Dec 26, 2011

චන්දිමාල්ට ටෙස්ට් වරම්?


අද ඇරඹෙන දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන ටෙස්ට් තරගයේ දී කඩුලු රැකීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට හිමි වනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.කෞෂාල් සිල්වා අසාර්ථක වීම නිසා කඩුලු රකින්නෙකු මෙන්ම මුල් පෙළේ පිතිකරුවෙකු ද වන දිනේෂ් චන්දිමාල්ට මෙම අවස්ථාව හිමිවනු ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙන අතර නමුත් ඔහු සිය ක්‍රීඩා රටාව විශ්වසනීයත්වයකින් පවත්වා ගෙන යාමට නම් පිතිකරු නාමාවලියේ ඉදිරියෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා දිය යුතු බව ක්‍රීඩා විචාරකයන්ගේ මතය යි.
එසේම ප්‍රථම තරගයේදී හොදින් පන්දු යැවූ තිසර පෙරේරා ඉවත් කර ඒ වෙනුවට අද ධම්මික ප්‍රසාද් ඇතුළත් කිරීමට ඉඩ ඇති බවට ද තොරතුරු ලැබෙන අතර  තවත් මාර්ගයකින් ලැබෙන තොරතුරු පෙන්වා දෙන්නේ දග පන්දු යැවීමේ වගකීම ඩිල්ෂාන් පිට පවරාගෙන රංගන හේරත් ගේ  ස්ථානය තිසර පෙරේරාට පැවරෙනු ඇති බවය.
මේ වන විට දක්වන දක්ෂතා අනුව අභියෝගයට ලක්වීමට ඉඩ ඇති පන්දු යවන්නා දිල්හාර ප්‍රනාන්දු  වුව ද ඔහු ට කණ්ඩායම් බලධාරීත්වයෙන් හිමිවන ආශිර්වාදය හේතු කර ගෙන කිසිදු ගැටළුවක් ඇති විය නොහැකි බව  පෙන්වා දෙන ආරංචි මාර්ග ඒ තත්ත්වය මත ඔහුට අමතරව කවුරුන් ක්‍රීඩා කරන්නේ ද යන්න තීරණය කරනු විනා,ඔහු වෙනුවට ආදේශක ඉදිරිපත් නොවනු ඇති බව පෙන්වා දෙයි.

No comments: