Feb 5, 2012

කපුකොටුව ගෘහස්ත යගුලිය වාර්තාව යළි වෙනස් කරයි


යේ පැවති සීඑස්සී ට්වීලයිට් ගෘහස්ත ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ චරිත් කපුකොටුව මීටර් 16.28 ක දුරක් යගුලිය වීසි කරමින් නව ශ්‍රී ලංකා ගෘහස්ථ වාර්තාවක් තැබීමට සමත් වුණා.ඒ අනුව ඔහුම මීට දින කිහිපයකට පෙර තැබූ මීටර් 15.83 වාර්තාව බිද වැටෙනවා.වර්ථමානයේ බර වීසිකිරිම ගෘහස්ථ ශ්‍රී ලංකා වාර්තාව මෙන්ම එළිමහන් මිටිය වීසි කිරීමේ ශ්‍රී ලංකා වාර්තාවත් කපුකොටුව සතුවෙනවා.
ශ්‍රී ලංකාවේ එළිමහන් යගුලිය වාර්තාව වන මීටර් 16.62 ටීඑෆ් අලෙයිලීමා සතුවන අතර,ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මීටර් 16 සීමාවට එළිමහන් හෝ ගෘහස්ත තරගයක පිවීසීමේ කාර්යය නව ගෘහස්ත යගුලිය වාර්තාවත් සමග කිරිමට කපුකොටුවට හැකි වී තිබෙනවා.නව යගුලිය වාර්තාව සමග සුපිරි ක්‍රීඩා වෙබ් අඩවියට අදහස් දැක් වූ කපුකොටුව, එම තරගයේදී එක් නීති විරෝධි විසී කිරීමක් මීටර් 17 ක දුරකට ගිය බව පැවසූ අතර,තවමත් එලිමහන් හෝ ගෘහස්ත තරගයක දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ළගා වී නැති මීටර් 17 සීමාවට මෙම වසරේ ගෘහස්ත තරගාවලි සමය නිම වන්නට පෙර පිවිසෙන්නට හැකි වෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.

No comments: