Feb 9, 2012

රවි චන්ද්‍රන් ගේ තුන් ඉරියව් දස්කම් ශ්‍රී ලංකා ජයග්‍රහණය වළකයි


Ravindra Jadeja and R Ashwin walk off after India's win
ඉන්දියාවේ ජය තහවුරු කළ ජඩේජා (වමේ) සහ අශ්වින්

න්දු යවමින් ලකුණු 32 ට කඩුලු 3ක් දවා ගත් රවි චන්ද්‍රන් අශ්වින් තීරණාත්මක මොහොතේදී හත් වන කඩුල්ල සදහා රවීන්ද්‍ර ජඩේජා සමග  නොබිදුණු ලකුණු 53 ක සබදතාවයක් පවත්වමින් ද ශ්‍රී ලංකාවට ජය ගැනීමට තිබූ ඉඩකඩ අසුරා දැමීය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව මෙම තරගයට කණ්ඩායම නම් කිරීමේ දී නිත්‍ය දග පන්දු යවන්නෙකු අමතක කර තිබූ අතර එම කාර්යය තිලකරත්න ඩිල්ෂාන් පිට පැට වූ බවක් පෙනෙන්නට තිබිණ.නමුත් එම තීරණය වැරදි බව පෙන් වූ රවීන්ද්‍ර ජඩේජා සහ අශ්වින් සිය පන්දු ඕවර් 20 ලකුණු 73 ට දීමා කරමින් ශ්‍රී ලංකාවේ කඩුලු 4 ටම වග කීහ.
ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් අවසාන ජයග්‍රහණය වාර්තා කිරීම සදහා දැඩි පීඩනය මැද දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් සහ හොදින් පන්දු යවමින් කැපී පෙණුනු සචිත්‍ර ඇලෙක්සැන්ඩර් මෙම තරගයේ දී යොදා ගැනීමේ හැකියාව තිබුණත් මහේල ඉකුත් සමයේ කණ්ඩායමෙන් පිටට ගිය විට ලකුණු අතරට පැමිණි ලහිරු තිරිමාන්න පිළිබදව තීරණයක් ගැනීමට තිබූ නොහැකියාව නිසා ශ්‍රී ලංකාව තරගය ආරම්භයේදීම වරදක් කර ගෙන තිබූ අතර ඒ නිසාම තරගය කඩුලු 6 ක් දැවී ලකුණු 181 ව තිබූ ඉන්දීය ඉණිම පාලනය කර ගැනීමට විශ්වසනීය දග පන්දු යවන්නෙක් ගේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ඇහිරී තිබිණ.
තරගයේ කාසියේ වාසිය මහේල ජයවර්ධන ට හිමි වූ අතර පළමුව පන්දුවට පහර දීමට මහේල තීරණය කළේය.ඒ අනුව පිටියට පිවිසි ඩිල්ෂාන් සහ උපුල් තරංග අතරින් තරංග මුලු ලකුණු ප්‍රමාණය 12 ක් වෙද්දී ක්‍රීඩා පිටියෙන් ඉවත් කරන්නට සහීර් ඛාන් සමත් විය.අනතුරුව තෙවන කඩුල්ල සදහා ඩිල්ෂාන් (48)  සහ කුමාර සංගක්කාර (26) අතර ලකුණු 62 ක සබදතාවයක් ඇති විය.අනතුරුව මේ කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු යන්ත්‍රය බවට පත් ව සිටින දිනේෂ් චන්දිමාල් (64) ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම අර්ධ ශතකය වාර්තා කරමින්මහේල ජයවර්ධන (23) සමග සිව්වන කඩුල්ලට ලකුණු 52 ක් එක් කළ අතර අනතුරුව බිද වැටෙන ශ්‍රී ලංකා ඉණිමේ එක් අන්තයක් රැක ගත් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 33 ක් ලබා ගනිමින් ලාංකේය ලකුණු පූවරුව 233 දක්වා රැගෙඒ ඒමට පියවර ගත්තේය.
පිළිතුරු ඉණිමේදී නමගිය ඉන්දීය පිතිකරුවන් අතරින් විරාට් කෝලී එකම අර්ධ ශතකලාභියා වෙමින් අගනා ලකුණු 77 ක් රැස් කළ අතර තෙන්දුල්කාර්ගේ පිත්තෙන් ලකුණු 48 ක් ගලා ආවේය.අනතුරුව කලෙකට පසු පන්දුවෙන් දස්කම් පෙන් වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 ට කඩුලු 2 ක් දවා ගනිමින් ඉන්දීය ඉණිම යම් කිසි පීඩනයකට ලක් කරන්නට පියවර ගත් අතර නමුත් හත්වන කඩුල්ලට රවිචන්ද්‍රන් අශ්වින් සහ ජඩේජා එකතු කළ ලකුණු 53 ක සබදතාවයට හරස් කපන්නට කිසිවෙකුට හැකි නොවිණි.
ඒ අනුව ලෝක සූරයන් සහ අනු සුරයන් ලෝක සූරතා අවසාන තරගයට පසුව හමු වූ පළමු අවස්ථාවේද ජයග්‍රණය ඉන්දියාවටම හිමි වූ අතර ශ්‍රී ලංකාවට තීරණාත්මක අවසාන තරගයේදී පරාජයට කණ්ඩායම් සංයුතිය යම් බලපෑමක් කළ අයුරෙන්ම මෙහිදී ද කණ්ඩායම් සංයුතිය තරගයේ තීරණය ඉන්දියාව දෙසට හැරවීමට යම් හේතුවක් වූ බව පැහැදිළිව දකින්නට ලැබීම හ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් හොද තත්ත්වයක් නොවේය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පිවිසීමට පහත සබදතාවය යොදා ගන්න.
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518957.html

No comments: