Feb 11, 2012

මැතිව්ස් අතින් කළය බිදෙයි


යග්‍රහණයේ ඉලක්කය වෙත ශ්‍රී ලංකාව රැගෙන යාම සදහා අනගි ඉණිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ගේ උත්සාහය අවසාන මොහාතේ දී ව්‍යර්ථ කරමින් ජයග්‍රාහී ඉලක්කයට ලකුණු 5 ක් සහ තරගය නිමා වන්නට පන්දු  2 ක් තිබියදී ශ්‍රී ලංකා ඉණිම නවතා දැමූ ඕස්ට්‍රේලියාව ලකුණු පහක ජයක් ලබමින් කොමන්වෙල්ත් බැංකු තරගාවලියේ සිය අපරාජිත බව තව දුරටත් ආරක්ෂා කර ගන්නට සමත් විය.ලකුණු 231 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරු නාමාවලියේ අංක 10 ට පැමිණි සචිත්‍ර සේනානායක පවා පිළිගත් පිතිකරුවෙක් හැටියට ගත හැකි වුව ද මයිකල් ක්ලාක් යළිත් ප්‍රවීන නමට වඩා තරගයක් ජය ගැනීමට අවශ්‍යය කැපවීමෙන් යුතුව දක්ෂතා අතරට පැමිණීම බව සනාත කරමින් නවක පන්දු යවන්නන් සමග ජයග්‍රහණය සදහා යාමට සමත් විය.
ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරගයේ ඇතුළත් නොවුණු දග පන්දු යැවීමේ භූමිකාව ඇතුළත් කර තිබූ අතර ඒ වගකීම පැවරි සචිත්‍ර සේනානායක ලකුණු 45 ට කඩුලු 2 ක් දවා ගනිමින් සිය වගකීම ද ඉටු කළේය.නමුත් ඊයේ තරගයට දකුණු අප්‍රිකා සංචාරයේ දී කැපී පෙණුන තිසර පෙරේරා ඇතුළත් කළ නොසිටි අතර ඇතැම් විටෙක ඔහු ධම්මික ප්‍රසාද් ගේ ස්ථානයට ආදේශ වී සිටියේ නම් ශ්‍රී ලංකාවට යම් පිළිගැනීමක් සහිත පිතිකරුවන් දස දෙනෙකු ඇතුළත් වන්නට තිබිණි.
තරගයේ කාසියේ වාසිය මහේල ට හිමි වූ අතර ඔහු ගේ තීරණය වූයේ පළමුව පන්දු රැකීමය.ඒ තීරණයට සාධාරණයක් ඇති කරන අයුරෙන් පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් මෙහෙය වූ මහේල 42 වන පන්දු ඕවරය ක්‍රියාත්මක වන විට ලකුණු 192 ට කඩුලු 8 ක් දවා ගෙන තිබිණ.නමුත් නව වන කඩුල්ල වෙනුවෙන් ක්ලින්ට් මැකේ (25) සහ මිචෙල් ස්ට්‍රැක් (14) ඇති වූ අනපේක්ෂිත ලකුණු 32 ක සබදතාවය ඕස්ට්‍රේලියානු ඉණිම ලකුණු 231 දක්වා රැගෙන යන්නට සමත් විය.ඕස්ට්‍රේලියාව ඇද වැටීම නවතාලන ඉණිම වූ මයිකල් ක්ලාක් ගේ නායකත්වයේ සුපිරි ඉණිම ලකුණු 57 කින් කෙළවර වූ අතර ඕස්ට්‍රේලියාව එම ඉණිම මත ගොඩ නැගීම සළකා තරගයේ වීරයා සම්මානය මයිකල් ක්ලක් ට හිමි විය.ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ලසිත් මාලිංග,නුවන් කුලසේකර,ඇන්ජලෝ මැතිව්ස්,ධම්ම්ක ප්‍රසාද් සහ සචිත්‍ර සේනානයක කඩුලු 2 බැගින් දවා ලූ අතර ඒ අතරින් නුවන් කුලසේකර ලකුණු 39 ට කඩුලු 2 ක් දවා ගනිමින් කැපී පෙණින.
පිළිතුරු ඉණිමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපුල් තරංග මෙම තරගාවලියේ දී දෙවන වරටත් අසරණ වූ අතර ඔහු ගේ ඉණිම ලකුණු 5 චී කෙළවර විය.නමුත් යළිත් ලකුණු 50 ක සබදතාවයක් ඇති කළ ඩිල්ෂාන් (40) සහ සංගක්කාර (22) ශ්‍රී ලංකාව යළි තරගයට කැදවා අවත් ක්‍ෂේවියර් ඩොරිති ගේ දග පන්දු හමුවේ ලකුණු අතරට ඒමට අපොහොසත් වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ  ඔහුගේ පන්දු ඕවර් 10 තුළ ලකුණු 24 ක් පමණක් ලබා ගනිමින් කඩුලු දෙකක් පූජා කළහ.
ඇන්ජලෝ මැතිව්ස් අනගි ඉණිමක් ක්‍රීඩා කරමින් ලකුණු 64 ක් ලබා ගත්ත ද සෙසු පිතිකරුවන්ගෙන් අවශ්‍යය සහය ඔහුට නොලැබිණ.විශේෂයෙන්ම ලකුණු වේගය රදවා ගැනීමට අපොහොසත් වීම නිසා තරගයේ අවසාන පන්දු දෙක තුළ ජයග්‍රහණය පිණිස ලකුණු 6 ක් ලබා ගැනීමේ අභියෝගයට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ අතර එහි අවසාන ප්‍රතිපලය වූයේ ඇන්ජලෝ ගේ කඩුල්ලද අහිමි වී ශ්‍රී ලංකාවට පරාජය වැළද ගන්නට සිදු වීමය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගැනීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518958.html

No comments: