Jun 30, 2012

ශ්‍රී: ලංකා පිතිකරුවන්ගේ උත්සාහය ඉන්දීය පිතිකරුවෝ වනසති



Unmukt Chand set up India's win with a century
උන්මුක් චාන්ද්
වුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කරන්නට ඉන්දියාව සමත් විය.කාසියේ වාසිය ලැබීමෙන් ඉනික්බිති පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙම තරගාවලියේ මෙතෙක් නොදුටු සාර්ථකත්වයක් පෙන්වමින් ලකුණු 244 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් පමණක් දැවෙමින්ය.පබසර වඩුගේ ආරම්භක පිතිකරුවා ලෙස ලකුණු 45 ක් ලැබුවත් ලකුණු 121 ට කඩුලු 4 ක් වූ ශ්‍රී ලංකා ඉණිමට ජීවය එකතු වූයේ පස්වන කඩුල්ල සදහා තරගාවලිය පුරාම අතිශයින් සාර්ථක වූ ශ්‍රී ලංකා පිතිකරුවා වූ සදුන් කොඩිතුවක්කු සහ නිරෝෂන් දික්වැල්ල එක් කළ ලකුණු  113 ක සබදතාවය මගින් ය.
සදුන් ලකුනු 73 ක් ලැබූ අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 66 ක් ලැබීය. පන්දු ඕවර් 15.2 ක් තුළ ගලා ආ මේ දෙදෙනාගේ සබදතාවයෙන් සදුන් ගේ ලකුනු 73 පන්දු 75 දී ගලා ආ අතර නිරෝෂන් සිය ලකුණු 66 ලැබුවේ පන්දු 50 කින්ය.හතරේ පහරවල් සහ හයේ පහර වලට වඩා හොද කඩුලු අතර දිවීමෙන් එකතු කර ගත් කෙටි ලකුණු වලින් පෝෂණය වූ මේ දෙදෙනාගේ සබදතාවය ශ්‍රී ලංකාවට සාර්ථක ඉණිමකට මග පෑදු අතර තරගාවලිය පුරා පිත්තට වඩා පන්දුවෙන් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාවට එම ලකුණු ප්‍රමාණය බලාපොරොත්තු ඉහළ නං වන්නක් විය.
නමුත් ඉන්දීය ඉණිම ඇරඹූ උන්මුක් චාන්ද් වටා ගොඩ නැගුණු ඉන්දීය ඉණිම ලකුණු 244 දක්වා පහසුවෙන් ගමන් කළ අතර චාන්ද් ගේ ලකුණු 116 ක් අගනා ඉණිම මෙන්ම ඔහු සහ විජේ ෂොල් (54) අතර තෙවන කඩුල්ලට ඇති වූ ලකුණු 105 ක සබදතාවයත් මත ගොඩ නැගුණු ඉන්දීය ඉණිමට බලාපොරොත්තු වූ තරම් තර්ජනයක් වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අසමත් වූහ.ඉන්දීය පන්දු යවන්නන් අතර දකුණත් පිට දග පන්දු යවන බබා අපර්ජිත් සිය පන්දු ඒවර් 10 ලකුණු 29 ට නිමා කරමින් කඩුලු දෙකක් ලබමින් කළ පන්දු යැවීම නිසා තරගාවලිය පුරා කඩුලු අතර සිටි තරිදු කෞෂාල් ගේ දකුණත් පිය දග පන්දුවට විශාල යමක් කළ හැකි වේ යැයි බලාපොරොත්තුවක් ඇති වුව ද එය සිදු නොවිණි.කෙසේ හෝ තරිදු මේ තරගයේදී ද දැවී ගිය කඩුලු හතරෙන් දෙකකම උරුමක්කාරයා වුව ද ඔහු ගේ පන්දු ඕවර 10 තුළ ලකුණු 60 ක් එක් කර ගැනීමට ඉන්දීය පිතිකරුවෝ සමත් වූහ.
පහත දැක්වෙන්නේ තරගයේ නිල ලකුණු විස්තරයට ප්‍රවේශ වීමට ඇති සබදතාවය ය. http://www.espncricinfo.com/ci/engine/current/match/567261.html  

Jun 29, 2012

CIMA වෙතින් පාසල් දැල් පන්දුවට සැළකිලි


CIMA ශ්‍රී ලංකා ශාඛාව ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන 19 වන චැටර්ලි ජාත්‍යන්තර දැල් පන්දු තරගාවිලයට සහභාගි වන ශ්‍රී ලංකා පාසල් දැල් පන්දු කණ්ඩායමේ ක්‍රීඩා ඇදුම් කට්ටල සදහා අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටියි.ජූලි 03 සිට 06 දක්වා මෙල්බර්න් හී දී පැවත්වෙන මෙම තරගාවලයේ නිල ඇදුම් අනුග්‍රාහකත්වය සැපයීම සංඛේතවත් කරමින් නාරාහේන්පිට පිහිටි CIMA ආයතන ශ්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවක් පවතවන්නට යෙදුණ අතර ඡායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවේදී CIMA ශ්‍රී ලංකා විධායක බ්‍රෑඩ්ලි එමර්සන් විසින් කණ්ඩයමේ නායිකා තිළිණි ඉමල්කා ආරියරත්නට  ක්‍රීඩා ඇදුම් කට්ටලයක් ප්‍රදානය කළ අයුරුයි.එම අවස්ථාවට එක් වූ පාසල් දැල් පන්දු සංගමයේ ලේකම් සුධර්මා ජයවර්ධන සහ සභාපතිණිය සෝමා මුණසිංහ ද ඡායාරූපයේ වෙති.කණ්ඩායමේ සමූහ ඡායාරූපයක ද මේ සමග වෙති.

ඩී කොටසේ සූරතාවය ජාතික තරුණ සේවා සභාවට


රාජ්‍ය සේවා ක්‍රිකට් සූරතාවලියේ ඩී කොටසේ සූරතාවය දිනා ගන්නට ජාතික තරුණ සේවා සභාව සමත් වුණා,කොළඹ සෞඛ්‍ය සේවා  ක්‍රීඩා පිටියේ පැවති එහි අවසාන තරගයේදී   සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 8 ක තියුණු ජයක් අත් කර ගැනීමට ජාතික තරුණ සේවා කණ්ඩායම මෙහිදී සමත් වුණා.
පන්දු ඕවර් 40 ට සීමා වූ මෙම තරගයේදී නුවන් රොෂාන් පන්දු 67 දී ලබා ගත් ප්‍රවේගකාරී ලකුනු 86 නිසා ජාතික තරුණ සේවා සභාවට සිය පන්දුවාර 40 කඩුලු 7 ට ලකුණු 256 ක් ලෙස නිමා කිරීමට හැකි වූ අතර ප්‍රතිවාදී සෞඛය දෙපාර්තමේන්තු කණ්ඩායම ඊට එරෙහිව හොද පිළිතුරක් දුන්න ද,ජාතික තරුණ සේවා සභා කණ්ඩායමේ දක්ෂ පන්දු රැකීම ඉදිරියේ දුවද්දී දැවීයාම් තුනක්ම වාර්තා වූ නිසා අවසානයේ ලකුණු 8 ක තියුණු පරාජයකින් සූරතාවය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයට තිබූ බලාපොරොත්තු වියැකී ගියා.


                 

බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ දී නව වාර්තා 12 ක්


ස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙල කොළම සුගතදාස ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක වන අතර ගෙවුණු දින තුන තුළ දී නව තරග වාර්තා 12 ක් සහ වාර්තා සම කිරීම 2 ක් වාර්තා වී ඇත.මෙහිදී විහේෂ සිදුවීමක් හැටියට දකින්නට ලැබුණේ වැඩි වාර්තා ප්‍රමාණයක් ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල නියෝජනය  කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ ඉසව් වලදී බිහිවීමය. හේෂාන්ද්‍රි ධර්මදාස,නදීශානි හෙන්ඩර්සන්,අමන්දි සිල්වා,ලහිරු ප්‍රසංජිත් ලක්ෂානි සාරංගි සිල්වා වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙහිදී වාර්තා අතරට පිවිසි එම තරග උළෙල නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.  පහත දැක්වෙන්නේ එම නව තරග වාර්තා බිහි වූ අයුරුයි


2012.06.26
බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා - 2012
නව තරග වාර්තා
17 න් පහළ බාලිකා තුන් පිම්ම

නම
විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
T W A B M විජේසිංහ
රාජසිංහ ම ම වි හංවැල්ල
හෝමාගම
මී 11.24
2010
නව වාර්තාව
H D විදූෂා ලක්ෂානි
ආවේමරියා බා වි මීගමුව
මිගමුව
මී 11.45
2012

19 න් පහළ බාලිකා හෙල්ල විසිකිරීම

නම
විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
චාමිනි රිද්මා නිශ්ශංක ප්‍රනාන්දු
ශා සෙබස්තියන් වි කඳාන
මිගමුව
මී 37.76
1998
නව වාර්තාව
හේෂාන්ද්‍රි ධර්මදාස
විශාකා බා වි කොළඹ
කොළඹ
මී 37.92
2012

17 න් පහළ බාලිකා මිටර් 400 කඩුළු

නම
විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
H D විදූෂා ලක්ෂානි
ආවේමරියා බා වි මීගමුව
මිගමුව
තත් 1.10.9
2010
නව වාර්තාව
කාමිණි ජයසිංහ
මෙතෝදිස්ත විද්‍යාලය කොළඹ
කොළඹ
තත් 1.10.5
2012

15 න් පහල බාලිකා කවපෙත්ත විසිකිරීම

නම
විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
K S සඳමාලි වීරසිංහ
ආවේමරියා බා වි මීගමුව
මිගමුව
මී 28.48
1997
නව වාර්තාව
රිසුරි විජේසුන්දර
විශාකා බා වි කොළඹ
කොළඹ
මී 29.11
1012

17 න් පහල බාලක උස පැනීම

නම
විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
W A ශා‍ලික සුභාෂිත්
ශා මරියා වි මීගමුව
මීගමුව
මි 1.92
2003
නව වාර්තාව
H සචිත් එරංග ජනිත්
මාරිස්  ස්ටෙල්ලා වි මිගමුව
මීගමුව
මී 1.95
2012

19 න් පහල බාලක මීටර් 400 කඩුළු

නම
විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
ලසිත අනූපම ද සිල්වා
නාලන්දා වි කොළඹ 10
කොළඹ
තත් 54.9
1999
නව වාර්තාව
J ලහිරු ප්‍රසංජිත්
තක්ෂිලා මධ්‍ය වි -හොරණ
හොරණ
තත් 54.0
2012

2012.06.27
බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා - 2012
නව තරග වාර්තා

21 න් පහළ බාලිකා තුන් පිම්ම

නම
විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
දිල්ශානි මඩවල
මෙතෝදිස්ත වි කොළඹ 03
කොළඹ
මී 10.99
2010
නව වාර්තාව
අංජනී පුල්වංශ
‍ගේට්වේ ජාත්‍ය පා කොළඹ
කොළඹ
මි 11.12
2012


19 න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීම

නම
විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
K A හසින්තා අනුරුද්ධිකා
යහපත් එ‍ඬේරාගේ කන්‍යා කො‍ටාහේන
කොළඹ
මී 36.21
2010
නව වාර්තාව
අමන්ති සිල්වා
ශා බ්‍රිජට් කන්‍යා
කොළඹ
මි 37.61
2012


17 න් පහළ බාලිකා දුර පැනීම

නම
විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
W මංගලා එස් පෙරේරා
කාන්තා වි කොළඹ 07
කොළඹ
මි 5.48
1997
නව වාර්තාව
S  ලක්ෂානි සාරංගි සිල්වා
ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාල ය පානදුර
කළුතර
මී 5.59
2012


2012.06.28
බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා - 2012
නව තරග වාර්තා

15 න් පහළ බාලිකා මීටර් 400

නම
විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
හංසි ඒකනායක
ලයිසියම් ජාත්‍ය පා වත්තල
කැලණිය
තත් 62.0
2009
නව වාර්තාව
K මහේෂි සෙව්වන්දි
ගුරුකුල ජා පා  කැලණිය
කැලණිය
තත් 60.4
2012


21 න් පහළ බාලිකා මීටර් 400

නම
විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
ඒ චන්ද්‍රකලා මෙන්ඩිස්
මිරිස්වත්ත ම වි දොඩම්ගොඩ
කළුතර
තත් 60.8
1995
නව වාර්තාව
නදීශානි හෙන්ඩර්සන්
ගේට්වේ ජාත්‍ය පා කොළඹ
කොළඹ
තත් 60.5
2012


17 න් පහළ බාලක මීටර් 1500

නම
විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
සම්පත් වැන්ඩර්ලන්
මාරිස් ස්ටෙල්ලා වි මීගමුව
මීගමුව
වි 4:16.2
1992
නව වාර්තාව
ඩී.ඒ. සඳරුවන්
නාගසේන වි වනවාසල
කැලණිය
වි 4:15.2
2012

තරග වාර්තා සමකිරීම්
19 න් පහළ බාලක මීටර් 400

නම
විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
රංග විමලවංශ
ශා පීතර වි බම්බලපිටිය
කොළඹ
තත් 48.8
1998
නව වාර්තාව
ජේ ලහිරු ප්‍රසංජිත්
තක්ෂිලා මධ්‍ය වි හොරණ
හොරණ
තත් 48.8
2012

19 න් පහළ බාලක මීටර් 1500

නම
විදුහල
කලාපය
දක්ෂතාවය
වර්ෂය
පැරණි වාර්තාව
සම්පත් වැන්ඩර්ලන්
මාරිස් ස්ටෙල්ලා වි මීගමුව
මීගමුව
වි 4:06.9
1994
නව වාර්තාව
දුෂාන් ඉෂාර හේමන්ත
ශා පිතර වි කොළඹ
කොළඹ
වි 4,06.9
2012

2012.06.28 වන විට නව තරග වාර්තා 12 කි. සම කිරීම් 02 කි