Feb 7, 2012

සුද්දො සුද්දයි

Pakistan gather to celebrate their 3-0 whitewash of England


මේ වන විට ජගත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට සිටින එංගලන්තයට වැලි කතරේදි 3-0 ක තරගාවලි පරාජයක් අත් කර  දුන් පකිස්තානය ජගත් ක්‍රිකට් ප්‍රජාවගේ සම්පූර්ණ අවධානය තමන් වෙත දිනා ගත්තා.තරගාවලිය පුරාවට එංගලන්තයට වඩා සෑම අතකින්ම ඉදිරියෙන් සිටි පකිස්තානුවන් සෑම විටම ඔවුන් තුළ ඇති දැඩි ආත්ම ශක්තිය සහ කැපවීම මේ ජයග්‍රහණයන්හී අඩිතාලම බවට පත් කර ගනු ලැබුවා.
අවසාන ටෙස්ට් තරගයේදී සිය පිතිකරු අංශය දුර්වල වීම නිසා ප්‍රථම ඉණිමේදී ලකුණු 99 ටදැවී ගිය පකිස්තානය ඒ ගැන පශ්චාත්වීම පසෙක ලා එංගලන්ත ඉණිම අවම ලකුණු ගණණකට සීමා කිරීම කෙරෙහි අවධානය යොමු කළා.එහි ප්‍රතිපලය ලෙස ලකුණු 141 ට සීමා වූ එංගලන්ත ඉණිම ලබා ගත් සුළු වාසියට අභියෝග කරන්නට සිතා ගත් පකිස්තානු ඉණිමේ අසාර් අලි (157) සහ යුනුස් ඛාන් (127) තෙවන කුඩුල්ලට ඇති කළ ලකුණු 216 සබදතාවය පදනම් කරගත් පකිස්තානය සිය දෙවන ඉණිම ලකුණු 365 ක් දවා ගෙන ගියා.
ඒ අනුව සිව්වන ඉනිම තුළ ලකුණු 323 ක ජයග්‍රාහී ඉලක්කයක් එංගලන්තයට ලබා දෙන්නටත් එම උත්සාහය ලකුණු 252 ක් ව තිබියදී නවතාලන්නටත් සමත් වූ පකිස්තානය එක දිගට තමන් වෙතින් අත් වූ තෙවන ටෙස්ට් තරග පරාජය එංගලන්තයට අත් කර දෙන්නට සමත් වුණා.ආසියාවේ ටෙස්ට් කණ්ඩායම් සීඝ්‍ර කඩා වැටීමකට හසුවෙමින් තිබෙන තත්ත්වය තුළ පකිස්තානය වර්ථමාන ටෙස්ට් සූරයන්ගේ දණ බිම ඇන්නීම එලැඹෙන නව ටෙස්ට් ශ්‍රේනිගත කිරීම් වල දී විශාල වෙනස්කම් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.විශේෂයෙන්ම බිද වැටී තිබුණු පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාව ඔවුන්ගේ නව නායක මිස්බා උල් හක් සමග දක්ෂතා සහ තරගකාරීත්වය සමග පෙරට එමින් පැවතීම මෙන්ම පකිස්තානයේ දේශපාලන වාතාවරනය ක්‍රිකට් කෙරෙහි හිතසුව පිණිස නොවන තත්ත්වයක් තුළ සාජා ක්‍රීඩාංගණය ඔවුන්ගේ සත්කාරක ක්‍රීඩා පිටිය කර ගන්නට දෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වන සහයෝගයත් මේ සාර්ථකත්වයේ පදනම හැටියට ගත හැකියි.
එංගලන්තයට තරග 3- 0 ක පරාජයක් අත් කර දීම සදහා තෙවන ජය වෙනුවෙන් අගනා කාර්ය භාරයක් සිය පිත්තෙන් ඉටු කළ අසාර් අලී තෙවන තරගයේ වීරයා වූ අතර තරගාවලිය පුරාවට සිට දග පන්දුවෙන් එංගලන්තය පාලනයට ගත් සහීඩ් අජ්මාල් තරගාවලියේ වීරයා ද වුණා.පහත සබදතාවය හරහා තරගාවලියේ තෙවන තරගයේ සම්පූර්ණ ලකුණු විස්තරයට පිවිසිය හැකියි.

No comments: