දිනා ගැනීම සිය කාර්ය ලෙස හදුනාගත් නිලධාරීන් කිසිවෙකුත් එහි දකින්නට නැත.ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා සොයන්නේ අමාත්‍යවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රයේ පෝෂණය වෙනුවෙන් එහෙයි කියන්නට පොටක් පාදා ගන්නටය.ඒ ක්‍රීඩාව ඔවුන් හොදටම කරන්නට දන්නා බව වසර ගණනක සිට පැහිදිළි කර තිබීමේ ප්‍රතිපල නිසා අද ක්‍රීඩාව බරපතල නිද්‍රාවක ඇලී සිටින බව නොරහසකි.
ඒ නිසාම ජාත්‍යන්තර අත්දැකීම් ඇති ප්‍රබල චරිත ක්‍රීඩාවේ පරිපාලන ව්‍යහුයෙන් ඈත් කර සිල්ලර චරිත ගෙන ඒමටත්,ඒ නිසා ක්‍රීඩාවේ උපදේශකයන් ලෙස පෙනී සිටිමින් ක්‍රීඩා උළෙලවල් දේශපාලන සංදර්ශන බවට පත් කිරීමේ මෙහෙයුම් නිලධාරීන් වන්නට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට වෙන කිසි කලකටත් වඩා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදය හිමි වී ඇත.ඒ නිසාම ඇතැම් ක්‍රීඩාවන් හී ජෝකර්ලා ලෙස හාස්‍ය්‍යට ලක් වූ සහ විනය චෝදනා ලබමින් ඇතැම් රටවලට පා තැබීමටවත් නුසුදුසු වූ ඇතැම් නිලධාරින් සහ නිලධාරිණියන් මේ වන විට සිය සීමාවන් විශාල ලෙස අතික්‍රමණය කරමින් සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා පුම්බා දමා ඇත.
ඒ නිසා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් නාවලපිටිය ක්‍රීඩාංගණය නවීකරණය කර සංවර්ධනය කරන්නට සුපිරි ක්‍රීඩා ලිඛිතවත්,මාධය හමුවල වාචිකවත් ප්‍රසිද්ධියේ ඉල්ලුම් කරද්දී මම ඇමති හැටියට මේ දේ කළහම ගමට කර ගන්නවා කියාවි යැයි අමාත්‍යවරයා සැකය පළ කරද්දි එයට නිහඩව අමාත්‍යවරයාට කැමති පරිදි හිතා ගන්නට ඔළුව වැණූ නිලධාරින් අද නාවලපිටිය ක්‍රීඩාංගණය අඩු වයසින් උපද්දවන්නට ඔළුව වනමින් සිටියි.මෙය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස දැණුන මොහොතක එම නිලධාරීන් අලුත් ක්‍රීඩා අමාත්‍යවරයෙකු යටතේ විවේචනය වන එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිය හිස සෙලවීම ගැන මෙසේ කියන්නට පුළුවන.
අපි ඔළුව වනලා අකමැත්ත ප්‍රකාශ කළා,කොහෙද ඇමතිතුමා ඇහැව්වෙ නැහැනෙ.
අවාසනාවකට අපි සියළු කේෂ්ත්‍රයන්හි එම කාරණය ගැන නොදන්නා ඇමතිවරුන්ගේ ක්‍රියාවන්හී ප්‍රතිපල වල පීඩනයට ලක්වෙමින් සිටින්නේ හිස වනන්නන් බවට පත් වී සිටින නිලධාරීන් නිසාය.මෙවර ජාතික ක්‍රීඩා උළෙල හරහා අමාත්‍යවරයාගේ දේශපාලන දෝලාවට පොරකකා කර ගසන්නේද එම නිලධාරි යාන්ත්‍රණයමය.ඔවුන් ඔවුන්ගේ බඩ වෙනුවෙන් ඕනෑම දෙයක් මරු කියති.ක්‍රීඩාව සහ ඒ වෙනුවෙන් අවංකව වෙහෙසෙන සහ ඒ ඔස්සේ රට ඉහළට ඔසවා තැබීමට හැකි විවිධ වූ දක්ෂතා ඇත්නම් ගේ සක්‍යතා වල් වැදෙමින් ක්‍රීඩාව මරු දකිති.
www.supirikrida.com

ආසියානු සටනට දකුණු ආසියාවෙන් ශ්‍රී ලංකාවත්

මෙම මස 30 දා කටාර් හී දී ඇරඹෙන ආසියාතික යොවුන් මේස පන්දු තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකා යොවුන් සහ කැඩෙට් බාලක බාලිකා කණ්ඩායම් යුගලය බැගින් සහභාගි වීමට නියමිතය.19 වන වරට සංවිධානය වන මෙම තරගාවලිය සදහා 18 වන තරගාවලියේ දත්ත වලට අනුව දකුණු ආසියාවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරගාවලිය සදහා සුදුසුකම් ලබා සිටින අතර මධ්‍යම ආසියාව,නැගෙනහිර ආසියාව,බටහිර ආසියාව සහ ගිණිකොන දිග ආසියාවෙන් මේ ආකාරයට බාලක සහ බාලිකා ලෙස කණ්ඩායම් දෙක බැගින් මේ තරගාවලියට තෝරා ගෙන ඇති අතර බාලක අංහයෙන් මෙන්ම බාලිකා අංශයෙන්ද ප්‍රධාන කණ්ඩායම් හතර බැගින් මේ තරගාවලියට තෝරා නම් කර ඇත.
මේ ආකාරයට නම් වී ඇති ප්‍රධානතම කණ්ඩායම් හතර අතරට බාලිකා අංශයෙන් තේරී පත් වී සිටින්නේ චීනය,දකුණු කොරියාව,උ.තුරු කොරියාව සහ ජපානය වන අතර බාලක අංශයේදී එම අවස්ථාවන් හතර දිනා ගැනීමට චීනය,ජපානය,දකුණු කොරියාව සහ චීන තායිපේ කණ්ඩායම් සුදුසුකම් ලබා ඇත.තරගාවලිය සදහා සහභාලි වන ශ්‍රී ලංකා කණ්ඩායමට අත්දැකීම් ඇති යොවුන් ක්‍රීඩකයන් විශාල පිරිසක් එක් ව සිටින අතර සහභාගීත්වය වෙනුවෙන් එම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන්නේ හෙට (29) ය.මේ සමග වන ඡායාරූපයේ දැක්වෙන්නේ තරගයට සහභාගි වන කණ්ඩායම ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ සභාපකි අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග සහ සෙසු නිලධාරීන් සමග ඡායාරූපයකට මුහුණ දුන් අයුරුය.
www.supirikrida.com

Aug 27, 2013

මව්බිම රිදී පැහැ ගැන් වූ සීවලි පුතුට විදුබිමෙන් උපහාර

චීනයේ පැවති ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ ඉහළම දස්කම වන රිදී පදක්කම දිනා ගත් රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ අකිල රවිශංක සිසුවා ඇගයීමේ උත්සවයක් විද්‍යාලයේ සිසු - සිසුවියන් ආදි ශිෂ්‍යයන්_ ගුරු භවතුන් සහ රත්නපුර ප්‍රදේශයේ හිතවතුන් විසින් සංවිධානය කර තිබිණ.ඇහැලියගොඩ සිට රිය පෙරහැරකින් රත්නපුර නගරයටත් නැවත විද්‍යාලයටත් පැමැණෙමින් නිමා වූ මේ උපහාර උත්සවයට විශාල රිය පෙරහැරක් එක් වූ අතර අමාත්‍ය සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ආදි හිෂය ප්‍රේමලාල් ජයසේකර ද එක් විය.
ල්‍රදේශවාසීන් සියල්ලගේ ආදර්ශයට ලක් විය යුතු මීටර් 110 ඉසව්වෙන් ශ්‍රී ලංකාව ලද ඉහළම ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක් වන අකිලගේ ජය සමස්ත රත්නපුර ප්‍රදේශයටම ආඩම්බර විය හැකි ජයක් මෙන්ම රටේ ක්‍රීඩාව සහ අකිලගේ ඉසව්ව ලද විශාල ප්‍රගතියකි.ඒ ජයග්‍රහණය වෙනුවෙන් අකිල මෙහෙය වූ පුද්ගලයා ද සීවලියම බිහි කළ එිටපු ජාතික මට්ටමේ මලල ක්‍රීඩකයෙකු වන අතර, අද වන විට සීවලියේ ශාරිරික අභ්‍යාස ගුරුවරයෙකු ලෙස සේවය කරන ඉන්දික ජයසිංහ ය.ඡායාරූපයේ දැක්වෙන්නේ ආසියාවට අභියෝගයක් එල්ල කළ අකිල ඒ සදහා මාර්ගෝපදේශකත්වය දුන් ගුරු පාද නමස්කාරයේ යෙදෙමින් ඉන්දිකට උපහාර දැක් වූ අවස්ථාවයි.
මතුපිටින් එක්වර නොපෙණුනද,මේ උපහාර රිය සංචාරය සදහා ප්‍රදේශවාසීන් මෙන්ම විද්‍යාලයට විවිධාකාරයෙන් සම්බන්ධතා ඇති ආදි සිසුවන්ගේ සිට විවිධ අය ද අනාරාධිතව හැගීම්බරව වියදම් කරන්නට යෙදුණ මුදල විශාලය.රතිඤ්ඤා කරලේ සිට වාහන ඉන්ධන සදහා ආදියට මෙසේ මුදල් වැය කරමින් අකිල වෙනුවෙන් දැක් වූ උපකාරය තවත් පියවරකින් වඩාත් පලදායි මෙහෙයුමක් කරන්නට ද ඔවුන්ට හැකියාව ඇත.ඒ අකිල සුරැකීමේ ජනතා ව්‍යාපාරයක් දක්වා එය වර්ධනය කිරිමෙන්ය.එවැනි ස්වෙච්ඡා සංවිධානයක් නිර්මාණය කරමින් අකිල ගේ මලල ක්‍රීඩා ජීවිතය මෙන්ම රත්නපුර ප්‍රදේශයෙන් බිහිවන ක්‍රීඩකයන් සුරක්ෂිත කරමින් දක්ෂතා වර්ධනයකට යොමු කිරීමට ද හැකිනම් අකිල ගේ ජයග්‍රහණය හරහා රටට තවත් ජයග්‍රාහී ගමන් මාවතක් විවර කර දෙන්නට රත්නපුර ජනතාවට හැකි වන බව නිසැකය.
www.supirikrida.com 

Aug 26, 2013

ලංකාවෙ කොළු ගැටව් එංගලන්තෙට බැට දෙති

චාමික කරුණාරත්නගේ නායකත්වයෙන් එංගලන්තයේ සංචාරයක යෙදුණ අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් කණ්ඩායම තරගාවලිය පුරා පවත්වගෙන ගිය ජයග්‍රාහී ගමන තව දුරටත් තහවුරු කරමින් එක්දින තරගාවලියද තරග 2 - 1 ක් ලෙස ජය ගන්නට සමත් වුණා.එක්දින තරගාවලියේ අවසාන තරගයට පිවිසෙන විට යම් අභියෝගාත්මක මැදිහත් වීමක් පෙන්නුම් කළ එංගලන්ත ගැටවරයන් තරගාවලිය 1 - 1 ක් ලෙස සම මට්ටමේ පවත්වා ගන්නට සමත් වී තිබුණා.
අවසාන තරගයේදී චාමිත තරුණාරත්න විසින් කාසියේ වාසිය ලබා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට ගත් තීරණය පන්දු ඕවර් 50 ක දී කඩුලු 8 ට ලකුණු 248 ක් ව ලකුණු පූවරුව පවතිද්දී නිමාවට පත් වුණා.එහිදී තරගාවලිය පුරාම ලකුණු අතර සිටි පිතිකරු යුගලයක් වන අවිශ්ක ප්‍රනාන්දු (58) සහ කවීන් බණ්ඩාර (34) සිව්වන කඩුල්ලට ලකුණු 80 ක් ද,සහන් ආරච්චිගේ (51) සහ නායක චාමික කරුණාරත්න (34) හත් වන කඩුලුල සදහා ලකුණු 62 ක් ද ලෙස ලකුණු සබදතා පවත්වමින් ඉණිම ගොඩ නැගීම සදහා විශාල දායකත්වයක් ලබා දුන්නා.
පිළිතුරු ඉණිමට පිවිසි එංගලන්තය වෙනුවෙන් අනගි ඉණිමක් ක්‍රීඩා කළ පන්දු 106 දී නොදැවී ලකුණු 100 ක් ලබමින් විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත ලකුණු පූවරුව පන්දු ඕවර් 50 නිමා වන විට කඩුළු 7 ක් දැවී ලකුණු 241 ක ට සීමා කරන්නට සමත් වුණා.එම ප්‍රහාරය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් දෙමින් සුරක්ෂිත ඉණිමක් ක්‍රීඩා කරමින් සිටි එඩ් බර්නාඩ් ලකුණු 55 ට චාමික කරුණාරත්නට ගොදුරු වීමෙන් පසුව තරගයේ තීරණය ශ්‍රී ලංකාවට වාසිදායක වන තත්ත්වයට හැරෙන්නට පටන් ගත්තා.ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ලසිත් ලක්ෂාන සිය පන්දු ඕවර් 10 ලකුණු 28 ට සීමා කළේ කඩුලු දෙකක්ද දවා ගනිමින් ව අතර තරිදු නිමේෂ් ලකුණු 36 ට කඩුලු 2 ක් ද සහ චාමික කරුණාරත්න කඩලු 2 ක් ලකුණු 49 ට ද දවා ගන්නට සමත් වුණා
www.supirikrida.com

Aug 25, 2013

බස්නාහිර මේස පන්දු තරු යුගල සමිත සහ චමත්සරා

ස්නාහිර පළාත් මේස පන්දු සූරතාවලියේ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යා පීඨයේ සමිත අබේරත්න ඇගයීමට ලක් වූ අතර විශිෂ්ඨතම ක්‍රීඩිකාව බවට පත් වූයේ කොළඹ විශාකා විද්‍යාලයේ චමත්සරා ප්‍රනාන්දුය.තරගාවලිය මොරටුව විශ්ව විද්‍යාලීය නව ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් අගෝස්තු 22 සහ 23 යන දෙදින තුළ පැවත්විණි.මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලාංකේය මේස පන්දු ක්‍රීඩාව හා සබැදි බුද්ධිමතුන්ගේ පරම්පරා නාමයක් නියෝජනය කරමින් විද්යුත් ඉංජිනේරු මහාචාර්ය ජෝෂප් රොහාන් ලූකස් සහභාගි විය.
අවුරුදු 8 න් පහළ,10 න් පහළ,12 න් පහළ,15 න් පහළ,18 න් පහළ සහ විවෘත ලෙස බාලක බාලිකා මෙන්ම කාන්තා සහ පිරිමි ලෙස ද ක්‍රියාත්මක වූ තරගාවලියේ අවුරුදු 15 න් පහළ සහ 18න් පහළ බාලිකා සූරතාවය ද,විවෘත කාන්තා ඒකල අනු සූරතාවයද දිනූ චමත්සරා දක්ෂතම ක්‍රීඩිකාව වීම සදහා සුදුසුකම් සපුරා ගැනීමේදී සිය විද්‍යලයේම හංසිනි පියුමිලා සමග එක්ව කාන්තා විවාත යුගල අනු සූරතාවයද දිනා ගන්නට සමත් විය.දක්ෂතම ක්‍රීඩකයා වූ සමිත විසින් විවෘත පිරිමි සූරතාවය දිනා ගත් අතර කසුන් කවිකේසව සමග එක්ව විවෘත පිරිමි අනු සූරතාවය දිනා ගන්නටද සමත් විය.
www.supirikrida.com