Feb 10, 2012

ලොව දිනන ගමණට එක් වූවන්ට ප්‍රථම ප්‍රදානය ජනපතිගෙන්

IMG_0840.jpg


ලොව දිනන ක්‍රිඩා ශක්ති වැඩ සටහන යටතේ ක්‍රීඩාවන් 17 ක් සදහා තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1200 දෙනෙකුට රුපියල් 2,500 ක මාසික ප්‍රදානයන් ලබා දීමේ මංගල පියවර ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂයන් අතින් අරලියගහ මන්දිරයේ දී සිදු වුණා.අවුරු 14 – 18 අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලට වෙන් වි සිටින විවිධ ක්‍රීඩා වලට දක්ෂාතා දක්වන ‍ක්‍රීඩාශක්ති වැඩ සටහන සදහා තෝරා ගත් සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම උත්සව අවස්තාවට එක් වී සිටියා.
ජාත්‍යන්තර මට්ටමට ලාංකේය ක්‍රීඩාවේ අනාගතය ගොඩනැගීම මෙන්ම ඒ සදහා වන භෞතික සම්පත් විමධ්‍යගත කර ප්‍රාදේශීය ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වේගවත් කිරීම සහ සශ්‍රීක කිරීමද මෙම වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර නමුත්ක්‍රීඩාසංවර්ධන දෙපාර්තමේන්තුවේම ඇතැම් ඉහළ නිලධාරීන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරය පෝෂණය කරන පාසල් ක්‍රීඩා ගුරුවරුන්ට තර්ජනාත්මකව බලපෑම් කරමින් ප්‍රාදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹ පාසල් සදහා දිනා දීමේ වෑයමක නිරත වන බව අසන්නට ලැබීම වැඩ සටහනේ පරමාර්ථ සහ අරමුණු වලට බලපෑම් ඇති කරන්නක්.

ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක පාසලකින් නිර්මාණය වන්නේ ඒ සදහා එහි සිටින ක්‍රීඩා ගුරුවරයා හෝ පැමිණෙන ක්‍රීඩා උපදේශකයාගේ හැකියාව මෙන්ම ඔහු හෝ ඇය ක්‍රීඩාවට දක්වන ආදරය සහ ඇල්ම ද නිසා බව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමේ දී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් කල්පනා කළ යුතු වෙනවා.එවැනි ක්‍රීඩා සංස්කෘතියක් නොමැති පසුබිමකින් ක්‍රීඩකයන් නිර්මාණය නොවන අතර එවැනි තැනකදි සිදුවිය හැක්කේ ක්‍රීඩකයාගේ ශක්‍යතාවයන් මොට වීමක් පමණක් බව එම බලධාරීන් කල්පනාවට ගතු යුතු වෙනවා.

No comments: