Dec 30, 2011

ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

                      ජයග්‍රහණයෙන් උදම්වන ශ්‍රී ලංකා කණ්ඩායම

දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාව තුළ දී ලැබූ ප්‍රථම ටෙස්ට් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට ඊයේ හැකි විය.එම ජයග්‍රහණය ඉක්මන් කළ රංගන හේරත් ගේ සුවිශේෂී පන්දු යැවීම ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති දෙවන ටෙස්ට් තරගය දින හතරකින් නිමා කළේ ශ්‍රී ලංකාවට ලකුනු 208 ක දැවැන්ත ජයක් හමි කර දෙමින්ය.ලකුණු 450 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුනු අප්‍රිකානු දෙවන ඉණිම ලකුණු 241 ට සීමා කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් රංගන හේරත් පෙරමුණ ගත් අතර ඔහු විසින් ලකුණු 79 ට කඩුලු 5 ක් බිද හෙළිය.එඒඅනුව ප්‍රථම ඉණිමේ දී ලකුණු 49 ට කඩුලු 4ක ද් බිද හෙළු රංගන සමස්ත තරගයේ දී ලකුණු 128 ට කඩුලු 9 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව ලද ඓතිහාසික ජයග්‍රහණයේ වීරයා වන්නට ද සමත් විය.
ශ්‍රී ලංකා දෙවන ඉණිම සංගක්කාරගේ ශතකය (108) සහ දිනේෂ් චන්දිමාල් ගේ අර්ධ ශතකය (54) පෙරටු කොට ලකුණු 241 දක්වා ගිය අතර එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු යැවීමෙන් කැපී පෙණුනු ඩේන් ස්ටෙයින් ලකුණු 73 ට කඩුලු 5 ක් බිද දැමීය.මෝනි මෝර්කල් සහ ඉම්රාන් තාහීර් කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වූයේ පිළිවෙළින් ලකුණු 46 ක් සහ 64 ක් ලබා දෙමින්ය.
පිළිතුරු ලෙස ලකුනු 450 ක ඉලක්කයක් වෙත යාම සදහා දකුණු අප්‍රිකාවට ආරම්භය ලබා දුන් ජැක් රැඩොල්ෆ් සහ ග්‍රෙහැම් ස්මිත් ලකුනු 37 ක ආරම්භයක් ලබා දුන් අතර අනතුරුව පිටියට පිවිසි හසීම් අම්ල තරමක් ආක්‍රමණශීලී පිතිහරඹයක නියැලෙමින් ලකුණු 51 ක් ලබා ගත්තද සෙසු පිතිකරුවන්ගෙන් සහයෝගයක් නොලැබ ලකුණු 133 වන විට දකුණු අප්‍රිකාව කඩුලු 6 ක් අහිමි කර ගත්තේය.හත් වන කඩුල්ල සදහා ඩේන් ස්ටෙයින් (43) සහ ඒබී ඩිවිලියර්ස් (69) අතර ලකුණු 89 ක සබදතාවයක් ඇති වුව ද රංගන හේරත් හමුවේ දකුනු අප්‍රිකානු පසුපෙළ සම්පූර්ණයෙන් බිද වැටුණේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක ලබා දෙමින්ය.
තිලකරත්න ඩිල්ෂාන් සිය නායකත්වය යටතේ දිගින් දිගටම පරාජයන් ලැබුව ද ප්‍රතිවාදී කණ්ඩායම් වල ලකුණු තත්ත්වය මුරලිදරන් වැනි සුවිශේෂී පන්දු යවන්නන් ගේ හිස් තැන සමග යම් ආකාරයකට සීමා කරනු දැකිය හැකි වුව ද ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ඊට අදාළ සහය නොලැබිණ.නමුත් මේ තරගයේ දී තිලාන් සමරවීර,කුමාර සංගක්කාර,දිනේස් චන්දිමාල් වැනි ක්‍රීඩකයන්ගේ සහයෙන් ලාංකේය පන්දු යවන්නන් ගේ සහයට නිසි ප්‍රතිපල නෙලා ගැනීමට ලැබුණෙන් ශ්‍රී ලංකාවට මෙම ඓතිහාසික ජය කරා යන්නට මාර්ගය සැකසිණ.
http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/match/514033.html තරගයේ සමස්ත ලකුණු විස්තරයට ඉහත සබදතාවය ඔස්සේ ලබා ගත හැකිය.

No comments: