Dec 29, 2011

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හයක් ජාත්‍යන්තර වර්ගීකරණයට නිමාලි ඉකුත් වසරේදී ඉසව් තුනකින් ලකුණු 1000 ඉක්මවා ලබා ගනියි

                                                           ක්‍රිස්ටීන් සොනාලි මෙරිල්
  
චමින්ද විජේකෝන්

 
මංජුල කුමාර       
චන්ද්‍රිකා සුභාෂණී
සචිත් මදුරංග
 වරුණ ලක්ෂාන් දයාරත්න
 ඩබ්කේඑල්ඒ නිමාලි

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හය දෙනෙකු ඉකුත් වසරේදී දක්වන ලද දක්ෂතා අනුව ජාත්‍යන්තර මලල ක්‍රීඩක වර්ගීකරණයට ඇතුළත් වී ඇති බව වාර්තා වේ.චමින්ද විජේකෝන් - මීටර් 1500 (විනාඩි 3:39.61),සචිත් මධුරංග - හෙල්ල (මීටර් 77.29), ලක්ෂාන් දයාරත්න - හෙල්ල (මීටර් 75.41),මංජුල කුමාර - උස (මීටර් 2.24),චන්ද්‍රිකා සුභාෂණී -මීටර් 400 (තත්.52.52) සහ ක්‍රිස්ටීන් මෙරිල් - මීටර් 400 කඩුලු (තත්.56.83) එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනා වෙති.මෙම හයදෙනා අතරින් චන්ද්‍රිකා හැරෙන්නට සෙසු පස් දෙනාම එම ඉසව්වල ජාතික වාර්තාපිහිටුවීමට සමත් වූ අය වෙති.ඒ අතරින්ද මෙම ශ්‍රේණිගත කිරීම සදහා සුදුසුකම් ලබා ගැනීම සදහා චන්ද්‍රිකා සහ මංජුල හැරෙන්නට සෙසු සිව් දෙනාම ජාතික වාර්තා සිය නමට ලියා ගනිමින් සුදුසුකම් ලබා ගැනීමද විශේෂත්වයකි.ඒ අතරින් වරුණ ලක්ෂාන් පිහිට වූ වාර්තාව පසුව සචිත් මධුරංග විසින් බිද හෙළන්නට සමත් වූ අතර එම දක්ෂතා දෙකම ජාත්‍යන්තර වර්ගීකරණයට ඇතුළත්ව තිබීම ශ්‍රී ලංකාවේ හෙල්ල වීසිකිරීමේ ඉසව්වට හිමි  වූ විශේෂ අවස්ථාවකි.
මෙම හයදෙනාට අමතරව මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාලාභිණිය වන ඩබ්කේඑල්ඒ නිමාලි ඉකුත් වසරේ දී එම ඉසව්වද සමග මීටර් 400 සහ මීටර් 1500 ඉසව් වලදී ද ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනට අනුව ලකුණු 1000 ට වඩා ප්‍රසාද ලකුණු ලබා ගැනීම කැපී පෙණින.
ඇය මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේදී පෑ දක්ෂතා මෙන්ම යොවුන් ක්‍රීඩා උළෙලේ දී මීටර් 400 ඉසව්වට පෑ දක්ෂතාත් හේතු කර ගෙන ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙල කිහිපයකදී ම දක්ෂතම ක්‍රීඩිකාව වීමද කැපී පෙණුන අතර ඉතා අඩු අවස්ථාවන් ගණනනාවක් ලැබෙන මීටර් 3000 වැනි බාධක දිවීම වැනි ඉසව්වකින් වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් මෙම ක්‍රීඩිකාවට ලබා දීමෙන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි කීර්තිය ගැන මින් ඉදිරියට කල්පනා කරන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ජීඑල්එස් පෙරේරා සුපිරික්‍රීඩා වෙත පැවසීය.ඇයට ඉකුත් වසරේදී ලබා දුන් මැලේසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී මීටර් 1500 වාර්තාවට තත්පර දශම 20 ක් පමණ පිටු පසින් සිට තරගය අවසන් කරමින් එම ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමද සුපිරික්‍රීඩා ‍මගින් ලේකම්වරයාගේ අවධානයට ලක් කර අතර ඇය පසුගිය වසරේ පෑ දක්ෂතා පිළිබදව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලකුණු සටහන්කරු ජීජීයූ සමන්කුමාර සමග විශේෂයෙන් සාකච්ඡා කරන බවත් ලේකම්වරයා පැවසීය.
 ආසියානු මෙවර මලල ක්‍රීඩා සූරතාවලියේදී ජාත්‍යන්තර වර්ගීකරණයට ඇතුළත්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රමුඛතාවය ලැබෙනු ඇති බව පෙන්වා දුන් ජීඑල්එස් පෙරේරා නිමාලි සම්බන්ධයෙන් ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බව පිළිගත්තේය.




No comments: