Feb 5, 2012

නිලූක උගන්ඩා කිරුළට තවත් පියවරකින් ළගා වෙයි


ගන්ඩා ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ ඊයේ පැවති අවසන් පූර්ව තරග වලදී ඊශ්‍රායලයේ මීෂා සිල්බර්මන් පරාජය කළ නිලූක කරුණාරත්න,අවසන් පූර්ව වටය දක්වා පැමිණියා.මීසා සමග විනාඩි 43 ක් තිස්සේ පැවති තරගය ලකුණු 21/18 ක් සහ 21/16 ක් ලෙස නිලූක ජය ගන්නට සමත් වුණා.
අද අවසාන පූර්ව තරගයේ දී නිලූකට හමුවන්නේ පෘතුගාලය නියෝජනය කරන පෙඩ්රෝ මාටිනස් වන ඔහු  මෙම තරගාවලිය ආශ්‍රිත ශ්‍රේණිගත කිරිම්වල අංක දෙකට සිටියි.නිලූකට වඩා එක පියවරකින් ඉදිරියෙන් සිටින පෙඩ්රෝ අංක 68 ට සිටින අතර නිලූක ට ඔහුව පරාජය කිරීමට හැකි වුවහොත් බෙහෝ විට හමුවිය හැකි ක්‍රීඩකයා වන්නේ මෙම තරගාවලිය ආශ්‍රිතව අංක එකට ශ්‍රේණිගතව සිටි ඔස්ට්‍රියාවේ මයිකල් ලන්ස්ටෙයිනර් (ජගත් ශ්‍රේනිගත කිරීම්වල අංක 54) පරාජය කරමින් පැමිණි ඉතාලියේ විෂ්ණු හර්යෝ පුත්‍රායි.පුත්‍රාට වර්ථමාන ශ්‍රේණිගත කිරිම්වල හිමිවන්නේ 134 වන ස්ථානය යි. 

No comments: