Nov 17, 2012

මගේ සිහිනය විද්‍යානූකූල බොක්සිං පුහුණුකරුවෙකු වීමයි - අනූෂා කොඩිතුවක්කු

සිය අවසන් විදේශිය බොක්සිං තරගාවලිය ලෙස ටියුනීසියා ජාත්‍යන්තර බොක්සිං සූරතාවලියට සහභාගි වෙමින් ශ්‍රී ලංකාවට වටිනාම ජයග්‍රහණ ලබා දුන් බොක්සිං ක්‍රීඩිකාව ලෙස පිළිගැනෙන අනූෂා කොඩිතුවක්කු,සිය බොක්සිං ජීවිතයේ අවසන් විදෙස් සංචාරයද රන් පදක්කමක් හිමි කර ගනිමින් නිමා කරන්නට සමත් වුණා.ජයග්‍රහණයෙන් අනතුරුව සුපිරික්‍රීඩා වෙත අදහස් ප්‍රකාශ කළ අනූෂා පැවසුවේ තමන්ගේ ඊළග බලාපොරොත්තුව තවත් ශ්‍රී ලංකාවට බොක්සිං ජයග්‍රහණ ගෙන ඒමට සමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම සදහා විද්‍යානුකූල බොක්සිං පුහුණුකරුවෙකු වීම බවයි.

තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපවීමකින් පුහුණු කටයුතු කළ බව කී අනූෂා,තමා ඔලිම්පික් නියෝජනය බලාපොරොත්තුවෙන් වැඩි බර පංතියකට පිවිස ක්‍රීඩා කළ ද,යළි එම තත්ත්වයෙන්  මිදී ස්වභාවික බර තත්ත්වයට පිවිස ක්‍රීඩා කිරීමට ලැබීම ද මෙහිදී වාසියක් වූ බව පැවසුවාය.තමා සමග මෙම තරගාවලියට සහභාගි වූ  ශිරෝමාලා සහ සිතාරා දෙදෙනා ද විශාල කැපවීමකින් ක්‍රියා කළහොත් මේ ජයග්‍රහණ ඉදිරියට ආරක්ෂා කළ හැකි බවපැවසූ අනූෂා ශිරෝමාලා හොදින් අභියෝග ජය ගත්තද,ඇයට තරග සටහන සැකසීමේදී ම යම් වාසිදායක තත්ත්වයක් උදා වු බව පැවසුවේ ඇය ඉහළ බර පංතියක තරග වැදීමේ වාසිය ද හිමි කර ගත් බව පවසමින්ය.

සිතාරා ට ඒ පදක්කම වෙනුවෙන් හොද තරගයක් දෙන්න වුණා යැයි පවසන අනූෂා මෙම ජයග්‍රහණ වලට වඩා ජාත්‍යන්තර මට්ටමේදී විශාල අභියෝග හමුවන බව පෙන්වා දුන් අතර ඒ සදහා මෙම ක්‍රීඩිකාවන් බොහෝ කැපවිම් කරමින් පුහුණුවීම් කර ගෙන යා යුතු බව පෙන්වා දුන්නාය.තම අවසාන විදේශ තරගාවලියේ දී බොක්සිං ජීවතයේ සියළු ශක්තීන් සම්පාදනය කළ පුද්ගලයා ලෙස ඩයන් ගෝමස් අසළින් රැදී සිටීම තමාට විශාල ශක්තියක් වූ බව පෙන්වා දුන් අනූෂා,ඒ ශක්තියේ වටිනාකම සිය වචන වලට හරවමින් පැවසුවේ 'මේ ජයග්‍රහණයේ ගෞරවයෙන් වැඩි ප්‍රමාණයක් ඩයන් ස්ර්ට හිමි විය යුතුයි' යනුවෙනි.

ආධුනික මට්ටමේ ක්‍රීඩිකාවක ලෙස වසර 10 ක පමණ කාලයක් බොක්සිං කවයේ රැදී සිටිමින් කළ දේ පිළිබදව තෘප්තියට පත්වන බව කි අනූෂා සිය සමුගැන්මෙන් පසු තරග කිහිපයක් හෝ වෘත්තීය බොක්සිං ක්‍රීඩිකාවක ලෙස තරග කිරීමේ සිහිනයක් තිබෙන බව පෙන්වා දුන්නාය.එහිදි ආරක්ෂක හිස් වැසුම් ආදියෙන් තොරව නිරාවරණව තරග වැදීමට අනූෂාට සිදු වන අතර ඇය ඒ සදහා සූදානම් වීමට ඉදිරි කාලය කැප කිරීමට බලාපොරොත්තු වන්නීය.
www.supirikrida.com

ගුරු මව්නි නිවන්සුව ලැබේවා!


විශ්‍රාමික ගුරු මාතාවක වූ සහ ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුවරයෙකු වූ සුජීව විජයනායක ගේ අදරණිය මැණියන් වන ඩබ්ලිව්ඩීඑම් චිත්‍රලතා මහත්මිය වසර හැටක් ආයු වළදා අප අතරින් වෙන්ව ගියේය.කලක සිට දැඩි රෝගාතූර තත්ත්වයකින් පසු වූ එම මහත්මිය ඉකුත් 15 වන දින සදහටම අප අතරින් වෙන්ව ගිය අතර දේහය පිළිබද අවසාන කටයුතු මෙම නොවැම්බර් 18 දා සිදු කිරීමට නියමිතය.දැනට දේහය දෙවලපොල,බලබෝව,65/ඩී/1 නිවසේ තැන්පත් කර ඇති අතර ඒ පිළිබදව වැඩි තොරතුරු අංක 033 - 2289190 දුරකථන අංකයෙන් ලබා ගැනීමට හැකියාව ඇත.

දස දහස් දූ-දරු කැළකගේ නැණස් පෑදූ එම ආදරණිය ගුරුමාතාවට සුපිරිකීඩා ගෞරවය සහ ආචාරය හදවතින්ම පුද කරමු.
ඔබට නිවන් සුව!
www.supirikrida.com

Nov 16, 2012

ලෝකය එක්ක ගැටෙන්නට ගිය ලංකාවේ 'එක' ඉවතට වීසි වෙයි.

 ‍ලෝක කාන්තා චෙස් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ ප්‍රථම කාන්තාව ලෙස රැසියාවේ පැවති ලෝක කාන්තා සූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා චෙස් සූරිය සචිනි රණසිංහට ප්‍රථම තරගයෙන්ම වට 2 - 0 ක පරාජයක් අත් විය.ඒ ඉකුත් කාන්තා ලෝක සූරතාවලියේ ලෝක සූරි චීනයේ හුව් යිෆොන් ඉදිරියේය.ආසියානු කලාපීය තරග ජයග්‍රහණ හරහා මෙම තරගාවලියට සුදුසුකම් ලබන සචිනි ශ්‍රී ලංකාවේ ඉන්ටර්නැෂන්ල් මාස්ටර් තත්ත්වයට පත් වූ පළමු ක්‍රීඩිකාවද වන බැවින් මේ වන විට මෙරට බිහි කළ ක්‍රීඩිකාවන් අතර ඉදිරියෙන්ම සිටින්නිය ලෙස විවාදයකින් තොරව හැදින්විය හැකිය.
 කොළඹ මියුසියස් විදයාලීය සිසුවියක වන සචිනි,මේ වන විට ලබා ගෙන ඇති ජයග්‍රහණ සළකද්දී දිගු ගමණක් යා හැකි රටට ආඩම්බරයක් විය හැකි ක්‍රීඩිකාවක් බව ඔප්පු කර හමාරය.නමුත් මේ තරගාවලියේ අවසාන මොහොත දක්වාත් ප්‍රමාණාත්මක අනුග්‍රහයක් නොලබමින් ලත වෙමින් සිටි ඇයට තරගාවලියේ අභියෝගය තරමටම සහභාගීත්වය සදහා අවශ්‍යය පරිදි අනුග්‍රාහකයන් සොයා වෙහෙසෙන්නට ද සචිනිට සිදු වූවාය.
මනස පැහැදිළිව සහ සැළසුම් ගත වීමට අවශ්‍යය විවේකයෙන් මෙවැනි තරගාවලියක අභ්‍යාස සමය ගෙවා දැමිය යුතු වුව ද,ලංකාවේ බොහෝ ක්‍රීඩාවන්ට සිදුවන ආකාරයෙන්ම අවසාන මොහොත දක්වා අනුග්‍රාහකයන් සොයා අවිනිශ්චිත භාවයෙන් සහ ඇපැහැදිළි තත්ත්වයෙන් කටයුතු කරන්නට වීම කණගාටුදායකය.ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් වී අදාළ ගුවන් ටිකට් පත ලබා දීමට කටයුතු කළ අතර සෙසු අවශ්‍යතා වෙනුවෙන් ඇයට විශාල වෙහෙසක් දරන්නට සිදුවිය.

 

අනූෂාගෙන් රත්තරන් සමුගැනීමක්! ඔලිම්පික් ක්‍රීඩිකාව ප්‍රථම වටයේදීම බිම

අනූෂා
ටියුනීසියා අන්තර් ජාතික කාන්තා බොක්සිං සූරතාවලියේ කිලෝග්‍රෑම් 48 බර පංතියේ රන් පදක්කම සදහා වූ අවසාන තරගයේ දී ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩිකා පින්ලනත්යේ ලොයිකනන් ලොටා ප්‍රථම වටයේදීම බිම හෙලූ අනූෂා කොඩිතුවක්කු සිය බොක්සිං ජීවිතයේ අවසානය රත්තරන් සමුගැනීමක් බවට පත් කර ගත්තාය.තරගාවලියට පෙරම සිය සමුගැනීමේ තරගාවලිය ලෙස හදුන්වමින් මේ තරගාවලිය නියෝජනය කළ අනූෂා ටියුනීසීයානු රන් පදක්කම මෙන්ම ආසියානු කාන්තා බොක්සිං තරගාවලියකදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් එකම ක්‍රීඩිකාවද වන්නීය.2006 දී වියට්නාමයේදී එම දස්කම ප්‍රදර්ශනය කළ අනූෂා 2010 වසරේදි බාබඩෝස් හී පැවති ලෝක සූරතා බොක්දි තරගාවලියේදී ලෝකඩ පදක්කම දිනා ගත්තාය.ලොව ශ්‍රේණිගත කිරීම් වලට අනුව සිය බර පංතියේ ලොව ප්‍රථම දසදෙනා අතරට පැමිණිමට සමත් වූ ක්‍රීඩිකාවක වන අනූෂා ගේ ඔලිම්පික් සිහිනය ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය විසින් ඔලිම්පික් සදහා බර පංති දෙකක් පමණක් නම් කිරිම හේතුවෙන් අතහැර දමන්නට සිදු විය.

අවසාන පූර්ව තරගයේදී සත්කාරක ටියුනීසියාව නියෝජනය කළ මාලෙක් වර්ටිනී ලකුණු 14 /4 ක් ලෙස පරදා පහසුවෙන් අවසාන තරගය සදහා පිවිසි අනූෂා රන් පදක්කම සදහා වන තරගයේදී  ලොටා ව ඊටත් වඩා පහසුවෙන් පරාජය කරන්නට සමත් වූවාය.ස්ලිම්ලයින් බොක්සිං සමාජය නියෝජනය කරන ඈ, අනුරුද්ධ රත්නායක,වසන්ත කුමාර මෙන්ම මෙම තරගාවලියට සහභාගි වන හර්ෂ කුමාර වැනි පුහුණුකරුවන් ගණනාවක් යටතේ මෙන්ම ජාතික පුහුණුකරුවන් ලෙස සේවය කළ  කියුබානු පුහුණුකරුවන් යටතේද පුහුණුව ලබා ඇත. මෙම තරගාවලියට සහභාගි වූයේ හර්ෂ කුමාර යටතේ පුහුණුව ලබමින් වන අතර මෙම ජයග්‍රහණය පිටුපස අනූෂා ගේ විශාලතම ශක්තිය වූ ඩයන් ගෝමස් කණ්ඩායම් කළමණාකරු ලෙස ඇය අතර රැදීමද ඇයගේ මානසිකත්වයට විශාල ශක්තියක් සහ සහනයක් වූවාට සැක නැත.

ශිරෝමාලා
එසේම මෙම තරගාවලිය නියෝජනය කළ කිලෝග්‍රෑම් 75 බර පංතියෙන් තරග වදින ශිරෝමාලා වීරරත්න මෙම තරගාවලියේදී සිය ජාත්‍යන්තර තරග දිවියේ දෙවන ලෝකඩ පදක්කම දිනා ගත්තාය.පළමු සංචාරය ලෙස මොංගෝලියාවේ පැවති ආසියානු කාන්තා බොක්සිං තරගාවලියට සහභාගි වූ ශිරෝමාලා  එහිදී ද ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.සිය දෙවන තරගාවලිය වූ මෙම තරගාවලියද ලෝකඩ පදක්කමකින් නිමා කළ ශිරෝමාලා අනාගතයේ ශ්‍රී ලංකා කාන්තා බොක්සිං කේෂත්‍රයේ බලාපොරොත්තුවක් බව පැහැදිළි කරමින් සිටින්නිය.ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන ශිරෝමාලා පොලීසිය වෙනුවෙන් ජාත්‍යන්තර පදක්කමක් දිනා දුන් පළමු ක්‍රීඩිකාව ලෙස ද ඉතිහාසයට එක් වන්නීය.බන්දුල ගමගේ මෙන්ම වර්ථමානයේ මෙම සංචාරය සදහා සහය පුහුණුකරු ලෙස එක් වී සිටින,ඩබ්පී මෙණ්ඩිස් ද ඇයගේ බොක්සිං ජිවිතය ආලෝකමත් කළ පුහුණුකරුවන් වන්නේය.

සිතාරා
සිතාරා සදරේඛා මාස් සදර්න් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් බොක්සිං කවයට පිවිස සිටින අතර ඇයගේ පුහුණුකරු වන්නේ චම්පක මාතරආරච්චිය.තෙවන ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වන ඇය ද කිලෝ ග්‍රෑම්

57 බර පංතියේ ලෝකඩ පදක්කමේ හිමි කාරිය වන්නට සමත් වූවාය.විද්‍යාණුකූල බොක්සි ක්‍රීඩිකාවක ලෙස ශ්‍රී ලංකාවේ වැඩෙමින් පවතින බොක්සි ක්‍රීඩිකාවන් අතර වැඩි අවධානයක් දිනා ඇති සිතාරා,ජාතික මට්ටමෙන් දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව ලෙස ඇගයීම් ලද ක්‍රීඩිකාවක්ය.ඒ නිසා මෙම තරගාවලියෙන් පසුව ඇති වන අනූසා ගේ හිස්තැන සදහා ජාත්‍යන්තර කාන්තා බොක්සිං පිටියට ලංකාවේ නම රැදවිය හැකි ක්‍රීඩිකාවක් ලෙස ප්‍රවේශ කළ හැකි ක්‍රීඩිකාවන් අතර සිතාරා ද පෙරමුණේම රැදෙන ක්‍රීඩිකාවක්ලෙස හැදින්විය හැකිය.

තරගාවලියේ විශේෂත්වය වන්නේ තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් එක් වූ ක්‍රීඩිකාවන් තිදෙනාම  පදක්කම් අතර සිටීමය.ශ්‍රී ලංකා බොක්සිං ඉතිහාසයට අලුත් වාර්තාවක් වන මේ සියල්ලෝම පදක්කම් රැගෙන එන තරගාවලිය ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිං ක්‍රීඩාවේ අලුත් පිටුවක් පෙරළිමට අවස්ථාවක් කර ගන්නේ නම් අපූරුය.දැනට කාන්තා බොක්සි ප්‍රමාණාත්මකව ව්‍යාප්ත වී නොමැති වීම  මෙන්ම ප්‍රමාණවත් තරග ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රියාත්මක නොවිම ගැටළුකාරී තත්ත්වයක් වන අතර ඒ අඩුව පිරවිය යුතු බවට දුන් සංඥාවක් ලෙස බොක්සිං පරිපාලනය මෙන්ම රටේ ක්‍රීඩාවේ පාසල් හා ජාතික පරිපාලනද අනූෂා,සිතාරා සහ ශිරෝමාලාගේ මෙම දක්ෂතාවය භාර ගත යුතු බව අපි විශ්වාස කරමු.
www.supirikrida.com





අමාත්‍යංශය ආයෙත් දැලේ පැටලෙයි

ක්‍රීඩා අමාත්‍යංශයෙන් සිංගප්පූරුවේ පැවත්වෙන නේෂන් කුසලාන දැල් පන්දු සංචාරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන දැල් පන්දු පුහුණුකාරියන්ගේ වැඩ මුළුව හැදෑරීම සම්බන්ධයෙන් සහභාගි වීමට අමාත්‍යංශයේ අවසරය ලබා දෙමින් නිකුත් කළ ලිපිය මේ වන විට දැල් පන්දු පරිපාලනය සම්බන්ධයෙන් කිසිදු බලයක් නොමැති නිලධාරිනියකගේ නමට නිකුත් කිරීම නිසා එම පුහුණුකාරියන් දැඩි අපහසුවකට පත් වී ඇතැයි සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙයි.ක්‍රීඩා සංවර්ධනය පැවරුණු නිලධාරියෙකු අමාත්‍යවරයා වෙනුවට අත්සන් තබා මෙම ලිපිය නිකුත් කරන විට එහි ඇති වරද පෙන්වා දීමට පුහුණුකාරියන් ඉදිරිපත් වී ඇති බව සනාත කරන ක්‍රීඩා අමාත්‍යංශයේම ආරංචි මාර්ග අදාළ නිලධාරියා එයට සවන් දෙනු වෙනුවට අපට කළ හැකි දේ ඔපමණ යැයි පවසා එම ලිපිය නිකත් කර ඇත.

ඇහුං කං දීම පුරුද්දක් වශයෙන්ද,විමසා බැලීම චාරිත්‍රයක් වශයෙන්ද පැහැර හරින නිලධාරින් පිරිසක් ක්‍රීඩා අමාත්‍යවරයාට කිසිදු අවබෝධයකින් තොරව ක්‍රීඩාව සම්බන්ධයෙන් යෝජනා ගෙන ඒම,නිර්දේශ ඉදිරිපත් කිරීම සහ තමන්ගේ පහසුව සහ අවශ්‍යයතාවය පදනම් වුණු න්‍යාය පත්‍ර මත කටයුතු කිරිමේ  අවධානමක් පවතින බව මීට පෙර ක්‍රීඩා ඇමති නොදුටු පෙරහැර නම් වු ලිපියෙන් අප පහදා දුන් අතර එම තත්ත්වය තව දුරටත් පැහැදිළි කරමින් දැන් අමාත්‍යවරයා වෙනුවට අමාත්‍යංශ නිලධාරියෙකු ආසියානු දැල් පන්දු තරගාවලියටත් ප්‍රථම ලේකම් ධූරයෙන් ඉවත් වූ කුමුදනි ගෝමස් ට ලේකම් වරිය ලෙස සළකා ලිපි යොමු කිරිමෙන් පැහැදිළි වන්නේය.
www.supirikrida.com

අයියල මල්ලිල‍ තේරීම් කමිටුවට ඒම සාධාරණ නෑ - යෝගානන්ද විජේසුන්දර

මන් කුමාර යළිත් තේරීම් කමිටුවට? යනුවෙන් අප වෙබ් අඩවියේ සදහන් වූ ප්‍රවෘත්තියෙන් ලාල් චන්ද්‍රකුමාර නම් සමන් ගේ සොහොයුරාත් සමනුත් එකම තේරීම් කමිටුවට පත්කිරීමට පොළඹ වන සුළු ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ ‍යෝගානන්ද විජේසුන්දර සිය අප්‍රසාදය පළ කළේය.
'එහෙම වුණාම සාධාරණයක් නෑ.හැම වෙලේම ඒ දෙන්න එක මතයක ඉදියි.ඒ වගෙම වාර්තාකරු තේරීම් කමිටු සාමාජිකයෙක් කිරීමට විරුද්ධව පළමුවෙන්ම කරුණු පෙන්වා දීම කළෙත් මමයි,එයාට ඒකේ සාමාජිකයෙක් හැටියට ඉන්න බෑ,නමුත් තොරතුරු සම්පාදනය කිරීම සදහා තීරණ සදහා ඡන්ද බලයක් නැති අයෙකු ලෙස ඔහුව තෝරා ගැනීම අසාධාරණ නැහැ'
එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක් වූ යෝගානන්දයන් ක්‍රීඩාව පිළිබදව ඇල්මකින් සහ දැණුමකින් යුතුව මාධ්‍ය හසුරවන මාධයයක් ලෙස සුපිරි ක්‍රීඩා වෙත කේෂ්ත්‍රයේ ඇති ගෞරවයට මෙවැනි ප්‍රවාත්ති හානිකර විය හැකි බව ද පෙන්වා දුන්නේය.පුද්ගල කේන්ද්‍රීය මාධ්‍ය වෙනුවට ක්‍රීඩාව ප්‍රමුඛත්වයේ සළකන අතලොස්සක් වූ මාධ්‍ය අතර අගය කරන මාධ්‍යයක් වන සුපිරි ක්‍රීඩා මෙවැනි ප්‍රවෘත්තියක් පළ කිරීම පිළිබදව තමන් කණගාටුවන බව ද යෝගානන්දයන් තව දුරටත් අනාවරණය කළේය.
අපේ සටහන
මෙම ප්‍රවෘත්තිය මීට පෙර මාධ්‍ය ගණනාවක පළ වූ අතර ඒ කිසිම මාධ්‍යයක සමන් කුමාර සහ ලාල් චන්ද්‍රකුමාර සහෝදරයන් බව දැන හෝ නොදැන සටහන් කර නැත.ඇතැම් විට ඒ නිසාම මෙවැනි විරෝධයක් මතු වන්නට එය හේතුවක් නොවන්නට ඇත.අප දන්නා තරමින් තවම මෙම පත්වීම සිදු වී නැත.ක්‍රීඩා අමාත්‍යවරයාද අප වෙබ් අඩවියේ පාඨකයෙකු නිසා අප පළමුව පළ කළ ලිපිය මෙන්ම යෝගානන්ද විජේසුන්දරයන්ගේ අදහස ඇතුළත් මෙම සටහන ද එම පත්වීම් බලධාරියා වන ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඇස ගැටෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.අප එම සංයුතියේ සහෝදරයන් දෙදෙනෙකුගේ නම යෝජනා වී ඇති බව හෙළිදරව් කරනු හැර ඔවුන් දෙදෙනාම පත් කළ යුතුය යන මතයේ එල්ඹ නැති බව කිව යුතුය.එයින් අප මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් යම් සැකයක් පහළ වූයේ නම් අප අතින් සිදු වූ ඒ විශ්වසනීයත්වය බිද ගැනීම සම්බන්ධයෙන් අපි මහත් කණගාටුවට පත් වන්නෙමු.නමුත් යෝගානන්දයන්ද පිළි ගන්නා පරිදි තේරීම් කමිටුව සමන් කුමාරගෙන් දත්ත ලබා ගැනීමේ සේවය ලබා ගැනිම වැදගත් බව අප ප්‍රකාශ කරනු කැමැත්තෙමු.
www.supirikrida.com

මේනකා ට රන් පදක්කම් දෙකක් සමග ශ්‍රී ලංකාවට එක වෙන්න අවස්ථාවක්

න්දියාවේ පින්කි ප්‍රමානික් පිරිමියෙකු බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කරමින් නැවත එයට අභියාචනා කිරීමේ හැකියාව පවා වළකමින් දුන් නියෝජනයත් සමග 2006 වසරේ ශ්‍රී ලංකාවේ පැවති දකුණු ආසියාතික මලල ක්‍රීඩා තරගාවලියේ දී ඇය දිනූ රන් පදක්කම් ත්‍රිත්වයෙන් දෙකකම අයිතිය ශ්‍රී ලංකාවේ මේනකා වික්‍රමසිංහට හිමි කර ගැනීමේ අවස්ථාව උදා වී ඇත.පින්කි මීටර් 400,800 සහ 4 x 400 සදහා රන් පදක්කම් දිනා ගත් අතර එහිදී මීටර් 400 රිදී පදක්කම මේනකා වික්‍රමසිංහ සතු විය.මීටර් 4 x 400 ඉසව්වේ රිදී පදක්කම මේනකා ඇතුළුව චන්ද්‍රිකා සුභාෂිණී,ලසන්ති ජයවර්ධන සහ ලලනා ශාන්ති යන කණ්ඩායමට හිමි වු අතර පින්කි පිරිමියෙකු බව හෙළිවීමත් සමග මෙම රන් පදක්කම් ශ්‍රී ලංකාවට හිමි විය යුතුය.

ඒ අතර එම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා පිරිමි ඉසව් වලදී රන් පදක්කම් 8 ක් දිනා පෙරමුණේ සිටි අතර ඉන්දියාවට හිමි වූයේ රන් පදක්කම් 6 ක් පමණි.කාන්තා අංශයේ මලල ක්‍රීඩා තරග වලදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් හයක් හිමි වු අතර ඉන්දීය ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 9 ක් දිනා ගත්හ.එයින් පින්කි ගේ රන් පදක්කම් තුනෙන් දෙකක් ශ්‍රී ලංකාවට හිමිවන තත්ත්වයක ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ රන් පදක්කම් ප්‍රමාණය 7 දක්වා පහළ බසිද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දිනූ රන් පදක්කම් ප්‍රමාණය 8 දක්වා ඉහළ යන්නේය.ඒ අනුව සමස්ත මලල ක්‍රීඩා සූරතාවය සදහා ඉන්දියාව දිනූ මලල ක්‍රීඩා පදක්කම් 15 ක ප්‍රමාණය 13 ක් වන අතර ශ්‍රී ලංකාවේ රන් පදක්කම් ප්‍රමාණය 14 සිට 16 දක්වා ඉහළ යන්නේ 2006 ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ සමස්ත මලල ක්‍රීඩා සූරතාවයේ උරුමයද ශ්‍රී ලංකාවට හිමි වෙමින්ය.

මේ සම්බන්ධයෙන් සුපිරි ක්‍රීඩා වෙත අදහස් දක්වමින් ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කළේ,ඉන්දීය ඔලිම්පික් කමිටුවෙන් මේ පිලිබදව වන නිල දැණුම්දීම සමග අදාළ රන් පදක්කම් ශ්‍රී ලංකාවට ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන  බවය.එය නිල වශයෙන් සිදුවිය යුතු  යුතු අතර වාර්තාවන තොරතොරු සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිපලයක් සදහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනයට ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලීමක් කිරීමට අවස්ථාව ඇත.
www.supirikrida.com

කාලතුවක්කුව විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ දැඩි පරීක්ෂාවට

චම්පිකා දිල්රුක්ෂි
ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල දෙනෙකුට සහය වන ශ්‍රී ලංකා යුධ හමුදාවේ අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා  සූරතාවලියේ සූරතාවය වසර ගණනක සිට එයට හිමිකම් කියන කාලතුවක්කු රෙජිමේන්තුව සුපුරුදු පරිදි මෙවරත් දිනා ගත්තේය.නමුත් වෙනදාට වඩා මෙවර විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ දැඩි පරීක්ෂාවට ලක් වූ කාලතුවක්කු රෙජිමේන්තුව සූරතාවය සදහා යන ගමනේදී යම් අභියෝගයකට ලක් වූ බවක් දකින්නට ලැබිණ.ආධිපත්‍යය රැක ගැනීම සදහා වෙනදාට වඩා අසීරුවෙන් ක්‍රියා කරන්නට වූ කාලතුවක්කු රෙජිමේන්තුවට විදුලි හ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට එක් වූ නව ක්‍රීඩකයන්ගෙන් විශාල බලපෑමක් එල්ල වනු දකින්නට ලැබිණ.විශේෂයෙන් රාජේෂ් ඛාන්,මධුෂ්ක මිලාන් දිසානායක,මිලාන් සම්පත් දිසානායක,කාලිංග කුමාරගේ වැනි ක්‍රීඩකයෝ ඒ අතරින් කැපී පෙණුනහ.
ඒ අතරින් මිලාන් සම්පත්මෙවර යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා සූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වුයේ දුර පැනීම වෙනුවෙන් මීටර් 7.63 ක දක්ෂතාවයක් දක්වමින්ය.නව තරග වාර්තාවක් වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ජාතික පාසලෙන් බිහි වූ මිලාන් ගේ එම පිම්මට දක්ෂතම ක්‍රීඩක සම්මානය හිමි වෙද්දී,ශ්‍රී ලංකාවේ මෑත කාලයේ බිහි වූ සුවිශේෂිම මැදි දුර ක්‍රීඩිකාව බවට පත් වෙමින් සිටින කුරුණෑගල දිස්ත්‍රික්කයේම කුඹුක්වැව මහා විද්‍යාලයෙන් බිහි වූ චම්පිකා දිල්රුක්ෂි දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් විය.ඒ මීටර් 1500 ඉසව්ව විනාඩි 4:16.42 ට නිම කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින්ය.
මේ අතර කාන්තා රෙජිමේන්තු අතර පැවති තරගාවලියේ සූරතාව දෙවන කාන්තා ස්වෙච්ඡා බලකාය විසින් දිනා ගත් අතර එහි අනුසූරතාවය හිමි වූයේ පස්වන කාන්තා බලකායට ය.

මිටිය පළමු වරට මීටර් 50 පසු කරයි
චරිත්  කපුකොටුව
ජාතික මට්ටමේ අති දක්ෂ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වන  අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා උළෙලට සහභාගි වෙමින් සිය සේවා කණ්ඩයට කෘතවේදීත්වය පිරිනැමීමට ඇමෙරිකාවේ සිටම පැමිණි චරිත් කපුකොටුව එළැඹෙන බ්‍රහස්පතින්දා නැවත ඇමෙරිකාව බලා පිටත් වෙද්දී රැගෙන යන්නට තවත් ශ්‍රී ලංකා වාර්තාවක් සිය වාර්තා ගොන්නට එකතු කර ගන්නට මෙම ක්‍රීඩා උළෙලේදී සමත් විය.තරගාවලියට සහභාගි වන විටත් යගුලිය සහ මිටිය වීසි කිරීමේ ජාතික වාර්තාලාභියාව සිටි කපුකොටුව,යගුලිය වීසි කිරීම මීටර් 15.80 ක දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් සමග ජය ගන්නට සමත් විය.මිටිය වීසි කිරීමේ ඉසව්ව ඓතිහාසික තලයකට ගෙන එමින් මීටර් 50.44 ක දක්ෂතාවයක් දක්වමින් සිය පැරණි වාර්තාව වූ මීටර් 47.13 අභිබවා යමින් එම ඉසව්ව මීටර් 50 සිමාවට රැගෙන ආ පළමු ලාංකේය ක්‍රීඩකයා වෙමින් ජාතික වාර්තාව අලුත් කරන්නට කපුකොටුවට හැකිවිය.එසේම නවපෙත්ත වීසි කිරීමේ ඉසව්වද ජයගත් කපුකොටුව තරගාවලියේ පිරිමි අංශයේ විසි කිරීමේ ආධිපත්‍යය පතුරුවා හැරීමට විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට සහය වූයේ හෙල්ල වීසි කිරීමේ ජය ද එම රෙජිමේන්තුවට ගෙන ආ සචිත් මධුරංගගේ ද සහය ඇතිවය.
කපුකොටුව මෙන්ම වයඹ පළාතේම ක්‍රීඩිකාවක ලෙස චම්පිකා දිල්රුක්ෂි පස්වන කාන්තා බලකාය නියෝජනය කරමින් ක්‍රීඩා උළෙලේ පිහිට වූ දෙවන ශ්‍රී ලංකා වාර්තාවේ උරුමක්කාරිය වූවා ය.අයද ඇය සතුවම පැවති මීටර 1500 ජාතික වාර්තාව (විනාඩි 4:18.5) තත්පර දෙකකින් පමණ ඉදිරියට ගෙන එමින් පෑ දක්ෂතාවය ඉති ඉහළ මට්ටමක පැවතිණ.තායිලන්ත විවෘත මලල ක්‍රීඩා සූරතාවලියේ දී මෙවර මීටර් 1500 සහ 800 යන ඉසව් ද්විත්වයම ජයගත් චම්පිකා දිල්රුක්ෂි ජාතික සූරතාවලියේදි මීටර් 800 පමණක් තරග වදි අතර එහිදී එම ඉසව්ව ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩිකාවක වාර්තා කළ හොදම කාලය සහිතව නිම කරන්නට ඇය සමත් වූ අතර (විනාඩි 2:04.97) එය ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක එම ඉසව්ව වෙනුවෙන් වැය කළ හොදම දෙවන කාලයද වන්නේය.
ශ්‍රී ලංකා වාර්තා දෙකට අමතරව උළෙලට පමණක් සිමා වූ නව තරග වාර්තා 14 ක් ද බිහි වූ අතර තරගාවලියේ අවසාන  දිනය වූ ඊයේ (150 ශ්‍රී ලංකා වාර්තා දෙකට අමතරව බිහි වූ නව තරග වාර්තා දෙක පිහිටුවීමට තරංගා විනෝදනී සහ කේඩබ්එස් රන්දීව සමත් විය.සාමාන්‍යයෙන් ජාතික තලයේ උස පැනීමේ ක්‍රීඩිකාවක ලෙස ප්‍රකට තරංගා මෙහිදී එම ඉසව්ව නව තරග වාර්තාවක් සමග ජය ගැනීමෙන් නොනැවතී,දුර පැනීමේ ඉසව්වද නව තරග වාර්තාවක් සමග ජය ගන්නට සමත් වූවාය.ඊයේ (15) එම දස්කම මීටර් 5.27 ක පිම්මකින් සටහන් කළ තරංගා,උළෙලේ කපුකොටුව සමග නව උළෙල වාර්තා යුගලයක් තැබීමේ ගෞරවය සමස බෙදා ගත්තාය.රන්දීව මීටර් 110 කඩුලු මතින් දිවීම තත්පර 14.46 කින් නිම කරමින් ඊයේ දිනය තුළ වාර්තා වූ ඉතිරි නව තරග වාර්තාවේ හිමිකාරීත්වය දිනා ගත්තේය.
තෙවන දිනයේ තරග ප්‍රතිපල මේ සමග දැක්වේ.
www.supirikrida.com







බැඩ්මින්ටන් තේරීම් කමිටුවෙන් අමාත්‍යවරයාට කරුණු පැහැදිළි කිරිමකට

බැඩ්මින්ටන් තේරීම් කමිටුව අමාත්‍යවරයා හා සාකච්ඡාවක් ඉල්ලා ඇති බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.එම සාකච්ඡාව අද පැවත්වෙනු ඇති බවට කරුණු සැළ වූ අතර නමුත් අමාත්‍යවරයාගේ කාර්ය බහුලත්වය නිසා වෙන දිනයකට කල් යා හැකි බවට ද තේරීම් කමිටු සාමාජිකයෙකු පැවසීය.බොහා් විට මෙහිදී තේරීම් හී දී සියයට සියයක් තමන්ට වග කිව නොහැකි තීරණ ගැනීමක් සිදුවන අවස්ථා තිබෙන බවද එයින් තමන්ව අභියෝගයට ලක් විය හැකි බව ද තේරීම් කමිටුව මෙහිදී අමාත්‍යවරයාට අවබෝධ කර දීමට උත්සාහ කරනු ඇතා බවක් කියැවේ.
මෑත කාලයේ සිදු වූ ජගත් කණිෂ්ඨ ක්‍රීඩා තරගාවලියට කළ තේරීම් සමබන්ධයෙන් අමාත්‍යවරයාගේ මැදිහත් වීමක් මත සංගමයේ තනතුරෙන් ඉවත්වන්නට යෙදුණු නිලධාරියෙකුගේ යම්කිසි දෝෂාරෝපනයකට ලක් වන්නට ද තේරීම් කමිටු සාමාජිකයෙුකුට සිදු විය.නමුත් එම ප්‍රශ්ණයේදී ගැටළුවට මුහුණ දුන් තේරීම් කමිටු සභාපතිවරයාම පසුව ඒ පිලිබදව අදහස් දක්වමින් අවධාරණය කළේ එම සංචාරයට සහභාගි වූ විශාල  ක්‍රීඩක ක්‍රීඩිකා නඩය තේරීම් කමිටුව විසින් ගත් තීරණයක ප්‍රතිපල  මත සිදු නොවූවක් බවය. ක්‍රීඩා අමාත්‍යංශයෙන් අනුමත. මුදල් මත පිහිටා ඊට සරිලන පරිදි කණ්ඩායම තෝරන්නට සිදු වූ බවය.බැඩ්මින්ටන් පරිපාලනය හා සාකච්ඡා කර මුදල් වියදම අතින් දරාගෙන යන පිරිස් සංගමයේ අනුමැතියෙන් පැමිණි අය බවය.ඒ නිසා තේරීම් කමිටු සභාපතිවරයා එම මහා නඩයේ සියළු තේරීම් සදහා වගකිව යුතු නොවන්නනේය.
මේ ආකාරයට සිය නම් ගම් ද අනිසි ලෙස යොදා ගැනෙන ආකාරයෙන් බැඩ්මින්ටන් පරිපාලනය ද තේරීම් සදහා අත පෙවීමෙන් සිය දෑත් පිළීස්සෙන බව තේරීම් කමිටුව මෙහිදී අමාත්‍යවරයාට ඒත්තු ගන්වන්නට උත්සාහ කරනු ඇත


Nov 15, 2012

සමන් කුමාර යළි තේරීම් කමිටුවට ?

සර ගණනක සිට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වාර්තාකරු ලෙස ක්‍රියා කරන ජීජීයූ සමන් කුමාර එම තනතුර හෙබ වූ වැඩි කාලයක් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළ අතර වර්ථමාන ක්‍රීඩා  අමාත්‍යවරයා පත් වූ පසුව එම නම තේරීම් කමිටුවෙන් ඉවත් කරන්නට තීරණය කළේය.තරග උළෙවල මෙන්ම ශ්‍රී ලංකාවට වැදගත් වන ජාත්‍යන්තර තරග ප්‍රතිපල ද වාර්තා වලට ඇතුළත් කරමින් සංරක්ෂනය කිරීමේ තනතුරේ යෙදෙන සමන්,තේරීම් කමිටුවේදී ක්‍රීඩක දත්ත සපයා ගැනීමට මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ පතිපල නිරීක්ෂනයට ද විහාල රුකුලක් විය.වර්ථමාන මලල ක්‍රීඩා පරිපාලනයට ද මෙම තත්ත්වය අවබෝධ වී ඇති අතර කෝසල සහබන්දු තේරීම් කමිටුවට සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එම හිස් තැනට යළිත් සමන් කුමාරගේ නම යෝජනා කිරීමට වත්මන් මලල ක්‍රීඩා පරිපාලනය කල්පනා කරමින් සිටින බවක් වාර්තා වේ.

එසේම කෝසල සහබන්දු ඉවත්වීමෙන් පසුව ඔහුගේ සභාපතිත්වය ඇතිව පත් කළ තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කළ සමන් ගේ වැඩිමහල් සොහොයුරු ලාල් චන්ද්‍රකුමාර එහි සභාපති තැනට පත් කිරීමට යොජනා කිරිමටද තීරණය වූ බවක් වාර්තා වන අතර ඇතැම් විට සමන් ට තමා සහ සිය සොහොයුරා තේරීම් කමිටුවට පත් වුවහොත් එයද ඓතිහාසික මලල ක්‍රීඩා වාර්තාවක් ලෙස වාර්තා කර තැබීමට සිදුවිය හැකිය.
www.supirikrida.com

නදීකා යළි කිරුළ රැක ගනියි

ශ්‍රී ලංකා යුධ හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා සූරතාවලියේ දෙවන දිනය ගෙවෙන විට කාලතුවක්කු රෙජිමේන්තුව ප්‍රථම දිනයේ ඉදිරියෙන් සිටි විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජ්මේන්තුව අභිබවා ඉදිරියට එන්නට සමත් වී තිබුණා.ප්‍රථම දිනයේ එක් වූ නව තරග උළෙල වාර්තා පහට ඊයේ දිනයේ තවත් වාර්තා නව තරග වාර්තා අටක් එකතු වුණා.ඒ අතරින් ජාතික සූරතාවලියේ පරාජයට පත් වූ කාන්තා හෙල්ල වීසි කිරීමේ ජාතික වාර්තාලාභිණිය වන නදීකා ලක්මාලි යළිත් දක්ෂතා අතරට පිවිස ජාතික සූරතාවලියේදී තමන් පරාජයට පත් කළ දිල්හානි ලේකම්ගේ දෙවන තැනට පත් කරමින් එම ඉසව්ව නව තරග වාර්තාවක් (මීටර් 56.76) සමග ජය ගැනිම කැපී පෙණුනා.                                  එසේම දැනට ශ්‍රී ලංකාවේ මල ක්‍රීඩා පිටියේ සිටින ජ්‍යෙෂ්ඨතම ධාවිකාව වන ඩීඒ ඉනෝකා මීටර් 10000 ඉසව්ව නව වාර්තාවක් සමග ජය ගැනීම කැපී පෙණුනා.විනාඩි 38.01.67 ක කාලයක් වාර්තා කරමින් ඇය එම ඉසව්ව ජය ගත් අතර චම්පිකා දිල්රුක්ෂි වර්ථම‍ාන ලාකේය මැදි දුර ධාවන සූරිය ලෙස තමන් සතු කීර්තිය විනාඩි 2:06.01 කින් මීටර් 800 නව තරග වාර්තාවක් සමග නිම කරමින් සනාත කළා.
ජාතික සූරතාවලියේදී හොදම කෙටි දුර ධාවන පිරිමි දක්ෂතාවයට මෙන්ම කඩුලු පැනීමේ හොදම පිරිමි දක්ෂතාවයට ද සම්මාණනීය වූ ජගත් ගුණතිලක මෙම තරගාවලියේදී සිය හැකියාවන් තව දුරටත් තහවුරු කළේ තත්පර 51.71 ක් වූ නව උළෙල වාර්තාවක්ද සමග එම ඉසව්ව ජය ගනිමින්.එසේම අනාගත දුර පැනීමේ ලාංකේය බලාපොරොත්තුව ලෙස හැදින්වෙන මිලාන් සම්පත් දිසානායක දුර පැනීමේ ඉසව්වේදී මීටර් 7.63 ක දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් පිහිටවනු ලැබුවා.ආර්එම්එස් පුෂ්පකුමාර ද මෑත කාලයේ මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ තමන් සතු ආධිපත්‍යය යළිත් තහවුරු කළේ  එම ඉසව්ව විනාඩි 9:02.65 ක දක්ෂතාවයක් දක්වමින්.මේ අතර ඒ කේ පෙරේරා මීටර් 100 කාන්තා කඩුලු පැනීම ඉසව්ව ජය ගත්තේ තත්පර 15.27 ක කාලයකින් නව තරග වාර්තාවක්ද සමගින් වූ අතර ජාතික සූරතාවලියේදී ස්ථානයක් දිනා ගැනීමට අපොහොසත් වූ ජාතික මට්ටමේ උස පැනීමේ ඉසව්වේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක වන තරංගා විනෝදනී එම ඉසව්ව මීටර් 1.73 ක දක්ෂතාවයක් දක්වමින් ජය ගත්තේ නව තරග වාර්තාවක් ද සමගින්.









 www.supirikrida.com

Nov 13, 2012

මැතිව්ස් උඩ යයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රිලයන්ස් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් පිතිකරුවෙකු,පන්දු යවන්නෙකු සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස තෙ'අංශයෙන්ම ඉදිරියට පැමිණ ඇත.ඒ අනුව මැතිව්ස් පිතිකරුවන් අතරින් ස්ථානයක් ඉදිරියට පැමිණ අංක 38 සිට 37 වන ස්තානය දක්වා ඉදිරියට පැමිණ ඇත.වඩාත්ම පන්දු යවන්නෙකු ලෙස පසුගිය දිනවල පිතිකරුවන් පාලනය කරමින් පන්දු යැවූ ඇන්ජලෝ මැතිව්ස් එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරිම් හී ස්ථාන පහක් ඉදිරියට පැමිණ ඇත.ඒ අනුව 36 වන ස්ථානයේ පසු වූ මැතිව්ස් මෙ වන විට එක්දින පන්දු යවන්නන්  අතර 31 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනෙන  දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වන මැතිව්ස්ට කණ්ඩායමේ උප නායකත්වය ස්ථිර වීම සහ 20 / 20 කණ්ඩායමේ නායකත්වය හිමි වීමත් සමග පිතිකරණයේද ඉදිරි අංකයකට පිවිසීමට අවස්ථාව උදා වී ඇති අතර එය ඉදිරියේදී තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස තව දුරටත් ජාත්‍යන්තර මට්ටමෙන් ඉදිරියට පැමිණිමට විශාල රුකුලක් වනු ඇත.ඔහු නවතම ශ්‍රේණිගත කිරීම් වලදී ඒ බව ඉගි පළ කරමින් ස්ථානයක් පෙරට එමින් ලොව එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරේ මුල් පස් දෙනා අතරට පැමිණ සිටියි..

පකිස්තානය පෙරළිම තවත් කල් යයි

ශ්‍රී ලංකාවේ පිබිදෙමින් පවතින ක්‍රීඩාවක් වන බේස්බෝල් ක්‍රීඩාවේ දකුණු ආසියාවේ ප්‍රමුඛයා වීමට එරෙහිව ඇති ප්‍රබලතම අභියෝගය වන පකිස්තානය පැරදවීම යළිත් වරක් අහිමි වෙමින් පකිස්තානයේ ලාහෝර් නුවර ක්‍රියාත්මක වූ පන්ජාබ් ජාත්‍යන්තර බේස්බෝල් තරගාවලියේ අවසාන තරගයේදී පකිස්තානය ඉදිරියේ ලකුණු 10 - 2 ක පරාජයකින් සෑහෙන්නට ශ්‍රී ලංකාවට සිදු විය.කණ්ඩායම් හතරක සහභාගීත්වය ඇතිව පැවති මෙම තරග සංචාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 17 ක් සහ නිලධාරීන් හයක් සහභාගී වූ අතර එහිදී ක්‍රීඩක අවශ්‍යයතාවයක් වන භෞත චිකිත්සකයෙකු හෝ සම්බාහකයෙකු හෝ රැගෙන යන්නට කල්පනා නොකිරීම අවාසනාවන්ත තත්ත්වයකි.
ඉදිරි මස දියගම දී විවෘත වන්නට නියමිත ජාත්‍යන්තර බේස්බෝල් පිටියේද සහය ඇතිව ක්‍රීඩාව පෙරට ගෙන යන්නට නම් තරග සංචාර සදහා ඇතුළත් වන නිලධාරී ව්‍යහුය ජාත්‍යන්තර මුහුණුවරකින් වෙනස් විය යුතු අතර භෞත චිකිත්සකයන් පරිගණක දත්ත මෙහෙයුම් නිලධාරීන් වැනි චරිත පිලීබදව අලුතෙන් සිතන්නට නොයන්නේ නම් ක්‍රීඩක දහදියෙන් යැපෙන සුදු අලියෙකු ලෙස ලංකාවේ බේස්‍බෝල් පරිපාලනයට ද හංවඩුවක් වැදීම නොනැවත්විය හැකි කාරණයක් නොවනු ඇත.ඒ සදහා තනතුරු නාම වෙනස් වීමට වඩා සිදු විය යුත්තේ ක්‍රීඩාවේ ගලාගෙන යන රිද්මය වෙනස් කරමින් වැඩි අවස්ථාවක් ක්‍රීඩාව සහ ක්‍රීඩකයාගේ අවශ්‍යයතාවයන් පදනම් කරගෙන සිදු කිරීමය.
ශ්‍රී  ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අතර විශාල ජනප්‍රියත්වයක් ඇති ක්‍රීඩාවක් ලෙස ක්‍රීඩාවේ තාක්ෂණික පසුතල සංවර්ධනය සම්බන්ධයෙන් විශාල දියුණුවක් ලැබීමට අවස්ථාවක් තිබෙන බව දැකිය හැකිය.එසේම ක්‍රීඩා වෛද්‍ය ඒකකය ආරම්බ කර ඇති නව වැඩි පිළිවෙළ යටතේ වෙනදාට වඩා ජෛව විද්‍යාත්මකව ක්‍රීඩා‍වේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ශක්තිය වර්ධනය කෙරෙහි අතිරේක පෝෂණ ද්‍රව්‍ය ආදිය ලබා ගැනීමට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ මැදිහත් වීම බහුලව ලබා ගත හැකි ආකාරයට ක්‍රීඩාවේ පරිපාලන ඒකකය මැදිහත් විය යුතුය. 
විශේෂයෙන්ම අද ප්‍රමුඛතා ලැයිස්තුවට බලෙන් මෙන් රිංගා සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යයන්තර තත්ත්වයට ළගා වීමට අපහසු යැයි හැගෙන ක්‍රීඩා අතර බේස්බෝල් ඉදිරියෙන් සිටින අතර,විශේෂයෙන්ම ජපානය සහ කොරියාව වැනි රටවල ජනප්‍රියතම සහ අධික ලෙස වෘත්තීය මට්ටමෙන් ක්‍රියාවට නැගෙන  ක්‍රීඩාවක් ලෙස විශාල වශයෙන් ලංකාවට දියුණු වීමට අවස්ථාවන් ඇති ක්‍රීඩාවක් ලෙස ද බේස්බෝල් දැකිය හැකිය.


යුධ හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේ නව තරග වාර්තා පහක්

මිලාන් මධුෂ්ක දිසානායක
කොළඔ සුගතදාස ක්‍රීඩාංගණයේ අද (13) ඇරඹි 2012 යුධ හමුදා මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනයේම තරග වාර්තා පොත පස් වරක් වෙනස් කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව සතුව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.පළමු දිනය නිමාවන විට විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සෙසු රෙජිමේන්තු අභිබවා පෙරමුණේ සිටින අතර තරගාවලියේ ප්‍රතිපල ජාතික සූරතාවලිය ආශ්‍රිතව ජාතික සංචිතය තේරීම සදහා ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණ වලට යම් අභියෝගයක් එල්ල විය හැකි තත්ත්වයක් දකින්නට ලැබිණ.

චරිත් කපුකොටුව
ජාතික සූරතාවලියේදී තරග වලට සහභාගි වීමෙන් වැළකී සිටි හෝ තරග වැදීමෙන් වැළකී සිටි ඇතැම් යුධ හමුදා ක්‍රීඩකයන් ආශ්චර්යයකින්මෙන් දින දෙකක් තුළ සුවපත් වී සිය රෙජිමේන්තුව වෙනුවෙන් තරග වැදීම ඒ වෙනුවෙන් ජාතික සූරතාවලියේ සහභාගීත්වය අතපසු කළේදැයි සැක සිතෙන සුළුය.එය එසේනම් හමුදා සෑම හමුදා රෙජිමේන්තුවකටම ආවේනික ජාතිය රැක ගැනීමේ මූලික අවශ්‍යයතාවය දෙවැනි කොට රෙජිමේන්තු අවශ්‍යයතාවය පෙරමුණට ගැනීම කණගාටුදායක තත්ත්වයකි.  

සචිත් මධුරංග
නමුත් ඒ පිළිබදව පශ්චාත් පරීක්ෂණයක් කිරීමට නොහැකිය.එය මේ මොහොතට අදාළ දෙයක් නොව හිටපු පරිපාලනයට ද අදාළය.හමුදා බලය ඇතිව ක්‍රියාත්මක මලල ක්‍රීඩා පරිපාලනයේ විවිධ පාර්ශව අතර කෙරෙන සීතල යුද්ධයේ ප්‍රතිපලය ජාතික තරගාවලියේ අලංකරණය දෙවැනි කොට ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව රෙජිමේන්තු අවශ්‍යයතාවය වෙනුවෙන් කොටු කරන බවට සැකයක් ඇති වීම අසාධාරණ නැත.හ් නිසා මෙය බලය සතු නිලධාරි ආකල්ප වල වෙනසක් හෝ ඉන් ඉහළින් කුමන හෝ ජාතික සූරතාවලියකට සහභාගි නොවීම වෛද්‍ය හේතු මත සිදුවන්නක් නම් ඉන් පසුව නිශ්චිත කාලයක් ඇතුළත තරගකාරී මට්ටමෙන් ඔහුට හෝ ඇයට තරග වැදීම කළ නොහැකි බවට නීතිමය තත්ත්වයක් නිර්මාණය කළ යුතුය.ඔහු හෝ ඇය ඉතා දක්ෂ ක්‍රීඩකයෙකු නම් එම නිශ්චිත කාලයට පසුව ඔහුගේ හෝ ඇයගේ ශාරිරික යෝග්‍යතාවය පරික්ෂා කර සංචිතයට ඇතුළත් කිරීමට පියවර ගැනීම වැදගත්ය.එයින් රෙජිමේන්තුවකට ක්‍රීඩකයා සිය ආයතනික අවශ්‍යයතාවය අනුව මෙහෙයවීමට අවශ්‍යය වන්නේ නම් එය වැළකී යනු ඇත. 

පළමු දිනයේ නව වාර්තා තැබූ ක්‍රීඩකයන් අතර කණිෂෟඨ උස පනින්නන් අතර ලොව හත් වන ස්ථානය දිනා සිටින මිලාන් මධුෂ්ක දිසානායක ද වන්නේය.ඔහු මීටර් 2.15 ක උසක් තරණය කළේය.ජාතික සූරතාවලියේදී පිරිමි අංශයේ වීසි කිරීමේ සූරයා වූ වරුණ ලක්ෂාන් දයාරත්න දෙවන තැනට පත් කළ ජාතික වාර්තාලාභියා වන සචිත් මධුරංග මීටර් 73.79 ක දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
ඇමෙරිකාවේ අධයාපනය ලබන සහ එහි වැඩිදුර පුහුණුව ලබන චරිත් කපුකොටුව සිය රෙජිමේන්තු අවශ්‍යයතාවය වෙනුවෙන්ම 12 දා ලංකාවට පැමිණි අතර ඔහු සිය ගමන් වෙහෙසද දරා ගෙන තමන් ජාතික වාර්තාව දරණ යගුලිය වීසි කිරීමේ ඉසව්වේදී මීටර් 15.80 ක දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් තැබීමට සමත් විය.4 SLAWC කාන්තා මීටර් 4 X 100 කණ්ඩායම සෙසු රෙජිමේන්තු අභිබවමින්  මීටර් 4 X 100 ඉසව්ව නිමා කළ කාලය වන තත්පර 50.64 ද නව තරග වාර්තාවක් ලෙස සදහන් විය.සෙසු වාර්තාවට හිමිකම් කීවේ ගීතානි රාජසේකර ය.ජාතික සූරතාවලියේදී ද මීටර් 5000 ඉසව්ව ජය ගත් ගීතානි රාජසේකර ඒ තරගාවලියේ වාර්තා කළ කාලය ට (විනාඩි 16:43.09)  වඩා දුර්වල කාලයක් වාර්තා කළ ද,(විනාඩි 17:03.00) නව තරග වාර්තාවක් සමගින් එම ඉසව්ව ජය ගන්නට සමත් වූවාය.
https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=f1a5f47587&view=att&th=13af9d34578a0139&attid=0.1&disp=vah&realattid=f_h9h0s37k0&zw&authuser=0&sadnir=1&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1352813054964&sads=lbwx9WHWzrOrqAs13zmnhyDXAk4
ඉහත සබදතාවය භාවිතා කරමින් තරගාවලියේ පළමු දිනයේ තරග ප්‍රතිපල වෙත පිවිසීමට හැකිය.
www.supirikrida.com


නවසීලන්තය වැස්සටත් පහළින් වැටුණු තරගාවලියක්

BJ Watling prepares to play the sweep shotම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී නවසීලන්ත - ශ්‍රී ලංකා එක්දින තරගාවලිය නිමාවට පත් වූයේ ශ්‍රී ලංකාවය තරග 3 - 0 ක ජයක් හිමි කර දෙමින්ය.ශ්‍රී ලංකාව තරග තුනක් ජයගත් අතර ඉතිරි තරග දෙක වර්ෂාවෙන් සේදී ගියේය.ජයගත් තරග වල අඩක් ද වර්ෂාව විසින් සිය ග්‍රහණයට ගත් හෙයින් තරග ප්‍රතපලයේදී නවසිලන්තය වර්ෂාවටත් පහතින් සිටියේය.නමුත් නවසීල්නත ක්‍රීඩක බීජේ වෙට්ලින්ග් තරගාවලියේ වීරයා වෙමින් වර්ෂාව සහ ශ්‍රී ලංකාව කෙටි තරගවල අත් කර දුන් පරාජයේ වේදනාව සහ කළකිරීම මදක් හෝ තුරන් කර දැමීය.
අවසාන තරගයේදී ප්‍රථම වරට නවසීලන්ත නායකයා කාසියේ වාසිය දිනා ගත් අතර ඔහු ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.ඒ වන විටත් තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගෙන  සිටි ශ්‍රී ලංකාව කණ්ඩායමේ සංයුතිය මෙන්ම පිතිකරණ නාමාවලියේද යම් යම් වෙනස්කම් කරමින් අලුත් අත්හදා බැලීම්වලට ප්‍රවේශ විය.ඒවා අසාර්ථක වීම මෙන්ම වර්ෂාවේ බාධා ද නිසා ශ්‍රී ලංකාව පන්දු ඕවර් 28.3 ක් ගෙවෙන තැන ලකුණු 123 ක් ලබා කඩුලු 8 ක් අහිමිව සිටි අතර එම අවස්ථාවේ ශ්‍රී ලංකාවට තිබූ තර්ජනය පහ කරමින් වර්ෂව ඇද හැලෙන්නට වූයේ මුළු මහත් තරගාවලියේම වැඩි ඉඩක් වර්ෂාවේ ආධිපත්‍යයට නතු කර දෙමින්ය.
මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ කණ්ඩායමට ජයග්‍රහණ හිමි වුව ද ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා පරාජයන් ගණනාවක් හිමි කර දෙන තරගාවලියක් වීමේ ඉඩ-කඩ විවර කරන බව පැහැදිළි වෙමින් පවතින්නේය.මෝසම් හෝ අන්තර් මෝසම් හෝ ලෙස වර්ෂා චක්‍රය පිළිබදව විද්‍යානුකූලව නොදන්නේ වුව ද,බෞද්ධ සමාජ සංස්කෘතියක් මූලික කර ගෙන ක්‍රියාත්මක වන ව්‍යහුයක් ඇතුළත වස් සමය ගෙවෙන තැන ඇතිවන පාරිසරික වෙනස්කම පිළිබදව අවබෝධයක් හෝ නැති අයුරින් මේ තරගාවලිය සංවිධානය කිරීමට ක්‍රිකට් පරිපාලනය ක්‍රියාත්මක වීම කණ්ගාටුදායක තත්ත්වයකි.වර්සාව මෙන්ම වර්ෂාවෙන් අඩුවෙන්ම බාධා එල්ල විය හැකි ස්ථානයක් ලෙස සැලකෙන දඹුල්ල ක්‍රීඩාංගණය නොසළකා හැරීම වැනි කාරණා මෙම තරගාවලිය පුරා ජාත්‍යන්තර මට්ටමෙන් සාකච්ඡාවට ගැණුනු කාරණා විය.ඒ සදහා ඉදිරියේදී තරගාවලි සංවිධානය කිරමේදී ජාත්‍යන්තර වශයෙන් විමසා බලන සහ කොන්දේසි පැනවෙන තත්ත්වයන් වීමට ඇති ඉඩ පිළිබදව මෙහිදී කාගේත් අවධානය යෙමු විය යුතු තත්ත්වයකි.
www.supirikrida.com

අද පකිස්තානය පෙරළිමට පකිස්තානයේදීම අවස්ථාවක්

න්ජාබ් ජාත්‍යන්තර බේස්බෝල් තරගාවලියේ අවසාන තරගය සදහා අද දකුණු ආසියාවේ සිටින ප්‍රබලතම බේස්බෝල් කන්ඩායම් දෙක වන පකිස්තානය සහ හ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයතකාලයක සිට අංක එ‍කට සිටින පකිස්තානයට සෙමින් සෙමින් ලං වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අද පකිස්තානයේදීම ඔවුන් අභිබවා යාමට හොද අවස්ථාවක් එලැඹ තිබේ.මේ දක්වා පැවති තරග වලදී ඇෆ්ගනිස්තානය සහ නේපාලය පරාජය කිරීමේදී ක්‍රීඩා කළ පහසු ඉරියව්ව සහ මානසික විශ්වාසය රැක ගැනීමට මෙහිදී විශාල අවධානයක් යොමු කිරිම වැදගත් වන අතර ගෙවුණු තරග දෙකේදී හෝම් හිට් දක්ෂතාවය දැක්වීමට සමීර රත්නායක සහ   චාමර පීරිස් සමත් වී තිබීම ද ශ්‍රී ලංකාවේ මානසික ශක්තියට විශාල පිටුවහලකි.කායික ශක්තිය සහ බේස්බෝල් තාක්ෂණය අතර තරගයක් ලෙස පැවත්වෙන පකිස්තාන තරගයේදී පකිස්තානයේ ශක්තිය උපක්‍රමශිලීව ක්‍රීඩා තාක්ෂණයේ වැරදි සදහා පෙළෙඹවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දක්වන සාර්ථකත්වය මේ තරගයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට බෙහෙවින් වැදගත්ය.
තරගාවලියේ තෙවන ස්ථානය ඇෆ්ගනිස්තානය පරදවා නේපාලය දිනා ගත් අතර එහිදී නේපාලය ලකුණු 17 - 9 ක් ලෙස ඇෆ්ගනිස්තානය පැරදවීය.
www.supirikrida.com

සුගතදා‍සය කඩතොළු ඇති කළ එරංග දිනේෂ් ගේ වාර්තාවට සම්මාන තුනක්

එරංග
ව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් තුන්පිම්ම ඉසව්ව ජය ගත් එරංග දිනේෂ් ප්‍රනාන්දු මෙවර 90 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේදී විශේෂ ඇගයීම් තුනකටම හිමිකම් කීමට සමත් විය.උළෙලේ පැනීම් ඉසව් පිරිමි සදහා පිරිනමන කුසලානය මෙන්ම දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් කාන්තා සහ පිරිමි දෙ'අංශයේම කැපී පෙණුන ක්‍රීඩකයා ලෙසත් සම්මානනීය වූයේ එරංග දිනේෂ් ප්‍රනාන්දුය.
නමුත් එරංග දිනේෂ් ප්‍රනාන්දුගේ තුන් පිමිම් වාර්තාව අභියෝගයට ලක් කළ හැකි අතර ඊට හේතු වන්නේ සුළගේ වේගය මැනීමේ උපකරණය ක්‍රියාවිරහිතව තිබියදී මෙම වාර්තාව පිහිටුවීමය.ඒ සමග මතුවන පරිපාලන ගැටළු ගණනාවක් ඇති අතර එම උපකරණ අලුත්වැඩියාව සම්බන්ධයෙන් හෝ මිළදී ගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශ පරිපාලනය එළැඹ ඇති කොන්දේසි වලට අනුව මේ සුළගේ වේගය මැනීමේ උපකරණ ක්‍රියාවිරහිතවීම සම්බන්ධයෙන් අලුත් වැඩියා කර දීම හෝ අලුත් උපකරණ ලබා දීම පිළිබදව එම ගිවිසුමේ සදහන් ද යන්න සොයා බැලීම එම කාරණාය.දිනේෂ් එරංග ප්‍රනාන්දු ගේ වාර්තාව මෙන් තවත් වාර්තා සදහා ද බල පෑ හැකි බැවින් එම යන්ත්‍රය ඉතා ඉක්මණින් අලුත් වැඩියාව හෝ මිළදී ගෙන ස්ථාපිත කිරීම මලල ක්‍රීඩාවේ ජාතික අවශ්‍යයතාවයක් වන අතර ඒ පිලිබදව ක්‍රීඩාංගණ බලධාරීන් ස්ථිර විසදුමක් ලබාදීම අත්‍යවශ්‍යය කරුණක්ය.
චම්පිකා
ක්‍රියාත්මක වෙමින් තිබූ උපකරණය ක්‍රියාවිරහිත වීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර එය තරගාවලියේ ප්‍රමිතියට ගැටළුවක් නම් එයින් ක්‍රීඩක දක්ෂතා අභියෝගයට ලක්වීම සිදු නොවිය යුතුය.ඒ නිසා මේ සම්බන්ධයෙන්  අතිරේක උපකරණ භාවිතා කිරීමට මලල ක්‍රීඩා තාක්ෂණයට අනුව ඇති හැකියාව පිළිබදව විමසා බැලීම කළ යුතු අතර මේ දක්වා නොසිතූ අමතර උපකරණ තබා ගැනීම කෙරෙහි ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට මෙය හොද අවස්ථාවකි.වරදක් පෙන්වා දුන් විට එය ද්වේශ සහගත විවේචනයක් ලෙස සැළකීමේ බහුලව දැකිය හැකි සමාජ සම්ප්‍රදායෙන් මිදී ක්‍රිඩා අමාත්‍යවරයා,සුගතදාස පරිපාලන අධිකාරියේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරයා මෙම කාරණය පිළිබදව අවධානය යොමු කිරීම ජාතික වගකීමක් ලෙස සැළකිල්ලට ගැනීම වැදගත්ය.
පිරිමි උස පැනීම සදහා ආචාර්‍ය එන් එදිරිවීරසිංහම් අභියෝග කුසලානය සදහා පිරිනමන විශේෂ සම්මානය මීටර් 2.21 ක දක්ෂතාවයක් දැක් වූ මංජුල කුමාර විසින් දිනා ගත්තේය.පිරිමි අංශයේ වීසි කිරීම් සදහා වන සීසී දිසානායක විශේෂ සම්මානය හිමි වූයේ හෙල්ල වීසි කිරීම සදහා මීටර් 73.27 ක දක්ෂතාවයක් දැක් වූ වරුණ ලක්ෂාන් දයාරත්නටය.මැදි දුර සහ දුර ඉසව් සදහා වන පිරිමි ඉසව් වල හොදම දක්ෂතාවය මීටර් 3000 බාධක දිවීම ඉසව්වේදී විනාඩි 8:56.75 ක දක්ෂතාවයක් දැක් වූ ආර්එම්ඒ පුෂ්පකුමාරට අග්‍රාණ්ඩුකාර සූරතාවය හිමි විය.කඩුලු පැනීම් පිරිමි ඉසව් සදහා වන හොදම දක්ෂතාවය දැක්වමින් ඩන්කන් වයිට් අභියෝගතා කුසලානය දිනා ගත්තේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජගත් ගුණතිලක මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ දී පෑ තත්පර 51.66 දක්ෂතාවයටය.කෙටි දුර ඉසව් පිරිමි අංශයේ දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන හෝර්ලික්ස්  අබියෝගතා කුසලානය හිමි වූයේද ජගත්ට ය.
දුලක්ෂි
පැනීම් ඉසව් සදහා පිරිනමන එන්එම් වාසගම් අභියෝගතා කුසලානය,පිරිම් අතිසූර ක්‍රීඩකයා සදහා පිරිනැමෙන විල්ටන් බාට්ලිට් අභියෝගතා කුසලානය සහ ක්‍රීඩා උලෙලේ විශිෂ්ඨතම දක්ෂතාවය වෙනුවෙන් වයිතකී වෛරනාදන් පවුලේ අය පිරිනමන එන් වෛරනාදන් අනුස්මරණ අභියෝගතා කුසලානයද හිමි වූයේ මීටර් 16.37 ක දක්ෂතාවයක් දක්වමින් එරංග දිනේෂ් ප්‍රනාන්දු දක්වන ලද දක්ෂතාවයට ය.
කාන්තා අංශයේ අතිසූර ක්‍රීඩිකාවන් සදහා වන සම්මානය සදහා වන කොළඹ සුභසාධක කමිටු අභියෝගතා සූරතා කුසලානය මීටර් 3000 බාධක දිවීමෙ ඉසව්ව සදහා එරංගා දුලක්ෂි පෑ විනාඩි 10:11.72 සදහා සහ චම්පිකා දිල්රුක්ෂී මීටර් 800 ඉසව්ව වෙනුවෙන් පෑ විනාඩ් 2:04.97 දක්ෂතාවය වෙනුවෙන් සමව හිමි විය.චම්පිකා ඊට අමතරව මැදි දුර හොදම කාන්තා දක්ෂතාවය වෙනුවෙන් පිරිනැමෙන ග්‍රේලයින් හෝම් අභියෝගතා කුසලානයට ද,දුලක්ෂි හොදම දුර දිවීමේ ඉසව් සදහා වන හක්ලික්ස් වින්ටර්ජිනො අභියෝගතා කුසලානයට ද හිමි කම් කීහ.කාන්තා වීසි කිරීම් ඉසව් සදහා වන හොදම දක්ෂතාවයට පිරිනමන අක්බාල් ෆාමසිකල් පුද්ගලික සමාගම පිරිනමන සැලොන්පාස් අභියෝගතා සූරතාවය හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී මීටර් 55.76 ක දක්ෂතාවයක් දැක් වූ දිල්හානි ලේකම් ගේ ට හිමි විය.කාන්තා උස පැනීමේ දක්ෂතාවය වෙනුවෙන් පිරිනමන හැටන් නැෂනල් බැංකුවේ විශේෂ කුසලානය හිමි වූයේ මීටර් 1.81 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ ප්‍රියංගිකා මධුමන්තිටය.කඩුලු පැනීම කාන්තා ඉසව් සදහා වන  ග්ලැක්සෝ වෙල්කම් ලංකා ආයතනය පිරිනමන ග්ලූකොලින් අභියෝගතා සූරතාවය හිමි වූයේ මීටර් 100 කඩුලු ඉසව්ව තත්පර 14.26 කින් නිමා කළ අමාලි හර්ෂණි විජේසිංහ ට ය.කාන්තා කෙටිදු ර ඉසව් සදහා ට්‍රයිකෝ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය පිරිනමන චන්දි කන්නන්ගර අනුස්මරණ අභියෝගතා කුසලානය හිමි වූයේ මීටර් 200 තත්පර 23.92 කින් නිමා කළ සුජානි බුද්ධිකාට ය.
www.supirikrida.com

Nov 12, 2012

දැල් පන්දුවේ තවත් පැටලිලි

අවසාන වරට ශ්‍රී ලංකාව ආසියානු සූරතා කුසලානය දිනූ මොහොතේ ගත් ඡායාරූපයකි.දැන් මතුව ඇති ගැටළුව සහ සිදු වෙමින් පවතින දේ අනුව තව කෙතරම් කාලයක් ඉහත වාක්‍යය යටතේ මේ ඡායාරූපය පළ කරන්නට සිදු වේද යන්නයි.කෙසේ හෝ මේ ජයග්‍රහණයෙන් පසුව ලෝක සූරතාවලියකට යාමට පෙර මෙහි පුහුණුකාරිය වූ තිලකා ජිනදාස ඉවත්කිරීමට පිඹුරුපත් සකස් කරමින් පුහුනුකාරියක ලෙස තම්න ලැබූ තරග අත්දැකීම වෙනත් පුහුණුකාරියක් විදීමට අකමැති වූ අයට යළිත් සිය උවමනාව සපත කර ගැනීමට පමණක් නොව බැරි බැරි ගානේ කණ්ඩායමක් පුහුණු කිරීමටත් හැකි වී ඇත.මෙම තත්ත්වයන්ට විරෝධය දක්වා ඉවත්වීම වෙනුවට ඕනෑම පුහුණුකාරියක් යටතේ දක්ෂතා දැකිවිය හැකිය යන මතය ක්‍රීඩා බලධාරීන්ට ඒත්තු ගන්වමින් විදේශ සංචාරයේ උවමනාව පිණිස ක්‍රියා කරන හීලෑ සතුන් පිරිසක් බවට ක්‍රීඩිකාවන් පත් වී සිටියි. මේ පිළිබදව ලියන අය වැරදිද, තමන්ට හෘදය සාක්ෂයක් නොමැති වීමද වඩා බරපතල කාරණය යන්න මේ මොහොතේ හෝ සිතීම වඩා වැදගත් වන්නේ කෙදිනක හෝ මවක ලෙස ජීවිතයට මුහුණ දෙන්නට බලාපොරොත්තුවක් ඇතිනම් දරුවන්ට හෘදය සාක්ෂියක් ඇති මිනිසුන් ලෙස මුහුණ දීමේ වැදගත් කම තේරුම් ගැනීම වැදගත් බැවිනි

දැල් පන්දු තේරීම් කමිටුව කලෙක සිට කණ්ඩායම තේරීමෙන් ඔබ්බට කටයුතු නොකළ ද,නව තේරීම් කමිටුව ඔවුන්ගේ දැක්ම අනුව කණ්ඩායම් නායකයා සහ නායිකාව පත් කිරීමට කටයුතු කළ ද,ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලතල පරිදි නැවතත් සම නායිකාවන් ලෙස තර්ජනී සිවලිංගම් සහ ගයත්‍රි ලංකාතිලකව සිංගප්පූරු නේෂන්කප් තරගාවලිය සදහා ද නම් කර තිබෙන බව දැල්පන්දු කේෂ්ත්‍ර ආරංචි මාර්ග පැහැදිඝි කරයි.මෙම නම් කිරීමට තේරීම් කමිටුව පෙළඹී ඇත්තේ සාමාන්‍යයෙන් ජාතික කන්ඩායමේ නායකත්වය මෙතරම් කාලයකට ක්‍රියාත්මක වීම සාමාන්‍යයෙන් සිදු නොවන තත්ත්වය සැළකිල්ලට ගෙන විය යුතුය.එසේම ඉදිරි තරගවලදී නව නායකත්වයක් ගැන සිතීමට සිදුවන අතර ඒ තත්ත්වය සළකා කණ්ඩායමේ ඊ ළගට සිටින ජ්‍යෙෂ්ඨයන්ට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලියේ නායකත්වය ලබාදීමේ වැදගත්කම ඔවුන්ගේ කල්පනාවට බදුන් වූ බවක් පෙනෙන්නට ඇත.
කෙසේ නමුත් තේරීම් කමිටුවේ ආකෘතිය අනුව ක්‍රීඩා අමාත්‍යංශයට පිටින් වැඩ කළ නොහැකි චරිත කිහිපයක්ම තේරීම් කමිටුව නම් කිරීමේදීම ඔබා ගන්නට එය බාරව සිටින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු බලධාරියා කල්පනා කර බැවින් ඒ සම්බන්ධයෙන් බරපතල විරෝධයක් නැගෙන්නේ නැත.සාමාන්‍යයෙන් ඇහුංකං දී සාදාරණය පිළිබදව දෙවරක් සිතන ඇමතිවරයෙකු ලෙස වර්ධනය වෙමින් සිටි ක්‍රීඩා අමාත්‍යවරයා මේ වන විට වෙනත් දරදඩු තීරණ ගැනීමට පෙළඹි සිටීම කණගාටුදායක තත්ත්වයකි.
නමුත් තව දුරටත් ක්‍රීඩා පනතට අනුව සියල්ල සිදු කරන බව මෙම පත් කිරීම් සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන් පෙන්නා දෙන්නට උත්සාහ කළ ද,තේරීම් කමිටුවට සංවර්ධන දෙපාර්තමේන්තු සාමාජිකත්වයක් පත් කළ හැක්කේ එයට පත් කරනු ලබන ඔත්තේ සංඛ්‍යාවේ නිලධාරී මණ්ඩලයට අමතරව අධික්ෂන කටයුතු සදහා පමණි.ඔහුට හෝ ඇයට තීන්දු තීරණ ගැනීමේ ඡන්ද බලයක් හිමි වන්නේද නැත.එවැනි මධ්‍යස්ථ සහ ගෞරවනීය චිරිතයක් බවට ක්‍රීඩා පණතේ නම් කර තිබෙන සංවර්ධණ දෙපාර්තමේන්තු නිලධාරීයා තුරුම්පු කොළයක් බවට පත් කරමින් බූරුවා කූට්ටමක සාමාජිකයෙකු බවට පත් කිරීමට සංවර්ධන දෙපාර්තමේන්තුවේම ජ්‍යෙඨත්වයෙන් ඉහළ තනතුරුවලට පත් නිලධාරීන් කටයුතු කර ගෙන යන්නේ සිය කීර්තිය කැමැත්තෙන්ම අසූචි වලවල් වලට ඔබා ගනිමින්ය.
දැනට ප්‍රචාරය වී ඇති කණ්ඩායමේ සංයුතියේ වෙනසක් නැති බව ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා විසින් යොමු කළ සංයුතිය පැහැදිළි කරන අතර එම තොරතුරු වලට අනුව නායිකාව ලෙස අනාගතය පිළිබදව සළකා නම් කරන ලද මරීෂා ප්‍රනාන්දු ගේ නම සහ උප නායිකාව ලෙස තෝරා ගත් සේමිණි අල්විස් ගේ නම එම තනතුරු වලට ඇතුළත් නොවීම පමණක් සිදු වී ඇත.මෙම ඇතැම් ක්‍රීඩිකාවන්ට ඇති විනය චෝදනා ආදිය සැළකිල්ලට ගත්තද,අනෙකුත් නම් කිරිම් සැළකිල්ලට ගතහොත් ඇත්තේද එවැනි චෝදනා වල නැවුම්  බවේ අඩුවක් පමණක් බැවින් නේෂන් කප් තරගාවලියේ පුහුණුකරුවන් පත්කිරීම, තේරීම් කමිටුව පත් කිරීම අතරට නායකත්වය පත් කිරීමෙන් ද,ක්‍රීඩාවේ ප්‍රගමනයට ගත යුතු තීන්දු තීරන වලට ඇණ ගැසීම අමාත්‍යවරයාගේද ආශිර්වාදය ඇතිව ඉටු කරන්නට තරම් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් වාසනාවන්ත වී ඇත.
අවසානයේ ක්‍රීඩා අමාත්‍යවරයාගෙ අනුමැතිය ලැබුණු දැල්පන්දු කණ්ඩායම මෙසේ විය.සම නායිකාවන් ලෙස තර්ජණී සිවලිංගම් සහ ගයත්‍රි ලංකාතිලක,මරීෂා ප්‍රනාන්දු,සේමිණි අල්විස්,සමන්ති නිලූෂිකා,ප්‍රියදර්ශණී ජයසූරිය.ගයනි දිසානායක,තිසාලා අල්ගම,දුලනි එරන්දිකා,සෙව්වන්දි තාරකා,හසිතා මෙණ්ඩිස්,සුරේකා කුමාරි නම් කර ඇති අතර අතිරේක ක්‍රීඩිකාවන් ලෙස සංචිතයට ඇතුළත් කර   ඇත්තේ පී අශ්විනී,දීපිකා අබේකෝන්,පී විස්නා සහ කේ ප්‍රනාන්දු ය.
www.supirikrida.com

ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ වේගවත්ම මිනිසා කළුතර විද්‍යලයේ හිමාෂ ඒෂාන්

නැවුම්  වේගය - හිමාෂ (627)
කොළම සුගතදාස ක්‍රීඩාංගණයේදී ඉයේ නිමාවට පත් වූ 90 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස කළුතර විද්‍යාලයේ හිමාෂ ඒෂාන් පත් විය.බොහෝ  කලකට පසු මීටර් 100 ඉසව්ව තත්පර 10.5 සීමාවට රැගෙන එන්නට සමත් වූ ඒෂාන් මූලික තරගවලදී ද එම දස්කම ප්‍රදර්ශනය කළ අතර අවසාන තරගය ජය ගත්තේ තත්පර 10.50 ක දක්ෂතාවයක් දක්වමින්ය.2011 වසරේ ජගත් කණිස්ඨ මලල ක්‍රීඩා සූරතාවිලයේ පරිසාධන මට්ටම ඉක්ම වූ ක්‍රීඩකයෙකු ලෙස මීටර් 100 තරගයේදී ඉදිරියෙන් සිටි හිමාෂ එවැනි තරගකරුවන් සිව්දෙනෙකු සිටියදී එම සිව්දෙනා තරගකාරී ඉසව්වකට ඇතුළත් කර සහය දිවීමේ පළමු පෙළ කණ්ඩායම් 16 ට ගෙන ඒමට හෝ උත්සාහයක් නොගැණින.ඒ ආකාරයෙන් පළමු අන්තර්ජාතික සිහිනය බොද කර ගත්තද මෙවර ආසියානු ‍කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරමින් මීටර් 100 අවසාන තරගයේදී පසුවන ස්ථානය දිනා ගැනීමට සමත්විය.හිටපු කෙටි දුර දාවකයෙකු වූ චමින්ද කුමාර පෙරේරා ගේ මග පෙන්වීම යටතේ දිනෙන් දින දියුණුවට පත්වෙන මෙම ක්‍රීඩකයා මෙන්ම ඔහුගේ පුහුනුකරු ද අනාගත මලල ක්‍රීඩා සුභ සිද්ධිය උදෙසා සුරැකිය යුතු සම්පත්ය.
තරගාවලියේ දක්ෂතා යම් මට්ටමක වර්ධනයක් ප්‍රදර්ශනය කිරීම කැපී පෙණුන අතර තරගකාරීත්වය සහ නැවුම් අභියෝගයන් වලට ජ්‍යෙෂ්ඨයන්ට මුහුණ දෙන්නට සිදුවීම මෙහිදී කැපී පෙණින.
මීටර් 1500 කාන්තා ඉසව්වට ශ්‍රී ලංකා වාර්තාලාභිණිය වන චම්පිකා දිල්රුක්ෂි සහභාගි නොවුණ ද පැවති උළෙල වාර්තාව අභිබවා යමින් නව වාර්තාවක් තැබීමට (විනාඩි 4:21.97) හිටපු ජාතික වාර්තාලාභිණිය ශානිකා සමන්මලී සමත් වූවාය.දෙවන ස්ථානය දිනූ ගයන්තිකා තුෂාරි ද පැරණි වාර්තාව ඉක්මවා යමින් දස්කම් දැක් වූවාය.
මේ අතර මීටර් 400 ඉසව්වේ ශ්‍රී ලංකාවට අභිමානය කැද වූ තරග කරුවන් දෙදෙනෙකු වූ ප්‍රසන්න අමරසේකර සහ රෝහිත පුස්පකුමාරට ස්ථානයක් දිනා ගැනීමේ අවස්ථාව යොවුන් ක්‍රීඩකයන් විසින් වළකාලනු ලැබීමද කැපී පෙණින.ප්‍රසන්න ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් පසු ඉදිරිපත් වූ පළමු තරගාවලිය වූ ජාතික තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන්ම ඉවත් වන්නට ඔහුට සිදු විය.රෝහිත පුෂ්පකුමාර අවසන් තරගයට සුදුසකම් ලැබුව ද,එහිදී ඔහුට හිමි වූයේ අවසාන ස්ථානය ය.නමුත් ජයගත් යොවුන් ක්‍රීඩකයන්ගේ වාර්තාගත කාලයන් සළකා බැලීමේ දී එම වයස් හී මෙමම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වාර්තා කර ඇති කාලයට සාපේක්ෂව සතුටුවිය නොහැකි අතර ඔවුන් ජයග්‍රහණය මහත් සේ අදම් ඇනීමට කාරණයක් කර නොගෙන එම වයස් හී මෙම ජ්‍යෙෂ්ඨයන් සිටි තත්ත්වයට ළගා වීමට උත්සාහ කිරීම ඔවුන්ගේද රටේද ක්‍රීඩාවේ අනාගතයට යහපත්තත්ත්වයක් උදා කරන බව නිසැකය.
එසේම කෙටි දුර කාන්තා ඉසව් වලදී ජානි චතුරංගි ද සිල්වා මීටර් 100 ඉසව්ව තත්පර 11.85 කින් නිමා කරමින් ද,සුජානි බුද්ධිකා මීටර් 200 තත්පර 23.92 කින් නිමා කරමින්ද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ලෙස පෑ දක්ෂතා කලකට පසු එම ඉසව්වල වර්ධනයක් පෙන්වීමකි.හිටපු හෙල්ල වීසිකිරීමේ සූරයා වූ වරුණ ලක්ෂාන් දයාරත්න කලකට පසුව මීටර් 73.27 ක දක්ෂතාවයක් දක්වමින් වීසිකිරීමේ ඉසව් සදහා පිරිනමන පිරිමි සූරතාවයට හිමිකම් කියූ අතර ඔහු ද වර්ථමාන ජාතික සූරයා වන සචිත් මධුරංග හා සමාන කොට සැළකිය යුතු ක්‍රීඩකයෙකු වන අතර මේ දෙදෙනා අතර ඇති වන තරගකාරීත්වය මත ලැබෙන අවසාන ප්‍රතිපලය අපට දකුණු ආසියාව ඉක්ම වූ ජාත්‍යන්තර පදක්කමක් පිලිබදව සිහිනය සපත කිරිමක් විය හැකි බව පැහැදිළිය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තුන් පිම්ම ඉසව්වේ ජාතික වාර්තාලාභියා වෙමින් මීටර් 16.37 ක දක්ෂතාවයක් දැක් වූ  එරංග දිනේෂ් ප්‍රනාන්දු සම්මාණනීය වූ අතර දක්ෂතම ක්‍රිඩිකාව සම්මානය මීටර් 800 ඉසව්ව විනාඩි 2:04.97 කින් නිමා කළ චම්පිකා දිල්රුක්ෂිටත් මීටර් 3000 බාධක දිවිම විනාඩි 10:11.72 කින් නිමා කළ එරංගා දුලක්ෂිටත් හිමි විය.
තරගාවලියේ දශ ප්‍රයාම සූරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩබ්ලිව්කේඩීඑස් පෙරේරා තේරී පත් වූ අතර සත් ප්‍රයාම සූරිය වූයේ ශ්‍රී ලංකා පොලිසීයේ බීඒඑස් අයේෂා ය.
තරගාවලියේ සමස්ත ප්‍රතිපල සදහා http://www.srilankaathletics.com/F2d%202012.html ඔස්සේ පිවිසිය හැකි බව මලල ක්‍රීඩා සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සහ වාර්තාකරු සමන් කුමාර දන්වා සිටිනවා.ඉදිරියේදි තරගාවලියේ තරගාවලියේ විශේෂ දක්ෂතා සටහනක් එළි දැක්වීමට නියමිතයි.
www.supirikrida.com 

මාතර පාරවල් යොවුන් ජවයෙන් පිරුණු දිනයක්


මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති 2012 යෞවන සමාජ ක්‍රීඩා තරගාවලියේ පාපැදි,මැරතන් සහ ඇවිදීමේ තරග නිසා මාතර මංමාවත්යොවුන් ජවයෙන් පිරී ගිය අතර තරගකාරීත්වය,උනන්දුව සහ සහෝදරණිය බව මෙන්ම විශාල පිරිසකගේ සහභාගිත්වය ද නිසා මුළු මාතරම අලුත් ජවයකින් බැබලිණ..ජාතික මට්ටමට පිවිසීමට ආසන්නතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කළ එලි මංගල්ලයක් බදු මෙම තරගවලදී ඇවිදීමේ තරග අවුරුදු 20 න් පහළ සහ ඉහළ ලෙස වයස් ඛාණ්ඩ දෙකකින් ක්‍රියාත්මක විය.එහිදී අවුරුදු 20 න් පහළ ඇවිදීමේ සූරිය ලෙස මාතර දිස්ත්‍රික්කයේ පීබී ගයානි කිරුළු පැළදි අතර දෙවන ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පීපී අජන්තාටත්,තෙවන ස්ථානය කේකේකේඑම් දමයන්තිටත් හිමි විය.

අවුරුදු 20 න් පහළ ඇවිදීමේ සූරයා වීමඑ මාතර දිස්ත්‍රික්කයේ එස් චතුරංග සමත් වූ අතර දෙවන ස්ථානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදීප් මධුශංකටත් තෙවන ස්ථානය,බීඑල්එම් කුමාරටත් හිමි විය.20 න් ඉහළ කාන්තා අවිදීමේ තරගයේ ප්‍රථම ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයට දිනා දීමට දිනූසා දිල්හානි සමත් වූ අතර දෙවන ස්ථානය යිමි වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මල්කි නවෝදා ට ය.තෙවන ස්ථානය මොණරාගල දිස්ත්‍රිත්කයේ ඉන්දිරා ප්‍රියදර්ශණීට හිමිවිය.පිරිමි 20 න් ඉහළ අවිදීමේ සූරයා වූයේ මාතර දිස්ත්‍රික්කයේ එම්ඩී සම්පත් ය.දෙවන ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයේ කේපී ධනුෂ්ක ට හිමි වූ අතර තෙවන ස්ථානය කුරුණැගල දිස්ත්‍රික්කයේ කෙජීඑස්කේ අබේරත්නට හිමි විය.මෙම ඇවිද"ීමේ තරග පිරිමි තරග කිලෝමීටර් 10 ක් ලෙස සහ කාන්තා තරග කිලෝ මීටර් 5 ක් ලෙස ක්‍රියාත්මක විය.
කිලෝමීටර් 102 ක් දුරැති පිරිමි පාපැදි තරගයේ සූරයා වන්නට කොළඹ දිස්ත්‍රික්කයේ නුවන් දුලාන්ත සමත් විය.දෙවන ස්ථානයට පත් වීමට හැකි වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රියන්ත ජයලාල් ට ය.තෙවැනියා ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ රංගජීව පෙරේරා තරගය නිමා කළේය.කාන්තා පාපැදි සූරිය වන්නට අම්පාර දිස්ත්‍රික්කයේ මනෝමි කුමාරිට හැකි වී අතර එම තරගය ක්‍රියාත්මක වූ කිලෝ මීටර් 50 ක දුර ප්‍රමාණය දෙවැනියා ලෙස නිමාවට පත් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉෂාරා නිල්මිණි ය.තෙවන ස්ථානයට පත් වීමට පුත්තලම දිස්ත්‍රික්කයේ දිනේෂා දිල්රුක්ෂි ට හැකිවිය.
යොවුන් මැරතන් සූරයා ලෙස කිරුළු පළදින්නට කළුතර දිස්ත්‍රික්කයේ කෙඒපීඑස් මධුෂාන් ට හැකි විය.ඔහු සමග පැමිණි ආධාරකරුවෙක්ගෙන් දැන ගන්නට ලැබුණේ ඔහු යුධ හමුදාවට සම්බන්ධ ක්‍රීඩකයෙකු බවත් මෙම තරගාවලියට සහභාගි වීම සදහා එහුට නිවාඩු ලැබී නොතිබි බවත් ය.නමුත් එය හමුදා ඉහළ පරිපාලනය දැනුවත්ව සිදුවිය හැක්කක් නොවිය හැකි අතර මන්ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ ප්‍රධානියා වන්නේද,යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි මේජර් දයා රත්නායකය.ඒ නිසා මධුෂාන් ගේ දෙපයට විලංගු වැටීම තව දුරටත් සිදු නොවීමට අවශ්‍යය ක්‍රියා මාර්ග මේජර් ජෙනරාල්වරයා විසින් ගනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
දෙවන ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයේ වසන්ත කුමාර ට හිමි වූ අතර තෙවන ස්ථානය හිමි වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආර්ඒඑම්වයි හිරංගට ය.
www.supirikrida.com

මාල දිවයින් වොල්බෝල් සූරයා ගේ කිරුල ජනිත් සුරත්ට

ශ්‍රී ලංකා වොලිබෝල් කේෂ්ත්‍රයට සම්බන්ධ පුහුණුකරුවෙකු විසින් වෙනත් ආදේශනයක් ඉදිරිපත් කළ ද මාල දිවයින් වොලිබෝල් පරිපාලනය විසින් එරට ජාතික ලීග් තරගාවලියට සහ ජාතික සූරතාවලිය වෙනුවෙන් කැදවන ලද එකම ලාංකේය ක්‍රීඩකයා බවට පත් වූ ජනිත සුරත් එම තරගාවලි දෙකේම තමන් ක්‍රීඩා කළ STO කණ්ඩායම වෙනුවෙන් විහිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් විය.ලීග තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩකයා වෙමින් සූරතාවය එම කණ්ඩායමට දිනා දීමට මුල් වූ ජනිත,ජාතික සූරතාවලියේ දී අවසන් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ සෑම අංශයකින්ම කැපී පෙණුන ක්‍රීඩකයා බවට ද පත් විය.
සුපිරි ඉන්දීය ක්‍රීඩකයන්ද මෙම තරගාවලියේදී විදේශ ක්‍රීඩකයන් ලෙස මාල දිවයිනේ ක්‍රීඩා සමාජ සමග එක් වී සිටියද ඒ සියල්ල අභිබවා කැපී පෙනෙන දස්කම් ඉදිරිපත් කිරීමට ජනිත සමත් වී ඇත.මාල දිවයින් ආරක්ෂක කණ්ඩායම ලීග් තරගාවලියේදී මෙන්ම ජාතික සූරතාවලියේදී ද STO කණ්ඩායමේ අවසන් තරග ප්‍රතිවාදියා වූ අතර ලීග් තරගාවලියේ අවසාන තරගයට වඩා සටනක් ලබා දෙමින් ජාතික සූරතාවලියේඅවසන් තරගයේ තීරණය වට පහක් දක්වා දිග් ගස්සන්නට ආරක්ෂක කණ්ඩායම සමත් විය.
වර්ථමානයේ වරාය අධිකාරි කණ්ඩායම නියෝජනය කරන ජනිත පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවති ජාතික මට්ටමේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ තරගාවලි සියල්ලගේම පාහේ සූරයා වූ අතර එවැනි පසු බිමක ඔහු වෙනුවට මෙරට පුහුණුකරුවෙකු වෙනත් ක්‍රීඩකයෙකු මාල දිවයිනට පිටත් කිරීමට උත්සාහ කළ ද,මාල දිවයින් වොලිබෝල් පරිපාලකයන් අවධියෙන් සිට නිවැරදි තීරණය ගැනීමෙන් ජනිතට  මෙන්ම හ්‍රී ලංකා වොලිබොල් ක්‍රීඩාවට ද විශාල කීර්තියක් අත් විය.
www.supirikrida.com

චාමර පීරිස් පිටියෙන් ඉවතට පහර දුන් සිව් වැන්නා බවට පත් වෙයි

කිස්තානයේ ලාහෝර් නුවර ක්‍රියාත්මක පන්ජාබ් ජාත්‍යන්තර බේස්බෝල් තරගාවලියේ සිය දෙවන තරගයට සහබාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හෝම් හිට් ප්‍රහාරයක නිරත වූ චාමර පීරිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් එවැනි දස්කමක් කළ සිව් වැන්නා බවට පත් විය.ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිව වට තුනකට පමණක් සීමා වූ තරගයේදී ලකුණු 16 - 1ක් ලෙස තරගය ජය ගත් අවස්ථාවේ හෝම් හිට් ප්‍රහාරයක නිරත වෙමින්ය.
ක්‍රීඩා පිටියෙන් ප්‍රහාරයන් එල්ල කිරීමේ ශ්‍රී ලංකා ඉතිහාසය නිරීක්ෂණයේදී චාමර ට පෙර එම දක්ෂතාවය ප්‍රදර්ශනය කර ඇති තිදෙනා වන්නේ පිළිවෙලින් යසස්වි රත්නායක,සමීර රත්නායක සහ නිරෝෂන් පුංචිහේවා වන අතර දැනට සමීර සහ චාමර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරති.මෙම සිව් දෙනාම එම දක්සතාවය පකිස්තානයේ පැවත්වෙන තරග වලදී ඉදිරිපත් කර ඇති අතර එවැනි දක්සාතවයන් දැක්වීමේදී හ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අඩුවක් දකින්නට ලැබෙන ප්‍රධාන හේතුව ශක්තිජනනය සදහා ප්‍රමාණවත් පරිදි අවස්ථාවන් විවර වී නොමැති බව බේස්බොල් ප්‍රේමීන්ගේ මතය වන්නේය.නමුත් බේස්බෝල් තාක්ෂණයට අදාළව කාලගණනය කරමින් ප්‍රහාරයන් හී නිරත වීමේ දී මෙම පිතිකරුවන්ට හෝම් හිට් ‍ලෙස හැදින්වෙන පිටියෙන් ඉවතට ප්‍රහාර එල්ල කිරීමට හැකි වී ඇත.
www.supirikrida.com

Nov 11, 2012

ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ දෙවන දිනයේ ප්‍රධාන ආරාධිතයා

අමුත්තා පැමිණියේ මංජුල කුමාර උස පනින අයුරු නරඹන්නද?
සුගතදාස ක්‍රීඩාංගනයේ ක්‍රියාත්මක 90 වන ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ දෙවන දිනයේ උස පැනීමේ තරගය පැවත්වෙමින් තිබිණ.ඒ අතර මීටර් 400 පිරිමි තරගයේ අවසාන පූර්ව වටය ඇරඹිමට ද නියමිතය.සියල්ල අවුල් කරමින් හදිසියේම ක්‍රීඩාංගණයට ධාවන පථයට අමුත්තෙක් ඇතුල්විණඔහු ධාවන පතයෙන් ඉවත් නොවී තමන්ට සිදු වූ අසාධාරණයක් ප්‍රදර්ශණය කරන්නට විය..කවුරුන් හෝ විසින් කළ පහරදීමක් නිසා ඔහු ධාවන පථයේ අපහසුවෙන් බඩ ගාන්නට විය.ප්‍රහාරය එල්ල වූ තැන ඉදිමී තිබිණ.

තරග ආරම්භක සහයට සිටි තැනත්තා අසළින් හොයා ගත් කිරි පැකට්ටුවකින් තට්ටුවක් දැමීය.ප්‍රතිපලය වූයේ ඔහු තව දුරටත් ධාවන පථය තුළට තල්ලු වීමය.අනතුරුව කම්බියකින් ඔහුව ඉවත් කිරීමට සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ඡායාරූප ශිල්පියා ඉදිරිපත් විය.ඒ වන විට අමුත්තා තමන් සදහා තරගය ක්‍රියාත්මක වූ කාලයෙන් විනාඩි 10  ට ආසන්න කාලයක් වෙන් කර ගෙන තිබිණ.නමුත් එහු ඉවත් කිරීමට වගකිව යුතු මැදිහත්වීමක් සිදු නොවුණු තැන සන්ඩේ ටයිම්ස් ඡායාරූප ශිල්පී අමිල ප්‍රබෝධ මැදිහත් විය.නමුත යලි යළිත් ප්‍රේක්ෂකාගාරයේ කම්බි වැටේ එල්ලුණු අමුත්තා ක්‍රීඩා පිටිය දෙසට සිය ගිජු බැල්ම එල්ල කරන්නට විය.අවසානයේ මහා වර්සාව පැමිණ උස පැනීමේ තරගය කඩා කප්පල් වීමට ආසන්න වන තුරුම ක්‍රීඩා පිටියට ඇතුග් වන්නට ඇතුල්වන්නට වෙර දරන අමුත්තා වැළක්වීමට මගේ මාධ්‍ය රාජකාරියට අමතරව අමතර රාජකාරියක් ලෙස සිදු කරන්නට විය.

අමුත්තා ගැටළු කිහිපයක් ඉතිරි කළේය.රටේ ප්‍රධානතම ධාවන පථයට විශාල ආරක්ෂක සහ සේවක පිරිසකගේ ඇස් වසා ඇතුල් වූයේ කෙසේද? සහය ආරම්භක නිලධාරියා හිස් කිරි පැකට්ටු වලින් ගසා ඉවත් කරන්නට අසාර්ථක උත්සාහයක නියැලීම පසෙක ලා,තරග ආරම්භයට සම්බන්ධව සිටි නිලධාරීන් ඒ තත්ත්වය තරග පැවත්වීමටත් අපහසුතා ඇති කරමින් මහා හඩින් ක්‍රියාත්මක වන ශබ්දවාහිණී වලින් සුගතදාස සේවකයන් දැනුවත් කර එම අමුත්තා ඉවත් කිරීම වැනි ප්‍රායෝගික භාවිතාවකට නොගියේ මන්ද?
වැදගත්ම දේ ගැරඩියාට පහර දුන්නේ කවුද?
www.supirikrida.com

ටියුනීසීයාවට ශ්‍රී ලංකාවෙන් බොක්සිං ක්‍රීඩිකාවන් තිදනෙක්









Sithri Sandareka.jpgDian Gomes.JPG



Wellington.jpg


































































ටියුනීසියාවේ දී නොවැම්බර් 12 ා සිට 17 වන දා දක්වා පැවත්වෙන අන්තර්ජාතික බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන්
Harsha Kumara - Coach.jpgMendis Coach.jpg
තිදෙනෙකු
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර අත් දැකීම් ඇති 2011 වසරේ කිලෝග්‍රෑම් 46 බර පංතියේ ලොව 9 වන තැනට ශ්‍රේණිගතව සිටි අනූෂා කොඩිතුවක්කු සහභාගි වන ක්‍රීඩිකාවන් අතරින් ඉදිරියෙන් සිටින අතර ඇය ස්ලිම්ලයින් බොක්සිං ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවකි.ගෙවුණු ආසියානු කාන්තා බොක්සිං සූරතාවලියේදී ලෝකඩ පදක්කමකට හිමි කම් කී ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන ශිරෝමාලි වීරරත්න  ද  මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර තෙවැන්නිය වන්නේ මාස් සදර්න් ක්‍රීඩා සමාජයේ සිතාරි සදරේඛා යි.කණ්ඩායම් පුහුණුකරු ලෙස ජාත්‍යන්තර අත්දැකීම් ඇති හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර අත්දැකීම් ඇති පුහුණුකරුවෙකුද වන ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයේ හර්ෂ කුමාර සහභාති වන අතර සහය පුහුණුකරු වන්නේ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරන  ඩබ්ජේ මෙණ්ඩිස් ය.රොබට් වෙලින්ටන් ද මෙම තරගාවලියට විනිසුරුවෙකු ලෙස එක්වන අතර,කණ්ඩායමේ කළමණාකරු ලෙස ලාකේය බොක්සිං ක්‍රීඩාවේ ප්‍රබෝධයේ මග පෙන්වන්නා වන ඩයන් ගෝමස් සහභාගි වේ.සාමාන්‍යයෙන් ඩයන් ගෝමස් අසලින් සිටින විට එය යහපත් ප්‍රතිපල වලට ආශිර්වාදයක් බව ජාතික මට්ටමේ බොහෝ ක්‍රීඩකයන්ගේ විශ්වාසයක් වන බැවින් එය මෙම ක්‍රීඩිකාවන් තිදෙනාටද ආශිර්වාදයක් වන්නැයි සුපිරික්‍රීඩා සුභ පතන්නෙමු.www.supirikrida.com