Dec 1, 2012

අනෝමා නව වාර්තාවකට ඉගිල්ලෙයි

ගයන්තිකා
 නැගෙනහිර පළාත නියෝජනය අනෝමා කරුණාවංශ කාන්තා රිටි පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව මීටර් 3.30 ක් දක්වා ඉහළ දැමීමට සමත් වුණා.38 වන ජාතික ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ බිහි වූ පළමු සහ එකම ශ්‍රී ලංකා වාර්තාව ලෙස අනෝමා ගේ වාර්තාව හැදින්විය හැකි අතර ඇයට දෙවන වූ හිටපු වාර්තාලාභිණිය ලක්රාණි පෙරේරා මීටර් 3.20 ක දක්ෂතාවයක් දක්වමින් දෙවන ස්ථානය දිනා ගත්තා.
මේ අතර කාන්තා මැදි දුර සහ දුර දිවීමේ ඉසව් වලදී මෑත කාලීනව දකින්නට ලැබෙන ප්‍රගතිය යළිත් තහවුරු කළ දකුණු පළාතේ ගයන්තිකා තුෂාරි අබේරත්න සහ වයඹ පළාතේ චම්පිකා දිල්රුක්ෂි නව උළෙල වාර්තා දෙකක් අලුත් කරන්නට යෙදුණා.2000 වර්ෂයේදී ඩීඒ ඉනෝකා පිහිටුවා තිබූ නව උළෙල වාර්තාව වූ විනාඩි 17:00.40 ක් කාලය ඉක්මවා යමින් ගයන්තිකා විනාඩි 16:51.54 ක කාලයක් වාර්තා කරන්නට සමත් වුණා.ගයන්තිකා සහ ගීතානි රාජසේකර අතර මෙම තරග ඉසව්වේදී හොද තරගයක් දකින්නට ලැබුණු අතර නව ක්‍රීඩා උළෙල වාර්තාවක් සමගින් 90 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලිය ජයගත් ගීතානි මෙම ඉසව්වේ සිය ජයග්‍රහණයේදී දෙවැනි වූ ගයන්තිකාට දෙවැනි වුව ද පෙර තිබූ වාර්තාව ඉක්මවා යන්නට සමත් වුණා.
මෑත කාලයේ කාන්තා මැදි දුර ඉසව්වේ සුවිශේෂීම ක්‍රීඩිකාව බවට පත් වී සිටින චම්පිකා දිල්රුක්ෂි,යළිත් වරක් ඒ බව සනාත කරමින් මීටර් 800 කාන්තා ඉසව්වේ ජයග්‍රාහිකාව බවට පත් වූයේ නව උළෙල වාර්තාවක් ද තබමින්.ඇය එහිදී විනාඩි 2:07.10 ක කාලයක් වාර්තා කරමින් මංගලා ප්‍රියදර්ශණි සතුව පැවති විනාඩි 02:08.00 ක උළෙල වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කරන්නට සමත් වුණා.
තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු මලල ක්‍රීඩා  සංගම් සභාපතිවරයෙකු වූ ජනාධිපති මහින්ද රාජපක්ෂයන් එක් වී සිටි මලල ක්‍රීඩාව පිළිබදව පුළුල් අවබෝධ‍යක් ඇති පුද්ගලයෙකු වන එතුමාගේ ආරක්ෂාව පිණිස වන පිරිස් එතරම් දුරට ඒ තත්ත්වය නොදැන සිටීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යම් අපහසුවක් විදින්නට වූ අවස්ථා ද දකින්නට ලැබුණා.තරගාවලියේ දිවා විවේකයේදී අතැම් ක්‍රීඩකයන් පෙර පුහුණු ධාවන පථයට වී හවස් වරුවේ පැවත්වෙන ක්‍රීඩා තරග සදහා ගිමන් හරිමින් සිටිනු දකින්නට ලැබුණේ සිය නවාතැන් පොළවල් සදහා ගොස් නැවත ඒමේ දුෂ්කරතාවය සළකා වුව ද ඇතැම් ආරක්ෂකයන් ඒ තත්ත්වය අවබෝධ කර නොගෙන ඔවුන් ඉවත් කිරී‍මට කටයුතු කිරීම ඇතැම් විට තරගාවලියේ සමස්ත චිත්‍රය පිළිබදව ඔවුන් තුළ අවබෝධයක් නොවීම නිසා සිදු වූවා විය හැකියි.
තරගාවලියේ මේ දක්වා පැවති සියළු තරග ප්‍රතිපල සළකද්දී සුපුරුදු පරිදි සබරගමුව ඉදිරියෙන් සිටින අතර,මධ්‍යම පළාත දෙවන තැනත් වයඹ පළාත තෙවන තැනත් පසුවන අතර මලල ක්‍රීඩා තරග වලදී බොහෝ විට බස්නාහිර පළාතට මෙවර විශාල තර්ජනයකට මුහුණ දිය හැකි බව පළමු දිනයේ ප්‍රතිපලම පැහැදිළි කරනවා.විශේෂයෙන් නව ශ්‍රී ලංකා වාර්තා බිහි නොවුණද කලෙකට පසුව ක්‍රීඩක දක්ෂතා වල යම් පිබිදීමක් දකින්නට ලැබෙන මෙම වකවානුව පිලිබදව සළකද්දී තරගාවලියේ ඉතිරි දින දෙක නව ශ්‍රී ලංකා වාර්තා සහ උළෙල වාර්තා අලුත් වන දින දෙකක් ලෙස හැදින්විය හැකියි.

ද්වන්ධ සටනට ඉන්දියාවෙන් පැමිණේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවත්වෙන ශ්‍රී ලංකා - ඉන්දියා බොක්සිං තරගාවලිය සදහා සහභාගිවන ඉන්දීය කණ්ඩායම ඊයේ අලුයම දිවයිනට පැමිණියා.පිරිමි අංශයේ තරග හතරකට සහ කාන්තා අංශයේ තරග තුනකට සහභාගිවීමට පැමිණි ඉන්දිය කණ්ඩායම නිලධාරීන්ද ඇතුළුව 11 දෙනෙකුට සීමා වුණා.කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පා තබන අවස්ථාවේ ඉන්දීය කණ්ඩායම පිළිගැනීම මහත් හරසරින් සිදු කරන්නට යෙදුණ අතර තරගාවලිය අද විශාල පිරිසකගේ සහභාගීත්වය ඇතිව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඇරඹිමට නියමිතව තිබෙනවා.
www.supirikrida.com

වෙළදසේවා වොලිබෝල් තරග අද ඇරඹේ

වෙළදසේවා වොලිබෝල් සංගමය අලුත් ගමණකට අලුත් ජවයකින් පිය මනින්නට සූදානම් වීමේ උත්සාහයේ පළමු පියවර ලෙස කාලයක සිට අක්‍රියව පැවති වෙළදසේවා වොලිබෝල් තරගාවලිය 60 ට ආසන්න වූ කණ්ඩායම් ප්‍රමාණයක සහභාගීත්වයෙන් අද මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.අදත් හෙටත් පැවත්වෙන මෙම තරගාවලියේ මූලික තරගවලින් අනතුරුව තරගාවලියේ අවසාන තරග 16 වන දින මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට යෝජිතව තිබේ.කණ්ඩායම් 50 ක් ඉලක්ක කර ගනිමින් ඇරඹි මෙම තරගාවලිය සංවිධානයේ ක්‍රියාකාරී පරිපාලන ව්‍යහුය විසින් වෙළද කේෂ්ත්‍රය තුළ කෙටි කලෙකින් ඇති කර ගන්නා ලද විශ්වාසය පදනම් කරගෙන අදාළ ඉලක්කය ඉක්මවා යා හැකි තත්ත්වයට පත් වීම ලාංකේය වොලිබෝලය ලද ජයකි.
විශේෂයෙන් ලාංකේය වොලිබෝල් ක්‍රීඩකයාගේ අනාගතය ත්‍රිවිධ හමුදාවන්ට සීමා වී පැවතීම හේතුවෙන් එම කණ්ඩ‍ායම් හා අති විශාල පිරිසක් සම්බන්ධ වීම සුලභ තත්ත්වයක් වී තිබේ.මේ හේතුවෙන් දක්ෂ ක්‍රීඩකයන් විශාල පිරිසකට ක්‍රීඩා පිටියට බැසීම පසෙකලා සිය දක්ෂතාවයන් සගවා ගෙන තරග නරඹන්නන් වීමට සිදුවීම ඛේදවාචකයක් බවට පෙරැළි ඇත.
නමුත් නැවතත් වෙළදසේවා වොලිබෝලය පණ ගැන්වීම මත ආයතනික මට්ටමෙන් වෙළද කේෂ්ත්‍රය තුළ වොලිබෝල් ක්‍රීඩාව කෙරෙහි ඇතිවන තරගකාරීත්වය මත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියා අවස්ථා නිර්මාණය වීමට හැකි මාවතක් විවරව පවතින තත්ත්වයක් දැකිය හැකිය.මේ හේතුවෙන් වොලිබෝල් ක්‍රීඩකයාගේ අනාගතයට දැඩි සුරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වන පසුබිමක්,දක්ෂයන් වැඩි පිරිසකට ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමට ලැබෙන ඉඩ -කඩක් නිර්මාණය වන අවස්ථාවක් ලෙස වෙළදසේවා වොලිබෝලයේ නැවත සම්ප්‍රාප්තිය හැදින්විය හැකිය.
තරගයෙන් තරගයට සජීවී ප්‍රතිපල වාර්තාකරණයට සුපිරික්‍රීඩා වෙබ් අඩවිය මගින් පහසුකම් සළසා ඇත.
www.supirikrida.com

Nov 30, 2012

වසර දහහතරකට පසු ලංකාවේදී ටෙස්ට් ජයක් ලද නවසීල්නතය ටෙස්ට් තරගාවලිය සම කරයි

Ross Taylor and Mahela Jayawardene shake hands after squaring the seriesශ්‍රී ලංකාවේදී වසර 14 ක කාලයක් තුළ ටෙස්ට් ජයක් නොලද නවසීලන්තය ශ්‍රී ලංකාවට ලකුණු 167 ක දැවැන්ත පරාජයක් අත් කර දෙමින් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සම කිරීමට සමත් වුණා.නවසීලන්ත පිතිකරුවන් ප්‍රථම ඉණිමේ ලකුණු 412 ක් ලබමින් ලත් ස්ථාවරය මෙන්ම දග පන්දුවට හිතකර තත්ත්වයෙන් යුත් සරා තණතීරුව තුළ නවසීල්නත වේග පන්දු යවන්නන් චමින්ද වාස් ගෙන් ලැබුණු උපදේශනයත් සමග පෑ දස්කම් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සිහිනයක් කළා.
ලකුණු 362 ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක අභියෝගයක් හඹා ගිය ශ්‍රී ලංකාව වෙනුවෙන් පරාජය නොවී සිටීම සදහා උප නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රියාත්මක කළ ඉණිම අමතක නොවන සටන්කාමී ඉණිමක් වූ අතර ඔහු පැය පහකට විනාඩියකට අඩු වූ කාලයක් කඩුල්ලේ රැදී සිට රැස් කළ ලකුණු 84 සමග එක් වී එක් ශතක සබදතාවයකට පිවිසිය හැකි ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායම ට වූවේ නම් තරගය ජය ගැනීම පසෙකලා පරාජය නොවී සිටීමේ හැකියාව තිබුණු බව අප පිළිගත යුතු වෙනවා.එසේම ප්‍රථම ඉණිමේ ශතකයට අමාතරව ශ්‍රී ලංකාව දෙසට තරගය හැරෙමින් තිබුණු තීරණාත්මක මොහොතක නායක රොස් ටේලර් දියත් කළ ඉණිම දර්ශී නායනත්වයක ඉණිම ඇලුම් කරන සුළු වුවා.
එම ඉණිම් ද්විතවය රොස් ටේලර් ට අපහසුවකින් තොරව තරගයේ වීරයා වීමට මග පෑදුවා.එසේම නවසීලන්ත දඩයමට ඉලක්කය ගතහැකි එකම දඩයක්කරුවා වූ රංගන හේරත් තරග දෙක තුළ කඩුලු 20 ට වගකියමින් තරගාවලියේ වීරයා වූවා.විශේෂයෙන් ඕස්ට්‍රේලියා තණතීරු වල වේග පන්දු යවන්නන්ට මුහුණ දීමේ දුෂ්කර තත්ත්වය ජය ගැනීමේ අභියෝගයට පිටව යන්නට ආසන්න මොහොතකට පෙර ලද මේ පරාජය සිත් සලිත කරනවා නිසැකයි.
නවසීලන්තයේ ජයග්‍රහණය සදහා ඔවුන් දැඩි වෘත්තීමය ස්වභාවයකින් තරග කිරීම කැපී පෙණුනා.ඉවසීම යන ටෙස්ට් පාඩමේ මුල ,මැද සහ අග   දැනෙන සේ ඔවුන් දැක් වූ සංයමය අපූරු පාඩමක් වුණා.තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය භාවිතා කර පැමිණිය හැකියි.
http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582193.html
www.supirikrida.com

Nov 29, 2012

තේරීම් ලියූ කොළ බෝට්ටුවෙන් සිංගප්පූරුවට!

නේෂන් කුසලානය සදහා සිංගප්පූරුව බලා අර්බූද ගණනාවක්ද රැගෙන ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ඉගිල්ලුණා.කබලෙන් ලිපට වැටෙනාකාරයේ තීන්දු තීරණ ගනිමින් විකට රසාංග ඉදිරිපත් කිරීමෙන් ලබා දුන් විනෝදයට සරිලන ලෙස දැල්පන්දු පරිපාලන කමිටුව මෙන්ම අමාත්‍යංශ නිලධාරීන් කිහිප දෙනෙකුට ද වසර අත සවාරියකට ද මුදල් වියදම් කිරීමට අමාත්‍ය අවසරය ලැබී තිබීම විශේෂත්වයක් ගත්තා.නමුත් ඇතැම් අයගේ වියපත් බව සළකන විට මෙම සංචාරය සිංගප්පූරුව නොවී දඹදිව වූවා නම් යහපත්ය සි‍තෙනවා.
කණ්ඩායමට අවසර ලබා දීමේදී සම නායකත්වය නම් නොකිරීම නිසා දැල් පන්දුවේ නායකත්වය දැරීමේ ඓතිහාසික  සම්ප්‍රදාය විදිමින් සිය සමුගැනීම නායකත්වයකින් කෙළවර කිරීමේ අවශ්‍යයතාවය දැඩිව දැණුනු අයෙකු එම ලිපියේ නායකත්වයක් නම් නොකිරීම පිළිබදව කළබලයට පත්ව නායකත්වය නම් නොකර අනුමත නොකිරීමෙන් කළබල නොවන ලෙස,කළබලයට පත් වී ප්‍රකාශ කරන්නට යෙදුණා.මේ නිසා ක්‍රීඩිකාවන් වැස්ස අවස්ථාවක එම ක්‍රීඩිකා‍වගේ ප්‍රකාශය පදනම් කරගෙන කණ්ඩායම අත්සන් තැබූ ලිපියෙන් බෝට්ටු යැවීමට යෝජනා කිරීමෙන් නායකත්ව ක්‍රීඩිකාව සහ සෙසු ක්‍රීඩිකාවන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ක්‍රීඩිකාවන් පුහුණුව ලබන කටුනායක ගුවන් හමුදා කදවුරේ දී ක්‍රීඩිකාවන් විශාල ලෙස වෙහෙසට පත් කරමින් පුහුණුකාරියගේ,පුහුණු සැසි නිමාවේ පුහුණුකාරිය විවේචනය කරමින් ක්‍රීඩිකාවන්ට යළිත් පුහුණුවීම් කරන සහය පුහුණුකාරිය ක්‍රීඩිකාවන් අධික ලෙස වෙහෙසට පත් කර තිබෙනවා.මේ වන විට බලය සම්බන්ධ ගැටළුවක් තදින් උඩු දුවන්නට පටන් ගෙන තිබෙන අතර,පුහුණුකාරිය,සහය පුහුණුකාරිය මෙන්ම නායිකාවක් සහ පුහුණුකාරිය අතර ද ගැටළු නිර්මාණය වෙමින් පැවතීම කණගාටුදායකයි.
www.supirikrida.com

ඉන්දු - ශ්‍රී ලංකා ද්වන්ධ මුෂ්ටි හටන පළමුවෙනිදා

සියා‍වේ නමගිය බොක්සිං සූරයන් බිහිවන ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩක -ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසෙන මාස් කුසලානය වෙනුවෙන් පැවත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා ද්වන්ධ බොක්සිං තරගාවලිය දෙසැම්බර් පළමු වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්වේ.මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජගත් මට්ටමේ ජයග්‍රහණ රැගෙන ආ අනූෂා කොඩිතුවක්කු මවිබිමේ මුහුණ දෙන සිය අවසන් තරගයට කිලෝ ග්‍රෑම් 48 බර පංතිය ඹස්සේ මුහුණ දීමට නියමිතය.එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම සහ වඩාත් ජාත්‍යන්තර අවධානයට ලක් වූ ක්‍රීඩකයා වන්නේ කිලෝග්‍රෑම් 52 බර පංතියෙන් තරග වදින සුරේෂ් පට්ටිආරච්චිය.


මීට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝ ග්‍රෑම් 51 බර පංතියෙන් එරන්දි ද සිල්වා තරග බිමට පිවිසෙන අතර කාන්තා කිලෝග්‍රෑම් 54 බර පංතියේ තරග වදින්නී විදුෂිකා ප්‍රබෝධි ය.පිරිමි අංශයෙන් ගයාන් ජයවීර කිලෝග්‍රෑම් 56 බර පංතියෙන් තරග වැදීමට නියමිතය.කිලෝග්‍රෑම් 48 බර පංතියෙන් තරග වදින්නට නියමිතව ඇත්තේ,අනුරුද්ධ බංණ්ඩාර ගුණතිලකය.කිලෝග්‍රෑම් 60 බර පංතියෙන් ශ්‍රී ලංකාව නියෝජනයට සුදුසුකම් ලබා සිටින්නේ එරංග මධුෂාන් ය.  
ඉහළ ඡායාරූපයන්හී වමේ සිට සුරේෂ්,ගයාන්,මධුෂාන් සහ අනුරුද්ධ ද සිටින අතර පහත වමේ සිට අනූෂා,ප්‍රභාධි සහ එරන්දි ය.

වාස් ව තෝරා ගැනීම නවසීල්නතයට සැනසීම ගෙන දෙයි


මේ දක්වා ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම වේග පන්දු යවන්නා බවට අවිවාදිත චමින්ද වාස් නවසීලන්ත පුහුණුකරුවන්ගේ සංචිතයේ වේග පන්දු පුහුණුව සදහා සහය කර ගැනීමට නවසීලන්තය ගත් තීරණය සාධාරණ බව සනාත කරමින් දග පන්දුයවන්නන්ට උචිත සරවනමුත්තු තණතීරුව තුළ සිය වේගපන්දුව යොදවා ශ්‍රී ලංකා පිතිකරුවන් දඩයම් කරමින් නවසීලන්තය පැහැදිළි කරමින් සිටියි.ගෞරවණිය සමුගැනීමකට පවා ඉඩ නොතබා කණ්ඩායමෙන් ඉවත් කරන්නට යෙදුණු වාස් පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඉන් පසුව හෝ අවධානය යොමු නොකළ අතර නවසීලන්තය මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකාව පැහැර හරින ලද වගකීමෙන් උපරිම ප්‍රයෝජන ලබමින් වාස් සිය වේග පන්දු බල ඇනියට පුහුණුව ලබා දීම සදහා කැදවනු ලැබුවේය.

පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීමෙන් ඉනික්බිති දෙවන ටෙස්ට් තරගයට පිවිසි නවසීලන්ත පිතිකරුවන්ගේ විශ්වසනීය පිතිහරඹය මෙන්ම ඔවුන්ගේ වේග පන්දු යවන්නන් විසින් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ හැකියාව දඩයම් කිරිමට යොදා ගත්  පන්දු යැවීමේ හැකියාවද නිසා අද එම ටෙස්ට් තරගයේ අවසාන දිනය වන විට ශ්‍රී ලංකාව තරගයේ පරාජයට වැඩි සමීපතාවයක් දක්වන තත්ත්වයට කැදවා ගෙන එන්නට නවසීල්නතයට හැකි වී ඇත.
ලකුණු 362 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාවට මේ වන විටත් කඩුලු 4 ක් ලකුණු 47 ක් තුළ අහිමි වී ඇති අතර ඒ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රබලතම පිතිකරුවන් තිදෙනා ලෙස නම් දරා සිටින මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර සහ ටීඑම් ඩිල්ෂාන් ද වෙති.දැනට පන්දුවට පහර දෙන තිලාන් සමරවීර සහ ඇන්ජලෝ මැතිව්ස් ගෙන් පසුව ශ්‍රී ලංකාවට තරගය රැක ගත හැකි පිතිකරුවෙක් පෙනෙන්නට නොමැති අතර පරාජය නොවී සිටින්නට හැකි හොදම ඉඩ - කඩ බවට බලාපොරොත්තු ඇති කරමින් තිබෙන්නේ මේ වන විට කොළඹ අහසේ ඉහළින් මුදුන් වෙමින් තිබෙන වැහි වළාකුළු ය.
ටිම් සවුති මෙන්ම ඩග් බ්‍රේස්වෙල් ද කඩුලු දෙක බැගින් දඩයම් කරගෙන ඇති අතර  පළමු ඉණිමේ ශ්‍රී ලංා පසුපෙළ විනාශ කරමින් කඩුලු 4 ක් බිද දැමූ ට්‍රෙන්ට් බෝල්ට් ද සූදානමින් සිටීම ශ්‍රී ලංකාවට යහපත් තත්ත්වයක් නොවන්නේය.අඩුම තරමේ මැතිව්ස් සහ සමරවීර තේ පානය දක්වා හෝ කඩුලු රැක ගත යුතු අතර නමුත් උදෑසන පන්දුවේ දෝලනයක් සිදු වීමට විශාල ඉඩ - කඩක් ඇති වීම සමග මැතිව්ස්ට සහ සමරවීරට කඩුල්ල තුළ තැන්පත් වීමට ඉඩ  ලැබීම අවිශ්වසනීය තත්ත්වයකි.මෙම තරගය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට තරගාවලිය ජය ගැනීමට ඇති ඉඩ අහිමිව යන අතර එසේම ඕස්ට්‍රේලියානු සංචාරයට නායක මයිකල් ක්ලාක් ඇතුළු කන්ඩායම දැඩි ජයග්‍රාහී මානසිකතවයකින් සිටියදී මුහුණ දීමේදී යම් චකිතයක් ඇති කරන්නට ද එය හේතුවක් විය හැකිය.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකිය.

පළාත් පහක් කැමති වුණොත් ජාතික ක්‍රීඩා උළෙලට කාන්තා බොක්සිං පුළුවන් - සජිත් ජයලාල්

ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිං ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමෙන් විශාල අවධානයක් දිනා ගනිමින් සිටියදී ත් ජාතික ක්‍රීඩා උළෙලට කාන්තා ‍බොක්සිං ක්‍රීඩාව ඇතුළත් නොවන්නේ මන්දැයි 'සුපිරික්‍රීඩා', ජාතික ක්‍රීඩා උළෙල ආශ්‍රිත මාධ්‍ය හමුවේදී කරන ලද ප්‍රශ්න කිරීමකදී කරුණු පැහැදිළි කළ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සජිත් ජයලාල් ප්‍රකාශ කළේ  ඒ සදහා පළාත් පහක කැමැත්ත හිමි විය යුතු බවය.
'සාමාන්‍යයෙන් පළාත් නවයෙන් පහක කැමැත්ත හිමි වුණොත් ඒ ක්‍රීඩාව ජාතික ක්‍රීඩා උළෙලට ඇතුළත් කළ හැකියි 'යනුවෙන් අදහස් දැක්වූ නියෝජය අධ්‍යක්ෂවරයා ජාතික බොක්සිං සංගමයෙන් ඉල්ලීමක් ආ විට එය පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් හා සාකච්ඡා කිරීමට හැකි බවත්,ඒ අනුව එහිදී පළාත් නවයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරු පස් දෙනෙකු එයට කැමැත්ත පළ කරන්නේ නම් එම ක්‍රීඩාව ජාතික ක්‍රීඩා උළෙලට ඇතුළත් කළ හැකි බවත් පෙන්වා දුන්නේය.
මේ රටේ ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබිය හැකි ඉසව්වක් ලෙස මීට වසර ගණනකට පෙර සිටම බොක්සිං පිළිබදව විශ්වාසය පළ කරන ප්‍රවීන ක්‍රීඩා උපදේශක සහ ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ යෝගානන්ද විජේසුන්දරයන් වැනි ප්‍රවීනයන්ගේ මතය නිවැරදි කරමින් මේ වන විටත් ශ්‍රී ලංකාව බොක්සිං ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ජාත්‍යන්තර ජයග්‍රහණ ගණනාවක් ලබා සිටින අතර එම තත්ත්වය තේරුම් ගෙන 'සුපිරික්‍රීඩා ' ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිං ක්‍රීඩාව ව්‍යාප්තිය සදහා ශ්‍රී ලංකා බොක්සිං පරිපාලනය සමග එක්ව කටයුතු කරන්නට තීරණය කළ අතර මේ වන විටත් ඒ සම්බන්ධයෙන් උතුරු පළාතේ කරන ලද සාකච්ඡා සදහා විශාල එකගතාවයක් ලැබී ඇත.
www.supirikrida.com

ජාතික ක්‍රීඩා උළෙලේ සෑම ජයග්‍රාහකයෙකුටම මුදලින් තෑගි

ක්‍රීඩාවට මංගල සිරියක් එක් කරන ජාතික ක්‍රීඩා උළෙලේ 38 වැන්නට ඉදිරිපත් වූ සහ ඉදිරිපත්වන ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ ජයග්‍රාහී කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග නිකුත් කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සජිත් ජයලාල් පැවසීය.38 වන ජාතික ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා උළෙලේ මෙහෙයුම් සහ තාක්ෂණික කරුණු ගැන අදහස් දැක්වීමට අධ්‍යක්ෂ ජෙනරාල්වරිය විසින් සජිත් ජයලාල් ට පැවරූ අතර එහිදී තව දුරටත් අදහස් දක්වමින් හෙතෙම පෙන්වා දුන්නේ,කේවල තරග ඉසව්වක දි පමණක් නොව  කණ්ඩායම් ඉසව්වක ජයග්‍රාහකයන්ට ද මුදල් ත්‍යාග පිරිනැමීම සිදුවන අතර එහිදී ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයෙකුට රුපියල් 3000/= ක මුදලක් ද,අනු සූරතාවයට රුපියල් 2000/= ක මුදලක් ද පිරිනැමෙන අතර තෙවන ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 1000/= ක් පිරිනැමේ.
එසේම මෙවර ක්‍රීඩා උළෙලට අලුතින් බීච් වොලිබෝල් ක්‍රීඩාව හදුන්වා දුන් බව පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා එය ඉදිරි වසරේ සිට පදක්කම් පිරිනැමෙන තරගයක් ලෙස ක්‍රියාවට නැගෙනු ඇතැයි ද පෙන්වා දුන්නේය.මෙවර ක්‍රීඩා උළෙලේ සමස්ත වියදම මිලියන 59 ක් වන බව පෙන්වා දුන් හෙතෙම ප්‍රචාරණය සම්බන්ධ කාරණාවල දී,එකම ආකාරයට සියල්ල පළ කිරිමත් මෙවර ක්‍රීඩා උළෙලට එකතු වූ අලුත් සම්ප්‍රදායක් බව පැවසීය.
මෙවර ක්‍රීඩා උළෙලට හදුන්වා දුන් පරිසාධන මට්ටම ඉක්මවා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා උළෙලට ඇතුළත් වීමේ හැකියාවක් ලබා දී ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පළාත් මට්ටමට සහභාගි නොවී තරග වැදීමේ හැකියාව ඇත්තේ එවැනි ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට පමණක් බව උදාහරණ සහිතව පෙන්වා දුන්නේය.ජාතික මලල ක්‍රීඩා සංගමය මෙහෙය වූ ජාතික ක්‍රීඩා උළෙලේදී සුළගේ වේගය මැනීමේ උපකරණ ක්‍රියා විරහිත වීමෙන් ජාතික වාර්තාවක් අහිමිවන්නට ගිය බව අප වෙබ් අඩවිය පෙන්වා දුන් අතර එවැනි සිද්ධියක් ඇති නොවන්නට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න ද විමසා බැලීය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව එවැනි උපකරණ දෙකක් ඇති බව පෙන්වා දුන් හෙතෙම එය ඕනෑම ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලකට ලබා දෙන බවත් එදින ද එම ගැටළුව ඇති වූ පසුව ඒ සදහා ඉල්ලීමක් පැමිණි බවත් ඒ අනුව විනාඩි 10 ක් තුළ සිය ආයතනයේ නිලධාරිණියක් එය නිකුත් කිරීමට කටයුතු කළ බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.එසේම එහිදී ප්‍රධාන තීරක උපකරණ ක්‍රියාවිරහිතනම් තරගය නොපැවත්විය යුතුව තිබුණු බව පෙන්වා දුන් හෙතෙම,ඒ ගැන ද සැළකිල්ල යොමු කර මෙවර ක්‍රීඩා උළෙලට පෙර තරගයක් පැවත්විය යුතු ආකාරය පිළිබදව සියළුම තාක්ෂණික උපදෙස් රූපමය වශයෙන් ලබා දීමට පියවර ගෙන තිබෙන බවද පැවසීය.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ගම් මට්ටමේ ග්‍රාමසේවකවරු හරහා ක්‍රීඩාවට විශාල සේවයක් ලබා ගත හැකි බව පෙන්වා දෙමින් ඔවුන් හරහා සැගවී සිටින දක්ෂයන් සොයා ගැනීමේ වැඩි ඉඩ-කඩක් නිර්මාණය කර ගැනීමට හැකි බව ද පෙන්වා දුන්නේය.මේ තත්ත්වය තේරුම් ගෙන එලැඹෙන වසරේ ජාතික ක්‍රීඩාවේ ආරම්භය ගමට යනු ඇති බවත් ඒ අනුව ග්‍රාම සේවා මට්ටමේ සිට වැඩි පිරිසක් දායක වන ආකාරයෙන් ක්‍රීඩා උළෙලේ ව්‍යාප්තියක් සිදුවනු ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැහැදිළි කළේය.

Nov 28, 2012

පාසල් බේස්බෝලයේ දරුවන් විකුණන ඡන්ද සෙල්ලම

හෝදර වෙබ් අඩවියක් වන http://baseballconfab.com සමග හුවමාරු සබදතාවයක් නිර්මාණය කර ගැනීමෙන් පසුව බේස්බෝල් කේෂ්ත්‍රයේ විශාල පිරිසක් අප සමග සම්බන්ධ වෙමින් සිටියි.ඔවුන් බොහෝ දෙනෙක් විවිධ වූ අදහස් දරමින් බේස්බෝල් ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍යය ඔවුන්ගේ දැක්ම ඉදිරිපත් කරමින් සිටියි.අප මේ සියල්ල හරහා තේරුම් ගනිමින් සිටින යථාර්තය නම් මේ සියළු දෙනා එකග විය හැකි අවම කොන්දේසි මත එක්ව වැඩ කිරීමෙන් ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව ඉතා ඉහළ මට්ටමකට ගෙන ආ හැකි බවය.

එහිදී තමන්ගේ සේවය රට වෙනුවෙන් මූලික කොට ලබා දෙන සම්ප්‍රදායක් අවශ්‍යය වී ඇති අතර කෙසේ හෝ සිය කණ්ඩායමට ජය ලබා දෙනු පිණිස උපාය මාර්ග ඇටවීම නොකළ යුතුය.එසේ වන්නේනම් ඔහුගේ හෝ ඇයගේ වැඩ කිරීමේ හැකියාවට ජාතික මට්ටමේ වගකීම් දැරීමට ලැබීම තාවකාලික සංතෘප්තියකින් කෙළවර වන්නක් පමණක් වන්නේය.ඒ නිසා රටට අවශ්‍යය ජාතික මට්ටමෙන් සිතා ජාතික තලයෙන් ක්‍රීඩාව දියුණු කිරීමට පරිත්‍යාගශීලී වන පිරිසක් මිස ඡන්ද බලය රැක ගැනීමේ අරමුණෙන් බේස්බෝලයේ ව්‍යාප්තියට තිරිංග දමන්නන් නොවන බව විවිධ වූ අදහස් ඇති පිරිස් සමග සාකච්ඡාවෙන් හදුනා ගැනීමට හැකි වී ඇත.

මේ අතර පිරිසක් ස්වීය ධනය වැය කරමින් කණ්ඩායම් හදුන්වා දිමට කැමැත්තෙන් සිටින අතර ඒ සදහා අවශ්‍යය අවසරය බේස්බෝල් පරිපාලනය පැත්තෙන් ප්‍රමාද වෙමින් පවතින බවට ඔවුන් චෝදනාවකට වඩා නගන්නේ මැසිවිල්ලක්ය.දැනට ක්‍රීඩා භාණ්ඩ ගෙන්වා විකිණීම යම් මට්ටමකින් සිදුවන අතර ඒ අතර ක්‍රීඩා විනිසුරුවෙකු,විශ්ව විද්‍යාල සිසුවෙකු ඇතුළු කිහිප දෙනෙක් දකින්නට ලැබේ.මේ අය ස්වීය බේස්බෝල් වගකීම්වලට ආපදාවක් නොවන ලෙස එහි නියැලීම අත්‍යවශ්‍යය වන අතර විශේෂයෙන් විනිසුරු ධූරය සහ විනිශ්චය යන කාරණා අතර සද්භාවයම තිබෙන්නේදැයි විමසිල්ලෙන් සිටීම වටින්නේය.

ඇතැමෙකු මේ වන විටත් ස්වාධීනව සිය කාලය හා ශ්‍රමය වැය කර තැන තැනෙහි බේස්බෝල් පැල කරමින් සිටින අතර ඒවා දිරි ගැන්වීම සදහා බේස්බෝල් පරිපාලනය මූල්‍යමය වශයෙන් ඇති බාධක පවසමින් හැකි ආකාරයෙන් ක්‍රියා කර ගෙන යන්නට දිරිදීම කළ යුතුය.

නමුත් මේ සටහනට පාදක වන පාසල් ආශ්‍රිත බේස්බෝල් සෙල්ලම ක්‍රියාත්මක වන ආකාරයට ගුරුවරුන්ගේ ඡන්ද බලයට බේස්බෝල් ඇරඹිම සිදු නොවිය යුතුය.යම් පාසලක් යම් වයස් ඛාණ්ඩයක බේස්බෝල් ක්‍රීඩා කර අවශ්‍යය ඡන්ද බලය ලබා ගෙන තවත් පාසලකට වෙනත් වයස් කාණ්ඩයක් යටතේ ක්‍රීඩා කිරීමට එම භාණ්ඩ තොගයම පරිත්‍යාග කරමින් එම පාසලට ද ඡන්ද බලය ලබා ගැනීමට හැකි මාර්ග සකස් කරනු විනා බොහෝ පාසල් දිගින් දිගට බේස්බෝල් ක්‍රීඩාව පවත්වා ගෙන යන්නේ නැත.මේ නිසා දරුවා තුළ බේස් බෝල් උනන්දුව ඇති කර සිය ඡන්ද බලය සනාත කර ගැනීමෙන් පසුව බේස්බෝල් නවතා දැමීමේ විලාසිතාවක්ද බේස්බෝල් පරිසරයේ දැකිය හැකි අතර එය බලධාරීන් වහා අවධානය යොමු කර සහමුලින්ම නවතා දැමිය යුතුය.
මේ තත්ත්වය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ද අවධානයට යොමු කිරීමට අප අවශ්‍යය කටයුතු මේ වන විට සකස් කරමින් සිටින අතර අවම වසර දෙකක්ට වැඩි කාලයක් තුළ කිසිම තරගාවලියකට කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ පාසල් වන්නේනම් එම පාසල් සදහා බේස්බෝල් පරිපාලනය සදහා ඡන්දය දීමට ඇති අයිතිය අවලංගු කළ යුතුය.

එසේම මෙවර ලීග් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් අටට ඒ සදහා සුදුසුකම් නොලද ප්‍රතිමලුන් පිටු දැකීමේ තරගාවලියේ දී ඉවත් වූ කණ්ඩායම්වල ක්‍රීඩකයන්ද ඇතුළත් කර තිබෙන බවට තොරතොරු වාර්තා වන අතර මෙම සදහන බේස්බෝල් පරිපාලනයට ඈත තියා එම දුර්විපාකය නොවිද ගැලවෙන්නට  දෙන සංඥාවකි.නිරතුරුව ඉවත්ව ගිය කණ්ඩායම් වල නාම ලේඛණ පිරික්සමින් ඉවත් වූ කණ්ඩායමක එකම ක්‍රීඩකයෙකුට හෝ ලීග් තරගාවලිය සදහා අවස්ථාව ලබා නොදීමට බේස්බෝල් පරිපාලනය ට මේ සදහන නිසා විමසිල්ලෙන් සිටින්නට හැකි වනු ඇත.
www.supirikrida.com

කින්නියා පැරදූ මහනුවර ජය ගනියි



ජාතික සංචිතයට ක්‍රීඩකයන් 30 දෙනෙකු තෝරා ගැනීම සදහා දීප ව්‍යාප්තව පැවත්වූ පාපන්දු තරගාවලියේ දිස්ත්‍රික් ජයග්‍රාහකයන් අතර ජාතික සූරයන් තීරණය කිරීම සදහා පැවති අවසන් තරගයේදී මහනුවර කණ්ඩායම, කින්නියා කණ්ඩායමට එරෙහිව  ගෝල 1 - 0 ක ජයක් ලබා ගැනීමට සමත් විය.මෙහිදී මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කරමින් නාවලපිටිය කදුරට සිංහ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයන් හත් දෙනෙකු තරග වැදීම කැපී පෙණුන අතර තරගයේ ජයග්‍රාහී ගෝලය රැස් කිරීමට සමත් වූයේ ඩීකේ දුමින්ද ය.
තරගය ක්‍රීඩා අමාත්‍යංශය සහ පාපන්දු සම්මේලනය එක් ව සංවිධානය කළේය.
www,supirikrida.com

බොතේජු ට ඒ කාණ්ඩයේ තෙවන තැන

ල්ගේරියාවේ සොෆියා හී ප්‍රින්සස් හෝටල් පරිශ්‍රයේ ක්‍රියාත්මක ලෝක ස්නූකර් තරගාවලියේ දී හ්‍රී ලංකාව නියෝජනය කළ සුසන්ත බොතේජු ට තමන් සහභාගි වූ ඒ කාණ්ඩයේ තරග වලදී තෙවනස්ථානයට පත් වන්නට හැකි විය.ඊයේ සවුදි අරාබියේ අහමඩ් ඇසෙරි සමග වූ තරගයට සහභාගි වෙද්දී බොතේජු ට වැඩි අවස්ථාවක් තිබෙන බව පෙනෙන්නට තිබුණ ද,අවසානයේ අහමඩ් තරග වට 4 - 2 ක් ලෙස බොතේජ් ව පරාජය කරමින් කාණ්ඩයේ දෙවැන්නා බවට පත්විය.
නවාතැන් ගැටළුව හේතුවෙන් අසරණව සිටීමෙන් යහපත් මානසිකත්වයකින් තරග වැදීමේ අපහසුවක් බොතේජුට දැනෙන්නට ඇති බව හැගෙන අතර කෙසේ හෝ ඊයේ දිනය තුළ ඔහු දෙවන පරාජය ලද්දේ ඒ කාණ්ඩයේ පළමු වැන්නා වූ තායිලන්තයේ නෝපෙන් සෙන්ග්කාම් ට එරෙහිවය.
කෙසේ හෝ කාණ්ඩ 20 ක් යටතේ පැවත්වෙන මෙම මූලික තරග වලින් පසුව අවසන් වටයට 60 ක් තෝරා ගැනෙන අතර බොහෝ විට සුසන්ත බොතේජුට අවසන් තරගකරුවන් 60 අතරට ඒමට හැකි වෙනු ඇතැයි විශ්වාසය තැබිය හැකිය.
මේ අතර ඩී කාණ්ඩයෙන් තරග වදින නරේෂ් සමරවික්‍රම මේ වන විට තරග දෙකක් පරාජය වී තරගයක් ජය ගෙන සිටින අතර අද තරගය ජය ගතහොත් ඔහුට ද අවසන් 60 දෙනා අතරට පිවිසීමට හැකි වේ යැයි විශ්වාස කළ හැකිය.  

සමරවීරගෙන් වීර ඉණිමක්

වීරත්වය යනු පහරදීමේ හැකියාව පමණක් නොව ආරක්ෂා කර ගැනීමේ හැකියාව ද බව තහවුරු කළ තිලාන් සමරවීර (නොදැවී 76) නවසිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන තෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකාව පිට පිටම දෙවන පන්දුවට පහරදීමේ අවධානමෙන් ගලවා ගැනීමට සමත්විය.සෙමින් සහ විශ්වාසයෙන් පීඩනයට එරෙහිව සිය පිත්ත මෙහෙයවන අතරේම සමරවීර,අනෙක් අන්තයේ සිටින සුරාජ් රන්දිව් (නොදැවී 34) ද කණ්ඩායමේ අවශ්‍යයතාවය වෙනුවෙන් මෙහෙයවමින් ඊයේ දිනය නිමාවන විට ශ්‍රී ලංකා ඉණිම කඩුලු 6 ට ලකුණු 225 දක්වා ඉහළ නැංවීය.
ලකුණු 12 ට කඩුලු 3 ක් ව තිබූ ශ්‍රී ලංකා ලකුණු පූවරුව ඉහළ දැමීම වෙනුවෙන් වගකීමෙන් යුත් ඉණිමක් දියත් කළ තරංග පරණවිතාන (40) සහ ඇන්ජලෝ මැතිව්ස් (47) තෙවන කඩුල්ලට ලකුණු 90 ක සබදතාවයක් ගොඩ නැගුවද,ලකුණු පූවරුව 128 ක් වන විට යළිත් ශ්‍රී ලංකාවේ දැවී ගිය කඩුලු ප්‍රමාණය 6 ක් බවට පත් වී තිබිණ.එතැන් පටන් තිලාන් සහ සුරාජ් රන්දිව් ඊයේ දිනය නිමා වන තෙක් ශ්‍රී ලංකා කන්ඩායමේ කඩුලු බිද වැටීමට තිත  තැබුවේ 7 වන කඩුල්ලට ලකුණු 97 ක සබදතාවයක්ද එක් කරමින්ය.
නමුත් තරගයේ සිව්වන දිනය ඇරඹෙන විටත් තරගය පවතින්නේ නවසීලන්තයට වැඩි ජයග්‍රාහී අවස්ථාවන් සහිතව වන අතර ශ්‍රී ලංකාව ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමෙන් මෙම තරගාවලිය ජය ගැනීමට ඇති අවස්ථාව මූලික කර ගෙන සටනට පිවිස සිටින්නේය.ලකුණු 187 ක් මේ වන විටත් පිටු පසින් සිටින ශ්‍රී ලංකාව තරගයේ සිව්වන දිනයේ තේ පානය දක්වා හෝ සිය ඉනිම දීර්ඝ කර ගත යුතු අතර එසේ වුවහොත් ශ්‍රී ලංකාවට නවසීලන්ත ලකුණු ප්‍රමාණය ඉක්මවා යාමට නොහැකි වුව ද,අඩු තරමේ නවසීල්නත ප්‍රථම ඉණිම සහ ශ්‍රී ලංකා ප්‍රථම ඉණිම අතර ලකුණු ප්‍රමාණය දැඩි අභියෝගයක් ඇති නොවන තත්ත්වයකට අඩු කර ගැනීමට හැකි වනු ඇත.නමුත් දැනටත් ටිම් සවුති ශ්‍රී ලංකාවේ අහිමි වූ කඩුලු හයෙන් හතරකම හිමිකරුවා බවට පත් වී ඇති අතර ඔහුගේ වේගය මෙන්ම ක්‍රමයෙන් දග කැවීමේ පහසුව පිණිස සැකසෙමින් පවතින් සරවනමුත්තු පිටයේ ජේට්න් පටෙල් ද ශ්‍රී ලංකාවට විශාල අභියෝගයක් විය හැකිය.පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට පිවිසිය හැකි සබදතාවය යි.
http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582193.html
www.supirikrida.com

Nov 27, 2012

ලංකාව නවසීලන්තයෙන් බේරෙන්න දගලයි - නවසීලන්තය වැස්සෙන් බේරෙන්න දගලයි

වසීලන්ත සංචාරයේ දෙවන ටෙසට් තරගයේ දෙවන දිනය නිමා වන විට තරගයේ වැඩි වාසි අත් කරගෙන සිටින නවසීලන්තයෙන් තරගාවලියේ පූර්ණ ජයග්‍රහණය රැක ගැනීම සදහා ශ්‍රී ලංකාවට දැඩි අසීරුතාවයකට මුහුණ දෙන්නට සිදු වී ඇත.නවසීලන්ත ප්‍රථම ඉණිමේ දී නවසීලන්තය පාලනය කිරීමට ශ්‍රී ලංකාව යොදාගත් ප්‍රධාන තුරුම්පු දෙක වූ සුරාජ් රන්දිව් සහ රංගන හේරත්ගේ දායකත්වය යතුරු පැදියක් එක රෝදයකින් ගමන් කිරීමක් බදු විය.රංගන පමණක් හුදෙකලා සටනක නිරත වෙමින් ලකුණු 103 ට කඩුලු 6 ක් දවා ගත් අතර සුරාජ් ගෙන් බලාපොරොත්තු වූ කඩුලු ලබා ගැනීම සිදු නොවිණි.ඒ නිසා දග පන්දුවේ වගකීම ටික මොහොතකට ටීඑම් ඩිල්ෂාන්ට පැවරීමටද මහේලට සිදු වූ අතර එහිදී ඩිල්ෂාන් එක් කඩුල්ලක් දවා ගත් අතර රංගන සහ ඩිල්ෂාන් හැරෙන්නට කුලසේකර,සමින්ද එරංග සහ සුරාජ් ද කඩුල්ල බැගින් දවා ගත්හ.
එහෙත් නවසීලන්තය ටෙස්ට් පිතිකරණයේ ශිල්පීය හැකියාව ප්‍රදර්ශනය කරමින් දින පූර්ණ දින දෙකකට ආසන්න කාලයක් ක්‍රීඩා කරමින් ලකුණු 412 ක් ලැබීය.ඒ සදහා නායක රොස් ටේලර් ආක්‍රමණය සහ ආරක්ෂාව සමබර වූ ඉණිමක නියැලෙමින් පන්දු 306 දී ලකුණු 142 ක් ලැබූ අතර ඒ හා සමානම විශිස්ඨ ඉණිමක් ක්‍රීඩා කළ කේන්  විලියම්සන් පන්දු 305 කින් ලකුණු 105 ක් රැස් කළේය.ලකුණු 14 ට කඩුලු 2 ක් දැවී අසීරුතාවයක වෙලී සිටි නවසීලන්ත ඉණිම වෙනුවෙන් මොවුන් දෙදෙනා ඇති කළ ලකුණු 262 ක තෙවන කඩුල්ලේ සබදතාවය නවසීලන්තයේ සාර්ථකත්වයේ පදනම විය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකාවට ටිම් සවුති මෙන්ම ට්‍රෙන්ට් බෝල්ට් ද දැඩි තර්ජනයක් එල්ල කළ අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් සතුව සිටින ප්‍රබලතම පිතිකරුවන් තිදෙනාම ලකුණු 12 ක් තුළ අහිමි කර ගන්නට සිදු විය.ඩිල්ෂාන් (5) ,සංගක්කාර (00) සහ මහේල (02) මෙසේ දැවී යාමෙන් පසුව ඊයේ දිනය නිමා වන විට ඇන්ජලෝ මැතිව්ස්  (20) සහ තරංග පරණවිතාන (09) අසීරුතාවයෙන් ගොඩ ඒමට උත්සාහ දරමින් සිටියහ.
http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582193.html මෙම සබදතාවය හරහා තරගයේ ලකුණු පූවරුවට පිවිසීමට හැකිය
www.supirikrida.com

බැඩ්මින්ටන් ගහද්දි - ඇමති කොනිත්තයි

සුගිය කාලයේ දිගින් දිගටම සිදු වූ අක්‍රමිකතා පිළිබදව මාධ්‍ය කළ දැනුවත් කිරීම් වලදී බැඩ්මින්ටන් සම්මේලනය තදින් විවේචනය කළ ද,සංගමයට නිල මට්ටමෙන් කිසිදු අවවාදයක් නොකළ ක්‍රීඩා අමාත්‍යවරයා පළමු වරට බැඩ්මින්ටන් සංගමයට දැඩිව අවවාද කළ බව ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකින් දන්වා සිටියි.එහිදී එම නිවේදනය වැඩිම වැරදි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බැඩ්මින්ටන් සංගමයට බවත් අවධාරණය කරයි.
මෙම වැරදි සම්බන්ධයෙන් අමාත්‍යවරයා හෝ අමාත්‍යංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම එම වැරදි වර්ධනයට හේතු වූ බව ද අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යංශයද පිළිගත යුතු අතර බැඩ්මින්ටන් සභාපතිවරයාද,මෙහි කලෙක සිට පවතින විෂමාචාර ඉවත් කිරීමට සහය ලබා දෙන ලෙස ඉල්ලමින් තමාට අරලියගහ මන්දිරයේ සිටම සහය ලැබෙන බව ප්‍රකාශ කිරීමෙන් පැහැදිළි කරන්නේ අමාත්‍යවරයාට පාලනය කළ නොහැකි දේශපාලන සවියක් සහිතව බැඩ්මින්ටන් පරිපාලනය ක්‍රියාත්මක වන බව ද යන්න සැක උපදවන්නේය.
වගකීමෙන් තොර දැවැන්ත වැරදි ගණනාවක් සිදු කර තිබෙන බැඩ්මින්ටන් සම්මේලනය තරග කළමණාකරුවෙකු ලෙස එහි උපසභාපතිවරයෙකු ගේ ආවතේවකරුවෙකු පාසල් ළමුන්ද සිටින කණ්ඩායමක් සමග විදේශ ගත කිරීම ඉතිහාසයේ කිසිදු දිනයක් නොවූ තරමේ ක්‍රීඩක වගකීම් පැහැර හැරීමක් වුව ද,ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් හෝ සිදු වී නොමැත.පරිපාලනයම පත් කළ තේරීම් කමිටුව පරිපාලනයේ පක්ෂග්‍රාහී බව හෙළිදරව් කරමින් ඉවත් වී යන අතර මේ සියළු වැරදි වලට බැඩ්මින්ටන් සංගමයට දැඩි අවවාද කිරීමකින් ගැලවෙන්නට ලැබීම ගහද්දී කෙනිත්තීමක් කිරීම බදු ය.
පරිපාලනමය වශයෙන් මෙන්ම මූල්‍යමය වශයෙන්ද විශ්වසනීයත්වයෙන් තොරව කටයුතු කර ඇති බැඩ්මින්ටන් පරිපාලනය සම්බන්ධයෙන් ලිඛිතව සංගම් සහ පුද්ගලයන් ගණනාවක් ලබා දී තිබෙන චෝදනා ඇතත් ඒ පිලිබදව පරීක්ෂණයක් හෝ ඇරඹෙන බවක් පෙනෙන්නට නැති අතර ඇතැම් අවස්ථාවල අමාත්‍යවරයාට ලිඛිතව ලිපි ඉදිරිපත් කර අමාත්‍යවරයා හමු වන්නට වේලාවක් ලබා ගෙන ඔහු හමුවන විට එම ලිපි අමාත්‍යවරයාට ලැබී නැති බවට ද තොරතොරු කිහිපයක්ම වාර්තා වි ඇත්තේ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයෙන්ද බැඩ්මින්ටන් සදහා අනිසි ආරක්ෂාවක් ලැබෙන බවට ඉගි සපයමින් ය.
www.supirikrida.com

බොක්සිං වලින් ආධුනික හැලෙයි

මේ දක්වා AIBA ලෙස නම් කර තිබූ ආධුනික ජාත්‍යන්තර බොක්සිං සංගමය සිය ආධුනික නාමය ඉවත් කරන්නට තීරණය කර ඇත.ඒ අනුව ඉදිරියේදී 'ආධුනික' යන්න බැහැර කර ජාත්‍යන්තර බොක්සිං සංගමය ලෙස එය වෙනස් වීමට නියමිත අතර ඒ හා සමානවම එම ජාත්‍යන්තර දේහය හා බැදුණු ජාතික බොක්සිං සංගම් වලට ද මින් ඉදිරියට ආධුනික නාමය ඉවත් කර ගන්නා ලෙස දැණුම් දී තිබේ.


වසර සිය ගණනක ඉතිහාසයක් ඇති ආධුනික බොක්සිං සම්මේලනය මේ වෙනස් කමෙන් බොක්සිං ක්‍රීඩාවේ වෘත්තිමය වර්ධනයක් ඇති වනු ඇතැයි විශ්වාසය පළ කරයි.
www.supirikrida.com

බොතේජු ගේ ජයග්‍රහණ පාරට වැටෙයි ද?

ජර්මණියේ කාර්ල් ට එරෙහි තරගයේ දී  සුසන්ත බොතේජු

ජාත්‍යන්තර බිලියඩ් සහ ස්නූකර් සම්මේලනය මෙහෙයවන බල්ගේරියාවේ සොෆියා හී ප්‍රින්සස් හෝටල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන 2012 ජගත් ස්නූකර් ලෝක සූරතාවලියේ ඒ කාණ්ඩයෙන් තරග බිමට  පිවිස සිටින සුසන්ත බොතේජු ට තරගාවලිය නිමා වන තෙක් හෝටලයේ ලැගුම් ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බැවින් තරගාවලියෙන් ඉවත්වන්නට වන තත්ත්වයක් මතුව තිබෙන බව වාර්තා වෙනවා.නමුත් මේ සටහන තැබෙන විටත් ඔහු ඒ කාණ්ඩයේ තරගයක නියැලෙමින් සිටින අතර එහිදී ද ඔහු ගේ ප්‍රතිවාදියා වන සවුදි අරාබියේ අහමඩ් ඇසෙරි ට වඩා ඉදිරියෙන් සිටිනවා.
ජාතික ස්නූකර් සූරයා වන බොතේජු, මෙම තරගාවලියේ දී තමා තරග කරන 'ඒ' කාණ්ඩයේ පළමු තරග දෙකම පහසුවෙන් ජයගත් අතර එහිදී ජර්මණියේ කාර්ල් රොසෙන්බර්ග්  වට 4-1 ලෙස සහ  සත්කාරක බල්ගේරියාවේ ජෝර්ජි වැලික්හොව් 4 - 1 ලෙස පහසුවෙන් පරාජය කරන්නට බොතේජු සමත් වුණා.එහෙත් 'ඒ' කාණ්ඩයෙන් පෙරමුණ ගෙන ඉදිරියට යාමට ඇති අවස්ථාව බොතේජු ගේ නවාතැන් ගැටළුවත් සමග බොද වෙමින් පවතිනවා.

මේ සම්බන්ධයෙන් බීබීසී ලෝක සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා බිලියඩ් සහ ස්නූකර් සම්මේලන ලේකම්වරයා සිය සංගමයට එම වියදම දැරිය නොහැකි බැවින් තරගාවලියෙන් ඉවත් වන ලෙස දැණුම් දුන් බව පවසන්නේ කිසිදු හිරිකිතයකින් තොරවයි.ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වන රංජනී ජයකොඩි බීබීසියට පෙන්වා දෙන කරුණු අනුව සුසන්ත ගේ ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බිලියඩ් සහ ස්නූකර් සම්මේලනය කටයුතු කර තිබෙන ආකාරයේ පහත් තත්ත්වය තව දුරටත් හෙළිදරව් කර ගත හැකියි.
ඇය පවසන්නේ අමාත්‍යංශයේ වියදමෙන් බොතේජුට සහ සහභාගි වන අනෙක් ක්‍රීඩකයා වන නරේෂ් අධිකාරම්ට ගුවන් ටිකට්පත් ලබා දුන් බවයි.එසේම අනෙකුත් දේ සැපයීමට ඇති සම්මේලනයේ වගකීම මෙන්ම අධ්‍යක්ෂවරිය සම්මේලන සභාපති මෙම තරගාවලිය නරඹන්නට යාමට සූදානම් බව ද පෙන්වා දෙනවා.ඇය ද ප්‍රකාශ කරන්නේ එම වියදම ක්‍රීඩකයා වෙනුවෙන් දැරිය හැකිනම් වැදගත් එය බවයි.ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩා සංගම්වල ප්‍රධාන නිලතල වලට පත් වී විදේශ සංචාර සහ ජාත්‍යන්තර සබදතා වලට ලැබෙන සහන පසුබිම උපයෝගි කර ගනිමින් කටයුතු කිරීම හැරෙන්නට ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු නොකරන බව මේ සිදුවීම හරහා ද පැහැදිළි වෙනවා.

නමුත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස එවැනි අභීත ප්‍රකාශ කිරීමෙන් ඔබ්බට,මෙවැනි සංගම් සහ නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට තමන් සතු බලය භාවිතයට ගන්නේ කෙසේද යන්න පිළිබදවත් අප විමසිල්ලෙන් සිටිනවා.බල්ගේරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති අතර  එහි කටයුතු අවරණය වන්නේ පෝලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහායි.මෙහි පහත එම කාර්යාලය සම්බන්ධ කර ගැනීමට හැකි තොරතොරු සදහන් කරන අතර රාජ්‍ය මට්ටමෙන් එම කාර්යාලය සමග සම්බන්ධ වී සුසන්ත වෙනුවෙන් යම් මැදිහත් වීමක් කිරීමට උත්සාහ දැරීමට අභිත වීමත් ස්නූකර් සහ බිලියඩ් සම්මේලනයට එරෙහිව කළ අභීත ප්‍රකාශ තරමටම වටිනවා.
Embassy of Sri Lanka in Poland
Niedwiedzia Street 2 C, 02 - 737, Warsaw, Poland
Telephone 0048 22 8538896/97
මේ අතර තරගාවලියට සහභාගිවන නරේෂ් ද,ඊයේ සිය ප්‍රථම ජයග්‍රහණය ජර්මණියේ තෝමස් බතාර් ට එරෙහිව 4 - 0 ක් ලෙස වාර්තා කළා.ඊට පෙර පැවති තරග දෙකම ඔහු 4 - 1 ලෙස පරාජයට පත් වුණේ ඉරානයේ ඒෂාන් හයිදරි නේෂාඩ්ට සහ අයිල් ඔෆ් මෑන් හී ඩැරී හිල්ට යි.
www.supirikrida.com

Nov 26, 2012

කිරුළ රත්නපුරෙන් ගම්පහට

Photoත්නපුර දිස්ත්‍රික්කය 2009 වසරේ සිට ඉකුත් වසර දක්වා තෙවරක්ම ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සූරතාවය දිනා ගනිමින් රැක ගත් ආධිපත්‍යය බිද මෙවර එම කිරුළ ගම්පහට රැගෙන යන්නට ගම්පහ දිස්ත්‍රික් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.අවසාන ඉසව්ව නිම වන තෙක්ම රත්නපුර සහ ගම්පහ අතර හුවමාරු වෙමින් පැවති මෙවර සූරතාවය ක්‍රීඩා උළෙලේ අවසාන ඉසව්ව වූ මීටර් 400 අවුරුදු 20 න් ඉහළ පිරිමි තරගයේ ජයග්‍රහණයත් සමග ගම්පහට හිමි විය.ඒ රත්නපුරට වඩා වැඩි ලකුණු 4 ක් ලබමින්ය.තෙවන ස්ථානය හිමි වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයට ය.
හිමේෂ
වයස් ඛාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගාවලියේ අවුරුදු 20 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වූයේ ලාංකේය කෙටි ධාවන පථයේ අල්‍රුත්ම බලාපොරොත්තුව ලෙස වැඩෙන හිමේෂ ඒෂාන් ය.කළුතර විද්‍යාලයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි මෙම යෞවනයා මීටර් 100 ඉසව්ව තත්පර 10.54 කින් නිම කර සමස්ත සිය වයස් ඛාණ්ඩයේ පමණක් නොව සමස්ත උළෙලේම වේගවත්ම ක්‍රීඩකයා වන්නට සමත් විය.ජාතික තරුණ සේවා සභාවෙන් ඇතැම් විට මෙවැනි ක්‍රීඩකයන් බලා හදා වඩා ගන්නා ක්‍රමවේදයකට යම් යම් අවස්ථාවලදී පිවිසෙනු අප දැක ඇත්තෙමු.මෙයද ඒ සදහා ඉතා හොද අවස්ථාවක් වන බව සැක නැති අතර හිමේෂ වයස,හැකියාව ආදිය සළකා බලන විට හෙට ඔහු රටට මෙන්ම ජාතික තරුණ සේවා සභාවට ද ආලෝකයක් විය හැකි තරුණයෙකු බව සහතිකය.

චම්පිකා
මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ සිටින හොදම මැදි දුර ධාවිකාව ලෙස කැපී පෙණෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ චම්පිකා දිල්රුක්ෂී ක්‍රීඩා උළෙලේ අවුරුදු 20 න් ඉහළ ක්‍රීඩිකාව වූයේ මීටර් 1500 ඉසව්ව විනාඩි 4:17.69 ක ට නිමා කරමින්ය.එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවේ ද උරුමක්කාරිය වන චම්පිකා ගේ මෙම දක්ෂතාවය ඇයගේ ජාතික වාර්තාවට පමණක් දෙවන වන්නීය.මෙම තරග උළෙලේ ජාතික වාර්තාවට පිවිසෙන අයෙකුට මෝටර් රථයක් දිනා ගැනීමේ අවස්ථාව තිබුණද,ඇයට එම අවස්ථාව ඉතා අවාසනාවන්ත ලෙස අහිමි වී ගියේ ඇය පසුගිය සතියේ යුධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා උළෙලේදී  නව ජාතික වාර්තාවද තබ සිය සේවා බලකාය වෙනුවෙන් මිටර් 100 සහය දිවීම වැනි ඉසව් වලට ද සහභාගි වෙමින් අධික ලෙස වෙහෙසට පත්වීම නිසාද යන්නද සැක සහිතය.ඒ නිසා සියළු හමුදාවල ජාතික සහ ක්‍රීඩක වගකීම් දෙවන කොට සිය අන්තර් රෙජිමේන්තු උළෙල ප්‍රධාන කොට ඔවුන් රෙජිමේන්තු ජයග්‍රහණ අරමුණු කර පීඩනයට පත් කිරීමේ  පල විපාකය ලාකේය ක්‍රීඩා කේෂ්ත්‍රයේ සිහිනයක් බදු මෝටර් රථයක් දිනා ගැනීමේ අවස්ථාව චම්පිකාට අහිමි වූවා ද යන්න දැනෙන විට සියළු රෙජිමේන්තු ගැන ගෞරවය පළුදු වන්නේය.

මේ අතර තුන් පිම්ම ජාතික වාර්තාලාභියා වන ගම්පහ දිස්ත්‍රික්කයේ එරංග දිනේෂ් ප්‍රනාන්දු යෞවන ක්‍රීඩා උළෙලේ අවුරුදු 20 න් ඉහළ වාර්තාවේද උරුමක්කාරයා වූයේ මීටර් 16 .04 ක දක්ෂතාවයක් දක්වමින්ය.එම දක්ෂතාවය ඔහුට අවුරුදු 20 න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය හිමිකර දෙන්නට ප්‍රමාණවත් විය.ඔහු ද මෑත කාලයේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කේෂ්ත්‍රයට පෑයූ වටිනාකම් සහිත ක්‍රීඩකයෙකු වන අතර ජාතික වගකීමක් ලෙස සළකා රැකගත යුතු ක්‍රීඩකයෙකි.අවුරුදු 20 න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ කේඒඑස් දුලාංජලී  තේරී පත්විය.මීටර් 12.44 ක දක්ෂතාවයක් තුන් පිම්ම ඉසව්වේදී  පෙන්වූ ඇය ඒ සදහා හිමිකම් කීවාය.
නව වාර්තාවකට රුපියල් 10000 ක් හිමි වීම මෙම උළෙලේ විශේෂත්වයකි.ඒ අනුව මෙවර ඒ වෙනුවෙන් රුපියල් තුන්ලක්ෂ තිස්දහසක් වැය කරන්නට සිදු වූයේ තිස්තුන් දෙනෙකු එම කඩඉම ඉක්මවා ගිය බැවින්ය.නමුත් උළෙල වාර්තාවක් සම කිරීමක් ද එම ප්‍රදානයන්ට අයත්විය යුතුය.
එහෙත් එවැන්නක් සිදු නොවුණු නිසා උස පැනීමේ ක්‍රීඩිකා ප්‍රියංගිකා මධුමන්තිට අසාධාරණයක් සිදු විය.
ක්‍රීඩා උළෙල අලංකාරවත් කිරීම සදහා කර තිබූ අවශ්‍යය දේ මෙන්ම අනවශ්‍යය දේ ද තිබිණ.අනවශ්‍යය දේ ඈත් කර දැමුවේ නම්,එයින් විශාල වියදමක් ඉතිරි කර ගැනීමට තිබිණ.එවැනි අනවශ්‍යය වියදමක් ලෙස  ක්‍රීඩාංගණය වටා යෙදු කුඩා විදුලි බුබුළු දැක්විය හැකිය.සමහර විට ගෙවුණු ආසියාතික කණිෂ්ඨ ක්‍රීඩා උළෙලේ දී විදුලි බුබුළු යෙදීමෙන් ලද උත්තේජනය එයට බලපෑවා වෙන්නට හැකිය.නමුත් එම උළෙල රාත්‍රියේදී ක්‍රියාත්මක වුව ද මෙය ක්‍රියාත්මක වූවේ දහවල් කාලයේ බැවින් එසේ විදුලි බුබුළු දැල්වීම දහවල් විදුලි පන්දමක් දල්වා ගෙන ඇවිදීමට සමාන විය.
තරගාවලියේ මාධ්‍ය කටයුතු මෙහෙයවීමේ දී මාධ්‍යයට ආරක්ෂක ලේකම්වරයාගේ පැමිණෙන බව සදහන් කර පසුව ඒ බව සදහන් කළේ නම් ඔහු සහභාගි නොවන බව යළිත් සදහන් කරන්නයැයි මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කළේ එය විශාල වරදක් ලෙස සළකා ගෙන බව පෙණින.නමුත් සමාරම්භයට සහ සමාප්තියට ලද ආරාධනාවන් පිරික්සද්දී ද,ආරක්ෂක ලේකම්වරයා සහභාගිවන බව දකින්නට විය.ඒ නිසා එම ප්‍රවෘත්තිය වෙනස් කිරීමට උත්සාහ දැරීම නිශ්පල වෑයමක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගෙන්ම අසා දැන ගැනීමට පුළුවන.ප්‍රවෘත්ති ඔබ අතට පෙරවරුවේ පත් වුව ද එම ප්‍රවෘත්ති සහිත ලිපි සහිත පිටු සැකසෙන්නේ ඊට පෙර දිනයේ බවත් සමහර විට උදෑසන පළකිරීමට එන ප්‍රවෘත්තියක් පළ නොකරන ලෙස ඉල්ලන විට පුවත්පතේ ඒ කොටස පිටපත් ලක්ෂ ගණනක් මුද්‍රණය කර අවසන් වී තිබෙනන්නට පුළුවන් බවද ඩලස් අමාත්‍යවරයාගෙන්ම දැන ගැනීමට හැකිය.
උළෙල ආවරණයට වඩා මෙහිදී උළෙලේ සැමරුම් මාධ්‍ය අතර බෙදා දෙද්දී අවධානය යොමු කර ඇත්තේ උළෙල සම්බන්ධ මාධ්‍ය හමුවට සහභාගි වී එම නිලධාරි මුහුණු ආවරණයදැයි යන සැකය මතු වූවේ මාධ්‍යයට උළෙල ආශ්‍රිත සැමරුම් එම මාධ්‍ය හමුවට සහභාගි වූ අයට පමණක් ප්‍රදානය කරන බවක් අවස්ථා කිහිපයකදීම මාධ්‍ය අංශයේදී අසන්නට ලැබුණු බැවින්ය.සැමරුම් බලාපොරොත්තුවෙන් මාධ්‍ය ආවරණ කටයුතු සිදු නොකළද,ක්‍රීඩා උළෙලක අසීරුම කටයුත්ත ක්‍රීඩා කටයුතු ආවරණය බැවින් එය නොතකා හැරීම කණගාටුදායකය.
එසේම මාධ්‍ය සාකච්ඡා පවත්වද්දී ක්‍රීඩා මාධ්‍ය සාකච්ඡා පැවත්වීමේදී ඒ සදහා යොදා ගන්නා කාලය ද වැදගත් බව කල්පනා නොකිරීම ද මෙවර මාධ්‍ය හමුවට සහභාගිවීමේදී ගැටළු ඇති කළේය.ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ඒකකයට අමතරව ක්‍රීඩාව සම්බන්ධ අයෙකුද නිරන්තරයෙන් මාධ්‍ය අංශයට තරග උළෙල පැවත්වෙන කාල සීමාවට යොමු කර තිබීම වැදගත් බව මීට වසර කිහිපයකට පෙර සිටම අප පෙන්වා දී ඇතත් ඒ ගැන තවමත් අවධානය යොමු නොවී ඇත.ඇතැමෙකුට මෙය විවේචනයක් ලෙස දැනිය හැකි නමුත් රටේ ප්‍රධානතම ශක්තිවන්ත බලවේග ක්‍රීඩා පිටියේ රොද බන්දන යෞවන ක්‍රීඩා උළෙල වඩා යහපත් තලයකට ඔසවා තබන්නට මේ සටහන්කරු දක්වා තිබෙන සහයෝගය එහි වාර්තා ඉතිහාසය නිවැරදි ලෙස පළවීම ගැන පසුබිම හොයන්නෙකුට පැහැදිළි කර ගැනීමට හැකි නැත.එසේ ස්වේච්ඡාවෙන් කැපවීම් කරමින් ක්‍රීඩා උළෙලේ යහපත වෙනුවෙන් වෙහෙසවීම ඇද පමණක් දැකීමක් ලෙස සිතන්නෙකුට කීමට ඇත්තේ එය ඔහුගේ චින්තනයේ ඇදයක් පමණක් බවය.
කෙසේ වුවත් අලුත් හා වැදගත් දේ එකතු කරන ක්‍රීඩා උළෙලක් ලෙස මීට වසර 5ට පමණ පෙර සිට වැඩෙමින් පවතින යොවුන් ක්‍රීඩා උළෙල සරුව පිත්තල වලින් අලංකාර නොකළද,එය මේ රටේ ක්‍රීඩාවේ වැදගත් වූ විශාල භාවිතාවක් බව අපි විශ්වාස කරන්නෙමු.ඒ නිසා ගුණාත්මක ලෙස ක්‍රීඩාවට සහ ක්‍රීඩකයාට ප්‍රතිපාදන වැඩි වශයෙන් ලැබෙන උළෙලක් ලෙස තව දුරටත් වර්ධනය කරන්නට කල්පනා කරනු විනා පාට පාට නිවෙන විදුලි බුබුළු බවට පත් නොකිරීමට නොසිතන්න යැයි අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.ජාතික තරුණ සේවා සභාව සතුව යොවුන් හැකියාවන් වලින් පිරුණු යොවුන් සම්පත් බොහෝය.ඒ කලා අංගයන් වෙනත් ඕනෑම කලා නිර්මාණ සමග කරට කර තැබිය හැකි අයුරෙන් ඉදිරිපත් කළ හැකිය.එසේම ක්‍රීඩා උළෙලට මහ දවල් විදුලි බුබුළු යෙදීමට වඩා මේ රටේ රූපවාහිණි සහ සිනමා මාධ්‍යයේ මහ දැවැන්තයන් බිහි කළ නිස්කෝ වීඩියෝව හරහා තිර යොදා ක්‍රීඩාංගණයෙන් පිටත සිට නැරඹිය හැකි පරිදි විකාශයක් කළේනම් එයද ජාතික තරුණ සේවා සභාවෙන් මාධ්‍ය මෙහෙවරට හෙට දින පිටතට එන්න සිටින තරුණ කණ්ඩායම් වලට ජාතිය වෙනුවෙන් කරන ආයෝජනයක් විය හැකිය.ඒ සදහා ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් පශ්චාත් මත විමසීමක් කළ හැකිනම් වැදගත්ය.ඒ සදහා 'මරු ස්ර්' න්‍යායෙන් පිළිතුරු බදින්නන් වෙනුවට 'විවේචන සමග ඉදිරිපත් වන යෝජනා'ගැන වැඩි අවධානයෙන් සිතිය හැකිනම් වඩා වැදගත්ය.
www.supirikrida.com

ඇමතිතුමනි! වටනබේට වටනාකමක් දෙන්න

පන් ආධාර මත ඉදිවන හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ආශ්‍රිතව ඉදිවන බේස්බෝල් ක්‍රීඩාංගණය දකුණු ආසියාවේ ඉදිවන පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය යි.මෙම ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවේ බේස්බෝල් ප්‍රේමීන්ගේ සිහිනයක් සැබෑවීමක් පමණක්ම නොවේ.එය ලංකාවේ බේස්බෝල් වලට ආදරය කරන ජපනෙකුගේ සිහිනයක් සැබෑවීමක් පමණක් නොව හපන්කම් වල ජයක්ද ලෙස හැදින්විය හැකිය.එම සිහිනය සැබෑ කර ගැනීමට ඔහු කළ වන්දනාවේ මේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ,මැති ඇමතිවරුන්ගේ සිට ජනාධිපතිවරයා දක්වාම දන්නා කරුණක්ද බැවින් ඒ ගැන ලියන්නට යාම පලක් නැත.ඒ ජපනානම්,වත්මන් ශ්‍රී ලංකා බේස්බෝල් පුහුණුකරු  යසුමා වටනබේ ය
කලක් යන විට මෙම සිහිනය යථාර්තයක් කර ගන්නට වෙර දැරූ වටනබේ ගේ නම සුළගේ ගසා ගෙන ගොස් මේ පිටියේ හිටවන මල්පැල වල පවා එක එක පුද්ගලයාගේ නමින් නම් වන්නට ඉඩ ඇත.ඒ ජයග්‍රහණයේ පසුව ඇති වන සැබෑ තත්ත්වයක් බව ට මානවීය උදාහරණයක්ම දැක්විය හැකිය.2000 වසරේ දී කෙන්යාවට මීටර් 800 කාන්තා ඔලිම්පික් පදක්කම ගෙනා පැමෙලා ජෙලිමෝ අවජාතක දියණියක ලෙස පීතෘත්වය පිළිබදව සහතිකයක් නොලැබ සිටියාය.නමුත් ජයග්‍රහණයෙන් පසුව පීතෘත්වය සනාත කර ගැනීම සදහා කිහිප දෙනෙකුම ඩීඑන්ඒ පරීක්ෂණ සදහා ඉදිරිපත් වන්නට විය.
ඒ නිසා මෙම ක්‍රීඩාංගණය නොව අඩුම තරමේ ප්‍රධාන ක්‍රීඩාගාරය හෝ යසුමා වටනබේ නමින් නම් කිරීමට අමාත්‍යවරයාට මැදිහත් විය හැකිනම් එය අපේ කෘතවේදීත්වය පිළිබදව ජාත්‍යන්තර සහතිකයක් විය හැකිය.එසේම එතෙකින් නොනැවතී තවත් දේ මේ ක්‍රීඩාංගණය හරහා ලාංකේය බේස්බෝල් ක්‍රීඩාවට ඈදා ගැනීමට ද මෙය පිටුවහලක් කර ගැනීමට එය හොද අවස්ථාවක් විය හැකිය.විශේෂයෙන් අමාත්‍යවරයාගේ ජපන් සබදතාවල වර්ගපලය හොදින් දන්නා මේ සටහන්කරු එය පදනමක් කර ගෙන තවත් මෙයට ඈදා ගත හැකි දේ සදහා ආරම්භයක් ලබා ගැනීමට වටනබේ ගේ නම විශාල පිටුවහලක් විය හැකිය.
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී ත් මලල ක්‍රීඩා සංචිතය ලැගුම් ගත්තේ එහි මලල ක්‍රීඩා ක්‍රීඩාංගණයට යාබදව ඇති හමුදා කදවුරට අයත් නේවාසිකාගාරයේය.එවැනි නේවාසිකාගාරයක් බේස්බෝල් ක්‍රීඩාංගණයට යාබදව ද ඉදිවන්නේනම් අප ඊයේ අඩුපාඩුවක් බව පෙන්වා දුන් ජාතික බේස්බෝල් සංචිතයක් පවත්වා ගෙන යාමට එය මහත් පිටුවහලක් වන බව නිසැකය.
බේස්බෝල් ජාතික කණ්ඩායම ගත්තද වැඩි පිරිසක් සිටින්නේ ගාල්ල,මහනුවර ආදි ප්‍රදේශවලින් පැමිණෙන අය බව පැහැදිළිය.එවැනි නේවාසිකාගාරයක් ඇති වන්නේ නම් එය ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනවා සැක නැත.
ඉතිං එවැනි කාරණයකදිත් වටනබේ ට රටක් සහ රටේ ක්‍රීඩාවක් විදිහට ඔහුගේ සේවය ඇගයීමට ලක් කිරීම සදහා ක්‍රීඩාගාරයට හෝ නම යොදා තිබිම වාසිදායක විය හැකි බැවින් ඉක්මණින් දියුණුව කරා ළගාවෙන ලාංකේය බේස්බෝල් ක්‍රීඩාවේ දියුණුවේ ගමණ වේගවත් කිරිමට නේවාසිකාගාරයක් වැනි දේ ප්‍රමාදයේ තිරිංග මුදන ප්‍රවේග ගියරයක් විය හැකි බව අපි සතුටින් සිහිපත් කරන්නෙමු.පුහුණු සැසි සදහා ක්‍රීඩකයන් යොමු කිරීම,පිටත සිට පැමිණීමේදී ඇති විය හැකි ගැටළු සහ ප්‍රමාදයන් අවම කර ගැනීමේ සහ මානසික මට්ටම යහපත් ලෙස පවත්වාගෙන යාමේ ඉඩ - කඩ පුළුල් කිරීමට ලාංකේය බේස්බෝල් පරිපාලනයට එවැන්නක් දායාදයක් - ආභරණයක් විය හැකි බව ද අපි සිහිපත් කරණු කැමැත්තෙමු.
එසේම නිරන්තරයෙන් JICA ආයතනය ශ්‍රී ලංකාවට බේස්බෝල් පුහුණුකරුවන් ලබා දීමේදී ඔවුන්ගේ නවාතැන් සදහා ද වියදම් කරන බව නිබොරුය.ඒ බර හෝ එම අනුග්‍රහයෙන් මුදවා තැබිය හැකිනම්,ඒ වෙනුවට වෙනත් සංවර්ධනයට අපේක්ෂා කරන තවත් දෙයක් පිළිබදව අපට ඔවුන් හා සාකච්ඡා කළ හැකිය.
ඒ නිසා අමාත්‍යවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ වියදමකකින් තොරව බේස්බෝල් ක්‍රීඩාවට පැළදිය හැකි ආභරණයක් ලෙස යසුමා වටනබේ ගේ නම ට ඉදිවන ක්‍රීඩාංගනයේ ප්‍රධාන ක්‍රීඩාගාරය හෝ නම් කිරීමෙන් ලබා ගත හැකි වාසිදායක තත්ත්වයන් නොතකා නොහරිනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
www.supirikrida.com

ලොගාඩ්ට සහ ඇමතිට පිටුපසින් අනුරසිරිට සැප

හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ලොගාඩ් විසින් පෙන්වා දෙන්නට යෙදුණු කරුණු අනුව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ අපක්ෂපාතීත්වය සහ විශ්වසනීයත්වය ඉදිරියේ තබා ඇති අවිශ්වාසය දැඩි පිළිකලට ලක්විය යුතුය.එම කරුණු ක්‍රිකට් වලින් නොනැවතී අනෙකුත් ක්‍රීඩාවනට ද ඈදා ගැනීමට තරම් ක්‍රීඩා අමාත්‍යවරයාද පැහැදී සිටින බවට ප්‍රකාශ කරන තත්ත්වයක එම තේරීම් කමිටුවේ වඩාත් දෝෂදර්ශණයට ලක්වන පුද්ගලයා දෛනික දීමනාද වැඩි කරමින් ඕස්ට්‍රේලියාවේ සංචාරය සදහා එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති තීරණය ලොගාඩ් ගේ වාර්තාව මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාද නොතකා හැරීමකි.
වරක් ඕස්ට්‍රේලියානු සංචාරයකදී බිත්තර ප්‍රහාරයකට ලක් වූ සහ තේරීම් කමිටුවට පත් කළ අයෙකු මොහුගේ ක්‍රියාවන් හී ඇති අක්‍රමිකතා පෙන්වා දෙමින් තේරීම් කමිටුවට පත්වීම ප්‍රතික්ෂේප කර තිබියදී පවා දිගින් දිගටම තේරීම් කමිටුවේ සිටීමේ භාග්‍යය විදින අනුරසිරි මෙම සංචාරයට පත් කිරීම සහ ඔහුගේ ගෙවීම් වැඩි කිරීම පිළිබදව අමාත්‍යවරයාගේ හෝ අවධානය යොමු වන්නේනම් සමස්ත ක්‍රීඩා පරිපාලනයෙන් බැහැරව ඊට වගකියන ආයතනයක් නොවන ආකාරයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ‍ලංකාවේ සියළු ක්‍රීඩාවන් හී ඉහළම පරිපාලකයා ක්‍රීඩා අමාත්‍යංශ්‍ය බව සිහි කර දෙන්නට හෝ එය විශාල පිටුවහලක් වනු ඇත.
www.supirikrida.com

පළමු පෙළ ක්‍රිකට් කාල සටහන නිකුත්වේ



න්තර් සමාජීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තෙදින සහ එක් දින තරග සදහා වන තරග කාල සටහන නිකුත් වී ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා සමාජ කප්පාදුවට එරෙහිව ගෙන යන ලද වැඩ පිළිවෙළ පරාජය කරමින් ලද ජයග්‍රහණයෙන් පසුව මෙවර ද තරගාවලියට කණ්ඩායම් 20 ක් සුදුසුකම් ලබා සිටියි.ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරමින් පළමු පෙළ තරගාවලියට කණ්ඩායම් පැමිණ තිබීම විශේෂ සිදුවීමකි.
තුන්දින තරගාවලියේ පළමු තරග පෙබරවාරි මස 1,2,3 යන දින වල දී ආරම්භ වන අතර තරගාවලියේ අවසන් මහා තරගය පැවත්වීමට යෝජිතව ඇත්තේ අප්‍රේල් 4,5,6 සහ 7 යන දිනයන් හී සිව් දින තරගයක් ලෙස ය.සීඹිත පන්දුවාරතරග දෙසැම්බර් 9 දා ඇරඹෙන අතර එම තරගාවලියේ අවසන් මහා තරගය ජනවාරි 5 වන දා පැවත්වීමට දින යෝජනා කර ඇත.
www.supirikrida.com

Nov 25, 2012

සනත් යළිත් ගුවන් සේවිකාවක් මාරු කරයි

නත් ජයසූරිය තෙවන වරටත් ගුවන් සේවිකාවක විවාහ කර ගත් බව වාර්තා වේ.පළමු වරට විවාහ වූ සුමුදු මෙන්ම සැන්ඩ්‍රාද ශ්‍රී ලංකා එයාර් ලයින්ස් ආයතනයට සම්බන්ධව සිටියද,මෙවර සනත්ගේ සිත පැහැර ගෙන ඇත්තේ චිත්‍රපට නිළියකද වන එමිරේට්ස් ගුවන් සේවයට අයත් මලීකා සිරිසේන නම් ගුවන් සේවිකාවකි.සනත් ට වඩා වසර 15 කින් පමණ වයසින් බාල මලීකා ගේ සහ සනත් ගේ විවාහය ගල්කිස්ස මහා හෝටලයේ කිහිප දෙනෙකුට පමණක් සීමා වී පැවත්වීමට කටයුතු කළ අතර සනත් එය හදුන්වන්නේ පවුලේ උත්සවයක් පැවතියා මිස විවාහ උත්සවයක් නොවේ යනුවෙනි.
නමුත් ඊට පෙර ගල්කිස්ස වලේ  පන්සලේ දි සිදු වූ චාරිත්‍ර පවත්වා ඇත්තේද පවුලේ පිංකමක් ලෙස ද යන්න සනත් පවසා නැත.මලීකා ගේ හමු වීමෙන් පසු සිය බිරිද ගෙන් වෙන් වී මලීකා සමග එක් වීම සදහා සැන්ඩ්‍රාගෙන් වෙන්වීම සදහා අසීරු ඉණිමක් ක්‍රීඩා කරන්නට සිදු වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු ද වන  සනත්ට සිය දරු තිදෙනා සහ සැන්ඩ්‍රාගෙන් වෙන්ව යහපත් බෞද්ධයෙකු ලෙස  තෙවන වරටත් විවාහ දිවියට ඇතුළත් වීමේ දී මහා සගරුවනේද ආශිර්වාදය හිමි වූ බව වාර්තා වේ.

අමාලි දෙවරක්ම කඩුල්ලේ වාර්තාවෙන් පනියි



අමාලි
මේ වන විට ශ්‍රී ලංකාවේ මීටර් 100 කාන්තා කඩුලු පැන
 දිවීමේ ඉසව්වේ අංක එකේ ක්‍රීඩිකාව වන අමාලි හර්ෂණී විජේසිංහ
24 වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේදී එම ඉසව්වේ
තරග උළෙල වාර්තාව දෙවරක්ම අලුත් කරන්නට සමත් වූවාය.කෑගල්ල ශාන්ත ජෝෂ්ප් බාලිකා විද්‍යාලයේ
ආදි සිසුවියක් මෙන්ම වර්ථමානයේ ශ්‍රී ජයවර්ධනපුර
විශ්ව විද්‍යාලයේ සිසුවියක් ද වන අමාලි තරගාවලියේ
දෙවන දිනය වූ ඊයේඑම ඉසව්වේ මූලික තරග වලදී
තත්පර 14.73 ටත් අවසාන තරගයේදී තත්පර 14.29 ටත්
එම ඉසව්ව නිමා කළාය.අවසාන තරගයේදී අමාලි ට තියුණු තර්ජණයක් එල්ල කළ තවත් දක්ෂ යොවුන්
ධාවන සූරියක වන රත්නපුර ෆර්ගියුෂන් බාලිකා
විද්‍යාලයෙන් බිහි වූ ඉෂාරා සංදීපනී දයානන්ද දෙවන ස්ථානය
 දිනා ගත්තේ ද අමාලි මූලික තරග වලදී පිහිට වූ උළෙල
වාර්තාව අභිබවා යමින් තත්පර 14.57 ක දක්ෂතාවයක්
දක්වමින්ය.

මධුමන්ති
මේ අතර ජාතික උස පැනීමේ වාර්තාලාභිණිය (මීටර් 1.85) වන ප්‍රියංගිකා මධුමන්ති තමාට හිමි යොවුන් ක්‍රීඩා උළෙලේ වාර්තාව ඉක්මවා යාමට දෙවන වරටත් ඊයේ අසමත් වූවා ය.2006 දී ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා කණ්ඩායම තේරීම සම්බන්ධයෙන් ගැටළු ඇති කරන සුළු වාර්තාවක් බවට පත් කරමින් මධුමන්ති පළමු වරට යොවුන් ක්‍රීඩා උළෙලේ දී මීටර් 1.74 ක උසක් තරණය කරද්දී ශ්‍රී ලංකා වාර්තාව පැවතියේ මිටර් 1.75 ක් ලෙස තවත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බිහිව ශ්‍රී ලංකාවට කීර්තිය දිනා දුන් ක්‍රීඩිකාවක වන ශ්‍රීයානි කුලවංශ නමට ය.ඉන් අනතුරුව මධුමන්ති 2011 දී යළිත් වරක් මීටර් 1.74 සීමා ඉක්මවා ගිය අතර ඊයේ තෙවන වරටද ඇය සිය නම ඉදිරියේ යොවුන් ක්‍රීඩා උළෙලේ අවුරුදු 20 න් ඉහළ හොදම කාන්තා උස පැනිමේ දක්ෂතාවය ලෙස මිටර් 1.74 ම සදහන් කළාය.මධුවන්ති වත්මන් දකුණු ආසියාතික උස පැනීමේ රන් පදක්කම්ලාභිණිය ද වන්නීය. 
නිමලේන්ද්‍ර


පළමු දිනයේ එක් වූ වාර්තා අතරට ඊයේ තවත් වාර්තා 14 ක් එක් වූ
 අතර එම වාර්තාලාභින් අතර ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන
 දිනේෂ් එරංග ප්‍රනාන්දු,ඩබ්කේඑල්නිමාලි,සලින්ද රන්දිව
 වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වූහ.එසේම අවුරුදු 20 න් පහළ
 තරගවලදී ද කැපී පෙනෙන දක්ෂතා දැක් වූ අතර 
යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සහභාගි වූ 
ආර් නිමලේන්ද්‍ර යගුලිය වීසිකිරීමේ තරගයේදී
 මීටර් 15.13 ක දක්ෂතාවයක් දැක්වීම ඒ අතරින් 
කැපී පෙණින.ගෙවුණු ආසියානු යොවුන් ක්‍රීඩා
 තරගාවලියේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කළ 
නිමලේන්ද්‍ර යුද්ධයේ නිමාවත් සමග 
ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට යාපනයෙන්
 එක් වූ රිටි පැනීමේ,උස පැනීමේ සහ වීසි කිරීමේ 
සූර සූරියන් අතර කැපී පෙනෙන ක්‍රීඩකයෙකි. 


නිමාලි 



යොවුන් ක්‍රීඩා උළෙලේ ඉකුත් වසරේ 20 න් ඉහළ
දක්ෂතම ක්‍රීඩිකාව වූ නිමාලි ශ්‍රීලංකා මලල ක්‍රීඩා පිටියේ සිටින සුවිශේෂීම ධාවිකාවක් බව ඊයේ යළිත් ඔප්පු කළාය.
කිහිප වරක්ම මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ජාතික වාර්තාව එරංගා දුලක්ෂි සමග හුවමාරු කර ගත් නිමාලි,
මේ වන විට සෞඛ්‍ය උපදෙස් ලබමින් දුර ධාවන එම ඉසව් වලින් තාවකාලිකව ඉවත්ව සිටින අතර තුර ජාතික මලල ක්‍රිඩා සුරතාවලියේ දී මීටර් 400 කඩුලු පැන දිවීම ඉසව්ව ජයගත්තාය.ඉකුත් වසරේ මෙන්ම මෙවරද යළි මීටර් 400 ජයග්‍රහණය කරමින් නිමාලි 
දෙවැනි ස්ථානයට පත් කරන්නේ ශ්‍රී ලංකා මීටර් 400 
සහය දිවීමේ කණ්ඩායම පවා නියෝජනය කර ඇති 
ප්‍රබල ක්‍රීඩිකාවක් වන තනූජා කුමාරි ය.නිමාලි මේ තරගයේදී තත්පර 56.40 ක දක්ෂතාවයක් දක්වන්නට සමත්විය.

දිනේෂ්



මේ අතර එරංග දිනේෂ් ප්‍රනාන්දු මීටර් 16.09 ක දක්ෂතාවයක්
දක්වමින් සති කිහිපයක් ඇතුළත නැවත මීටර් 16 සීමාව 
ඉක්මවා තුන් පිම්මමෙන් දස්කම් දැක්වීම කැපී පෙණින.
නමුත් එම දක්ෂතාවය නව වාර්තාවක් ලෙස පිළි නොගැනෙන
 අතර එම වාර්තාව සුළගේ ආධාරයෙන් පනින ලද පිම්මක් 
ලෙස සටහන් වී තිබිණ.නමුත් දිනේෂ් ගේ මීටර් 16.04 ක් වූ 
එක් පිම්මකට සුළගින් සහයක් නොලැබුණු අතර,
එම පිම්ම නව ක්‍රීඩා උළෙල වාර්තාවක් ලෙස පිළිගැණින.
ඒ අනුව ජාතික වාර්තාවේ උරුමක්කාරයා වන 
එරංග දිනේෂ් ප්‍රනාන්දු ගේ නම මින් මතු 
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේද 
තරග වාර්තාලාභියා ලෙස වාර්තා පොත් අතරට එක්විය.


අනුරාධපුර පාපන්දු කණ්ඩායම
මීට අමතරව අවුරුදු 20 න් පහළ ඉසව් වලදී පිරිමි දුර පැනීමේ තරගයේදී ජීකේඩීඑස් ප්‍රියන්ත (මීටර් 7.20), මීටර් 110 කඩුලු මතින් දිවීමේ තරගයේදී (තත්පර 14.69),බාලිකා යගුලිය තරගයේදී ටීඑම්එච් බැට්ටගේ(මීටර් 10.93),මීටර් 100 සහය දිවීමේ තරගයේදී කළුතර දිස්ත්‍රික්කය (තත්පර 42.37) නව වාර්තා බිහි කළහ.වයස 20 න් ඉහළ තරග අංශයේදී මීටර් 110 කඩුලු මතින් දිවීමේ වත්මන් ජාතික සූරයා වන සලින්ද රන්දිව් (තත්පර 14.49),පිරිමි හෙල්ල වීසි කිරීමේ තරගයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ ඩීඑස් රණසිංහ (68.75),උස පැනීමේ තරගයේදී ඩබ්ඩීපී විජේසිංහ (මීටර් 2.05),මීටර් 400 තරගයේදී චානක මධුෂාන් ජයසේකර (තත්පර 47.39),මීටර් 100 සහය දිවීමේ පිරිමි තරගයේදී මාතර දිස්ත්‍රික්කය (තත්පර 42.25,)ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ නව වාර්තා කරන්නට සමත් වූහ.මේ අතර ඊයේ පැවති පාපන්දු තරගයේදී බදුල්ල දිස්ත්‍රික්කය ට අනපේක්ෂිත පරාජයක් අත් කර දුන් අනුරාධපුර දිස්ත්‍රික්කය ගෝල 3 - 0 ක ජයක් ලබමින් කැපී  පෙනෙන දස්කම් දැක්වූහ.
ඡායාරූප - සංජීව සමරවික්‍රම

බේස්බොල් ලීග් සූරතාවය දෙසැම්බර් 9 ඇරඹේ

ජාතික බේස්බෝල් ලීග් සූරතාවලිය අරඹමින් දෙසැම්බර් නව වන දා නගර තුනක් කේන්ද්‍ර කර ගනිමින් පළමු තරග හතර පැවත්වෙන බව ජාතික බේස්බෝල් සංගමයේ ජාතික සංවිධායක දිනේෂ් පෙරේරා පවසයි.ඔහු පවසන්නේ දෙසැම්බර් නව වන දිනට පසු මූලික වටයේ තරග යලි ආරම්භ වන්නේ ජනවාරි මස බවයි.ඊට හේතුව දකුණු ආසියාවේ ඉදිවන පළමු බේස්බොල් ක්‍රීඩාංගණය විවාත වීමේ කටයුතු වෙනුවෙන් කාලය වැය කරන්නට නියමිත බැවිනි.
ප්‍රතිමළුන් පිටු දැකීමේ තරග පවත්වා එහිදි දක්ෂතා දැක් වූ හොදම කණ්ඩායම් 8 අතර මෙම තරගාවලිය ක්‍රියාවට නැගෙන අතර සුපිරික්‍රීඩා වෙත වාර්තා වන  අයුරෙන් තරගාවලිය සදහා මෙම කන්ඩායම් අට සදහා ඇතුළත් වීමට අවස්ථාව අහිමි වූ කණ්ඩායම් වල සිටි දක්ෂතම ක්‍රීඩකයින් ඇතැමෙකු මෙම කණ්ඩායම් අට සදහා ක්‍රීඩා කිරීමට සුදානම් වන බවයි.
ජාතික සූරතාවලියේ දක්ෂතා පදනම් කරගෙන මෙම තරගාවලිය පැවත්වෙන්නේ නම්,එසේ ක්‍රීඩා කිරීම සදාචාරාත්මක නොවන අතරම,එය සාමාන්‍යයෙන් නීතීමය වශයෙන්ම වාරණය විය යුතුය.බේස්බෝල් සංගමයේ එවැනි නීතිමය පදනමක් නොමැත්තේනම් වහාම එම තත්ත්වය ඇති කර සදාචාරාත්මක ලෙස ක්‍රීඩකයන්ට එක ක්‍රීඩා සමාජයකට පමණක්  ක්‍රීඩා කිරීමට හැකි ලෙස අවශ්‍යය පසුබිම නිර්මාණය කර ගත යුතුය.
විවෘත වූ පමණින් ක්‍රීඩා පිටිය ක්‍රීඩා කිරීමට හැකි තත්ත්වයට පත් නොවන අතර ශ්‍රී ලංකාවේ ජාතික බේස්බෝල් පුහුණුකරු වටිනබේ ගේ මහත් කැපවීම මූලික කර ඉදිවන මෙම ක්‍රීඩාංගණය ජපානයට වැදගත් කාල සටහනකට විවෘතය සිදුවිය යුතු බැවින් මෙදිනට විවාත වුව ද,ඉදිරියේ තෘණ වගාවෙන් පසුව ක්‍රීඩා පිටිය තරග සදහා පුහුණුව සදහා සුදුසු තත්ත්වයට පත් වනු ඇත.කෙසේ හෝ දකුණු ආසියාවේ මේ ආශිර්වාදය ලැබෙන පළමු රට ලෙස ශ්‍රී ලංකාවට මෙම ක්‍රීඩාංගණයේ පහසුකම් ද ප්‍රයෝජනයට ගෙන පසුගිය ජාතික සූරතාවලිය මෙන්ම පැවත්වෙන ලී ග් සූරතාවලියද ප්‍රයෝජනයට ගෙන හොද ජාතික සංචිතයක් පවත්වා ගෙන යාම අනිවාර්යය වන අතර එවැනි තත්ත්වයකදි හදිසියේ ක්‍රීඩකයෙකු සංචරයකින් ඉවත් වන්නේ නම් ඒ වෙනුවට ක්‍රීඩකයෙකුම සංචාරයට යෙදවීමේ හැකියාව බේස්බෝල් සංගමයට ලැබෙනු ඇත.
තරග කාල සටහන පහත දැක්වෙන අතර මෙහි දැක්වෙන මූලික තරග නිමා වූ පසුව ජනවාරි 20 දා අවසාන පූර්ව තරගත් ජනවාරි 27 වන දා පළමු ස්ථාන හතර තීරණය කරන තරග දෙකත් පැවත්වීමට නියමිතය.තරගාවලියේ මූලික තරග වටයේ තරග කාල සටහන පහත දැක්වේ.

 NATIONAL BASEBALL LEAGUE CHAMPIONSHIP – 2012
Group-A                                                   Group-B
Ranabima Royal Baseball Club                 Royal Baseball Club
Army Baseball Club                                 Maroons Baseball Club
D.S Knights Baseball Club                       Asia Baseball Club
Richmond Baseball Club                          Kandy Baseball Club
1st ROUND
Group   Date                            Home Team Name                Visit Team Name       Venue           Time
A         9th December 2012      Richmond                                 Army                       Galle          11.00am
A         9th December 2012      Ranabima Royal                       D.S Knights              Kandy       11.00am
B         9th December 2012      Royal                                       Kandy                      Colombo    11.00am
B         9th December 2012      Asia                                         Maroons                  Colombo     11.00am
A         6th January 2013          Ranabima                                 Army                        Kandy        11.00am
A         6th January 2013          D.S Knights                             Richmond                 Colombo     11.00am
B         6th January 2013          Maroons                                  Royal                        Colombo     11.00am
B         6th January 2013          Asia Baseball                           Kandy                       Colombo     11.00am
A        13th January 2013         Ranabima Royal                       Richmond                  Kandy         11.00am
A        13th January 2013         Army                                       D.S Knights               Galle           11.00am
B         13th January 2013        Asia                                         Royal                         Colombo    11.00am
B         13th January 2013        Kandy                                      Maroons                    Kandy        11.00am    
www.supirikrida.com

වසරේ සූරයන්ගේ කිරුළ බෝල්ට් ට සහ ෆෙලික්ස් ට

HSH Prince Albert of Monaco, Usain Bolt, Allyson Felix and IAAF President Lamine Diack at the 2012 Athlete of the Year Ceremony (Philippe Fitte)

මේ වසරේ මලල ක්‍රීඩා පිටියේ දක්වන ලද දක්ෂතාවයන් සැළකිල්ලට ගෙන වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් සහ ඇමෙරිකාවේ ඇලිසන් ෆෙලික්ස් තෝරා ගෙන ඇත.ස්පාඤ්ඤයේ බාසිලෝනා හී පැවති මෙම සම්මාන රාත්‍රියේ දී බෝල්ට්ට සහ ෆෙලික්ස් ට මෙම තෝරා ගැනීම හේතුවෙන් සුපිරිතමයන් වෙත පිරිනැමෙන සම්මානය මෙන්ම ත්‍යාග මුදල වශයෙන් ඇමෙරිකන් ඩොලර් ලක්ෂය බැගින් ද පිරිනැමිණ.
වර්ථමානයේ සිටින සුපිරිතම කෙටි දුර ධාවකයා ලෙස අවිවාදිත බෝල්ට් මෙම සම්මානය සිව්වන වරට දිනා ගත් අතර ෆෙලික්ස් ට මෙම සම්මානය හිමි වූයේ පළමු වරට ය.බෝල්ට්ට ඔලිම්පික් රන් පදක්කම් තුනක් දිනා ගනිමින් දැක් වූ දක්ෂතාවයට සහ ඇලිසන් ෆෙලික්ස් එම ඔලිම්පික් උළෙලේම රන් පදක්කම් තුනක් දිනා ගනිමින් දක්වන ලද දක්ෂතාවය මෙම සම්මානය පිරිනැමීමේදී විශේෂ අවධානයට ලක් වී තිබිණ.
වසරේ හොදම දක්ෂතාවය ලෙස පිරිමි අංශයෙන් මීටර් 800 ඉසව්ව සදහා කෙන්යාවේ ඩේවිඩ් රුඩීෂා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී විනාඩි 1:40.91 ක කාලයක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් තබමින් පෑ දක්ෂතාවය ඇගයීමට ලක් කළ අතර කාන්තා අංශයේ හොදම දක්ෂතාවය ලෙස ඇගයීමට ලක් වූයේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී ඇමෙරිකානු මීටර් 100 කාන්තා සහය දිවීමේ කණ්ඩායම නව ලෝක වාර්තාවක් තබමින් තත්පර 40.82 ක දක්ෂතාවයක් දැක්වීමයි.වසරේ අති සූර ක්‍රීඩිකා ඇගයීමට මෙන්ම හොදම දක්ෂතාවය දැක් වූ ඇමෙරිකානු කාන්තා සහය දිවීමේ කණ්ඩායමේ ඇගයීමට ද ෆෙලික්ස් ලක් වීම මෙහිදී විශේෂ සිදුවීමකි.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ මොනැකෝ හී ඇල්බට් කුමරු සහ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සභාපති ලැමිනේ ඩියැක් බෝල්ට් සහ ෆෙලික්ස් සමග ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවයි.
www.supirikrida.com