Jun 21, 2012

ලංකාවේ කබඩි ක්‍රීඩකයෝ පකිස්තානය විශ්මයට පත් කරමින් පරාජය වැළද ගනිති

තෙවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම සිය කාණ්ඩයේ ප්‍රබලතම කණ්ඩායම ලෙස හදුනා ගෙන සිටි පකිස්තානයට එරෙහිව දැවැන්ත අභියෝගයක් එල්ල කරමින් ලකුණු 35 – 21 ලෙස පරාජය ලැබීය.තරගයේ ප්‍රථම අර්ධයේ දී ප්‍රබල පකිස්තානුවන් තරගය සියතට ගෙන සිටි අතර ලකුණු තත්ත්වය 21 – 14 ක් ලෙස නිමාවට පත් විය.
නමුත් දෙවන අර්දයේදී තරගයට වඩා විශ්වාසයකින් පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පකිස්තානය විශ්මයට පත් කරමින් ප්‍රබල සටනක් ලබා දුන් අතර එම වටයේ ලකුණු තත්ත්වය අනුව (14 – 13) පකිස්තානයට ඉදිරියෙන් සිටීමට හැකි වූයේ එක ලකුණක් පමණි.දැනට සිය ඛාණ්ඩයේ පකිස්තානයට පමණක් පිටු පසින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද ඇෆ්ගනිස්තානය හමුවේ තරග වැදීමට නියමිත අතර ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය ලැබූ තායිලන්තයට ලකුණු 32 – 60 ලෙස පරාජය වී සිටින නිසා ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගෙන කාණ්ඩයේ දෙවන ස්ථානයට පත් වීම අපහසුවක් නොවනු ඇතැයි සිතිය හැකිය.
මේ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සිය දෙවන පරාජයට ද මුහුණ දුන් අතර තායිලන්තය හමුවේ ලකුණු 66 – 35 කින් පරාජය ලැබුවාය.අද ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ එම කාණ්ඩයේ සිටින ප්‍රබලතම කණ්ඩායම වන ඉන්දියාවය.

No comments: