Feb 9, 2012

වෙරළ වොලිබෝලයට අලුත් තරු යුගලක්



අසංග ප්‍රදීප් කුමාර
දැයට කිරුළ වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ සූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළඅසංග ප්‍රදීප් කුමාර සහ මලින්ද යාපා විසින් දිනා ගත්තේ ලාංකේය වෙරළ වොලිබෝල් කේෂ්ත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් වීම කැපී පෙණුනා.ගෙවුණු දකුණු ආසියාතික වෙරළ ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම්ලාභීන් වූ සහ ජාත්‍යන්තර වශයෙන් ඉමහත් ප්‍රසාදයක් දිනා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාව නියොජනය කළ මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල පරාජයට පත් කරමින් අසංග සහ මලින්ද විසින් සූරතාවය දිනා ගැනීම ශ්‍රී ලංකා වෙරළ වොලිබෝලයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කිරීමක් වනවාට සැක නැහැ.අසංග සහ මලින්ද තරග‍ාවලිය අරඹමින් දකුණු ආසියාතික වෙරළ වොලිබෝල් අනු සූරයන් වූ පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස් පරාජය කරමින් මෙම ජයග්‍රාහී ගමන ඇරඹුවා.

තරගාවලියේ කාන්තා සූරතාවය තක්ෂිලා නෙරංජලී සහ වාසනා සදමාලී වරාය අධිකාරියට දිනා දුන් අතර එහි අනු සූරතාවය ගුවන් හමුදාවට දිනා දෙන්නට ගීතිකා ගුණවර්ධන සහ නිරංජලා ගුණසිංහ සමත් වුණා.
කාන්තා තෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගරී ගුණසිංහ සහ සංජීවනී නිලක්ෂිකා විසින් හිමි කර ගත්තා.පිරිමි අංශයේ තෙවැන්නන් වූයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කළ ගයාන් දිල්රුක් සහ දිමුතු ක්‍රිෂාන්තයි.

No comments: