Feb 6, 2012

උගන්ඩා කිරුළත් නිලූකට ?


ද නිමාවට පත් වීමට නියමිත උගන්ඩා ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ සූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්නට හැකිවෙනු ඇතැයි බැඩ්මින්ටන් විචාරකයන්ගේ මතය වී ඇත.ඊයේ අවසාන පූර්ව තරගයේ දී තමන්ට වඩා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල එක් පියවරක් (68) ක් ඉදිරියෙන් සිටින පෘතුගාලයේ පෙඩ්රෝ මාටිනස් පරාජය කළ නිලූක අවසන් තරගයට පිවිසි අතර අද අවසාන තරගයේ දී නිලූක ගේ ප්‍රතිවාදියා වන්නේ ඊයේ සුපිරික්‍රීඩා අනාවැකි පළ කළ පරිදිම ජගත් ශ්‍රේණිගත කිරීම්  වල 134 වන ස්ථානයේ පසුවන ඉතාලියේ විශ්ණු හර්යන් ප්‍රත්‍රෝ ය.
විශ්ණු මෙම තරගාවලිය තුළ ඉහළ දස්කම් ප්‍රකට කර ඇති අතර අවසාන පූර්ව තරගයේදී ද සිය ප්‍රතිවාදියා වූ ඉරානයේ මොහොහඩ් කරේද්මන්දි අතරමැද තරගයෙන් ඉවත්වීම නිසා ඔහුට පහසුවෙන් අවසාන තරගයට දොරටු විවර විය.ඒ ආකාරයෙන් තරගාවලිය ආරම්භයේදී ද ප්‍රතිවාදියා වෙතින් එවැනි ජයක් ලබන්නට වාසනා වන්ත වූ විශ්ණු මෙම තරගාවලිය ආශ්‍රිතව අංක එකට සිටි ක්‍රීඩකයා වූ ඔස්ට්‍රියාවේ මයිකල් ලන්ස්ටෙයිනර් ද පරාජය කළ අතර දක්ෂතා අතින් ද යහපත් මට්ටමක පසුවෙයි.
නිලූක ඊයේ අවසාන පූර්ව තරගය ජය ගන්නට පෙඩ්රෝ ට එරෙහිව විනාඩි 40 ක කාලයක් වැය කළ අතර ලකුණු තත්ත්වය 21/17 සහ 21 /12  ක් විය.මෙම තරගාවලිය ජය ගත්තේ නැති වුව ද මෙම තරගාවලිය තුළ මේ දක්වා පැමිණ ගමණද පාදක කරගෙන නිලූක ට මෙම බ්‍රහස්පතින්දා සිදුවන ජගත් වර්ගීකරණයේ දී තව දුරටත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට ඒමට අවස්ථාව හිමි වෙනු ඇත.

No comments: