Dec 27, 2011

‘අන්නමලේ’ මලට සවියක් -නිලූක කරුණාරත්න


වර්ථමාන බැඩ්මින්ටන් පරිපාලනය මැලේසියානු පුහුණුකරු අන්නමලේ නැවත කැදවීමට ගත් තීරණය අගය කළ යුතු බව ජාතික බැඩ්මින්ටන් සූරයා මෙන්ම වර්ථමානයේ ලොව 78 වන ස්ථානයට ශ්‍රේණිගතව සිටින නිලූක කරුණාරත්න පවසයි.ඔහු මීට පෙර ලංකාවේ සිටිය අවධියේදී ද විශාල සේවයක් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාවට සිදු වූ බව පෙන්වා දෙන නිලූක,ඔහුව නැවත හරවා යැවීමට ගත් තීරණය ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පසුබැස්මට යම් ආකාරයක හේතුවක් වූ බව ද පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් දක්ෂතා ඇති අය වුව ද ලෝකයේ දක්ෂ ක්‍රීඩකයින් විශාල පිරිසක් සිටින මැලේසියාව වැනි බැඩ්මින්ටන් සංස්කෘතියක් ඇති  රටක පුහුණුකරුවෙකුට තරග මානසිකත්වය පිළිබදව විශාල අවබෝධයක් ඇති බව පෙන්වා දෙන නිලූක,එය අපේ පුහුණුකරුවන්ට ද විශාල අවබෝධයක් සහ දැණුමක් ලබා ගැනීමට මාර්ගයක් වනු ඇති බව පෙන්වා දෙයි.මැලේසියාව වැනි රටක් ලෝකයේ ප්‍රබල බැඩ්මින්ටන් ක්‍රීඩකයන් නිර්මාණය කළ රටක් බව අප විවාදයකින් තොරව පිළිගත යුතු බව පෙන්වා දෙන නිලූක,එවැනි ක්‍රීඩකයන් නිර්මාණය වන බිමක පුහුණුකරුවෙකුගෙන් අපේ රටේ ක්‍රීඩකයන්ට මෙන්ම පුහුණුකරුවන්ට ද ගත හැකි සේවය අති විශාල බව පැහැදිළි කරයි.
බොහෝ විට ආසියානු සංවර්ධන පදනමේ පුහුණුව සදහා සුදුසුකම් ලද විට ද අපේ ක්‍රීඩකයන්ට වැඩිපුරම පුහුණුව ලබන්නට වන්නේ මැලේසියානු ජාතිකයන්ගෙන් බව පැහැදිළි කරන ඔහු එවැනි පුහුනුකරුවන් පිළිබදව කීර්තියක් ඇති රටකින් පුහුණුකරුවෙකු ලැබීම ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යහපතට ඉවහල් වනු ඇති බව තමාගේ විශ්වාසය බව ද පෙන්වා දෙයි.සියල්ල තුළ එකම දැණුමක් තිබුණත් එය අත්දැකීම් ආදී බොහෝ කාරණා මත එක එක අය භාවිතයට ගන්නා ක්‍රමවේදය වෙනස් බව පෙන්වා දෙන නිලූක, අන්නමලේ යනු විශාල ජාත්‍යන්තර අත්දැකීම් ප්‍රමාණයක් ඇති පුහුණකරුවෙකු බැවින් ඔහුගෙන් ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට ඇති දේ විශාල බව ද නිලූක ගේ අදහසයි.

No comments: