Feb 7, 2012

එංගලන්ත සිංහයෝ තරගාවලිය ජය ගනිති

Joe Root ensured Nottinghamshire's bowlers had to work hard
ජෝ රූට්

රග පහකින් සමන්විත වූ එංගලන්ත සිංහ සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් අතර පැවති එක්දින තරගාවලියේ පස්වැනි තරගය ලකුණු 117 කින් ජයගත් එංගලන්ත සිංහ කණ්ඩායම තරග 3-2 ක් ලෙස තරගාවලිය ජය ගත්තා.තරගාවලියේ ප්‍රථම තරග දෙකම පරාජය වී සිටි ශ්‍රී ලංකාව තෙවන සහ සිව්වන තරග වල දී විශිෂ්ඨ ජයග්‍රහණයන් අත්කර ගත් ශ්‍රි ලංකාව යළිත් තීරණාත්මක තරගයේදී පන්දු යවන්නන්ගේ අසාර්ථක වීම තුළ දැවැන්ත පරාජයකට මුහුණ දුන්නා.
ශ්‍රී ලංකාවට එරෙහිව අවසාන පන්දු ඕවර් පහ තුළ ලකුණු 67 ක් ලබා ගත් එංගලන්ත පිතිකරුවන් සිය ලකුණු පූරවරුව 330 දක්වා ගෙන ගියා.එහිදී එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් ලකුණු 110 ක් ලබා දෙමින් එහිදී විශාල සේවයක් ඉටු කළා.
පිලිතරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට මුල සිටම ලකුණු 6.6 ක් වූ ඉලක්කය හඹායාමට අවශ්‍යය මානසික ඒකාග්‍රතාවය ඇති බවක් පෙනෙන්නට නොතිබි අතර එහි ප්‍රතිපලයක් වශයෙන් ඔවුන්ගේ ඉණිම ලකුණු 213 ක් ව තිබියදී නිමා වුණා.ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතකය මහේල උඩවත්තගෙන් වාර්තා වූ අතර ඔහු ලකුණු 52 ක් රැස් කළා.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකියි.

No comments: