Feb 11, 2012

දැයට කිරුළ දැල්පන්දු සංවිධානය හුණු කොට්ටෙන් ගොඩ යයි, දෙවන වරටත් කිරුළ කුරුණෑගල ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමයට


දැයට කිරුළ වෙනුවෙන් සංවිධානය වූ දැල් පන්දු තරගාවලියේ දී දෙවන වරටත් අවසාන තරගයට පිවිස එය ජය ගන්නට පාසල් කණ්ඩායමක් වූ කුරුණෑගල ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමය සමත් විය.මෙම තරගාවලියේ අවසාන තරගයක් පැවත් වූ දෙවන අවස්ථාව මෙය වූ අතර එම දෙවරම පළපුරුදු ඒකාබද්ධ ආරක්ෂක සේවා කණ්ඩායමට එරෙහිව කුරුණෑගල ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමය ජය ගැනීම කැපී පෙණින.
ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමය වෙනුවෙන් නායකත්වය ගත් දුලංගි චමත්කා වන්නිතිලක 2010 ජාතික ක්‍රීඩා උළෙලේ ද දක්ෂතම ක්‍රීඩිකාව වූවා ය.ඇය මෙම තරගාවලිය තුළ ද කැපී පෙණුන අතර දක්ෂතම විදින්නිය ලෙස සම්මානනීය වූයේ ද ඇය ය.නමුත් ඇය කුරුණෑගල දැල්පන්දු පරිපාලනයට සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින නම් කරන ලද තේරීම් කමිටුව විසින් ලොවට ක්‍රීඩාව ගෙන යාම පිණිස සකසන ලද ක්‍රීඩා ශක්ති වැඩ සටහනට නුසුදුසු යැයි නම් කළ ක්‍රීඩිකාවක් වීම ද දැල්පන්දු පරිපාලනය මෙන්ම ක්‍රීඩාව සම්බන්ධ ජාතික මට්ටමේ වගකීම් දරන ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු සියල්ලගේ අවධානයට ලක්විය යුතු තත්ත්වයකි.තරගාවලියේ දැල් පන්දු රැජිණ වූයේ ද ශුද්ධ වූ පව්ලේ ක්‍රීඩිකාවක් වූ රුක්ෂිලා හපුආරච්චිය.
තරගාවලියේ සමාප්ත උත්සවයට දැයට කිරුළ හා සම්බන්ධවන කිසිදු දේශපාලනඥයෙකු සම්බන්ධ කර ගැනීමට තරග සංවිධානය අපොහොසත් වී තිබුණු අතර අවසාන ත්‍යාග ප්‍රදානෝත්සවයට ශබ්දවාහිණි පවා යොදා ගෙන නොතිබිණ.දැයට කිරුළ ආශ්‍රිතව ක්‍රියාත්මක වූ සියළු ක්‍රීඩා වැඩ සටහන් වලට ජාතික මට්ටමේ තරග ලෙස ලබා දී තිබූ ආලෝකය දැල් පන්දු තරගාවලියෙන් ඉවත් කර තිබූ අතර ඒ ආකර්ශණය ඉවත් කිරීම නිසා නමගිය ක්‍රීඩිකාවන් අභිබවා ගිය පාසල් ක්‍රීඩිකාවන් ගේ දක්ෂතා සමාජ ගත වීමට ද බාධක පැන වී තිබිණ.අනෙකුත් තරග ක්‍රියාත්මක වූ ආකාරය හා සසදන කළ මෙම තරගාවලියේ සංවිධාන ක්‍රියාවලිය දැයට කිරුළ ක්‍රීඩා සංකල්පයට ද මදි පුංචිකමක් ඇති කළ බව පෙන්වා දුන් වෙනත් ක්‍රීඩා සංවිධායකයන් දැල් පන්දු තරගාවලිය හැදින් වූයේ ක්‍රීඩා පිටිවල සීමා ලකුණු කිරීමට යොදා ගත් හුණු කොට්ටයෙන් ෂේප් වුණු තරග  සංවිධානයක්  ලෙසය.
ක්‍රීඩාව වෙනුවෙන් අනාගතය සැකසීම සිය එම කීඩාවේ පරිපාලන වගකීම වුව ද දැයට කිරුළ දැල්පන්දු තරගාවලියේ  අවුරුදු 23 න් පහළ තරග වල දී තමන් ක්‍රීඩා පුහුණුව ලබා දෙන ක්‍රීඩා කණ්ඩායම් සහ ක්‍රීඩිකාවන් අභිබවා කුරුණෑගල ක්‍රීඩිකාවන් ගේ නැගිටීම සිදුවන බව අවබෝධ කරගත් ඇතැම් පුහුණුකාරියන් මෙම තරගාවලියේ සංවිධානයේ මුල සිටම ත්‍යාග මුදල් ප්‍රදානයෙන් වැළකී සිටින්නටත් තරගාවලිය සමාජ ආකර්ශණයට ලක්වීම වැළක්වීමටත් පිඹුරුපත් සකස් කරන ආකාරයක් දකින්නට ලැබිණ.
නමුත් මෙම තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ දැල් පන්දු අනාගතයට වන හානිකර තත්ත්වයන් දැල්පන්දු පරිපාලනයේ ලේකම් කුමුදුණී ගෝමස් ට පෙන්වා දීමට සුපිරික්‍රීඩා සමත් වූ අතර මීට දින දෙකකට පෙර සිදු වූ එම සාකච්චඡෘවේ දී ඇය පොරොන්දු වූ පරිදි ජයග්‍රාහී කණ්ඩායම් වලට මුදල් ත්‍යාග පිරිනැමීමට අවශ්‍යය පසුබිම සකස් කිරීම ප්‍රශංසාවට ලක්විය යුතුය.දැයට කිරුළ ආශ්‍රිතව ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රීඩා හා සංසන්දනය කිරීමේදි එම ත්‍යාග මුදල් ප්‍රමාණාත්මක නැතත් ජයග්‍රාහකයන්ට කිසිවක් නැතිව අත් පිසදා ගෙන යන්නට සිදුවීම වැළක්වීමට ලේකම්වරිය පොරොන්දු වූ පරිදි තමාරා ධර්මකීර්තී සභාපති සමග සාකච්ඡා කරමින් ගත් එම තීරණය අගය කළ යුතුය.
නමුත් සභාපතිණිය මෙන්ම ලේකම්වරිය ද තමන් සතු කීර්තිනාමය සුරක්ෂිත කර ගැනීම මූලික අරමුණ කරගෙන කටයුතු කරන්නේනම් මෙම පරිපාලනයෙන් ඉවත් වීම හෝ නැතිනම් දැනට තමන් වගකීම් පවරන පුදගලයන් ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබදව මීට වඩා ගැඹුරින් අධීක්ෂණයට ලක් කළ යුතුය.විශේෂයෙන් මූල්‍ය කටයුතු වල දී එහි විනිවිදභාවය ආරක්ෂා කර ගැනීම වැදගත් අතර එය දැයට කිරුළ සංවිධානයට වැය කළ මුදල් වියදම් වූ ආකාරය අධීක්ෂණ්‍යට ලක් කිරීමෙන් ඇරඹිය හැකිනම් අපූරුය.

No comments: