Feb 18, 2012

තරගාවලියේ විශිෂ්ඨම ජය ශ්‍රී ලංකාවෙන්

තිසර පෙරේරා

කොමන්වෙල්ත් බැංකු තුන් කොන් තරගාවලියේ මේ දක්වා පැවති තරග වලදී ලද විශිෂ්ඨම ජය ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.මේ දක්වා පැවති සියළු තරග තියුණු තරගයන් බවට පත් වුව ද ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට යටත් කළ වර්ෂාව විසින් ශ්‍රී ලංකාවට ඕවර් 41 දී පැවරූ ඉලක්කය ඕවර් 25 වන පන්දු ඕවරයේ ප්‍රථම පන්දුවේදීම පසුකර ගිය ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ජයග්‍රහණය සදහා වරප්‍රසාද ලකුණු ද දිනා ගනිමින්ය.ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ ලද පළමු ජයග්‍රහණයෙන්ම ලකුණු 5ක් ලබන්නට සමත් වූ අතර මේ වන විට තරගයක් ජයගෙන සහ සම වී ලකුණු 7 ක් ලබා ගන්නට සමත් වී සිටියි.
මයිකල් ක්ලාක් ගේ ආබාධය නිසා ඊයේ තරගයේ නායකත්වය පැවරුණු රිකී පොන්ටින්,කාසියේ වාසිය ලබා පන්දුවට පහර දීමට තීරණය කළ ද එම තීරණය නිවැරදි එකක් නොවන තත්ත්වයට පත් කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.විහේෂයෙන්ම ඊයේ කලෙකට පසුව කණ්ඩායමට එක් වූ ෆර්විස් මහරූෆ් ඕස්ට්‍රේලියානු පිත්කරුවන්ට ලකුණු ලබා ගැනීමට එරෙහි මහා ප්‍රාකාරයක් වෙමින් පන්දු යැවූ අතර ඔහු පන්දු ඕවර් 8 ක් තුළලකුණු 18 ක් පමණක් ලබා දෙමින් කඩුලු 2 ක් ලබා ගත්තේය.මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකාවේ පන්දු රැකීම කැපී පෙණුන අතර ඊයේ ඒ අතරින් තිසර පෙරේරා දැක් වූ ප්‍රදර්ශනාත්මක පන්දු රැකීම ඔහු තරගයේ වීරයා කිරීමට ඇවැසි ‍ප්‍රධාන හේතු පාඨයක් විය.දුවද්දී දැවී යාම් දෙකකට හවුල්වෙමින් සහ ලකුණු 29 ට කඩුලු 2 ක් දවා ගනිමින් ද ඔහු පෑ මෙම දක්ෂතාවය තුළ දී, මැතිව් වේඩ් දුවද්දි දවා ගැනීමට කළ පන්දු රැකීම අති විශිෂ්ඨ එකක් විය.
තරගාවලිය ඩක්වර්ත් ලුවිස් න්‍යයායට යටත් කළ වර්ෂාව පැමිණෙන විටත් ඕස්ට්‍රේලියාව අසරණව සිටි අතර ඒ වන විට ලකුණු පූවරුව දැක් වුණේ,කඩුලු 6 ට ලකුණු 88 ක් ලෙසය.අසරණ වූ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අතරින් හුදෙකලා සටනක නිරත වූ ඩේවිඩ් හසී,මිචෙල් ස්ට්‍රැක් ගේ ද සහය ඇතිව නව වන කඩුල්ල‍ට එක් කළ ලකුණු 49 ක සබදතාවය සමග එක් කළ ලකුණු 58 නොවන්නට ඕස්ට්‍රේලියාව ලකුණු 120 ට අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වන්නට තිබිණ.තව දුරටත් කණ්ඩායම ශක්තිමත් කර ගැනීමට ඊයේ කණ්ඩායමට සචිත්‍ර සේනානායක ද ඇතුළත් වන්නට තිබුණු අතර පසුගිය කාලය පුරාම එක්දින තරග වල පන්දු යවන්නෙකු ලෙස හ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නියැලි තිලකරත්න ඩිල්ෂාන් ගේ පන්දු යැවීමේ හැකියාව දෙස එතරම් උවමනාවකින් සැළකිල්ලක් දැක්වීමට මහේල ජයවර්ධන සූදානම් නැති බව පෙනීම මේ තරගාවලිය පුරාම දකින්නට ලැබිණ.රංගනට හේරත්ට වඩා සචිත්‍ර කණ්ඩායම තුළ රැදෙන්නේ නම් අංක 10 තෙක්ම වඩා විශ්වසනීය පිතිකරු නාමාවලියක පෙළ ගැස්ම සමග තරග කිරීමට හ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙන අතර ඒ තුළින් අනාගතයට වැදගත් කමක් ඇති ක්‍රීඩකයෙකුට අත්දැකීම් වලින් පරිණත වන්නටද අවස්ථාව සැළසෙනවා ඇත.
කෙසේ හෝ පන්දු ඕවර් 40.5 ක් තුළ ඕසට්‍රේලියාවේ සියල්ලම දැවී ගියේ ලකුණු පූවරුව ලකුණු 158 රදවමින්ය.පිලිතුරු ඉනිම සදහා ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් උපුල් තරංගට කණ්ඩායමේ දොර වැසී තිබුණු අතර ඒ අවස්ථාව ලබා ගෙන සිටි මහේල ජයවර්ධන එම තීරණයේ නිවැරදි බව පසක් කරමින් පළමු කඩුල්ලේ සබදතාවය ඕවර් 11.4 ක් තුළ ලකුණු 74 ක් තරම් වන දැවැන්ත ප්‍රහාරක වේගයක රදවන්නට සමත් විය.වේගවත් ලකුණු 45 ක් රැස් කළ තිලකරත්න ඩිල්ෂාන දැවී ගිය පසු පිටියට පිවිසි කුමාර් සංගක්කාර ද ප්‍රවේගකාරී ඉණිමක් ක්‍රීඩා කළ අතර ඔහු ලකුණු 11 ක් ලබා ගනිද්දී එක්දින තරග පිටියේ ලකුණු 10,000 ක් රැස් කළ තෙවන ලාංකික පිතිකරුවා බවට පත් වන්නට සංගක්කාරට හැකි විය.
සංගක්කාර ලකුණු 30 ට දැවී ගිය අතර ක්‍රියාත්මක වෙමින් තිබුණේ 22 වන පන්දු ඕවරය වූ අතර ලකුණු ප්‍රමාණය 133 ක් විය.එතැන් සිට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සදහා අවශ්‍ය වූ ලකුණු 19 සදහා පන්දු 18 ක් පමණක් වැය කළ මහේල සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ මේ දක්වා වාර්තා වූ ඉහළම ජයග්‍රහණය ලබා දුන්නේ තරගාවලියේ හොදම ලකුණු ලබා ගැනීමේ වේගයේ ගෞරවයද ශ්‍රී ලංකාව ට හිමි කර දෙමින්ය.
තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන සබදතාවය පහත දැක්වේ. http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518961.html

ගිනස් වාර්තාවකට වෛද්‍ය පරීක්ෂණයක් අත්‍යවශ්‍යයි මහාචාර්ය අර්ජුන ද සිල්වා


ගිනස් වාර්තාවක් තැබීමට පෙර ඔහු හොද සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන්නේදැයි පරික්ෂා කිරීම ඉතාමත් වැදගත් බව මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවසීය.ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානියා වන මහාචාර්යවරයා මේ බව පැවසුවේ සනත් බණ්ඩාර වැඩිම ටී ෂර්ට් ප්‍රමානයක් ඇද ගිනස් වාර්තාවක් පිහිටුවීම සම්බන්ධයෙන් පැවති මාධය සාකච්ඡාවකට සහභාගි වෙමින්ය.
ගිනස් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බවත් ඔවුන් බොහෝ දෙනෙකු දිනපතාම තමන් සොයා ක්‍රීඩා වෛද්‍ය ආයතනයට පැමිණෙන බවත් පැවසූ මහාචාර්යවරයා ක්‍රීඩා වෛද්‍ය ආයනය යනු ගිනස් වාර්තා සම්බන්ධයෙන් කටයුතු කළ හැකි ආයනයක් ලෙස යම් යම් හේතු නිසා ඇති වී තිබෙන ජනතා මතය වැරදි එකක් බව පැහැදිළි කළේය.ආසියාවේම එවැනි ගිනස් නියෝජිතයෙකු ඇත්තේ ජපානයේ පමණක් බව පැහැදිළි කළ මහාචාර්යවරයා ලංකාවේ ගිනස් වාර්තා තැබීම සම්බන්ධයෙන් විවිධ සහතික නිකුත් වී ඇති බව පැහැදිළි කළ අතර ඒ කිසිවක් නියම ඒවා නොවන බව කී මහාචාර්යවරයා එසේ වාර්තා තැබූ නිවැරදි පිරිස කවුරුන්ද යන්න ද හෙළිදරව් කරන අතරේම වාර්තාලාභී සනත් බණ්ඩාරගේ සහතිකය ජනමාධ්‍යයෙන් ප්‍රදර්ශනය කරන ලෙස විශේෂ ඉල්ලීමක් කළේය.
ක්‍රීඩා වෛද්‍ය ආයතනයට ගිනස් වාර්තා තැබීම සම්බන්ධයෙන් පැමිණෙන පිරිසට උපකාර කිරීමට එම ආයතනයේ වගකීමක් නැති බව යළිත් පෙන්වා දුන් මහාචාර්යවරයා ශරීර සෞඛ්‍යය යහපත්ද යන්න විමසා බැලීම එවැනි  කරුණක් සදහා වෙනත් ප්‍රදේශයක වාර්තාව තැබෙන්නේ නම් වෛද්‍ය පහසුකම් ලබා දීමට එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ සේවය ලබා දීම වැනි කරුණු සම්බන්ධයෙන් මැදිහත්වීම වැනි කාරණා වලට පමණක් යම් සහය දීමක් දිය හැකි බව ප්‍රකාශ කළේය.දැනට පැමිණෙන පිරිස මේ සදහා උපදෙස් ලබා ගැනීමට වාර්තාව නිවැරදි ආකාරයෙන් ලියා පදංචි වෙමින් සහ අවශ්‍යය කාරණා පියවරෙන් පියවර නිවැරදි ආකාරයෙන් ඉටුකළ සනත් බන්ඩාරට සහ ඔහු සමග මේ වාර්තාව තැබීම පිටුපස සිටි සහ විනිශ්චයට සහභාගි වූ  නිශ්මං රණසිංහ වෙත යොමු කරන බවත් මහාචාර්යවරයා මෙහිදී අවධාරණය කළේය.
සනත් බණ්ඩාර ප්‍රකාශ කර සිටියේ ගිනස් වාර්තා සිහිනය තමා බොහෝ කලෙක සිට සැබෑ කරන්නට බලා සිටි එකක් බවය.පැය 24 ක් මාර්ගයේ ධාවනයේ යෙදෙමින් තමා පළමුවරට පිහිට වූ වාර්තාව ජාත්‍යන්තර ගිනස් ආයතනය විසින් නිවැරදි ආකාරයෙන් තබා නොමැති බව කියමින් ප්‍රතික්ෂේප කළ බවත් මෙහිද බණ්ඩාර විසින් පෙන්වා දුන්නේය.ඒ අවස්ථාවේදී ගිනස් වාර්තා තැබීම සම්බන්ධයෙන් ඒ වන විට ලංකාවේ ක්‍රියාත්මක ක්‍රියාවලිය මිත්‍යාවක් බව තමාට හැගුණු බවත් මේ මිත්‍යාව පරදා කෙසේ හෝ ලාංකිකයෙකු ලෙස ගිනස් වාර්තා පොතට සිය නම ඇතුළත් කර ගැනීමට උවමනාවක් පැමිණි බවත් අවස්ථ කිහිපයකදී ඒ සදහා ජාත්‍යන්තර ගිනස් ආයතනයේ ලියාපදිංචි වෙමින් ගත් උත්සාහයන් කිහිපයක්ම ව්‍යර්ථ වූ බවත් බණ්ඩාර පැහැදිළි කළේය.ඒ සෑම අවස්ථාවකදීම නාවික හමුදා සෙබළෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව තමන්ට ලබා දුන් සහය අති මහත් බව ප්‍රකාශ කළ සනත් බණ්ඩාර ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් අනුග්‍රහය ලබාදුන් මෙම වාර්තාව පිහිටුවීම දක්වාම නාවික හමුදාව සිය අරමුණ ඉටු කර ගැනීම දක්වා සෙවනැල්ලක් මෙන් තමා පිටුපස සිටි බව ද අවධාරණය කළේය.
තමා ගේ මෙම සිහිනය සැබෑ කර ගැනීමට දැරූ ගමනේදී දිගින් දිගටම  නාවික හමුදාව,උතුරුමැද පළාත් සභාව,ඇතුළුව විශාල පිරිසක් සහය දුන් බව පෙන්වා දුන් සනත් බණ්ඩාර,ක්‍රීඩා වෛද්‍ය ආයනයේ වෛද්‍ය ලාල් ඒකනායක සහ මාධ්‍යවේදී නිශ්මං රණසිංහ දැක් වූ සහයත් මෙම වාර්තාව විනිශ්චයට සහය වෙමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ කාලඝණක නිලධාරීන් වන සේන සිරිමාන්න සහ උපාලි පෙරේරා ද මහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන බන පැවසීය.

ක්‍රීඩා ඇමති හරහා මහජන බැංකුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මිලියන 600 ක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මෙම මස දක්වා වන සියළුම හිග වැටුප් ගෙවීම සදහා මහජන බැංකුවෙන් මිලියන 600 ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා මහජන බැංකුවේ අධයක්ෂ මණ්ඩලය සමග කරන ලද සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස හැකි වී ඇත.ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය මෙම මස වැටුපද ‍මෙම 28 වන දාට පෙර ක්‍රිඩකයනට ගෙවීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දන්වා ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ තොරතුරු මාර්ග අනාවරණය කරයි.
එසේම ක්‍රිකට් ආයතනයේ යළි මූල්‍ය අර්බූදයක් ඇති නොවනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය විශ්වාසය පළ කරන අතර 2012 – 2019 වන කාලය තුළ ඇති ක්‍රිකට් සංචාර හරහා ලැබීමට ඇති ඩොලර් මිලියන 139 ක මුදල නිසා එවැනි විශ්වාසයක් ගොඩ නැගි තිබෙන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Feb 17, 2012

සිංගප්පූරු සුපර් ලීග් දැල් පන්දු තරගාවලිය ඇරඹෙයි



සිංගප්පූරු සුපර් ලීග් දැල් පන්දු තරගාවලිය පෙබරවාරි 25 දා ඇරඹී අප්‍රේල් 28 දා නිමාවට පත් වන සිංගප්පූරු දැල් පන්දු සම්මේලනය පවසනවා.සිංගප්පුරූවේ ප්‍රබලතම දැල් පන්දු කණ්ඩායම් සියල්ලම පාහේ නියෝජනය කරන මෙම දැල් පන්දු තරගාවලියට විදෙස් ක්‍රීඩිකාවන් ද වෘත්තීය මට්ටමෙන් එක්වන අතර මෙම අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තාවකාලිකව ඉවත් වී සිටින අකිලා නිම්නි ජයවර්ධනට  ද හිමි වි තිබෙනවා.ඒ අනුව ඇය මෙම තරගාවලියේදී සූරතාවය පිළිබදව බලාපොරොත්තු තැබිය හැකි ප්‍රබල කණ්ඩායමක් වන බ්ලේස් ඩොල්ෆින් කණ්ඩායමට ක්‍රීඩා කරනවා.
මේ වන විට ආසියාවේ ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින කණ්ඩායම හැටියට හදුන්වන සිංගප්පූරු ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මෙන්ම ජගත් දැල් පන්දු පිටියේ තවත් කැපී පෙනෙන ක්‍රීඩිකාවන් රැසක් ද මෙම තරගාවලියට සහභාගිවන බැවින් තරගාවලියේ ප්‍රමිතිය ඉතා ඉහළ මට්ටමක පවතිනවා.ශ්‍රී ලංකාවේ දැල් පන්දු ක්‍රීඩාව ද ආසියාවේ ප්‍රබල මට්ටමක පවතින අතර ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා සිංගප්පූරුව සමග විශාල සම්බන්ධතා ඇති බව කීව ද මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිරිසක් වෘත්තීය මට්ටමෙන් සහභාගි කරවීමට අපොහොසත් වී තිබෙනවා.
අකිලා ආසියානු මට්ටමෙන් දක්වන ලද දක්ෂතා සහ මේ වන විට සිංගප්පූරුවේ උසස් අධ්‍යාපනය ලැබීම යන කාරණා පදනම් කරගෙන ‍ඇයට මෙම අවස්ථාව හිමි වී තිබෙනවා.ඡායාරුපයේ වමේ සිට හත්වන තැන සිටින්නේ අකිලා වන අතර මේ, ඇය බ්ලේස් ඩොල්ෆින් කණ්ඩායම වෙනුවෙන් තරගයකට සහභාගිවන අවස්ථාවක දි ගත් ඡායාරූපයකි.
පහත දැක්වෙන්නේ තරගාවලියේ තරග කාල සටහන පිළිබදව සිංගප්පුරු දැල්පන්දු නිල  වෙබ් අඩවියෙන් උපුටා ගත් සටහනයි.

DateTimeMatchTeamVenue
25 Feb
Sat
1.45pmOpening CeremonyToa Payoh Sports Hall
3.00pm1Nike MarlinsvSneakers Stingrays
5.00pm2Mighty MannasvM1 Starfish
7.00pm3Bedok Kings VipersvBlaze Dolphins
3 Mar
Sat
3.00pm4M1 StarfishvBedok Kings VipersToa Payoh Sports Hall
5.00pm5Blaze DolphinsvSneakers Stingrays
7.00pm6Mighty MannasvNike Marlins
10 Mar
Sat
3.00pm7M1 StarfishvNike MarlinsToa Payoh Sports Hall
5.00pm8Bedok Kings VipersvSneakers Stingrays
7.00pm9Blaze DolphinsvMighty Mannas
17 Mar
Sat
3.00pm10Nike MarlinsvBedok Kings VipersBedok Sports Hall
5.00pm11Sneakers StingraysvMighty Mannas
7.00pm12M1 StarfishvBlaze Dolphins
24 Mar
Sat
3.00pm13Nike MarlinsvBlaze DolphinsToa Payoh Sports Hall
5.00pm14Bedok Kings VipersvMighty Mannas
7.00pm15Sneakers StingraysvM1 Starfish
Start of Round 2
25 Mar
Sun
1.00pm16Blaze DolphinsvBedok Kings VipersToa Payoh Sports Hall
3.00pm17Mighty MannasvM1 Starfish
5.00pm18Nike MarlinsvSneakers Stingrays
31 Mar
Sat
3.00pm19Blaze DolphinsvSneakers StingraysToa Payoh Sports Hall
5.00pm20Mighty MannasvNike Marlins
7.00pm21Bedok Kings VipersvM1 Starfish
1 Apr
Sun
1.00pm22Blaze DolphinsvMighty MannasToa Payoh Sports Hall
3.00pm23M1 StarfishvNike Marlins
5.00pm24Sneakers StingraysvBedok Kings Vipers
14 Apr
Sat
3.00pm25Sneakers StingraysvMighty MannasJurong East Sports Hall
5.00pm26Bedok Kings VipersvNike Marlins
7.00pm27M1 StarfishvBlaze Dolphins
15 Apr
Sun
1.00pm28Bedok Kings VipersvMighty MannasJurong East Sports Hall
3.00pm29Nike MarlinsvBlaze Dolphins
5.00pm30Sneakers StingraysvM1 Starfish
21 Apr
Sat
3.00pmSemi 13rdv4thToa Payoh Sports Hall
5.00pmSemi 21stv2nd
22 Apr
Sun
1.00pmPlayoff5thv6thToa Payoh Sports Hall
3.00pmPFLoser Semi 2vWinner Semi 1
28 Apr
Sat
3.00pmGFWinner Semi 2vWinner PFToa Payoh Sports Hall
4.30pmClosing Ceremony
www.supirikrida.com

අද ලංකාවට එරෙහිව සුක්කානම දැරීම පොන්ටින්ට අද ලංකාවට එරෙහිව සුක්කානම දැරීම පොන්ටින්ට

Ricky Ponting stands arms aloft after completing his 40th Test hundred
ගෙවුණු ලෝක කුසලාන තරගාවලියෙන් පසුව නායකත්වයෙන් ඉවත් වූ රිකී පොන්ටින් කොමන්වෙල්ත් බැංකු තරගාවලියේ හයවන තරගය ලෙස අද ක්‍රියාත්මක වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය දෙන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.මයිකල් කලාක් ගේ කලවා ප්‍රදේශයේ ඇති වී තිබෙන ආබාධිත තත්ත්වයක් නිසා අද තරගයට සහභාගි නොවන අතර ඒ නිසා නායකත්වයේ වගකීම රිකී පොන්ටින්ට පැවරීමට තීරණය වී ඇත.
මේ තරගාවලියේ තවමත් එකදු ජයග්‍රහණයක් හෝ අත් කර ගැනීමට අපොහොසත් වූ කණ්ඩායම බවට පත් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම පිතිකරුවන් ලෙස ගැනෙන තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග,කුමාර සංගක්කාර හෝ නායක මහේල ජයවර්ධන ගෙවුණු තරග 5 තුළම අර්ධ ශතකයක් හෝ අත් කර ගෙන නැති අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්නට  නම් මේ අය අතරින් එක් අයෙකු හෝ දීර්ඝ ඉණිමක් ක්‍රීඩා කළ යුතුව ඇති බව ජාත්‍යන්තර විචාරකයන්ගේ මතය වී ඇත.දිනේෂ් චන්දිමාල් මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සාර්ථකම පිතිකරුවා බවට පත් වී සිටින අතර ඔහු ට අනෙක් අන්තයේ පිතිකරුවන්ගෙන් සැළකිය යුතු සහයෝගයක් නොලැබීම ද මෙහිදී කැපී පෙණින.
ශ්‍රී ලංකාව තවමත් තුන් ඉරියව් ක්‍රීඩකයන් සහ පිතිකරුවන් සදහා කණ්ඩායම් සංයුතියේ වැඩි ඉඩක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කර නැති අතර විශේෂයෙන් සචිත්‍ර ඇලෙක්සැන්ඩර් තාවකාලික නවාතැන්කරුවෙකු ලෙස කණ්ඩායමේ අස්ථාවර කිරීම නවතා ඔහුට හොද ස්ථාවරයකින් කටයුතු කිරීමේ  මානසික ස්ථාවරයක් ඇති කළ යුතුව ඇත.

Feb 16, 2012

සනත් බණ්ඩාරගේ ගිනස් වාර්තාව පිළිගනියි


ඩුම වේලාවකින් වැඩිම ටී ෂර්ට් ප්‍රමාණයක් ඇද නාවික හමුදා සෙබළෙකු වන සනත් බණ්ඩර විසින් පිහිටුවන්නට යෙදුණු ගිනස් වාර්තාව ජාත්‍යන්තර ගිනස් ආයතනය විසින් පිළිගෙන ඇත.ඒ සදහා පිරිනමන ගිනස් සහතිකය ද මේ වන විට සනත් ට හිමි වී ඇති අතර ඒ පිළිබදව ජනමාධ්‍යය දැනුවත් කිරීමේ අවස්ථාවක් ක්‍රීඩා වෛද්‍යායතනයේදී පැවත්වේ.
මීට පෙර ක්‍රීඩා වෛද්‍ය ආයතනය මැදිහත් වන බවක් පෙන්වමින් ගිනස් වාර්තා තබන්නට උනන්දු වූ විශාල පිරිසකගේ විශාල ධනයක් අපතේ යවමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරු නොමග යවමින් කූට ව්‍යාපාරයක් ගෙන ගිය අතර නව අමාත්‍යවරයා විසින් එම පරිපාලන ක්‍රමවේදය වෙනස් කිරීමෙන් පසුව උත්සාහ කළ පළමු වාර්තාවම මෙසේ පල දැරීම පැවති බොරුවේ ප්‍රමාණය පැහැදිළි කිරීමකි.වාර්තාව පිහිට වූ සනත් ජාත්‍යන්තර ගිනස් ආයතනයේ අවශ්‍යය ලියාපදිංචියෙන් අනතුරුව එහි උපදෙස් වලට අනුව විනිසුරුවන් තෝරා ගනිමින් මේ කටයුත්තට පිවිසුණා.
ඒ අනුව ජනමාධ්‍යයකට සම්බන්ධ කතුවරයෙක්ට ලැබෙන අවස්ථාව www.supirikrida.com හී සංස්කාරක නිශ්මං රණසිංහ ට ලැබුණ අතර මෙහි අධීක්ෂණ නිලධාරියා වශයෙන් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානි මහාචාර්ය අර්ජුන ද සිල්වා සහභාගි විය.කාලඝනක නිලධාරීන් ලෙස ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ප්‍රමිතීන්ට අනුව සුදුසුකමු ලත් සේන සිරිමාන්න සහ උපාලි පෙරේරා කටයුතු කළේය.සේන සිරිමාන්න සුදුසුකම් ලත් ප්‍රධාන විනිසුරුවෙකු ලෙස ාමහිදී ප්‍රධාන කාලඝනක නිලධාරී ලෙස කටයුතු කළ අතර උපාලි පෙරේරා සහය කාලඝනක නිලධාරි ලෙස මෙයට සහභාගි විය.
සනත් බණ්ඩාරගේ මෙම උත්සාහයට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අනුග්‍රාහකත්වයෙන් දායකත්වය දැක්වීය.

ඇගාසි බිරිද ගේ නිරුවත් පිංතූරයක් ආධාරයට විකුණයි

කුත් මස තායිවානයේ ප්‍රදර්ශන ටෙනිස් තරගාවලියකට සහභාගි වීමට පැමිණි ඇන්ඩෘ අගාසි, එහි පැවති පුන්‍යාධාර වෙන්දේසියක දී ඊට ආධාර පිණිස සිය බිරිද වන ස්ටෙෆී ග්‍රාෆ් ගේ නිරුවත් පිංතූරයක් වෙන්දේසි කොට ඩොලර් 4.000 ක් ලබා දී ඇත.60 හැවිරිදි ප්‍රාන්ස් චෙන්ස් නැමැති වා්‍යාපාරිකයා මෙම නිරුවත් පිංතූරය වෙන්දේසියෙන් මිළට ගෙන ඇති අතර සිය ජංගම දුරකථනයෙන් ග්‍රාෆ් සිටින එම පිංතූරය ව්‍යාපාරිකයාට පෙන්වමින් එහි ග්‍රාෆ් ගේ පිංතූරයක් තිබෙන බවට සහතික කිරීමට ද අගාසි ක්‍රියා කර ඇත.
සීඑන්එන් පුවත් සේවය ගෙවුණු වැලන්ටයින් දිනයේදී අගාසි සහ ස්ටෙෆී ග්‍රාෆ් යන හිටපු ග්‍රෑන්ඩ් ස්ලෑම් ජගත් සුරයා සහ සූරිය ගේ ප්‍රේමය ටෙනිස් වංශ කතාවේ සුපිරිතම ප්‍රේම වෘතාන්ත අතර රදවමින් ඊට ප්‍රසිද්ධියක් ලබා දුන් අතර අගාසි මීට පෙර විවාහ වී සිටියේ රංගන ශිල්පිණියක සහ මෝස්තර නිරූපිකාවක ලෙස ප්‍රකට බෲක් ෂීල්ඩ් සමගය.
1999 දී හදුනා ගෙන 2001 දී විවාහප්ප්‍රාප්ත වන අගාසි සහ ග්‍රා‍ෆ් මේ වන විට දෙ'දරැ මව්පිය යුවළක් ලෙස සතුටින් කල් ගෙවති.මෙහි වීඩියෝ පටයෙන් අගාසි ස්ටෙෆී ග්‍රාෆ් ගේ නිරුවත් පිංතූරය වෙන්දේසි කර අවස්ථාව දැක්වෙන අතර ඔවුන් දෙදෙනාගේ ප්‍රේම වෘතාන්තය පිළිබදව පළකරමින් සීඑන්එන් පළ කළ ඡායාරූපය ද මේ සමග පළ වන්නේය.
www.supirikrida.com

එංගලන්තය ටෙස්ට් වාඩුව එක්දින තරගවලින් ගන්නා ලකුණු



කිස්තානය සමග පැවති ටෙස්ට් තරගාවලිය තරග 3 – 0 ක් ලෙස පරාජය වූ එංගලන්තය පකිස්තානය සමග පැවත්වෙන එක්දින තරගාවලියේ මේ වන විට පැවති තරග දෙකම ජයගෙන තරග 2 – 0  ලෙස ඉදිරියට පැමිණ ඇත.එක්දින කණ්ඩායමේ නායකත්වයව පැවරීමට එංගලන්ත ක්‍රිකට් පරිපාලනය ගත් තීරණයට සාධාරණය ඉටු කරමින් සිටින ඇලිස්ටෙයාර් කුක් මේ තරග දෙකේම ජයග්‍රහණයේ අඩිතාලම වූ අතර දෙවන තරගයේදී එංගලන්ත ඉණිමේ ලකුණු 250 න් 102 ක් ම වාර්තා වූයේ කුක් ගේ පිත්තෙනි.
සාජි ක්‍රීඩාංගණයේ දග කැවෙන තණතිල්ලෙන් ප්‍රයෝජනයට ගැනීමට පකිස්තානය දග පන්දු යවන්නන් සිව් දෙනෙකු (මොහොමඩ් හෆීස්,අබ්දූර් රෙහෙමාන්,සහීඩ් අජ්මාල් සහ සහීඩ් අෆ්රිඩී ) ඇතුළත් කළ ද කුක් එක් අන්තයක සිට සිය පිතිකරු සගයන්ට ශක්තියක්් වෙමින් කරන ලද පිති හරඹය නිසා එංගලන්තයට ලකුණු 250 සීමාව සදහා යාම එතරම් අසීරු වූයේ නැත.රෙහෙමාන් (3.60) සහ අෆ්රීඩී (3.80 ) හැරෙන්නට අන් සියළුම පන්දු යවන්නන්ගේ පන්දු ඕවරයක ලකුණු සාමාන්‍යය ලකුණු 5 ට ඉහළින් රැදවීමට එංගලන්ත ක්‍රීඩකයන්ට හැකි වූ අතර එවුන්ට පන්දු ඕවර 50 තුළ ගකුණු 250 කරා යාමේදී අහිමි වූයේ කඩුලු 4 ක් පමණි.
පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තානයට දග කැවෙන සාජි තණතීරුවේ එංගලන්ත වේගය දරා ගැනීමේ දුෂ්කරතාවයක් පැන නැගි අතර ඒ අතරින් පෙරමුණ ගත් ස්ටීවන් ෆින් පකිස්තාන කඩුලු 4  ට ලකුණු 34 ක් තුළ වගකීම පකිස්තානයට දරා ගත නොහැකි පාඩුවක් විය.පකිස්තාන පිතිකරුවන් කිසිවෙකුටවත් අර්ධ ශතකයකට යාමට අවස්ථාවක් නොදුන් එංගලන්ත පන්දු යවන්නන් ඉදිරියේ වඩාත්ම සාර්ථක වූ ඉම්රාන් ෆර්හාට් සහ නායක මිස්බා උල්හක් ලකුණු 47 බැගින් ලබා ගත්තේය.තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත දැක්වේ.
http://www.espncricinfo.com/pakistan-v-england-2012/engine/match/531632.html
www.supirikrida.com

ඌබර් කුසලානයෙන් ඉන්දියානු කාන්තාවනුත් එළියට



මෙවර ඌබර් කුසලාන ආසියානු මූලික වටයේ තරග වලින් ඉදිරියට එනු ඇතැයිි ජගත් විචාරකයන් පවා විශ්වාසය පළ කළ ඉන්දීය කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායමෙන් එම අවස්ථාව ගිලී හී ගියේය.චීන මැකාවෝ,චීනය සහ මලයාසියාව සිය කොටසට අයත් වූ අතර මේ අතරින් ඉන්දීය කාන්තාවන්ට පරාජය කරන්නට හැකි වූයේ චීන මැකාවෝ කණ්ඩායම පමණි.චීනය ඉදිරියේ තරග 5 – 0 ක් ලෙස පරාජය වූ ඉන්දියාවේ අංක එකේ ක්‍රීඩිකාව වන ජගත් ශ්‍රේණිගත කිරීම්වල අංක 4 ට ශ්‍රේණිගතව සිටින සෙයිනා නෙවාල්  ජගත් ශ්‍රේණිගත කිරීම්වල අංක හයට සිටින චීනයේ යැන්ජියෝ ජියෑන්ග් වෙතින්  පරාජය වීම මෙහිදී කැපී පෙණුනාය.  
කෙසේ වුවත් ඉන්දියාවට මැලේසියාව අභිබවා යාමට අපොහොසත්වීම මෙහිදී ඔවුන්ගේ ඉදිරි ගමණට බල පෑ ප්‍රධානතම සාධකය වූ අතර ඉන්දීය කාන්තා කණ්ඩායම තරගාවලියෙන් ඉවතට තල්ලු කළ මැලේසියානු ක්‍රීඩිකාවන් තරග 3 – 2ක් පෙස ඉන්දියාව සමග පැවති තරගය ජය ගත්තාය.

Feb 15, 2012

බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ගේ ප්‍රථම ගොදුරත් කසකස්තානය වෙයි

                     ආර්එස් දහනායක,හසිත චානක සහ ලසිත මේනක
මෙවර තෝමස් කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම ඌබර් කුසලාන තරගාවලියේදී ශ්‍රී  ලංකා ක්‍රීඩිකාවන්ගේ ගොදුර බවට පත් වූ කසකස්තානයම සිය ප්‍රථම ජයග්‍රහණය ලබා ගැනීම සදහා දඩයම් කරන්නට යෙදුණා.එහි ප්‍රථම තරගය ශ්‍රී ලංකා ජාතික සූරයා වන නිලූක කරුණාරත්න ඉතා පහසුවෙන් ජයගත් අතර විනාඩි 18 ක් තුළ නිලූක එම තරගය ලකුණු 21/13 සහ 21 / 21/ 6 ක් ලෙස පහසුවෙන් ජයගත්තේ ආතර් නියාසොව්ට පරාජය හිමිකර දෙමින්ය.
ඒ ජයග්‍රහණයේ ශක්තියත් සමග පන්නරය ලද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග පහම සියතට ගත් අතර කේවල තරග සදහා ඉදිරිපත් වූ ලසිත මේනක 21/19 සහ 21 / 17 ලෙස යෙරසක්නොව් සමත් පරාජය කළ අතර ආර් එස් දහනායක විනාඩි 18 ක කාලයක් තුළ ක්ලායම් ඇනටන් පරාජය කළේ 21/13 සහ 21 /11 ලෙසය.යුගල තරග වඩා පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් ආර්එස් දහනායක සහ හසිත චානක විනාඩි 18 ක් තුළආතර් නියාසොව් අස්කාර් ඔර්මානොව් පරාජයට පත් කළේ ලකුණු 21/15 ක් සහ 21 / 5 ක් ලෙසය.යෙරසන්නොව් සමත් සහ ක්ලායම් ඇන්ටන් පරාජය කිරීමට ලසිත මේනක ට සහ සංකල්ප ගුණවර්ධනට ගත වූයේ විනාඩි 17 ක් පමණි.ලකුනු තත්ත්වය 21/10 සහ 21 / 14 ක් විය.
මේ අතර ඌබර් කුසලාන තරගාවලියේ මුල් තරග 3 තුළදීම ජය තහවුරු කර ගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ යුගල තරග දෙක ද පහසුවෙන් ජයගත් අතර එහිදී චන්ද්‍රිකා ද සිල්වා සහ නදීශා ගයත්‍රි විසින් වෙරෝනිකා සොරොකීනා සහ කරීනා සුලෙයේවා විනාඩි 24 ක කාලයක් තුළ පරාජයට පත් කළේ ලකුණු 21/18 සහ 21 /13 ක් ලෙසය.ලාබාල තිළිණි හෙන්දහේවා සහ කවින්දි ඉෂන්දිකාට සිය ප්‍රතිවාදීන්  වූ ඉලියානා පිලිප්දක් සහ එලාසවේට‍යෙකොව්ලේවා පරාජය කිරීමට විනාඩි 25 ක් ගත වූ අතර තිළිණි හා ඉසන්දිකා දෙවන වටයේදි දැඩි අභියෝගයකට ලක් කිරීමට කසකස්තාන ක්‍රීඩිකාවන් සමත් වුව ද අවසානයේ තරගය ලකුණු 21/10 සහ 22/20 ලෙස තරගය ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
www.supirikrida.com

ශ්‍රී ලංකාව ප්‍රථම ඌබර් කුසලාන ජය වාර්තා කරයි.

තිළිණි හෙන්දහේවා

මෙවර ඌබර් කුසලාන තරගාවලියේ ඉන්දුනීසියාව සහ තායිලන්තය ඉදිරියේ පරාජය වූ ශ්‍රී ලංකා කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම මේ මොහාත වන විට සිය ප්‍රථම ජය කසකස්තාන කණඩ්ායමට එරෙහිව තහවුරු කර ගෙන සිටින බව දීන දැකාවෝ දිවයිනෙන් වාර්තා වෙනවා.එම තරග යටතේ මේ වන විට ශ්‍රී ලංකාව සහභාගි වන කේවල තරග ඉසව් ද්විත්වයම අවසන් වී ඇති අතර එම තරග සදා ඉදිරිපත් වූ චන්ද්‍රිකා ද සිල්වා,තිළිණි හෙන්දහේවා සහ ලේඛා ෂෙහානි තමන් සහභාගි වූ තරග ජය ගැනීමත් සමග මෙම කණ්ඩායමක් සහභාගගි විය යුතු යුගල තරග දෙක පමණක් ඉකිරිව ශ්‍රී ලංකාවට 3 - 0 ලෙස ඉදිරියට පැමිණෙන්නට හැකිවී තිබෙනවා.
චන්ද්‍රිකා සිය තරගය විනාඩි 29 ක කාලයකින් අවසන් කළ අතර ඇයගේ ප්‍රතිවාදි ක්‍රීඩිකාව වූ වෙරෝනිකා සොරෝකිනා ට චන්ද්‍රිකා ඉදිරියේ ලකුණු 21 / 14 සහ 21 / 17 ක පරාජයක් හිමි වුණා.ශ්‍රී ලංකාවේ පැහැදිළි අනාගත බැඩ්මින්ටන් බලාපොරොත්තුවක් වන ලාබාල ක්‍රීඩිකා තිළිණි හෙන්දහේවා සිය තරගය ජය ගත්තේ විනාඩි 21 ක් තුළයි.21/ 9 සහ 21 / 13 ක් ලෙස ඇය හමුවේ පරාජයට පත් වුයේ කසකස්තානයේ කරීනා සුලෙයාවායි.ලේඛා සහ එලිසවේටා යකොව්ලේවා අතර තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර ලේඛා ප්‍රථම වටය 21 / 11 ක ලෙස පහසුවෙන් ජය ගත්තද දෙවන වටයේ දී එලිසා වෙතින් තියුණු අභයෝගයකට මුහුණ දෙන්නට සිදු වුණා.එහිදී 16 / 20 ක් ලෙස ලේඛා පරාජයට ඉතා ආසන්නයෙන් සිටියද යළිත් තරගයට අවතීර්ණ වෙමින් එම තරග වටය ද 22 / 20 ලෙස ලේඛා ඉදිරියේ ජය සටහන් වෙද්දී තරගයට ගත වූ මුළු කාලය විනාඩි 28 ක් ලෙස සටහන් වී තිබුණා. 
www.supirikrida.com

ශ්‍රී ලංකාව ප්‍රථම වරට ලකුණු සම තරගයක


රින්වර ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරගයේ ජයග්‍රහණය තරගයේ අවසාන භාගයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දක්ෂතාවය නිසා ශ්‍රී ලංකාව පැත්තට නම්මා ගන්නට සමත් වුව ද අවසාන පන්දුවේදී ලකුණු 4 ක ඉලක්කයට ලකුණු 3 කින් පමණක් සමීප වීමට ඒ වන පිටියේ නොදැවී සිටි මහේන්ද්‍ර සිං දෝනිට හැකි වීම නිසා තරගය සම ලකුණු තරගයක් ලෙස නිමාවට පත්විය.ශ්‍රී ලංකා - ඉන්දීය තරග ඉතිහාසයේ මෙසේ ලකුණු සම වූ ප්‍රථම තරගය ලෙස ද ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තරගයක ලකුණු සම වූ ප්‍රථම අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක් වූ මෙම තරගයේ අවසාන පන්දුව තෙක් සටන් කොට ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය උදුරාගත් දෝනි, නොදැවී ලබාගත් සටන්කාමී ලකුණු 58 නිසා ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවිය.
තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ද,තරගයේ දෙවන පන්දුවේදී ම ලකුණු ලබා ගැනීමට පෙර උපුල් තරංග කඩුල්ලෙන් ඉවත් කිරීමට තරගාවලිය පුරාම කඩුලු අතර සිටින විනේ කුමාර් සමත් විය.ලකුණු 28 ඩිල්ෂාන් ගේ (ලකුණු 16) දැවී යාමත් සමග මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු අතර සිටින ප්‍රධානම පිතිකරුවා බවට පත් වී සිටින දිනේෂ් චන්දිමාල් මේ තරගයේදී ද ලකුණු 81 ක් ලබා ගනිමින් කැපී පෙණුන පිතිකරුවා බවට පත්විය.
මේ කාලයේ ලකුණු සොයන්නෙකු බවට පත් වී සිටින මහේල,චන්දිමාල් සමග සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 94 සබදතාවයක් පවත්වමින් ලකුණු 43 ක් ලබා ගැනීම මේ තරගයේ ඉදිරි තරග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු ඇති කරන තත්ත්වයක් විය.එසේම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ තමාගේ ස්ථානය තහවුරු කළ යුතු බවට සංඥාවක් නිකුත් කළ සචිත්‍ර ඇලෙක්සැන්ඩර් පන්දු 14 ක් තුළ නොදැවී ලකුණු 22 ක් රැස් කළේ බිද වැටෙන පසු පෙළට ශක්තිය මුසු කරමින් ය.මේ තරගයේදී ත් ඉන්දියාව වෙනුවෙන් සාර්තකම පන්දු යවන්නා වූ විනේ කුමාර් ලකුණු 46 ට කඩුලු 03 ක් ලබා ගනිමින් කැපී පෙණින.
පිළිතුරු ඉණිම සදහා පිවිසි ඉන්දීය පිතිකරුවන් පිළිබදව මනා අධ්‍යයනයකින් සිටි බවක් පෙන් වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන්ට පීඩනයක් එල්ල කළ ද,මීට ඉහත තරගයේ දී ඕස්ාට්‍ර්ලියාවට එරෙහිව ඉන්දියාව ජය මාවතට කැද වූ ගෞතම් ගාම්භීර් යළිත් ක්‍රියාත්මක විය.ඔහු ලකුණු 91 ලබමින් නායක මහේන්ද්‍ර සිං දෝනි සමග එක්ව පස්වන කඩුල්ල සදහා ලකුණු 60 ක සබදතාවයක් පවත්වමින් ඉන්දියාව වෙත එල්ල වෙමින් තිබූ පීඩනයෙන් ගැලවෙන්නට සමත් විය.
නමුත් තරගයේ අවසාන භාගය වන විට මහේල ජයවර්ධනගේ පන්දු රැකීමේ සැළසුම් මෙන්ම නුවන් කුලසේකර සහ රංගන හේරත් ලකුණු ලබා ගැනීමේ හැකියාව ආවරණය කරමින් පන්දු යැවූ ආකාරයද නිසා යළිත් පීඩනය ඉන්දියාව දෙසට හැරිණ.තරගය පුරා ඉන්දියාව වෙතින් දුවද්දී දැවී යාම් හතරක් වාර්තා වූ අතර නමුත් තරගයේ අවසාන පන්දුවට පෙර විනේ කුමාර් දුවද්දී දැවී යාම ඉන්දියාවට වාසිදායක දැවී යාමක් විය.එම දැවී යාමත් සමග පන්දුවට පහරදීමේ වාරය තමන් වෙත පවරා ගත් දෝනි අවසාන පන්දුවට ලබාගත යුතු ලකුණු හතර ලබා ගන්නට ගත් සාර්ථක උත්සාහය සචිත්‍ර සේනානනායක ගේ පන්දු රැකීමෙන් ලකුණු 3 ක් බවට පත් වූයේ එක්දින තරග ඉතිහාසයට තවත් ලකුණු සම වූ දුලබ තරගයක් එකතු කරමින්ය.
පන්දු යැවීමේ දී ලසිත් මාලිංග ලකුණු 53 ට කඩුලු 2 ක් ද තිසර පෙරේරා ලකුණු 45 ට කඩුලු 2 ද දවා ගත් අතර සිය පන්දු ඕවර් 10 තුළ පිළිවෙළින් ලකුණු 39 ට කඩුලු 1ක් සහ කඩුලු නොලැබුව ද ලකුණු 33 ක් ද ලබා දෙමින් නුවන් කුලසේකර සහ රංගන හේරත් ද ඉන්දීය පිතිකරුවන් වෙත තම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම සදහා අපූරු සහයක් ලබා දුන්නා.
පහත දැක්වෙන්නේ තරගයේ සමස්ත ලකුණු සටහනයි. http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518960.html



ඉතාලිය බෑ කියයි

අග්‍රාමාත්‍ය මාරියෝ මොන්ටි 

ලිම්පික් සහ පැරා ඔලිම්පික් තරග පැවත්වීම සදහා 2020 දී අවස්ථාව ඉල්ලා අයදුම්පත් ඉදිරිපත් කළ නගරයක් වූ රෝමය එම ඉල්ලීම ඉල්ලා අස් කර ගන්නට තීරණය කර තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.අග්‍රාමාත්‍ය මාරියෝ මොන්ටි විසින් මේ වෙනුවෙන් දරන්නට වන වියදම සහ වරප්‍රසාද තුලනය කිරීමේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබදව සැළකිල්ල යොමු කරමින් මෙම තීරණයට එළැඔ ඇති බව ද එම වාර්තා පෙන්වා දෙයි.
2020 ඔලිම්පික් තරගය පැවත්වීම සදහා රෝමයද සමග නගර හයක් යෝජනා වී තිබූ අතර රෝමයේ ඉවත්වීමත් සමග අසර්බයිජානයේ බාකු,කටාර් හී දෝහා,තූර්කියේ ඉස්තාන්බුල්,ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් සහ ජපානයේ ‍ටෝකියෝ යන නගර මෙම තරගාවලිය දිනා ගැනීමේ සටනේ ඉතිරිව සිටියි.
www.supirikrida.com

ලේඛා වෙනුවට තිළිණ යෙදවුව ද තායිලන්තය පහසුවෙන් ශ්‍රී ලංකාව පරදවයි


යේ ඌබර් කුසලාන තරගාවලියේ තායිලන්තය සහ ශ්‍රී ලංකාව සහ තියිලන්තය අතර පැවති තරගයට  ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේදී සිය තරගය වැඩිම කාලයක් රදවා ගන්නට සමත් වූ ක්‍රීඩිකාව වූ ලේඛා ෂෙහානි ඉවත් කර ඒ වෙනුවට කේවල තරග සදහා තිළිණි ජයසිංහ යෙද වූ අතර නමුත් තිළිණි සහ තායිලන්තයේ ඉන්තනොන් රතනොක් අතර අතර තරගය විනාඩි 22 ක් තුළ නිම කරන්නට රතනොක්ට හැකි විය.ලකුණු 21 / 9 සහ 21 / 5 ලෙස තරගය ජයගත් රතනොක් මේ වන විට ජගත් ශ්‍රේණිගත කිරීම්වල 13 වන ස්ථානයේ රැදෙන්නීය.
මෙම තරගයේදී පළමු ඔලිම්පික් තරගාවලියේ ජයග්‍රාහිකාව සහ වර්ථමානයේ ජගත් ශ්‍රේණිගත කිරීම්වල 36 වන ස්ථානයේ සිටින සප්සිරි තයෙරාතාන්චි කේවල තරග සදහා ඉදිරිපත් නොවෙමින් ජගත් ශ්‍රේණිගත කිරීම් වල අංක 84 ට ශ්‍රෙණිගතව සිටින නිකොන් ජින්දාපෝන් තරග වැදි අතර සප්සිරි ට ගෙවුණු යොවුන් ඔලිම්පික් තරගාවලියේ දී සෙසු තරගකාරියන හා සංසන්දනයේදී සැළකිය යුතු තරගයක් එල්ල කළ ක්‍රීඩිකාවක් වූ ලේඛා මෙම තරගයෙන් ඉවත් නොකළේ නම් එයින් යම් වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගන්නට ද තිබිණි.
පිරිමි තෝමස් කුසලාන තරගාවලියේ දී ද ශ්‍රී ලංකාව සහභාගි වූ තරග සියල්ලම පරාජයට පත් වූයේ ජපානයට එරෙහිවය.එහිදී ලොව අංක හයට ශ්‍රේණිගතව සිටින සෝ සසාකි සමග නිලූක කරුනාරත්න අඩ පැයකට වැඩි ප්‍රමාණයක් (විනාඩි 33) තරගය පැවත්වීම විශේෂ සිදුවීමක් වූ ඉන් පසුව ජපන් ක්‍රීඩකයන් සහ තරගයක් පැවත්වූ උපරිම වේලාව වාර්තා වූයේ ලසිත මේනක සහ කෙනචි ටාගෝ අතර තරගයේදීය.එම තරගය විනාඩි 24 ක් පුරා පැවත්විණි.
www.supirikrida.com

Feb 14, 2012

නිලූක ගෙන් යළිත් දස්කම්


චීන මැකාවෝ හී පැවත්වෙන තෝමස් සහ ඌබර් කුසලාන ආසියානු කළාපීය බැඩ්මින්ටන් තරගාවලියේදී කලක් ලොව අංක හතරට ශ්‍රේණිගතව සිටින වර්ථමානයේ අංක 20 රැදී සිටින තායිලන්තයේ බූන්සැක් පොන්සානා ට විශිෂ්ඨ තරගයක් ලබා දෙන්නට නිලූක කරුණාරත්න සමත් වුණා.තරගයේ ප්‍රථම වටය ලකුණු 21 - 18 ක් ලෙස බුන්සැක් විසින් ජය ගත්තද,තරගයේ දෙවන වටය ලකුණු 21 - 8 ක් ලෙස ජය ගන්නට නිලූකට හැකි වුණා.තරගයේ අවසාන වටය ලකුණු 22 -20 ක් ලෙස ජය ගනිමින් සිය ජාත්‍යන්තර පිළිගැනීම රැක ගන්නට බුන්සැක් සමත් වුව ද ඒ සදහා ඔහුගේ වටිනා කාලයෙන් විනාඩි 55 ක් ඉහිරී ගොස් තිබුණු අතර නිලූක මෑත කාලයේ ලබා ගන්නා ජයග්‍රහණ පිළිබදව එම පරිපාලනයට සම්බන්ධ ඇතැම් නිලධාරීන්ම මාධ්‍ය මගින් පතුරුවා හරින්නට උත්සාහ කරන අශෝබන ප්‍රචාරයන්ට මෙය කදිම පිළිතුරක් වූවා.
ඊයේ පැවති තරග අතරින් ඒ ආකාරයට තරග වටයක් හෝ ජය ගැනීමේ හැකියාව ලැබුණේ නිලූකට පමණක් වන අතර සියළු තරග පරාජය වූ නිලූක ඇතුළු ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තෝමස් කුසලාන ප්‍රථම තරගය නිමා කළේ තායිලන්තයට එරෙහිව තරග 5 - 0 ක පරාජයක් ලබමින්.ඌබර් කුසලාන තරගාවලිය නියෝජනය කරන කාන්තා කණ්ඩායමට ද එම ඉරණමටම මුහුණ දෙන්නට සිදු වුණු අතර ඔවුන් ඉන්දුනීසියාව හමුවේ තරග වට 5 - 0 ක් ලෙස පරාජය වුණා.
www.supirirkrida.com

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද තරග බිමට

කොමන්වෙල්ත් බැංකු කුසලාන තරගාවලියේ අද ශ්‍රී ලංකාව සහ තරග වදින්නේ ඉන්දියාවයි.ශ්‍රී ලංකාව සමග පැවති ප්‍රථම තරගය මෙන්ම අවසාන වරට ඕසට්‍රේලියාව සමග පැවති අවසාන තරගයද ජය ගෙන හොද මානසික ස්ථාවරයක සිටින ඉන්දියාව සමග තරගයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසාන එක්දින තරග දෙකම පරාජය වුව ද හොද තරගයක් ලබා දීමට හැකි වූ මානසික ශක්තියෙන් යුතුව පසු වෙනවා.
ශ්‍රී ලංකාව සතුව හොද තුන් ඉරයව් ක්‍රීඩක සංයුතියක් සිටියද තවමත් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නට ඔවුන් සූදානම් නොවී සිටිම ගැටළු සහගතයි.විශේෂයෙන් ධම්මික ප්‍රසාද් වැනි ක්‍රීඩකයෙකුට වඩා තුන් ඉරියව් දක්ෂතා ඇති ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකටතිසර පෙරේරා වැනි ක්‍රීඩකයෙකු අත්හදා බැලීම කෙරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම කල්පනාව යොමු කළේනම් ඕස්ට්‍රේලියාව සමග පැවති තරගයේ තීරණය වුව ද යම් තරමකට වෙනස් වීමට ඉඩ තිබුණා.