Feb 6, 2012

හොංකොං මැරතන් සූරතා ඉතියෝපියානුවන් වාර්තා සමගින් අත් කර ගනිති


හොංකොං ස්ටෑන්ඩර්ඩ් මැරතන් තරගයේ පිරිමි සහ කාන්තා අංශ දෙකේම ජයග්‍රහණ වාර්තාගත කාලයන් සමගින් දිනා ගන්නට ඉතියෝපියානුවන් සමත් වුණා.පැය 2:11:27 ක කාලයක් වාර්තා කළ දෙජෙරේ අබෙරා පිරිමි මැරතන් තරගය ජය ගත්තේ එම කාලයම වාර්තා කළ කෙන්යාවේ එලියුඩ් චෙප්ටෙයි සමග තියුණු තරගයක යෙදෙමින්.තෙවන ස්ථානය ද කෙන්යාවට හිමි වූ අතර පැය 2:11:28 ක කාලයක් වාර්තා කළ කොස්මස් ක්යේවා තෙවන ස්ථානය දිනා ගත්තා.
කාන්තා අංශයේ ජයග්‍රහණය මිසිකර් ඩිමිස්සි දිනා ගත් අතර ඇය ද හොංකොං මැරතන් තරග ඉතිහාසයට අදාළව කාන්තා අංශයේ හොදම කාලය වාර්තා කරමින් පැය 2:30:12 ක කාලයක් වාර්තා කළා.දෙවන ස්ථානය දිනා ගත්තේ ඉතියෝපියාවේම සිටායේ ගැමුඩු යි.ඇය පැය 2:31:44 ක කාලයක් වාර්තා කළ අතර පැය 2:31:47 ක කාලයක් වැය කළ කෙන්යාවේ වින්ෆ්‍රඩ් නයිනසිකේරා තෙවන ස්ථානය දිනා ගත්තා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට අජිත් බණ්ඩාර සහ අනුරාදි බෝගහවත්ත සහභාගි වුව ද තරගයේ සමස්ත ප්‍රතිපලය ප්‍රසිද්ධ කිරිමට මේ වන විටත් කාර්මික ගැටළුවක් හේතුවෙන් හොංකොං සංවිධායකයන් අසමත් වී තිබෙන බැවින් ඔවුන්ගේ ස්ථාන පිළිබදව වාර්තා වන්නේ නැහැ.ඒ පිළිබදව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා පැවසුවේ ඔවුන් සමග ගිය නිලධාරීන් අද (6) උදෑසන වන තෙක්ම ඒ පිලිබදව කිසිවක් මලල ක්‍රීඩා සංගමයට දැණුම් දී නොමැති බවයි.  

No comments: