Feb 8, 2012

ශ්‍රී ලංකාව ජයග්‍රහණය රැක ගැනීමේ වෑයමක්




ගෙවුණු දකුණු අප්‍රිකා සංචාරයේදී අවසාන එක්දින තරග දෙක ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායමට එම අති විශිෂ්ඨ ජයග්‍රහණයන් තව දුරටත් රැක ගනිමින් පෙරට යන්නට ලැබෙන අපූරු අවස්ථාවක් ලෙස කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් තරගාවලිය යටතේ අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවත්වෙන තරගය හැදින්විය හැකිය.එසේම ලෝක කුසලාන තරගාවලියේ සූරයන් සහ අනු සූරයන් වූ ඉන්දියාව සහ සහ ශ්‍රී ලංකාව එම අති විශිෂ්ඨ අවසන් තරගයෙන් පසුව හමුවන ප්‍රථම අවස්ථාව ද මෙය වෙයි.
ඉන්දියාව මේ මොහොතේ එක දිගටම පරාජයන් වලින් හෙම්බත්ව සිටීම නිසා ජයක් සොයමින් සිටින අතර සිය ලෝක කුසලාන අවසාන තරගයේ ප්‍රතිවාදියා වෙතින් පරාජය නොවී සිටීමේ දැඩි උවමනාවද ඔවුන්ට ජයගහණයේ අවශ්‍යයතාවය ඇති කරන අයුරෙන්ම යම් පීඩනයක් ද ඇති කරනු සැක නැත.ඒ අතින් බලන විට තරගයට ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම නායකයෙක් ලෙස පිළි ගැනෙන මහේල ජයවර්ධන ගේ මග පෙන්වීම මත පිටියට පිවිසෙන ශ්‍රී ලංකාව අද තරගයේ දී වඩා හොද මානසික තත්ත්වයකින් සිටින බව කිව හැකිය.
විශේෂයෙන්ම ලෝකයේ නව ක්‍රිකට් වීරයන් බිහි වෙමින සිටින,අලුත් පරම්පරාවක් හැදිණගමින් සිටින මොහොතක දෙපිළේ තරුණ ක්‍රීඩකයන් ගේ දක්ෂතා වලට විශාල අවකාශයක් සිය කණ්ඩායම් ජයග්‍රහණ වෙනුවෙන් පැවරී තිබෙන බව සත්‍යයකි.එසේම ශ්‍රී ලංකාව මේ සංචාරයට තුන් ඉරියව් ක්‍රීඩකයන් හය දෙනෙකුම සහභාගි කර ගෙන සිටින අතර එයින් වැඩි දෙනෙකුට අවස්ථාව ලබා දෙමින් එඩිතර තීරණයක් සදහා යාමට ශ්‍රී ලංකාව උත්සාහ ගැනීම ඉතාමත් වැදගත් ය.

No comments: