Feb 5, 2012

පිටදේසක්කාරයන් අතරින් ‘මහේල’ හරි ගණන්


ස්වන වරටත් ක්‍රියාත්මක අයිපීඑල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිළකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා වන්නට මහේල ජයවර්ධන ට හැකිවිය.ශ්‍රී ලංකා රුපියල් පහළොස් කෝටිය ඉක්මවන එම මුදලට මහේල අලෙවි වුව ද.එය ගිය වසරේ ඔහුව මිළ දී ගැනීම වෙනුවෙන් කෝචි ටකර්ස් කණ්ඩායම ගෙවන ලද මුදලට වඩා කෝටියක පමණ අඩු මුදලකි.
මෙවර මිල අඩුවීම මෙන්ම යම් යම් අර්බූද නිර්මාණය වෙමින් පවතින බවක් ද මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී පැහැදිළි විය.විශේෂයෙන් ඉන්දීට ජාතික කණ්ඩායමට අනුග්‍රහය දැක් වූ සහරා ආයතනය මෙම තරගාවලියේ දී අනුග්‍රාහය දැක් වඋ පූනේ වොරියර්ස් හැර යාම මෙන්ම ඉන්දීය කන්ඩායමට දැක් වූ අනුග්‍රහය අවසන් කරන බව ඉන්දිය ක්‍රිකට් පරිපාලනයට දැණුම් දෙමින් ඉන්දීය ක්‍රිකට්  පරිපාලනය සමග හිත නොහොද කම් ඇති කිරීම නිසා මෙවර තරගාවලියට පූනේ වොරියර්ස් ඉදිරිපත් වන්නේ ද නැත.එසේම වෙන්දේසියට ඉදිරිපත් වූ ක්‍රීඩකයන් 144 ක් අතරින් මිළට ගනු ලැබුවේ 25 දෙනෙකු පමණක් වීමත් විශේෂ සිදුවීමකි.
මෙම වෙන්දේසියේ දී වැඩිම මිළිකට අළෙවි වූ ක්‍රීඩකයා වූයේ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ය. ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා ද මේ වෙන්දේසියේ දී ශ්‍රී ලංකා මුදලින් කෝටි 7 ට වඩා වැඩි මුදලකට අලෙවි වූ අතර ක්‍රික්ඉන්ෆෝ නිල වෙබ් අඩවියට අනුව එම ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයන්ගේ මිළ ගණන් තීරණය වී ඇති ආකාරය දැක ගැනීමට පහත සබදතාවය යොදා ගත හැකිය.

No comments: