Nov 24, 2012

ලෝක යොවුන් බොක්සිං තරගාවලියට ලංකාවෙන් තුනක්



හෙට්ටිආරච්චි
              
සත්‍යජිත්
සදරුවන්
ර්මේනියාවේදී නොවැම්බර් 25 වන දින දෙසැම්බර් 07 වන දින දක්වා පැවත්වෙන ලෝක යොවුන් බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙකු සහභාගි කරවන්නට ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සම්මේලනය තීරණය කර ඇත.ඒ අනුව ස්ලිම්ලයින් බොක්සිං ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් රොෂාන් සදරුවන්,මහනුවර විද්‍යාර්ථ විදයාලය නියෝජනය කරමින් නිර්මාල් සත්‍යජිත් සහ පානදුර සුමංගල විද්‍යාලය නියෝජනය කරමින් රොෂාන් හෙට්ටිආරච්චි මෙම තරගාවලියට සහභාගි කරවිමට තෝරා ගෙන ඇති ක්‍රීඩකයින් තිදෙනාය.කණ්ඩායමේ පුහුණුකරු ලෙස සහභාගි වන්නේ අමිල අරවින්දය.කළමණාකරු ලෙස ලක්ෂ්මන් වීරසේන සහභාගි වීමට නියමිතය.සහභාගීත්වය වෙනුවෙන් මෙන්ම ඒ සදහා වන සූදානම් වීම සදහා පුහුණුව සහ අනෙකුත් භෞතික පහසුකම් සම්පාදනය කරමින් මාස් සමූහයේ සමූහ අධ්‍යක්ෂ ඩයන් ගෝමස් විසින් බර පැන දරන්නට එකග වීම මෙම සහභාගීත්වය සනාත කරන්නට හේතුවක් විය.ඔහුගේ ශක්තිය සහ මග පෙන්වීම මත ආර්මේනියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ හෙට දවස ආලෝකමත් කරන්නට නියමිත ආධුනික යොවුන් බොක්සිං ක්‍රීඩකයන් සමග  හෙට සිට තරග බිමට පිවිසෙන්නට නියමිතය. www.supirikrida.com 

  

පළමු දිනයේම නව වාර්තා අටක්

චම්පිකා 
මෙවර යොවුන් ක්‍රීඩා උළෙලේ පළමු දිනයේම නව වාර්තා අටක් බිහි විය.ඒ අතරින් 20 න් ඉහළ කාන්තා මීටර් 800 තරගයේදී කුරුණැගල දිස්ත්‍රික්කයේ චම්පිකා දිල්රුක්ෂි විනාඩි 2:05.34 ට එම ඉසව්ව නිම කිරීම වඩාත් කැපී පෙණින.එය එම ඉසව්වේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක වාර්තා කළ හොදම තෙවන කාලය වන අතර ශ්‍රී ලංකාව තුළ දී ක්‍රීඩිකාවක වාර්තා කළ හොදම දෙවන කාලය වන්නේය.ජාතික වාර්තාලාභිණිය වන ධම්මිකා ශ්‍රියාණි මැණිකේ ට පසුව වාර්තා වූ හොදම කාලයන් දෙක වාර්තා වි ඇත්තේ චම්පිකාගෙන් වන අතර ඇය ඊයේ ඊයේ ලංකාව තුළ එම ඉසව්වේ හොදම ධාවන කාලයේ දෙවන ස්ථානය ද දිනා ගත්තේ මෑත කාලයේ මැදි දුර ධාවනයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඇය ලබා තිබෙන වටිනාකම තව දුරටත් රැක ගනිමින්ය.
මිලාන් 






මේ අතර ලොව කණිෂ්ඨ උස පැනීමේ සූරයන් අතර ඉකුත් ජගත් මලල ක්‍රීඩා සූරතාවලියේදී හත් වන තැන ගබා ගත් මිලාන් මධුෂ්ක දිසානායක ඊයේ නව උළෙල වාර්තාවක් තබමින් මීටර් 2.10 උසක් තරණය කරමින් අවුරුදු 20 න් පහළ උස පැනීමේ ඉසව්ව ජය ගැනීමට සමත්විය.කොළම දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා යුධ හමුදාවේ විදුල සහ යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සෙබළෙකු වන මිලාන් හංවැල්ල රාජසිංහ විද්‍යාලයෙන් ක්‍රීඩා පිටියට පිවිසි ක්‍රීඩකයෙකි.

මිලන්ත




එසේම වර්ථමානයේ ලාංකේය දුර පැනීමේ

ඉසව්වේ සිටින සාර්ථකම ක්‍රීඩකයා ලෙස
හැදින්විය හැකි මිලන්ත මධුෂ්ක දිසානායක
මීටර් 7.65 ක දුරක් පනිමින් නව තරග වාර්තාවක්
තබමින් තමන් නියෝජනය කරන කුරුණෑගල
දිස්ත්‍රික්කයට අවුරුදු 20 න් ඉහළ දුර පැනීමේ
ජයග්‍රහණය ලබා දෙන්නට සමත් විය.ඔහු
ශ්‍රී ලංකා යුධ හමුදාවේ විදුලි සහ යාන්ත්‍රික
 ඉංජිනේරු බලකායට සම්බන්ධ සෙබළෙකු
වන අතර පොල්පිතිගම ජාතික පාසලෙන්
බිහි වූ දුර පැනීමේ සූරයෙකි.




ලේකම්ගේ



      මේ අතර පසුගියදෘ පැවති ජාතික මලල
        ක්‍රීඩා සූරතාවලියේදී හෙල්ල වීසි කිරීමේ
     ජාතික වාර්තාලාභිය මෙන්ම 2000 බීජිං
     ඔලිම්පික් උළෙල නියෝජනය සදහා සුදුසුකම්
    ලැබූ නදීකා ලක්මාලි පරාජය කරමින්
     පෙරළියක් කළ නදීශා දිල්හානි ලේකම්ගේ
     යළිත් වරක් සිය දක්ෂතාවයන් තහවුරු කරමින්
    මීටර් 49.17 ක දක්ෂතාවයක් දක්වමින්
   අවුරුදු 20 න් ඉහළ හෙල්ල වීසි කිරීම තරගය
   ජය ගත්තාය.රත්නපුර දිස්ත්‍රික්කය
   නියෝජනය කරන ලේකම්ගේ ද
      ශ්‍රී ලංකා යුධ හමුදාවට සම්බන්ධ ක්‍රීඩිකාවකි


මීටර් 10,000 ඇරඹුමේ චානුක (702)


මේ අතර වැලිමඩ ජාතික පාසලෙන් බිහිව වර්ථමානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
සම්බන්ධ වී සිටින චානුක විජේසිංහ තමන්
දුර දිවීමේ ධාවන පථය තුළ මතු ව ඇති
අලුත්ම අභියෝගය බව යළිත් වරක්
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේදී ද සහතික
කිරීමට සමත් විය.බදුල්ල දිස්ත්‍රික්කයට
 අවුරුදු 20 න ඉහළ මීටර් 10000 ජයග්‍රහණය
 හිමි කර දීමට සමත් වූ චානුක මෙම
තරගයේදී වාර්තා කළ විනාඩි 31:28:.04 ක
 කාලය යොවුන් ක්‍රීඩා උළෙලේ
නව වාර්තාවක් බවට පත් විය.
එසේම කාන්තා යගුලිය වීසි කිරීමේ ජාතික වාර්තාලාභිය පවා පවා පරාජය කරමින් දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා වීසි කිරීම් ඉසවව් අතරට පෑයූ නව බලාපොරොත්තුවක් වන කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන තාරිකා කුමුදුමාලි ප්‍රනාන්දු අවුරුදු 20 න් ඉහළ යගුලිය ඉසව්වේ නව තරග වාර්තාව සිය නමට ලියා ගැනීමට සමත් වූවා ය.ඒ මීටර් 13.90 ක දක්ෂතාවයක් දක්වමින්ය.එසේම ගෙවුණු යොවුන් ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ  ශ්‍රී ලංකා සංචිතයට එක් ව සිටි කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඩීඑම්පීසී දිසානායක මීටර් 62.59 ක දක්ෂතාවයක් දක්වමින් අවුරුදු 20 න් පහළ බාලක හෙල්ල වීසි කිරීමේ ඉසව්ව ජය ගත්තේ නව තරග වාර්තාවක් තබමින්ය.එසේම වයඹ පළාතේම පුත්තලම දිස්ත්‍රික්කයට අයත් යොවුන් දුර පැනීමේ සූරියක වන කේඒටී ලක්ෂානි ද ඊයේ වාර්තා පොත අලුත් කළ ක්‍රීඩිකාවක් බවට පත් වූවා ය.ඒ මීටර් 5.62 ක දක්ෂතාවයක් දක්වමින් අවුරුදු 20 න් පහළ දුර පැනීමේ ඉසව්ව ජය ගනිමින්ය.
www.supirikrida.com

Nov 23, 2012

ලංකෙම් රොබියලැක් තෙවන වරටත් තෝමසුවන්ට අන්දවයි

ල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ ඇගළුම් අනුග්‍රාහකයා ලෙස තෙවන වරටත් කටයුතු කරන්නට ලංකෙම් රොබියලැක් ආයතනය ඉදිරිපත් වී සිටියි.එය නිල වශයෙන් සංඛේතවත් කරමින් එම ඇදුම් ප්‍රදානය පසුගියදා විද්‍යාලීය සභා ශාලාවේදි පැවත්විණි.එම අවෂ්ථාවට එක් වූ ලංකෙම් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ රුවන් ටී වීරසිංහ පෙන්වා දුන්නේ,ක්‍රිකට් ක්‍රීඩාව සදහා දීර්ඝ සහ කීර්තිමත් ඉතිහාසයක් ඇති මෙම විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ ඇගළුම් අනුග්‍රාහකයා වීමට ලැබීම පිළිබදව තම ආයතනය මහත් සේ සතුටට පත්වන බවය.
විද්‍යාලීය භාරකරු මහාචාර්ය ඉන්ද්‍රා ද සොයිසා පෙන්වා ලංකෙම් සමාගම තෙවන වරටත් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ ඇගළුම් අනුග්‍රාහකයා වෙමින් කරනු ලබන පරිත්‍යාගය මහත් ඉහළින් අගය කරමින් සිය ස්තූතිය පුද කර සිටියේය.ඡායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවේදී රුවන් ටී වීරසිංහයන් විසින් මහාචාර්ය ඉන්ද්‍රා ද සොයිසා වෙත සංඛේතාත්මකව ඇගළුම් පරිත්‍යාගය සිදු කළ අවස්ථාවයි.එම අවස්ථාවට එක් වූ විද්‍යාලීය ක්‍රීඩා නායක විජිත ද සිල්වා, උප භාරකරු මාර්ක් බිලිමෝරියා පියතුමා,පළමු පෙළ ක්‍රිකට් නායක මධුෂාන් රවි චන්ද්‍රකුමාර,උප නායක ජාවෙඩ් බොංසෝ සහ ක්‍රිකට් භාර ආචාර්ය ලක්මාල් ද සොයිසා යන අය පිළිවෙලින්  ඡායාරූපයේ වෙති.
www.supirikrida.com

Nov 22, 2012

ලොගාඩ් ගේ මූඩිය හැම බෝතලේටම

රුන් ලොගාඩ් විසින් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබා දුන් ස්වාධීන පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ ක්‍රීඩා පණතට එක්කර එළැඹෙන මාර්තු මාසයේ සිට ක්‍රියාවට නැංවීමට ක්‍රීඩා අමාත්‍යවරයා දරණ උත්සාහය අරක්කු මූඩියෙන් පැණි බීම බෝතලයත් වැසීමට උත්සාහ දැරීමක් වැනිය.ලොගාඩ් ක්‍රිකට් අර්බූදය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ අතර සෙසු ක්‍රීඩා සදහා ද එයම වලංගු යැයි සිතීම දුෂ්කරය.ක්‍රිකට් ක්‍රීඩව පමණක් අප රටේ වෘත්තීය මට්ටමෙන් ක්‍රියාත්මක වන අතර අනෙකුත් සෙසු ක්‍රීඩා සදහා එවැනි වාතාවරණයක් නැත.ක්‍රිකට් හී දේශපාලනය සාමාන්‍ය පක්ෂ දේශපාලනයේ බලය ද ඉක්මවා යන තත්ත්වයෙන් තිබෙන බව ක්‍රීඩා අමාත්‍යවරයා පිළිගත්තද - නොපිළිගත්තද එය මුසාවක් නොවන බව ක්‍රිකට් ගැන දන්නා අයෙකුගේ හෘද සාක්ෂිය දන්නේය.
මේ වන විට මේ රටේ බැඩ්මින්ටන් සහ නෙට්බෝල් ක්‍රීඩාව උදාහරණයකට ගත් විට ක්‍රිකට් හරහා ලොගාඩ් ගෙනෙන යෝජනාව අනෙකුත් ක්‍රීඩා හා ගැලපේදැයි සිතීම ගැටළුවකි.ගෙවුණු ආසියාතික දැල්පන්දු තරගාවලියේ දී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් සංචිතයට පැමිණියේ අමාත්‍යවරයාගේ මැදිහත් වීම පිටය.එය එසේ නොවුණා නම් අපට අනු සූරතාවය ද අහිමි වන්නට තිබිණ.බැඩ්මින්ටන් අවුල් - වියවුල් වී ඇත.ඒවා වෙනස් කිරිමට හැකි බලය ක්‍රීඩා අමාත්‍යවරයා භාවිතයට නොගනිමින් ඇත.මේ මොහොතේ ඇති ගැටළුව එවැන්නකි.
සිදුවිය යුත්තේ ක්‍රීඩාවේදි පළමුව අමාත්‍යවරයා නිර්දේශපාලනිකව හැසිරීමය.එය අමාත්‍යවරයාගෙන් අමාත්‍යවරයාට නොවෙනස් ප්‍රතිපත්තිමය කාරණයක් වන්නේනම් එය වඩාත් වැදගත් ය.තවමත් වගකීමක් පැවරීමේදී ලකුණු ලබා දෙන්නේ සහතික වලට වන අතර උදාහරණයකට පුහුණුකරුවෙක්ට වරප්‍රසාද ලබාදීමේදී ඔහු ලබා ගත් සහතික නිරීක්ෂණයට වඩා වැදගත් ඔහු සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දී ඇති සහතිකය.
මේ ආකාරයට ප්‍රතිපත්තිමය කාරණා මත ක්‍රීඩාවේ තේරීම් සිදුවිය යුතුය.එවැනි ප්‍රායෝගික ව්‍යහුයක් ලංකාවේ ක්‍රීඩාව තුළ දකින්නට නැත.ක්‍රීඩා පාළක සභාව හිතවත්කම මත නොපිරෙන තැනක් වන්නේනම් සහ එය ක්‍රීඩාව පිළිබදව දැනුවත් පුද්ගලයන්ගෙන් පිරී ඇත්නම් අමාත්‍යවරයාගේ වගකීම් ඒ වෙත මාරු කිරීමට හැකිය.සෑම තේරීම් කමිටුවකටම පත්වීම සදහා ඉල්ලුම් පත් කැදවිය යුතුය.ඔවුන් ට තේරීම් තරග පැවත්වෙන දින සදහා සිය සේවා ආයතනවලින් නිවාඩු ලබා ගැනීමට හැකි පරිදි මැදිහත්වීමක් අමාත්‍යංශය හරහා සිදු විය යුතුය.‍එසේ ඉල්ලුම්පත් යොමු කිරීමට ඔවුන් තේරීම් සදහා සහභාගිවන සෑම දිනයකදිම හෝ ඔවුන්ට පිළිගත හැකි දෛනික දීමනාවක් ලබා දිය යුතුය.එවැනි මූල්‍යමය වාතාවරණයක ඒ සදහා ඉදිරිපත්වන්නන් ප්‍රමාණය වැඩි විය හැකි අතර ඔවුන් අනතුරුව ක්‍රීඩා පාළක සභාවේ සම්මුඛ පරීක්ෂණයකින් පසුව ඒ සදහා පත් කළ යුතුය.
ක්‍රීඩා කණ්ඩායම් සදහා විදේශ සංචාර සදහා වැය කරන අති මහත් මුදල් කන්දරාව නැවතිය යුතුය.එම මුදල් ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය පිණිස යොදාගත හැකිය.හදුනාගත් විශේෂ අවස්ථාවන් හී ගමන් අනුග්‍රහය සදහා මැදිහත් වීම් කළ හැකි අතර එසේ නොවන තැන් හී එම ගමන් අනුග්‍රහ අදාළ ක්‍රීඩා සංගමය හෝ සම්මේලනය විසින් සොයා ගත යුතුය.එහිදී පළමු වැන්න ලෙස ක්‍රීඩා පරිපාලනයට එන සභාපතිවරයා,ලේකම්වරයා සහ භාණ්ඩාගාරිකවරයා ආර්ථික වශයෙන් කෙතරම් ශක්තිමත් විය යුතුද යන්න පිළිබදව විමසා බැලෙන සීමාවක් ලකුණු විය යුතුය.එසේම ගහමරා ගනිමින් බලයට එන එම පිරිසට එම ක්‍රීඩාවට අනුග්‍රාහකත්වයක් සොයා ගැනීමට හැකියාව තිබිය යුතු අතර ක්‍රීඩා සංචාර තරගාවලි සංවිධානය වැනි කාරණා වලට මුදල් යෙදවීම වෙනුවට ඒවා අධික්ෂණය කිරීමෙන් සෑහෙන්නට ක්‍රීඩා අමාත්‍යංශයට හැකියාව තිබිය යුතුය.
ඒ නිසා ලොගාඩ් ගේ වාර්තාව ක්‍රිකට් වලින් බැහැරව වෙනත් ක්‍රීඩා වලට යෙදවීමට යාමේ දී ගැටළු අතිවිය හැකිය.ක්‍රීඩා පණතේ ක්‍රීඩා අමාත්‍යවරයාට බලය ලබා දෙමින් වගන්ති නිර්මාණය වීමට බල පෑ සාධක තවමත් නොවිසදී පවතින බව පමණක් අප දත යුතුය.මෙවැනි ප්‍රායෝගික කාරණා පිළිබදව මාධ්‍යවල හා වෙනත් ලාංකේය ක්‍රීඩා ප්‍රේමින්ගේ අදහස් විමසා බැලීම සුදු හමකින් කෝටි ගණන් වැය කර ගන්නා අදහසක් තරම් නොවටිනා බව අපි දනිමු.ලොගාඩ් ගේ වාර්තාවේ තිබෙන දුර්වලතා ද මෙරට ජනමාධ්‍ය හරහා කෙතරම් අවස්ථාවක් පෙන්වා දුන්නද ඒවා පිච්චියකට ගණන් නොගෙන අද ලොගාඩ් අමුතුම වික්‍රමයක් කළ ආකාරයෙන් කෝටි එක හමාරක් වැය කර ඔහුගේ අදහස් මුදුන් මල්කඩ සේ සළකා කටයුතු කිරිමෙන්ම පැහැදිළිය.එහෙත් අප ක්‍රීඩාවේ සුභ සිද්ධිය පිණිස ගතයුතු ක්‍රියාමාර්ග ගැනීම සදහා ලොගාඩ් න්‍යාය සියල්ලට ආදේශ කිරීම පසෙකලා විධිමත් සංවාදයක් ඇරඹිය යුතුව ඇති බව කිව යුතුය.ඒ සදහා ලොගාඩ්ගේ වාර්තාවට වැය කළ කෝටි එක හමාරක් වැය කළ යුතු නැත.ඒ සදහා තෝරා ගන්නා නිර්දේශපාලනික ක්‍රීඩාප්‍රේමින්ට ප්‍රවාහණය සහ දෛනික දීමනාවක් හෝ ගෙවිය හැකිනම් සතියකින් පමණ එම අඩුපාඩු සකස් කර ගත හැකිය.
ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට ප්‍රතිපාදන ලබා දීමේ කාර්යයද වෙනස් විය යුතු බැවින් ක්‍රීඩා පණතේ ඒ ඒ ක්‍රීඩාවන් සදහා බලපාන විවිධ කාරණාද ප්‍රධාන වගන්ති වලට යටත්ව ක්‍රියාත්මක විය යුතු බැවින් ඒ පිලිබදවද අවධානය යොමු කළ යුතු අතර මේ තත්ත්වය මේ සටහන්කරුම දිනක් අමාත්‍යවරයාගේ සංශෝධන කෙටුම්පත සකස් කරන නිලධාරීන්ට පෙන්වා දුන් අතර එය සාකච්ඡා කිරීමට එකග වුව ද අද වන තුරු ඒ පිළිබදව කිසිදු උනන්දුවක් දක්වා නැත.මේ සියළු තත්ත්වයන් සැළකිල්ලට නොගෙන ලොගාඩ් ක්‍රිකට් වලට හදාපු මූඩිය පාපන්දුවටත් දමන්නට යාමේදී ප්‍රශ්නයක් ඇති වීම වැළක්විය නොහැකිය.තවත් ආකාරයකින් කියන්නේනම් මුදුගිල්ලට නිර්මාණය කරන මුද්ද සුළැගිල්ලට හෝ මාපටගිල්ලට දැමීමට යාමේදී විය හැකි ගැටළුව ගැන සිතීමෙන් තේරුම් ගැනීමට හැකිය.
www.supirikrida.com



ක්‍රීඩකයින් 30 ක් තේරීමේ දිස්ත්‍රික් තරග අද ඇරඹේ

ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීම ඇතිව ක්‍රියාත්මක කළ ජාතික සංචිතයට ක්‍රීඩකයන් 30 ක් තෝරා ගැනීම සදහා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමේ සිට ක්‍රියාත්මක වූ පාපන්දු තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග අද (22) කොළඹ ටොරිංටන් ක්‍රීඩා පිටියේදී ආරම්භ වේ.
මැත කාලයේ වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් ජාතික මට්ටමේ තරගාවලියකට ඉදිරිපත් වූ අවස්ථාව ලෙස මෙම තරගාවලිය හැදින්විය හැකි අතර ඒ සදහා කණ්ඩායම් 2300 ක් සහභාගි විය.එම කණ්ඩායම් ප්‍රමාණයෙන් තේරී පත් වූ දිස්ත්‍රික් ජයග්‍රාහකයන් අතර පැවත්වෙන තරග අද ටොරිංටන් පිටියේදී ඇරඹිමට නියමිතය.
www.supirikrida.com

වසරේ සරාගිම ක්‍රීඩිකාවෝ 100 නම් කෙරේ

Image via twitter.comhttp://bleacherreport.com නම් වෙබ් අඩවියේ මැදිහත් වෙමින් ගෙවෙමින් පවතින 2012 වසරේ ලොව සරාගීම ක්‍රීඩිකාවන් 100 ක් නම් කිරීමට පියවර ගෙන ඇත.ඔලිම්පික් ක්‍රීඩා උළෙල විවිධ ඉසව් වලින් නියෝජනය කළ සහ වෙනත් ජාත්‍යන්තර තරග සදහා සහභාගි වූ ක්‍රීඩිකාවන් අතරින් මෙම සිය දෙනා තෝරා ගැනීමට එම වෙබ් අඩවිය කටයුතු කර ඇත. 
http://bleacherreport.com/articles/1412920-the-100-hottest-female-athletes-of-2012 සබදතාවය හරහා එම සරාගී ක්‍රීඩිකාවන් කවුරුන්ද යන්න සුපිරි ක්‍රීඩා පාඨකයන්ටත් දැක ගන්නට අවස්ථාව ඇත.ක්‍රීඩාව තවත් ආකර්ශණීය කිරීමට මෙම ක්‍රීඩිකාවන්ගේ සරාගී පෙණුමද වැදගත් ‍වන අතර ඇතැම් විට ක්‍රීඩා ලෝලීන් විශාල වශයෙන් ක්‍රීඩා තරග නැරඹීමට එක් රොක් වීමට මොවුන් ගේ සුරූපී බව ද හේතුවකි.
www.supirikrida.com

Nov 21, 2012

නුවන් ප්‍රදීප් ඕස්ට්‍රේලියාවට

Nuwan Pradeep bowls for Sri Lanka Aනුවන් ප්‍රදීප් ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත කැදවන්නට තීරණය කර ඇති අතර දැනට පැවත්වෙන නවසීලන්ත ශ්‍රී ලංකා තරගාවලියේ ටෙස්ට් සංචිතයට ඇතුළත් වූ තරිදු කෞෂාල් ට නුවන් ගේ පැමිණීමෙන් අවස්ථාව අහිමි වී ඇත.දග පන්දු යවන්නෙකු වන තරිදුට වඩා ඕස්ට්‍රේලියානු තණතිලි වලදී නුවන් වැදගත් වේ යැයි යන හැගීමෙන් තේරීම් කමිටුව එම තීරණය ගන්නට ඇතැයි සිතිය හැකි නමුත්,වේග පන්දු යවන්නන් හය දෙනෙකු යොදා ගැනීමට වඩා අනාගතයට වඩා වැදගත් වන 19 හැවිරිදි තරිදු වැනි ක්‍රීඩකයෙකුට විදේශ අත්දැකීම් ලබා දීම කෙරෙහි තේරීම් කමිටුවේ අවදානය මීට වඩා යොමු වූයේ නම් වැදගත්ය.
මෙම සංචාරයට ටිඑම් ඩිල්ෂාන් කැදවා ඇති අතර බොහෝ විට ඩිල්ෂාන්ගේ මෙන්ම තවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම අවසාන ක්‍රිකට් සංචාරය මෙම ඕස්ට්‍රේලියානු සංචාරය විය හැකි යැයි ක්‍රිකට් සම්බන්ධ ආරංචි මාර්ග පැහැදිළි කරන්නේය.
www.supirikrida.com

මාධ්‍ය නොමිළේ කියූ දේ ලොගාඩ් කෝටි එක හමාරකට කියයි

Haroon Lorgat Current Chief Executive of the ICC Haroon Lorgat poses for photographs at Lords on June 22, 2009 in London, England.ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය විසින් ක්‍රිකට් ආයතනයේ ඇති වංචා,දූෂණ සහ අක්‍රමිකතා පිලිබදව පෙන්වා දුන් කරුනු විශාල ප්‍රමාණයක් ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩා පරිපාලනය ‍බොහොම පිලිකුළෙන් බැහැර කරන තත්ත්වයක් අපි දුටිමු.එවැනි දේ නෑ,පොඩි ප්‍රශ්නයක් කියමින් ප්‍රශ්න හා ගැටළු මෝරා වැඩෙන්නට දුන් ඔවුන් අවසානයේ කෝටි එක හමාරක වැය කර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සිටි ප්‍රධාන විධායකයා හරහා අසාර්ථකත්වයේ රෝග නිශ්චය කර ගැනීමට පෙළඹිණ.
ඒ රෝග ලක්ෂණ අනුව ජනමාධ්‍යයන් විසින් පෙන්වා දුන් බොහෝ කරුණු ඊට ඇතුළත් වන බව පැහැදිළිය.විශේෂයෙන්ම දේශපාලන මැදිහත්වීම් පිළිබදව ලොගාඩ් පෙන්වා දුන් කරුණු පිලිබදව අමාත්‍යවරයා පවසන්නේ එයින් අදහස් කරන්නේ තේරීම් කමිටුව පත් කිරීමට අමාත්‍යවරයාට ඇති බලය පිළිබදව ප්‍රකාශ වන බවය.එය මදකට එසේ තබා ලොගාඩ් ප්‍රකාශ කරන තේරීම් හි පක්ෂග්‍රාහී තත්ත්වයන් ද ගත් විට අමාත්‍යවරයාගේ මැදිහත් වීම් වක්‍රාකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනයට බලපාන දේශපාලන බාධකයක් වී ඇති බව අපි දකිමු.
අමාත්‍යවරයාම කියන පරිදි තේරීම් කමිටුවට පුද්ගලයන් පත් කිරීම සිදු කරන්නේ ක්‍රිකට් ආයතනය එවන නාම ලේඛණයක් හරහාය.ඒ එවන නාම ලේඛණයේ ඇති පුද්ගල නාම 5 ක් ඒ සදහා තෝරා ගැනීම සිදු වන්නේ අමාත්‍යවරයා අතින්ය.තේරීම් කමිටුවේ සදාකාලික සාමාජිකත්වය ඇත්තන් සේ ඒ සදහා ජනමාධ්‍යය මගින් සහ ක්‍රිකට් ප්‍රේමී බොහෝ දෙනා අතරේ විවේචනයට ලක්වන නම් ම ඒ සදහා ඇතළත් වන්නේ එසේනම් අමාත්‍යවරයාගේ තෝරා ගැනීම අනුවය.මේ ක්‍රිකට් තෝරාගැනීම අයාගේ යාමට දේශපාලන මැදිහත්වීම සිදුවන එකම ආකාරය යැයි සිතුවද එයද බරපතල තත්ත්වයකි.
ලොගාඩි ගේ යෝජනා සියයට 95 ක් ක්‍රියාත්මක කරන බව කියන විට අත හැරෙන්නේ මෙවැනි කාරනාද යන්න සැක සහිතය.අප අමාත්‍යවරයාට මෙන්ම ක්‍රිකට් පරිපාලනයට ද අභියෝගයක් කරන්නෙමු.ක්‍රිකට් ක්‍රීඩා කරාට වැඩි කාලයක් තේරිම් කමිටුවේ ඉන්න ඇතැමුන්ගේ පෞද්ගලික නිශ්චල සහ චංචල දේපළ වල නිසි පිළිගත් තක්සේරුවකට යටත් කළ එම ඉපයීම් වල සාධාරණත්වය නිරීක්ෂණය කළ හැකිද?
අපි බලා සිටින්නෙමු.
‍ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීමෙන් ඇති වූ මූල්‍ය අර්බූදය ගැන ලොගාඩ් ට පෙර මේ රටේ ජනතාව පිලිගත්තේ වැඩිම වුණොත් රුපියල් 50 ක් වියදම් කර ගන්නා පුවත්පතකින්ය.නමුත් ක්‍රීඩා සහ ක්‍රිකට් ප්‍රධානින්ට ඒ පිළිබදව දැන ගැනීමට ලොගාඩ් ට කෝටි එක හමාරක් ගෙවන්නට සිදු වී ඇත.ඇතැම් විට ජනමාධය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය කටයුතු කරන ආකාරයේ ඇති විවෘත සබදතාවය ලොගාඩ් විසින් ගැටළුවක් හැටියට හදුනා ගෙන ඉදිරිපත් කර ඇත්තේ තවත් කෝටි එක හමාරක් නැති කර ගන්නට එපා යනුවෙන් ක්‍රිකට් ආයතනයට ඉගි කරන අයුරෙන්ය.
කෙසේ හෝ ලොගාඩ් ගේ ප්‍රකාශනයෙන් බලාත්මක වන සියයට අනූ පහ ක්‍රිකට් සදහා වඩාත්ම වැදගත් කොටසද යන්න පිලිබදව විසදා ගන්නට තවත් කාලයක් අවශ්‍යය වනු ඇත.අපි විමසිල්ලෙන් බලා සිටිමු.
www.supirikrida.com

සුභ උපන් දිනයක්

ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද 49 වන වියට පා තබයි.ශ්‍රී ලංකා ක්‍රීඩා කේෂ්ත්‍රය දැඩි අර්බූද ගණනාවක වෙලී සිටින මොහොතක ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත් මහින්දානන්දයන් පැවති රටාවෙන් බැහැරව උඩු ගං බලා යාමට සැරසුණු ඇමතිවරයෙක් ලෙස ආරම්භයේ පෙනෙන්නට තිබුණද,වර්ථමානය වන විට සාම්ප්‍රදායික ක්‍රීඩා පරිපාලනයේ සුවච කීකරු චරිතයක් බවට පත්වෙමින් සිටින බව දකින්නට ඇත.වයෝවෘද්ධ නිලධාරීන්ගේ සිත් සැනසීමෙන් මහත් වූ මහත් පල ලැබෙන බව සිතමින් කටයුතු කරන බව සිතෙන තරමට පසුගිය කාලයේ දැල්පන්දු කේෂ්ත්‍රය තුළ අමාත්‍යවරයාගේ ක්‍රියා කළාපය හැදින්විය හැකිය.සාමානයයෙන් යහපත් දේ තබාගෙන රොඩු ඉවත් කිරීම සාම්ප්‍රදාය වුව ද,මේ වන විට රොඩු ඉතිරි කර ගැනීමේ වෑයමක නිරත වන බවක් පෙනෙන්නට ඇති ක්‍රීඩා අමාත්‍යවරයාට සෘජු තීරණ ගැනීමට බලයක් නැති ද යන්න සම්බන්ධයෙන් ද සැකයක් මතු වෙමින් පවතියි.
ඒ සදහා හොදම උදාහරණයක් ලෙස බැඩ්මින්ටන් ක්‍රීඩාව ගත හැකි අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරනු ලබන ප්‍රසිද්ධ ප්‍රකාශ අනුව මේ වන විට වෙනසක් ඇති වී තිබිය යුතු නමුත්,පරිපලනය නිරුපද්‍රිතව සිය කාර්යයන් හී සුපුරුදු පරිදි නිරත වෙමින් සිටියි.මේ අතර බැඩිමින්ටන් සභාපතිවරයාම බැඩ්මින්ටන් ක්‍රීඩාව සම්බන්ධ අපගේ මාධය මැදිහත් වීමේ ධනාත්මක අගය සම්බන්ධයෙන් පැසසුම් කරන අතරේම තමාට මෙම තනතුර සදහා අරලියගහ මන්දිරයේ සිටම ලැබෙන ආශිර්වාදය ද සිහිපත් කරන්නේ අමාත්‍යවරයාගේ බලතල ඊට පහළින් තිබෙන බවට ඉගියක් ලබා දෙමින්ද යන්නද සැක සහිතය.
කෙසේ හෝ උපන්දින සුභපැතුමක නොලියවිය යුතු දෑ ලිය වුණේයැයි යමෙකුට මේ ගැන විස්සෝපයක් ඇති වන්නට පුළුවන.නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රියාවලිය ක්‍රීඩාවට හිතකර තත්ත්වයෙන් පවත්වා ගෙන යන්නට සෘජු මග පෙන්විමක් කරන්නට උත්සාහ කර වෙබ් අඩවියක් ලෙස තවත් උපන්දින සුභ පැතුමක් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදීම මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් ලියන්නට අපි කැමැත්තෙමු.
පෞද්ගලික පරමාර්ථ වලින් තොරව අප කළ මැදිහත්වීම් හරහා අමාත්‍යවරයාට පෙන්වා දුන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන් සියල්ල අභිබවා පෙරමුණේ සිටින බව එතුමාම ඇහින් දුටු සාක්ෂි කොතෙකුත්ය.කිසිවිටක අමාත්‍යවරයාගේ පරිපාලන කීර්තියට හේතු නොවන පෞද්ගලික වාසි අපේක්ෂිත මැදිහත්වීමක් වෙනුවෙන් ක්‍රියා කර නොමැති මාධ්‍ය භාවිතාවක නියැලුණු බවත්,අවස්තානුකූලව යම් යම් සංචාර අනුග්‍රහ හෝ වෙනත් දේ බලාපොරොත්තුවෙන් අමාත්‍යවරයා මුරුංගා අත්තේ තැබීමට කටයුතු කර නැති බවත් අපේ හෘද සාක්ෂිය මෙන්ම අමාත්‍යවරයාගේ හෘද සාක්ෂියද දන්නා බැවින් මේ සුභ පැතීම් පණිවිඩයේ ඇති රළු බව මල් වලට වඩා මෘදු පිළිගැන්වීමක් බව තේරුම් ගන්නට අමාත්‍යවරයා බුද්ධිමත් වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
මේ වන විට විවේචනයන්ට පිළිතුරු දීමට හෝ විවේචනය නොතකා හරින නිවැරදි වීමේ අවශ්‍යයතාවයෙන් බැහැරව අමාත්‍යවරයා‍ ලෙස ගත් තීරණයක් දුර්වල වුව වෙනස් කිරීමෙන් සිය අභිමානයට හානි වන බව සිතන්නට පෙළඹෙන,අසාර්ථක වීමේ රෝග කාරකයන් අමාත්‍යවරයාට ඇතුළු කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යංශයේ අසමත් නිලධාරී සංයුතිය සමත් වී තිබෙන බවක් පෙනෙන්නට ඇති අතර ඒ නිසා මේ මොහොතේ අප අමාත්‍යවරයාට සුභ උපන් දිනයක් පතමින් නිරෝගි සහ විවෘත මනසකින් ක්‍රියා කරන්නට ශක්තිය හා දිරිය ප්‍රාර්ථනා කරන්නෙමු.
www.supirikrida.com

Nov 20, 2012

රංගන හේරත් අතපසුවීම් ආවරණය කරයි

www.supirikrida.com වෙත http://nismansinghe.blogspot.com සම්බන්ධ කර තවමත් වසරක් ගෙවි නැත.ඒ අතර තුර කාලය තුළ මහත් කැපවීමෙන් නැවුම් ක්‍රීඩා ප්‍රවෘත්ති 1000 ක් මේ වන විට ඉදිරිපත් කරන්නට අපට හැකි වී ඇත.මේ දහස් වන ප්‍රවෘත්තිය වන අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණයක් පිළිබද සටහනක් වීම පිළිබදව අප මහත් සේ සතුටට පත් වන්නෙමු.
Rangana Herath continued his excellent run in Galleරංගන හේරත් 1999 තරම් දුරකදී ටෙස්ට් වරම් ලබා සිය ප්‍රථම තරගයේදී ම ලකුණු 97 ට කඩුලු 4 ක් ලබා ගත්තද ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් ස්ථීර කර ගැනීම සදහා ඔහුට මෑතක් වන තුරුම බලා සිටින්නට සිදු විය.ඒ මුරලිදරන් ඉවත්ව යන තුරුය.එසේම සනත් ජයසූර්ය වමතින් දග පන්දු යවමින් අතිරේක කාර්යයක් ඉටු කිරීම නිසාද  රංගනගේ ස්ථානය ඇහිරී තිබුණු අතර මේ වන විට කාලයාගේ අවෑමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය දග පන්දු යවන්නා බවට පත් වී ඇති රංගන ඊයේ සිය 41 වන ටෙස්ට් තරගය අවසන් කළේ සිය කඩුලු පැස කඩුලු 165 දක්වා ඉහළ නංවා ගනිමින් ය.එහිදි පමා වී පැමිණි වසන්තයෙන් උපරිම ප්‍රයෝජන ගත් 34 හැවිරිදි මේ පන්දු යවන්නා ඊයේ (19) නිමා වූ ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක් හිමි වූ නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගයේදී,ලකුණු 108 ක ට කඩුලු 11 ක් දවා ගත්තේ සිය ටෙස්ට් දිවියේ තරගයකදී කඩුලු 10 සීමාව ඉක්මවා ගිය දෙවන අවස්ථාව සටහන් කරමින්ය.එසේම ජයග්‍රහණයේ නියමුවා වෙමින් තරගයේ වීරයා සම්මානයට ද හිමිකම් කී රංගන,මෙම තරගයේදී ටෙස්ට් තරගයකදී ඉණිමකදි කඩුලු 5 ක් ලැබීමේ අවස්ථාවේ 11 වැන්න (65/5) සහ දොළොස් වැන්න ද (43/6) සටහන් කිරීමට මෙහිදි සමත් විය.

නවසීලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගය මෑත කාලයේ ගාලු පිටියේ පැවති සෑම තරගයකදීම සිදු වූවාක් මෙන් දින තුනකින් නිමාවට පත් වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක් හිමි වෙමින් ය.නවසීල්නත දෙවන ඉණිම සම්පූර්ණයෙන්ම පාහේ හැසිරවීමට රංගන හේරත් සමත් වූ අතර ඔහු ලකුණු 43 ක් ලබා දෙමින් කඩුලු 6 ක් ලබන විට ඔහුට අනගි සහයක් ලබා දුන් නුවන් කුලසේකර ලකුණු 28 ට කඩුලු 2 ක් සහ සුරාජ් රන්දිව් ලකුණු 37 ට කඩුලු 2 ක් ලැබීමට සමත් විය.ඒ අනුව නවසීලන්ත දෙවන ඉණිම ලකුණු 118 ට සීමා වූයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 93 ට සීමා වෙමින්ය.

ප්‍රථම ඉණිමේදී අසමත් වූ දිමුත් කරුණාරත්නට මෙම අඩු ලකුණු ප්‍රමාණය ඔහු ගේ කෝඩුකාරකමට එල්ල කරන පීඩනය ලිහිල් කළ අතර ඒ අනුව ටෙස්ට් පිතිකරුවෙකුට වඩා ඔහුට ආවේනික වූ ප්‍රහාරය දියත් කරන්න ගත්තේ තමන්ට වඩා නවසීලන්ත ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් අන්දමන්ද කරමින් ය.එම ඉණිම ටෙසට් ඉනිමකට වඩා එක්දින ඉණිමක ස්වරූපය ගත් අතර පන්දු 60 ක් තුළ ලකුණු 60 ක් ඔහුගේ නමට වාර්තා වෙද්දී ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කය වන ලකුණු 93 දක්වා පැමිණ සිටියේය.තරංග පරණවිතාන නොදැවී ලකුණු 31 ක් ලැබීය.

තරගයේ සමස්ත ලකුණු විස්තරයට http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582192.html සබදතාවයෙන් පිවිසීමට අවස්ථාව ඇත.
www.supirikrida.com




ලන්ඩන් දැණුම අනාගතයට

The IOC’s Official Debriefing Of The London 2012 Games Opens In Rioමෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වයට බල පෑ සංවිධානාත්මක මෙහෙයුම ඇතුළුව ඒ සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරීත්වයන් ආශ්‍රිත දැණුම ඉදිරියේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් පවත්වන්නට යෙදෙන ක්‍රීඩා උළෙල සංවිධාන ප්‍රධානින්ට බෙදා දීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.ඒ අනුව 2014 දී සෝචි හීත් 2016 දී රියෝද ජැනෙයිරෝ හී ත් 2018 දී පියොන්ග්චෑන්ග් හීත් පැවත්වීමට නියමිත ක්‍රීඩා උළෙල සංවිධායකයන්ට එම දැණුම බෙදා දීම ඇරඹිමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පියවර ගෙන ඇත.



රියෝද ජැනෙයිරෝ හී පැවත්වෙන 2016 ඔලිම්පික් උළෙලේ මෙහෙයුම් ප්‍රධානි වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයෙකු වන කාලෝස් ආතර් නුස්මාන් ඒ පිළිබදව දැඩි ප්‍රසාදය පළ කරන අතර 2016 ක්‍රීඩා උළෙලේ කටයුතු සාර්ථකත්වයට එය බෙහෙවින් බලපානු ඇති බව හෙතෙම දැඩිව විශ්වාස කරයි.එසේම සිය ක්‍රීඩා උළෙලේ සාර්ථකත්වය සදහා ලන්ඩන් උළෙලේ සාර්ථකත්වය පිටුපස සිටි සෙබස්තියන් කෝ ප්‍රමුඛ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සහය නිරන්තරයෙන්ම අපේක්ෂා කරන බව ද,නුස්මාන් ප්‍රතාශ කරයි.එම දැණුම බෙදා දීමට ඉදිරිපත් වීම ප්‍රශංසාත්මකව අගය කරන නුස්මාන් එම තත්ත්වය 2016 උළෙල සාර්ථක උළෙලක් දක්වා පරිවර්ථනය කිරීමට බෙහෙවින් ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කරයි.
www.supirikrida.com

Nov 19, 2012

වැස්සට නොපැරදුනොත් තරගයේ තීරණයක් නියතයි

ශ්‍රී ලංකාව සහ නවසිලන්තය අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන ඇරඹෙන විට වර්ෂාවෙන් යම් බාධාවක් ඇති නොවන්නේ නම් තරගයේ ජය පරාජය නියත වශයෙන්ම තීරනය වන තත්ත්වයකට තරගය පත් ව ඇත.නවසීලන්තයේ ලකුණු 221 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාවට මුල් පෙළ පිතිකරුවනගෙන් බලාපොරොත්තු වූ සහයෝගය නොලැබුණු අතර මහේල ජයවර්ධන (91) සහ ඇන්ජලෝ මැතිව්ස් (79) ඒ සදහා මැදිහත් නොවුණේ නම් ශ්‍රී ලංකාවට සිදු වන්නේ නවසීලන්තයට පසු පසින් සිට දෙවන ඉණිම් සදහා පිවිසෙන්නටය.
Mahela Jayawardene plays the lap sweep

ටිම් සවුති මුලු පෙළේ කඩුලු 4 ක් ම දවා ගත් අතර අවසාන භාගයේදී ජේටන් පටෙල් ගේ දග පන්දුව ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවෝ අසීරුතාවයට පත් වූහ.පටෙල් කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා ඉණිම ලකුණු 247 දී නිමාවට පත් වූයේ ලකුණු 26 ක මුල් ඉණිමේ වාසියක්ද සහිතවය.
දෙවන දිනය නිමා වන විට ඉණිම දෙකක් නිමා වී තිබෙන බැවින් වර්ෂාව වැනි ස්වභාවික විපතකින් හානියක් නොවුණහොත් මෙම තරගයේ විසදුමක් ලබා ගැනීමට හැකි බව පැහැදිළි බැවින් නවසීලන්ත දෙවන ඉණිම ආක්‍රමණශීලි තත්ත්වයකට පත් කිරීම අරමුණු කර ගත් බ්‍රෙන්ඩන් මැකලම්,වේගවත් රිද්මයකට ප්‍රවේශ වුව ද,තණතිල්ල ක්‍රමයෙන් දග පන්දු යවන්නන්ට හැඩ ගැසෙමින් සිටින බව අවබෝධ කර ගත් මහේල ඊට පිළිතුරු සැපයීමට රංගන හේරත් කැදවීය.ප්‍රතිපලය ලෙස රංගන ඉදිරියේ පන්දු 10 කින් හයේ සහ හතරේ පහරක් සමග ලකුණු 13 ක් ලබා සිටි මැකලම් පිටියෙන් ඉවත් විය.

ශ්‍රී ලංකාව නවසීලන්ත දෙවන ඉණිම දග පන්දු යවන්නනගේ ආදිපත්‍යයට යටත් කිරීමේ උත්සාහයක් තිබෙන බව පැහැදිළි අතර ඊයේ එක් අන්තයකින් පන්දු යැවූ සමින්ද එරංග එක් පන්දු ඕවරයකින්ම ඉවතට ගත් මහේල ඒ අවස්ථාව රංගනට පවරනු දක්නට ලැබිණ.අද දිනය ඉතා තීරණාත්මක අතර ශ්‍රී ලංකාව නවසීලන්තය අඩු ලකුණු ගණනකට දවා නොගෙන දිගු ඉලක්කයක් කරා යාමට ඉඩ සකසා ගතහොත් ජේටන් පටෙල් ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට එතරම් පහසුවෙන් ලකුණු ලබා ගැනීම සිදු කිරීමට නොහැකි වන බව ස්ථිරය.
සබදතාවය ඔස්සේ මෙහි නිල ලකුණු සටහනට පිවිසීමට හැකිය.

දැලේ එල්ලී නිලධාරිනුත් රට

මෑත කාලයේ දැල්පන්දු වේ වගකීම් සදහා අර්බූදකාරී තීන්දු තීරණ ගණනාවක් ගනිමින් අමාත්‍යවරයාව විවේනාත්මක තලයකට රැගෙන ආ දැල් පන්දු පරිපාලන කමිටුවද,සිංගප්පූරු සංචාරය සදහා යැවීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගන්නේ කිසිදු විවේචනයක් නොතකා සිය නිලධාරී මඩුල්ලේ ඕනෑ - එපා කම් වලට වැඩ කරන බවට භයානක ඉගියක් සමාජ ගත කරමින්ය.අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරින්ට ද,සිය ශාරිරික යෝග්‍යතාවය පවත්වා ගැනීම පිළිබදව අමාත්‍යවරයා අවවාද සහ උපදේශ දෙන තත්ත්වයක සිය ශරීරය ඉතා අසීරුවෙන් හසුරුවා ගන්නා බව පැහැදිළි තැනැත්තියක් ජාතික පුහුණුකාරිනිය ලෙස පත් කිරීමෙන් නොනැවතී ජාතික තේරීම් සදහා විනිසුරුවන් පත් කිරීමේදී ද පුහුණුකාරියට ගැලපෙන ආකාරයට එම විනිසුරුවරියන් නම් කිරීමද, සිදු කර ඇත.

එසේම අප විසින් කළමණාකාරිය ලෙස පත් කළ වෛද්‍යවරියට එවැනි තනතුරක් දැරීම ඇයට ජාත්‍යන්තර වශයෙන් ඇති ‍පිළිගැනීමට බාධාවක් විය හැකි තත්ත්වයක් බවත් වෛද්‍යවරිය සහ කළමණාකාරිණිය ලෙස එක් අයෙකු කටයුතු කිරීමේදී ඇති විය හැකි තාක්ෂණ දෝෂත් පෙන්වා දුන් පසු හීන් සිරුවේ එම වරද වසා ගන්නට සංවර්ධන දෙපාර්තමේන්තුවේ නෙට්බෝල් ව්‍යාපෘති නිලධාරිණිය සහය කළමණාකාරිය ලෙස කැදවීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.නොදන්නා කම හෝ සිය වරද නිවැරදි කර ගැනීම වෙනුවට දැඩි මතයක සිට නීත්‍යානුකූල තත්ත්වයන්ට මුහුණ දීමේදී ඇති විය හැකි ගැටළු පමණක් නිවැරදි කර ගෙන මෙම සංචාරය වරප්‍රසාදයක් ලෙස දිනා ගෙන සිටින නිලධාරීන්ට අමාත්‍යවරයාගේ සහ අමාත්‍යශයේ ඉහළ ආශිර්වාදයද හිමි වී තිබිම කණගාටුදායක තත්ත්වයකි.

එසේම මේ සංචාරය සදහා සහභාගි වන ඇතැම් අයට සිංගප්පූරුවට ඇතුළු වීමේ හැකියාව තිබේදැයි යන්න ද සොයා බැලිය යුතු අතර එහිදි යම් වරදකට අත් අඩංගුවට පත් අයෙකු සම්බන්ධයෙන් අප වෙත ලැබී ඇති තොරතොරු පැහැදිළි කරන්නේ සිංගප්පූරු දැල් පන්දු නිලධාරිණියක එම සිදුවීම නීත්මය වශයෙන් සිංගප්පූරුවේ නිති අංහ වල සදහන් වීමට ඉඩ නොදුන් බවක් ප්‍රකාශ කළ ද එය නිසි පරිදි පරික්ෂා කර නිවැරදි කර ගැනීමක් සිදු වී නැති බවය.විශාල වශයෙන් මේ වන විට දැල් පන්දු පරිපාලනය ආශ්‍රිතව වගකිම් පැවරෙන නිලධාරිණියක් වී ඇති ඇය වර්ථමානයේ සිය කටයුතු යහපත් ලෙස ඉටු කරන බවට ප්‍රශංසා ලැබෙමින් පැවතුණ ද ඒ තත්ත්වයට ද යම් හානියක් මේ සංචාරයෙන් අත් විය හැකි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
www.supirikrida.com





වෙළද සේවා මලල ක්‍රීඩාවට අලුත් එළියක්

මෙවර වෙළද සේවා මලල ක්‍රීඩා උළෙල අලුත් හැඩයකින් සහ දීප්තියකින් යුතුව ගෙවුණු, ‍‍‍ඓතිහාසික ආරම්භයක් විය හැකි බවට ඉගි පළ කළ උළෙලක් විය.අලුත් සහ ජව සම්පන්න නිල මඩුල්ලක් මෙන්ම එහි උපදේශකයා ලෙස ප්‍රධාන අනුග්‍රාහාත්මක දිරිය ද උළෙලට එක් කළ සීමාසහිත සිලෝන් බිස්කට් හී (මංචි) නන්දන වික්‍රමගේ දැක් වූ දායකත්වයත් ඊට ප්‍රධාන වශයෙන්ම බල පෑවේය.අලුත් වූ නිල මඩුල්ල සිය ජවය සහ නිර්මාණශිලීත්වය උළෙලට සේන්දු කරන අතරේම සියළු ජ්‍යෙෂ්ඨයන්ගේ අත්දැකීම් නිවැරදිය උකහා ගනිමින් එහි සහයෝගය ලබා ගැනිම සදහා දැක් වූ උනන්දුව සහ කැපවීම ද පුටුවලට පත් වූ පසු පැරන්නන් සහමුලින් අමතක කර දමා ගමන් කරන්නට හදන බොහෝ ක්‍රීඩා පරිපාලකයන්ට විශාල ආදර්ශයක් සැපයීය.

වෙළද සේවා මලල ක්‍රීඩා සංගමය අල්තෙන්ම එක් කළ මලල ක්‍රීඩා ශිෂ්‍යත්ව ප්‍රදානයේ උණුසුම් ආශිර්වාදය පළමුව විදීමේ භාග්‍යය මහනුවර මහාමායා බාලිකාවේ අක්ෂණා මාරලන්ද සහ ශ්‍රී ලංකාවේ සුපිරිතම පැරා කෙටි දුර ධාවිකාවක් වන කුමුදු සමත් විය.කුමුදු ප්‍රියංකා මෙන්ම අක්ෂනා ද ශ්‍රී ලංකාවේ නැගී එන කෙට් ධාවන සූරියන් අතර ප්‍රමුඛස්ථානය ගන්නීය.

එසේම නව වාර්තා 37 ක් උළෙලේ බිහි වූ අතර ඒ අතරට ජාතික මට්ටමේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද වාර්තා එක් කිරීම රටේ ක්‍රීඩාවේ අනාගතය පිළිබදව සුභවාදී ආකල්ප ඇති කරන්නකි.එහිදී ජනශක්ති ආයතනය පෙරමුණ ගත් අතර විශේෂයෙන් ඒ වෙනුවෙන් තරග බිමට පිවිසි ප්‍රියංගිකා  මධුමන්ති නම් වූ උස පැනීමේ ජාතික වාර්තාලාභිය මීටර් 1.80 ක උසක් තරණය කරමින් තැබූ නව උළෙල වාර්තාව තවත් උස පැනීමේ සූරියන්ට වෙළද සේවා ආයතනවල දොරටු විවර කරන සුළු තත්ත්වයකි.

විශේෂයෙන් මේ වන විට ත්‍රිවිධ හමුදාවන් හී එක් එක් ඉසව් සදහා ඉදිරිපත් කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළ ගස්වද්දී ඇතැම් දක්ෂයන්ට තරග වැදිමට ඉඩක් නොලැබෙන අතර මේ අතිරික්තය සදහා සිය හැකියාවන් සදහා වෙනම තරග අවස්තාවන් නිර්මාණය කිරීමට වෙළද ආයතන දොරටු විවර කරන සුළු තරගාවලියක් ලෙස මෙම තරගාවලිය සමාජ ආකර්ශනය දිනා ගැනීමට හැකි ආකාරයෙන් සංවිධානය කිරීමට වෙළද සේවා මලල ක්‍රීඩා පරිපාලනය දැරූ වියදම අගය කළ යුතුය.

මේ තත්ත්වය නිසා ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩාව පවත්වා ගෙන යා හැකි රැකියාවද,පෙරට පැමිණෙන තත්ත්වයක් ඇති වන්නේනම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අධයාපනික පසුබිම උසස් කර ගැනීමටද පෙළඹවීමක් ඇති කළ හැකි අතර සිය දක්ෂතාවයට හොද දැනීමක්ද හොද රැකියාවක්ද යන පදනම ස්ථාපිත වීමෙන් ඉක්බිතිව ඇති වන තරගකාරී පසුබිම තුළ මලල ක්‍රීඩාවේ යම් ප්‍රගතියක් ඇති විය හැකිය.එසේම එය අනාගතයට දැනුවත් පිරිසක් ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩා පරිපාලනයටද එක් කර ගත හැකි පසුබිමක් නිර්මාණය කරන තත්ත්වයක් විය හැකි බව ද සිහිපත් කරමින් මෙම ක්‍රීඩා උළෙල අගය කිරීම වටින්නේය.

තරග සංවිධානය මෙන්ම ආකල්පමය වශයෙන් සංගමය තුළ ඇති කරමින් යන වෙනස පැහැදිළි කරන්නේ පරමාර්ථය තුළ ඇති යහපත් බව ය.නමුත් එය නිවැරදිව සමාජ ගත කිරීම සදහා යහපත් මාධ්‍ය සම්බන්ධිකරණයක් පවත්වා ගෙන යාම මෙන්ම සමාප්ත සමාචාරය වැනි අවස්ථාවක එයට වාත්තීය මට්ටමේ නිවේදකයෙකු යෙදවීමේ වැදගත් කම ද,ඉදිරියේදී නිවැරදි විය යුතු බව අපේ විශ්වාසය ය.සැබවින්ම ඉක්මණින් සමාජ ගතවීමේ සහ ජනතාව අතරට යා යුතු  උළෙලක් ලෙස මෙවර මලල ක්‍රිඩා උළෙලේ තිබූ පිළිවෙල සහ අලංකරණයේ ආදර්ශය මේ රටේ වෙළද ප්‍රජාව අතර මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් විශාල උනන්දුවක් ඇති කරන සුළු වෑයමක් බවට පත් වීමට අවශ්‍යය මාධ්‍ය සහයෝගය සහ උනන්දු කිරීම අතිශයින් වැදගත්ය.

තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හිමි වෙද්දී මාස් හෝල්ඩින්ග්ස් ආයතනය සැළකිය යුතු තර්ජනයක් වෙමින් ඒ පසුපස හඹා ආකාරය ද අපූරුය.එහි ප්‍රතිපලයක් ලෙස සමස්ත අනු සූරතාවය මෙන්ම කාන්තා සහ පිරිමි සූරතාවයන් ද ගුවන් සමාගමට හිමි වෙද්දී ඒ පසුපසම රැදී අනු සූරයන් සහ අනු සූරියන් වීමට මාස් සමූහයට හැකි විය.
www.supirikrida.com

රොග් ගේ රියෝ ගමන දොස්තරලා නවතයි

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ජැක් රොග්ස් 2016 ඔලිම්පික් උළෙල පැවත්වෙන රියෝද ජැනෙයිරෝ නගරය පරික්ෂා කිරීම සදහා පිවිසීමට නියමිතව සිටියද,වෛද‍්‍ය උපදෙස් මත එම ගමන අවලංගු කර ඇත.උකුල් ඇටය ප්‍රදේශයේ ශල්‍යකර්මයකට භාජනය වී සිටින එවැනි දුරක් පියාසර කළ හැකි සෞඛ්‍ය තත්ත්වයක නොමැති බව වෛද්‍යවරුන් පෙන්වා දුන් පසු ඔහු එම ගමන අවලංගු කිරීමට තීරණය කර ඇත.
මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අත්දැකීම් සමග රියෝද ජැනෙයිරෝ උළෙලේ සංවිධානය සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් අත්දැකීම් බෙදා හදා ගැනීම මෙන්ම අවශ්‍යය උපදේශයන් සැපයීමට ද මෙම සංචාරයේදී රොග්ස් ගේ අරමුණ වී තිබුණ ද,වෛද්‍ය නිර්දේශ මගින් පෙන්වා දී ඇත්තේ ශල්‍යකර්මයේ යහපත් ප්‍රතිපල සදහා එම ගමණ බාධාවක් වන බවය.
www.supirikrida.com

Nov 18, 2012

අඩු වයසින් බිහි කරන්න හැදූ දිමුත් අසාර්ථක වෙයි

Rangana Herath sees off Doug Bracewellවසීලන්තයට එරෙහිව බලාපොරොත්තු නොසිතූ මොහොතක ටෙස්ට් වරම් ලැබූ දිමුත් කරුණාරත්නට සිය ප්‍රථම ටෙස්ට් තරගයේදී පන්දු 3 ට පමණක් මුහුණ දෙන්නට සිදු වූ අතර කිසිදු ලකුණක් නොලබා ටිම් සවුතිගේ පන්දු ඉදිරියේ කඩුල්ල මුවා කිරීමේ වරදට ලකුණු නොලබා දැවී ගියේය.ටීඑම් ඩිල්ෂාන්ගේ අබාධිත තත්ත්වය නිසා පසුගිය කාලයේ 20 / 20 තරග සහ සීමිත පන්දුවාර තරග සදහා දක්ෂතා දැක් වූ අත්දැකීම් මද දිමුත්ට අවස්ථාවක් දීමට තේරීම් කමිටුව තීරණය කළේ කලෙක සිටන්ම දිගු ඉණිම් සදහා ඉවසිලිවන්තව පිවිසිය හැකි බව ඔප්පු කර තිබෙන උපුල් තරංග තමා සහභාගි වූ අවසාන එක්දින තරගයේදී ද, ශ්‍රී ලංකා පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී අති විශිෂ්ඨ ඉණිමක නිරත වෙමින් අර්ධ ශතකයක් ද ලබා   සිය සුදුසුකම නැවත ඔප්පු කර සිටියදී ය.
ශ්‍රී ලංකා තේරීම් කමිටුව අතාර්තිකව ක්‍රීඩකයන් ඉවත් කිරීම මෙන්ම අවස්ථාවන් ලබා දීම තුළින් ද ක්‍රීඩක ජීවිත විනාශයට ඇද දමන අතර දිමුත්ට ලබා දුන් අවස්ථාවද ඊට වඩා යහපත් ක්‍රියාමාර්ග ගැනීමට තිබියදී ගත් අයහපත් තීරණයකි.මැනවින් පහර ‍දෙන ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස ප්‍රකට දිමුත් ටෙස්ට් තරග සදහා සකසා ගත යුතු ක්‍රීඩකයෙකු වන නමුත් මේ මොහොතේ ඔහුට වඩා තරගයේ යෙදිය හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකාව තුළත් සංචිතයේත් සිටියදී දිමුත්ව කැදවීම කිසිදු තාර්කික පදනමකින් තොර ක්‍රියාවකි.
ක්‍රීඩාවේත් ක්‍රීඩකයන්ගේත් අවාසනාවට තේරීම් කමිටු සභාපතිවරයාට සිය තේරීම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍යය නැති අතර ඔහු මෙන්ම ක්‍රීඩා කළාට වැඩි කාලයක් තේරිම් කමිටු සාමාජිකයෙකු ලෙස සිටීමේ භාග්‍ය්‍ය ලත් දොන් අනුරසිරි ද කටයුතු කරන්නනේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් තීරණ ගන්නා අය ලෙස නොවේය.තමන්ට ලැබුණු වගකීම කණා  මුට්ටිය බිදීමක් ලෙස භාවිතා කරන මොවුන්ට බොහෝ වෙලාවට නිවැරදි කළය හමු වන්නේම නැත.
තරගයේ කාසියේ වාසිය ලත් නවසීලන්තය සිතූ තරම් පහසුවෙන් සිය තීරණය තුළ රැදී නොසිටිය අතර ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නවසීලන්ත කඩුලු 3 ක් ලකුණු 40 ට දවා ගත්හ.අනතුරුව බ්‍රෙන්ඩන් මැකලම් සහ ඩැනියෙල් ෆ්ලින් ලකුණු 90 ක් සබදතාවයක් සිව්වන විකට්ටුව වෙනුවෙන් ගොඩ නගන්නේ,නවසීලන්තය අසීරුවෙන් යම් තරමකට මුදවා ගනිමින්ය.මැකලම් ලකුණු 68 ක් සහ ෆ්ලින් ලකුණු 53 ක් රැස් කළේය.පන්දු යැවීමෙන් යළිත් සාර්ඛම පන්දු යවන්නා බවට පත් වූ රංගන හේරත් ලකුණු 65 ට කඩුලු 5 ක් දවා ගත් අතර නුවන් කුලසේකර ලකුණු 31 ට කඩුලු 2 ක් සහ ශමින්ද එරංග ලකුණු 51 කඩුලු 3 ක් දවා ගත්තේය.
ශ්‍රී ලංකාව ඊයේදිනය නිමාවන විට දිමුත් ගේ කඩුල්ල අහිමි කර ගනිමින් ලකුණු 9 ක් ලබා සිටි අතර ගොම්මන් පිතිකරු ලෙස පිවිසි සුරාජ් රන්දිව් සහ තරංග පරණවිතාන නොදැවී සිටිති.
පහත සම්බන්ධතාවය භාවිතා කර ලකුණු පූවරුවට පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582192.html
 www.supirikrida.com

ටියුනීසියා රන් අස්වැන්න




 ලංකාවේ බොක්සිං ක්‍රීඩාව ජාත්‍යක්තර තලයේ ජයග්‍රහණ සදහා ප්‍රවේශයක් ඇති ක්‍රීඩාවක් ලෙස මතු වෙමින් තිබේ.කලෙක සිට දකින්නට ඇති එම ප්‍රවනතාවයේ තවත් ඉදිරි පියවරක් ලෙස ටියුනීසියා ජාත්‍යන්තර කාන්තා බොක්සිං සූරතාවලියේදී අනූෂා කොඩිතුවක්කු දිනූ රන් පදක්කම හැදින්විය හැකිය.එම රන් පදක්කම මෙන්ම තරගාවලියට සහභාගි වූ සෙසු







ක්‍රීඩිකාවන් දෙදෙනා මෙන්ම ලෝකඩ පදක්කම් දිනූ සිතාරා සදරේඛා සහ ශිරෝමාලා වීරරත්න ද මෙම තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර පිටියේ හිස් තැනක් බවට පත්වන අනූෂා ගේ ඉඩ ඉදිරියේදී පියවිය හැකි ශක්තීන් ලෙස වර්ධනය වනු ඇතැයි බලා‍පොරොත්තු විය හැකිය.
මේ සමග දැක්වෙන්නේ ටියුනීසියා තරගාවලියේ අවස්ථාවන් කිහිපයකි.
ශිරෝමාලා,හර්ෂ,අනූෂා,සිතාරා,මෙණ්ඩිස් 
ලෝකඩ පදක්කම්ලාභීන් (වමේ) සහ රිදී පදක්කම්ලාභිණියට මැදි වූ අනූෂා
අනූෂාගේ ජය තහවුරු කරන මොහොත
                                                                                      www.supirikrida.com


පන්ජාබ් සූරතාවයේදී විනිශ්චයෙන් කෙණහිලි

න්ජාබ් ජාත්‍යන්තර බේස්බෝල් සූරතාවලියේ අනු සූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට විනිශ්චයේ කෙණහිලි වලට මුහුණ දීමට සිදු වූ බව සංචාරයේ කළමණාකරු ලෙස කටයුතු කළ දිනේෂ් පෙරේරා පෙන්වා දෙන අතර එය ඉදිරියේදී ජාත්‍යන්තරයට දැණුම් දෙන්නේද යන්න ඉදිරියේදී විධායක සභාවේදී තීරණය වනු ඇත.තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ බේස්බෝල් අනාගතයට පලදායක පන්දු පිරිනමන්නෙකු (පිචර්) ලෙස දමිත් නදීරගේ මතු වීම පිළිබදව ප්‍රශංසා මුඛයෙන් කතා කළ දිනේෂ් පෙන්වා දුන්නේ අවසාන තරගයේදී ද දමිත් පකිස්තානයට ප්‍රබල අභියෝගයක් වූ බවය.
වේගයට වඩා විවිධාංගීකරණයක් සහිතව පන්දුව යොමු කිරීමේදි දමිත් දක්වන දක්ෂතාවය පිළිබදව විශේෂයෙන් සදහන් කළ දිනේෂ් එම අභියෝගයට මුහුණ දීම සදහා පකිස්තාන කණ්ඩායමට ප්‍රමානාත්මක ශක්තිය සම්පාදනය කිරීමට විනිසුරු තීරණ තදින් බල පෑ බව ද කීවේය.ඡායාරූපයේ සිටින්නේ අනු සූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ය.
www.supirikrida.com


චන්දන වාර්තා පොත දෙපළකින් අලුත් කරයි


චන්දන
යේ  (17) ඇරඹි වෙළද සේවා මලල ක්‍රීඩා උළෙලේ අවුරුදු 35 න් ඉහළ යගුලිය සහ කවපෙත්ත වීසි කිරීමේ තරග වලදී නව වාර්තා දෙකක් තැබීමට MAS සමුහය වෙනුවෙන් තරග වැදි චන්දන විජේසිංහ සමත් විය.කවපෙත්ත වීසි කිරීමේ තරගයේදී මීටර් 31.25 ක දක්ෂතාවයක් දැක් වූ චන්දන,යගුලිය වීසි කිරීමේ ඉසව්වේදී මීටර් 10.08 ක දක්ෂතාවයක් දැක්වීමට සමත් විය.ගිරිඋල්ල වික්‍රමශිලා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන චන්දන පාසල් වියේදී ද වීසි කිරීම් ක්‍රීඩාවන් හි නිරත වූ අයෙකි.
වර්ථමානයේ දක්ෂතම කාන්තා වොලිබෝල් කණ්ඩායමක් ලෙස පිළිගැනෙන මාවතගම කැෂුවලයින් වොලිබෝල් කණ්ඩායමේ කළමණාකරු මෙන්ම වෙළද සේවා වොලිබෝල් සංගමයේ වර්ථමාන භාණ්ඩාගාරික වරයා ද වන්නේ චන්දන යි.
 මේ අතර වෙනදාට වඩා පැහැබර පෙණුමක් මෙවර වෙළද සේවා මලල ක්‍රිඩා උළෙලෙන් දකින්නට ලැබෙන අතර ජාතික මට්ටමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් රැසක් ජනශක්ති ආයතනය වෙනුවෙන් තරග බිමට පිවිස සිටියි.ශ්‍රී ලංකා උස පැනීමේ ජාතික වාර්තාලාභිණිය මෙන්ම දකුණු ආසියාතික උස පැනීමේ සූරියද වන  ප්‍රියංගිකා මධුමන්ති මෙන්ම ගෙවුණු ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙනා චාමිකා ජයමිණි ද එහි විය.එසේම වර්ථමානයේ මීටර් 100 කඩුලු මතින් දිවීමේ සූරිය වන අමාලි හර්ෂණී විජේසිංහ සහ තවත් යොවුන් කෙට් දුර ධාවන සූරියක සහ ජනප්‍රියතම පාසල් මලල ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලද ඉෂාරා සංදීපනී දයානන්ද ද මෙම කණ්ඩායමට ඇතුළත් විය.එසේම දුර පැනීම සහ තුන් පිම්ම සූරියක වන හිරුණි දිසාලා වීරසේකර ද මෙසේ ජන ශක්ති ආයතනය වෙනුවෙන් තරග බිමට පිවිස සිටිති.
චාමිකා 

එසේම ශ්‍රී ලංකාව බිහි කළ අපූර්වතම මලල ක්‍රීඩිකාවක් වන ජයමිණි ඉලේපෙරුම ද මෙම තරගාවලියේ අවුරුදු 45 න් ඉහළ යගුලිය වීසි කිරීමේ තරගයට පිවිස දෙවන ස්ථානයට පත් විය.මීටර් 100,200,400 සහ 800 යන ඉසව් හතරෙන්ම ශ්‍රී ලංකාවේ අංක එක වන්නට තරම් පොහොසත් ඇති ක්‍රීඩිකාවක වූ ජයමිණි මෙම තරගාවලලියේදී සිය දෙපයේ ජව සම්පන්න කම අමතක කර විසී කිරිම් ඉසව් වලට පැමිණ සිටින්නීය.එසේම මෙවර පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ඉන්දුමතී කරුණාතිලක ද දුර පැනීමේ ඉසව්වට සහභාගි වී තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය.
පහත දැක්වෙන්නේ වෙළද සේවා මලල ක්‍රීඩා සංගමයේ නිල තොරතොරු වලට අනුව ප්‍රථම දිනයේ පිහිට වූ වාර්තාවන්ය.
Records
1500m Men Over 35 Final
 I A R R Mangala Singer (Sri Lanka) PLC 4:55.5 * NMR
1500m Men Over 45 Final
J A A S Kumara Lake House 5:10.2 * NMR
Discuss Throw Men Over 35 Final
S W M U C Wijesinghe MAS Holdings 31.25 * NMR
Shot Put Women Over 30 Final
S Samarasinghe Hatton National Bank PLC 8.90 * NMR
High Jump Women Championship Final
R K A Madumanthi Janashakthi Insurance PLC 1.80 * NMR
 High Jump Women Over 35 Final
N Kuruppu Hatton National Bank PLC 1.30 * NMR
High Jump Women Over 40 Final
M.D.P.M. Sriyalatha MAS Holdings 1.05 * EMR
1500m Women Championship Final
R R Chamika Jayamini Janashakthi Insurance PLC 4:59.2 * NMR
1500m Women Over 30 Final
R.K.A.Sandeepa Sandamali MAS Holdings (Unichela) 5:57.6 * NMR
100m Women Over 30 Final
1 3029 14501 0 Ms
A S P De Silva SriLankan Airlines 14.6 * EMR
Event No 108 100m Women Over 45 Final
1 4718 21565 665400867V Ms
J.P.P.Ranjani MAS Holdings 15.9 * NMR
Event No 109 400m Men Over 45 Final
R A D G Ranathunge SriLankan Airlines 59.3 * NMR
Event No 109 400m Men Over 50 Final
S R Silva SriLankan Airlines 60.9 * NMR
Event No 110 400m Women Championship Final
NayomikaJayathilaka Janashakthi Insurance PLC 1:00.5 * NMR
Event No 114 Shot Put Men Over 35 Final
S W M U C Wijesinghe MAS Holdings 10.08 * NMR
Event No 115 Jevelin Throw Women Over 30 Final
S Samarasinghe Hatton National Bank PLC 26.93 * NMR
Event No 116 High Jump Men Over 40 Final
U L P T Perera Janashakthi Insurance PLC 1.55 EMR
Event No 116 High Jump Men Over 45 Final
M R R S Mawela SriLankan Airlines 1.60 * NMR
Event No 117 Long Jump Women Over 35 Final
W.A.Sueewa Dilrukshi MAS Holdings 4.21 * NMR
Event No 117 Long Jump Women Over 40 Final
Priyanka Sirisena SriLankan Airlines 3.81 * NMR
Event No 117 Long Jump Women Over 45 Final
H L M Padmini Ceylinco Insurance PLC 3.62 * NMR
Event No 118 400m Hurdles Men Over 40 Final
Roshan B Samarasinghe The Finance Company PLC 1:05.4 * NMR
Event No 118 400m Hurdles Men Over 45 Final
J A A S Kumara Lake House 1:12.1 * NMR
Mr Basil Silva HSBC 1:14.9 * BPR
Event No 120 100m Women Novices Final
Ms Sulari Fernando NDB Group 13.0 * NMR
Event No 121 100m Men Over 35 Final
T Ishan Lanthra Ceylinco Insurance PLC 11.7 * NMR
Event No 121 100m Men Over 40 Final
Roshan B Samarasinghe The Finance Company PLC 11.9 * NMR
Event No 123 400m Men Over 40 Final
P M S Bandara SriLankan Airlines 56.20 * EMR
Event No 124 5000m Men Over 35 Final
I A R R Mangala Singer (Sri Lanka) PLC 19:08.9 * NMR
Y M Ruwan Weerasekara SriLanka Telecom 19:26.3 *BPR
www.supirikrida.com

යාපනයේ සහ වව්නියාවේ මේස පන්දු සූරතා මොහාන්ට සහ ස්ටැන්ලි ට

ස්ටැන්ලි
මොහාන්


ශ්‍රි ලංකා‍ මේස පන්දු සම්මේලනයේ අධීක්ෂණය යටතේ අබාන්ස් කුසලානය සදහා පැවති ,හැන්ඩිකප් ඉන්ටර්නැෂනල් ආයතනය මෙහෙය වූ යාපනය සහ වව්නියා මේස පන්දු තරගාවලියන්හී දී අති දක්ෂ ක්‍රීඩකයන් ලෙස මොහාන් අගාෂන් සහ ඒ ස්ටැන්ලි ඇගයීමට පාත්‍ර විය.යාපනය දිස්ත්‍රික් සූරයා වූ යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකු වූ මොහාන් අගාෂන්




හැන්ඩිකප් ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්‍රධාන ව්‍යාපෘති නිලධාරි (ක්‍රීඩා) සටිව් හාර්ක්නට් අතින් සිය කුසලාන සහ සහතික පත්ලබා ගන්නා අයරු සහ වව්නියාව දිස්ත්‍රික් තරගාවලියේ අති දක්ෂ ක්‍රීඩකයා වූ ඒ ස්ටැන්ලි යාපනය දිස්ත්‍රික්කයේ මේස පන්දු සම්මේලනයේ ලෙකම් ජේ මොහාන් අතින් කුසලාන සහ සහතික පත් ලබා ගන්නා අයුරුත්ඡායාරූප වලින් දැක්වේ.

www.supirikrida.com