Feb 6, 2012

මැතිව් වේඩ් මංගල තරගයේදීම තරගයේ වීරයා වෙයි.


කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන්  ක්‍රිකට් තරගාවලිය අරඹමින් පැවති ඉන්දිය -ඕස්ට්‍රේලියා  තරගයේ දී වර්ෂාවෙන් ඇති වූ බාධාවන් නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ  ලකුණු 65 ක ජයක් ලබන්නට ඕස්ට්‍රේලියාවට හැකි වුණා.පහළොස්වන ඕවරය නිමාවන විට ලකුණු 49ට කඩුලු 3 ක් අහිමි කර ගෙන සිටි ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඉණිම ඇරඹූ මැතිව් වේඩ් සිය මංගල තරගයේදීම ඔහු සතු කණ්ඩායම් හැගීමෞ පරිමාව මැනවින් ප්‍රදර්ශනය කරන ඉණිමක නියැලෙමින් නියමිත පන්දු ඕවර් 32 නිමාවන විට ඕස්ට්‍රේලියාව ලකුණු 216 දක්වා රැගෙන යන්නට අවශ්‍යය අඩිතාලම ලබා දුන්නා.
පන්දු 69 කින් වාර්තා වූ වේඩ් ගේ ලකුණු 67 ඕස්ට්‍රේලියා ඉණිමේ වැඩිම ලකුණු ප්‍රමානය වූ අතර ඒ ලකුණු ප්‍රමාණය වේඩ් තරගයේ වීරයා කරන්නට ද සමත් වුණා.වේඩ් විසින් ඇති කළ විශ්වසනීයත්වයෙන් උපරිම පළ නෙළා ගත් ඩේවිඩ් හසී තරගයේ අවසන් භාගයේදී ප්‍රහාරාත්මක පිතිකරණ සංදර්ශනයක් ඉදිරිපත් කළ අතර ඔහු පන්දු 30 දී ලකුණු 60 ක් නොදැවී ලබා ගත්තා.එසේම වැටුණු ඉණිම ගොඩ නැගීමේ කාර්යයට ප්‍රශස්ත දායකත්වයක් ලබා දුන් මයික් හසී (45) වේඩ් සමග එක් වී ඕවර් 8.1 තුළ ලකුණු 73 ක් සිව්වන කඩුල්ලට රැස් කරමින් ඕස්ට්‍රේලියා ඉණිම ගොඩ නගන්නට මූලිකත්වය ගත්තා.
පිලිතුරු ඉණිම සදහා පිවිසි ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා පිටියේ ස්ථාවර විය හැකි පිතිකරු ලක්ෂණ සහිත අයෙකු දකින්නට නොසිටි අතර වැඩිම ලකුණුලාභියා වූ විරාට් කෝලි ලකුණු 31 ක් රැස් කළා.බිද වැටීම නවතාගන්නට අසාර්ථක උත්සාහයක නියැලෙමින් නායක මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 29 ක් එකතු කළා.සාර්ථක පන්දු යැවීමක නියැලුණු ක්ලින්ට් මැකී ඕස්ට්‍රේලියානු නායකයා නම්වලට වඩා හැකියාවන් පිලිබදව විශ්වාසය තබන ලෙස නිතර පවසන කියමන සනාත කරමින් ලකුණු 20 ට කඩුලු 4 ක් දවා ගත්තා.මේ සමග දැක්වෙන්නේ තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පිවිසිය හැකි මාවතයි.

http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/match/518956.html

www.supirikrida.com

No comments: